යෙදුමෙන් කියවන්න

මෙඝිය සුත‍්තං

9. 1. 1. 3.

9. 1. 3. 3.

මෙඝිය සුත‍්තං

මේඝිය සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා චාලිකායං විහරති චාලිකාය පබ‍්බතෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා මෙඝියො භගවතො උපට‍්ඨාකො හොති, අථ ඛො ආයස‍්මා මෙඝියො යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතො ඛො ආයස‍්මා මෙඝියො භගවන‍්තං එතදවොච: ඉච‍්ඡාමහං භන‍්තෙ, ජන‍්තුගාමං පිණ‍්ඩාය පවිසිතුන‍්ති. යස‍්සදානි ත්‍වං මෙඝිය කාලං මඤ‍්ඤසීති.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චාලිකා නගරසමීපයෙහි වූ චාලිකාපර්‍වතයෙහි වාසය කරන සේක. එසමයෙහි ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වෙයි. එකල්හි ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් වෙත එළඹියේය. එළැඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන්හට තෙල සැළකළේය. වහන්ස, මම ජන්තුග්‍රාමයට පිඬු පිණිස වඩනට කැමැති යෙමි යි. මේඝිය යමක් පිණිස තෝ දැන් කලැයි හඟනේ නම් එය කරවයි.

අථ ඛො ආයස‍්මා මෙඝියො පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය ජන‍්තුගාමං පිණ‍්ඩාය පාවිසි: ජන‍්තුගාමෙ පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො යෙන කිමිකාලාය නදියා තීරං තෙනුපසඞ‍්කමි. අද‍්දසා ඛො ආයස‍්මා මෙඝියො කිමිකාලාය නදියා තීරෙ ජඞ‍්ඝාවිහාරං අනුචඞ‍්කමමානො අනුවිචරමානො අම‍්බවනං පාසාදිකං රමණීයං. දිස‍්වානස‍්ස එතදහොසි: පාසාදිකං වතිදං අම‍්බවනං රමණීයං, අලං වතිදං කුලපුත‍්තස‍්ස පධානත්‍ථිකස‍්ස පධානාය. සචෙ මං භගවා අනුජානෙය්‍ය, ආගච‍්ඡෙය්‍යාහං ඉමං අම‍්බවනං පධානායාති.

එකල්හි ආයුෂ්මත් මේඝිය ස්ථවිර පෙරවරුයෙහි හැඳ පෙරවැ පාසිවුරු ගෙන ජන්තුග්‍රාමයට පිඬු පිණිස පිවිසියේය. ජන්තුග්‍රාමයෙහි පිඬු පිණිස හැසිර පසුබත්හි පිඬුවායෙන් පෙරළා පැමිණියේ කිමිකාලා නදී තීරය යම් තැනෙක්හි ද එහි එළඹියේය. ආයුෂ්මත් මේඝිය ස්ථවිර තෙම කිමිකාලා නදී තීරයෙහි ජඞ්ඝාවිහරණයෙන් සක්මන් කරනුයේ අනුවිචරණය කරනුයේ පහන් එළවන රමණී අඹවනයක් දිටී. දැක ඔහුට මෙ සිත වී: එකතින් මේ අඹවනය පහන් එළවයි, රමණී වෙයි. එකතින් මෙය ප්‍රධන්වීර්‍ය්‍ය වඩනු කැමැති කුලපුතක්හුගේ ප්‍රධන් වැඩීම පිණිස සුදුසු ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මා අනුදන්නා සේක් නම් ප්‍රධන් පිණිස මම මේ අඹවනයට එමැයි.

අථ ඛො ආයස‍්මා මෙඝියො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා මෙඝියො භගවන‍්තං එතදවොච: ඉධාහං භන‍්තෙ පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය ජන‍්තුගාමං පිණ‍්ඩාය පාවිසිං. ජන‍්තුගාමෙ පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො යෙන කිමිකාලාය නදියා තීරං තෙනුපසඞ‍්කමිං.

ඉක්බිති ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේය. එළැඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේය: වහන්ස, මෙහි මම පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පා සිවුරු ගෙන ජන්තුග්‍රාමයට පිඬු පිණිස වන්මි. ජන්තුග්‍රාමයෙහි පිඬු පිණිස හැසිර පසු බත්හි පිඬුවායෙන් පෙරළා පැමිණියෙම් කිමිකාලා නදී තීරයට එළැඹියෙමි.

