1. සම්බොධිවග්ගො අට්ඨකථා
1. සම්බොධි වර්ගය
1. සම්බොධිපක්ඛිය සුත්තවණ්ණනා
1. සම්බොධිපක්ඛිය සූත්‍ර වර්ණනාව
නවකනිපාතස්ස පඨමෙ සම්බොධිපක්ඛිකානන්ති චතුමග්ගසඞ්ඛාතස්ස සම්බොධිස්ස පක්ඛෙ භවානං, උපකාරකානන්ති අත්ථො. පාළියං ආගතෙ නව ධම්මෙ සන්ධායෙවං පුච්ඡති. කා උපනිසාති කො උපනිස්සයපච්චයො. අභිසල්ලෙඛන්තීති අභිසල්ලෙඛිකා. සමථවිපස්සනාචිත්තස්ස විවරණෙ සප්පායා උපකාරකාති චෙතොවිවරණසප්පායා. අප්පිච්ඡතං ආරබ්භ පවත්තා කථා අප්පිච්ඡකථා. සෙසෙසුපි එසෙව නයො.
නවක නිපාතයේ පළමු සූත්‍රයෙහි සම්බොධපක්ඛිකානං යනු සිවුමග නම්වූ සම්බෝධියේ පක්ෂයෙහි වූවන්ගේ, උපකාරවූවන්ගේ යන අරුත්ය. පෙළෙහි ආ ධර්මයන් සඳහා මෙසේ විමසයි. කා උපනිසා යනු කවර උපනිශ්‍රය ප්රත්යයක්ද? මනාව සටහන් කරත්නුයි අභිසල්ලෙඛිකා නමි. සමථ විදර්ශනා සිත විවරණයෙහි සත්ප්‍රාය වූවෝ උපකාරවූවෝයි චෙතොවීවරණසප්පයා නමි. අපිස් බව අරභයා පැවති කථාව අප්පිච්ඡකථා නමි. සෙස්සෙහි ද මේ ක්‍රමයමයි.
අසුභා භාවෙතබ්බා රාගස්ස පහානායාති අයමත්ථො සාලිලායකොපමාය විභාවෙතබ්බො – එකො හි පුරිසො අසිතං ගහෙත්වා කොටිතො පට්ඨාය සාලික්ඛෙත්තෙ සාලියො ලායති. අථස්ස වතිං භින්දිත්වා ගාවො පවිසිංසු. සො අසිතං ඨපෙත්වා යට්ඨිං ආදාය තෙනෙව මග්ගෙන ගාවො නීහරිත්වා වතිං පාකතිකං කත්වා පුනපි අසිතං ආදාය සාලියො ලායි. එත්ථ සාලික්ඛෙත්තං විය බුද්ධසාසනං දට්ඨබ්බං, සාලිලායකො විය යොගාවචරො, අසිතං විය පඤ්ඤා, ලායනකාලො විය විපස්සනාය කම්මකරණකාලො, යට්ඨි විය අසුභකම්මට්ඨානං, වති විය සංවරො, වතිං භින්දිත්වා ගාවීනං පවිසනං විය සහසා අප්පටිසඞ්ඛාය පමාදං ආරබ්භ රාගස්ස උප්පජ්ජනං, අසිතං ඨපෙත්වා යට්ඨිං ආදාය පවිට්ඨමග්ගෙනෙව ගාවො නීහරිත්වා වතිං පටිපාකතිකං කත්වා පුන කොටිතො පට්ඨාය සාලිලායනං විය අසුභකම්මට්ඨානෙන රාගං වික්ඛම්භෙත්වා පුන විපස්සනාය කම්මං ආරභනකාලො. ඉමමත්ථං සන්ධාය වුත්තං – “අසුභා භාවෙතබ්බා රාගස්ස පහානායා”ති.
අසුභා භාවෙතබ්බා රාගස්ස පහානාය යනු මෙම අර්ත්ථය හැල්කපන උපමාවෙන් පැහැදිළි කළ යුතුය. එක් පුරුෂයෙක් දෑකැත්තක් ගෙන කෙළවරෙහි පටන් හැල් කෙතක හැල් කපයි. ඉක්බිති එයට වැට බිඳ ගවයෝ පිවිසියහ. හෙතෙම දෑකැත්ත තබා (සැර) යටියක් රැගෙන එම මගින්ම ගවයන් පලවා හැර වට ප්‍රකෘතිමත් කොට යළි දෑකැත්ත ගෙන හැල් කැපීය. එහි හැල්කෙත මෙන් බුදුසසුන දැකිය යුතුය. හැල්කපන්නා මෙන් යෝගාවචරයායි. දෑකැත්ත මෙන් ප්රඥාවයි. නෙලන (කපන) කාලය මෙන් විදර්ශනාව සඳහා කටයුතු කරන කාලයයි. යෂ්ටිය මෙන් අසුභකර්මස්ථානයයි. වැට මෙන් සංවරයයි. වැට බිඳ ගවයන්ගේ පිවිසීම මෙන් ඉක්මණින්, නොසැලකීමෙන් ප්‍රමාදයට පත්ව රාගයේ ඉපදීමයි, දෑකැත්ත තබා යටිය ගෙන පිවිසි මගින්ම ගවයන් පළවා වැට ප්‍රකෘතිමත් කොට යළි කෙළවරෙහි සිට හැල් නෙලීම මෙන් අසුභ කර්මස්ථානයෙන් රාගය යටපත් කොට යළි විදර්ශනාවට කටයුතු පටන්ගන්නා කාලයයි. මේ කාරණය සඳහා අසුභා භාවෙතබ්බා රාගස්ස පහානාය යි කියන ලදි.
