සිලායූපොපම සුත්තං
9. 1. 3. 6.
9. 1. 3. 6.
සිලායූපොපම සුත්තං
සිලායූපොම සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච චන්දිකාපුත්තො රාජගහෙ විහරන්ති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තත්ර ඛො ආයස්මා චන්දිකාපුත්තො භික්ඛු ආමන්තෙසි: ආවුසො භික්ඛවොති. ආවුසොති ඛො තෙ භික්ඛු ආයස්මතො චන්දිකාපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා චන්දිකාපුත්තො එතදවොච: “දෙවදත්තො ආවුසො භික්ඛූනං එවං ධම්මං දෙසෙති: යතො ච ඛො ආවුසො භික්ඛුනො චෙතසා චිත්තං පරිචිතං හොති තස්සෙතං භික්ඛුනො කල්ලං වෙය්යාකරණාය ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමීති.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් චන්දිකාපුත්ත තෙරණුවෝ ද රජගහනුවර වේළුවනාරාමයෙහි විහරණ කෙරෙත්. එහි දී ආයුෂ්මත් චන්දිකාපුත්ත තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’යි මහණුන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ මහණහු ආයුෂ්මත් චන්දිකාපුත්හට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් චන්දිකාපුත්ත තෙරණුවෝ තෙල කීහ. ඇවැත්නි, දෙව්දත් භික්ෂූන්ට මෙසේ දහම් දෙසයි: “ඇවැත්නි, යම් කලෙක මහණහුගේ සිතින් සිත (චිත්තාචාරපරියාය) වඩනා ලද්දේ වේ ද, එ මහණහට ජාතිය ක්ෂය විය, බඹසරවැස නිමවන ලද, කරණී කරනලද, මෙ රහත්බැව් පිණිස කටයුතු අනිකෙක් නැතැයි දනිමි තෙල කියනට වටිනේ”යි.
අථ ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං චන්දිකාපුත්තං එතදවොච: “න ඛො ආවුසො චන්දිකාපුත්ත, දෙවදත්තො භික්ඛූනං එවං ධම්මං දෙසෙති:” යතො ඛො ආවුසො භික්ඛුනො චෙතසා චිත්තං පරිචිතං හොති තස්සෙතං භික්ඛුනො කල්ලං වෙය්යාකරණාය ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමී’ ති. එවඤ්ච ඛො ආවුසො චන්දිකාපුත්ත දෙවදත්තො භික්ඛූනං ධම්මං දෙසෙති: ‘යතො ඛො ආවුසො භික්ඛුනො චෙතසා චිත්තං සුපරිචිතං හොති, තස්සෙතං භික්ඛුනො කල්ලං වෙය්යාකරණාය ‘ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමි’ ති.
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් චන්දිකාපුත්ත හට තෙල කීහ: “ඇවැත්නි චන්දිකාපුත්තය, දෙව්දත් භික්ෂූන්ට “ඇවැත්නි යම් කලෙක පටන් මහණහුගේ සිතින් සිත (චිත්තාචාරපරියාය) වඩනා ලද්දේ වේ ද, ඒ මහණහට දැය ක්ෂය විය, බඹසර වසන ලද, කරණී කරන ලද, මේ බව් පිණිස කළයුතු අනිකෙක් නැතැයි දනිමි යන තෙල කියනට වටනේ”යි, මෙසේ දහම් නො දෙසයි. ඇවැත් චන්‍ද්‍රිකාපුත්‍රය, දෙව්දත් භික්ෂූන්ට “ඇවැත්නි, යම් කලෙක පටන් මහණහුගේ සිතින් සිත (චිත්තාචාර පරියායයෙන්) මොනොවට මතුමත්තෙහිත් වඩනා ලද්දේ වේ ද, එ මහණහට ජාතිය ක්ෂය විය, බඹසර වසන ලද කරණී කරන ලද, මෙ බැව් පිණිස කටයුතු අනිකෙක් නැතැයි දනිමි යන තෙල කියනට වටනේ”යී, මෙසේ වනාහි දහම් දෙසයි.
දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො ආයස්මා චන්දිකාපුත්තො භික්ඛු ආමන්තෙසි : දෙවදත්තො ආවුසො භික්ඛූනං එවං ධම්මං දෙසෙති: යතො ඛො ආවුසො භික්ඛුනො චෙතසා චිත්තං පරිචිතං හොති, තස්සෙතං භික්ඛුනො කල්ලං වෙය්යාකරණාය ‘ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමී’ ති.
දෙවනවටත් … තෙවනවටත් ආයුෂ්මත් චන්‍ද්‍රිකාපුත්‍ර තෙරණුවෝ මහණුන් ඇමතූහ: “ඇවැත්නි, දෙව්දත් භික්ෂූන්ට මෙසේ දහම් දෙසයි: “ඇවැත්නි, යම් කලෙක පටන් මහණහුගේ සිතින් සිත (චිත්තාචාරපරියාය) වඩනා ලද්දේ වේ ද, ඒ මහණහට දැය ගෙවින, බඹසර වසන ලද, කරණී කරන ලද, මෙ බැව් පිණිස අනිකෙක් නැතැයි දනිමි යන තෙල කියනට වටනේ”යි.
තතියම්පි ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං චන්දිකාපුත්තං එතදවොච: න ඛො ආවුසො චන්දිකාපුත්ත, දෙවදත්තො භික්ඛූනං එවං ධම්මං දෙසෙති: යතො ඛො ආවුසො, භික්ඛුනො චෙතසා චිත්තං පරිචිතං හොති, තස්සෙතං භික්ඛුනො කල්ලං වෙය්යාකරණාය ඛීණාජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමීති. එවඤ්ච ඛො ආවුසො චන්දිකාපුත්ත දෙවදත්තො භික්ඛූනං ධම්මං දෙසෙති: යතො ඛො ආවුසො භික්ඛුනො චෙතසා චිත්තං සුපරිචිතං හොති, තස්සෙතං භික්ඛුනො කල්ලං වෙය්යාකරණාය ‘ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමී’ ති.
තෙවනවටත් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් චන්ද්රිකාපුත්රහට තෙල කීහ: ඇවැත් චන්‍ද්‍රිකාපුත්‍රය, දෙව්දත් භික්ෂූන්හට මෙසේ නහමක් දහම් දෙසයි. “ඇවැත්නි, යම් කලෙක සිට මහණහුගේ සිතින් සිත (චිත්තාචාරපරියාය) වචන ලද වේ ද, ඒ මහණහට දැය ගෙවිණ, බඹසර වසන ලද, කරණී කරන ලද, මේ බැව් පිණිස අනිකෙක් නැතැයි දනිමි යන තෙල කියනට වටනේ”යි. ඇවැත් චන්‍ද්‍රිකාපුත්‍රය, මෙසේ වනාහි දෙව්දතු භික්ෂූන්ට දහම් දෙසයි: “ඇවැත්නි, යම් කලෙක මහණහුගේ සිතින් සිත (චිත්තාචාරපරියාය) වඩනාලදුයේ වේ ද, එ මහණහට දැය ක්ෂය විය, බඹසර වසන ලද, කරණී කරන ලද, මෙ බැව් පිණිස අනෙකෙක් නැතැයි දනිමි යන තෙල කීමට වටනේ”යි.
