යෙදුමෙන් කියවන්න

නාමරූපපරිග‍්ගහකථා

නාමරූපපරිග‍්ගහකථා

නාමරූපපරිග්ගහකථා

ඉදානි යා “ඉමෙසු භූමිභූතෙසු ධම‍්මෙසු උග‍්ගහපරිපුච‍්ඡාවසෙන ඤාණපරිචයං කත්‍වා ‘සීලවිසුද‍්ධි චෙව චිත‍්තවිසුද‍්ධි චා’ති ද‍්වෙ මූලභූතා විසුද‍්ධියො සම‍්පාදෙතබ‍්බා”ති වුත‍්තා. තත්‍ථ සීලවිසුද‍්ධි නාම සුපරිසුද‍්ධං පාතිමොක‍්ඛසංවරාදිචතුබ‍්බිධං සීලං, තඤ‍්ච සීලනිද‍්දෙසෙ විත්‍ථාරිතමෙව. චිත‍්තවිසුද‍්ධි නාම සඋපචාරා අට‍්ඨ සමාපත‍්තියො, තාපි චිත‍්තසීසෙන වුත‍්තසමාධිනිද‍්දෙසෙ සබ‍්බාකාරෙන විත්‍ථාරිතා එව. තස‍්මා තා තත්‍ථ විත්‍ථාරිතනයෙනෙව වෙදිතබ‍්බා.

ඉක්බිති (විදර්ශනාවට) භූමිභූත මෙම ධර්මයන් පිළිබඳව උග්ගහ (වන පොත් කිරීම) හා පරිපුච්ඡා (අර්ත්‍ථ විචාරීම්) වශයෙන් දැනුම හා පුහුණුව ලැබීමෙන් ශීල විශුද්ධි, චිත්ත විශුද්ධි යන මූලික විශුද්ධි දෙක සම්පදනය කළ යුතුය’යි යමක් කියන ලද්දේද, එහි ශීල විශුද්ධි නම් වූ සුපිරිසුදුව රක්නාලද ප්‍රාතිමෝක්‍ෂ සංවරාදී චතුර්විධ ශීලයයි; එය ශීලනිර්දේශයෙහි විස්තර කරන ලද්දේමය. චිත්ත විශුද්ධි යනු උපචාර සහිත සමාපත්ති අටයි, එයද චිත්ත ශීර්ෂය යටතෙහි කියන ලද සමාධි නිර්දේශයෙහි සියලු ආකාරයෙන්ම විස්තර කරන ලද්දේමය. එහෙයින් ඒ දෙක එහි විස්තර කරන ලද නයින්ම දතයුතුය.

යං පන වුත‍්තං “දිට‍්ඨිවිසුද‍්ධි, කඞ‍්ඛාවිතරණවිසුද‍්ධි, මග‍්ගාමග‍්ගඤාණදස‍්සනවිසුද‍්ධි, පටිපදාඤාණදස‍්සනවිසුද‍්ධි, ඤාණදස‍්සනවිසුද‍්ධීති ඉමා පන පඤ‍්ච විසුද‍්ධියො සරීර”න‍්ති, තත්‍ථ නාමරූපානං යාථාවදස‍්සනං දිට‍්ඨිවිසුද‍්ධි නාම.

‘‘දිට්ඨි විසුද්ධි, කඞ්ඛාවිතරණ විසුද්ධි, මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධි, පටිපදා ඤාණදස්සන විසුද්ධි, ඤාණදස්සන විසුද්ධි යන මේ විශුද්ධි පස ශරීරයයි”’ යනුවෙන් යමක් කියන ලද්දේද, එහි නාම-රූපයන් තත් වූ පරිද්දෙන් දැකීම දිට්ඨි විසුද්ධි නම්වේ.

තං සම‍්පාදෙතුකාමෙන සමථයානිකෙන තාව ඨපෙත්‍වා නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං අවසෙසරූපාරූපාවචරජ‍්ඣානානං අඤ‍්ඤතරතො වුට‍්ඨාය විතක‍්කාදීනි ඣානඞ‍්ගානි, තංසම‍්පයුත‍්තා ච ධම‍්මා ලක‍්ඛණරසාදිවසෙන පරිග‍්ගහෙතබ‍්බා. පරිග‍්ගහෙත්‍වා සබ‍්බම‍්පෙතං ආරම‍්මණාභිමුඛං නමනතො නමනට‍්ඨෙන නාමන‍්ති වවත්‍ථපෙතබ‍්බං.

එය සම්පාදනය කරනු කැමැති සමථයානික යෝගාවචරයා විසින් පළමුකොට නේවසඤ්ඤා නාසඤ්ඤායතන සමාපත්තිය හැර සෙසු රූපාරූපාවචර ධ්‍යානයෙකින් නැගී විතර්කාදී ධ්‍යානාංගයන්ද, සෙසු සම්ප්‍රයුක්ත ධර්මයන්ද ලක්‍ෂණ - රසාදී වශයෙන් පිරිසිඳ ගත යුතුය. එසේ පිරිසිඳගෙන නම් සියල්ල අරමුණ වෙතට නැඹුරු වන හෙයින් නැඹුරුවීම් අර්ත්‍ථයෙන් ‘නාම’ යයි ව්‍යවස්ථාපනය කළයුතුය.