තත්ථ රාගස්සාති පඤ්චකාමගුණිකරාගස්ස. මෙත්තාති මෙත්තාකම්මට්ඨානං. බ්යාපාදස්ස පහානායාති වුත්තනයෙනෙව උප්පන්නස්ස කොපස්ස පජහනත්ථාය. ආනාපානස්සතීති සොළසවත්ථුකා ආනාපානස්සති. විතක්කුපච්ඡෙදායාති වුත්තනයෙනෙව උප්පන්නානං විතක්කානං උපච්ඡෙදනත්ථාය. අස්මිමානසමුග්ඝාතායාති අස්මීති උප්පජ්ජනකස්ස මානස්ස සමුග්ඝාතත්ථාය. අනත්තසඤ්ඤා සණ්ඨාතීති අනිච්චලක්ඛණෙ දිට්ඨෙ අනත්තලක්ඛණං දිට්ඨමෙව හොති. එතෙසු හි තීසු ලක්ඛණෙසු එකස්මිං දිට්ඨෙ ඉතරද්වයං දිට්ඨමෙව හොති. තෙන වුත්තං – “අනිච්චසඤ්ඤිනො, භික්ඛවෙ, අනත්තසඤ්ඤා සණ්ඨාතී”ති. දිට්ඨෙව ධම්මෙ නිබ්බානන්ති දිට්ඨෙයෙව ධම්මෙ අපච්චයපරිනිබ්බානඤ්ච පාපුණාතීති ඉමස්මිං සුත්තෙ වට්ටවිවට්ටං කථිතං.
එහි රාගස්ස යනු පඤ්චකාමගුණික වූ රාගයාගේයි, මෙත්තා යනු මෛත්‍රී කර්මස්ථානයයි, ව්යාපාදස්සපහානාය යනු කියනලද ක්‍රමයෙන්ම උපන් කෝපය දුරුකරනු සඳහායි, ආනාපානසති යනු සොළොස් වස්තුවකට අයත් වූ ආනාපාන සතියයි. විතක්කුපච්ඡෙදාය යනු කියන ලද ක්‍රමයෙන්ම උපන් විතර්කයන් නැසීම සඳහායි, අසමිමානසමුග්ඝාතාය යනු වෙමැයි උපදින නවවැදෑරුම් මානය නසාලීම සඳහායි, අනත්තසඤ්ඤා සණ්ඨාති යනු අනිත්‍ය ලක්ෂණය දුටු විට අනාතම ලක්ෂණය දුටුවේම වෙයි. මේ ත්රිලක්ෂණයන්ගෙන් එකක් දුටුවිට ඉතිරි දෙක දුටුවේම වෙයි. එහෙයින් “අනිච්චසඤ්ඤිනො භික්ඛවෙ අනන්තසඤ්ඤා සණ්ඨාති”යි කියනලදි. දිට්ඨෙව ධම්ම නිබ්බානං ඉහාත්මයෙහිම ප්‍රත්‍යය රහිත නිවනට පැමිණෙයි. මේ සූත්‍රයෙහි සසර හා නිවන කියන ලදි.
2. නිස්සයසම්පන්න සුත්තවණ්ණනා
2. නිස්සයසම්පන්න සූත්‍ර වර්ණනාව
දුතියෙ නිස්සයසම්පන්නොති පතිට්ඨාසම්පන්නො. සද්ධන්ති ඔකප්පනසද්ධං. වීරියන්ති කායිකචෙතසිකවීරියං. යංසාති යං අස්ස. අරියාය පඤ්ඤායාති සහවිපස්සනාය මග්ගපඤ්ඤාය. සඞ්ඛායාති ජානිත්වා. එකං පටිසෙවතීති සෙවිතබ්බයුත්තකං සෙවති. අධිවාසෙතීති අධිවාසෙතබ්බයුත්තකං අධිවාසෙති. පරිවජ්ජෙතීති පරිවජ්ජෙතබ්බයුත්තකං පරිවජ්ජෙති. විනොදෙතීති නීහරිතබ්බයුත්තකං නීහරති. එවං ඛො භික්ඛූති එවං ඛො භික්ඛු උග්ගහපරිපුච්ඡාවසෙන චෙව ධම්මවවත්ථානවසෙන ච පටිසෙවිතබ්බාදීනි සුප්පටිවිද්ධානි සුපච්චක්ඛානි කත්වා පටිසෙවන්තො අධිවාසෙන්තො පරිවජ්ජෙන්තො විනොදෙන්තො ච භික්ඛු නිස්සයසම්පන්නො නාම හොතීති.
