පඨමවෙරභය සුත්තං
9. 1. 3. 7.
9. 1. 3. 7.
පඨමවෙරභය සුත්තං
පඨමවෙරභය සූත්‍රය
[සාවත්ථිනිදානං]
[සැවැත්නිදාන යි]
අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච:
එකල අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් අනේපිඬු ගැහැවිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
යතො ඛො ගහපති අරියසාවකස්ස පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති. චතුහි ච සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති. සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්යාකරෙය්ය: ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි ඛීණපෙත්තිවිසයො ඛීණඅපායදුග්ගතිවිනිපාතො සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො.
ගෘහපතිය, යම් කලෙක අරීසවුහුගේ පස් චිත්තෝත්‍රාස භය ද අකුසල වෛරයෝ ද සන්හුන් වෙත් ද, සතර සෝතාපත්ති මාර්‍ගාඞ්ගයන්ගෙන් සමන්වාගත වේ ද, හේ කැමැති වනුයේ තෙමේ ම “ක්ෂය කළ නිරා ඇතියෙම් වෙමි, පහවූ තිරිසන් අත්බව් ඇතියෙම් වෙමි, ක්ෂය කළ ප්‍රේතවිෂය ඇතියෙම් වෙමි, ක්ෂය කළ අවා දුගති විනිපා ඇතියෙම් වෙමි. (සුවයෙන්) නොහෙනසුලුයෙම් නියතයෙම් සම්බෝධිපරායන වූයෙම් සෝවන් වෙමි යී තමා පවසන්නේ ය.”
කතමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති:
කවර පඤ්ච භය කෙනෙක් වෛර කෙනෙක් සන්හුන් වූවාහු වෙත් ද යත්:
1. යං ගහපති පාණාතිපාතී පාණාතිපාතප්පච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. පාණාතිපාතා පටිවිරතො නෙව දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, න සම්පරායිකම්පි භයං වෙරං පසවති, න චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. පාණාතිපාතා පටිවිරතස්ස එවං තං භයං වෙරං වූපසන්තං හොති.
1. ගෘහපති, පණිවා කරනුයේ පණිවා හේතුයෙන් දෘෂ්ටධාර්මික වූ යම් භයක් වෛරයක් ලබනේ ද, සම්පරායික වූ භයක් වෛරයක් ලබයි ද, චෛතසික දුක් දොම්නසක් විඳී ද, පණිවායෙන් වැළැකියේ දිටුදැමි වූ ද භය වෛරය නො ම ලබයි. සාම්පරායිකවූ ද භය වෛරය නො ම ලබයි. චෛතසික වූ ද දුක් දොම්නස් නොම විඳියි. පණිවායෙන් වැළකියාහට මෙසේ ඒ භය වෛරය සන්සිඳුනේ වෙයි.
2-5 යං ගහපති අදින්නාදායී -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨායී, සුරාමෙරයමජ්ජපමාදට්ඨානප්පච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති -පෙසුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතස්ස එවං තං භයං වෙරං වූපසන්තං හොති. ඉමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති.
2-5. ගැහැවිය, නුදුන් දෑ ගන්නා සුලුයේ … කාමයෙහි මිසහසර ඇතියේ … මුසවා කියනුයේ … මද පමා දෙකට කරුණු රහමෙර බොනසුලුයේ මද පමා දෙකට කරුණු රහමෙරහේතුයෙන් යම්ම දිටුදැමි භයක් වෛරයක් ලබා ද, සාම්පරායික භයවෛරයක් ලබා ද, චෛතසික දුක්දොම්නසුත් විඳී ද … මදපමා දෙකට කරුණු රහමෙරින් වැළකියාහට මෙසේ ඒ භයවෛර සන්හිඳුනේ වෙයි. මේ පඤ්ච භයවෛරයෝ ව්‍යුපශාන්ත වෙත්.
කතමෙහි චතුහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති.
කවර සෝතාපත්තිමාර්ගාඞ්යන් ගෙන් සමන්වාගත වේය යත්:
6. ඉධ ගහපති අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථී සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති.
