යෙදුමෙන් කියවන්න

භවචක‍්කකථා

භවචක‍්කකථා

භවචක්කකථා

යස‍්මා පනෙත්‍ථ සොකාදයො අවසානෙ වුත‍්තා, තස‍්මා යා සා අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාති එවමෙතස‍්ස භවචක‍්කස‍්ස ආදිම‍්හි වුත‍්තා, සා,

යම්හෙයකින් වනාහි මෙහි ශෝක ආදිය අවසන්හි කියන ලද්දේද, එහෙයින් යම් ඒ අවිද්‍යාවක් වේද, එය ‘අවිජ්ජා පච්චයා සඞ්ඛාරා” යනුවෙන් මේ භවචක්‍රයෙහි මුලින්ම කියන ලදි. එය:-

සොකාදීහි අවිජ‍්ජා, සිද‍්ධා භවචක‍්කමවිදිතාදිමිදං; කාරකවෙදකරහිතං, ද‍්වාදසවිධසුඤ‍්ඤතාසුඤ‍්ඤං.

සොකාදීහි අවිජ්ජා - සිද්ධා, භවචක්කමවිදිතාදිමිදං කාරක වෙදක රහිතං - ද්වාදසවිධ සුඤ්ඤතා සුඤ්ඤං

ශෝකාදිය හේතුකොට ගෙන අවිද්‍යාව සිද්ධ වේ; ආරම්භයක් දත නොහෙන, කරන්නකු හෝ විඳින්නකු නැති, ද්වාදශවිධ ශුන්‍යතායෙන් ශූන්‍ය වූ මේ භවචක්‍රය,

සතතං සමිතං පවත‍්තතීති වෙදිතබ‍්බං.

නිරන්තරයෙන් අඛණ්ඩව පවත්නේයයි දතයුතුය.

කථං පනෙත්‍ථ සොකාදීහි අවිජ‍්ජා සිද‍්ධා, කථමිදං භවචක‍්කං අවිදිතාදි, කථං කාරකවෙදකරහිතං, කථං ද‍්වාදසවිධසුඤ‍්ඤතාසුඤ‍්ඤන‍්ති චෙ? එත්‍ථ හි සොකදොමනස‍්සුපායාසා අවිජ‍්ජාය අවියොගිනො, පරිදෙවො ච නාම මූළ‍්හස‍්සාති තෙසු තාව සිද‍්ධෙසු සිද‍්ධා හොති අවිජ‍්ජා. අපිච “ආසවසමුදයා අවිජ‍්ජාසමුදයො”ති (ම· නි· 1.103) වුත‍්තං. ආසවසමුදයා චෙතෙ සොකාදයො හොන‍්ති.

මෙහි කෙසේනම් ශෝකාදියෙන් අවිද්‍යාව සිද්ධ වේද? කෙසේ නම් මේ භවචක්‍රයෙහි ආරම්භය නොදතහැකි වේද? කරන්නකු හෝ විඳින්නකු නැති වනුයේ කෙසේද? ද්වාදශවිධ ශුන්‍යතායෙන් ශූන්‍ය වනුයේ කෙසේද? මෙහි වනාහි, ශෝක, දෞර්මනස්‍ය, උපායාස යන මොහු අවිද්‍යාවෙන් තොරව පැවතිය නොහැකිය; පරිදේවය (වැලපීම) ද මුළාවූවහුටම වේ; ඒ ශෝකාදිය පළමුව සිද්ධ වූ පසු අවිද්‍යාවද සිද්ධ වේ; තවද, ‘ආසව සමුදයා අවිජ්ජා සමුදයො’ (ආශ්‍රවයන් හට ගැනීමෙන් අවිද්‍යාව හටගනී)යි කියන ලදි. මේ ශෝකාදිය ආශ්‍රවයන්ගෙන්ම හටගනියි.

කථං? වත්‍ථුකාමවියොගෙ තාව සොකො කාමාසවසමුදයා හොති. යථාහ –

කෙසේද යත්:- පළමුකොට වස්තුකාම වියෝගයෙහිදී ඇති වන ශෝකය කාමශ්‍රවයෙන් හටගනියි. එහෙයින් කීහු:-

“තස‍්ස චෙ කාමයානස‍්ස, ඡන්‍දජාතස‍්ස ජන‍්තුනො; තෙ කාමා පරිහායන‍්ති, සල‍්ලවිද‍්ධොව රුප‍්පතී”ති. (සු· නි· 773);

තස්ස චෙ කාමයමානස්ස ඡන්‍දජාතස්ස ජන්තුනො, තෙ කාමා පරිහායන්ති සල්ල විද්ධො’ව රුප්පති.

(වස්තු) කාමයෙහි ඇලුණු සිත් ඇති, (ක්ලේශ) කාම වශයෙන් හටගත් ආශා ඇති සත්ත්‍වයාගේ එම කාමයන් පිරිහෙත් හොත් ශල්‍යයෙකින් (හීයෙකින්) විදින ලද්දකු සෙයින් පීඩාවට පත්වේ.

යථා චාහ – “කාමතො ජායති සොකො”ති. (ධ· ප· 215).

මෙසේද කීහු:- ‘කාමතො ජායතී සොකො’ (කාමය හේතු කොට ගෙන ශෝකය උපදියි) යනුයි.

සබ‍්බෙපි චෙතෙ දිට‍්ඨාසවසමුදයා හොන‍්ති. යථාහ –

මේ සියල්ලම දිට්ඨාසව හේතුවෙන් හටගනියි. එහෙයින් කීහු:-

“තස‍්ස ‘අහං රූපං මම රූප’න‍්ති පරියුට‍්ඨට‍්ඨායිනො රූපවිපරිණාමඤ‍්ඤථාභාවා උප‍්පජ‍්ජන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා”ති (සං· නි· 3.1).

“මම රූපය වෙමි, මේ මාගේ රූපයයි’’ යනුවෙන් උදම් වන ඕහට එම රූපය විපරිණාම හේතුවෙන් වෙනස් වන විට සෝක-පරිදේව- දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝ උපදිත්” යනුයි.

යථා ච දිට‍්ඨාසවසමුදයා, එවං භවාසවසමුදයාපි. යථාහ –

දිට්ඨාසවයන් සෙයින්ම භවාසවයෝද හට ගනිති. එහෙයින් කීහු:-

“යෙපි තෙ දෙවා දීඝායුකා වණ‍්ණවන‍්තො සුඛබහුලා උච‍්චෙසු විමානෙසු චිරට‍්ඨිතිකා, තෙපි තථාගතස‍්ස ධම‍්මදෙසනං සුත්‍වා භයං සන‍්තාසං සංවෙගමාපජ‍්ජන‍්තී”ති (සං· නි· 3.78). පඤ‍්ච පුබ‍්බනිමිත‍්තානි දිස‍්වා මරණභයෙන සන‍්තජ‍්ජිතානං දෙවානං විය.