තතො යථා නාම පුරිසො අන‍්තොගෙහෙ සප‍්පං දිස‍්වා තං අනුබන්‍ධමානො තස‍්ස ආසයං පස‍්සති, එවමෙව අයම‍්පි යොගාවචරො තං නාමං උපපරික‍්ඛන‍්තො “ඉදං නාමං කිං නිස‍්සාය පවත‍්තතී”ති පරියෙසමානො තස‍්ස නිස‍්සයං හදයරූපං පස‍්සති. තතො හදයරූපස‍්ස නිස‍්සයභූතානි, භූතනිස‍්සිතානි ච සෙසුපාදායරූපානීති රූපං පරිග‍්ගණ‍්හාති. සො සබ‍්බම‍්පෙතං රුප‍්පනතො රූපන‍්ති වවත්‍ථපෙති. තතො නමනලක‍්ඛණං නාමං, රුප‍්පනලක‍්ඛණං රූපන‍්ති සඞ‍්ඛෙපතො නාමරූපං වවත්‍ථපෙති.

ඉක්බිති යම්සේ වනාහි පුරුෂයෙක් තෙමේ ගෙය-තුළ සර්පයකු දැක පසුපස යනුයේ සර්පයා වසන තැන දකීද, එසේම මේ යෝගාවචරයාද එම ‘නාමය’ නුවණින් පරීක්‍ෂා කරනුයේ ‘මේ නාමය කුමක් නිසා පවත්නේදැ’යි සොයනුයේ නාමය ඇසුරු කොට පවත්නා හෘදයරූපය දකියි, අනතුරුව හෘදයරූපයට නිශ්‍රය වූ මහාභූතයන්ද, මහාභූතයන් ඇසුරු කොට පවත්නා උපාදාය රූපයන්දැ’යි යනුවෙන් මෙසේ රූපය හඳුනා ගනියි. හේ තෙමේ මේ සියල්ල විනාශ වන සුලු හෙයින් ‘රූප’ යයි ව්‍යවස්ථාපනය කරයි. ඉක්බිති අරමුණු වෙත නැමෙන ලක්‍ෂණ ඇත්තේ නාමයයිද, වෙනස් වන ලක්‍ෂණ ඇත්තේ රූපයයිද සැකෙවින් නාමරූප දෙක විනිශ්චය කරයි.

සුද‍්ධවිපස‍්සනායානිකො පන අයමෙව වා සමථයානිකො චතුධාතුවවත්‍ථානෙ වුත‍්තානං තෙසං තෙසං ධාතුපරිග‍්ගහමුඛානං අඤ‍්ඤතරමුඛවසෙන සඞ‍්ඛෙපතො වා විත්‍ථාරතො වා චතස‍්සො ධාතුයො පරිග‍්ගණ‍්හාති. අථස‍්ස යාථාවසරසලක‍්ඛණතො ආවිභූතාසු ධාතූසු කම‍්මසමුට‍්ඨානම‍්හි තාව කෙසෙ “චතස‍්සො ධාතුයො, වණ‍්ණො, ගන්‍ධො, රසො, ඔජා, ජීවිතං, කායප‍්පසාදො”ති එවං කායදසකවසෙන දස රූපානි, තත්‍ථෙව භාවස‍්ස අත්‍ථිතාය භාවදසකවසෙන දස, තත්‍ථෙව ආහාරසමුට‍්ඨානං ඔජට‍්ඨමකං, උතුසමුට‍්ඨානං, චිත‍්තසමුට‍්ඨානන‍්ති අපරානිපි චතුවීසතීති එවං චතුසමුට‍්ඨානෙසු චතුවීසතිකොට‍්ඨාසෙසු චතුචත‍්තාලීස චතුචත‍්තාලීස රූපානි, සෙදො, අස‍්සු, ඛෙළො, සිඞ‍්ඝාණිකාති ඉමෙසු පන චතූසු උතුචිත‍්තසමුට‍්ඨානෙසු ද‍්වින‍්නං ඔජට‍්ඨමකානං වසෙන සොළස සොළස රූපානි, උදරියං, කරීසං, පුබ‍්බො, මුත‍්තන‍්ති ඉමෙසු චතූසු උතුසමුට‍්ඨානෙසු උතුසමුට‍්ඨානස‍්සෙව ඔජට‍්ඨමකස‍්ස වසෙන අට‍්ඨ අට‍්ඨ රූපානි පාකටානි හොන‍්තීති. එස තාව ද‍්වත‍්තිංසාකාරෙ නයො.