දෙවැන්නෙහි නිස්සයසම්පන්නො යනු පදනමක් සහිතවූයේයි, සද්ධං යනු විශ්වාස කිරීමේ ශ්රද්ධාවයි, විරියං යනු කායික චෛතසික වීර්‍ය්‍යයයි, යංසා යනු යමක් වන්නේයි, අරියාය පඤ්ඤාය යනු විදර්ශනා සහිත මාර්ග ප්රඥාවගේයි, සඞ්ඛාය යනු දැනයි, එකං පටිසෙවෙති යනු ඇසුරු කළ යුත්තක් ඇසුරු කරයි, අධිවාසෙති යනු ඉවසිය යුත්තක් ඉවසයි, පරිවජ්ජෙති යනු දුරුකළ යුත්තක් දුරුකරයි, විනොදෙති යනු ඉවත්කළ යුත්තක් ඉවත්කරයි, එවං ඛො භික්ඛු යනු මෙසේ භික්ෂුව ඉගෙනීම් පිළිවිසීම් වශයෙන් මෙන්ම ධර්මය තීරණය කිරීම් වශයෙන් ද ඇසුරු කළ යුතු දේ ආදිය මනාව දැනගත් මනාව පසක් කළ දේ කොට ඇසුරු කරන්නේ ඉවසන්නේ දුරුකරන්නේ ඉවත් කරන්නේ ද භික්ෂුව නිශ්‍රය සම්පන්න නම් වේ.
3. මෙඝිය සුත්තවණ්ණනා
3. මේඝිය සූත්‍ර වර්ණනාව
තතියෙ චාලිකායන්ති එවංනාමකෙ නගරෙ. තං කිර චලමග්ගං නිස්සාය කතත්තා ඔලොකෙන්තානං චලමානං විය උපට්ඨාති, තස්මා චාලිකාති සඞ්ඛං ගතං. චාලියපබ්බතෙති සොපි පබ්බතො සබ්බසෙතත්තා කාළපක්ඛුපොසථෙ ඔලොකෙන්තානං චලමානො විය උපට්ඨාති, තස්මා චාලියපබ්බතොති වුත්තො. තත්ථ මහන්තං විහාරං කාරයිංසු. ඉති භගවා තං නගරං නිස්සාය චාලිකාපබ්බතමහාවිහාරෙ විහරති. ජන්තුගාමන්ති එවංනාමකං අපරම්පි තස්සෙව විහාරස්ස ගොචරගාමං. ජත්තුගාමන්තිපි පඨන්ති. පධානත්ථිකස්සාති පධානකම්මිකස්ස. පධානායාති සමණධම්මකරණත්ථාය. ආගමෙහි තාවාති සත්ථා ථෙරස්ස වචනං සුත්වා උපධාරෙන්තො “න තාවස්ස ඤාණං පරිපක්ක”න්ති ඤත්වා පටිබාහන්තො එවමාහ. එකකම්හි තාවාති ඉදං පනස්ස “එවමයං ගන්ත්වාපි කම්මෙ අනිප්ඵජ්ජමානෙ නිරාසඞ්කො හුත්වා පෙමවසෙන පුන ආගච්ඡිස්සතී”ති චිත්තමද්දවජනනත්ථං ආහ. නත්ථි කිඤ්චි උත්තරි කරණීයන්ති චතූසු සච්චෙසු චතුන්නං කිච්චානං කතත්තා අඤ්ඤං උත්තරි කරණීයං නාම නත්ථි. කතස්ස වා පටිචයොති අධිගතස්ස වා පුන පටිචයොපි නත්ථි. න හි භාවිතමග්ගො පුන භාවීයති, න පහීනකිලෙසානං පුන පහානං අත්ථි. පධානන්ති ඛො, මෙඝිය, වදමානං කින්ති වදෙය්යාමාති “සමණධම්මං කරොමී”ති තං වදමානං මයං අඤ්ඤං කිං නාම වදෙය්යාම.
තෙවැන්නෙහි චාලිකායං යනු එබඳු නම් ඇති නුවරෙහිය, එය සැලෙන මඩ ඇසුරු කොට කළ බැවින් බලන්නවුන්ට සැලෙනු ලබන්නක් මෙන් හැඟෙයි. එහෙයින් චාලිකායි ප්‍රසිද්ධ විය. චාලියපබ්බතෙ යනු ඒ පවුවද සියල්ල සුදු බැවින් කළුවර පක්ෂ උපොසථයෙහි බලන්නවුන්ට සැලෙනු ලබන්නාක් මෙන් හැඟෙයි. එහෙයින් චාලිය පබ්බත යයි කියන ලදි. එහි මහත් විහාරයක් කරවූහ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ එනුවර ඇසුරු කොට චාලිය පබ්බත මහා විහාරයෙහි වසන සේක. ජතුගාමං යනු මෙබඳු නම ඇති වෙනත් එම නුවරේම ගොදුරු ගමකි. ජනතුගාමං යනුද පාඨයි. පධානත්ථිකස්ස යනු භාවනාවෙහි වීර්‍ය්‍යය කරන තැනැත්තාගේයි, පධානාය යනු මහණදම් කරනු සඳහායි, ආගමෙහි තාව යනු ශාස්තෲන් වහන්සේ තෙරුන්ගේ වචනය අසා සලකා බලන සේක් තවම මොහුගේ නුවණ මුහුකුරා නොගියේයි දැන වළහමින් මෙසේ කී සේක. එකකම්හා තාව යන මෙය වනාහි ඔහුට, “මෙතෙම මෙසේ ගොස් ද කටයුත්ත නොනිපදවෙන විට නිසැකව ප්‍රේම වශයෙන් යළි පැමිණෙන්නේය”යි සිතෙහි මෘදුබව ඇති කිරීම සඳහා කීසේක. නත්ථි කිඤ්චි උත්තරිං කරණීයං යනු සතර සත්‍යයන්හි සිවුකිස කළ බැවින් වෙනත් මත්තෙහි කළයුත්තක් නම් නැත. කතස්ස වා පතිචයො යනු කළ තැනැත්තාට යළි එකතු කිරීමක් නැත. වැඩූ මග යළි නොවඩනු ලැබේ. නැසූ කෙලෙසුන්ගේ යළි නැසීමක් නැත. පධානන්ති ඛො මෙඝිය වදමානං කින්ති වදෙය්යාම යනු මහණදම් කරමැයි එය කියන්නාට අපි වෙනත් කුමක් නම් කියන්නෙමුද?