කථඤ්ච ආවුසො භික්ඛුනො චෙතසා චිත්තං සුපරිචිතං හොති: වීතරාගං මෙ චිත්තන්ති චෙතසා චිත්තං සුපරිචිතං හොති. වීතදොසං මෙ චිත්තන්ති චෙතසා චිත්තං සුපරිචිතං හොති. වීතමොහං මෙ චිත්තන්ති චෙතසා චිත්තං සුපරිචිතං හොති. අසාරාගධම්මං මෙ චිත්තන්ති චෙතසා චිත්තං සුපරිචිතං හොති. අසන්දොසධම්මං මෙ චිත්තන්ති චෙතසා චිත්තං සුපරිචිතං හොති. අසම්මොහධම්මං මෙ චිත්තන්ති චෙතසා චිත්තං සුපරිචිතං හොති. අනාවත්තිධම්මං මෙ චිත්තං කාමභවායාති චෙතසා චිත්තං සුපරිචිතං හොති. අනාවත්තිධම්මං මෙ චිත්තං රූපභවායාති චෙතසා චිත්තං සුපරිචිතං හොති. අනාවත්තිධම්මං මෙ චිත්තං අරූපභවායාති චෙතසා චිත්තං සුපරිචිතං හොති.
ඇවැත්නි, කෙසේ මහණහුගේ සිතින් සිත (චිත්තාචාරපරියාය) මොනවට වඩනා ලදුයේ වේ ද, “මාගේ සිත වීතරාගය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත වීතදෝසය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත වීතමෝහය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත ඇලුම් ස්වභාව නැත්තේය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත දුෂ්ටවන ස්වභාව නැත්තේ ය”යි සිතින් සිත මොනොවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත මුළාවන ස්වභාව නැත්තේය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත කාමභවයෙන් ආපසු එන ස්වභාව නැත්තේය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත රූපභවයෙන් ආපසු එන ස්වභාව නැත්තේය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත අරූපභවයෙන් ආවර්තන ස්වභාව රහිතය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි.
එවං සම්මා විමුත්තචිත්තස්ස ඛො ආවුසො භික්ඛුනො භුසා චෙපි චක්ඛුවිඤ්ඤෙය්යා රූපා චක්ඛුස්ස ආපාථං ආගච්ඡන්ති. නෙවස්ස චිත්තං පරියාදියන්ති අමිස්සීකතමෙවස්ස චිත්තං හොති ඨිතං ආනෙඤ්ජප්පත්තං වයඤ්චස්සානුපස්සති. භුසා චෙපි සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- මනොවිඤ්ඤෙය්යා ධම්මා මනස්ස ආපාථං ආගච්ඡන්ති නෙවස්ස චිත්තං පරියාදියන්ති. අමිස්සීකතමෙවස්ස චිත්තං හොති ඨිතං ආනෙඤ්ජප්පත්තං, වයඤ්චස්සානුපස්සති.
මහණෙනි, මෙසේ මොනවට මිදුණු සිත් ඇත් මහණහට බොහෝ වූ චක්‍ෂුර්විඥේය රූපයෝ ඇස්හමුවට එත් නමුදු ඔහුගේ සිත මැඩ නො සිටුනා හ. ඔහුගේ සිත ස්ථිත වූයේ ඒ අරමුණු හා නො මුසු වූයේ ම නො සැලෙන බවට පැමිණියේ වෙයි. ව්‍යය අනුවත් දක්නේ ය. බොහෝ වූ ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයෝ. .. ඝ්‍රාණවිඥේය ගන්ධයෝ … ජිහ්වාවිඥේය රසයෝ … කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයෝ … මනෝ විඥේය ධර්මයෝ මනස හමුවට එත් නමුදු ඔහු සිත මැඩ නො සිටුනාහ. ඔහුගේ සිත ස්ථිත වූයේ ඒ අරමුණු හා නො මුසු වූයේ ම නො සැලෙන බවට පැමිණියේ වෙයි. වැය ද දක්නේ යි.
