නන්දක සුත්තං
9. 1. 1. 4.
9. 1. 4. 4.
නන්දක සුත්තං
නන්දක සූත්‍රය
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා නන්දකො උපට්ඨානසාලායං භික්ඛු ධම්මියා කථාය සන්දෙස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරන සේක. එසමයෙහි ආයුෂ්මත් නන්දක ස්ථවිර උවටන්හල්හි දැහැමි කථායෙන් මහණුන්ට කරුණු දක්වයි, සමාදන් කරවයි, සමුත්තේජනා කරවයි. මොනොවට පහන් කරවයි.
අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන උපට්ඨානසාලං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා බහිද්වාරකොට්ඨකෙ අට්ඨාසි කථාපරියොසානං ආගමයමානො. අථ ඛො භගවා කථාපරියොසානං විදිත්වා උක්කාසිත්වා අග්ගලං ආකොටෙසි. විවරිංසු ඛො තෙ භික්ඛු භගවතො ද්වාරං. අථ ඛො භගවා උපට්ඨානසාලං පාවිසි. පවිසිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං නන්දකං එතදවොච: දීඝො ඛො ත්යායං නන්දක ධම්මපරියායො භික්ඛූනං පටිභාසි. අපි ච මෙ පිට්ඨි ආගිලායති බහිද්වාරකොට්ඨකෙ ඨිතස්ස කථාපරියොසානං ආගමයමානස්සාති.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වරුයෙහි පිළිසලනින් නැඟී සේක් උවටන්හල වෙත එළඹි සේක. එළැඹ බිහිදොරටුයෙහි කථාපර්‍ය්‍යවසානය බලන සේක් වැඩ සිටියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කථාපර්‍ය්‍යවසානය දැන කාරා දොරගුල පහළහ. එ මහණහු භගවත්නට දොර විවර කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන ශාලාවට පිවිසියහ. පිවිස පැන වූ අස්නෙහි හුන්හ. හිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්දකහට තෙල වදාළ සේක. නන්දකය, තාගේ මේ දීර්ඝධර්මපර්ය්යාය ය මහණුන්හට වැටහිණ. එතෙකුදු වුව බිහි දොරටුයෙහි කතා කෙළවර බලා සිටි මාගේ පිට රිදෙයි.
එවං වුත්තෙ ආයස්මා නන්දකො සාරජ්ජායමානරූපො භගවන්තං එතදවොච, න ඛො මය්හං භන්තෙ ජානාම භගවා බහිද්වාරකොට්ඨකෙ ඨිතොති. සචෙ හි මයං භන්තෙ ජානෙය්යාම භගවා බහිද්වාරකොට්ඨකෙ ඨිතොති එත්තකම්පි නො නප්පටිභාසෙය්යාති.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් නන්දක බියපත් සැහැවි ඇත්තේ භාග්‍යවතුනට තෙල සැල කළේය. වහන්ස, අපි භාග්‍යවතුන් බිහි දොරටුයෙහි සිටියහ යි නොදන්මු. වහන්ස, ඉදින් අපි භගවතුන් බිහි දොරටුයෙහි සිටියහ යි දත්තමෝ නම් අපට මෙ පමණකුදු නො වැටහේ යි (නො කියවෙන්නේ යි.)
අථ ඛො භගවා ආයස්මන්තං නන්දකං සාරජ්ජායමානරූපං විදිත්වා ආයස්මන්තං නන්දකං එතදවොච: සාධු සාධු නන්දක, එවං ඛො නන්දක, තුම්හාකං පතිරූපං කුලපුත්තානං සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතානං යං තුම්හෙ ධම්මියා කථාය සන්නිසීදෙය්යාථ. සන්නිපතිතානං වො නන්දක ද්වයං කරණීයං: ධම්මී වා කථා, අරියො වා තුණ්හීභාවො.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්දක ස්ථවිර බියපත් සැහැවි ඇතියහු දැන ආයුෂ්මත් නන්දක හට තෙල වදාළ සේක. නන්දකය, මැනවි මැනවි. නන්දකය, කුලපුත්‍ර වූ සැදැහැයෙන් ගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වූ තොපට යම් හෙයකින් මෙබඳු දැහැමි කථායෙන් තෙපි හිඳිනහු නම් එය සුදුසු වෙයි. නන්දකය රැස් වූ තොප විසින් කටයුතු දෙකෙකි. දැහැමි කථාව හෝ ආර්‍ය්‍යතුෂ්ණීම්භාවය හෝ යි.