‘‘දීර්ඝායුෂ්ක වූ, වර්ණාසම්පන්න වූ, සුඛ බහුල වූ යම් මේ දෙවි කෙනෙක් උත්තුංග විමානයන්හි ඉතා දිගුකලක් ජීවත් වෙත්ද, ඔහු පවා තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනාව අසා භයට, සන්ත්‍රාසයට, සංවේගයට පත් වෙති” යනුවෙන් පස් පෙර නිමිති දැක භයින් තැතිගත් දෙවියන් සෙයිනි.

යථා ච භවාසවසමුදයා, එවං අවිජ‍්ජාසවසමුදයාපි. යථාහ –

භවාසවයන් හටගැනීම යම් සේද අවිජ්ජාසවයන් හටගැනීමද එසේම වේ. එහෙයින් කීහු:-

“ස ඛො සො, භික‍්ඛවෙ, බාලො තිවිධං දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදෙතී”ති (ම· නි· 3.246).

“මහණෙනි ඒ අන්‍ධබාල තෙමේ ඉහාත්ම භාවයෙහිදීම තුන්වැදෑරුම් දුක් දොම්නස් විදින්නේ වේ” යනුයි.

ඉති යස‍්මා ආසවසමුදයා එතෙ ධම‍්මා හොන‍්ති, තස‍්මා එතෙ සිජ‍්ඣමානා අවිජ‍්ජාය හෙතුභූතෙ ආසවෙ සාධෙන‍්ති. ආසවෙසු ච සිද‍්ධෙසු පච‍්චයභාවෙ භාවතො අවිජ‍්ජාපි සිද‍්ධාව හොතීති. එවං තාවෙත්‍ථ සොකාදීහි අවිජ‍්ජා සිද‍්ධා හොතීති වෙදිතබ‍්බා.

මෙසේ යම් හෙයකින් මේ (ශෝකාදී) ස්වභාවයෝ ආශ්‍රවයනට හේතුවෙන්ද, එහෙයින් ඔහු සිදුවන්නාහු, අවිද්‍යාවට හේතු භූත වූ ආශ්‍රවයන්ද උපදවති. ආශ්‍රවයන් සිද්ධ වූ කල්හි ප්‍රත්‍යයභාවය සිද්ධ වන හෙයින් අවිද්‍යාවද සිද්ධ වූයේම වේ. මෙසේ පළමුකොට මෙහි ශෝකාදිය හේතුකොට ගෙන අවිද්‍යාව සිද්ධ වෙති’යි දතයුතුය.

යස‍්මා පන එවං පච‍්චයභාවෙ භාවතො අවිජ‍්ජාය සිද‍්ධාය පුන අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණන‍්ති එවං හෙතුඵලපරම‍්පරාය පරියොසානං නත්‍ථි. තස‍්මා තං හෙතුඵලසම‍්බන්‍ධවසෙන පවත‍්තං ද‍්වාදසඞ‍්ගං භවචක‍්කං අවිදිතාදීති සිද‍්ධං හොති.

යම් හෙයකින් වනාහි, මෙසේ ප්‍රත්‍යයභාවය ඇති වීමෙන් අවිද්‍යාව සිද්ධ වූ කල්හි, නැවත “අවිජ්ජා පච්චයා සඞ්ඛාරා, සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං” යනුවෙන් මෙසේ හේතුඵල - පරම්පරාවෙහි කෙළවරක් නැත. එහෙයින් හේතුඵල සම්බන්ධ වශයෙන් පවත්නා දොළොස් අංගයෙකින් යුත් ඒ භවචක්‍රය ‘අවිතාදි’ (ආරම්භයක් දත නොහැකි) නම් වෙතැයි යනු සිද්ධය.

එවං සති අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාති ඉදං ආදිමත‍්තකථනං විරුජ‍්ඣතීති චෙ. නයිදං ආදිමත‍්තකථනං. පධානධම‍්මකථනං පනෙතං. තිණ‍්ණන‍්නං හි වට‍්ටානං අවිජ‍්ජා පධානා. අවිජ‍්ජාග‍්ගහණෙන හි අවසෙසකිලෙසවට‍්ටඤ‍්ච කම‍්මාදීනි ච බාලං පලිබොධෙන‍්ති. සප‍්පසිරග‍්ගහණෙන සෙසසප‍්පසරීරං විය බාහං. අවිජ‍්ජාසමුච‍්ඡෙදෙ පන කතෙ තෙහි විමොක‍්ඛො හොති . සප‍්පසිරච‍්ඡෙදෙ කතෙ පලිබොධිතබාහාවිමොක‍්ඛො විය. යථාහ – “අවිජ‍්ජායත්‍වෙව අසෙසවිරාගනිරොධා සඞ‍්ඛාරනිරොධො”තිආදි (සං· නි· 2.1; මහාව· 1). ඉති යං ගණ‍්හතො බන්‍ධො, මුච‍්චතො ච මොක‍්ඛො හොති, තස‍්ස පධානධම‍්මස‍්ස කථනමිදං, න ආදිමත‍්තකථනන‍්ති. එවමිදං භවචක‍්කං අවිදිතාදීති වෙදිතබ‍්බං.

එසේ වෙතොත්, ‘අවිජ්ජා පච්චයා සඞ්ඛාරා’ යනුවෙන් මෙසේ ආදිමාත්‍ර කථනය (ආරම්භය පමණක් කීම) විරෝධ නොවේද යත්: මේ ආදිමාත්‍රකථනයක් නොවේ; මේ ප්‍රධාන සාධකය දැක්වීමයි. (කර්ම, ක්ලේශ, විපාක) යන ත්‍රිවිධ වට්ටයටම අවිද්‍යාව ප්‍රධාන වේ; අවිද්‍යාව ගැනීමෙන් සෙසු කෙලෙස් වටයද, කර්මාදියද අඥානයා පෙළයි; සර්පයකුගේ හිස අල්වාගත් විට ඉතිරි සර්ප ශරීරය බාහුව වෙළාගන්නා සේය. අවිද්‍යාව සිඳලූ කල්හි වනාහි, ඒ කෙලෙස්වට ආදියෙන් විමෝක්‍ෂය (මිදීම) සිදුවේ. සර්පයාගේ හිස සිඳලූ කල්හි (සර්ප ශරීරයෙන්) වෙළා ගන්නා ලද බාහුව මිදෙන සේය. එහෙයින් කීහ. “අවිජ්ජායත්‍වෙව අස්සෙ විරාග නිරොධා සඞ්ඛාර නිරොධො’ (අවිද්‍යාව නිරවශේෂයෙන් නිරුද්ධ වීමෙන් සංඛාර නිරෝධය වේ) යන ආදියයි. මෙසේ යම් (ධර්මයක්) ගන්නාහට බන්‍ධනයද මුදාහරින්නාහට මෝක්‍ෂයද වේ නම්, එම ප්‍රධාන ධර්මය ගැන කීමෙකි; ආදිමාත්‍රකථනයක් නොවේ. මෙසේ මේ භවචක්‍රය දත නොහැකි ආරම්භය ඇත්තෙකැ’යි දතයුතුය.

