සුතවාපරිබ්බාජක සුත්තං
9. 1. 1. 7.
9. 1. 7. 7.
සුතවාපරිබ්බාජක සුත්තං
සුතවාපරිබ්බාජක සූත්‍රය
එවං මෙ සුතං, එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. අථ ඛො සුතවා පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සුතවා පරිබ්බාජකො භගවන්තං එතදවොච:
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වසන සේක. එකල්හි සුතවා පිරිවැජි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමඟ සතුටු විය. සතුටු විය යුතු සාරාණීය කථාව කොට නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් සුතවා පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේය:
එකමිදං භන්තෙ, සමයං භගවා ඉධෙව රාජගහෙ විහරති ගිරිබ්බජෙ, තත්ර මෙ භන්තෙ, භගවතො සම්මුඛා පටිග්ගහීතං “යො සො සුතවා භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො, අභබ්බො සො පඤ්චඨානානි අජ්ඣාචරිතුං. අභබ්බො ඛීණාසවො භික්ඛු සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදාතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු මෙථුනං ධම්මං පතිසෙවිතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු සම්පජානමුසා භාසිතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු සන්නිධිකාරකං කාමෙ පරිභුඤ්ජිතුං, සෙය්යථාපි පුබ්බෙ අගාරිකභූතොති.” කච්චි මෙතං භන්තෙ, භගවතො සුස්සුතං සුග්ගහීතං සුමනසිකතං සූපධාරිතන්ති.
වහන්ස, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මේ (පර්වත වළල්ලෙන් වටවූ හෙයින්) ගිරිව්‍රජ නම් වූ රජගහනුවර ම වාසය කරන සේක. වහන්ස, එකල්හි මා විසින් “සුතවායෙනි, යම් ඒ අර්හත් ක්ෂීණාශ්රව වූ වැස නිමකළ මඟ බඹසර ඇති කළ සිවුමඟකරණී ඇති, බහාතැබූ කෙලෙස් බරැති, පැමිණි රහත් බැව් ඇති පරික්ෂීණ භව සංයෝජන ඇති, මොනොවට දැන විමුක්ත වූ මහණෙක් වේ නම් හේ කරුණු පසක් ඉක්මවන්නට අභව්‍ය වෙයි: ක්ෂීණාස්රව මහණ දැන දැන ප්‍රාණියකු දිවියෙන් ගලවනට අභව්‍ය වෙයි. ක්ෂීණාස්රව මහණ ථෙය්‍ය සඞ්ඛ්‍යාත නුදුන් දෑ සොර සිතින් ගන්නට අභව්‍ය වෙයි. ක්ෂීණාස්රව මහණ මෙවුන් දම් සෙවුමට අභව්‍ය වෙයි. ක්ෂීණාස්රව මහණ දැන දැන මුසවා කීමය අභව්‍ය වෙයි. ක්ෂීණාස්රව මහණ පෙර ගිහි වූ පරිදි සන්නිධිකාරක ව හෙවත් තැන්පත් කොට තබාගෙන කාමයන් සෙවුමට අභව්‍ය වේ ය” යි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදී. හමුවෙහි පිළිගන්නා ලදී. වහන්ස, කිම මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ ඒ භාෂිතය මනාකොට අසන ලද ද? මනාකොට උගන්නා ලද ද? මොනොවට මෙනෙහි කරන ලද ද? මොනොවට දරන ලද ද? යි
තග්ඝ තෙතං සුතවා, සුස්සුතං සුග්ගහීතං සුමනසිකතං සූපධාරිතං. පුබ්බෙවාහං සුතවා, එතරහි ච එවං වදාමි. “යො සො භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤාවිමුත්තො. අභබ්බො සො නවඨානානි අජ්ඣාචරිතුං: අභබ්බො ඛීණාසවො භික්ඛු සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදාතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු මෙථුනං ධම්මං පතිසෙවිතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු සම්පජානමුසා භාසිතුං, අභබ්බො ඛීණාසවො භික්ඛු සන්නිධිකාරකෙ කාමෙ පරිභුඤ්ජිතුං, සෙය්යථාපි පුබ්බෙ අගාරියභූතො.
සුතවායෙනි, එකතින් ඒ තා විසින් මොනොවට අසන ලද, මොනොවට උගන්නා ලද, මොනොවට මෙනෙහි කරන ලද, මනාකොට දරන ලද, සුතවායෙනි, දැනුදු මම මෙසේ කියමි: “අර්හත් ක්ෂීණාස්රව වූ වැස නිම වූ බඹසර ඇති, කළමඟ කිස ඇති, බහාතැබූ කෙලෙස් බර ඇති, පැමිණි රහත්ඵල ඇති, ගෙවූ භවසංයෝජන ඇති, මොනොවට දැන මිදුණු යම් ඒ මහණෙක් වේ නම්, හේ කරුණු පසක් මඩනට අභව්‍ය වෙයි. රහත් මහණ දැන දැන සතක්හු දිවියෙන් ගැලවීමට අභව්‍ය වෙයි. රහත් මහණ ථෙය්යසඞ්ඛ්යාත සොරසිතින් නුදුන් දෑ ගන්නට අභව්‍ය වෙයි. රහත් මහණ මෙවුන්දම් සෙවුනට අභව්‍ය වෙයි. රහත් මහණ දැන දැන මුසවා කියනට අභව්‍ය වෙයි. රහත් මහණ පෙර ගිහි වූ පරිදි සන්නිධිකාරකව කාමයන් වළඳනට අභව්‍ය වෙයි.
අභබ්බො ඛීණාසවො භික්ඛු බුද්ධං පච්චක්ඛාතුං අභබ්බො ඛීණාසවො භික්ඛු ධම්මං පච්චක්ඛාතුං අභබ්බො ඛීණාසවො භික්ඛු සඞ්ඝං පච්චක්ඛාතුං අභබ්බො ඛීණාසවො භික්ඛු සික්ඛං පච්චක්ඛාතුං. පුබ්බෙවාහං සුතවා, එතරහි ච එවං වදාමි: යො සො භික්ඛු අරහං වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො. අභබ්බො සො ඉමානි නවඨානානි අජ්ඣාචරිතුන්ති.
රහත් මහණ බුදුන් ප්‍රතික්ෂේප කරනට අභව්‍ය වෙයි. රහත් මහණ ධර්මය ප්‍රතික්ෂේප කරනට අභව්‍ය වෙයි. රහත් මහණ සංඝයා ප්‍රතික්ෂේප කරනට අභව්‍ය වෙයි. රහත් මහණ ශික්ෂා ප්‍රතික්ෂේප කරනට අභව්‍ය වේ” යයි. සුතවායෙනි, මම් පෙරත් දැනුත් “අර්හත් වැසනිම වූ මඟ බඹසර ඇති කළ සිවුමඟකිස ඇති බහා තැබූ කෙලෙස් බරැති පත් රහත් පල ඇති, ගෙවූ භවසංයෝජන ඇති, යම් ඒ මහණෙක් වේ නම්, හේ මේ කරුණු නවය මඩනට අභව්‍ය ය” යි මෙසේ ම කියමි යි.