අද‍්දසං ඛො අහං භන‍්තෙ, කිමිකාලාය නදියා තීරෙ ජඞ‍්ඝාවිහාරං අනුචඞ‍්කමමානො අනුවිචරමානො අම‍්බවනං පාසාදිකං රමණීයං, දිස‍්වාන මෙ එතදහොසි: පාසාදිකං වතිදං අම‍්බවනං රමණීයං, අලං වතිදං කුලපුත‍්තස‍්ස පධානත්‍ථිකස‍්ස පධානාය. සචෙ මං භගවා අනුජානෙය්‍ය ආගච‍්ඡෙය්‍යාහං ඉමං අම‍්බවනං පධානායාති. සචෙ මං භගවා අනුජානෙය්‍ය ගච‍්ඡෙය්‍යාහං තං අම‍්බවනං පධානායාති.

වහන්ස, කිමිකාලා නදී තීරයෙහි ජඞ්ඝාවිහාරයෙන් මම සක්මන් කරනුයෙම් අනුසඤ්චරණ කරනුයෙම් පහන් එළවන රමණී අඹවනයක් දිටිමි. දැක මට මෙ සිත විය. එකතින් මේ අඹවනය පහන් එළවන්නෙකි, රමණී වෙයි, ප්‍රධානාර්ත්‍ථී වූ කුලපුතක්හට ප්‍රධන් පිණිස සුදුසු ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මා අනුදන්නා සේක් නම් ප්‍රධන් පිණිස මම මේ අඹවනයට එමි යි. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මා අනුදන්නා සේක් නම් මම ඒ අඹවනයට ප්‍රධන් පිණිස යෙමි යි.

ආගමෙහි තාව මෙඝිය, එකකම‍්හා තාව යාව අඤ‍්ඤාපි කොචි භික‍්ඛු ආගච‍්ඡතීති.

මේඝිය ය, මඳකලක් බලව, (අපි) එකලා වම්හ. අන්කිසි මහණක්හු එන තාක් බල.

දුතියම‍්පි ඛො ආයස‍්මා මෙඝියො භගවන‍්තං එතදවොච: භගවතො භන‍්තෙ, නත්‍ථි කිඤ‍්චි උත‍්තරිං කරණීයං, නත්‍ථි කතස‍්ස පතිචයො. මය‍්හං ඛො පන භන‍්තෙ, අත්‍ථි උත‍්තරිං කරණීයං, අත්‍ථි කතස‍්ස පතිචයො. සචෙ මං භගවා අනුජානෙය්‍ය, ගච‍්ඡෙය්‍යාහං තං අම‍්බවනං පධානායාති.

දෙවන වරටත් ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් හට තෙල සැල කළේය: වහන්ස, භාග්‍යවතුන්ට මතුයෙහි කටයුතු කිසිවක් නැත. කෘතයක්හුගේ පුනපුනා කිරීමෙක් නැති. වහන්ස, මට වැලිත් මතුයෙහි කරණී ඇත. කළ දැයක්හුගේ පුනපුනා කිරීමෙක් ඇති. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මා අනුදන්නා සේක් නම් මම ඒ අඹවනයට ප්‍රධන් පිණිස යන්නෙමැ යි.

ආගමෙහි තාව මෙඝිය, එකකම‍්හා තාව යාව අඤ‍්ඤොපි කොචි භික‍්ඛු ආගච‍්ඡතීති.

මේඝිය ය, මඳකලක් බලව, (අපි) එකලා වම්හ. අන්කිසි මහණක්හු එන තාක් බල.

තතියම‍්පි ඛො ආයස‍්මා මෙඝියො භගවන‍්තං එතදවොච: භගවතො භන‍්තෙ, නත්‍ථි කිඤ‍්චි උත‍්තරිං කරණීයං, නත්‍ථි කතස‍්ස වා පතිචයො. මය‍්හං ඛො පන භන‍්තෙ, අත්‍ථි උත‍්තරිං කරණීයං, අත්‍ථි කතස‍්ස පතිචයො. සචෙ මං භගවා අනුජානෙය්‍ය, ගච‍්ඡෙය්‍යාහං තං අම‍්බවනං පධානායාති.