තයිදං යස‍්මා අවිජ‍්ජාදීහි කාරණෙහි සඞ‍්ඛාරාදීනං පවත‍්ති, තස‍්මා තතො අඤ‍්ඤෙන “බ්‍රහ‍්මා මහාබ්‍රහ‍්මා සෙට‍්ඨො සජිතා”ති (දී· නි· 1.42) එවං පරිකප‍්පිතෙන බ්‍රහ‍්මාදිනා වා සංසාරස‍්ස කාරකෙන, “සො ඛො පන මෙ අයං අත‍්තා වදො වෙදෙය්‍යො”ති එවං පරිකප‍්පිතෙන අත‍්තනා වා සුඛදුක‍්ඛානං වෙදකෙන රහිතං. ඉති කාරකවෙදකරහිතන‍්ති වෙදිතබ‍්බං.

ඒ මේ භවචක්‍රය වූකලී අවිද්‍යාදී හේතූන්ගෙන් ඇති වන සංඛාරාදී ඵලයන්ගේ පැවැත්මයි; එහෙයින් ඉන් බැහැර වූ බ්‍රහ්ම, මහාබ්‍රහ්ම, ශ්‍රේෂ්ඨ, සංජිත යන ආදි වශයෙන් මෙසේ පරිකල්පනය කරනු ලබන සංසාර කාරකයකු හෝ ‘මේ වනාහි මාගේ ආත්මයයිද, එය කථා කරන්නෙකැයිද, විඳින්නෙකැයිද පරිකල්පිත, සුවදුක් විඳින ආත්මයක් හෝ නැත. මෙසේ කරන්නකු හෝ විඳින්නකු නොමැති (කාරක වේදක රහිතං) යයි දතයුතුය.

යස‍්මා පනෙත්‍ථ අවිජ‍්ජා උදයබ‍්බයධම‍්මකත‍්තා ධුවභාවෙන, සංකිලිට‍්ඨත‍්තා සංකිලෙසිකත‍්තා ච සුභභාවෙන, උදයබ‍්බයපටිපීළිතත‍්තා සුඛභාවෙන, පච‍්චයායත‍්තවුත‍්තිත‍්තා වසවත‍්තනභූතෙන අත‍්තභාවෙන ච සුඤ‍්ඤා. තථා සඞ‍්ඛාරාදීනිපි අඞ‍්ගානි. යස‍්මා වා අවිජ‍්ජා න අත‍්තා, න අත‍්තනො, න අත‍්තනි, න අත‍්තවතී. තථා සඞ‍්ඛාරාදීනිපි අඞ‍්ගානි. තස‍්මා ද‍්වාදසවිධසුඤ‍්ඤතාසුඤ‍්ඤමෙතං භවචක‍්කන‍්ති වෙදිතබ‍්බං.

මෙහි වනාහි යම් හෙයකින් අවිද්‍යාව ඇතිව නැතිවී යන ස්වභාවයෙන් යුක්ත වූ හෙයින් නිත්‍ය භාවයෙන්ද, කිලටිවූද කෙලසන සුලුවූද ස්වභාව ඇති හෙයින් ශුභභාවයෙන්ද, උදයව්‍යය යන දෙකින් පෙළන හෙයින් සුඛභාවයෙන්ද, ප්‍රත්‍යයනට අයත් පැවතුම් ඇති හෙයින් තමා වශයෙහි පවත්වා ගත හැකි ආත්මභාවයෙන්ද ශූන්‍ය (තොර) වේද, සංඛාරාදී වූ අංගයෝද එසේ වෙති. යම් හෙයකින් අවිද්‍යාව ආත්මය නොවේද, ආත්මයට අයත් වූවක් හෝ නොවේද, ආත්මය තුළ වූවක් හෝ නොවේද, ආත්ම සහිත වූවක් හෝ නොවේද සංඛාරාදී වූ අංගයෝද එසේම වෙති. එහෙයින් මේ භවචක්‍රය දොළොස් වැදෑරුම් ශූන්‍යතායෙන් ශූන්‍ය වූවෙකි’යි දතයුතුය.

එවඤ‍්ච විදිත්‍වා පුන,

මෙසේද දැන යලිදු:-

තස‍්සාවිජ‍්ජාතණ‍්හා, මූලමතීතාදයො තයො කාලා; ද‍්වෙ අට‍්ඨ ද‍්වෙ එව ච, සරූපතො තෙසු අඞ‍්ගානි.

තස්සාවිජ්ජා තණ්හා මූල මතීතාදයො තයො කාලා ද්වෙ අට්ඨ ද්වෙ එවච සරූපතො තෙසු අඞ්ගානි

ඒ භවචක්‍රයෙහි, අවිද්‍යා, තෘෂ්ණා යන දෙක මූලයයි; එහි අතීතාදි කාල තුනක් වේ; එහි ස්වරූප වශයෙන් (පිළිවෙළින්) දෙකක්, අටක් හා නැවත දෙකක් වශයෙන් අංග ඇත්තේය.

තස‍්ස ඛො පනෙතස‍්ස භවචක‍්කස‍්ස අවිජ‍්ජා තණ‍්හා චාති ද‍්වෙ ධම‍්මා මූලන‍්ති වෙදිතබ‍්බා. තදෙතං පුබ‍්බන‍්තාහරණතො අවිජ‍්ජාමූලං වෙදනාවසානං, අපරන‍්තසන‍්තානතො තණ‍්හාමූලං ජරාමරණාවසානන‍්ති දුවිධං හොති. තත්‍ථ පුරිමං දිට‍්ඨිචරිතවසෙන වුත‍්තං, පච‍්ඡිමං තණ‍්හාචරිතවසෙන. දිට‍්ඨිචරිතානං හි අවිජ‍්ජා, තණ‍්හාචරිතානඤ‍්ච තණ‍්හා සංසාරනායිකා. උච‍්ඡෙදදිට‍්ඨිසමුග‍්ඝාතාය වා පඨමං, ඵලුප‍්පත‍්තියා හෙතූනං අනුපච‍්ඡෙදප‍්පකාසනතො, සස‍්සතදිට‍්ඨිසමුග‍්ඝාතාය දුතියං, උප‍්පන‍්නානං ජරාමරණප‍්පකාසනතො. ගබ‍්භසෙය්‍යකවසෙන වා පුරිමං, අනුපුබ‍්බපවත‍්තිදීපනතො, ඔපපාතිකවසෙන පච‍්ඡිමං, සහුප‍්පත‍්තිදීපනතො.

