යෙදුමෙන් කියවන්න

සජ‍්ඣපරිබ‍්බාජක සුත‍්තං

9. 1. 1. 8.

9. 1. 8. 8.

සජ‍්ඣපරිබ‍්බාජක සුත‍්තං

සජ්ඣපරිබ්බාජක සූත්‍රය

එවං මෙ සුතං, එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ‍්ඣකූටෙ පබ‍්බතෙ. අථ ඛො සජ‍්ඣො පරිබ‍්බාජකො යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සජ‍්ඣො පරිබ‍්බාජකො භගවන‍්තං එතදවොච:

මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වසන සේක. එකල්හි සජ්ඣ පිරිවැජි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමඟ සතුටු විය. සතුටු විය යුතු සාරාණීය කථාව කොට නිමවා එකත්පස්ව හින. එකත්පස්ව හුන් සජ්ඣ පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේය:

එකමිදං භන‍්තෙ, සමයං භගවා ඉධෙව රාජගහෙ විහරති ගිරිබ‍්බජෙ, තත්‍ර මෙ භන‍්තෙ, භගවතො සම‍්මුඛා සුතං සම‍්මුඛා පටිග‍්ගහීතං “යො සො සජ‍්ඣ, භික‍්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප‍්පත‍්තසදත්‍ථො පරික‍්ඛීණභවසඤ‍්ඤොජනො සම‍්මදඤ‍්ඤාවිමුත‍්තො, අභබ‍්බො සො පඤ‍්චඨානානි අජ‍්ඣාචරිතුං:

වහන්ස, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මේ ගිරිව්‍රජ නම් වූ රජගහනුවර ම වාසය කරන සේක. වහන්ස, එකල්හි මා විසින් “සජ්ඣයෙනි, අර්‍හත් ක්‍ෂීණාශ්‍රව වූ වැසනිම වූ මඟ බඹසර ඇති, කළ සිවුමඟකරණී ඇති, බහාතැබූ කෙලෙස් බර ඇති, පැමිණි රහත්ඵල සඞ්ඛ්‍යාත ස්වාර්‍ත්‍ථය ඇති, ගෙවූ භව සංයෝජන ඇති, මනාකොට දැන විමුක්ත වූ යම් ඒ මහණෙක් වේ නම් හේ කරුණු පසක් මඩනට අභව්‍ය වේ” යි. භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදී. හමුවෙහි පිළිගන්නා ලදී:

අභබ‍්බො ඛීණාසවො භික‍්ඛු සඤ‍්චිච‍්ච පාණං ජීවිතා වොරොපෙතුං, අභබ‍්බො ඛීණාසවො භික‍්ඛු අදින‍්නං ථෙය්‍ය සඞ‍්ඛාතං ආදාතුං. අභබ‍්බො ඛීණාසවො භික‍්ඛු මෙථුනං ධම‍්මං පතිසෙවිතුං. අභබ‍්බො ඛීණාසවො භික‍්ඛු සම‍්පජානමුසා භාසිතුං, අභබ‍්බො ඛීණාසවො භික‍්ඛු සන‍්නිධිකාරකෙ කාමෙ පටිසෙවිතුං සෙය්‍යථාපි පුබ‍්බෙ අගාරියභූතොති. කච‍්චිමෙතං භන‍්තෙ, භගවතො සුස‍්සුතං සුග‍්ගහීතං සුමනසිකතං සූපධාරිතන‍්ති.

රහත් මහණ දැන දැන පරපණ දිවියෙන් ගැලවුමට අභව්‍ය වෙයි. රහත් මහණ ථෙය්‍යසඞ්ඛ්‍යාතය ගන්නට අභව්‍ය වෙයි. රහත් මහණ මෙවුන්දම් සෙවුනට අභව්‍ය වෙයි. රහත් මහණ මුසවා කීමට අභව්‍ය වෙයි. රහත් මහණ පෙර ගිහි වූ පරිදි සන්නිධිකාරක ව කාමයන් වළඳනට අභව්‍ය වේ ය” යි. වහන්ස, කිම, තෙල මා විසින් මැනවින් අසන ලද ද? මනාකොට උගන්නා ලද ද? මොනොවට මෙනෙහි කරන ලද ද? මොනොවට දරන ලදදැ’ යි.

