යෙදුමෙන් කියවන්න

සොපාදිසෙස සුත‍්තං

9. 1. 2. 2.

9. 1. 2. 2.

සොපාදිසෙස සුත‍්තං

සෝපාදිසේස සූත්‍රය

එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය සාවත්‍ථියං පිණ‍්ඩාය පාවිසි. අථඛො ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස එතදහොසි: “අතිප‍්පගො ඛො තාව සාවත්‍ථියං පිණ‍්ඩාය චරිතුං, යන‍්නූනාහං යෙන අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමෙය්‍ය” න‍්ති. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො යෙන අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තෙහි අඤ‍්ඤතිත්‍ථියෙහි පරිබ‍්බාජකෙහි සද‍්ධිං සම‍්මොදි සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි.

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසනසේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පොරවා පාසිවුරු ගෙන සැවැත්හි පිඬු පිණිස පිවිසියහ. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරුනට තෙල සිත විය: “සැවැත්හි පිඬු පිණිස සරනට ඉතා කල් ඇත්තේ ය. මම් අන්තොටු පිරිවැජි අරම යම්තන්හි ද, එහි එළඹෙම් නම් ඉතා මැනැවැ”යි. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අන්තොටු පිරිවැජි අරමට එළඹිය හ. එළැඹ ඒ අන්තොටු පිරිවැජියන් හා සතුටු වූහ. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ.

තෙන ඛො පන සමයෙන තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං සන‍්නිසින‍්නානං සන‍්නිපතිතානං අයමන‍්තරා කථා උදපාදි: “යො හි කොචි ආවුසො සොපාදිසෙසො කාලං කරොති සබ‍්බො සො අපරිමුත‍්තො නිරයා, අපරිමුත‍්තො තිරච‍්ඡානයොනියා, අපරිමුත‍්තො පෙත‍්තිවිසයා, අපරිමුත‍්තො අපාය දුග‍්ගති විනිපාතාති.

එසමයෙහි රැස්ව හුන් ඒ පිරිවැජියන් අතර මේ අතුරු කථාව උපන: “ඇවැත්හි, යම් කිසිවෙක් උපාදාන ශේෂ ඇතියේ කලුරිය කෙරේ නම් ඒ හැම දෙන නිරයෙන් නො මිදුණේ වෙයි. තිරිසන්යෝනින් නො මිදුණේ වෙයි. ප්‍රේතවිෂයෙන් නො මිදුණේ වෙයි. අපායදුගතියෙන් නො මිදුණේ වෙ”යි.

අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං භාසිතං නෙව අභිනන්‍දි, න පටික‍්කොසි. අනභිනන්‍දිත්‍වා අප‍්පටිකොසිත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි, “භගවතො සන‍්තිකෙ එතස‍්ස භාසිතස‍්ස අත්‍ථං ආජානිස‍්සාමී” ති. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සාරිපුත‍්තො භගවන‍්තං එතදවොච:

එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො ම පිළිගත්හ. නො ම පිළිකෙව් කළහ. නො පිළිගෙන නො පිළිකෙව් කොට හුනස්නෙන් නැඟී නික්ම ගියහ, “භගවතුන් හමුයෙහි තෙල භාෂිතයාගේ අරුත් දැන ගනිමැ”යි. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැත්හි පිඬු පිණිස සැරැ පසුබත්හි පිඬුවායෙන් වැළකුණාහු භගවතුන් වෙත එළඹිය හ. එළැඹ භගවතුන් සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භගවත්නට තෙල සැලකළහ.

“ඉදාහං භන‍්තෙ පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය සාවත්‍ථියං පිණ‍්ඩාය පාවිසිං. තස‍්ස මය‍්හං භන‍්තෙ එතදහොසි: “අතිප‍්පගො ඛො තාව සාවත්‍ථියං පිණ‍්ඩාය චරිතුං, යන‍්නූනාහං යෙන අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමෙය්‍ය” න‍්ති. අථඛ‍්වාහං භන‍්තෙ යෙන අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං ආරාමො තෙනුපසඞ‍්කමිං, උපසඞ‍්කමිත්‍වා තෙහි අඤ‍්ඤතිත්‍ථියෙහි පරිබ‍්බාජකෙහි සද‍්ධිං සම‍්මොදිං. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිං.