ඒ භවචක්‍රයෙහි වනාහි අවිද්‍යා තෘෂ්ණා යන දෙක මූලයයි දතයුතුය. එයින් මේ වේදනාවෙන් අවසන් වන අවිද්‍යා මූලය පූර්වාන්තයෙහි සිට ගෙන එන හෙයින්ද, ජරාමරණයන්ගෙන් අවසන් වන තෘෂ්ණා මූලය අපරාන්තය හා සමග සම්බන්‍ධ කරන හෙයින්දැයි දෙ-ආකාර වේ. එයින් පළමුවැන්න දෘෂ්ටි චරිත වශයෙන්ද, දෙවැන්න තෘෂ්ණා චරිත වශයෙන්ද කියන ලදි; දෘෂ්ටි චරිතයනට අවිද්‍යාවද, තෘෂ්ණා චරිතයනට තෘෂ්ණාවද සංසාරය කරා මෙහෙයවයි. පළමුවැන්න උච්ඡේද දෘෂ්ටිය උපුටා දැමීම සඳහා දේශනා කරන ලදී. (සංඛාර, විඤ්ඤාණ ආදී) ඵලයන් ඉපැදවීමට හේතු වූ අවිද්‍යාදිය නොසිඳී පවත්නා බව ප්‍රකාශ වන හෙයිනි. දෙවැන්න ශාස්වත දෘෂ්ටිය උපුටා දැමීම සඳහා හෝ දේශනා කරන ලදි; උපන්නවුන්ගේ ජරාමරණයන් ප්‍රකාශ වන හෙයිනි. නොහොත් පළමුවැන්න (අවිද්‍යාමූලය) ශබ්භසෙය්‍යක (හෙවත් ජලාබුජ) සත්‍වයන් සඳහා කියන ලදි; (හේතුඵල) පිළිවෙළ නොසිඳී පවත්නා බව ප්‍රකාශවන හෙයිනි; දෙවැන්න (තෘෂ්ණා මූලය) ඕපපාතික සත්ත්‍වයන් සඳහා දේශනා කරන ලදි; (උත්පත්තිය හා ස්කන්‍ධයන්) එකවිට ඉපැදීම ප්‍රකාශ වන හෙයිනි.

අතීතපච‍්චුප‍්පන‍්නානාගතා චස‍්ස තයො කාලා. තෙසු පාළියං සරූපතො ආගතවසෙන “අවිජ‍්ජා, සඞ‍්ඛාරා චා”ති ද‍්වෙ අඞ‍්ගානි අතීතකාලානි. විඤ‍්ඤාණාදීනි භවාවසානානි අට‍්ඨ පච‍්චුප‍්පන‍්නකාලානි. ජාති චෙව ජරාමරණඤ‍්ච ද‍්වෙ අනාගතකාලානීති වෙදිතබ‍්බානි.

ඒ භවචක්‍රයෙහි අතීතය, ප්‍රත්‍යුත්පන්නය, අනාගතයයි කාලත්‍රයයක් වේ; ඔවුනතුරෙන් පෙළෙහි ස්වරූපයට අනුව ආ පරිදි අවිජ්ජා, සංඛාර යන අංග දෙක අතීත කාලයයිද, විඤ්ඤාණයෙන් පටන් ගෙන භවයෙන් අවසන් වන අංග අට ප්‍රත්‍යුත්පන්න කාලයයිද, ජාති හා ජරාමරණ යන අංග දෙක අනාගත කාලයයිද දතයුතුය.

පුන,

තවද:

“හෙතුඵලහෙතුපුබ‍්බක-තිසන්‍ධිචතුභෙදසඞ‍්ගහඤ‍්චෙතං; වීසති ආකාරාරං, තිවට‍්ටමනවට‍්ඨිතං භමති”. ඉතිපි වෙදිතබ‍්බං.

හේතුඵල හේතුපුබ්බක - තිසන්‍දි චතුභේද සංගහඤ්චෙතං, වීසති ආකාරාරං - තිවට්ටමනවට්ඨිතං භවති ඉතිපි වෙදිතබ්බං

හේතු ඵල - හේතු පූර්වක වශයෙන් සන්‍ධි තුනක් ඇති, භේද - සංග්‍රහ සතරක් ඇති, විසි ආකාර අර සහිත, වට තුනක් ඇති, මේ භවචක්‍රය නැවැත්මක් නැතිව භ්‍රමණය වෙති’යිද දතයුතුය.

තත්‍ථ සඞ‍්ඛාරානඤ‍්ච පටිසන්‍ධිවිඤ‍්ඤාණස‍්ස ච අන‍්තරා එකො හෙතුඵලසන්‍ධි නාම. වෙදනාය ච තණ‍්හාය ච අන‍්තරා එකො ඵලහෙතුසන්‍ධි නාම. භවස‍්ස ච ජාතියා ච අන‍්තරා එකො හෙතුඵලසන්‍ධීති එවමිදං හෙතුඵලහෙතුපුබ‍්බකතිසන්‍ධීති වෙදිතබ‍්බං.

එහි, සංඛාරයන් හා ප්‍රතිසන්‍ධි විඤ්ඤාණය අතර ‘හේතුඵල සන්‍ධි’ නම් එක් සන්‍ධියෙකි; වේදනා හා තණ්හා යන දෙක අතර ‘ඵලහේතු සන්‍ධි’ නම් එක් සන්‍ධියෙකි, භව-ජාති යන දෙක අතර නැවත ‘හේතු-ඵල සන්‍ධි’ නම් එකෙකැ’යි මෙසේ මේ හේතු-ඵල-හේතු පූර්වක සන්‍ධි තුන දතයුතුය.

සන්‍ධීනං ආදිපරියොසානවවත්‍ථිතා පනස‍්ස චත‍්තාරො සඞ‍්ගහා හොන‍්ති. සෙය්‍යථිදං – අවිජ‍්ජාසඞ‍්ඛාරා එකො සඞ‍්ගහො. විඤ‍්ඤාණනාමරූපසළායතනඵස‍්සවෙදනා දුතියො. තණ‍්හුපාදානභවා තතියො. ජාතිජරාමරණං චතුත්‍ථොති. එවමිදං චතුභෙදසඞ‍්ගහන‍්ති වෙදිතබ‍්බං.

සන්‍ධීන් පිළිබඳ මුල-අග නියම කිරීම් වශයෙන් මෙහි සංග්‍රහ (පිඬු කිරිම්) සතරෙක් වේ. ඒ මෙසේයි:- අවිජ්ජා-සංඛාර යන දෙක එක් සංග්‍රහයෙකි; විඤ්ඤාණ - නාමරූප - සළායතන - ඵස්ස - වේදනා යන පස දෙවැන්නයි; තණ්හා - උපාදාන - භව යන තුන තෙවැන්නයි; ජාති - ජරා - මරණ සංග්‍රහය සිවුවැන්නයි. මෙසේ මේ මෙහි චතුභේද - සංග්‍රහයයි දතයුතුය.

අතීතෙ හෙතවො පඤ‍්ච, ඉදානි ඵලපඤ‍්චකං; ඉදානි හෙතවො පඤ‍්ච, ආයතිං ඵලපඤ‍්චකන‍්ති.

අතීතෙ හෙතවො පඤ්ච ඉදානි ඵලපඤ්චකං ඉදානි හෙතවො පඤ්ච ආයතිං ඵල පඤ්චකන්ති.