ශුද්ධ විදර්ශනායානිකයා හෝ වේවා, මෙකී සමථයානිකයාම හෝ වේවා, (ඉහත) චතුධාතු වවත්‍ථානයෙහි කියන ලද ධාතූන් හඳුනාගැනීමේ ශීර්ෂයන් අතුරෙන්, එක්තරා ශීර්ෂයෙකින් සංක්‍ෂේප වශයෙන් හෝ විස්තර වශයෙන් හෝ සතර ධාතුන් හඳුනාගනියි. ඉක්බිති ඔහුට කෘත්‍ය හා ලක්‍ෂණ වශයෙන් ධාතූන් නිසි පරිදි ප්‍රකට වූ කල්හි, පළමුකොට කම්ම සමුට්ඨානික (කර්මයෙන් හටගත්) කේශ විෂයයෙහි සතර ධාතූන්ද, වණ්ණ, ගන්‍ධ, රස, ඕජා, ජීවිත, කායප්පසාදයන්දැ’යි මෙසේ කායදශක වශයෙන් රූප දශයෙකි; එම කේශ විෂයයෙහි භාවරූපයද ඇති හෙයින් භාවදශක වශයෙන් තවද රූප දශයෙකි; එහිම ආහාරසමුට්ඨාන, උතු සමුට්ඨාන, චිත්ත සමුට්ඨාන (ආහාර, ඍතු, චිත්ත යන මේ තුනෙන් හටගත්) ඕජට්ඨමක (‘ඕජා’ යන්නෙන් අවසන් වන, එනම් ජීවිත, කායප්පසාද යන දෙක හැර ඉතිරි අට) වශයෙන්දැයි තවද සූවිස්සෙකි. මෙසේ චතුසමුට්ඨානික (කම්ම, චිත්ත, උතු, ආහාර යන සතරින් හටගත්) (කේශ ආදී) සූවිසි කොට්ඨාසයෙහි එක් එක් කොට්ඨාසයෙහි සූසාළිසක් බැගින් රූපයෝ වෙති. සෘතු, චිත්ත යන දෙකින් හටගන්නා සේද, අස්සු, ඛේළ, සිඞ්ඝානිකා යන මේ සිවු කොටසෙහි ඕජට්ඨමක දෙකක් වශයෙන් සොළොසක් බැගින් රූපයෝ වෙති. උදරිය, කරීස, පුබ්බ, මුත්ත යන උතුසමුට්ඨාතික (ඍතුවෙන් හටගන්නා) සතරෙහි උතුසමුට්ඨානික ඕජමට්ඨක වශයෙන් අටක් බැගින් රූපයෝ ප්‍රකට වෙති. මේ ද්වත්තිංසාකාර ක්‍රමයයි.

යෙ පන ඉමස‍්මිං ද‍්වත‍්තිංසාකාරෙ ආවිභූතෙ අපරෙ දස ආකාරා ආවිභවන‍්ති. තත්‍ථ අසිතාදිපරිපාචකෙ තාව කම‍්මජෙ තෙජොකොට‍්ඨාසම‍්හි ඔජට‍්ඨමකඤ‍්චෙව ජීවිතඤ‍්චාති නව රූපානි, තථා චිත‍්තජෙ අස‍්සාසපස‍්සාසකොට‍්ඨාසෙපි ඔජට‍්ඨමකඤ‍්චෙව සද‍්දො චාති නව, සෙසෙසු චතුසමුට‍්ඨානෙසු අට‍්ඨසු ජීවිතනවකඤ‍්චෙව තීණි ච ඔජට‍්ඨමකානීති තෙත‍්තිංස රූපානි පාකටානි හොන‍්ති.

මේ ද්වත්තිංසාකාරය ප්‍රකට වූ කල්හි, තවද යම් දශ ආකාරයක් ප්‍රකට වේද, එහි පළමුකොට අසිත (කෑම බිදීම ආදී) ආහාර පැසවන කර්මජ වූ තෙජෝධාතු කොට්ඨාසයෙහි ඕජට්ඨමකය හා ජීවිත රූපයදැයි යනුවෙන් රූප නවයෙක් වේ. එසේම චිත්තජ වූ ආශ්වාස-ප්‍රශ්වාස කොටසෙහිද ඕජට්ඨමක හා ශබ්දයදැ’යි රූප නවයෙක් වේ. සෙසු චතුසමුට්ඨාන රූප අටෙහි ජීවිත නවක (‘ජීවිත’ යන්නෙන් අවසන්වන) කලාපයද ඕජට්ඨමක තුනදැ’යි මෙසේ තෙතිසක් බැගින් රූපයෝ ප්‍රකට වෙති.

තස‍්සෙවං විත්‍ථාරතො ද‍්වාචත‍්තාලීසාකාරවසෙන ඉමෙසු භූතුපාදායරූපෙසු පාකටෙසු ජාතෙසු වත්‍ථුද‍්වාරවසෙන පඤ‍්ච චක‍්ඛුදසකාදයො, හදයවත්‍ථුදසකඤ‍්චාති අපරානිපි සට‍්ඨිරූපානි පාකටානි හොන‍්ති. සො සබ‍්බානිපි තානි රුප‍්පනලක‍්ඛණෙන එකතො කත්‍වා “එතං රූප”න‍්ති පස‍්සති.

මෙසේ ඔහුට විස්තර වශයෙන් දෙසාළිස් ආකාරයෙකින් මේ භූත-උපාදාය රූපයන් ප්‍රකට වූ කල්හි වස්තු හා ද්වාර වශයෙන් චක්‍ඛු ආදී පඤ්චදසකය හා හදයවත්‍ථු දසකයදැ’යි තවද රූපයෝ සැටක් ප්‍රකට වෙති. හේ තෙමේ එකී සියල්ලම රුප්පන (විනාශවන) ලක්‍ෂණ වශයෙන් සංග්‍රහ කොට ‘මේ රූපය’යි දකියි.