“වහන්ස, මෙහි මම් පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙන සැවැත්හි පිඬු පිණිස පිවිසියෙමි. වහන්ස, ඒ මට තෙල සිත විය. “සැවැත්හි පිඬු පිණිස සරනට ඉතාකල් ඇත්තේ ය. මම අන්තොටු පිරිවැජියන්ගේ අසපුව යම්තෙනෙක්හි ද, එහි එළඹෙන්නෙම් නම්, ඉතා යෙහෙකැ”යි. වහන්ස, ඉක්බිති මම් අන්තොටු පිරිවැජියන්ගේ අසපුව යම්තෙනෙක්හි ද, එහි එළඹියෙමි. එළඹ ඒ අන්තොටු පිරිවැජියන් හා සතුටු වූයෙමි. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්මි.

තෙන ඛො පන භන‍්තෙ සමයෙන තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං සන‍්නිසින‍්නානං සන‍්නිපතිතානං අයමන‍්තරා කථා උදපාදි: “යොහි කොචි ආවුසො සොපාදිසෙසො කාලං කරොති, සබ‍්බො සො අපරිමුත‍්තො නිරයා, අපරිමුත‍්තො තිරච‍්ඡානයොනියා, අපරිමුත‍්තො පෙත‍්තිවිසයා අපරිමුත‍්තො අපායදුග‍්ගතිවිනිපාතා” ති. අථඛ‍්වාහං භන‍්තෙ තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං භාසිතං නෙව අභිනන්‍දිං න පටික‍්කොසිං. අනභිනන්‍දිත්‍වා අප‍්පටික‍්කොසිත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමිං භගවතො සන‍්තිකෙ එතස‍්ස භාසිතස‍්ස අත්‍ථං ආජානිස‍්සාමී’ති

වහන්ස, එසමයෙහි, රැස්ව හුන් ඒ අන්තොටු පිරිවැජියන්ගේ මේ අතුරු කථාව උපන: “ඇවැත්නි, යම් කිසිවෙක් උපාදානශේෂ ඇතියේ කලුරිය කළේ නම් එ හැමදෙන නිරයෙන් නො මිදුණේ වෙයි, තිරිසන්යෝනින් නො මිදුණේ වෙයි, ප්‍රේතවිසයෙන් නො මිදුණේ වෙයි, අවාදුගතින් නොමිදුණේ වෙ”යි. වහන්ස, එකල්හි මම ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො ම පිළිගතිමි, නො ම පිළිකෙව් කෙළෙමි. නො පිළිගෙන නො පිළිකෙව් කොට හුනස්නෙන් නැඟී “භගවතුන් හමුයෙහි තෙල භාෂිතයාගේ අරුත් දැනගන්මි”යි නික්ම ගියෙමි යි.

කෙ ච සාරිපුත‍්ත අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා බාලා අබ්‍යත‍්තා, කෙ ච සොපාදිසෙසං වා උපාදිසෙසොති ජානිස‍්සන‍්ති, අනුපාදිසෙසං වා අනුපාදිසෙසොති ජානිස‍්සන‍්ති.

ශාරිපුත්‍රය, බාල වූ අව්‍යක්ත වූ ඒ අන්තොටු පිරිවැජියෝ කවරහ: කවරහු සඋපාදානශේෂ ඇතියකු හෝ සෝපාදිසේසයෙකැයි දනිත්ද, අනුපාදිශේෂයකු හෝ අනුපාදිශේෂයෙකැයි දනිත්ද:

නව ඉමෙ සාරිපුත‍්ත පුග‍්ගලා සොපාදිසෙසා කාලං කුරුමානා පරිමුත‍්තා නිරයා, පරිමුත‍්තා තිරච‍්ඡානයොනියා, පරිමුත‍්තා පෙත‍්තිවිසයා, පරිමුත‍්තා අපායදුග‍්ගතිවිනිපාතා. කතමෙ නව:

ශාරිපුත්‍රය, මේ සෝපාදිශේෂ පුද්ගලයෝ නවදෙනෙක් කලුරිය කරන්නාහු නිරයෙන් මිදුණාහු වෙති. තිරිසන් යෝනින් මිදුණාහු වෙති. ප්‍රේතවිෂයෙන් මිදුණාහු වෙති. අපාය දුර්‍ගති විනිපාතයෙන් මිදුණාහු වෙති. කවර නවදෙනෙක යත්:

1. ඉධ සාරිපුත‍්ත එකච‍්චො පුග‍්ගලො සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස‍්මිං පරිපූරකාරී පඤ‍්ඤාය මත‍්තසොකාරී. සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා අන‍්තරා පරිනිබ‍්බායී හොති. අයං සාරිපුත‍්ත, පඨමො පුග‍්ගලො සොපාදිසෙසො කාලං කුරුමානො පරිමුත‍්තො නිරයා, පරිමුත‍්තො තිරච‍්ඡානයොනියා පරිමුත‍්තො පෙත‍්තිවිසයා පරිමුත‍්තො අපායදුග‍්ගතිවිනිපාතා.

1. ශාරිපුත්‍රය, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් ශීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි. ප්‍රඥායෙහි මාත්‍රකාරී වෙයි. හේ පඤ්චඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි. ශාරිපුත්‍රය, මේ සෝපාදිසේසව කලුරිය කරන නිරයෙන් මුත් තිරිසන් යෝනින් මුත් ප්‍රේතවිෂයෙන් මුත් අපාය දුර්‍ගතිවිනිපාතයෙන් මුත් ප්‍රථමපුද්ගල යි.

2-5 පුන චපරං සාරිපුත‍්ත ඉධෙකච‍්චො පුග‍්ගලො සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස‍්මිං පරිපූරකාරී, පඤ‍්ඤාය මත‍්තසොකාරී සො පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා උපහච‍්ච පරිනිබ‍්බායී හොති -පෙ- අසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති -පෙ- සසඞ‍්ඛාර පරිනිබ‍්බායී හොති -පෙ- උද‍්ධංසොතො හොති අකනිට‍්ඨගාමී. අයං සාරිපුත‍්ත, පඤ‍්චමො පුග‍්ගලො සොපාදිසෙසො කාලං කුරුමානො පරිමුත‍්තො නිරයා, පරිමුත‍්තො තිරච‍්ඡානයොනියා පරිමුත‍්තො පෙත‍්තිවිසයා, පරිමුත‍්තො අපායදුග‍්ගතිවිනිපාතා.

2.-5 ශාරිපුත්‍රයෙනි, තවද, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් සීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි. ප්‍රඥායෙහි මාත්‍රකාරී වෙයි. හේ පඤ්චඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් උපහච්චපරිනිබ්බායී වෙයි … අසඞ්ඛාර පරිනිබ්බායී වෙයි … සසඞ්ඛාර පරිනිබ්බායී වෙයි … උද්ධං සෝත අකනිට්ඨගාමී වෙයි … ශාරිපුත්‍රය, මේ සෝපාදිසේසව කලුරිය කරන නිරයෙන් මුත් තිරිසන්යෝනින් මුත් ප්‍රේතවිෂයෙන් මුත් අපායදුර්‍ගතිවිනිපාතයෙන් මුත් පස්වැනි පුද්ගල යි.

6. පුන චපරං සාරිපුත‍්ත, ඉධෙකච‍්චො පුග‍්ගලො, සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස‍්මිං මත‍්තසොකාරී, පඤ‍්ඤාය මත‍්තසොකාරී. සො තිණ‍්ණං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා රාගදොසමොහානං තනුත‍්තා සකදාගාමී හොති, සකිදෙව ඉමං ලොකං ආගන‍්ත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති. අයං සාරිපුත‍්ත, ඡට‍්ඨො පුග‍්ගලො සොපාදිසෙසො කාලං කුරුමානො පරිමුත‍්තො නිරයා, පරිමුත‍්තො තිරච‍්ඡානයොනියා පරිමුත‍්තො පෙත‍්තිවිසයා, පරිමුත‍්තො අපායදුග‍්ගති විනිපාතා.