තෙවන වරටත් ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් හට තෙල සැල කළේය: වහන්ස, භාග්‍යවතුන්ට මතුයෙහි කටයුතු කිසිවක් නැත. කෘතයක්හුගේ පුනපුනා කිරීමෙක් නැති. වහන්ස, මට වැලිත් මතුයෙහි කරණී ඇත. කෘතයාගේ පුනපුනා කිරීමෙක් ඇති. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මා අනුදන්නා සේක් නම් මම ඒ අඹවනයට ප්‍රධන් පිණිස යෙමි යි.

පධානන‍්ති ඛො මෙඝිය වදමානං කින‍්ති වදෙය්‍යාම, යස‍්සදානි ත්‍වං මෙඝිය කාලං මඤ‍්ඤසීති.

මේඝිය, ප්‍රධන් ය යි කියනුව හට කුමැයි කියමෝ ද? මේඝිය, තෝ දැන් යමක් සඳහා කලැයි හඟිහි නම් එය කර.

අථ ඛො ආයස‍්මා මෙඝියො උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා යෙන තං අම‍්බවනං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තං අම‍්බවනං අජ‍්ඣොගාහෙත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. අථ ඛො ආයස‍්මතො මෙඝියස‍්ස තස‍්මිං අම‍්බවනෙ විහරන‍්තස‍්ස යෙභුය්‍යෙන තයො පාපකා අකුසලා විතක‍්කා සමුදාචරන‍්ති. සෙය්‍යථීදං: කාමවිතක‍්කො ව්‍යාපාදවිතක‍්කො විහිංසාවිතක‍්කො. අථ ඛො ආයස‍්මතො මෙඝියස‍්ස එතදහොසි: අච‍්ඡරියං වත භො, අබ‍්භුතං වත භො, සද‍්ධාය වත චම‍්හි අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො. අථ ච පන ඉමෙහි තීහි පාපකෙහි අකුසලෙහි විතක‍්කෙහි අන්‍වාසත‍්තො කාමවිතක‍්කෙන ව්‍යාපාදවිතක‍්කෙන විහිංසාවිතක‍්කෙනාති.

එකල්හි ආයුෂ්මත් මේඝිය හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් සකසා වැඳ පැදකුණු කොට ඒ අඹවනය කරා එළඹියේය. එළැඹ ඒ අඹවනයට වැද ගෙන එක්තරා රුක්මුලෙක දිවාවිහාර පිණිස හුන්නේය. ඉක්බිති ඒ අඹ වෙනෙහි වෙසෙන ආයුෂ්මත් මේඝිය ස්ථවිරහට බෙහෙවින් තුන් ලාමක අකුශල විතර්‍කයෝ පහළ වෙති. එනම්; කාමවිතර්‍ක, ව්‍යාපාදවිතර්‍කය, විහිංසා විතර්‍ක යි. එකල්හි ආයුෂ්මත් මේඝිය ස්ථවිරහට මෙ සිත වීය: භවත්නි, එකැතින් ආශ්චර්‍ය්‍ය යි. භවත්නි, එකැතින් අද්භූත යි. එකැතින් මම සැදැහැයෙන් ගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වූයෙම් වෙමි. වැලිත් කාම විතර්‍කයෙන් ව්‍යාපාද විතර්‍කයෙන් විහිංසා විතර්‍කයෙනැයි මේ තුන් ලමු අකුශල විතර්‍කයන් විසින් ලුහුබැඳියෙම් වෙමි.

අථ ඛො ආයස‍්මා මෙඝියො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා මෙඝියො භගවන‍්තං එතදවොච: ඉධ මය‍්හං භන‍්තෙ තස‍්මිං අම‍්බවනෙ විහරන‍්තස‍්ස යෙභුය්‍යෙන තයො පාපකා අකුසලා විතක‍්කා සමුදාචරන‍්ති. සෙය්‍යථීදං: කාමවිතක‍්කො ව්‍යාපාදවිතක‍්කො විහිංසාවිතක‍්කො. තස‍්ස මය‍්හං භන‍්තෙ, එතදහොසි: අච‍්ඡරියං වත භො, අබ‍්භුතං වත භො, සද‍්ධාය වතචම‍්හී අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො. අථ ච පනිමෙහි තීහි පාපකෙහි අකුසලෙහි විතක‍්කෙහි අන්‍වාපත‍්තො කාමවිතක‍්කෙන ව්‍යාපාදවිතක‍්කෙන විහිංසාවිතක‍්කෙනාති.