තස‍්සෙවං පරිග‍්ගහිතරූපස‍්ස ද‍්වාරවසෙන අරූපධම‍්මා පාකටා හොන‍්ති. සෙය්‍යථිදං – ද‍්වෙපඤ‍්චවිඤ‍්ඤාණානි, තිස‍්සො මනොධාතුයො, අට‍්ඨසට‍්ඨි මනොවිඤ‍්ඤාණධාතුයොති එකාසීති ලොකියචිත‍්තානි, අවිසෙසෙන ච තෙහි චිත‍්තෙහි සහජාතො ඵස‍්සො, වෙදනා, සඤ‍්ඤා, චෙතනා, ජීවිතං, චිත‍්තට‍්ඨිති, මනසිකාරොති ඉමෙ සත‍්ත සත‍්ත චෙතසිකාති. ලොකුත‍්තරචිත‍්තානි පන නෙව සුද‍්ධවිපස‍්සකස‍්ස , න සමථයානිකස‍්ස පරිග‍්ගහං ගච‍්ඡන‍්ති අනධිගතත‍්තාති. සො සබ‍්බෙපි තෙ අරූපධම‍්මෙ නමනලක‍්ඛණෙන එකතො කත්‍වා “එතං නාම”න‍්ති පස‍්සති. එවමෙකො චතුධාතුවවත්‍ථානමුඛෙන විත්‍ථාරතො නාමරූපං වවත්‍ථපෙති.

මෙසේ රූපය හඳුනාගත් පසු ඔහුට ද්වාර වශයෙන් අරූප ධර්මයෝ ප්‍රකට වෙයි. ඒ මෙසේය: පඤ්ච විඤ්ඤාණ දෙකද, මනෝධාතු තුනද, මනෝ විඤ්ඤාණ ධාතු සැට අටදැ’යි යන මේ එක් අසූවක් ලෞකික සිත් හා අවිශේෂයෙන් එම සිත් හා සමග උපන් ඵස්සය, වේදනාය, සඤ්ඤාය, චේතනාය, ජීවිතින්‍ද්‍රියය, චිත්තට්ඨිතිය, මනසිකාරයයි යන මේ චෛතසික සතද ප්‍රකට වේ. ලෝකෝත්තර සිත් වනාහි ශුද්ධ විදර්ශනා යානිකයාගේ හෝ සමථයානිකයාගේ හෝ විෂය පථයට නොපැමිණෙයි; එය අවබෝධ නොකළ හෙයිනි. ඒ යෝගාවචර තෙමේ එම සියලු අරූප ධර්මයන් නැමීම් ලක්‍ෂණයෙන් සංග්‍රහ කොට ‘මේ නාමය’ යි දකියි. මෙසේ එක් යෝගාවචර කෙනෙක් චතු ධාතු වවත්‍ථාන නයින් විස්තර වශයෙන් නාම-රූපයන් ව්‍යවස්ථාපනය කරයි.

අපරො අට‍්ඨාරසධාතුවසෙන. කථං? ඉධ භික‍්ඛු අත්‍ථි ඉමස‍්මිං අත‍්තභාවෙ චක‍්ඛුධාතු…පෙ… මනොවිඤ‍්ඤාණධාතූති ධාතුයො ආවජ‍්ජිත්‍වා යං ලොකො සෙතකණ‍්හමණ‍්ඩලවිචිත‍්තං ආයතවිත්‍ථතං අක‍්ඛිකූපකෙ න‍්හාරුසුත‍්තකෙන ආබද‍්ධං මංසපිණ‍්ඩං “චක‍්ඛූ”ති සඤ‍්ජානාති, තං අග‍්ගහෙත්‍වා ඛන්‍ධනිද‍්දෙසෙ උපාදාරූපෙසු වුත‍්තප‍්පකාරං චක‍්ඛුපසාදං “චක‍්ඛුධාතූ”ති වවත්‍ථපෙති.

අන් කෙනෙක් අටළොස් ධාතු වශයෙන් ගනිති. කෙසේද යත්:- ශාසනයෙහි එක් භික්‍ෂු කෙනෙක් මේ ආත්මභාවයෙහි චක්‍ඛුධාතුය. -පෙ- මනෝ විඤ්ඤාණ ධාතුය යන අටළොස් ධාතුන් ඇතැ’යි ආවර්ජනය කොට, ලෝවැස්සෝ සුදු හා කළු මඬුලුවලින් විසිතුරු වූ (නිශ්චිත) දිග - පළල සහිතවූ ඇස් කුහරය තුළ ස්නායු-තන්තුවෙන් බැඳුණ මාංස පිණ්ඩය ‘ඇස’ යයි හඳුනා ගනිත්ද, එය එසේ නොගෙන, ඛන්‍ධ නිද්දේසයෙහි, උපාදාය රූප විෂයයෙහි කියන ලද ස්වරූප සහිත චක්‍ඛුප්පසාදය චක්‍ඛුධාතුය’යි ව්‍යවස්ථාපනය කරයි.

යානි පනස‍්ස නිස‍්සයභූතා චතස‍්සො ධාතුයො, පරිවාරකානි චත‍්තාරි වණ‍්ණ-ගන්‍ධ-රස-ඔජා-රූපානි, අනුපාලකං ජීවිතින්‍ද්‍රියන‍්ති නව සහජාතරූපානි, තත්‍ථෙව ඨිතානි කායදසකභාවදසකවසෙන වීසති කම‍්මජරූපානි, ආහාරසමුට‍්ඨානාදීනං තිණ‍්ණං ඔජට‍්ඨමකානං වසෙන චතුවීසති අනුපාදින‍්නරූපානීති එවං සෙසානි තෙපණ‍්ණාස රූපානි හොන‍්ති, න තානි ච “චක‍්ඛුධාතූ”ති වවත්‍ථපෙති. එස නයො සොතධාතුආදීසුපි. කායධාතුයං පන අවසෙසානි තෙචත‍්තාලීස රූපානි හොන‍්ති. කෙචි පන උතුචිත‍්තසමුට‍්ඨානානි සද‍්දෙන සහ නව නව කත්‍වා පඤ‍්චචත‍්තාලීසාති වදන‍්ති.

