දෙවතා සුත්තං
9. 1. 2. 9.
9. 1. 2. 9.
දෙවතා සුත්තං
දේවතා සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
ඉමං භික්ඛවෙ, රත්තිං සම්බහුලා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො භික්ඛවෙ, තා දෙවතා මං එතදවොචුං:
මහණෙනි, මෙ රෑ බොහෝ දේවතාවෝ රෑ බෙහෙවින් ඉක්මගිය කල්හි විසිතුරු පැහැ ඇත්තාහු මුළු දෙව්රම බබුළුවා මා වෙත එළැඹියහ. එළැඹ මා සකසා වැඳ එකත්පස්ව සිට ගත්හ. මහණෙනි, එකත්පස්ව සිට ගත් ඒ දේවතාවෝ මට තෙල කීහ:
උපසඞ්කමිංසු නො භන්තෙ, පුබ්බෙ මනුස්සභූතානං පබ්බජිතා අගාරානි, තා මයං භන්තෙ, පච්චුට්ඨිම්හ, නො ච ඛො අභිවාදිම්හ, තා මයං භන්තෙ, අපරිපුණ්ණකම්මන්තා විප්පටිසාරිනියො පච්ඡානුතාපිනියො හීනං කායං උපපන්නා”ති.
“වහන්ස, පෙර මිනිස් වූ අපගේ අගාරයනට පැවිද්දෝ එළැඹියහ. වහන්ස, ඒ අපි (ඔවුන්ට) ප්‍රත්‍යුපස්ථාන කළම්හ. නො ද අභිවාදනා කළම්හ. වහන්ස, නොපිරිපුන් කම් ඇති ඒ අපි විපිළිසර වන්නමෝ පසුතැවෙන්නමෝ හීන කායයට පැමිණියම්හ”යි.
අපරාපි මං භික්ඛවෙ, සම්බහුලා දෙවතා උපසඞ්කමිත්වා එතදවොචුං “උපසඞ්කමිංසු නො භන්තෙ පුබ්බෙ මනුස්සභූතානං පබ්බජිතා අගාරානි තා මයං භන්තෙ පච්චුට්ඨිම්හ, අභිවාදිම්හ නො ච ඛො ආසනං අදම්හ, තා මයං භන්තෙ, අපරිපුණ්ණකම්මන්තා විප්පටිසාරිනියො පච්ඡානුතාපිනියො හීනං කායං උපපන්නා”ති.
මහණෙනි, අනෙක් බොහෝ දේවතා කෙනෙක් මා වෙත එළැඹ තෙල කීහු: “වහන්ස, පෙර මිනිස් වූ අපගේ නිවෙස් කරා පැවිද්දෝ එළැඹියහ. වහන්ස, ඒ අපි ඔවුන්ට ප්‍රත්‍යුපස්ථාන කළම්හ. අභිවාදන කළම්හ, නො ද අසුන් දුනුම්හ, වහන්ස, ඒ අපි නො පිරිපුන් කම් ඇත්තෝ විපිළිසර වන්නමෝ පසුතැවෙන්නමෝ හීන කායයට පැමිණියම්හ”යි.
අපරාපි මං භික්ඛවෙ, සම්බහුලා දෙවතා උපසඞ්කමිත්වා එතදවොචුං “උපසඞ්කමිංසු නො භන්තෙ, පුබ්බෙ මනුස්සභූතානං පබ්බජිතා අගාරානි, තා මයං භන්තෙ පච්චුට්ඨිම්හ, අභිවාදිම්හ ආසනඤ්ච අදම්හ නො ච ඛො යථාසත්ති යථාබලං සංවිභජිම්හ -පෙ- යථාසත්ති යථාබලං සංවිභජිම්හ. නො ච ඛො උපනිසීදිම්හ ධම්මසවණාය -පෙ- උපනිසීදිම්හ ධම්මසවණාය නො ච ඛො ඔහිතසොතො ධම්මං සුණිම්හ -පෙ- ඔහිතසොතො ධම්මං සුණිම්හ, නො ච සුත්වා ධම්මං ධාරයිම්හ -පෙ- සුත්වා ධම්මං ධාරයිම්හ, නො ච ධතානං ධම්මානං අත්ථං උපපරික්ඛිම්හ -පෙ- ධතානං ධම්මානං අත්ථං උපපරික්ඛිම්හ, නො ච ඛො අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං පටිපජ්ජිම්හ. තා මයං භන්තෙ අපරිපුණ්ණකම්මන්තා විප්පටිසාරිනියො පච්ඡානුතාපිනියො හීනං කායං උපපන්නා”ති.
මහණෙනි, අනෙක් බොහෝ දේවතා කෙනෙක් ද මා කරා එළැඹ තෙල සැළකළහ: “වහන්ස, පෙර මිනිස් බවට පැමිණි අපගේ නිවෙස් කරා පැවිද්දෝ පැමිණියහ. වහන්ස, ඒ අපි ඔවුන්ට ප්‍රත්‍යුපස්ථාන කළම්හ. අභිවාදනා කළම්හ. අසුන් ද දුනුම්හ. යථාශක්තියෙන් යථාබලයෙන් සංවිභාග නොකළම් හ. දහම් අසනු සඳහා නො ද ළඟ හුනුම්හ … දහම් ඇසුමට ළඟ හුනුම් හ. යොමු කළ කන් ඇත්තමෝ නො ද දහම් ඇසුම්හ … යොමු කළ කන් ඇත්තමෝ දහමුදු ඇසුම්හ. අසා දහම් නො ම දැරුම් හ … අසා දහම් දැරුම්හ, දැරූ දහමුන්ගේ නො ම අරුත් පිරික්සුම් හ … දැරූ දහමුන්ගේ අරුත් පිරික්සුම්හ. අරුත් දැන පෙළදම් දැන ධර්මානුධර්මය නො ම පිළිපැදියම්හ. වහන්ස, ඒ අපි අපරිපූර්ණ කර්මාන්ත ඇත්තමෝ විපිළිසර වන්නමෝ පසු තැවෙන්නමෝ හීන කායයට පැමිණියම්හ”යී.
අපරාපි මං භික්ඛවෙ, සම්බහුලා දෙවතා උපසඞ්කමිත්වා එතදවොචුං:
මහණෙනි, අනෙක් බොහෝ දේවතා කෙනෙකුදු මා කරා එළැඹ තෙල සැළකළහ.
“උපසඞ්කමිංසු නො භන්තෙ, පුබ්බෙ මනුස්සභූතානං පබ්බජිතා අගාරානි. තා මයං භන්තෙ, පච්චුට්ඨිම්හ, අභිවාදිම්හ, ආසනං අදම්හ, යථාසත්ති යථාබලං සංවිභජිම්හ, උපනිසීදිම්හ ධම්මසවණාය, ඔහිතසොතා ච ධම්මං සුණිම්හ, සුත්වා ච ධම්මං ධාරයිම්හ, ධතානඤ්ච ධම්මානං අත්ථං උපපරික්ඛිම්හ. අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං පටිපජ්ජිම්හ. තා මයං භන්තෙ, පරිපුණ්ණකම්මන්තා අවිප්පටිසාරිනියො අපච්ඡානුතාපිනියො පණීතං කායං උපපන්නා”ති.
“වහන්ස, පෙර මිනිස් බවට පැමිණියා වූ ම අපගේ නිවෙස් කරා පැවිද්දෝ එළැඹියහ. වහන්ස, ඒ අපි උවටන් කළම් හ. වන්දනා කළම්හ. අසුන් දුනුම්හ. යථාශක්තියෙන් යථාබලයෙන් දාන සංවිභාග කළම්හ. දහම් ඇසුමට වෙත හුනුම්හ. යොමු කළ කන් ඇත්තමෝ දහමුදු ඇසුම්හ. අසා දහමුදු දැරුම්හ. දැරූ දහමුන්ගේ අරුත් පිරික්සුම්හ. අරුත් දැන පෙළ දම් දැන ධර්මානුධර්මය පිළිපැදියම්හ. වහන්ස, ඒ අපි පරිපූර්ණ කර්මාන්ත ඇත්තමෝ විපිළිසර නො වූමෝ නො පසු තැවෙන්නමෝ ප්‍රණීත කායයට පැමිණියම්හ”යි.
එතානි භික්ඛවෙ, රුක්ඛමූලානි එතානි සුඤ්ඤාගාරානි ඣායථ භික්ඛවෙ, මා පමාදත්ථ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ, සෙය්යථාපි තා පුරිමිකා දෙවතාති.
මහණෙනි, තෙල රුක් මුල් ය, තෙල ශූන්‍යාගාර ය, මහණෙනි, ධ්‍යාන කරවු, පමා නො වවු, තෙල පළමු දේවතාවන් සෙයින් පසු නහමක් විපිළිසර වවු යි.