6. ගැහැවිය, මෙ සස්නෙහි අරීසවු බුදුරජුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්වාගත වෙයි: “මෙ කරුණෙනුදු ඒ භගවත්හු අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තරපුරුෂදම්‍යසාරථීහ, දෙව්මිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ”යි.
7. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති. ‘ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී’ති.
7. ධර්මයෙහි අචලප්‍රසාදයෙන් සමන්වාගත වෙයි, “භගවත්හු විසින් ධර්මය ස්වාඛ්‍යාත ය, සාන්දෘෂ්ටික ය, අකාලික ය, එහිපස්සවිධියට අර්හ ය, උපනයනාර්‍හ ය, විඥයන් විසින් සිය සතන්හි ලා වේදිතව්‍ය”ය කියා යි.
8. සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති. ‘සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො උජුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො ඤායපටිපන්නො භගවතො සාවකසඞ්ඝො සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’ති.
8. සඟුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්වාගත වෙයි. භගවත්හුගේ සවුසඟහු සුපිළිපන්හ. භගවත්හුගේ සව් සඟහු ඉදි ව පිළිපන්හ, භගවත්හුගේ සවු සඟහු න්‍යායානුකූල ව පිළිපන්හ, භගවත්හුගේ සවුසඟහු සාමීචි ප්‍රතිපදායෙන් පිළිපන්හ. ඔහු කවරහ: චතුෂ්පුරුෂ යුගයෝ ය, අෂ්ට පුරුෂ පුද්ගලයෝ ය, භගවත්හුගේ තෙල සවුසඟහු (ඇරදෙන්නට නිසි අන්නපානප්‍රතිග්‍රහණයට අර්හවන බැවින්) ආහුනෙය්‍යයහ, (ආගන්තුක සත්කාරයට අර්හ වන බැවින්) පාහුනෙය්‍යයහ, (දක්ෂිණාවට අර්හ වන බැවින්) දක්ඛිණෙය්‍යයහ, (අඤ්ජලි කර්මයට අර්හ වන බැවින්) අඤ්ජලිකරණීයයහ. ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රයහ කියා යි.
9. අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති, අඛණ්ඩෙහි අච්ඡිද්දෙහි අසබලෙහි අකම්මාසෙහි භුජිස්සෙහි විඤ්ඤුප්පසත්ථෙහි අපරාමට්ඨෙහි සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි චතුහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති.
9. නොකැඩුණු නො සිදුරුවුණු කබර පැහැ නොගත් ලප නැති නිදහස් විඥප්‍රශස්ත (තණ්හා දිට්ඨි දෙකින්) පරාමර්ශනය නො කළ සමාධි සංවර්තනික ආර්‍ය්‍යයනට ප්‍රිය ශීලයෙන් සමන්වාගත වෙයි. මේ සතර සෝවන් අඟින් සමන්වාගත වෙයි.
යතො ඛො ගහපති අරියසාවකස්ස ඉමානි පඤ්චභයානි වෙරානි වූපසන්තානි හොන්ති, ඉමෙහි චතුහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති, සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං බ්යාකරෙය්ය: ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනි ඛීණපෙත්තිවිසයො ඛීණඅපායදුග්ගතිවිනිපාතො සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති.
ගැහැවිය, යම් කලෙක අරීසවුහට මේ පස් භීතිහු අකුශල වෛරයෝ සන්සුන් වෙත් ද, මේ සතර සෝවන් අඟින් සමන්වාගත වේ ද, හේ කැමැතියේ තෙමේ ම තමන් පහළ කරන්නේ ය, ‘පහවූ නිරා ඇතියෙමි, ක්ෂය කළ තිරිසන් යොන් ඇතියෙමි, ක්ෂය කළ ප්‍රේතවිෂය ඇතියෙමි, ක්ෂය කළ අවාදුගති විනිපාත ඇතියෙමි, මම සෝවානමි, විනිපාතස්වභාව නැතියෙම් නියතයෙම් සම්බෝධි පරායණ කොට ගත්තෙම් වෙමි’ කියායි.