යෙදුමෙන් කියවන්න

සාරිපුත‍්ත සීහනාද සුත‍්තං

9. 1. 2. 1.

9. 1. 2. 1.

සාරිපුත‍්ත සීහනාද සුත‍්තං

සාරිපුත්ත සීහනාද සූත්‍රය

එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ, අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සාරිපුත‍්තො භගවන‍්තං එතදවොච: “වුත්‍ථො මෙ භන‍්තෙ, සාවත්‍ථියං වස‍්සාවාසො, ඉච‍්ඡාමහං භන‍්තෙ, ජනපදචාරිකං පක‍්කමිතු”න‍්ති. යස‍්සදානි ත්‍වං සාරිපුත‍්ත, කාලං මඤ‍්ඤසීති. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු මහ සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වෙත එළැඹිය හ. එළැඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පස් ව හුන් හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භගවතුන්ට තෙල සැලකළහ. “වහන්ස, මා විසින් සැවැත්හි වස්සාවාසය වැස නිමවී ය. වහන්ස, මම ජනපදචාරිකාවට පිටත් වනු කැමැතියෙමි”යී. ශාරිපුත්‍ර ය, තෙපි දැන් යමක් සඳහා කල් දනිවු නම් එය කරව, ඉක්බිති සැරියුත් තෙරණුවෝ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් සකසා වැඳ පැදකුණු කොට බැහැර ගියහ.

අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු අචිරපක‍්කන‍්තෙ ආයස‍්මන‍්තෙ සාරිපුත‍්තෙ භගවන‍්තං එතදවොච: “ආයස‍්මා මං භන‍්තෙ, සාරිපුත‍්තො ආසජ‍්ජ අප‍්පටිනිස‍්සජ‍්ජ චාරිකං පක‍්කන‍්තො” ති.

එකල එක්තරා මහණෙක් ආයුෂ්මත් සැරියුත් තෙරුන් ගිය නො බෝ කල්හි භගවත්නට තෙල සැලකළේ ය: “වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මා ඝටා වරද නො දෙසා චාරිකාවට පිටත් වූහ” යි.

අථ ඛො භගවා අඤ‍්ඤතරං භික‍්ඛුං ආමන‍්තෙසි: “එහි ත්‍වං භික‍්ඛු, මම වචනෙන සාරිපුත‍්තං ආමන‍්තෙසි: ‘සත්‍ථා තං ආවුසො සාරිපුත‍්ත, ආමන‍්තෙතී’ ති”. “එවං භන‍්තෙ” ති ඛො සො භික‍්ඛු භගවතො පටිස‍්සුත්‍වා යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච: “සත්‍ථා තං ආවුසො සාරිපුත‍්ත, ආමන‍්තෙතී” ති. එවමාවුසොති ඛො ආයස‍්මා සාරිපුත‍්තො තස‍්ස භික‍්ඛුනො පච‍්චස‍්සොසි.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමතූහ: මහණ, එව. තෙපි මාගේ වචනයෙන් “ඇවැත් ශාරීපුත්‍රයෙනි, ශාස්තෘහු තොප කැඳවති”යි සාරිපුත්‍රයන් අමතව, ‘වහන්ස, එසේ ය’යි ඒ මහණ භගවත්නට පිළිවදන් අස්වා සැරියුත්තෙරුන් වෙත එළැඹියේ ය. එළැඹැ තෙල කී ය: “ඇවැත් ශාරීපුත්‍රයෙනි, ශාස්තෘහු තොප අමතති”යී “ඇවැත්නි එසේය”යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ එ මහණහට පිළිවදන් ඇස් වූ හ.

තෙන ඛො පන සමයෙන ආයස‍්මා ච මහාමොග‍්ගල‍්ලානො ආයස‍්මා ච ආනන්‍දො අවාපුරණං ආදාය විහාරෙන විහාරං අන්‍වාහිණ‍්ඩන‍්ති අභික‍්කමථායස‍්මන‍්තො, අභික‍්කමථායස‍්මන‍්තො, ඉදානායස‍්මා සාරිපුත‍්තො භගවතො සම‍්මුඛා සීහනාදං නදිස‍්සතීති.

එ සමයෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ද දොරයතුරු ගෙන වෙහෙරින් වෙහෙර ඇවිදුනාහ. “ආයුෂ්මත්නි, එව ආයුෂ්මත්නි, එව දැන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් හමුයෙහි සීහනාද කරති”යි.

අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං භගවා එතදවොච: ඉධ තෙ සාරිපුත‍්ත, අඤ‍්ඤතරො සබ්‍රහ‍්මචාරී ඛීයනධම‍්මං ආපන‍්නො. “ආයස‍්මා මං භන‍්තෙ, සාරිපුත‍්තො ආසජ‍්ජ අප‍්පටිනිස‍්සජ‍්ජ චාරිකං පක‍්කන‍්තො” ති.

ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භගවතුන් සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත් පස්ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරුනට භගවත්හු තෙල වදාළහ: ශාරීපුත්‍රයෙනි, මෙහි තොපගේ එක්තරා සබ්‍රම්සරකෙනෙක් කථාධර්‍මයකට (දොස් පැවසීමකට) පැමිණියහ. වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මා ඝටා නො කමවා චාරිකාවට පිටත් වූහ”යි.

1. යස‍්ස නූන භන‍්තෙ කායෙ කායගතාසති අනුපට‍්ඨිතා අස‍්ස, සො ඉධ අඤ‍්ඤතරං සබ්‍රහ‍්මචාරිං ආසජ‍්ජ අප‍්පටිනිස‍්සජ‍්ජ චාරිකං පක‍්කමෙය්‍ය. සෙය්‍යථාපි භන‍්තෙ, පඨවියං සුචිම‍්පි නික‍්ඛිපන‍්ති, අසුචිම‍්පි නික‍්ඛිපන‍්ති, ගූථගතම‍්පි නික‍්ඛිපන‍්ති, මුත‍්තගතම‍්පි නික‍්ඛිපන‍්ති, ඛෙලගතම‍්පි නික‍්ඛිපන‍්ති, පුබ‍්බගතම‍්පි නික‍්ඛිපන‍්ති, ලොහිතගතම‍්පි නික‍්ඛිපන‍්ති, න ච තෙන පඨවී අට‍්ටීයති වා හරායති වා ජිගුච‍්ඡති වා එවමෙව ඛො අහං භන‍්තෙ පඨවිසමෙන චෙතසා විහරාමි විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන.

1. වහන්ස යමක්හට එකැතින් කයෙහි කාගියා සිහි නො එළැඹ සිටී නම් හේ මෙහි එක්තරා සබ්‍රම්සරකු ඝටා වරද නො දෙසා චාරිකාවට පිටත් වන්නේ ය. වහන්ස, යම් පරිදි පොළෝහි සුචිදෑත් බහත් ද, අසුචි දෑත් බහත් ද, මල හා මූ හා බහත් ද, කෙළත් බහත් ද, පූයාත් බහත් ද, ලෙහෙත් බහත් ද, පොළෝ ඉන් නො පෙළෙයි ලජ්ජිත හෝ නො වෙයි ජුගුප්සාවට හෝ නො පැමිණෙ යි. වහන්ස, එ පරිදි ම මම් පොළෝ සම වූ විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ සිතින් වාස කරමි.

2. යස‍්ස නූන භන‍්තෙ කායෙ කායගතාසති අනුපට‍්ඨිතා අස‍්ස, සො ඉධ අඤ‍්ඤතරං සබ්‍රහ‍්මචාරිං ආසජ‍්ජ අප‍්පටිනිස‍්සජ‍්ජ චාරිකං පක‍්කමෙය්‍ය, සෙය්‍යථාපි භන‍්තෙ, ආපස‍්මිං සුචිම‍්පි ධොවන‍්ති, අසුචිම‍්පි ධොවන‍්ති, ගූථගතම‍්පි ධොවන‍්ති, මුත‍්තගතම‍්පි ධොවන‍්ති, ඛෙලගතම‍්පි ධොවන‍්ති, පුබ‍්බගතම‍්පි ධොවන‍්ති, ලොහිතගතම‍්පි ධොවන‍්ති, න ච තෙන ආපො අට‍්ටීයති වා හරායති වා ජිගුච‍්ඡති වා එවමෙව ඛො අහං භන‍්තෙ ආපොසමෙන චෙතසා විහරාමි විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන.

2. වහන්ස, යමකුට එකැතින් කයෙහි කාගියා සිහි නොඑළැඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා නො කමවා චාරිකාවට යන්නේ ය. වහන්ස, යම් පරිදි (ජලයෙහි) සුචිදෑත් දොවත්ද, අසුචිදෑත් දොවත් ද, ගූථත් දොවත් ද, මුත්‍රත් දොවත් ද, කෙළත් දොවත් ද, පූයාත් දොවත් ද, ලෙහෙත් දොවත් ද, එයින් ආපය නො පෙළෙයි ලජ්ජිත හෝ නො වෙයි, ජුගුප්සා හෝ නො කෙරෙයි. වහන්ස, එපරිදි ම මම් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ ආපෝසම සිතින් වාස කරමි.

3. යස‍්ස නූන භන‍්තෙ කායෙ කායගතාසති අනුපට‍්ඨිතා අස‍්ස, සො ඉධ අඤ‍්ඤතරං සබ්‍රහ‍්මචාරිං ආසජ‍්ජ අප‍්පටිනිස‍්සජ‍්ජ චාරිකං පක‍්කමෙය්‍ය. සෙය්‍යථාපි භන‍්තෙ, තෙජො සුචිම‍්පි ඩහති, අසුචිම‍්පි ඩහති, ගූථගතම‍්පි ඩහති, මුත‍්තගතම‍්පි ඩහති, ඛෙලගතම‍්පි ඩහති, පුබ‍්බගතම‍්පි ඩහති, ලොහිතගතම‍්පි ඩහති. න ච තෙන තෙජො අට‍්ටීයති වා හරායති වා ජිගුච‍්ඡති වා එවමෙව ඛො අහං භන‍්තෙ තෙජොසමෙන චෙතසා විහරාමි, විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන.

3. වහන්ස, එකැතින් යමකුට කයෙහි කාගියා සී නො එළැඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා නො කමවා චාරිකා පිණිස යන්නේ ය. වහන්ස, යම්පරිදි තේජස් (ගින්න) සුචිදෑත් දවා ද, අසුචි දෑත් දවා ද, ගූථත් දවා ද, මුත්‍රත් දවා ද, කෙළත් දවා ද, පූයාත් දවා ද, ලෙහෙත් දවා ද එයින් තේජස් නො පෙළෙයි ලජ්ජිත නොවෙයි ජුගුප්සා නො කෙරෙයි. වහන්ස, එපරිදි ම මම් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ තේජස් සම සිතින් වාස කරමි.

4. යස‍්ස නූන භන‍්තෙ කායෙ කායගතා සති අනුපට‍්ඨිතා අස‍්ස, සො ඉධ අඤ‍්ඤතරං සබ්‍රහ‍්මචාරිං ආසජ‍්ජ අප‍්පටිනිස‍්සජ‍්ජ චාරිකං පක‍්කමෙය්‍ය. සෙය්‍යථාපි භන‍්තෙ, වායො සුචිම‍්පි උපවායති, අසුචිම‍්පි උපවායති, ගූථගතම‍්පි උපවායති, මුත‍්තගතම‍්පි උපවායති, ඛෙලගතම‍්පි උපවායති, පුබ‍්බගතම‍්පි උපවායති, ලොහිතගතම‍්පි උපවායති. න ච තෙන වායො අට‍්ටීයති වා හරායති වා ජිගුච‍්ඡති වා. එවමෙව ඛො අහං භන‍්තෙ, වායොසමෙන චෙතසා විහරාමි, විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන.

4. වහන්ස, එකැතින් යමකුට කයෙහි කාගියා සී නො එළඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා නො කමවා චාරිකාවට නික්මෙන්නේ ය. වහන්ස, යම් පරිදි වායුව සුචිදෑත් ගෙන හමා ද, අසුචිදෑත් ගෙන හමා ද, ගූථත් ගෙන හමා ද, මුත්‍රත් ගෙන හමා ද, කෙළත් ගෙන හමා ද, පූයාත් ගෙන හමා ද, ලෙහෙත් ගෙන හමා ද එයින් වායුව නො ද පෙළෙයි ද ලජ්ජිත හෝ නො වෙයි ද ජුගුප්සා හෝ නො කෙරෙයි ද වහන්ස, එ පරිදි ම මම් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ වායුසම සිතින් වාස කරමි.

5. යස‍්ස නූන භන‍්තෙ කායෙ කායගතාසති අනුපට‍්ඨිතා අස‍්ස, සො ඉධ අඤ‍්ඤතරං සබ්‍රහ‍්මචාරිං ආසජ‍්ජ අප‍්පටිනිස‍්සජ‍්ජ චාරිකං පක‍්කමෙය්‍ය. සෙය්‍යථාපි භන‍්තෙ, රජොහරණං සුචිම‍්පි පුඤ‍්ඡති. අසුචිම‍්පි පුඤ‍්ඡති, ගූථගතම‍්පි පුඤ‍්ඡති, මුත‍්තගතම‍්පි පුඤ‍්ඡති, ඛෙලගතම‍්පි පුඤ‍්ඡති, පුබ‍්බගතම‍්පි පුඤ‍්ඡති, ලොහිතගතම‍්පි පුඤ‍්ඡති. න ච තෙන රජොහරණං අට‍්ටීයති වා හරායති වා ජිගුච‍්ඡති වා. එවමෙව ඛො අහං භන‍්තෙ රජොහරණසමෙන චෙතසා විහරාමි, විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන.

5. වහන්ස, එකැතින් යමකුට කයෙහි කායගතාසතිය නො එළැඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා නො කමවා චාරිකාවට නික්මෙන්නේ ය. වහන්ස, යම් පරිදි පිස්නාකඩ සුචිදෑත් පිස්නේ ද, අසුචිදෑත් පිස්නේ ද, ගූථත් පිස්නේ ද, මුත්‍රත් පිස්නේ ද, කෙළත් පිස්නේ ද, පූයාත් පිස්නේ ද, ලෙහෙත් පිස්නේ ද, එයින් පිස්නාකඩ නො ද පෙළෙයි නො ද ලජ්ජිත වෙයි නො ද ජුගුප්සා කෙරෙයි. වහන්ස, එ පරිදි ම මම් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ පිස්නා කඩ බඳු සිතින් වාස කරමි.

6. යස‍්ස නූන භන‍්තෙ කායෙ කායගතාසති අනුපට‍්ඨිතා අස‍්ස, සො ඉධ අඤ‍්ඤතරං සබ්‍රහ‍්මචාරිං ආසජ‍්ජ අප‍්පටිනිස‍්සජ‍්ජ චාරිකං පක‍්කමෙය්‍ය, සෙය්‍යථාපි භන‍්තෙ චණ‍්ඩාලකුමාරකො වා චණ‍්ඩාලකුමාරිකා වා කළොපිහත්‍ථො නන‍්තකවාසී ගාමං වා නිගමං වා පවිසන‍්තො නීචචිත‍්තඤ‍්ඤෙව උපට‍්ඨපෙත්‍වා පවිසති. එවමෙව ඛො අහං භන‍්තෙ චණ‍්ඩාලකුමාරකසමෙන චෙතසා විහරාමි විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන.

6. වහන්ස, යමකුට එකැතින් කයෙහි කායගතාසතිය නො එළැඹ සිටි නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා වරද නො දෙසා චාරිකාවට පිටත් වන්නේ ය. වහන්ස, යම් පරිදි සැඩොල් දරුවෙක් හෝ සැඩොල් දැරියක් හෝ පැසක් ගත් අත් ඇත්තේ පියලි කඩක් හැඳීයේ ගමකට වේවයි නියම්ගමකට වේවයි වදනේ හළ මන් ඇති සිත් ම එළවා වදනේ ද, වහන්ස, එ පරිදි ම මම් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ සැඩොල් දරුවකු සම සිතින් වාස කරමි.

7. යස‍්ස නූන භන‍්තෙ කායෙ කායගතාසති අනුපට‍්ඨිතා අස‍්ස, සො ඉධ අඤ‍්ඤතරං සබ්‍රහ‍්මචාරිං ආසජ‍්ජ අප‍්පටිනිස‍්සජ‍්ජ චාරිකං පක‍්කමෙය්‍ය. සෙය්‍යථාපි භන‍්තෙ උසභො ඡින‍්නවිසාණො සොරතො සුදන‍්තො සුවිනීතො රථියාය රථියං සිඞ‍්ඝාටකෙන සිඞ‍්ඝාටකං අන්‍වාහිණ‍්ඩන‍්තො න කිඤ‍්චි හිංසති පාදෙන වා විසාණෙන වා. එවමෙව ඛො අහං භන‍්තෙ උසභච‍්ඡින‍්නවිසාණසමෙන චෙතසා විහරාමි විපුලෙන මහග‍්ගතෙන අප‍්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ‍්ඣෙන.

7. වහන්ස, යමකුට එකැතින් කයෙහි කාගියාසිහි නො එළැඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා නො කමවා චාරිකාවට යන්නේ ය. වහන්ස, යම් පරිදි සුන් අං ඇති ගොනෙක් සුරත වූයේ දැමුණේ සුවිනීත වූයේ වෙයින් වෙයි සිවුමංසලින් සිවුමංසල ඇවිදුනේ පයින් වේවයි හඟින් වේවයි කිසිවකු නො පෙළා ද, වහන්ස, එ පරිදි ම මම් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ සුන් අං ඇති වැහැප් බඳු සිතින් වාස කරමි.

8. යස‍්ස නූන භන‍්තෙ කායෙ කායගතාසති අනුපට‍්ඨිතා අස‍්ස. සො ඉධ අඤ‍්ඤතරං සබ්‍රහ‍්මචාරිං ආසජ‍්ජ අප‍්පටිනිස‍්සජ‍්ජ චාරිකං පක‍්කමෙය්‍ය. සෙය්‍යථාපි භන‍්තෙ ඉත්‍ථි වා පුරිසො වා දහරො වා යුවා වා මණ‍්ඩනක ජාතිකො සීසං නහාතො අහිකුණපෙන වා කුක‍්කුරකුණපෙන වා මනුස‍්සකුණපෙන වා කණ‍්ඨෙ ආසත‍්තෙන අට‍්ටීයෙය්‍ය, හරායෙය්‍ය ජිගුච‍්ඡෙය්‍ය. එවමෙව ඛො අහං භන‍්තෙ ඉමිනා පූතිකායෙන අට‍්ටියාමි හරායාමි ජිගුච‍්ඡාමි.

8. වහන්ස, එකැතින් යමකුට කයෙහි කාගියාසිහි නො එළඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා නො කමවා චාරිකාවට යන්නේ ය. වහන්ස, යම් පරිදි තරුණ වූ හෝ තුරුණු බැව්හි සිටියාවූ හෝ සැරසුම් සැහැවි ඇති ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි හිසැ නඟා ලූයේ ගෙළ බැඳි අහිකුණපයෙන් හෝ කුක්කුරකුණපයෙන් හෝ මනුෂ්‍යකුණපයෙන් හෝ පෙළේ ද, ලජ්ජිත වේ ද, ජුගුප්සා කෙරේ ද, වහන්ස, එපරිදි ම මම් මේ කුණුකයින් පෙළෙමි, ලජ්ජිතයෙමි, ජුගුප්සා කෙරෙමි.

9. යස‍්ස නූන භන‍්තෙ කායෙ කායගතාසති අනුපට‍්ඨිතා අස‍්ස සො ඉධ අඤ‍්ඤතරං සබ්‍රහ‍්මචාරිං ආසජ‍්ජ අප‍්පටිනිස‍්සජ‍්ජ චාරිකං පක‍්කමෙය්‍ය. සෙය්‍යථාපි භන‍්තෙ පුරිසො මෙදකථාලිකං පරිහරෙය්‍ය ඡිද‍්දං විච‍්ඡිද‍්දං උග‍්ඝරන‍්තං පග‍්ඝරන‍්තං. එවමෙව ඛො අහං භන‍්තෙ ඉමං කායං පරිහරාමි, ඡිද‍්දං විච‍්ඡිද‍්දං උග‍්ඝරන‍්තං පග‍්ඝරන‍්තං.

9. වහන්ස, එකැතින් යමෙකුට කයෙහි කාගියාසිහි නො එළැඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා නො කමවා චාරිකාවට යන්නේය. වහන්ස, යම් පරිදි පුරුෂයෙක් සිදුරු ඇති මහසිදුරු ඇති උඩු මුවින් වැහෙන යුසඇති යටිමුවින් ගලන යුස ඇති සිදුරු මේද තෙල් පිරුණු සැළියක් නොහොත් යුස නික්මීම පිණිස තන්හි තන්හි කළ සිදුරු ඇති ථාලිකාවක් (මසින් පුරුවාගෙන) පරිහරණය කෙරේ ද, වහන්ස, එපරිදි ම මම් කුදු මහත් සිදුරු ඇති උඩුමුවින් වැහෙන අසුචි ඇති යටිමුවින් ගලන අසුචි ඇති මේ කය පරිහරණය කරමි.

යස‍්ස නූන භන‍්තෙ කායෙ කායගතාසති අනුපට‍්ඨිතා අස‍්ස, සො ඉධ අඤ‍්ඤතරං සබ්‍රහ‍්මචාරිං ආසජ‍්ජ අප‍්පටිනිස‍්සජ‍්ජ චාරිකං පක‍්කමෙය්‍යාති.

වහන්ස එකැතින් යමකුට කයෙහි කාගියාසිහි නො එළැඹ සිටී නම් හේ මෙ සස්නෙහි එක්තරා සබ්‍රම්සරක්හු ඝටා නො කමවා චාරිකාවට යන්නේ ය.

අථ ඛො සො භික‍්ඛු උට‍්ඨායාසනා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා භගවතො පාදෙසු සිරසා නිපතිත්‍වා භගවන‍්තං එතදවොච: “අච‍්චයො මං භන‍්තෙ අච‍්චගමා යථාබාලං යථාමූළ‍්හං යථාඅකුසලං. යොහං ආයස‍්මන‍්තං සාරිපුත‍්තං අසතා තුච‍්ඡා මුසා අභූතෙන අබ‍්භාචික‍්ඛිං. තස‍්ස මෙ භන‍්තෙ භගවා අච‍්චයං අච‍්චයතො පතිගණ‍්හාතු ආයතිං සංවරායා” ති.

ඉක්බිති එ මහණ හුනස්නෙන් නැඟී සිටි උත්තරාසඞ්ගය එකස් කොට ලා භගවතුන්ගේ පාමුල හිසින් හෙව භවත්නට තෙල සැලකළේ ය. “වහන්ස, බාලයකු කරා යම්සේ නම් මූඪයකු කරා යම්සේ නම් අදක්‍ෂයකු කරා යම්සේ නම් එසේ දෝෂය මා ඉක්මවා ගියේ ය. යම්බඳු මම් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් අසත්‍ය වූ සිස් වූ මුසා වූ අභූතයෙන් අබිබවා කීයෙම් නම් එ හෙයිනි. වහන්ස, භගවතුන් මතුයෙහි සංවර පිණිස ඒ මාගේ අපරාධය අපරාධ විසින් පිළිගන්නා සේක්වා” යී.

තග‍්ඝ තං භික‍්ඛු අච‍්චයො අච‍්චගමා යථාබාලං යථාමූළ‍්හං යථා අකුසලං යො ත්‍වං සාරිපුත‍්තං අසතා තුච‍්ඡා මුසා අභූතෙන අබ‍්භාචික‍්ඛි. යතො ච ඛො ත්‍වං භික‍්ඛු අච‍්චයං අච‍්චයතො දිස‍්වා යථාධම‍්මං පටිකරොසි, තං තෙ මයං පතිගණ‍්හාම. වුද‍්ධිහෙසා භික‍්ඛු අරියස‍්ස විනයෙ යො අච‍්චයං අච‍්චයතො දිස‍්වා යථාධම‍්මං පටිකරොති ආයතිං සංවරං ආපජ‍්ජතීති.

යම් බඳු වූ තෙපි සැරියුත් තෙරුන් අසත්‍ය වූ තුච්ඡ වූ මෘෂා වූ අභූතයෙන් අබිබවා කීහු ද නියතින් බාලයකුට යම්සේ නම් මූඪයකුට යම්සේ නම් අදක්‍ෂයකුට යම් සේ නම් එසේ දෝෂය තොප ඉක්මැ ගියේ ය. මහණ, යම් හෙයෙකින් තෙපි වරද වරද විසින් දැක දහම් වූ පරිදි ප්‍රතික්‍රියා කරවූ නම් අපි තොපගේ ඒ වරද පිළිගනිමු. මහණ ආර්‍ය්‍ය විනයෙහි යමෙක් වරද වරද විසින් දැක දහම් වූ පරිදි ප්‍රතික්‍රියා කෙරේ නම් මතුයෙහි සංවරයට පැමිණේ නම් තෙල වෘද්ධියෙක් ම ය.

අථ ඛො භගවා ආයස‍්මන‍්තං සාරිපුත‍්තං ආමන‍්තෙසි: ඛම සාරිපුත‍්ත ඉමස‍්ස මොඝපුරිසස‍්ස පුරාස‍්ස එත්‍ථෙව සත‍්තධා මුද‍්ධා ඵලිස‍්සතීති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූහ: “ශාරීපුත්‍රය, මොහුගේ හිස මෙ තන්හි ම සත්කඩෙක් ව පැළේ නම් එයට පළමු ම මේ හිස් පුඟුල් හට සමා කරව”යි.

ඛමාමහං භන‍්තෙ තස‍්ස ආයස‍්මතො සචෙ මං සො ආයස‍්මා එවමාහ: ඛමතු ච මෙ සො ආයස‍්මාති.

“වහන්ස, ඉදින් ඒ ආයුෂ්මත් මට ක්‍ෂමා කෙරේවා”යි මෙසේ කියා නම් ඒ ආයුෂ්මත් හට මම් කමමි”යී.