යෙදුමෙන් කියවන්න

මහාකොට‍්ඨිත සුත‍්තං

9. 1. 2. 3.

9. 1. 2. 3.

මහාකොට‍්ඨිත සුත‍්තං

මහාකොට්ඨිත සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

අථ ඛො ආයස‍්මා මහාකොට‍්ඨිතො යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා සාරිපුත‍්තෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා මහාකොට‍්ඨිතො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච:

එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වෙත එළැඹිය හ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරුන් සමඟ සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල සැල කළහ:

කින‍්නුඛො ආවුසො සාරිපුත‍්ත යං කම‍්මං දිට‍්ඨධම‍්මවෙදනීයං තං මෙ කම‍්මං සම‍්පරායවෙදනීයං හොතූති, එතස‍්ස අත්‍ථාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති? නො හිදං ආවුසො.

ඇවැත් ශාරීපුත්‍රය, කිමෙක යම් කර්‍මයෙක් දෘෂ්ටධර්‍මවේදනීය වේ නම් මාගේ ඒ කර්‍මය සම්පරාය වේදනීය වේවයි යන තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි? ඇවැත්නි, මෙය නො වේ මැයි.

කිම‍්පනාවුසො සාරිපුත‍්ත යං කම‍්මං සම‍්පරායවෙදනීයං, තම‍්මෙ කම‍්මං දිට‍්ඨධම‍්මවෙදනීයං හොතූති එතස‍්ස අත්‍ථාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති? නො හිදං ආවුසො.

ඇවැත් ශාරීපුත්‍රය, කිම යම් කර්‍මයෙක් සම්පරාය වේදනීය නම් මාගේ ඒ කර්‍මය දෘෂ්ටධර්‍ම වේදනීය වේවයි යන තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැ යි? ඇවැත්නි, මෙය නො වේ මැයි.

කින‍්නුඛො ආවුසො සාරිපුත‍්ත යං කම‍්මං සුඛවෙදනියං, තං මෙ කම‍්මං සුඛවෙදනියං හොතූති එතස‍්ස අත්‍ථාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති? නො හිදං ආවුසො.

ඇවැත් ශාරීපුත්‍රය, කිම යම් කර්‍මයෙක් සුඛවේදනීය වේ නම් මාගේ ඒ කර්‍මය සුඛවේදනීය ම වේවයි තෙල කරුණෙහි අරුත් සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැ යි? ඇවැත්නි, මෙය නො වේ මැයි.

කින‍්නු ඛො ආවුසො සාරිපුත‍්ත යං කම‍්මං දුක‍්ඛවෙදනීයං, තං මෙ කම‍්මං සුඛවෙදනීයං හොතූති එතස‍්ස අත්‍ථාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති? නො හිදං ආවුසො.

ඇවැත් ශාරීපුත්‍රය, කිම යම් කර්‍මයෙක් දුක්ඛවෙදනීය වේ නම් මාගේ ඒ කර්‍මය සුඛවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි? ඇවැත්නි, මෙය නො වේ මැයි.

කින‍්නුඛො කින‍්නු ඛො ආවුසො සාරිපුත‍්ත යං කම‍්මං පරිපක‍්කවෙදනියං, තං මෙ කම‍්මං අපරිපක‍්කවෙදනීයං හොතූති එතස‍්ස අත්‍ථාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති? නො හිදං ආවුසො.

ඇවැත් ශාරීපුත්‍රය, කිම යම් කර්‍මයෙක් පරිපක්වවේදනීය වේ නම් මාගේ ඒ කර්‍මය අපරිපක්වවෙදනීය වේව යි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි? ඇවැත්නි, මෙය නො වේ මැයි.

කිම‍්පන ආවුසො සාරිපුත‍්ත යං කම‍්මං අපරිපක‍්කවෙදනියං, තං මෙ කම‍්මං පරිපක‍්කවෙදනීයං හොතූති එතස‍්ස අත්‍ථාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති? නො හිදං ආවුසො.