ඉක්බිති ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළැඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් ආයුෂ්මත් මේඝිය ස්ථවිර භගවත්හට තෙල සැල කළේය: වහන්ස, මෙහි එ අඹවනයෙහි වසන මට බෙහෙවින් කාම විතර්‍කය, ව්‍යාපාද විතර්‍කය, විහිංසා විතර්‍කය යන තුන් ලමු අකුශල විතර්‍කයෝ පහළ වෙත්. වහන්ස, ඒ මට මෙ සිත විය. භවත්නි, එකතින් ආශ්චර්‍ය්‍ය ය. භවත්නි, එකතින් අද්භූත ය. ගෙන් නික්ම අනගාරිය සස්නෙහි පැවිදි වූයෙම් සැදැහැයෙන් වෙමි. වැලිත් කාම විතර්‍කයෙන, ව්‍යාපාද විතර්‍කයෙන, විහිංසා විතර්‍කයෙනැයි මේ තුන් ලමු අකුශල විතර්‍කයෙන් ලුහුබැඳියෙම් වෙමි.

අපරිපක‍්කාය මෙඝිය චෙතොවිමුත‍්තියා පඤ‍්චධම‍්මා පරිපක‍්කාය සංවත‍්තන‍්ති. කතමෙ පඤ‍්ච:

මේඝිය ය, නො මුහුකළ චිත්තවිමුක්තිහුගේ මුහුකිරීම පිණිස පඤ්චධර්‍ම කෙනෙක් වෙති. කවර පසෙක යත්:

1. ඉධ මෙඝිය, භික‍්ඛු කල්‍යාණමිත‍්තො හොති කල්‍යාණසහායො කල්‍යාණසම‍්පවඞ‍්කො. අපරිපක‍්කාය මෙඝිය චෙතො විමුත‍්තියා අයං පඨමො ධම‍්මො පරිපක‍්කාය සංවත‍්තති.

1. මේඝිය, මේ සස්නෙහි මහණ කලණමිතුරන් ඇතියේ කලණ යහළුවන් ඇතියේ කලණ යහළුවන් කෙරෙහි නැඹුරු වූයේ වෙයි. මේඝිය ය, නො පිරිපැසුණු චිත්තවිමුත්තිහුගේ පරිපාකය පිණිස මේ පළමු දහම වෙයි.

2. පුන චපරං මෙඝිය භික‍්ඛු සීලවා හොති පාතිමොක‍්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම‍්පන‍්නො අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවී සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු අපරිපක‍්කාය මෙඝිය, චෙතොවිමුත‍්තියා අයං දුතියො ධම‍්මො පරිපක‍්කාය සංවත‍්තති.

2. මේඝිය, තවද මහණ සිල්වත් වූයේ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූයේ වෙයි. ආචාරගෝචරසම්පන්න වූයේ අණුමාත්‍රවද්‍යයෙහි භය දක්නා සුලු වැ වාස කෙරෙයි. සමාදන් කොට ගෙන සිකපදයන්හි හික්මෙයි. මේඝිය ය, නො පිරිපැසුණු චිත්තවිමුත්තිහුගේ පරිපාකය පිණිස මේ දෙවන ධර්‍මය වෙයි.

3. පුන චපරං මෙඝිය භික‍්ඛු යායං කථා අභිසල‍්ලෙඛිකා චෙතොවිවරණසප‍්පායා සෙය්‍යථීදං: අප‍්පිච‍්ඡකථා -පෙ- එවරූපියා කථාය නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභිං අපරිපක‍්කාය මෙඝිය, චෙතොවිමුත‍්තියා අයං තතියො ධම‍්මො පරිපක‍්කාය සංවත‍්තති.