6. ශාරීපුත්‍රය, තවද මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් සීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි පරිපූරකාරී වෙයි, ප්‍රඥායෙහි මාත්‍රකාරී වෙයි, හේ ත්‍රිවිධ සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් රාග දෝෂ මෝහයන්ගේ තනුත්‍වයෙන් සකෘදාගාමී වෙයි. වරක් ම මේ ලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි. ශාරිපුත්‍රය, මේ සෝපාදිසේස ව කලුරිය කරන නිරයෙන් මුත්, තිරිසන් යෝනින් මුත් ප්‍රේතවිෂයෙන් මුත් අපාය දුර්‍ගති විනිපාතයෙන් මුත් සවැනි පුද්ගල යි.

7. පුන චපරං සාරිපුත‍්ත ඉධෙකච‍්චො පුග‍්ගලො සීලෙසු පරිපූරකාරී හොති සමාධිස‍්මිං මත‍්තසොකාරී, පඤ‍්ඤාය මත‍්තසොකාරී, සො තිණ‍්ණං සඤ‍්ඤොජනානං පරික‍්ඛයා එකබීජී හොති එකඤ‍්ඤෙව මානුසකං භවං නිබ‍්බත‍්තෙත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති. අයං සාරිපුත‍්ත සත‍්තමො පුග‍්ගලො සොපාදිසෙසො කාලං කුරුමානො පරිමුත‍්තො නිරයා, පරිමුත‍්තො තිරච‍්ඡානයොනියා, පරිමුත‍්තො පෙත‍්තිවිසයා, පරිමුත‍්තො අපායදුග‍්ගතිවිනිපාතා.

7. ශාරීපුත්‍රය, තවද මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් සීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි මාත්‍රකාරී වෙයි. ප්‍රඥාවෙහි මාත්‍රකාරී වෙයි. හේ ත්‍රිවිධ සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් ඒකබීජී වෙයි. එක් ම මිනිසත් බවක් නිපදවා දුක් කෙළවර කෙරෙයි. ශාරීපුත්‍රය, මේ සෝපාදිසේස ව කලුරිය කරන නිරයෙන් මුත් තිරිසන් යෝනින් මුත් ප්‍රේතවිෂයෙන් මුත් අපාය දුර්‍ගති විනිපාතයෙන් මුත් සත්වැනි පුද්ගල යි.

8. පුන චපරං සාරිපුත‍්ත ඉධෙකච‍්චො පුග‍්ගලො සීලෙසු පරිපූරකාරී හොති, සමාධිස‍්මිං මත‍්තසොකාරී, පඤ‍්ඤාය මත‍්තසොකාරී, සො තිණ‍්ණං සංයොජනානං පරික‍්ඛයා කොලඞ‍්කොලො හොති, ද‍්වෙ වා තීණි වා කුලානි සන්‍ධාවිත්‍වා සංසරිත්‍වා දුක‍්ඛස‍්සන‍්තකරො. අයං සාරිපුත‍්ත, අට‍්ඨමො පුග‍්ගලො සොපාදිසෙසො කාලං කුරුමානො පරිමුත‍්තො නිරයා -පෙ- පරිමුත‍්තො අපායදුග‍්ගතිවිනිපාතා.

8. ශාරිපුත්‍රය, තවද මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් සීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි, මාත්‍රකාරී වෙයි. ප්‍රඥායෙහි මාත්‍රකාරී වෙයි. හේ ත්‍රිවිධසංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් කොලඞ්කොල වෙයි. දෙකක් හෝ තුනක් හෝ කුලයන් (කාමලෝකයෙහි) දිව හැසිර දුක් කෙළවර කෙරෙයි. ශාරීපුත්‍රය, මේ සෝපාදිසේස ව කලුරිය කරන නිරයෙන් මුත් … අපාය දුර්‍ගති විනිපාතයෙන් මුත් අටවැනි පුද්ගල යි.

9. පුන චපරං සාරිපුත‍්ත ඉධෙකච‍්චො පුග‍්ගලො සීලෙසු පරිපූරකාරී හොති සමාධිස‍්මිං මත‍්තසොකාරී පඤ‍්ඤාය මත‍්තසොකාරී. සො තිණ‍්ණං සංයොජනානං පරික‍්ඛයා සත‍්තක‍්ඛත‍්තුපරමො හොති, සත‍්තක‍්ඛත‍්තුපරමං දෙවෙ ච මානුසෙ ච සන්‍ධාවිත්‍වා සංසරිත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරොති. අයං සාරිපුත‍්ත නවමො පුග‍්ගලො සොපාදිසෙසො කාලං කුරුමානො පරිමුත‍්තො නිරයා, පරිමුත‍්තො තිරච‍්ඡානයොනියා, පරිමුත‍්තො පෙත‍්තිවිසයා, පරිමුත‍්තො අපායදුග‍්ගතිවිනිපාතා.