තග‍්ඝ තෙතං සජ‍්ඣ, සුස‍්සුතං සුග‍්ගහීතං සුමනසිකතං සූපධාරිතං. පුබ‍්බෙ චාහං සජ‍්ඣ, එතරහි ච එවං වදාමි. “යො සො භික‍්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප‍්පත‍්තසදත්‍ථො පරික‍්ඛීණභවසඤ‍්ඤොජනො සම‍්මදඤ‍්ඤාවිමුත‍්තො, අභබ‍්බො සො නවඨානානි අජ‍්ඣාචරිතුං, අභබ‍්බො ඛීණාසවො භික‍්ඛු සඤ‍්චිච‍්ච පාණං ජීවිතා වොරොපෙතුං -පෙ- අභබ‍්බො ඛීණාසවො භික‍්ඛු සන‍්නිධිකාරකෙ කාමෙ පරිභුඤ‍්ජිතුං. සෙය්‍යථාපි පුබ‍්බෙ අගාරියභූතො. අභබ‍්බො ඛීණාසවො භික‍්ඛු ඡන්‍දාගතිං ගන‍්තුං, අභබ‍්බො ඛීණාසවො භික‍්ඛු දොසාගතිං ගන‍්තුං, අභබ‍්බො ඛීණාසවො භික‍්ඛු මොහාගතිං ගන‍්තුං, අභබ‍්බො ඛීණාසවො භික‍්ඛු භයාගතිං ගන‍්තුං. පුබ‍්බෙවාහං සජ‍්ඣ, එතරහි ච එවං වදාමි. “යො ඛො භික‍්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප‍්පත‍්තසදත්‍ථො පරික‍්ඛීණභවසඤ‍්ඤොජනො, සම‍්මදඤ‍්ඤා විමුත‍්තො, අභබ‍්බො සො ඉමානි නවඨානානි අජ‍්ඣාචරිතු” න‍්ති.

සජ්ඣයෙනි, එකතින් තා විසින් එය මොනොවට අසන ලද, මොනොවට උගන්නා ලද, මොනොවට මෙනෙහි කරන ලද, මොනොවට දරන ලද වෙයි. සජ්ඣයෙනි, පෙර ද දැනුදු මම මෙසේ කියමි. “අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රව, වැස නිමවූ මඟ බඹසර ඇති, කළ සිවුමඟකරණී ඇති, බහාතැබූ කෙලෙස් බර ඇති, පිළිවෙළින් පත් අර්‍හත්‍වය ඇති, පරික්‍ෂීණ භව සංයෝජන ඇති, මොනොවට දැන විමුක්ත වූ යම් ඒ මහණෙක් වේ නම්, හේ නව කරුණක් මඩනට අභව්‍ය වේ: රහත් මහණ දැන දැන සතක්හු දිවියෙන් ගැළවීමට අභව්‍ය වෙයි. රහත් මහණ ථෙය්‍ය සඞ්ඛ්‍යාතය ගන්නට අභව්‍ය වෙයි. රහත් මහණ මෙවුන්දම් සෙවුනට අභව්‍ය වෙයි. රහත් මහණ දැන දැන මුසවා බණනට අභව්‍ය වෙයි. රහත් මහණ පෙර ගිහි වූ පරිදි සන්නිධිකාරකව කාමයන් වළඳනට අභව්‍ය වේ යයි. රහත් මහණ ඡන්‍දයෙන් අගතියට යනුවට අභව්‍ය වෙයි. රහත් මහණ ද්වේෂයෙන් අගතියට යනුවට අභව්‍ය වෙයි. රහත් මහණ මෝහයෙන් අගතියට යනුවට අභව්‍ය වෙයි. රහත් මහණ භයෙන් අගතියට යනුවට අභව්‍ය වෙයි.” සජ්ඣයෙනි, පෙරත් දැනුත් මම මෙසේ කියමි: රහත් වූ ක්‍ෂීණාස්‍රව වූ වැස නිමවූ බඹසර ඇති, කළ සිවුමඟ කිස ඇති, බහාතැබූ කෙලෙස් බර ඇති, පිළිවෙළින් පත් රහත්බව ඇති, ගෙවූ භවසංයෝජන ඇති, මොනොවට දැන විමුක්ත වූ යම් ඒ මහණෙක් වේ නම්, හේ මේ නව කාරණයන් මඩනට අභව්‍ය වේ ය” යි.