යෙදුමෙන් කියවන්න

සම‍්බොධිපක‍්ඛිය සුත‍්තං

9. 1. 1. 1.

9. 1. 1. 1.

සම‍්බොධිපක‍්ඛිය සුත‍්තං

සම්බෝධිපක්ඛිය සූත්‍රය

එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ, තත්‍ර ඛො භගවා භික‍්ඛු ආමන‍්තෙසි. භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛු භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. වහන්සැයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක.

සචෙ භික‍්ඛවෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං පුච‍්ඡෙය්‍යුං: සම‍්බොධිපක‍්ඛියානං ආවුසො ධම‍්මානං කා උපනිසා භාවනායාති. එවං පුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං කින‍්ති බ්‍යාකරෙය්‍යාථාති.

මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි චතුර්මාර්‍ගසඞ්ඛ්‍යාත සම්බෝධිපක්‍ෂයෙහි වූ ධර්‍මයන්ගේ වැඩීමට කවර උපනිශ්‍රය ප්‍රත්‍යයෙක් දැ”යි මෙසේ පුළුවුස්නාහු නම්, මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට කුමැයි පවසන්නාහු දැ? යි.

භගවම‍්මූලකා නො භන‍්තෙ ධම‍්මා භගවන‍්නෙත‍්තිකා, භගවම‍්පටිසරණා, සාධු වත භන‍්තෙ භගවන‍්තඤ‍්ඤෙව පටිභාතු එතස‍්ස භාසිතස‍්ස අත්‍ථො. භගවතො සුත්‍වා භික‍්ඛු ධාරෙස‍්සන‍්තීති.

වහන්ස අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් ප්‍රධාන කොට ඇතියහ. භාග්‍යවතුන් පිළිසරණ කොට ඇතියහ. වහන්ස එතැකින් තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වටහා නම් මැනව. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා දරන්නාහ යි.

තෙන හි භික‍්ඛවෙ සුණාථ සාධුකං මනසිකරොථ, භාසිස‍්සාමීති. එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛු භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

මහණෙනි, එසේ වී නම් අසවු. මොනොවට මෙනෙහි කරවු. දෙසන්නෙමි යී. වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල අර්‍ත්‍ථය වදාළ සේක:

සචෙ භික‍්ඛවෙ අඤ‍්ඤතිත්‍ථියා පරිබ‍්බාජකා එවං පුච‍්ඡෙය්‍යුං සම‍්බොධිපක‍්ඛියානං ආවුසො ධම‍්මානං කා උපනිසා භාවනායාති. එවං පුට‍්ඨා තුම‍්හෙ භික‍්ඛවෙ තෙසං අඤ‍්ඤතිත්‍ථියානං පරිබ‍්බාජකානං එවං බ්‍යාකරෙය්‍යාථ:

මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි සම්බෝධි පාක්‍ෂිකධර්‍මයන්ගේ භාවනාව සඳහා කවර උපනිඃශ්‍රයප්‍රත්‍යයෙක් වේ දැ” යි මෙසේ පුළුවුස්නාහු නම් මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරවු.

1. ඉධාවුසො භික‍්ඛු කල්‍යාණමිත‍්තො හොති කල්‍යාණසහායො කල්‍යාණසම‍්පවඞ‍්කො. සම‍්බොධිපක‍්ඛියානං ආවුසො ධම‍්මානං අයං පඨමා උපනිසා භාවනාය.

1. ඇවැත්නි, මේ සස්නෙහි මහණ කලණමිතුරන් ඇතියේ කලණ යහළුවන් ඇතියේ කලණමිතුරන් කෙරෙහි නැමුණේ වෙයි. ඇවැත්නි, සම්බෝධිපාක්‍ෂිකධර්‍මයන්ගේ භාවනාව පිණිස මේ ප්‍රථම උපනිඃශ්‍රය ප්‍රත්‍යය යි.

2. පුන චපරං ආවුසො භික‍්ඛු සීලවා හොති පාතිමොක‍්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම‍්පන‍්නො අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවී සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. සම‍්බොධිපක‍්ඛියානං ආවුසො ධම‍්මානං අයං දුතියා උපනිසා භාවනාය.

2. තවද ඇවැත්නි, මහණ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ වාසය කෙරෙයි. අණුමාත්‍ර වද්‍යයෙහි බිය දක්නා සුලු වූයේ සමාදන් කොට ගෙන සිකපදයන්හි හික්මෙයි. ඇවැත්නි, සම්බෝධිපාක්‍ෂිකධර්‍මයන්ගේ භාවනාව පිණිස මේ දෙවන උපනිඃශ්‍රය ප්‍රත්‍යය යි.