සෙය්යථාපි ආවුසො සිලායූපො සොළසකුක්කුකො, තස්සස්සු අට්ඨකුක්කු හෙට්ඨා නෙමස්ස අට්ඨකුක්කු උපරිනෙමස්ස අථ පුරත්ථිමාය චෙපි දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි නෙව නං කම්පෙය්ය න සඞ්කම්පෙය්ය න සම්පකම්පෙය්ය න සම්පවෙධෙය්ය, අථ පච්ඡිමාය චෙපි දිසාය -පෙ- අථ උත්තරාය චෙපි දිසාය -පෙ- අථ දක්ඛිණාය චෙපි දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි නෙව නං කම්පෙය්ය න සඞ්කම්පෙය්ය න සම්පකම්පෙය්ය, තං කිස්ස හෙතු: ගම්භීරත්තා ආවුසො නෙමස්ස, සුනිඛාතත්තා න සම්පවෙධෙය්ය සිලායූපස්ස.
ඇවැත්නි, යම් පරිදි (දිගින්) සොළොස්රියන් ගල් ටැඹෙක් වේ නම් ඒ ටැම්හුගේ අටරියනෙක් යට වළෙහි වෙයි. අටරියනෙක් වළෙන් මතුයෙහි වෙයි. එකල පෙරදිගින් දළපොද සුළඟෙක් ඒ නම් එය නො ම සලනේ ය. වෙසෙසින් නො සලනේ ය. වෙවුලා නො යන්නේ ය. වෙසෙසින් වෙවුලා නො යන්නේය. වැලි පැදුම් දිගින් … වැලි උතුරු දිගින් … වැලි දකුණු දිගින් මහවැසි සුළඟෙක් ඒ නම් එය නො ම සලනේ ය. වෙසෙසින් නො සලනේ ය. වෙවුලා නො යන්නේය. වෙසෙසින් වෙවුලා නො යන්නේය. ඒ කවර හෙයින යත්: ඇවැත්නි, වළ ගැඹුරු බැවිනි. ගල්ටැඹ මොනවට සිටුවන ලද බැවිනි.
එවමෙව ඛො ආවුසො එවං සම්මා විමුත්තචිත්තස්ස භික්ඛුනො භුසා චෙපි චක්ඛුවිඤ්ඤෙය්යා රූපා චක්ඛුස්ස ආපාථං ආගච්ඡන්ති. නෙවස්ස චිත්තං පරියාදියන්ති, අමිස්සීකතමෙවස්ස චිත්තං හොති, ඨිතං ආනෙඤ්ජප්පත්තං වයඤ්චස්සානුපස්සති. භුසා චෙපි සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- මනොවිඤ්ඤෙය්යා ධම්මා මනස්ස ආපාථං ආගච්ඡන්ති. නෙවස්ස චිත්තං පරියාදියන්ති. අමිස්සීකතමෙවස්ස චිත්තං හොති ඨිතං ආනෙඤ්ජප්පත්තං, වයඤ්චස්සානුපස්සති.
ඇවැත්නි, එපරිදි ම මෙසේ මිදුණු සිත් ඇති එ මහණහුගේ ඇස් හමුවට බොහෝ වූ චක්‍ෂුර්විඥේය රූපයෝ එත් නමුදු ඔහු සිත මැඩ නොම සිටුනාහ. ඔහුගේ සිත අමිශ්‍රීකෘත වූයේ ම ස්ථිත වූයේ නො සැලෙන බවට පැමිණියේ වෙයි. වැය අනුව දක්නේත් වෙයි. බොහෝ වූ ශොත්රවිඥේය ශබ්දයෝ ... ඝ්‍රාණවිඥේය ගන්ධයෝ … ජිහ්වාවිඥේය රසයෝ … කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයෝ … මනෝ විඥේය ධර්මයෝ මනස් හමුවට එත් නමුදු ඔහුගේ සිත මැඩ නො ම සිටුනාහ. ඔහුගේ සිත අමිශ්‍රීකෘත වූයේ ම ස්ථිත වූයේ ම නො සැලෙන බවට පැමිණියේ වෙයි. වැය ද නුවණින් දක්නේත් වේ.