යෙදුමෙන් කියවන්න

අට‍්ඨඅභිභායතන සුත‍්තං

8. 11. 2.

8. 11. 2.

අට‍්ඨඅභිභායතන සුත‍්තං

අට්ඨඅභිභායතන සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය අට‍්ඨ ධම‍්මා භාවෙතබ‍්බා. කතමෙ අට‍්ඨ:

මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස අෂ්ට ධර්‍මයෝ බැවිය යුතුවහ. කවර අටදෙනෙක යත්:

අජ‍්ඣත‍්තං රූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති පරිත‍්තානි සුවණ‍්ණදුබ‍්බණ‍්ණානි. තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමීති එවං සඤ‍්ඤී හොති. අජ‍්ඣත‍්තං රූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති අප‍්පමාණානි සුවණ‍්ණදුබ‍්බණ‍්ණානි තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමීති එවං සඤ‍්ඤී හොති. අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති පරිත‍්තානි සුවණ‍්ණදුබ‍්බණ‍්ණානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමීති එවං සඤ‍්ඤී හොති. අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති අප‍්පමාණානි සුවණ‍්ණදුබ‍්බණ‍්ණානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමීති එවං සඤ‍්ඤී හොති. අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති නීලානි නීලවණ‍්ණානි, නීලනිදස‍්සනානි නීලනිභාසානි, පීතානි පීතවණ‍්ණානි -පෙ- ලොහිතකානි ලොහිතකවණ‍්ණානි -පෙ- ඔදාතානි ඔදාතවණ‍්ණානි -පෙ- ඔදාතනිභාසානි, අතානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමීති එවං සඤ‍්ඤී හොති. රාගස‍්ස භික‍්ඛවෙ භිඤ‍්ඤාය ඉමෙ අට‍්ඨධම‍්මා භාවෙතබ‍්බා.

අධ්‍යාත්මයෙහි රූපසංඥා ඇතියේ නො වැඩූ සුවර්‍ණ දුවර්‍ණ බාහිර රූපායතනයන් දක්නේ ය. ඔවුන් මැඩගෙන දන්මියි දක්මියි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. ඇතියේ වෙයි. අධ්‍යාත්මයෙහි රූපසංඥා ඇතියේ අප්‍රමාණ වූ සුවර්‍ණ දුවර්‍ණ වූ බාහිර රූපායතනයන් දක්නේ ය. ඔවුන් මැඩගෙන දන්මි දක්මි යන මෙබඳු සංඥා ඇතියේ ය. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ නො වැඩූ සුවර්‍ණ දුවර්‍ණ වූ බාහිර රූපායතනයන් දක්නේ ය. ඔවුන් මැඩගෙන දන්මි දක්මි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ අප්‍රමාණ වූ සුවර්‍ණ දුවර්‍ණ වූ බාහිර රූපායතනයන් දක්නේ ය. ඔවුන් මැඩගෙන දන්මි දක්මියි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ නීල වූ නීලවර්‍ණ වූ නීල නිදර්‍ශන වූ (එක නීලවරපන්නෙ) නීල ප්‍රභා ඇති බාහිර රූපායතනයන් දක්නේ ය ... පීතවූ පීතවර්‍ණ වූ ... ලෝහිත වූ ලෝහිතවර්‍ණ වූ ... අවදාත වු අවදාතවර්‍ණ වූ ... අවදාත ප්‍රභා ඇත්තා වූ ඔවුන් මැඩගෙන දන්මි දක්මි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මේ අට දහම්හු බැවිය යුතුයහ යි.