අතීත හේතු පසෙකි; වර්තමාන ඵල පසෙකි; වර්තමාන හේතු පසෙකි; අනාගත ඵල පසෙකි,

එතෙහි පන වීසතියා ආකාරසඞ‍්ඛාතෙහි අරෙහි වීසතිආකාරාරන‍්ති වෙදිතබ‍්බං. තත්‍ථ අතීතෙ හෙතවො පඤ‍්චාති අවිජ‍්ජා සඞ‍්ඛාරා චාති ඉමෙ තාව ද‍්වෙ වුත‍්තා එව. යස‍්මා පන අවිද‍්වා පරිතස‍්සති, පරිතස‍්සිතො උපාදියති, තස‍්සුපාදානපච‍්චයා භවො. තස‍්මා තණ‍්හුපාදානභවාපි ගහිතා හොන‍්ති. තෙනාහ “පුරිමකම‍්මභවස‍්මිං මොහො අවිජ‍්ජා, ආයූහනා සඞ‍්ඛාරා, නිකන‍්ති තණ‍්හා, උපගමනං උපාදානං, චෙතනා භවොති ඉමෙ පඤ‍්ච ධම‍්මා පුරිමකම‍්මභවස‍්මිං ඉධ පටිසන්‍ධියා පච‍්චයා”ති (පටි· ම· 1.47).

මේ විංශද් ආකාර සංඛ්‍යාත අරයන් හේතුකොට ගෙන (භව චක්‍රය) වීසති ආකාර - අර නම් වෙති’යි දතයුතුය. එහි ‘අතීතෙ හේතවො පඤ්ච’ යනු, පළමුකොට, අවිජ්ජා - සංඛාර යන දෙක කියන ලද්දේමය. යම් හෙයකින් වනාහි, අඥාන තෙමේ තෘෂ්ණාවෙන් මඩිනු ලබයිද, එසේ මඩනා ලද්දේ, (තෘෂ්ණාවෙන්) දැඩිව අල්වා ගනියිද, ඔහුට එම උපාදානය හේතු කොට ගෙන භවය වේ; එහෙයින් තණ්හා, උපාදාන, භව යන තුනද ගන්නා ලද්දේ වේ. එහෙයින් කීහු - “පුරිම කම්ම - භවස්මිං මොහො අවිජ්ජා - ආයුහනා සඞ්ඛාරා - නිකන්ත තණ්හා, උපගමනං උපාදානං, චෙතනා භවොති ඉමෙ පඤ්ච ධම්මා පුරිමකම්මභවස්මිං ඉධ පටිසන්‍ධියා පච්චයා” (පූර්ව කර්මභවයෙහි, මෝහ හෙවත් අවිද්‍යාවය, ආයූහන (රැස් කිරීම) හෙවත් සංඛාරය, ඇලීම් සංඛ්‍යාත තෘෂ්ණාවය, දැඩිව අල්වා ගැනීම වන උපාදානය, චේතනා හෙවත් භවයයි යන ධර්ම පංචකය මෙම භවයෙහි ප්‍රතිසන්‍ධිය පිණිස ප්‍රත්‍යය වේ).

තත්‍ථ පුරිමකම‍්මභවස‍්මින‍්ති පුරිමෙ කම‍්මභවෙ, අතීතජාතියං කම‍්මභවෙ කරියමානෙති අත්‍ථො. මොහො අවිජ‍්ජාති යො තදා දුක‍්ඛාදීසු මොහො, යෙන මූළ‍්හො කම‍්මං කරොති, සා අවිජ‍්ජා. ආයූහනා සඞ‍්ඛාරාති තං කම‍්මං කරොතො යා පුරිමචෙතනායො, යථා “දානං දස‍්සාමී”ති චිත‍්තං උප‍්පාදෙත්‍වා මාසම‍්පි සංවච‍්ඡරම‍්පි දානුපකරණානි සජ‍්ජෙන‍්තස‍්ස උප‍්පන‍්නා පුරිමචෙතනායො. පටිග‍්ගාහකානං පන හත්‍ථෙ දක‍්ඛිණං පතිට‍්ඨාපයතො චෙතනා භවොති වුච‍්චති. එකාවජ‍්ජනෙසු වා ඡසු ජවනෙසු චෙතනා ආයූහනා සඞ‍්ඛාරා නාම . සත‍්තමෙ භවො. යා කාචි වා පන චෙතනා භවො. සම‍්පයුත‍්තා ආයූහනා සඞ‍්ඛාරා නාම. නිකන‍්ති තණ‍්හාති යා කම‍්මං කරොන‍්තස‍්ස ඵලෙ උපපත‍්තිභවෙ නිකාමනා පත්‍ථනා, සා තණ‍්හා නාම. උපගමනං උපාදානන‍්ති යං කම‍්මභවස‍්ස පච‍්චයභූතං “ඉදං කත්‍වා අසුකස‍්මිං නාම ඨානෙ කාමෙ සෙවිස‍්සාමි උච‍්ඡිජ‍්ජිස‍්සාමී”තිආදිනා නයෙන පවත‍්තං උපගමනං ගහණං පරාමසනං, ඉදං උපාදානං නාම. චෙතනා භවොති ආයූහනාවසානෙ වුත‍්තා චෙතනා භවොති එවමත්‍ථො වෙදිතබ‍්බො.

එහි, ‘පුරිමකම්මභවස්මිං’ යනු, පූර්වකර්මභවයෙහි, පෙර ජාතියෙහි කර්මයන් රැස් කරන කල්හිය යන අර්ත්‍ථය ‘මොහො අවිජ්ජා’ යනු, එකල දුක්ඛ ආදී විෂයයෙහි යම් මූළාවෙක් වීද, යම් හෙයකින් මූළාවට පත්ව කර්මයන් රැස් කෙරේද, එය අවිද්‍යාවයි. ‘ආයූහනා සඞ්ඛාරා’ යනු, ඒ කර්මය කරන්නහුට යම් පූර්ව චේතනාවක් වේද, ඒ මෙසේයි:- ‘දානයක් දෙමි’යි යන සිත උපදවා ගෙන මාසයක් හෝ අවුරුද්දක් හෝ දානෝපකරණ සම්පාදනය කරන්නකුට උපදිනුයේ පූර්ව චේතනායි; ප්‍රතිග්‍රාහකයන් අත දානය තබන්නකුට ඇතිවන චේතනා ‘භව’ යයි කියනු ලැබේ. නොහොත්, එක් ආවර්ජනයක් තුළ වූ ජවන් සිත් සයෙක්හි රැස්වන චේතනා සංඛාර නම්වේ; සත්වැන්න ‘භව’ නම් වේ. යම් හෝ චේතනාවක් ‘භව’ වේද, එය හා සම්ප්‍රයුක්ත ආයූහනය (රැස් කිරීම) ‘සංඛාර’ නම් වේ. ‘නිකන්ති තණ්හා’ යනු, කර්මයක් කරන්නහුට එහි ඵලය වූ උත්පත්ති භවය කෙරෙහි යම් කැමැත්තක්, පැතීමක් වේනම්, එය තණ්හා නමි; ‘උපගමනං උපාදානං’ යනු කර්මභවයට ප්‍රත්‍යය වූ යම් මේ කර්මයක් කොට, අසුවල් තැන (ඉපිද) කාමයන් සේවනය කරන්නෙමියි, නැතහොත්, සිඳලන්නෙමි’යි යන ආදි නයින් පැවති යම් එල්බ ගැනීමක්, ග්‍රහණයක්, පරාමර්ශනයක් වෙතොත්, මෙය ‘උපාදාන’ නම් වේ; ‘චේතනා භවො’ යනු, ආයුහනය අවසන්හි කියන ලද චේතනා භවයයි මෙසේ මෙහි අර්ත්‍ථය දතයුතුය.