එයට නිශ්‍රය වූ පඨවි ආදී ධාතු සතරද, පිරිවර වූ වර්ණ, ගන්‍ධ, රස, ඕජා රූපයන්ද අනුපාලක වූ ජිවිතින්‍ද්‍රියදැ’යි යන මේ සහජාත රූප නවයද, එහිම කායදසක-භාවදසක වශයෙන් සිටි කර්මජ රූප විස්සද, ආහාර සමුට්ඨානාදිය හා සමග බැඳුණ ඕජට්ඨමක තුන වශයෙන් වූ සූවිසි අනුපාදින්න (අකර්මජ) රූපදැ’යි මෙසේ සෙසු යම් තෙපණසක් රූපයෝ වෙත්ද, ඒ කිසිවක් චක්‍ඛුධාතු වශයෙන් ව්‍යවස්ථාපනය නොකරයි. සෝතධාතු ආදියෙහිද මෙම නයයි. කාය ධාතු විෂයයෙහි වනාහි අවශේෂ රූපයෝ තෙසාළිසක් වෙති: ඇතැම් ආචාර්ය කෙනෙක් උතු-චිත්ත සමුට්ඨානයන් ශබ්දය සමග නවයක් නවයක් කොට පන්සාළිසෙකැ’යි යෙති.

ඉති ඉමෙ පඤ‍්ච පසාදා, තෙසඤ‍්ච විසයා රූපසද‍්දගන්‍ධරසඵොට‍්ඨබ‍්බා පඤ‍්චාති දස රූපානි දස ධාතුයො හොන‍්ති. අවසෙසරූපානි ධම‍්මධාතුයෙව හොන‍්ති. චක‍්ඛුං පන නිස‍්සාය රූපං ආරබ‍්භ පවත‍්තං චිත‍්තං චක‍්ඛුවිඤ‍්ඤාණධාතු නාමාති එවං ද‍්වෙපඤ‍්චවිඤ‍්ඤාණානි පඤ‍්ච විඤ‍්ඤාණධාතුයො හොන‍්ති. තීණි මනොධාතුචිත‍්තානි එකා මනොධාතු, අට‍්ඨසට‍්ඨි මනොවිඤ‍්ඤාණධාතුචිත‍්තානි මනොවිඤ‍්ඤාණධාතූති සබ‍්බානිපි එකාසීති ලොකියචිත‍්තානි සත‍්ත විඤ‍්ඤාණධාතුයො. තංසම‍්පයුත‍්තා ඵස‍්සාදයො ධම‍්මධාතූති එවමෙත්‍ථ අඩ‍්ඪෙකාදස ධාතුයො රූපං, අඩ‍්ඪට‍්ඨමා ධාතුයො නාමන‍්ති එවමෙකො අට‍්ඨාරසධාතුවසෙන නාමරූපං වවත්‍ථපෙති.

මෙසේ මේ පසාද පංචකයද එයට විෂය වූ රූප, සද්ද, ගන්‍ධ, රස, ඵොට්ඨබ්බ යන රූප දශකය දසධාතු නම්වේ. සෙසු රූපයෝ ධම්මධාතු නම් වෙති. චක්‍ඛුප්පසාදය නිසා රූපය අරබයා පවත්නා සිත චක්‍ඛු විඤ්ඤාණධාතු නමැ’යි මේ අයුරින් ගෙන පංච විඤ්ඤාණ දෙක පංච විඤ්ඤාණධාතු නම් වේ. මනෝධාතු සිත් තුන එක්ම මනෝධාතුයි, අටසැටක් වූ මනෝ විඤ්ඤාණධාතු සිත් මනෝවිඤ්ඤාණ ධාතුයි, මෙසේ සියලුම ලෞකික සිත් අසූ එක සත්ත විඤ්ඤාණ ධාතුයි, එය හා සම්ප්‍රයුක්ත වූ ඵස්සාදිය ධම්මධාතුයි; මෙසේ මෙහි අඩ එකොළොසක් (දහයමාරක්) ධාතූන් රූපයයිද, අඩ අටක් (හතහමාරක්) ධාතුන් නාමයයිද යනුවෙන් අන් කෙනෙක් අටළොස් ධාතු වශයෙන් නාම-රූපයන් ව්‍යවස්ථාපනය කෙරෙති.

අපරො ද‍්වාදසායතනවසෙන. කථං? චක‍්ඛුධාතුයං වුත‍්තනයෙනෙව ඨපෙත්‍වා තෙපණ‍්ණාස රූපානි චක‍්ඛුපසාදමත‍්තං “චක‍්ඛායතන”න‍්ති වවත්‍ථපෙති. තත්‍ථ වුත‍්තනයෙනෙව ච සොතඝානජිව‍්හාකායධාතුයො “සොතඝානජිව‍්හාකායායතනානී”ති, තෙසං විසයභූතෙ පඤ‍්චධම‍්මෙ “රූපසද‍්දගන්‍ධරසඵොට‍්ඨබ‍්බායතනානී”ති , ලොකියසත‍්තවිඤ‍්ඤාණධාතුයො “මනායතන”න‍්ති, තංසම‍්පයුත‍්තා ඵස‍්සාදයො සෙසරූපඤ‍්ච “ධම‍්මායතන”න‍්ති එවමෙත්‍ථ අඩ‍්ඪෙකාදස ආයතනානි රූපං, දියඩ‍්ඪආයතනානි නාමන‍්ති එවමෙකො ද‍්වාදසායතනවසෙන නාමරූපං වවත්‍ථපෙති.

