සත්තාවාස සුත්තං
9. 1. 3. 4.
9. 1. 3. 4.
සත්තාවාස සුත්තං
සත්තාවාස සූත්රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
නව ඉමෙ භික්ඛවෙ, සත්තාවාසා. කතමෙ නව:
මහණෙනි, මේ සත්ත්වයන් වසන තැන් නවයෙකි. කවර නවයෙක යත්:
1. සන්ති භික්ඛවෙ, සත්තා නානත්තකායා නානත්ත සඤ්ඤිනො සෙය්යථාපි මනුස්සා එකච්චෙ ව දෙවා එකච්චෙ ව විනිපාතිකා. අයං පඨමො සත්තාවාසො.
1. මහණෙනි නානාත්වකාය නානාත්වසංඥ සත්හු ඇත. මිනිස්හු ඇතැම් දෙවියෝ ඇතැම් විනිපාතිකයෝ යම් බඳු ද, එ මෙනි. මේ ප්රථම සත්වාවාස යි.
2. සන්ති භික්ඛවෙ, සත්තා නානත්තකායා එකත්තසඤ්ඤිනො සෙය්යථාපි දෙවා බ්රහ්මකායිකා පඨමාභිනිබ්බත්තා අයං දුතියො සත්තාවාසො.
2. මහණෙනි, නානාත්වකාය ඒකත්වසංඥ සත්වයෝ ඇත. පළමු පහළ බ්රහ්මකායික දෙවියෝ යම්බඳු ද, එ මෙනි. මේ ද්විතීය සත්ත්වාවාස යි.
3. සන්ති භික්ඛවෙ, සත්තා එකත්තකායා නානත්තසඤ්ඤිනො සෙය්යථාපි දෙවා ආභස්සරා. අයං තතියො සත්තාවාසො.
3. මහණෙනි, ඒකත්වකාය නානාත්වසංඥා සත්හු ඇත. ආභාස්වර දෙවියෝ යම්බඳු ද, එ මෙනි. මේ තෘතීය සත්වාවාස යි.
4. සන්ති භික්ඛවෙ, සත්තා එකත්තකායා එකත්තසඤ්ඤිනො සෙය්යථාපි දෙවා සුභකිණ්හා. අයං චතුත්ථො සත්තාවාසො.
4. මහණෙනි, ඒකත්වකාය ඒකත්වසංඥ සත්හු ඇත. ශුභකෘත්ස්න දෙවියෝ යම්බඳු ද, එ මෙනි. මේ චතුර්ත්ථ සත්ත්වාවාස යි.
5. සන්ති භික්ඛවෙ සත්තා අසඤ්ඤිනො අප්පටිසංවෙදිනො, සෙය්යථාපි දෙවා අසඤ්ඤසත්තා. අයං පඤ්චමො සත්තාවාසො.
5. මහණෙනි, ප්රතිසංවේදනා රහිත අසංඥසත්හු ඇත. අසංඥසත්ත්ව දෙවියෝ යම්බඳු ද, එ මෙනි. මේ පඤ්ච සත්ත්වාවාස යි.
6. සන්ති භික්ඛවෙ සත්තා සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ ති ආකාසානඤ්චායතනූපගා. අයං ඡට්ඨො සත්තාවාසො.
6. මහණෙනි, සර්වප්රකාරයෙන් රූපසංඥාවන් ඉක්ම ප්රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ආකාශය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණි සත්හු ඇත. මේ ෂෂ්ඨසත්ත්වාවාස යි.
7. සන්ති භික්ඛවෙ සත්තා සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණන්ති’ විඤ්ඤාණඤ්චායතනූපගා. අයං සත්තමො සත්තාවාසො.
7. මහණෙනි, සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය සමතික්රමණය කොට විඥානය අනන්තය යි විඥානන්ත්යායතනයට පැමිණි සත්හු ඇත. මේ සප්තම සත්ත්වාවාස යි.
8. සන්ති භික්ඛවෙ සත්තා සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චි’ති ආකිඤ්චඤ්ඤායතනූපගා. අයං අට්ඨමො සත්තාවාසො.
8. මහණෙනි, සර්වප්රකාරයෙන් විඥානන්ත්යායතනය ඉක්මවා කිසිත් නැතැයි යන ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්හු ඇත. මේ අෂ්ටම සත්ත්වාවාස යි.
9. සන්ති භික්ඛවෙ සත්තා සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගා. අයං නවමො සත්තාවාසො.
9. මහණෙනි, සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය සමතික්රමණය කොට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණි සත්හු ඇත. මේ නවම සත්ත්වාවාස යි.
ඉමෙ ඛො භික්ඛවෙ නව සත්තාවාසාති.
මහණෙනි, මේ නව සත්ත්වාවාස යි.