දිවාවිහාරං නිසීදීති දිවාවිහාරත්ථාය නිසීදි. නිසීදන්තො ච යස්මිං මඞ්ගලසිලාපට්ටෙ පුබ්බෙ අනුපටිපාටියා පඤ්ච ජාතිසතානි රාජා හුත්වා උය්යානකීළිකං කීළන්තො තිවිධනාටකපරිවාරො නිසීදි, තස්මිංයෙව නිසීදි. අථස්ස නිසින්නකාලතො පට්ඨාය සමණභාවො ජහිතො විය අහොසි, රාජවෙසං ගහෙත්වා නාටකවරපරිවුතො සෙතච්ඡත්තස්ස හෙට්ඨා මහාරහෙ පල්ලඞ්කෙ නිසින්නො විය ජාතො. අථස්ස තං සම්පත්තිං අස්සාදයතො කාමවිතක්කො උදපාදි. සො තස්මිංයෙව ඛණෙ මහායොධෙහි ගහිතෙ ද්වෙ චොරෙ ආනෙත්වා පුරතො ඨපිතෙ විය අද්දස. තෙසු එකස්ස වධං ආණාපනවසෙනස්ස බ්යාපාදවිතක්කො උප්පජ්ජි, එකස්ස බන්ධනං ආණාපනවසෙන විහිංසාවිතක්කො. එවං සො ලතාජාලෙන රුක්ඛො විය මධුමක්ඛිකාහි මධුඝාතකො විය අකුසලවිතක්කෙහි පරික්ඛිත්තො අහොසි. තං සන්ධාය – අථ ඛො ආයස්මතො මෙඝියස්සාතිආදි වුත්තං. අන්වාසත්තාති අනුබද්ධා සම්පරිවාරිතා. යෙන භගවා තෙනුපසඞ්කමීති එවං පාපවිතක්කෙහි සම්පරිකිණ්ණො කම්මට්ඨානං සප්පායං කාතුං අසක්කොන්තො “ඉදං වත දිස්වා දීඝදස්සී භගවා පටිසෙධෙසී”ති සල්ලක්ඛෙත්වා “ඉදං කාරණං දසබලස්ස ආරොචෙස්සාමී”ති නිසින්නාසනතො වුට්ඨාය යෙන භගවා තෙනුපසඞ්කමි.
දිවාවිහාරං නිසීදි යනු දිවා විහරණය සඳහා හුන්සේක. හුන්සේක්ද යම් මඟුල්ගල් තලාවක පෙර අනුපිළිවෙලින් ජාති පන්සියයක් රජ වී උපන් කෙළි කෙළින්නේ තුන්වැදෑරුම් නළු පිරිවර ඇත්තේ හුන්නේය. එහිම හුන්නේය. ඉක්බිති හුන් කල්හි පටන් ශ්‍රමණ බව හරින ලද්දාක් මෙන් විය. රජවෙස් ගෙන නළු පිරිවර ඇත්තේ සේසත යට මාහැඟි පළඟෙහි හුන්නේ මෙන් විය. ඉක්බිති ඒ සැපත් විඳින ඔහුට කාමවිතර්කයක් උපන්නේය. හෙතෙම එකෙණෙහිම සොරබඩු සහිතව අල්ලාගන්නා ලද සොරු දෙදෙනෙකු ගෙන්වා ඉදිරියෙහි තබන ලද්දාක් මෙන් දුටුවේය. ඔවුනතුරින් එකෙකුට වධ නියම කිරීම් වශයෙන් ඔහුට ව්‍යාපාද විතර්කයක් උපන්නේය. එකෙකුට දඟගෙට ඇනවීම් වශයෙන් විහිංසා විතර්කයක් උපන්නේය. මෙසේ හෙතෙම වැල් සමූහයෙන් ගසක් මෙන් ද මීමැස්සන්ගෙන් මීවදයක් මෙන් ද අකුශල විතර්කයන්ගෙන් වටකරන ලද්දේ ගවසන ලද්දේ විය. ඒ සඳහා “අථ ඛො ආයස්මතො මෙඝියස්ස” යනාදිය කියන ලදි. අන්වාසත්තො යනු අනුබඳනා ලද්දේ වටකරන ලද්දේයි, යෙන භගවා තෙනුපසඞ්කමි යන මෙස පාප විතර්කයන්ගෙන් වටකරන ලද්දේ කමටහන ගලපාගන්නට නොහැක්කේ මෙය දැක දුරදක්නා සුලු භාග්‍යවතුන් වහන්සේ වැළැක්වූ සේකැයි සලකා මෙකරුණ භාග්‍යවතුන් වහන්සේට සැළ කරමැයි හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වෙතට එළැඹියේය.
4. නන්දක සුත්තවණ්ණනා
4. නන්දක සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ උපට්ඨානසාලායන්ති භොජනසාලායං. යෙනුපට්ඨානසාලාති සත්ථා නන්දකත්ථෙරෙන මධුරස්සරෙන ආරද්ධාය ධම්මදෙසනාය සද්දං සුත්වා, “ආනන්ද, කො එසො උපට්ඨානසාලාය මධුරස්සරෙන ධම්මං දෙසෙතී”ති පුච්ඡිත්වා “ධම්මකථිකනන්දකත්ථෙරස්ස අජ්ජ, භන්තෙ, වාරො”ති සුත්වා “අතිමධුරං කත්වා, ආනන්ද, එසො භික්ඛු ධම්මං කථෙති, මයම්පි ගන්ත්වා සුණිස්සාමා”ති වත්වා යෙනුපට්ඨානසාලා තෙනුපසඞ්කමි. බහිද්වාරකොට්ඨකෙ අට්ඨාසීති ඡබ්බණ්ණරස්මියො චීවරගබ්භෙ පටිච්ඡාදෙත්වා අඤ්ඤාතකවෙසෙන අට්ඨාසි. කථාපරියොසානං ආගමයමානොති “ඉදමවොචා”ති ඉදං කථාවසානං උදික්ඛමානො ධම්මකථං සුණන්තො අට්ඨාසියෙව. අථායස්මා ආනන්දො නික්ඛන්තෙ පඨමෙ යාමෙ සත්ථු සඤ්ඤං අදාසි – “පඨමයාමො අතික්කන්තො, භන්තෙ, ථොකං විස්සමථා”ති. සත්ථා තත්ථෙව අට්ඨාසි. අථායස්මා ආනන්දො මජ්ඣිමයාමෙපි නික්ඛන්තෙ, “භන්තෙ, තුම්හෙ පකතියා ඛත්තියසුඛුමාලා, පුන බුද්ධසුඛුමාලාති පරමසුඛුමාලා, මජ්ඣිමයාමොපි අතික්කන්තො, මුහුත්තං විස්සමථා”ති ආහ. සත්ථා තත්ථෙව අට්ඨාසි. තත්ථ ඨිතකස්සෙවස්ස අරුණග්ගං පඤ්ඤායිත්ථ. අරුණුග්ගමනඤ්ච ථෙරස්ස “ඉදමවොචා”ති පාපෙත්වා කථාපරියොසානඤ්ච දසබලස්ස ඡබ්බණ්ණසරීරස්මිවිස්සජ්ජනඤ්ච එකප්පහාරෙනෙව අහොසි. අග්ගළං ආකොටෙසීති අග්ගනඛෙන ද්වාරකවාටං ආකොටෙසි.
සිවුවැන්නෙහි උපට්ඨානසාලායං යනු බොජුන් හලෙහිය, යෙනුපට්ඨානසාලා යනු ශාස්තෲන් වහන්සේ නන්දක තෙරුන් විසින් මිහිරි හඬින් අරඹන ලද දම්දෙසුමේ හඬ අසා ආනන්දය, කවරෙක් උවටැන්හලෙහි මිහිරි නදින් දම්දෙසත්දැයි අසා ස්වාමීනි අද ධර්මකථික නන්දක තෙරුන්ගේ වාරයයි අසා ආනන්දය මේ භික්ෂුව ඉතා මිහිරිකොට දම් දෙසයි. මම ද ගොස් අසන්නෙමැයි කියා උවටැන්හල යම්තැනක ද එතැනට වැඩිසේක. බහිද්වාරකොට්ඨකෙ අට්ඨාසි යනු සවණක් රැස් සිවුරු ගැබෙහි සඟවා අප්‍රකට වේශයෙන් සිටිසේක. කථාපරියොසානං ආගමයමානො යනු මෙසේ කීවේයයි මේ කථාවසානය බලාපොරොත්තු වෙමින් ධර්මකථාව අසමින් සිටිසේක්මය. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙමේ පළමු යාමය නික්මෙන කල්හි ශාස්තෲන් වහන්සේට සංඥාවක් දුන්නේය. ස්වාමීනි පළමුයම ඉක්මිණ. මඳ වෙලාවක් විශ්‍රාම ගනු මැනව යනුවෙනි. ශාස්තෲන් වහන්සේ එසේ සිටිසේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙමේ මැදුම්යම ද නික්මුණු කල්හි ස්වාමීනි නුඹවහන්සේ ස්වභාවයෙන්ම ක්ෂත්රියකු වශයෙන් සියුමැලිය, බුදුවරයකු වශයෙන් ද සියුමැලිය. බෙහෙවින්ම සියුමැලිය. මැදුම්යම ද ඉක්මිණි. මොහොතක් විශ්‍රාමගනු මැනවැයි කීවේය. ශාස්තෲන් වහන්සේ එසේම සිටිසේක. උන්වහන්සේ සිටගෙන සිටියදීම අරුණ නැඟීම පෙනිණ. අරුණ නැඟීම ද “මෙසේ කීවේය” යනුවෙන් පමුණුවා තෙරුන්ගේ කථාවසානය ද තථාගතයන් වහන්සේගේ සවණක් රැස් විසිරීයාම එකවිටම වූයේය. අග්ගළං ආකොටෙසි යනු නියතුඩින් දොරකවුළුවට තට්ටු කළේය.