තවද යෝගාවචර කෙනෙක් තුමූ දොළොස් ආයතන වශයෙන් ගනිති; කෙසේද යත්: චක්‍ඛුධාතු විෂයයෙහි කියන ලද පරිදිම තෙපණස් රූපයන් හැර චක්‍ඛූප්පසාදය පමණක් ගෙන චක්ඛායතනයයි ව්‍යවස්ථාපනය කෙරෙති; එහි කියනලද සෙයින්ම සෝත-ඝාණ, ජිව්හා, කාය යන ධාතූන් (පිළිවෙළින්) සෝත-ඝාණ -ජීව්හා-කාය ආයතනයයි ව්‍යවස්ථාපනය කෙරෙති. (චක්‍ඛු ධාතුව ඇතුළු) එම ධාතූනට විෂය වූ ධර්ම පංචකය රූප-සද්ද-ගන්‍ධ-රස-ඵොට්ඨබ්බ-ආයතනයයිද ව්‍යවස්ථාපනය කෙරෙති; ලෞකික වූ සත්ත විඤ්ඤාණ ධාතූන් මනායතනයයිද, එය හා සම්ප්‍රයුක්ත ඵස්ස ආදී සෙසු රූපයන් ධම්මායතනයයිද විනිශ්චය කෙරෙති. මෙසේ මෙහි අඩඑකොළොසක් (දහයමාරක්) ආයතනයන් රූපයයි එකහමාරක් ආයතනයන් නාමයයිද ගෙන දොළොස් ආයතන වශයෙන් නාම-රූපයන් ව්‍යවස්ථාපනය කෙරෙති.

අපරො තතො සංඛිත‍්තතරං ඛන්‍ධවසෙන වවත්‍ථපෙති. කථං? ඉධ භික‍්ඛු ඉමස‍්මිං සරීරෙ චතුසමුට‍්ඨානා චතස‍්සො ධාතුයො, තංනිස‍්සිතො වණ‍්ණො, ගන්‍ධො, රසො, ඔජා, චක‍්ඛුපසාදාදයො පඤ‍්ච පසාදා, වත්‍ථුරූපං, භාවො, ජීවිතින්‍ද්‍රියං, ද‍්විසමුට‍්ඨානො සද‍්දොති ඉමානි සත‍්තරස රූපානි සම‍්මසනුපගානි නිප‍්ඵන‍්නානි රූපරූපානි. කායවිඤ‍්ඤත‍්ති, වචීවිඤ‍්ඤත‍්ති, ආකාසධාතු, රූපස‍්ස ලහුතා, මුදුතා, කම‍්මඤ‍්ඤතා, උපචයො, සන‍්තති, ජරතා, අනිච‍්චතාති ඉමානි පන දස රූපානි න සම‍්මසනුපගානි, ආකාරවිකාරඅන‍්තරපරිච‍්ඡෙදමත‍්තකානි, න නිප‍්ඵන‍්නරූපානි, න රූපරූපානි. අපිච ඛො රූපානං ආකාරවිකාරඅන‍්තරපරිච‍්ඡෙදමත‍්තතො රූපන‍්ති සඞ‍්ඛං ගතානි. ඉති සබ‍්බානි පෙතානි සත‍්තවීසති රූපානි රූපක‍්ඛන්‍ධො, එකාසීතියා ලොකියචිත‍්තෙහි සද‍්ධිං උප‍්පන‍්නා වෙදනා වෙදනාක‍්ඛන්‍ධො, තංසම‍්පයුත‍්තා සඤ‍්ඤා සඤ‍්ඤාක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධොති. ඉති රූපක‍්ඛන්‍ධො රූපං, චත‍්තාරො අරූපිනො ඛන්‍ධා නාමන‍්ති එවමෙකො පඤ‍්චක‍්ඛන්‍ධවසෙන නාමරූපං වවත්‍ථපෙති.