ඇවැත් ශාරීපුත්‍රය, කිම යම් කර්‍මයෙක් අපරිපක්වවෙදනීය වේ නම් මාගේ ඒ කර්‍මය පරිපක්වවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි? ඇවැත්නි, මෙය නො වේ ම යි.

කින‍්නු ඛො ආවුසො සාරිපුත‍්ත යං කම‍්මං බහුවෙදනියං, තං මෙ කම‍්මං අප‍්පවෙදනියං හොතූති එතස‍්ස අත්‍ථාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති? නො හිදං ආවුසො.

කිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් බහුවේදනීය වේ නම් මාගේ ඒ කර්‍මය අල්පවෙදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි? ඇවැත්නි, මෙය නො වේ මැයි.

කිම‍්පනාවුසො සාරිපුත‍්ත, යං කම‍්මං අප‍්ප වෙදනියං තං මෙ කම‍්මං බහුවෙදනියං හොතූති එතස‍්ස අත්‍ථාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති? නො හිදං ආවුසො.

කිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් අල්පවෙදනීය වේ නම් මාගේ ඒ කර්‍මය බහුවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි? ඇවැත්නි, මෙය නො වේ මැ යි.

කින‍්නුඛො ආවුසො සාරිපුත‍්ත, යං කම‍්මං වෙදනියං තං මෙ කම‍්මං අවෙදනියං හොතූති එතස‍්ස අත්‍ථාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති? නො හිදං ආවුසො.

කිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් වේදනීය නම් මාගේ ඒ කර්‍මය අවෙදනීය වේවයි තෙල කරුණ සඳහා භගවතුන් කෙරෙහි බඹසර වැසේදැයි? ඇවැත්නි, මෙය නො වේ මැ යි.

කිම‍්පනාවුසො ආවුසො සාරිපුත‍්ත, යං කම‍්මං අවෙදනියං තං මෙ කම‍්මං වෙදනියං හොතූති එතස‍්ස අත්‍ථාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති? නො හිදං ආවුසො.

කිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් අවෙදනීය නම් මාගේ ඒ කර්‍මය වේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි? ඇවැත්නි, මෙය නො වේ මැ යි.

කින‍්නුඛො ආවුසො සාරිපුත‍්ත, යං කම‍්මං දිට‍්ඨධම‍්මවෙදනීයං තං මෙ කම‍්මං සම‍්පරායවෙදනියං හොතූති එතස‍්ස අත්‍ථාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති ඉති පුට‍්ඨො සමානො නො හිදං ආවුසොති වදෙසි.

කිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් දෘෂ්ට ධර්‍මවේදනීය නම් මාගේ ඒ කර්‍මය සම්පරායවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ඇවැත්නි, මෙය නො වේ මැයි කියහි.

කින‍්නු ඛො ආවුසො සාරිපුත‍්ත, යං කම‍්මං සම‍්පරාය වෙදනියං තං මෙ කම‍්මං දිට‍්ඨධම‍්මවෙදනීයං හොතූති එතස‍්ස අත්‍ථාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති ඉති පුට‍්ඨො සමානො නො හිදං ආවුසොති වදෙසි.

කිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් සම්පරායවේදනීය වේ නම් මාගේ ඒ කර්‍මය දෘෂ්ටධර්‍මවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ඇවැත්නි, මෙය නො වේ මැයි කියහි.

කින‍්නුඛො ආවුසො සාරිපුත‍්ත, යං කම‍්මං සුඛවෙදනීයං තං මෙ කම‍්මං සුඛවෙදනීයං හොතූති එතස‍්ස අත්‍ථාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති ඉති පුට‍්ඨො සමානො නො හිදං ආවුසොති වදෙසි.

කිමෙක, ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් සුඛවේදනීය නම් මාගේ ඒ කර්‍මය සුඛවේදනීය ම වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ඇවැත්නි, මෙය නො වේ මැයි කියහි.

කින‍්නුඛො ආවුසො සාරිපුත‍්ත, යං කම‍්මං දුක‍්ඛවෙදනියං තං මෙ කම‍්මං සුඛවෙදනියං හොතූති එතස‍්ස අත්‍ථාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති ඉති පුට‍්ඨො සමානො නො හිදං ආවුසොති වදෙසි.

කිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් දුඃඛ වේදනීය නම් මාගේ ඒ කර්‍මය සුඛවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ඇවැත්නි, මෙය නො වේ මැයි කියහි.

කින‍්නුඛො ආවුසො සාරිපුත‍්ත, යං කම‍්මං පරිපක‍්කවෙදනියං තං මෙ කම‍්මං අපරිපක‍්කවෙදනියං හොතූති එතස‍්ස අත්‍ථාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති ඉති පුට‍්ඨො සමානො නො හිදං ආවුසොති වදෙසි.

කිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් පරිපක්ව වේදනීය වේ නම් මාගේ ඒ කර්‍මය අපරිපක්ව වේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ඇවැත්නි, මෙය නොවේ මැයි කියහි.

කින‍්නු ඛො ආවුසො සාරිපුත‍්ත, යං කම‍්මං අපරිපක‍්කවෙදනියං තං මෙ කම‍්මං පරිපක‍්කවෙදනියං හොතූති එතස‍්ස අත්‍ථාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති ඉති පුට‍්ඨො සමානො නො හිදං ආවුසොති වදෙසි.

කිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් අපරිපක්වවෙදනීය නම් මාගේ ඒ කර්‍මය පරිපක්වවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ඇවැත්නි, මෙය නො වේ මැයි කියහි.

කින‍්නුඛො ආවුසො සාරිපුත‍්ත, යං කම‍්මං බහුවෙදනියං තං මෙ කම‍්මං අප‍්පවෙදනියං හොතූති එතස‍්ස අත්‍ථාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති ඉති පුට‍්ඨො සමානො නො හිදං ආවුසොති වදෙසි.

කිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම්කර්‍මයෙක් බහුවේදනීය නම් මාගේ ඒ කර්‍මය අල්පවෙදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ඇවැත්නි, මෙය නොවේ මැයි කියහි.

කින‍්නුඛො ආවුසො සාරිපුත‍්ත, යං කම‍්මං අප‍්පවෙදනියං තං මෙ කම‍්මං බහුවෙදනියං හොතූති එතස‍්ස අත්‍ථාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති ඉති පුට‍්ඨො සමානො නො හිදං ආවුසොති වදෙසි.

කිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් අල්පවෙදනීය වේ නම් මාගේ ඒ කර්‍මය බහුවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ඇවැත්නි, මෙය නොවේ මැයි කියහි.

කින‍්නු ඛො ආවුසො සාරිපුත‍්ත, යං කම‍්මං වෙදනීයං තං මෙ කම‍්මං අවෙදනීයං හොතූති එතස‍්ස අත්‍ථාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති ඉති පුට‍්ඨො සමානො නොහිදං ආවුසොති වදෙසි.

කිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් වේදනීය වේ නම් මාගේ ඒ කර්‍මය අවෙදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ඇවැත්නි, මෙය නො වේ මැයි කියහි.

කින‍්නු ඛො ආවුසො සාරිපුත‍්ත, යං කම‍්මං අවෙදනියං තං මෙ කම‍්මං වෙදනියං හොතූති එතස‍්ස අත්‍ථාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති ඉති පුට‍්ඨො සමානො නො හිදං ආවුසොති වදෙසි. අථ කිමත්‍ථං චරහාවුසො, භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති?

කිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් අවෙදනීය වේ නම් මාගේ ඒ කර්‍මය වේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ඇවැත්නි, මෙය නොවේමැයි කියහි, වැලි කුම්හෙයින් ඇවැත්නි, භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි?

යං ඛ‍්වස‍්සාවුසො, අඤ‍්ඤාතං අදිට‍්ඨං අප‍්පත‍්තං අසච‍්ඡිකතං අනභිසමෙතං, තස‍්ස ඤාණාය දස‍්සනාය පත‍්තියා සච‍්ඡිකිරියාය අභිසමාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති.

