යෙදුමෙන් කියවන්න

අට‍්ඨමග‍්ගඞ‍්ග සුත‍්තං

8. 11. 1.

8. 11. 1.

අට‍්ඨමග‍්ගඞ‍්ග සුත‍්තං

අට්ඨමග්ගඞ්ක සූත්‍රය

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය අට‍්ඨ ධම‍්මා භාවෙතබ‍්බා, කතමෙ අට‍්ඨ:

මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස අෂ්ට ධර්‍ම කෙනෙක් බැවිය යුතුවහ. කවර අටදෙනෙක යත්:

සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවාචා සම‍්මාකම‍්මන‍්තො සම‍්මාආජීවො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි. රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය ඉමෙ අට‍්ඨ ධම‍්මා භාවෙතබ‍්බාති.

සම්මාදිට්ඨිය, සම්මාසඞ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධි යි. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මේ අෂ්ට ධර්‍මයෝ බැවිය යුතුවහ යි.