තවද අන් යෝගාවචර කෙනෙක් එයටද වඩා සංක්‍ෂිප්ත කොට ඛන්‍ධ වශයෙන් ගෙන (නාම-රූපයන්) විනිශ්චය කෙරෙති, කෙසේද යත්: මේ ශාසනයෙහි භික්‍ෂු තෙමේ මේ ශරීරයෙහි වූ චතුසමුට්ඨාන (කම්ම, ආහාර, උතු, චිත්ත යන සතරින් හටගත්) ධාතු සතරද, එය හා නිශ්‍රිත වණ්ණ, ගන්‍ධ, රස, ඕජා යන සතරද චක්‍ඛුප්පසාදාදී වූ පඤ්චප්පසාදයන්ද, වත්‍ථුරූපය, භාව රූපය, ජීවිතින්‍ද්‍රියය, ද්විසමුට්ඨානික වූ සද්දයයි යන මේ සතළොස් රූපයන් සම්මර්ශනයට සුදුසු වන සේ නිපන් හෙයින් ‘රූපරූප’ නම් වෙතියිද, කාය විඤ්ඤත්තිය, වචී විඤ්ඤත්තිය, ආකාසධාතුය, රූපස්ස ලහුතාය, රූපස්ස මුදුතාය, රූපස්ස කම්මඤ්ඤතාය, රූපස්ස උපචයය, රූපස්ස සන්තතිය, රූපස්ස ජරතාය, රූපස්ස අනිච්චතාය යන මේ (උපාදාය) රූප දසය සම්මර්ශනයට යෝග්‍ය නොවෙතැ’යිද, (රූපයන් පිළිබඳ) ආකාර-විකාරයන්ගේ අන්තරය පිරිසිඳීම පමණක් වූ එම රූපයන් නිෂ්පන්න හෝ ‘රූප-රූප’ හෝ නොවෙති’යිද එකෙකුදු වුවත්, හුදෙක් රූපයන් පිළිබඳ ආකාර-විකාර යන දෙක්හි අන්තරය පිරිසිඳීම වූ හෙයින් රූප සංඛ්‍යාවට ගියහ’යිද යනුවෙන් මෙසේ මේ සියලුම සත්විසි රූපයන් රූපස්කන්‍ධ යයිද, ලෞකික සිත් අසූඑක සමග උපන් වේදනාවන් වේදනා ස්කන්‍ධයයිද, එය හා සමග යෙදුණ සංඥාවන් සංඥාස්කන්‍ධයයිද, සංඛාරයන් සංස්කාර ස්කන්‍ධයයිද, විඤ්ඤාණය විඤ්ඤාණ ස්කන්‍ධයයිද යනුවෙන් මෙසේ ව්‍යවස්ථාපනය කෙරෙයි. රූපස්කන්‍ධය රූප වශයෙන්ද, අරූපී වූ සතර ස්කන්‍ධයන් නාම වශයෙන්ද ගෙන මෙසේ ඇතැම් යෝගාවචර කෙනෙක් පංචස්කන්‍ධ වශයෙන් නාම - රූපයන් ව්‍යවස්ථාපනය කෙරෙති.

අපරො “යංකිඤ‍්චි රූපං සබ‍්බං රූපං චත‍්තාරි මහාභූතානි චතුන‍්නඤ‍්ච මහාභූතානං උපාදායරූප”න‍්ති (ම· නි· 1.347; අ· නි· 11.17) එවං සංඛිත‍්තෙනෙව ඉමස‍්මිං අත‍්තභාවෙ රූපං පරිග‍්ගහෙත්‍වා, තථා මනායතනඤ‍්චෙව ධම‍්මායතනෙකදෙසඤ‍්ච නාමන‍්ති පරිග‍්ගහෙත්‍වා “ඉති ඉදඤ‍්ච නාමං ඉදඤ‍්ච රූපං, ඉදං වුච‍්චති නාමරූප”න‍්ති සඞ‍්ඛෙපතො නාමරූපං වවත්‍ථපෙති.

තවද අන් යෝගාවචර කෙනෙක්, “රූපයයි යම් කිසිවක් වෙතොත් ඒ සියල්ල මහාභූත සතර හා එම සතර මහා භූතයනට අයත් උපාදාය රූපය’යි ගෙන මෙසේ සංක්‍ෂිප්ත වශයෙන් මේ ආත්මභාවයෙහි (තමාගේ ශරීරයෙහි) රූපය විනිශ්චය කොට, එසේම මනායතනය හා ධම්මායතනයෙන් කොටසක් ‘නාම’ යයි ගෙන, ‘මේ නාමයයි, මේ රූපයයි, මේ දෙක ‘නාමරූපය’ කියනු ලැබේ. යනුවෙන් සංක්‍ෂේපයෙන් නාම-රූපයන් ව්‍යවස්ථාපනය කෙරෙති.

සචෙ පනස‍්ස තෙන තෙන මුඛෙන රූපං පරිග‍්ගහෙත්‍වා අරූපං පරිග‍්ගණ‍්හතො සුඛුමත‍්තා අරූපං න උපට‍්ඨාති, තෙන ධුරනික‍්ඛෙපං අකත්‍වා රූපමෙව පුනප‍්පුනං සම‍්මසිතබ‍්බං මනසිකාතබ‍්බං පරිග‍්ගහෙතබ‍්බං වවත්‍ථපෙතබ‍්බං. යථා යථා හිස‍්ස රූපං සුවික‍්ඛාලිතං හොති නිජ‍්ජටං සුපරිසුද‍්ධං, තථා තථා තදාරම‍්මණා අරූපධම‍්මා සයමෙව පාකටා හොන‍්ති.

ඉදින් ඒ ඒ ශීර්ෂ වශයෙන් ගෙන රූපය විනිශ්චය කොට ඉක්බිති අරූපය (නාමය) විනිශ්චය කරන විට සියුම් බැවින් ඔහුට එය නොවැටහේ නම් ඔහු විසින් ධුරනික්‍ෂේපය (වීර්යය අත් හැරීම) නොකළයුතුය, රූපයම යලියලිත් සම්මර්ශනය කළයුතුය. මෙනෙහි කළ යුතුය. විග්‍රහ කළයුතුය. විනිශ්චය කළයුතුය. යම් යම් ආකාරයෙකින් ඔහුට රූපය පැහැදිලිව, නිරවුල්ව, සුපිරිසුදුව වැටහේද, ඒ ඒ ආකාරයෙන් එයට අරමුණු වන අරූපධර්මයෝ තුමූම ප්‍රකට වෙති.