ඉදානි ඵලපඤ‍්චකන‍්ති විඤ‍්ඤාණාදිවෙදනාවසානං පාළියං ආගතමෙව. යථාහ – “ඉධ පටිසන්‍ධි විඤ‍්ඤාණං, ඔක‍්කන‍්ති නාමරූපං, පසාදො ආයතනං, ඵුට‍්ඨො ඵස‍්සො, වෙදයිතං වෙදනා, ඉමෙ පඤ‍්ච ධම‍්මා ඉධූපපත‍්තිභවස‍්මිං පුරෙකතස‍්ස කම‍්මස‍්ස පච‍්චයා”ති (පටි· 1.47). තත්‍ථ පටිසන්‍ධි විඤ‍්ඤාණන‍්ති යං භවන‍්තරපටිසන්‍ධානවසෙන උප‍්පන‍්නත‍්තා පටිසන්‍ධීති වුච‍්චති, තං විඤ‍්ඤාණං. ඔක‍්කන‍්ති නාමරූපන‍්ති යා ගබ‍්භෙ රූපාරූපධම‍්මානං ඔක‍්කන‍්ති ආගන‍්ත්‍වා පවිසනං විය, ඉදං නාමරූපං. පසාදො ආයතනන‍්ති ඉදං චක‍්ඛාදිපඤ‍්චායතනවසෙන වුත‍්තං. ඵුට‍්ඨො ඵස‍්සොති යො ආරම‍්මණං ඵුට‍්ඨො ඵුසන‍්තො උප‍්පන‍්නො, අයං ඵස‍්සො. වෙදයිතං වෙදනාති යං පටිසන්‍ධිවිඤ‍්ඤාණෙන වා සළායතනපච‍්චයෙන වා ඵස‍්සෙන සහ උප‍්පන‍්නං විපාකවෙදයිතං, සා වෙදනාති එවමත්‍ථො වෙදිතබ‍්බො.

ඉක්බිති, ‘ඵලපඤ්චකං’ යනු, විඤ්ඤාණය පටන් වේදනාව තෙක් පෙළෙහි ආ ඵල පඤ්චකයයි; එහෙයින් කීහු:- “ඉධ පටිසන්‍ධි විඤ්ඤාණං, ඔක්කන්ති නාමරූපං, පසාදො ආයතනං, ඵුට්ඨො ඵස්සො, වෙදයිතං වෙදනා ඉති ඉමෙ පඤ්චධම්මා ඉධූපපත්ති භවස්මිං පුරෙ කතස්ස කම්මස්ස පච්චයා’’ (මේ භවයෙහි, විඤ්ඤාණං යනු, ප්‍රතිසන්‍ධියයි; ‘නාමරූපං’ යනු, (මව්කුස) වැද ගැනීමයි; ‘ආයතනා’ යනු, චක්‍ඛු ආදී වූ පසාද පංචකයයි, ‘ඵස්ස’ යනු, අරමුණු සමග ගැටීමයි; ‘වෙදනා’ යනු, විඳිනු ලැබීමයි;) මෙසේ මේ උත්පත්ති භවයට අයත් ධර්ම පංචකය පූර්වභවයෙහි කළ කර්මය ප්‍රත්‍යය කොට ගෙන සිදුවේ) යනුයි. එහි ‘පටිසන්‍ධි විඤ්ඤාණං’ යනු, යමක් භවාන්තර ප්‍රතිසන්‍ධි වශයෙන් උපන් හෙයින් ප්‍රතිසන්‍ධි යයි කියනු ලැබේද, එම විඤ්ඤාණයයි; ‘ඔක්කන්ති නාම රූපං’ යනු, රූපා-රූප ධර්මයන් (මව්බසට) වැදගැනීම, අවුත් පිවිසීම වැනි යමක් සිදුවේද, එය නාමරූපයි; ‘පසාදො ආයතනං’ යනු, මෙය චක්‍ෂුරාදී පංචායතන වශයෙන් කියනලදි; ‘ඵුට්ඨො ඵස්සො’ යනු, යමක් අරමුණ හා ගැටුණේද, ගැටෙමින් උපන්නේද, එය ඵස්සයයි; ‘වෙදයිතං වෙදනා’ යනු, ප්‍රතිසන්‍ධි විඤ්ඤාණය සමග හෝ ෂඩායතන ප්‍රත්‍යය කොට ගෙන හෝ ඵස්සය සමග උපන්නේද, යම් විපාක වින්‍දනයක් වේද, එය වේදනාවයි; යනුවෙන් මෙසේ අර්ත්‍ථය දතයුතුය.

ඉදානි හෙතවො පඤ‍්චාති තණ‍්හාදයො පාළියං ආගතා තණ‍්හුපාදානභවා. භවෙ පන ගහිතෙ තස‍්ස පුබ‍්බභාගා තංසම‍්පයුත‍්තා වා සඞ‍්ඛාරා ගහිතාව හොන‍්ති. තණ‍්හුපාදානග‍්ගහණෙන ච තංසම‍්පයුත‍්තා, යාය වා මූළ‍්හො කම‍්මං කරොති, සා අවිජ‍්ජා ගහිතාව හොතීති. එවං පඤ‍්ච. තෙනාහ “ඉධ පරිපක‍්කත‍්තා ආයතනානං මොහො අවිජ‍්ජා, ආයූහනා සඞ‍්ඛාරා, නිකන‍්ති තණ‍්හා, උපගමනං උපාදානං, චෙතනා භවොති ඉමෙ පඤ‍්ච ධම‍්මා ඉධ කම‍්මභවස‍්මිං ආයතිං පටිසන්‍ධියා පච‍්චයා”ති (පටි· ම· 1.47). තත්‍ථ ඉධ පරිපක‍්කත‍්තා ආයතනානන‍්ති පරිපක‍්කායතනස‍්ස කම‍්මකරණකාලෙ සම‍්මොහො දස‍්සිතො. සෙසං උත‍්තානත්‍ථමෙව.