3. පුන චපරං ආවුසො භික‍්ඛු යායං කථා අභිසල‍්ලෙඛිකා චෙතොවිවරණසප‍්පායා සෙය්‍යථීදං: අප‍්පිච‍්ඡකථා සන‍්තුට‍්ඨිකථා පවිවෙකකථා අසංසග‍්ගකථා විරියාරම‍්භකථා සීලකථා සමාධිකථා පඤ‍්ඤාකථා විමුත‍්තිකථා විමුත‍්තිඤාණදස‍්සනකථා. එවරූපියා කථාය නිකාමලාභී හොති අකිච‍්ඡලාභී අකසිරලාභී. සම‍්බොධිපක‍්ඛියානං ආවුසො ධම‍්මානං අයං තතියා උපනිසා භාවනාය.

3. තවද ඇවැත්නි, යම් මේ කථාවක් ක්ලේශාභිලේඛනයට හිත ද, ශමථ විදර්‍ශනා චිත්තයාගේ විවරණයට සත්ප්‍රාය ද, එනම් අප්පිච්ඡකථාය, සන්තුට්ඨිකථාය, පවිවේකකථාය, අසංසග්ගකථාය, විරියාරම්භකථාය, සීලකථාය, සමාධිකථා ය, පඤ්ඤාකථා ය, විමුත්තිකථා ය, විමුත්තිඤාණදස්සනකථා යයි, එබඳු කථා කැමැති පරිදි ලබන සුලු සුවසේ ලබන සුලු විපුල ව ලබන සුලු වෙයි. ඇවැත්නි, සම්බෝධිපාක්‍ෂික ධර්‍මයන්ගේ භාවනාව පිණිස මේ තෙවන උපනිඃශ්‍රය ප්‍රත්‍යය යි.

4. පුන චපරං ආවුසො භික‍්ඛු ආරද‍්ධවිරියො විහරති අකුසලානං ධම‍්මානං පහානාය, කුසලානං ධම‍්මානං උපසම‍්පදාය ථාමවා දළ‍්හපරක‍්කමො අනික‍්ඛිත‍්තධුරො කුසලෙසු ධම‍්මෙසු. සම‍්බොධිපක‍්ඛියානං ආවුසො ධම‍්මානං අයං චතුත්‍ථි උපනිසා භාවනාය.

4. තවද ඇවැත්නි, මහණ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශල ධර්‍මයන්ගේ උපසම්පත් පිණිස ඇරඹූ වැර ඇතියේ ස්ථාමයෙන් යුක්ත වූයේ දෘඪපරාක්‍රම ඇතියේ කුශලධර්‍මයන්හි බහා නො තබන ලද ධුර ඇතියේ වාසය කෙරෙයි. ඇවැත්නි, සම්බෝධිපාක්‍ෂිකධර්‍මයන්ගේ භාවනාව පිණිස මේ සිවුවන උපනිඃශ්‍රය ප්‍රත්‍යය යි.

5. පුන චපරං ආවුසො භික‍්ඛු පඤ‍්ඤවා හොති උදයත්‍ථගාමිනියා පඤ‍්ඤාය සමන‍්නාගතො අරියාය නිබ‍්බෙධිකාය සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමිනියා. සම‍්බොධිපක‍්ඛියානං ආවුසො ධම‍්මානං අයං පඤ‍්චමී උපනිසා භාවනාය.

5. තවද ඇවැත්නි, මහණ (පඤ්චස්කන්‍ධයාගේ) උදය හා විනාශය පිළිවිදිනු සමත් වූ පිරිසිදු වූ කෙළෙස් විදලීමට සමත් වූ මොනොවට දුඃඛක්‍ෂයට යන සුලු ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි. ඇවැත්නි, සම්බෝධිපාක්‍ෂිකධර්‍මයන්ගේ භාවනාව පිණිස මේ පස්වන උපනිඃශ්‍රය ප්‍රත්‍යය යි.

කල්‍යාණමිත‍්තස‍්සෙතං භික‍්ඛවෙ භික‍්ඛුනො පාටිකඞ‍්ඛං කල්‍යාණසහායස‍්ස කල්‍යාණසම‍්පවඞ‍්කස‍්ස සීලවා භවිස‍්සති පාතිමොක‍්ඛසංවරසංවුතො විහරිස‍්සති ආචාරගොචරසම‍්පන‍්නො අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවී සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු.

මහණෙනි, කලණමිතුරන් ඇති කලණයහළුවන් ඇති කලණමිතුරන් කෙරෙහි නැඹුරු වූ මහණහු විසින් තෙල කැමැති විය යුතු: “සිල්වත් වන්නේ ය, ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ ආචාරගෝචර සම්පන්නව වාසය කරන්නේ ය. අණුමාත්‍රවද්‍යයෙහිදු බිය දක්නා සුලු සමාදන් කොට ගෙන සිකපදයන්හි හික්මෙයි” කියා යි.

කල්‍යාණමිත‍්තස‍්සෙතං භික‍්ඛවෙ භික‍්ඛුනො පාටිකඞ‍්ඛං කල්‍යාණසහායස‍්ස කල්‍යාණසම‍්පවඞ‍්කස‍්ස යායං කථා අභිසල‍්ලෙඛිකා චෙතොවිවරණසප‍්පායා සෙය්‍යථීදං: අප‍්පිච‍්ඡකථා -පෙ- එවරූපියා කථාය නිකාමලාභී භවිස‍්සති අකිච‍්ඡලාභී අකසිරලාභී.