3. මේඝිය ය, තවද මහණ යම් මේ කථාවක් ක්ලේශාභිලේඛනයට හිත ද, ශමථවිදර්‍ශනා චිත්තවිවරණයට සත්ප්‍රාය ද, එනම් අප්පිච්ඡකථාය ... විමුත්තිඤාණදස්සනකථා යි. එබඳු කථා කැමැති සේ ලබන සුලු සුවසේ ලබන සුලු විපුල ව ලබන සුලු වෙයි. මේඝිය ය, නො පිරිපැසුණු චිත්තවිමුත්තිහුගේ පරිපාකය පිණිස මේ තෙවන ධර්‍මය වෙයි.

4. පුන චපරං මෙඝිය භික‍්ඛු ආරද‍්ධවිරියො විහරති අකුසලානං ධම‍්මානං පහානාය, කුසලානං ධම‍්මානං උපසම‍්පදාය, ථාමවා දළ‍්හපරක‍්කමො අනික‍්ඛිත‍්තධුරො කුසලෙසු ධම‍්මෙසු. අපරිපක‍්කාය මෙඝිය චෙතොවිමුත‍්තියා අයං චතුත්‍ථො ධම‍්මො පරිපක‍්කාය සංවත‍්තති.

4. තවද මේඝිය ය, මහණ අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශල ධර්‍මයන්ගේ උපසම්පත් පිණිස ස්ථාම ඇතියේ දළපැරකුම් ඇතියේ කුශල ධර්‍මයන්හි නිඃක්‍ෂිප්ත ධුර ඇතියේ ඇරඹූ වැර ඇතියේ වෙසෙයි. මේඝිය ය, නො පිරිපැසුණු චිත්තවිමුත්තිහුගේ පරිපාකය පිණිස මේ සිවුවන ධර්‍මය වෙයි.

5. පුන චපරං මෙඝිය භික‍්ඛු පඤ‍්ඤවා හොති උදයත්‍ථගාමිනියා පඤ‍්ඤාය සමන‍්නාගතො අරියාය නිබ‍්බෙධිකාය සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමිනියා. අපරිපක‍්කාය මෙඝිය චෙතොවිමුත‍්තියා අයං පඤ‍්චමො ධම‍්මො පරිපක‍්කාය සංවත‍්තති.

5. තවද මේඝිය ය, මහණ උදයව්‍යගාමිනී වූ ආර්‍ය වූ නිර්වේදය ඇසුරු කළ මොනොවට දුඃඛක්‍ෂයට යන සුලු ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ පැණවත් වෙයි. මේඝිය ය, නොපිරිපැසුණු චිත්තවිමුත්තිහුගේ පරිපාකය පිණිස මේ පස්වන ධර්‍මය වෙයි.

කල්‍යාණමිත‍්තස‍්සෙතං මෙඝිය භික‍්ඛුනො පාටිකඞ‍්ඛං කල්‍යාණසහායස‍්ස කල්‍යාණසම‍්පවඞ‍්කස‍්ස සීලවා භවිස‍්සති පාතිමොක‍්ඛසංවරසංවුතො විහරිස‍්සති ආචාරගොචරසම‍්පන‍්නො අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවී සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු.

මේඝිය ය, කලණමිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණ මිතුරන් කෙරෙහි නැඹුරු වූ මහණහු විසින් තෙල කැමැති විය යුතු: ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ සිල්වත් වන්නේය. ආචාරගෝචර සම්පන්න වූයේ අණුමාත්‍රවද්‍යයෙහි බිය දක්නා සුලු වැ වාසය කරන්නේය. සමාදන් කොට ගෙන සිකපදයන්හි හික්මෙන්නේ ය කියා යි.

කල්‍යාණමිත‍්තස‍්සෙතං මෙඝිය භික‍්ඛුනො පාටිකඞ‍්ඛං කල්‍යාණසහායස‍්ස කල්‍යාණසම‍්පවඞ‍්කස‍්ස: යායං කථා අභිසල‍්ලෙඛිකා චෙතොවිවරණසප‍්පායා, සෙය්‍යථීදං; අප‍්පිච‍්ඡකථා -පෙ- විමුත‍්තිඤාණදස‍්සනකථා, එවරූපියා කථාය නිකාමලාභී භවිස‍්සති අකිච‍්ඡලාභී අකසිරලාභී.

මේඝිය ය, කලණමිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණ මිතුරන් කෙරෙහි නැඹුරු වූ මහණ විසින් තෙල කැමැති විය යුතු. අප්පිච්ඡකථා ය ... විමුත්තිඤාණදස්සනකථා යන අභිසල්ලේඛයට හිත වූ චිත්තවිවරණයට සත්ප්‍රාය වූ යම් මේ කථායෙක් වේ නම් එබඳු කථා කැමැති සේ ලබන සුලු, විපුලව ලබන සුලු, නිදුකින් ලබන සුලු වෙයි.

කල්‍යාණමිත‍්තස‍්සෙතං මෙඝිය භික‍්ඛුනො පාටිකඞ‍්ඛං කල්‍යාණසහායස‍්ස, කල්‍යාණසම‍්පවඞ‍්කස‍්ස ආරද‍්ධවිරියො විහරිස‍්සති -පෙ- කුසලෙසු ධම‍්මෙසු.

මේඝිය ය, කලණමිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණ මිතුරන් කෙරෙහි නැඹුරු වූ මහණහු විසින් තෙල කැමැති විය යුතු: කුසල් දහම් හි ... ඇරඹු වැර ඇතියේ වාස කරන්නේ ය කියා යි.

කල්‍යාණමිත‍්තස‍්සෙතං මෙඝිය භික‍්ඛුනො පාටිකඞ‍්ඛං කල්‍යාණසහායස‍්ස කල්‍යාණසම‍්පවඞ‍්කස‍්ස: පඤ‍්ඤවා භවිස‍්සති උදයත්‍ථගාමිනියා පඤ‍්ඤාය සමන‍්නාගතො අරියාය නිබ‍්බෙධිකාය සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමිනියා.

මේඝිය ය, කලණමිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණ මිතුරන් කෙරෙහි නැඹුරු වූ මහණහු විසින් තෙල කැමැති විය යුතු: උදයව්‍යයගාමිනී වූ ආර්‍ය වූ නිර්වේදයට හිත වූ මොනොවට දුඃඛක්‍ෂයට යන සුලු ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ පැණවත් වන්නේය කියා යි.

6-9 තෙන ච පන මෙඝිය භික‍්ඛුනො ඉමෙසු පඤ‍්චසු ධම‍්මෙසු පතිට‍්ඨාය චත‍්තාරො ධම‍්මා උත‍්තරිං භාවෙතබ‍්බා: අසුභා භාවෙතබ‍්බා රාගස‍්ස පහානාය, මෙත‍්තා භාවෙතබ‍්බා ව්‍යාපාදස‍්ස පහානාය, ආනාපානසති භාවෙතබ‍්බා විතක‍්කුපච‍්ඡෙදාය, අනිච‍්චසඤ‍්ඤා භාවෙතබ‍්බා අස‍්මිමානසමුග‍්ඝාතාය. අනිච‍්චසඤ‍්ඤිනො මෙඝිය අනත‍්තසඤ‍්ඤා සණ‍්ඨාති. අනත‍්තසඤ‍්ඤී අස‍්මිමානසමුග‍්ඝාතං පාපුණාති. දිට‍්ඨෙව ධම‍්මෙ නිබ‍්බානන‍්ති.

6-9 මේඝිය ය, එ මහණහු විසින් මේ පඤ්ච ධර්‍මයන්හි පිහිටා මතුයෙහි සතර ධර්‍ම කෙනෙක් වැඩිය යුතුවහ: රාගයාගේ ප්‍රහාණය පිණිස අසුභයෝ වැඩිය යුතුවහ. ව්‍යාපාදයාගේ ප්‍රහාණය පිණිස මෛත්‍රිය වැඩිය යුතු ය. විතර්‍කෝපච්ඡේදය පිණිස ආනාපානසතිය වැඩිය යුතුය. අස්මිමානසමුද්ඝාතය පිණිස අනිත්‍යසංඥා වැඩිය යුතු. මේඝිය, අනිත්‍යසංඥා ඇතියහුට අනාත්මසංඥා සිටුනේ ය. අනාත්මසංඥා ඇතියේ අස්මිමානසමුද්ඝාතයට පැමිණෙයි. ඉහාත්මයෙහි ම නිර්‍වාණයට පැමිණෙයි.