‘ඉදානි හෙතවො පඤ්ච’ යනු, තණ්හාව ආදි කොට පෙළෙහි ආ තණ්හා, උපාදාන, භව යන මොහුද, - භවය ගත් කල එයට පෙරටු වූ, නැතහොත්, එය හා සම්ප්‍රයුක්ත වූ සංඛාරයෝ ගන්නා ලද්දාහුමය; තණ්හා, උපාදාන යන දෙක ගැනීමෙන් ඔවුන් හා සම්ප්‍රයුක්ත ධර්මයෝද ගැනෙති, යමක් හේතු කොට ගෙන මුළාවට පත්ව කර්මයන් රැස් කෙරේද, ඒ අවිද්‍යාව ගන්නා ලද්දේම වේ යනුවෙන් මෙසේ වර්තමාන හේතු පංචකය ගැනේ. එහෙයින් කීහු:- ‘ඉධ පරිපක්කත්තා ආයතනානං මොහො අවිජ්ජා, ආයූහනා සඞ්ඛාරා, නිකන්ති තණ්හා, උපගමනං උපාදානං, චෙතනා භවො, ඉති ඉමෙ පඤ්ච ධම්මා ඉධ කම්මභවස්මිං ආයතිං පටිසන්‍ධියා පච්චයා” (මේ භවයෙහිදී ආයතනයන් මුහුකුරා ගිය හෙයින්, මෝහ (මුළාව) සංඛ්‍යාත අවිද්‍යාවය, ආයූහන (රැස් කිරීම) සංඛ්‍යාත සංඛාරය, නිකන්ති (කැමැත්ත) යයි කියනු ලබන තණ්හාවය, උපගමන (ඉතා ළං වීම) සංඛ්‍යාත උපාදානය, චේතනා සංඛ්‍යාත භවය යන මේ කර්මභවයට අයත් පංච ධර්මයෝ අනාගත ප්‍රතිසන්‍ධියට ප්‍රත්‍යය වෙති යනුයි. ‘ඉධ පරිපක්කත්තා ආයතනානං’ යනු, මූකළ ආයතන සහිතව කර්මයන් රැස් කරන කාලයෙහි වූ මුළාව දක්වන ලදි; සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේමය.

ආයතිං ඵලපඤ‍්චකන‍්ති විඤ‍්ඤාණාදීනි පඤ‍්ච. තානි ජාතිග‍්ගහණෙන වුත‍්තානි. ජරාමරණං පන තෙසංයෙව ජරාමරණං. තෙනාහ – “ආයතිං පටිසන්‍ධි විඤ‍්ඤාණං , ඔක‍්කන‍්ති නාමරූපං, පසාදො ආයතනං, ඵුට‍්ඨො ඵස‍්සො, වෙදයිතං වෙදනා, ඉමෙ පඤ‍්ච ධම‍්මා ආයතිං උපපත‍්තිභවස‍්මිං ඉධ කතස‍්ස කම‍්මස‍්ස පච‍්චයා”ති (පටි· ම· 1.47). එවමිදං වීසති ආකාරාරං හොති.

‘ආයතිං ඵල පඤ්චකං’ යනු, විඤ්ඤාණය ආදිකොට ඇති (මතු භවයෙහි) ඵලපඤ්චකයයි; ඒවා ‘ජාති’ ශබ්දග්‍රහණයෙන්ම කියන ලද්දේය. ‘ජරාමරණං’ යනු, (මතු භවයෙහි වන) එම ඵලපඤ්චකය පිළිබඳ ජරා-මරණයි. එහෙයින් කීහු:- “ආයතිං පටිසන්‍ධි - විඤ්ඤාණං, ඔක්කන්ති නාම රූපං, පසාදො ආයතනං, ඵුට්ඨො ඵස්සො, වෙදයිතං වෙදනා’ (මතු භවය පිළිබඳ) ‘විඤ්ඤාණා’ යනු, ප්‍රතිසන්‍ධියයි; ‘නාමරූපං’ යනු, (මව්කුස) වැදගැනීමයි; ‘ආයතනං’ යනු, චක්‍ඛු ආදී පසාද පංචකයයි; ‘ඵස්සො’ යනු, අරමුණු සමග ගැටීමයි; ‘වෙදනා’ යනු, විඳිනු ලැබීමයි.) මෙසේ මේ පංචධර්මයෝ අනාගත උත්පත්ති භවයට මේ භවයෙහිදී කරන ලද කර්මයෙන් ප්‍රත්‍යය වෙති’යි මේ විසිආකාර අර ඇති (භවචක්‍රය) සිදුවේ.

තිවට‍්ටමනවට‍්ඨිතං භමතීති එත්‍ථ පන සඞ‍්ඛාරභවා කම‍්මවට‍්ටං, අවිජ‍්ජාතණ‍්හුපාදානානි කිලෙසවට‍්ටං, විඤ‍්ඤාණනාමරූපසළායතනඵස‍්සවෙදනා විපාකවට‍්ටන‍්ති ඉමෙහි තීහි වට‍්ටෙහි තිවට‍්ටමිදං භවචක‍්කං යාව කිලෙසවට‍්ටං න උපච‍්ඡිජ‍්ජති, තාව අනුපච‍්ඡින‍්නපච‍්චයත‍්තා අනවට‍්ඨිතං පුනප‍්පුනං පරිවත‍්තනතො භමතියෙවාති වෙදිතබ‍්බං.

‘තිවට්ටමනවට්ඨිතං භවති’ යනු, මෙහි වනාහි ‘සංඛාරභව’ යන දෙක ‘කම්මවට්ට’ නමි; අවිජ්ජා, තණ්හා. උපාදාන යන තුන ‘කිලේසවට්ට’ නමි; විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා යන පස ‘විපාක වට්ට’ නමි. මෙසේ මෙම වට තුන හේතුකොට ගෙන ‘තිවට්ට’ නම් වූ මේ භවචක්‍රය, යම්තාක් කිලේසවට්ටය නොසිඳී පවත්නේද, ඒතාක් නොසිඳෙන ප්‍රත්‍යය ඇති හෙයින් නොනැවතී යලි යලිදු කැරකෙමින් භ්‍රමණය වන්නේයයි දතයුතුය.

තයිදමෙවං භමමානං,

මෙසේ භ්‍රමණය වන ඒ මේ භවචක්‍රය වූකලී:

සච‍්චප‍්පභවතො කිච‍්චා, වාරණා උපමාහි ච; ගම‍්භීරනයභෙදා ච, විඤ‍්ඤාතබ‍්බං යථාරහං.

සච්චප්පභවතො කිච්චා වාරණා උපමාහිච ගම්භීරනය භේදා ච විඤ්ඤාතබ්බං යථාරහං

සත්‍යප්‍රභව වශයෙන්ද, කෘත්‍ය වශයෙන්ද, වාරණ වශයෙන්ද, උපමා මගින්ද, ගම්භීරතා වශයෙන්ද, නයභේද වශයෙන්ද, සුදුසු පරිද්දෙන් දත යුත්තෙකි.

තත්‍ථ යස‍්මා කුසලාකුසලං කම‍්මං අවිසෙසෙන සමුදයසච‍්චන‍්ති සච‍්චවිභඞ‍්ගෙ වුත‍්තං, තස‍්මා අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාති අවිජ‍්ජාය සඞ‍්ඛාරා දුතියසච‍්චප‍්පභවං දුතියසච‍්චං. සඞ‍්ඛාරෙහි විඤ‍්ඤාණං දුතියසච‍්චප‍්පභවං පඨමසච‍්චං. විඤ‍්ඤාණාදීහි නාමරූපාදීනි විපාකවෙදනාපරියොසානානි පඨමසච‍්චප‍්පභවං පඨමසච‍්චං. වෙදනාය තණ‍්හා පඨමසච‍්චප‍්පභවං දුතියසච‍්චං. තණ‍්හාය උපාදානං දුතියසච‍්චප‍්පභවං දුතියසච‍්චං. උපාදානතො භවො දුතියසච‍්චප‍්පභවං පඨමදුතියසච‍්චද‍්වයං. භවතො ජාති දුතියසච‍්චප‍්පභවං පඨමසච‍්චං. ජාතියා ජරාමරණං පඨමසච‍්චප‍්පභවං පඨමසච‍්චන‍්ති එවං තාවිදං සච‍්චප‍්පභවතො විඤ‍්ඤාතබ‍්බං යථාරහං.