මහණෙනි, කලණමිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණ යහළුවන් කෙරෙහි නැඹුරු වූ මහණහු විසින් තෙල කැමැති විය යුතු: අප්පිච්ඡකථාය ... විමුත්තිඤාණදස්සනකථාය යි ක්ලේශාභිලේඛනයට හිත වූ ශමථවිදර්‍ශනාචිත්තයාගේ විවරණයට සත්ප්‍රාය වූ යම් මේ කථායෙක් වේ නම් එබඳු කථා කැමැති පරිදි ලබන සුලු සුවසේ ලබන සුලු විපුලව ලබන සුලු වන්නේ ය කියා යි.

කල්‍යාණමිත‍්තස‍්සෙතං භික‍්ඛවෙ භික‍්ඛුනො පාටිකඞ‍්ඛං කල්‍යාණසහායස‍්ස කල්‍යාණසම‍්පවඞ‍්කස‍්ස: ආරද‍්ධවිරියො විහරිස‍්සති අකුසලානං ධම‍්මානං පහානාය කුසලානං ධම‍්මානං උපසම‍්පදාය ථාමවා දළ‍්හපරක‍්කමො අනික‍්ඛිත‍්තධුරො කුසලෙසු ධම‍්මෙසු.

මහණෙනි කලණමිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණ මිතුරන් කෙරෙහි නැඹුරු වූ මහණහු විසින් තෙල කැමැති විය යුතු: අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශල ධර්‍මයන්ගේ උපසම්පත් පිණිස රුකුළුවැර ඇතියේ ස්ථාම ඇතියේ දළ පැරකුම් ඇතියේ කුශලධර්‍මයන්හි අනික්‍ෂිප්ත ධුර ඇතියේ වන්නේ ය කියා යි.

කල්‍යාණමිත‍්තස‍්සෙතං භික‍්ඛවෙ භික‍්ඛුනො පාටිකඞ‍්ඛං කල්‍යාණසහායස‍්ස කල්‍යාණසම‍්පවඞ‍්කස‍්ස: පඤ‍්ඤවා භවිස‍්සති උදයත්‍ථගාමිනියා පඤ‍්ඤාය සමන‍්නාගතො අරියාය නිබ‍්බෙධිකාය සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමිනියා.

මහණෙනි කලණමිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණ මිතුරන් කෙරෙහි නැඹුරු වූ මහණහු විසින් තෙල කැමැති විය යුතු: උදයව්‍යගාමිනී වූ ආර්‍ය වූ නිර්වේදය පිණිස පවත්නා මොනොවට දුඃඛක්‍ෂයට යන සුලු ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වන්නේ ය කියායි.

තෙන ච පන භික‍්ඛවෙ භික‍්ඛුනා ඉමෙසු පඤ‍්චසු ධම‍්මෙසු පතිට‍්ඨාය චත‍්තාරො ධම‍්මා උත‍්තරිං භාවෙතබ‍්බා:

මහණෙනි, එ මහණ විසින් මේ පඤ්චධර්‍මයන්හි පිහිටි මත්තෙහි සතර ධර්‍ම කෙනෙක් වැඩිය යුතුවහ.

6-9. අසුභා භාවෙතබ‍්බා රාගස‍්ස පහානාය. මෙත‍්තා භාවෙතබ‍්බා ව්‍යාපාදස‍්ස පහානාය. ආනාපානසති භාවෙතබ‍්බා විතක‍්කුපච‍්ඡෙදාය. අනිච‍්චසඤ‍්ඤා භාවෙතබ‍්බා අස‍්මිමානසමුග‍්ඝාතාය, අනිච‍්චසඤ‍්ඤිනො භික‍්ඛවෙ භික‍්ඛුනො අනත‍්තසඤ‍්ඤා සණ‍්ඨාති. අනත‍්තසඤ‍්ඤී අස‍්මිමානසමුග‍්ඝාතං පාපුණාති, දිට‍්ඨෙව ධම‍්මෙ නිබ‍්බානන‍්ති.

6-9 රාගයාගේ ප්‍රහාණය පිණිස අසුභය වැඩිය යුතු. ව්‍යාපාදයාගේ ප්‍රහාණය පිණිස මෛත්‍රිය වැඩිය යුතු. විතර්‍කෝපච්ඡේදය පිණිස ආනාපානසතිය වැඩිය යුතු. අස්මිමානසමුද්ඝාතය පිණිස අනිත්‍යසංඥා වැඩිය යුතු. මහණෙනි, අනිත්‍යසංඥා ඇති මහණහට අනාත්මසංඥාව සිටුනේ ය. අනාත්මසංඥා ඇතියේ අස්මිමානසමුද්ඝාතයට පැමිණෙයි. දිටුදැමියෙහි ම නිර්‍වාණයට ද පැමිණෙයි.