ඇවැත්නි, යම් නිවනක් අඥාත ද, අදෘෂ්ට ද, අප්‍රාප්ත ද, අසාක්‍ෂාත්කෘත ද, අනවබුද්ධ ද, ඒ නිර්‍වාණයාගේ ඥානය පිණිස, දර්‍ශනය පිණිස, ප්‍රාප්තිය පිණිස සාක්‍ෂාත් ක්‍රියාව පිණිස අවබෝධය පිණිස භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ යි.

කිම‍්පනස‍්සාවුසො, අඤ‍්ඤාතං අදිට‍්ඨං අප‍්පත‍්තං අසච‍්ඡිකතං අනභිසමෙතං යස‍්ස ඤාණාය දස‍්සනාය පත‍්තියා සච‍්ඡිකිරියාය අභිසමාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති?

ඇවැත්නි, යමක් ම දැනගන්නා පිණිස දැකුම් පිණිස ප්‍රාප්තිය පිණිස පසක් කිරීම පිණිස අභිසමය පිණිස භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ නම් ඒ අඥාත ය අදෘෂ්ටය අප්‍රාප්තය අසාක්‍ෂාත්කෘත ය අනවබුද්ධය කවර?

ඉදං දුක‍්ඛන‍්ති ඛ‍්වස‍්ස ආවුසො අඤ‍්ඤාතං අදිට‍්ඨං අප‍්පත‍්තං අසච‍්ඡිකතං අනභිසමෙතං. තස‍්ස ඤාණාය දස‍්සනාය පත‍්තියා සච‍්ඡිකිරියාය අභිසමාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති. අයං දුක‍්ඛසමුදයොති ඛ‍්වස‍්ස ආවුසො -පෙ- අයං දුක‍්ඛනිරොධොති ඛ‍්වස‍්ස ආවුසො -පෙ- අයං දුක‍්ඛනිරොධගාමිනීපටිපදාති ඛ‍්වස‍්ස ආවුසො. අඤ‍්ඤාතං අදිට‍්ඨං අප‍්පත‍්තං අසච‍්ඡිකතං අනභිසමෙතං. තස‍්ස ඤාණාය දස‍්සනාය පත‍්තියා සච‍්ඡිකිරියාය අභිසමාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති, ඉදං ඛ‍්වස‍්ස ආවුසො අඤ‍්ඤාතං අදිට‍්ඨං අප‍්පත‍්තං අසච‍්ඡිකතං අනභිසමෙතං. තස‍්ස ඤාණාය දස‍්සනාය පත‍්තියා සච‍්ඡිකිරියාය අභිසමාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සතීති.

ඇවැත්නි, “මේ දුකැ”යි යන මොහුගේ අඥාතයෙක් අදෘෂ්ටයෙක් අප්‍රාප්තයෙක් අසාක්‍ෂාත් කෘතයෙක් අනවබුද්ධයෙක් වේ නම් එහි දැනුම් පිණිස දැකුම් පිණිස ලැබුම් පිණිස පසක් කරනු පිණිස අභිසමය පිණිස භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ යි. ඇවැත්නි, ‘මේ දුක්ඛසමුදය’යි යන මොහුගේ … ‘මේ දුක්ඛනිරෝධ’යී යන මොහුගේ … ‘මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදා’යී යන මොහුගේ අඥාතයෙක් අදෘෂ්ටයෙක් අප්‍රාප්තයෙක් අසාක්‍ෂාත් කෘතයෙක් අනභිසමෙතයෙක් වේ නම් එහි දැනුම පිණිස දැකුම් පිණිස ලැබුම පිණිස පසක් කැරුම් පිණිස අභිසමය පිණිස භගවතුන් කෙරෙහි බඹසර වැසේ යි. ඇවැත්නි, මෙය අඥාත වෙයි, අදෘෂ්ට වෙයි, අප්‍රාප්ත වෙයි, අසාක්‍ෂාත්කෘත වේ, අනභිසමෙත වේ, එහි ඥානය පිණිස දර්‍ශනය පිණිස ප්‍රාප්තිය පිණිස සාක්‍ෂාත්කෘතිය පිණිස, අභිසමය පිණිස භගවතුන් කෙරෙහි බඹසර වැසේ යි.