පඤ්ඤාපරිචිත සුත්තං
9. 1. 3. 5.
9. 1. 3. 5.
පඤ්ඤාපරිචිත සුත්තං
පඤ්ඤාපරිචිත සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
යතො ඛො භික්ඛවෙ භික්ඛුනො පඤ්ඤාය චිත්තං සුපරිචිතං හොති, තස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො කල්ලං වචනාය ‘ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාතී’ ති.
මහණෙනි, යම් කලෙක මහණහුගේ සිත ප්‍රඥායෙන් මොනොවට (මතුමතුයෙහිත්) වැඩුණේ වේ ද, මහණෙනි, ඒ මහණහට “ජාතිය ක්ෂය විය, බඹසර වැස නිම වි ය, කරණී කරන ලද, අර්‍හත්ත්‍වය පිණිස අනෙකෙක් නැතැයි දනිමි” යන තෙල කියන්නට වටනේ ය.
කථඤ්ච භික්ඛවෙ භික්ඛුනො පඤ්ඤාය චිත්තං සුපරිචිතං හොති. වීතරාගං මෙ චිත්තන්ති පඤ්ඤාය චිත්තං සුපරිචිතං හොති. වීතදොසං මෙ චිත්තන්ති පඤ්ඤාය චිත්තං සුපරිචිතං හොති, වීතමොහං මෙ චිත්තන්ති පඤ්ඤාය චිත්තං සුපරිචිතං හොති. අසාරාගධම්මං මෙ චිත්තන්ති පඤ්ඤාය චිත්තං සුපරිචිතං හොති. අසන්දොසධම්මං මෙ චිත්තන්ති පඤ්ඤාය චිත්තං සුපරිචිතං හොති.
මහණෙනි, කෙසේ මහණහුගේ සිත ප්‍රඥායෙන් මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වේ ද? “මා සිත වීතරාගය”යි ප්‍රඥායෙන් සිත මොනවට වැඩුණේ වෙයි. “මා සිත වීතද්වේෂය”යි ප්‍රඥාවෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි. “මා සිත වීතමෝහය”යි ප්‍රඥායෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි. “මා සිත සංරාගස්වභාව නැතැ”යි ප්‍රඥායෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි. “මා සිත සංදූෂණ ස්වභාව නැතැ”යි ප්‍රඥායෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි.
අසම්මොහධම්මං මෙ චිත්තන්ති පඤ්ඤාය චිත්තං සුපරිචිතං හොති අනාවත්තිධම්මං මෙ චිත්තං කාමභවායාති පඤ්ඤාය චිත්තං සුපරිචිතං හොති අනාවත්තිධම්මං මෙ චිත්තං රූපභවායාති පඤ්ඤාය චිත්තං සුපරිචිතං හොති. අනාවත්තිධම්මං මෙ චිත්තං අරූපභවායාති පඤ්ඤාය චිත්තං සුපරිචිතං හොති.
“මා සිත මෝහනස්වභාව නැතැ”යි ප්‍රඥාවෙන් සිත මොනවට වැඩුණේ වෙයි. “මා සිත කාමභවය පිණිස ආවර්‍තනස්වභාව නැතැ”යි ප්‍රඥාවෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි. “මා සිත රූපභවය පිණිස ආවර්‍තනස්වභාව නැතැ”යි ප්‍රඥායෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුනේ වෙයි. “මා සිත අරූපභවය පිණිස ආවර්‍තනස්වභාව නැතැ”යි ප්‍රඥායෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි.
යතො ඛො භික්ඛවෙ භික්ඛුනො පඤ්ඤාය චිත්තං සුපරිචිතං හොති, තස්සෙතං භික්ඛවෙ භික්ඛුනො කල්ලං වචනාය ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාමීති.
මහණෙනි, යම් කලෙක මහණහුගේ සිත ප්‍රඥායෙන් මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වේ ද, මහණෙනි, ඒ මහණහට “දැය ක්ෂය විය, බඹසර වැස නිම විය, කටයුතු කරණ ලදී. මෙ බවට කටයුතු අනෙකක් නැතැයි දනිමි” යන තෙල කියනට වටනේ යි.