9. ශාරීපුත්‍රය, තවද මෙසස්නෙහි ඇතැම් පුඟුලෙක් සීලයෙහි පරිපූරකාරී වෙයි. සමාධියෙහි මාත්‍රකාරී වෙයි. ප්‍රඥායෙහි මාත්‍රකාරී වෙයි. හේ ත්‍රිවිධ සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් සත්තක්ඛත්තු පරම වෙයි. දෙව් ලොව ද මිනිස් ලොව ද සත්වරක් පරම කොට දිව හැසිර දුක් කෙළවර කෙරෙයි. ශාරීපුත්‍රය, මේ සෝපාදිසේස ව කලුරිය කරන නිරයෙන් මුත් තිරිසන් යෝනින් මුත් ප්‍රේතවිෂයෙන් මුත් අපාය දුර්‍ගති විනිපාතයෙන් මුත් නවවැනි පුද්ගල වෙයි.

කෙ ච සාරිපුත‍්ත අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා බාලා අබ්‍යත‍්තා, කෙ ච සොපාදිසෙසං වා සොපාදිසෙසොති ජානිස‍්සන‍්ති. අනුපාදිසෙසං වා අනුපාදිසෙසොති ජානිස‍්සන‍්ති.

ශාරීපුත්‍රය, බාල වූ අව්‍යක්ත වූ ඒ අන්තොටු පිරිවැජියෝ කවරහ: කවරහු සඋපාදානශේෂයකු සෝපාදිසේසයෙකැයි හෝ දනිත් ද: අනුපාදිසේසයෙකැයි හෝ දනිත් ද?

ඉමෙ ඛො සාරිපුත‍්ත නව පුග‍්ගලා සොපාදිසෙසා කාලං කුරුමානා පරිමුත‍්තා නිරයා, පරිමුත‍්තා තිරච‍්ඡානයොනියා, පරිමුත‍්තා පෙත‍්තිවිසයා, පරිමුත‍්තා අපායදුග‍්ගතිවිනිපාතා. න තාවායං සාරිපුත‍්ත ධම‍්මපරියායො පටිභාසි භික‍්ඛූනං භික‍්ඛුනීනං උපාසකානං උපාසිකානං. තං කිස‍්ස හෙතු: මායිමං ධම‍්මපරියායං සුත්‍වා පමාදං ආහරිංසූති, අපි ච මයා සාරිපුත‍්ත ධම‍්මපරියායො පඤ‍්හාධිප‍්පායෙන භාසිතොති.

ශාරීපුත්‍රය, මේ සෝපාදිශේෂ පුද්ගලයෝ නවදෙනෙක් කලුරිය කරන්නාහු නිරයෙන් මිදුණාහු වෙති. තිරිසන් යෝනින් මිදුණාහු වෙති. ප්‍රේතවිෂයෙන් මිදුණාහු වෙති. අපාය දුර්‍ගතිවිනිපාතයෙන් මිදුණාහු වෙත්. ශාරීපුත්‍රය, මේ ධර්‍ම පරියායය භික්‍ෂූන්ට, භික්‍ෂුණීන්ට, උපාසකයන්ට, උපාසිකාවන්ට මේතාක් නො වැටහිණි. (මම නො කීයෙමි) ඒ කවර හෙයින යත්: මේ ධර්‍මපර්‍ය්‍යාය අසා (මතුරහත් බව පිණිස වැර නොකරන ඔහු) ප්‍රමාදයට නොපැමිණෙත්වා යි. වැලිත් ශාරීපුත්‍රය ප්‍රශ්නාධිප්‍රායයෙන් (තොප ඇසූ ප්‍රශ්නයට සභාග වශයෙන්) මා විසින් මේ ධර්‍මපර්‍ය්‍යාය දෙසනලදි යි.