යෙදුමෙන් කියවන්න

අට‍්ඨවිමොක‍්ඛ සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

8. 11. 3.

8. 11. 3.

අට‍්ඨවිමොක‍්ඛ සුත‍්තං

අට්ඨවිමොක්ඛ සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය අට‍්ඨ ධම‍්මා භාවෙතබ‍්බා. කතමෙ අට‍්ඨ:

මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස අටදහම්හු බැවිය යුතුවහ. කවර අටදෙනෙක යත්:

රූපී රූපානි පස‍්සති, අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති. සුභන‍්ත්‍වෙව අධිමුත‍්තො හොති. සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා අනන‍්තො ආකාසොති ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති. සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම අනන‍්තං විඤ‍්ඤාණන‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති.

රූපී වූයේ රූපායතනයන් දක්නේ ය. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ බාහිර රූපායතනයන් දක්නේ ය. සුභයැයි කියාම අධිමුක්ත වූයේ වෙයි. හැම අයුරින් රූපසංඥාවන්ගේ සමතික්‍රමණයෙන් ප්‍රතිසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් අකාසය අනන්ත යී ආකාසානඤ්චායතනයට එළැඹ වෙසේ. හැම පරිදි ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්ත යි, විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වාසය කෙරේ.

සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම නත්‍ථි කිඤ‍්චීති ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති. සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරති. සබ‍්බසො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම සඤ‍්ඤාවෙදයිතනිරොධං උපසම‍්පජ‍්ජ විහරති. රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය ඉමෙ අට‍්ඨ ධම‍්මා භාවෙතබ‍්බා.

හැම අයුරින් ම විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා නත්‍ථිකිඤ්චි යී ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වෙසේ. හැම අයුරින් ආකිඤ්ඤාචායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. හැම අයුරින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට එළැඹ වෙසෙයි. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මේ අටදහම්හු බැවිය යුතුව හ යි.

8. 11. 4-510.

8.11.4. - 510

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

රාගස‍්ස භික‍්ඛවෙ පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය. -පෙ- පහානාය. -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස‍්සග‍්ගාය -පෙ- ඉමෙ අට‍්ඨ ධම‍්මා භාවෙතබ‍්බා.

මහණෙනි, රාගයාගේ පරිජානනය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්‍රතිනිස්සර්‍ගය පිණිස ... මේ අටදහම්හු බැවිය යුතුවහ.

දොසස‍්ස -පෙ- මොහස‍්ස - කොධස‍්ස - උපනාහස‍්ස - මක‍්ඛස‍්ස - පලාසස‍්ස - ඉස‍්සාය - මච‍්ඡරියස‍්ස - මායාය - සාඨෙය්‍යස‍්ස - ථම‍්භස‍්ස - සාරම‍්භස‍්ස - මානස‍්ස - අතිමානස‍්ස - මදස‍්ස - පමාදස‍්ස - අභිඤ‍්ඤාය -පෙ- පරිඤ‍්ඤාය - පරික‍්ඛයාය - පහානාය - ඛයාය - වයාය - විරාගාය - නිරොධාය - චාගාය - පටිනිස‍්සග‍්ගාය -පෙ- ඉමෙ අට‍්ඨ ධම‍්මා භාවෙතබ‍්බාති.

ද්වේෂයාගේ ... මෝහයාගේ ... ක්‍රෝධයාගේ ... උපනාහයාගේ ... මක්ඛයාගේ ... පලාසයාගේ ... ඊර්‍ෂ්‍යාවගේ ... මාත්සර්‍ය්‍යාගේ ... මායාවගේ ... සාඨෙය්‍යයාගේ ... ථම්භයාගේ ... සාරම්භයාගේ ... මානයාගේ ... අතිමානයාගේ ... මදයාගේ ... පමාදයාගේ ... අභිජානනය පිණිස ... පරිජානනය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්‍රතිනිස්සර්‍ගය පිණිස මේ අටදහම්හු බැවිය යුතුවහ.

රාගාදිපෙය්‍යාලං නිට‍්ඨිතං

රාගපෙය්‍යලාය නිමි.

අට‍්ඨකනිපාතො සමතෙතා.

අට්ඨක නිපාත සමාප්ත යි.