සාරජ්ජමානරූපොති හරායමානො ඔත්තප්පමානො. දොමනස්සසාරජ්ජං පනස්ස නත්ථි. එත්තකම්පි නො නප්පටිභාසෙය්යාති පටිසම්භිදාප්පත්තස්ස අප්පටිභානං නාම නත්ථි. එත්තකම්පි න කථෙය්යන්ති දස්සෙති. සාධු සාධූති ථෙරස්ස ධම්මදෙසනං සම්පහංසන්තො ආහ. අයඤ්හෙත්ථ අත්ථො “සුගහිතා ච තෙ ධම්මදෙසනා සුකථිතා චා”ති. කුලපුත්තානන්ති ආචාරකුලපුත්තානඤ්චෙව ජාතිකුලපුත්තානඤ්ච. අරියො ච තුණ්හිභාවොති දුතියජ්ඣානසමාපත්තිං සන්ධායෙවමාහ. අධිපඤ්ඤාධම්මවිපස්සනායාති සඞ්ඛාරපරිග්ගහවිපස්සනාඤාණස්ස. චතුප්පාදකොති අස්සගොණගද්රභාදිකො. ඉදං වත්වාති ඉමං චතූහඞ්ගෙහි සමන්නාගතං ධම්මං කථයිත්වා. විහාරං පාවිසීති ගන්ධකුටිං පවිට්ඨො.
සාරජ්ජායමානරූපො යනු ලජ්ජා වනු ලබන්නේ බියවනු ලබන්නේයි, දොම්නසින් ලජ්ජාබියට පැමිණිමක් ඔහුට නැත. එත්තකම්පි නො නප්පටිභාසෙය්යං යන පිළිසිඹියාපත් වූවහුට අප්රතිභානයක් නම් නැත. මපමණක් නොකියන්නෙමැයි දක්වයි. සාධු සාධු යනු තෙරුන්ගේ දම්දෙසුම සතුටුවෙමින් පැවසූ සේක. මේ මෙහි අර්ත්ථයයි “ඔබගේ දම්දෙසුම මනාව ගන්නා ලදි. මනාව දෙසන ලදි” යනුයි. කුලපුත්තා නං යනු හැසිරීමෙන් කුල පුත්‍රයන්ගේ මෙන්ම ජාතියෙන් කුලපුත්රයන්ගේයි, අරියො වා තුණ්හීභාවො යනු ද්විතීය ධ්‍යාන සමාපත්තියම සඳහා කීවේය. අධිපඤ්ඤාධම්මවිපස්සනාය යනු සංස්කාර විමර්ශනය කරන විදර්ශනා ඥානයාගේයි, චතුප්පාදකො යනු අශ්ව, ගෝණ, බූරු ආදී යම්කිසිවෙකි, ඉදං වත්වා යනු මේ සතර අංගයකින් යුක්ත ධර්මය කියායි, විහාරං පාවිසි යනු ගඳකිළියට පිවිසි සේක.
කාලෙන ධම්මස්සවනෙති කාලෙ කාලෙ ධම්මස්සවනස්මිං. ධම්මසාකච්ඡායාති පඤ්හකථාය. ගම්භීරං අත්ථපදන්ති ගම්භීරං ගුළ්හං රහස්සං අත්ථං. පඤ්ඤායාති සහවිපස්සනාය මග්ගපඤ්ඤාය. සම්මසනපටිවෙධපඤ්ඤාපි උග්ගහපරිපුච්ඡාපඤ්ඤාපි වට්ටතියෙව. පත්තො වා පජ්ජති වාති අරහත්තං පත්තො වා පාපුණිස්සති වාති එවං ගුණසම්භාවනාය සම්භාවෙති. අප්පත්තමානසාති අප්පත්තඅරහත්තා, අරහත්තං වා අප්පත්තං මානසං එතෙසන්තිපි අප්පත්තමානසා. දිට්ඨධම්මසුඛවිහාරන්ති එත්ථ දිට්ඨධම්මසුඛවිහාරො ලොකියොපි වට්ටති ලොකුත්තරොපි.
කාලෙන ධම්මසවනෙ යනු කලින් කලට දහම් ඇසීමෙහිය, ධම්මසාකච්ඡාය යනු ප්‍රශ්න කථාවගේයි, ගමභීරං අත්ථපදං යනු ගැඹුරු ගුඪ, රහසිගතවූයි, පඤ්ඤාය යනු විදර්ශනා සහිත මාර්ගප්රඥාවගේයි, සම්මර්ශප්රතිවේධ ප්‍රඥාවත් ඉගෙනීම් විමසීම් ප්‍රඥාවත් ගැලපේමය. පත්තො වා පච්ඡති වා යනු රහත් බවට පැමිණියේ හෝ පැමිණෙන්නේ හෝයි මෙසේ ගුණ ගෞරවයෙන් ගෞරව කරයි, අප්පත්තමානසා යනු නොපත් රහත් බවයි, නොපත් අරහත්බව ඇති මනස මොවුන්ගේනුයි අප්පත්තමානසා නමි. දිට්ඨධම්මසුඛවිහාරං යනු මෙහි ඉහාත්මයෙහි සැප විහරණය ලෞකික වූයේ ද ලෝකෝත්තරවූයේ ද වටියි.
5. බලසඞ්ගහවත්ථු සුත්තවණ්ණනා
5. බලසඞ්ගහවත්ථු සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ අවිජ්ජාකොසජ්ජසාවජ්ජඅස්සද්ධියෙසු අකම්පනතො පඤ්ඤාබලාදීනි දට්ඨබ්බානි. අකුසලසඞ්ඛාතාති අකුසලාති ඤාතා. එස නයො සබ්බත්ථ. නාලමරියාති අරියභාවං කාතුං අසමත්ථා, අරියානං වා අනනුච්ඡවිකා. වොදිට්ඨාති සුට්ඨු දිට්ඨා. වොචරිතාති මනොද්වාරෙ සමුදාචාරප්පත්තා. අත්ථිකස්සාති ධම්මදෙසනාය අත්ථිකස්ස. ආජීවිකාභයන්ති ජීවිතවුත්තිභයං. අසිලොකභයන්ති ගරහාභයං. පරිසාසාරජ්ජභයන්ති පරිසං පත්වා සාරජ්ජං ඔක්කමනභයං. ඉමස්මිං සුත්තෙ වට්ටවිවට්ටං කථිතං.
පස්වැන්නෙහි අවිද්‍යාව කුසීත බව වැරදි සහිත බව සැදැහැනැති බව යනාදියෙහි නොසැලීමෙන් ප්රඥාබලාදිය දැක්විය යුතුය, අකුසලසංඛාතා යනු අකුසලයයි දන්නා ලද්දාවූයි, සියලු තැන්හි මේ ක්‍රමයයි. නාලමරියා යනු ආර්‍ය්‍යභාවය කිරීමට අසමත්වූවෝයි, ආර්‍ය්‍යයන්ට හෝ නුසුදුස්සෝයි, වොදිට්ඨා යනු මනාව දක්නා ලද්දාවූයි, වොචරිතා යනු මනොද්වාරයෙහි හැසිරීමට පැමිණියාවූයි, අත්ථිකස්ස යනු ධර්මදේශනාව අවශ්යවූවහුටයි, ආජීවිකභයං යනු ජීවිකාවෘත්තියට ඇතිබියයි. අසිලොකභයං යනු නින්දාවට ඇති බියයි. පරිසසාරජ්ජභයං යනු පිරිසට පැමිණ බියසුලු බවට පැමිණීමේ බියයි, මේ සූත්‍රයෙහි සසර හා නිවන කියන ලදි.
6. සෙවිතබ්බාසෙවිතබ්බ සුත්තවණ්ණනා
6. සෙවිතබ්බාසෙවිතබ්බ සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ ජීවිතපරික්ඛාරාති ජීවිතසම්භාරා. සමුදානෙතබ්බාති සමාහරිතබ්බා. කසිරෙන සමුදාගච්ඡන්තීති දුක්ඛෙන උප්පජ්ජන්ති. රත්තිභාගං වා දිවසභාගං වාති එත්ථ රත්තිභාගෙ ඤත්වා රත්තිභාගෙයෙව පක්කමිතබ්බං, රත්තිං චණ්ඩවාළාදිපරිපන්ථෙ සති අරුණුග්ගමනං ආගමෙතබ්බං. දිවසභාගෙ ඤත්වා දිවා පක්කමිතබ්බං, දිවා පරිපන්ථෙ සති සූරියත්ථඞ්ගමනං ආගමෙතබ්බං. සඞ්ඛාපීති සාමඤ්ඤත්ථස්ස භාවනාපාරිපූරිආගමනං ජානිත්වා. සො පුග්ගලොති පදස්ස පන “නානුබන්ධිතබ්බො”ති ඉමිනා සම්බන්ධො. අනාපුච්ඡාති ඉධ පන තං පුග්ගලං අනාපුච්ඡා පක්කමිතබ්බන්ති අත්ථො. අපි පනුජ්ජමානෙනාති අපි නික්කඩ්ඪියමානෙන. එවරූපො හි පුග්ගලො සචෙපි දාරුකලාපසතං වා උදකඝටසතං වා වාලිකාඝටසතං වා දණ්ඩං ආරොපෙති, මා ඉධ වසීති නික්කඩ්ඪාපෙති වා, තං ඛමාපෙත්වාපි යාවජීවං සො අනුබන්ධිතබ්බොව, න විජහිතබ්බො.
සවැන්නෙහි ජීවිතපරික්ඛාරා යනු ජීවිත මෙවලම්ය, සමුදානෙතබ්බා යනු පැමිණවිය යුතුය, කසිරෙන සමුදාගච්ඡන්ති යනු දුකසේ උපදිත්, රත්තිභාගං වා දිචසභාගං වා යන මෙහි රාත්‍රී කාලයන් දැන රෑ කල්හිම පැමිණිය යුතුය, රාත්‍රියෙහි දරුණු සතුන් ආදීන්ගෙන් උවදුරක් ඇතිවිට අරුණ නැගීමෙහිදී ආයුතුය. දහවල් කාලය දැන දහවලෙහි පැමිණිය යුතුය. දහවල උවදුරු ඇතිවිට හිරු බැස යනවිට පැමිණිය යුතුය. සඞ්ඛාපි යනු ශ්‍රමණ බව සඳහා භාවනා සපිරෙන පැමිණීම දැනයි, සො පුග්ගලා යන පදයට නානුබන්ධිතබ්බො යන මෙයින් සම්බන්ධය වේ, අනාපුච්ඡා යන මෙහි වනාහි ඒ පුද්ගලයා නොවිමසා පැමිණිය යුතුයයි අර්ත්ථයයි, අපි පනුජ්ජමානෙන යනු ඇද ඉවතට දමන්නහු විසිනි. මෙබඳු වූ පුද්ගල තෙමේ ඉදින් දරගොඩවල් සියයක හෝ දියකළ සියයක හෝ වැළි අමුණු සියයක හෝ දඬුවමක් පමුණුවයි, මෙහි නොවිසුවයි ඇද ඉවතට දමවයි ද ඔහු ක්ෂමා කරවා ද දිවි ඇති තෙක් හෙතෙම එහි බැඳිය යුත්තේමය, නොඅත්හළ යුත්තේය.
7. සුතවාපරිබ්බාජක සුත්තවණ්ණනා
7. සුතවාපරිබ්බාජක සූත්‍ර වර්ණනාව
සත්තමෙ පඤ්ච ඨානානි අජ්ඣාචරිතුන්ති පඤ්ච කාරණානි අතික්කමිතුං. පාණන්ති අන්තමසො කුන්ථකිපිල්ලිකං. අදින්නන්ති අන්තමසො තිණසලාකම්පි පරසන්තකං. ථෙය්යසඞ්ඛාතන්ති ථෙය්යචිත්තෙන. සන්නිධිකාරකං කාමෙ පරිභුඤ්ජිතුන්ති සන්නිධිං කත්වා ඨපෙත්වා වත්ථුකාමකිලෙසකාමෙ පරිභුඤ්ජිතුං අභබ්බො. අකප්පියං කාමගුණං සන්ධායෙතං වුත්තං. බුද්ධං පච්චක්ඛාතුන්ති “න බුද්ධො අය”න්ති එවං පටික්ඛිපිතුං. ධම්මාදීසුපි එසෙව නයො. එවං තාව අට්ඨකථාය ආගතං. පාළියං පන ඉමස්මිං සුත්තෙ අගතිගමනානි කථිතානි.
සත්වැන්නෙහි පඤ්ච ඨානානි අජ්ඣාචරිතුං යනු කරුණු පසක් ඉක්මවීමටයි, පාණං යනු යටත් පිරිසෙයින් කුරා කුහුඹුවකුයි, අදින්නං යනු යටත් පිරික්සයින් තණපතක් වූ අන්සතු දෙයයි, ථෙය්යසඞ්ඛාතං යනු සොර සිතෙනි, සන්නිධිකාරකං කාමෙ පරිභුඤ්ජිතුං යනු සමීපයෙහි කොට තබාගෙන වස්තුකාම ක්ලේශකාමයන් විඳීමට නොසුදුසු වූයේයි, නොකැප කාමගුණයන් සඳහා මෙය කියන ලදි. බුද්ධං පච්චක්ඛාතුං යනු මෙතෙම බුදු නොවේයි ප්‍රතික්ෂේප කිරීමටයි, ධර්මාදියෙහි ද මේ ක්‍රමයයි. මෙසේ මෙතෙක් අටුවාවෙහි ආයේයි. පෙළෙහි වනාහි මේ සූත්‍රයෙහි අගතිගමන් කියනලදි.
8-10. සජ්ඣපරිබ්බාජක සුත්තාදිවණ්ණනා
8-10. සජ්ඣපරිබ්බාජක ආදි සූත්‍ර වර්ණනා
අට්ඨමෙ බුද්ධාදීනං පච්චක්ඛානං කථිතං. නවමෙ පුථුජ්ජනෙන සද්ධිං ගහිතත්තා “ආහුනෙය්යා”ති වුත්තං. දසමෙ ගොත්රභූති සොතාපත්තිමග්ගස්ස අනන්තරපච්චයෙන සිඛාපත්තබලවවිපස්සනාචිත්තෙන සමන්නාගතො. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
අටවැන්නෙහි බුද්ධාදීන් පිළිබඳ ප්‍රත්‍යාඛ්‍යානය කියනලදි. නවවැන්නෙහි පෘථග්ජනයකු සමඟ ගත් බැවින් ආහුනෙය්යයි කියනලදි. දසවැන්නෙහි ගොත්රභූ යනු සෝවාන් මගට අනතුරු ප්‍රත්‍යය වූ මුදුන්පත් බලවත් විදසුන් සිතින් යුක්ත වූයේයි. සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
සම්බොධවග්ගො පඨමො.
පළමු සම්බොධ වර්ගයයි.