එහි, යම් හෙයින් කුසල-අකුසල කර්මය අවිශේෂයෙන් සමුදය සත්‍යය වෙති’යි සච්චවිභඞ්ගයෙහි කියන ලද්දේද, එහෙයින් ‘අවිජ්ජා පච්චයා සඞ්ඛාරා’ යනුවෙන් අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඇති වන සංඛාරය ද්විතීය (සමුදය) සත්‍යය ප්‍රභව කොට ඇති ද්විතීය සත්‍යයයි; සංඛාර ප්‍රත්‍යයෙන් ඇති වන විඤ්ඤාණය ද්විතීය සත්‍යය ප්‍රභව කොට ඇති ප්‍රථම (දුඃඛ) සත්‍යයයි; විඤ්ඤාණාදියෙන් ඇති වන, විපාක වේදනාව අවසාන කොට ඇති නාමරූපාදිය ප්‍රථම සත්‍යය ප්‍රභව කොට ඇති ප්‍රථම සත්‍යයයි; වේදනාවෙන් ඇති වන තණ්හාව ප්‍රථම සත්‍යය ප්‍රභව කොට ඇති ද්විතීය සත්‍යයයි; තණ්හාවෙන් ඇතිවන උපාදානය ද්විතීය සත්‍යය ප්‍රභව කොට ඇති ද්විතීය සත්‍යයයි; උපාදානයෙන් ඇති වන භවය ද්විතීය සත්‍යය ප්‍රභව කොට ඇති ප්‍රථම හා ද්විතීය සත්‍යද්වයයයි; භවයෙන් ඇති වන ජාතිය ද්විතීය සත්‍යය ප්‍රභව කොට ඇති ප්‍රථම සත්‍යයයි; ජාතියෙන් ඇති වන ජරාමරණය ප්‍රථම සත්‍යය ප්‍රභව කොට ඇති වන ප්‍රථම සත්‍යයයි. මෙසේ පළමුකොට මෙය සත්‍යප්‍රභව වශයෙන් සුදුසු පරිදි දතයුතුය.

යස‍්මා පනෙත්‍ථ අවිජ‍්ජා වත්‍ථූසු ච සත‍්තෙ සම‍්මොහෙති, පච‍්චයො ච හොති සඞ‍්ඛාරානං පාතුභාවාය. තථා සඞ‍්ඛාරා සඞ‍්ඛතඤ‍්ච අභිසඞ‍්ඛරොන‍්ති, පච‍්චයා ච හොන‍්ති විඤ‍්ඤාණස‍්ස. විඤ‍්ඤාණම‍්පි වත්‍ථුඤ‍්ච පටිවිජානාති, පච‍්චයො ච හොති නාමරූපස‍්ස. නාමරූපම‍්පි අඤ‍්ඤමඤ‍්ඤඤ‍්ච උපත්‍ථම‍්භෙති, පච‍්චයො ච හොති සළායතනස‍්ස. සළායතනම‍්පි සවිසයෙ ච පවත‍්තති, පච‍්චයො ච හොති ඵස‍්සස‍්ස. ඵස‍්සොපි ආරම‍්මණඤ‍්ච ඵුසති, පච‍්චයො ච හොති වෙදනාය. වෙදනාපි ආරම‍්මණරසඤ‍්ච අනුභවති, පච‍්චයො ච හොති තණ‍්හාය. තණ‍්හාපි රජ‍්ජනීයෙ ච ධම‍්මෙ රජ‍්ජති, පච‍්චයො ච හොති උපාදානස‍්ස. උපාදානම‍්පි උපාදානියෙ ච ධම‍්මෙ උපාදියති, පච‍්චයො ච හොති භවස‍්ස. භවොපි නානාගතීසු ච වික‍්ඛිපති, පච‍්චයො ච හොති ජාතියා. ජාතිපි ඛන්‍ධෙ ච ජනෙති තෙසං අභිනිබ‍්බත‍්තිභාවෙන පවත‍්තත‍්තා, පච‍්චයො ච හොති ජරාමරණස‍්ස. ජරාමරණම‍්පි ඛන්‍ධානං පාකභෙදභාවඤ‍්ච අධිතිට‍්ඨති, පච‍්චයො ච හොති භවන‍්තරපාතුභාවාය සොකාදීනං අධිට‍්ඨානත‍්තා. තස‍්මා සබ‍්බපදෙසු ද‍්වෙධා පවත‍්තිකිච‍්චතොපි ඉදං විඤ‍්ඤාතබ‍්බං යථාරහං.

යම් හෙයකින් මේ භවචක්‍රයෙහි අවිද්‍යාව වස්තූන් විෂයයෙහි සත්ත්‍වයන් මුළා කෙරේද, සංඛාරයන් පහළ වීම පිණිසද ප්‍රත්‍යය වේද, එසේම සංඛාරයෝ සහජාත සංඛාරයන් රැස් කෙරෙත්ද, විඤ්ඤාණයටද ප්‍රත්‍යය වෙත්ද, විඤ්ඤාණය වස්තූන් හඳුනා ගනීද, නාමරූපයනටද ප්‍රත්‍යය වෙත්ද, නාමරූපයෝද එකිනෙකට උපස්තම්භ වෙත්ද, සළායතනයනටද ප්‍රත්‍යය වෙත්ද, සළායතනයෝද ස්වවිෂයෙහි පවතිත්ද, ඵස්සයටද ප්‍රත්‍යය වෙත්ද, එයද අරමුණු ස්පර්ශ කෙරේද, වේදනාවටද ප්‍රත්‍යය වේද, වේදනාවද අරමුණු රස විඳීද, තණ්හාවටද ප්‍රත්‍යය වේද, තණ්හාවද ඇලීමට සුදුසු වස්තූන් කෙරෙහි ඇලේද, උපාදානයටද ප්‍රත්‍යය වේද, උපාදානයද එල්බ ගත හැකි ධර්මයන් කෙරෙහි එල්බේද, භවයටද ප්‍රත්‍යය වේද, භවයද නානාගතීන් තුළ විසිරෙයිද, ජාතියටද ප්‍රත්‍යය වේද, ජාතියද ස්කන්‍ධයන් ඉපැදවීමේ ස්වභාව ඇති හෙයින් එම ස්කන්‍ධයන් දනවයිද, ජරාමරණයනටද ප්‍රත්‍යය වේද, ජරාමරණයෝද ස්කන්‍ධයන්ගේ බිහිකිරීම හා බිඳීයාම තීරණය කෙරෙත්ද, ශෝකාදිය තීරණය කිරීම් වශයෙන්, භවාන්තරයෙහි පහළ වීමටද ප්‍රත්‍යය වෙත්ද, එහෙයින් සියලු පදයන්හි දