නවඞ්ගුපොසථ සුත්තං
9. 1. 2. 8.
9. 1. 2. 8.
නවඞ්ගුපොසථ සුත්තං
නවඞ්ගුපෝසථ සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
නවහඞ්ගෙහි සමන්නාගතො භික්ඛවෙ උපොසථො උපවුත්ථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො. කථං උපවුත්ථො ච භික්ඛවෙ, නවහඞ්ගෙහි සමන්නාගතො උපොසථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො:
මහණෙනි, නව අඟින් සමන්වාගත පෙහෙවස් වුසූයේ මහත්ඵල වෙයි. මහානිසංස වෙයි. මහාද්‍යුතික වෙයි. මහාවිස්ඵාර වෙයි. මහණෙනි, කෙසේ වුසූ නවඟින් සමන්වාගත උපෝසථය මහත්ඵල, මහා නෘශංස, මහාද්‍යුතික, මහාවිස්ඵාර වේය යත්:
1. ඉධ භික්ඛවෙ, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති “යාවජීවං අරහන්තො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතා නිහිතදණ්ඩා නිහිතසත්ථා ලජ්ජී දයාපන්නා සබ්බපාණභූතහිතානුකම්පී විහරන්ති. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරාමි. ඉමානාපඞ්ගෙන අරහතං අනුකරොමි. උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතී”ති. ඉමිනා පඨමෙනඞ්ගෙන සමන්නාගතො හොති.
1. මහණෙනි, මෙ සස්නෙහි අරීසවු මෙසේ නුවණින් සිතයි: “යවදිව් රහත්හු පණිවා හැර පණිවායෙන් වැළැකියාහු බහාතැබූ දඬු ඇත්තාහු බහාතැබූ අවි ඇත්තාහු ලජ්ජාවත් වූවාහු දයාවට පැමිණියාහු සර්‍වප්‍රාණීන් කෙරේ හිතානුකම්පී ව විහරණ කරත්: අද මමත් මේ රෑත් මේ දාවලත් පණිවා හැර පියා පණිවායෙන් වැළැකියෙම් බැහූ දඬු ඇතියෙම් බැහූ අවි ඇතියෙම් ලදැතියෙම් දයාවට පැමිණියෙම් සර්‍වප්‍රාණීන් කෙරේ හිතානුකම්පී වූයෙම් විහරණ කරමි. මෙ කරුණෙනුදු රහතුනට අනුක්‍රියා කරමි. මා විසින් උපෝසථය ද වුසූයේ වෙයි. මේ පළමු අඟින් සමන්වාගත වෙයි.
2. “යාවජීවං අරහන්තො අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතා දින්නාදායී දින්නපාටිකඞ්ඛී අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරන්තී. අහම්පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං අදින්නාදානං පහාය -පෙ- උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතී”ති. ඉමිනා දුතියෙනඞ්ගෙන සමන්නාගතො හොති.
2. “රහත්හු යව්දිව් අයිනාදන් හැර පියා අයිනාදනින් වැළැකියාහු දුන් දෑ ගන්නා සුල්ලහු දුන් දෑ කැමැතිවන්නාහු නොසොර පිවිතුරු සිතින් වෙසෙත්. අද මමත් මේ රෑත් මේ දාවලත් අයිනාදන් හැරපියා … මා විසින් පෙහෙවස් ද වුසූයේ වෙයි. මේ දෙවන අඟින් සමන්වාගත වූයේ වෙයි.
3. “යාවජීවං අරහන්තො අබ්රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී ආරාචාරී විරතා මෙථුනා ගාමධම්මා. අහම්පජ්ජ -පෙ- උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතී”ති. ඉමිනා තතියෙනඞ්ගෙන සමන්නාගතො හොති.
3. “රහත්හු යව්දිව් අබ්රම්සර හැර පියා බ්‍රහ්මචාරී වූවාහු ගැමිදම් වූ මෙවුන් දමින් වැළැකියාහු ආරාචාරී වූවාහු වෙත්. දැන් මම ද ... මා විසින් පෙහෙවස් වුසූයේත් වන්නේය. මේ තෙවන අඟින් සමන්වාගත වෙයි.
4. “යාවජීවං අරහන්තො මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතා සච්චවාදී සච්චසන්ධා ථෙතා පච්චයිකා අවිසංවාදකා ලොකස්ස, අහම්පජ්ජ -පෙ- උපවුත්ථො භවිස්සතී”ති. ඉමිනා චතුත්ථෙනඞ්ගෙන සමන්නාගතො හොති.
4. ‘රහත්හු යව්දිව් මුසවා හැර පියා මුසවායෙන් වැළැකියාහු සත්‍යවාදී වූවාහු සත්යසන්ධ වූවාහු ස්ථිර කථා ඇත්තාහු හැදැහිය හැකි තෙපුල් ඇත්තාහු ලොවට අවිසංවාදක වූවාහු වෙත්. දැන් මම ද … වුසුයේ වෙයි. මේ සිවුවන අඟින් සමන්වාගත වෙයි.
5. “යාවජීවං අරහන්තො සුරාමෙරය මජ්ජපමාදට්ඨානං පහාය සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතා. අහම්පජ්ජ -පෙ- උපවුත්ථො භවිස්සතී”ති. ඉමිනා පඤ්චමෙනඞ්ගෙන සමන්නාගතො හොති.
5. රහත්හු යව්දිව් මදපමා දෙකට කරුණු වූ රහමෙර හැර පියා මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළැකියාහු වෙත්. අද මම ද … වුසූයේ වෙයි. මේ පස්වන අඟින් සමන්වාගත වෙයි.
6. “යාවජීවං අරහන්තො එකභත්තිකා රත්තුපරතා විරතා විකාලභොජනා. අහම්පජ්ජ -පෙ- උපවුත්ථො භවිස්සතීති. ඉමිනා ඡට්ඨෙනඞ්ගෙන සමන්නාගතො හොති.
6. යව්දිව් රහත්හු ඒකභක්තික වූවාහු රාත්‍රි භෝජනයෙන් වැළැකියාහු විකල් බොජුනින් දුරුවූවාහු වෙත්. මම ද අද … වුසුයේ වෙයි. මේ සවන අඟින් සමන්වාගත වෙයි.
7. “යාවජීවං අරහන්තො නච්චගීතවාදිතවිසූකදස්සනමාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතා. අහම්පජ්ජ -පෙ- උපවුත්ථො භවිස්සතී ති. ඉමිනා සත්තමෙනඞ්ගෙන සමන්නාගතො හොති.
7. රහත්හු යව්දිව් නැටුම් ගැයුම් වැයුම් විසුළු දස්න මල්ගඳ විලවුන් දැරුම් සිරුර උනුතැන් පිරවීම් සිරුරු සැරසුම් යන කරුණින් වැළකියාහු වෙත්. මම ද අද … වුසුයේ වෙයි. මේ සත්වන අඟින් සමන්වාගත වෙයි.
8. “යාවජීවං අරහන්තො උච්චාසයනමහාසයනං පහාය උච්චාසයනමහාසයනා පටිවිරතා නීචසෙය්යං කප්පෙන්ති මඤ්චකෙ වා තිණසන්ථාරකෙ වා අහම්පජ්ජ -පෙ- උපවුත්ථො භවිස්සතී”ති. ඉමිනා අට්ඨමෙනඞ්ගෙන සමන්නාගතො හොති.
8. යව්දිව් රහත්හු උසසුන් මහසුන් හැරපියා උසසුන් මහස්නෙන් වැළැකියාහු මැස්සෙක හෝ තණ ඇතිරියෙක හෝ නීචශය්‍යා කරත්. මම ද අද … වුසුයේ වෙයි. මේ අටවැනි කරුණින් සමන්වාගත වෙයි.
9. ඉධ භික්ඛවෙ, අරියසාවකො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති තථා දුතියං -පෙ- තථා තතියං -පෙ- තථා චතුත්ථිං -පෙ- ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. ඉමිනා නවමෙනඞ්ගෙන සමන්නාගතො හොති.
9. මහණෙනි, මෙ සස්නෙහි අරීසවු මෙත්සහගිය සිතින් එක් දිගක් පැතිර වාසය කරයි. එපරිදි ම දෙවන … එපරිදි ම තෙවන … එපරිදිම සතරවන ... මෙසේ උඩ යට සරස හැම තන්හි සර්වාත්ම භාවයෙන් සියල්ලෙන් යුත් ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ මෙත් සහගිය සිතින් පැතිර වෙසෙයි.
එවං උපවුත්ථො ඛො භික්ඛවෙ, නවහඞ්ගෙහි සමන්නාගතො උපොසථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරොති.
මහණෙනි, මෙසේ වුසූ නවඟින් යුත් පෙහෙවස මහප්ඵල වෙයි. මහානිසංස වෙයි. මහාජුතික වෙයි. මහාවිප්ඵාර වේය යි.