යථා හි චක‍්ඛුමතො පුරිසස‍්ස අපරිසුද‍්ධෙ ආදාසෙ මුඛනිමිත‍්තං ඔලොකෙන‍්තස‍්ස නිමිත‍්තං න පඤ‍්ඤායති, සො “නිමිත‍්තං න පඤ‍්ඤායතී”ති න ආදාසං ඡඩ‍්ඩෙති, අථ ඛො නං පුනප‍්පුනං පරිමජ‍්ජති . තස‍්ස පරිසුද‍්ධෙ ආදාසෙ නිමිත‍්තං සයමෙව පාකටං හොති. යථා ච තෙලත්‍ථිකො තිලපිට‍්ඨං දොණියං ආකිරිත්‍වා උදකෙන පරිප‍්ඵොසෙත්‍වා එකවාරං ද‍්වෙවාරං පීළනමත‍්තෙන තෙලෙ අනික‍්ඛමන‍්තෙ න තිලපිට‍්ඨං ඡඩ‍්ඩෙති, අථ ඛො නං පුනප‍්පුනං උණ‍්හොදකෙන පරිප‍්ඵොසෙත්‍වා මද‍්දිත්‍වා පීළෙති. තස‍්සෙවං කරොතො විප‍්පසන‍්නං තිලතෙලං නික‍්ඛමති. යථා වා පන උදකං පසාදෙතුකාමො කතකට‍්ඨිං ගහෙත්‍වා අන‍්තොඝටෙ හත්‍ථං ඔතාරෙත්‍වා එකද‍්වෙවාරෙ ඝංසනමත‍්තෙන උදකෙ අවිප‍්පසීදන‍්තෙ න කතකට‍්ඨිං ඡඩ‍්ඩෙති, අථ ඛො නං පුනප‍්පුනං ඝංසති. තස‍්සෙවං කරොන‍්තස‍්ස කලලකද‍්දමං සන‍්නිසීදති. උදකං අච‍්ඡං හොති විප‍්පසන‍්නං, එවමෙවං තෙන භික‍්ඛුනා ධුරනික‍්ඛෙපං අකත්‍වා රූපමෙව පුනප‍්පුනං සම‍්මසිතබ‍්බං මනසිකාතබ‍්බං පරිග‍්ගහෙතබ‍්බං වවත්‍ථපෙතබ‍්බං.

යම්සේ වනාහි අපිරිසුදු කැඩපතෙකින් මුහුණ බලන ඇස් ඇති පුරුෂයකුහට එය තුළ ඡායාව නොපෙනෙතොත්, හේ තෙමේ මුහුණ නොපෙනෙති’යි කැඩපත ඉවත නොදමයිද, එය නැවත නැවතත් පිරිමැදීමෙන් පිරිසුදු වූ කැඩපත තුළ මුඛච්ඡායාව තෙමේම ප්‍රකට වේද, තවද යම් සේ තෙල් ලබාගනු කැමැති පුරුෂයෙක් තෙමේ (කොටන ලද) තල මැඩි ඔරුවෙක (බඳුනෙක) දමා ජලයෙන් තෙමා එක්වරක් දෙවරක් මැඩීම් කළ පමණින් තෙල් නොලැබෙතොත් තලමැඩි ඉවත නොදමයිද, එය නැවත නැවතත් උණුදියෙන් තෙමමින් මැඩ මිරිකන විට සුපිරිසුදු තලතෙල් නික්මේද, තවද යම්සේ ජලය පිරිසුදු කරනු කැමැත්තෙක් ඉඟිනි ඇටයක් ගෙන කළය තුළ අත බහා එක්වරක් දෙවරක් ඉලූ පමණින් දිය නොපෑදෙතොත්, ඉඟිනි ඇටය ඉවත නොදමා, එය නැවත නැවතත් ගාන විට බොරමඩ පතුළට බැස දිය සුපිරිසිදු ලෙස පෑදේද, එසේම එම භික්‍ෂුව විසින් ධුරනික්‍ෂේපය (වීර්යය අත්හැරීම) නොකොට රූපයම නැවත නැවතත් සම්මර්ශනය කළ යුතුය, මෙනෙහි කළයුතුය, විග්‍රහ කළයුතුය, ව්‍යවස්ථාපනය කළයුතුය.

යථා යථා හිස‍්ස රූපං සුවික‍්ඛාලිතං හොති නිජ‍්ජටං සුපරිසුද‍්ධං, තථා තථා තප‍්පච‍්චනීකකිලෙසා සන‍්නිසීදන‍්ති, කද‍්දමුපරි උදකං විය චිත‍්තං පසන‍්නං හොති. තදාරම‍්මණා අරූපධම‍්මා සයමෙව පාකටා හොන‍්ති. එවං අඤ‍්ඤාහිපි උච‍්ඡුචොරගොණදධිමච‍්ඡාදීහි උපමාහි අයමත්‍ථො පකාසෙතබ‍්බො.

යම්සේ වනාහි ඔහුට රූපය පැහැදිලි වේද, නිරවුල් වේද, නිර්මලව වැටහේද, එසේම තත්ප්‍රතිපක්‍ෂ ක්ලේශයෝ යටපත් වෙති, (පතුලෙහි තැන්පත්) මඩට උඩින් ඇති ජලය මෙන් සිත පෑදෙයි, එම රූපය අරමුණු කොට ඇති අරූප ධර්මයෝ තුමූම ප්‍රකට වෙයි. මේ ආකාරයෙන්ම ඉක්‍ෂු (උක්) - චෝර - ගෝණ - දධි (දී) - මත්ස්‍ය ආදී උපමා මගින්ද, මෙම අර්ත්‍ථය ප්‍රකාශ කළ හැකිය.