සද්ධො ච නන්දක භික්ඛු හොති නො ච සීලවා, එවං සො තෙනඞ්ගෙන අපරිපූරො හොති. තෙන තං අඞ්ගං පරිපූරෙතබ්බං: කින්තාහං සද්ධො ච අස්සං සීලවා චාති. යතො ච ඛො නන්දක, භික්ඛු සද්ධො ච හොති සීලවා ච, එවං සො තෙනඞ්ගෙන පරිපූරො හොති.
නන්දකය, මහණ සැදැහැතියේ වෙයි. සිල්වත් නො ද වෙයි. මෙසේ හේ ඒ කරුණින් අපරිපූර්ණ වෙයි. ඔහු විසින් එකරුණ පිරිය යුතු: කවර උපායෙන් මම සැදැහැතියෙම් ද සිල් ඇතියෙම් ද වෙමි යි. නන්දකය, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් වේ ද, මෙසේ හේ එකරුණින් පරිපූර්ණ වෙයි.
සද්ධො ච නන්දක භික්ඛු හොති සීලවා ච, නො ච ලාභී අජ්ඣත්තං චෙතොසමථස්ස. එවං සො තෙනඞ්ගෙන අපරිපූරො හොති. තෙන තං අඞ්ගං පරිපූරෙතබ්බං: කිං තාහං සද්ධො ච අස්සං සීලවා ච ලාභී ච අජ්ඣත්තං චෙතොසමථස්සාති. යතො ච ඛො නන්දක භික්ඛු සද්ධො ච හොති සීලවා ච, ලාභී ච අජ්ඣත්තං චෙතොසමථස්ස, එවං සො තෙනඞ්ගෙන පරිපූරො හොති. සද්ධො ච නන්දක භික්ඛු හොති සීලවා ච, ලාභී ච අජ්ඣත්තං චෙතො සමථස්ස. න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය. එවං සො තෙනඞ්ගෙන අපරිපූරො හොති.
නන්දකය, මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් වෙයි. අධ්‍යාත්මයෙහි චිත්තසමථය නො ලබනසුලු වෙයි. මෙසේ හේ එකරුණින් අපරිපූර්ණ වෙයි. ඔහු විසින් එකරුණ පිරිය යුතු: කිමෙකින් මම සැදැහැතියෙම් ද සිල් ඇතියෙම් ද අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබනසුලු යෙම් ද වෙම් දැයි. නන්දකය, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබනසුලුයේත් වේ ද, මෙසේ හේ එ කරුණින් පරිපූර්ණ වෙයි. නන්දකය, මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් අධ්‍යාත්මයෙහි චිත්තසමථ ලබනසුලුයේත් වෙයි, සංස්කාරපරිග්රහවිදර්ශනාඥානය නොලබන සුලුයේ වෙයි ද, මෙසේ හේ එකරුණින් අපරිපූර්ණ වේ.
සෙය්යථාපි නන්දක පාණකො චතුප්පාදකො, තස්සස්ස එකො පාදො ඔමකො ලාමකො, එවං සො තෙනඞ්ගෙන අපරිපූරො අස්ස, එවමෙව ඛො නන්දක භික්ඛු සද්ධො ච හොති සීලවා ච ලාභී ච අජ්ඣත්තං චෙතොසමථස්ස න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය, එවං සො තෙනඞ්ගෙන අපරිපූරො හොති. තෙන තං අඞ්ගං පරිපූරෙතබ්බං; කින්තාහං සද්ධො ච අස්සං සීලවා ච ලාභී ච අජ්ඣත්තං චෙතොසමථස්ස, ලාභී ච අධිපඤ්ඤාධම්ම විපස්සනායාති. යතො ච ඛො නන්දක, භික්ඛු සද්ධො ච හොති සීලවා ච ලාභී ච අජ්ඣත්තං චෙතොසමථස්ස ලාභී ච අධිපඤ්ඤාධම්මවිපස්සනාය, එවං සො තෙනඞ්ගෙන පරිපූරො හොතීති.
නන්දකය, යම් පරිදි සිවුපා ඇති ප්‍රාණියෙක් වේ ද, ඔහුගේ එක් පයෙක හීන වූයේ ලාමක වූයේ වෙයි. මෙසේ හේ ඒ කරුණින් අපරිපූර්ණ වන්නේ ය. නන්දකය, එපරිදි ම මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුලුයේත් වෙයි. අධිප්‍රඥා ධර්ම විදර්ශනාව (සංස්කාරපරිග්රහවිදර්ශනාඥානය) නො ලබනසුලුයේ වෙයි. මෙසේ හේ එකරුණින් අපරිපූර්ණ වෙයි. ඔහු විසින් එකරුණ පිරිය යුතු: කවර කරුණින් මම සැදැහැතියෙම් සිල් ඇතියෙම් අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබනසුලු යෙම් ද සංස්කාරපරිග්රහවිදර්ශනාඥානය ලබනසුලුයෙම් ද වෙමි යි. නන්දකය, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුලුයේත් සංස්කාරපරිග්රහවිදර්ශනාඥාන ලබනසුලුයේත් වේ ද, හේ මෙසේ එ කරුණින් පරිපූර්ණ වෙයි.
ඉදමවො ච භගවා ඉදං වත්වා සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි.
භගවත්හු මේ වදාළහ. සුගත්හු මේ වදාරා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසියහ.
අථ ඛො ආයස්මා නන්දකො අචිරපක්කන්තස්ස භගවතො භික්ඛු ආමන්තෙසි: ඉදානාවුසො භගවා චතුහි පදෙහි කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨො: “සද්ධො ච නන්දක භික්ඛු හොති, නො ච සීලවා, එවං සො තෙනඞ්ගෙන අපරිපූරො හොති, තෙන තං අඞ්ගං පරිපූරෙතබ්බං: කින්තාහං සද්ධො ච අස්සං සීලවා චාති. යතො ච ඛො නන්දක භික්ඛු සද්ධො ච හොති සීලවා ච, එවං සො තෙනඞ්ගෙන පරිපූරො හොති. සද්ධො ච නන්දක භික්ඛු හොති සීලවා ච, නො ච ලාභී අජ්ඣත්තං චෙතොසමථස්ස -පෙ- ලාභී ච අජ්ඣත්තං චෙතොසමථස්ස න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය, එවං සො තෙනඞ්ගෙන අපරිපූරො හොති.
එකල්හි ආයුෂ්මත් නන්දක භාග්‍යවතුන් වහන්සේ වැඩි නො බෝ වේලාවකින් මහණුන් ඇමතීය. ඇවැත්නි, දැන් භාග්‍යවතුන් වහන්සේ සිවුපෙදෙකින් සර්වපරිපූර්ණ වූ පරිශුද්ධ වූ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කොට හුනස්නෙන් නැඟී (ගඳකිළි) වෙහෙරට පිවිසියහ. “නන්දකය, මහණ සැදැහැති වෙයි. නො ද සිල්වත් වෙයි. මෙසේ හේ එ කරුණින් අපරිපූර්ණ වෙයි. ඔහු විසින් එ කරුණ පිරිය යුතු: කවර කරුණින් මම සැදැහැතියෙම් ද සිල් ඇතියෙම් ද වෙමි” යි. නන්දකය, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් වේ ද, මෙසේ හේ එ කරුණින් පරිපූර්ණ වෙයි. නන්දකය, මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් වෙයි. අධ්‍යාත්මයෙහි චිත්තසමථය නො ලබන සුලුයේත් වෙයි ... අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුලුයේත් වෙයි. සංස්කාරපරිග්රහවිදර්ශනාඥානය නො ලබන සුලුයේ වෙයි. මෙසේ හේ එකරුණින් අපරිපූර්ණ වෙයි.
සෙය්යථාපි නන්දක, පාණකො චතුප්පාදකො, තස්සස්ස එකො පාදො ඔමකො ලාමකො, එවං සො තෙනඞ්ගෙන අපරිපූරො අස්ස. එවමෙව ඛො නන්දක, භික්ඛු සද්ධො ච හොති සීලවා ච ලාභී ච අජ්ඣත්තං චෙතොසමථස්ස, න ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය, එවං සො තෙනඞ්ගෙන අපරිපූරො හොති. තෙන තං අඞ්ගං පරිපූරෙතබ්බං, කින්තාහං සද්ධො ච අස්සං සීලවා ච ලාභී ච අජ්ඣත්තං චෙතොසමථස්ස ලාභී ච අධිපඤ්ඤාධම්මවිපස්සනායාති. යතො ච ඛො නන්දක, භික්ඛු සද්ධො ච හොති සීලවා ච ලාභී ච අජ්ඣත්තං චෙතොසමථස්ස ලාභී ච අධිපඤ්ඤාධම්මවිපස්සනාය, එවං සො තෙනඞ්ගෙන පරිපූරො හොතීති.
නන්දකය, යම් පරිදි සිවුපා ඇති ප්‍රාණියෙක් වේ ද, ඔහුගේ එක් පයෙක් ඕමකය, ලාමකය මෙසේ හේ එකරුණින් අපරිපූර්ණ වෙයි. නන්දකය, එ පරිදි ම මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබනසුලුයේත් වෙයි. සංස්කාරපරිග්රහවිදර්ශනාඥානය නො ලබනසුලුයේ වෙයි. මෙසේ හේ එ කරුණින් අපරිපූර්ණ වෙයි. ඔහු විසින් එ කරුණ පිරිය යුතු. කවර කරුණින් මම සැදැහැතියෙම් ද, සිල් ඇතියෙම් ද, අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුලුයෙම් ද සංස්කාරපරිග්රහවිදර්ශනාඥානය ලබනසුලුයෙම් ද වෙමි යි. නන්දකය, යම් කලෙක මහණ සැදැහැතියේත්, සිල් ඇතියේත්, අධ්‍යාත්මයෙහි චිත්තසමථ ලබන සුලුයේත් සංස්කාරපරිග්රහවිදර්ශනාඥාන ලබනසුලුයේත් වේ ද, මෙසේ හෙතෙම එකරුණින් පරිපූර්ණ වේ යයි.
පඤ්චිමෙ ආවුසො. ආනිසංසා කාලෙන ධම්මසවණෙ, කාලෙන ධම්මසාකච්ඡාය. කතමෙ පඤ්ච:
ඇවැත්නි, සුදුසු කල්හි ධර්මශ්රවණයෙහි, සුදුසු කල්හි ධර්මසාකච්ඡායෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්?
ඉධාවුසො, භික්ඛු භික්ඛූනං ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. යථා යථා ආවුසො, භික්ඛු භික්ඛූනං ධම්මං දෙසෙති ආදිකල්යාණං -පෙ- පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති, තථා තථා සො සත්ථු පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච අයං ආවුසො, පඨමො ආනිසංසො කාලෙන ධම්මසවණෙ, කාලෙන ධම්මසාකච්ඡාය.
ඇවැත්නි, මේ සස්නෙහි මහණෙක් මහණුනට ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්ය්යාවසානකල්යාණ වූ සාර්ත්ථසව්යඤ්ජන වූ දහම් දෙසයි. කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරයි. ඇවැත්නි, යම් යම් පරිදි මහණ මහණුනට ආදිකල්‍යාණ වූ ... දහම් දෙසා නම් පරිශුද්ධබ්රහ්මචර්ය්යය පවසා නම්, ඒ ඒ පරිදි හේ ශාස්තෘහට ප්‍රිය ද වෙයි. මනාප ද වෙයි. ගරුතන්හි සිටියේ වෙයි. සම්භාවනාවට සුදුසු ද වෙයි. ඇවැත්නි, මේ සුදුසු කල්හි ධර්මශ්රවණයෙහි, සුදුසු කල්හි ධර්මසාකච්ඡා කිරීමෙහි පළමු අනුසසි.
පුන චපරං ආවුසො, භික්ඛු භික්ඛූනං ධම්මං දෙසෙති ආදිකල්යාණං -පෙ- බ්රහ්මචරියං පකාසෙති. යථා යථා ආවුසො, භික්ඛු භික්ඛූනං ධම්මං දෙසෙති ආදිකල්යාණං -පෙ- බ්රහ්මචරියං පකාසෙති, තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී ච, අයං ආවුසො, දුතියො ආනිසංසො කාලෙන ධම්මසවණෙ, කාලෙන ධම්මසාකච්ඡාය.
තවද ඇවැත්නි, මහණ මහණුනට ආදිකල්‍යාණ වූ ... දහම් දෙසයි. සසුන් බඹසර පවසයි. ඇවැත්නි, යම් යම් පරිදි මහණ මහණුනට ආදිකල්‍යාණ වූ දහම් දෙසා නම් බඹසර පවසා නම් ඒ ඒ පරිදි හේ එ දහම්හි අරුත් දන්නේත් වෙයි. පෙළ දහම් දන්නේත් වෙයි. ඇවැත්නි, සුදුසු කල්හි දහම් ඇසුම්හි, සුදුසු කල්හි ධර්මසාකච්ඡායෙහි මේ දෙවන අනුසසි.
පුන චපරං ආවුසො, භික්ඛු භික්ඛූනං ධම්මං දෙසෙති ආදිකල්යාණං -පෙ- බ්රහ්මචරියං පකාසෙති. යථා යථා ආවුසො, භික්ඛු භික්ඛූනං ධම්මං දෙසෙති ආදිකල්යාණං -පෙ- බ්රහ්මචරියං පකාසෙති, තථා තථා සො තස්මිං ධම්මෙ ගම්භීරං අත්ථපදං පඤ්ඤාය අතිවිජ්ඣ පස්සති, අයං ආවුසො තතියො ආනිසංසො කාලෙන ධම්මසවණෙ, කාලෙන ධම්මසාකච්ඡාය.
තවද ඇවැත්නි, මහණ මහණුනට ආදිකල්‍යාණ වූ ... දහම් දෙසයි. බඹසර පවසයි. ඇවැත්නි, යම් යම් පරිදි මහණ මහණුනට ආදිකල්‍යාණ වූ ... දහම් දෙසා නම් බඹසර පවසා නම් ඒ ඒ පරිදි හේ එ දහම්හි ගැඹුරු අරුත් පද විවසුන් සහහිය මඟනැණින් විනිවිද දක්නෙයි. ඇවැත්නි, සුදුසු කල්හි දහම් ඇසුම්හි, සුදුසු කල්හි ධර්මසාකච්ඡායෙහි මේ තෙවන අනුසසි.
පුන චපරං ආවුසො, භික්ඛු භික්ඛූනං ධම්මං දෙසෙති ආදිකල්යාණං -පෙ- බ්රහ්මචරියං පකාසෙති. යථා යථා ආවුසො, භික්ඛු භික්ඛූනං ධම්මං දෙසෙති ආදිකල්යාණං -පෙ- බ්රහ්මචරියං පකාසෙති. තථා තථා නං සබ්රහ්මචාරී උත්තරිං සම්භාවෙන්ති, “අද්ධා අයමායස්මා පත්තො වා පච්ඡති වා” ති, අයං ආවුසො, චතුත්ථො ආනිසංසො කාලෙන ධම්මසවණෙ, කාලෙන ධම්මසාකච්ඡාය.
තවද ඇවැත්නි, මහණ මහණුනට ආදිකල්‍යාණ වූ ... දහම් දෙසයි. බඹසර පවසයි. ඇවැත්නි, මහණ යම් යම් පරිදි මහණුනට ආදිකල්‍යාණ වූ ... දහම් දෙසා නම් බඹසර පවසා නම් ඒ ඒ පරිදි සබ්‍රම්සරහු ඕහට මතුයෙහි සම්භාවනා කෙරෙති. “එකතින් මේ ආයුෂ්මත් (රහත්බවට) පැමිණියේ හෝ පැමිණෙන්නේ හෝ වේ” යයි. ඇවැත්නි, කල්හි දහම් ඇසුම්හි, කල්හි ධර්මසාකච්ඡායෙහි මේ සිවුවන අනුසසි.
පුන චපරං ආවුසො, භික්ඛු භික්ඛූනං ධම්මං දෙසෙති ආදිකල්යාණං -පෙ- බ්රහ්මචරියං පකාසෙති. යථා යථා ආවුසො, භික්ඛු භික්ඛූනං ධම්මං දෙසෙති ආදිකල්යාණං -පෙ- බ්රහ්මචරියං පකාසෙති. තත්ථ තත්ථ යෙ තෙ භික්ඛු සෙඛා අප්පත්තමානසා අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානා විහරන්ති, තෙ තං ධම්මං සුත්වා විරියං ආරභන්ති අප්පත්තස්ස පත්තියා, අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. යෙ පන තත්ථ භික්ඛු අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසංයොජනා සම්මදඤ්ඤා විමුත්තා, තෙ තං ධම්මං සුත්වා දිට්ඨධම්මසුඛවිහාරඤ්ඤෙව අනුයුත්තා විහරන්ති. අයං ආවුසො, පඤ්චමො ආනිසංසො කාලෙන ධම්මසවණෙ, කාලෙන ධම්මසාකච්ඡාය. ඉමෙ ඛො ආවුසො, පඤ්ච ආනිසංසා කාලෙන ධම්මසවණෙ, කාලෙන ධම්මසාකච්ඡායාති.
තවද ඇවැත්නි, මහණ මහණුනට ආදිකල්‍යාණ වූ ... දහම් දෙසයි. බඹසර පවසයි. ඇවැත්නි, යම් යම් පරිදි මහණ මහණුනට ආදිකල්‍යාණ වූ ... දහම් දෙසා නම් බඹසර පවසා නම් ඒ ඒ කරුණෙහි යම් ඒ මහණ කෙනෙක් ශෛක්ෂ වූවාහු රහත් ඵලයට නො පත් සිත් ඇත්තාහු අනුත්තර රහත්ඵල පතන්නාහු වෙසෙත් නම් ඔහු ඒ දහම් අසා අප්රාප්තමාර්ගඵලයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතමාර්ගඵලයාගේ අධිගමය පිණිස අසාක්ෂාත්කෘතයාගේ සාක්ෂාත්කරණය පිණිස වැර අරඹත්. යම් ඒ මහණ කෙනෙක් එහි ලා රහත් වූවාහු ක්ෂීණාස්රව වූවාහු වැස නිම වූ මඟබඹසර ඇත්තාහු කළ සිවුමඟ කරණී ඇත්තාහු බහා තැබූ කෙලෙස්බර ඇතියාහු පැමිණි රහත්ඵල ඇතියාහු පරික්ෂීණ භවසංයෝජන ඇතියාහු මොනොවට දැන මිදුණාහු වෙත් නම්, ඔහු එදහම් අසා ඉහාත්මසුඛවිහරණයෙහි ම යෙදුණාහු වෙසෙත්. ඇවැත්නි, කල්හි දහම් ඇසුම්හි කල්හි ධර්මසාකච්ඡායෙහි මේ පස්වන අනුසසි.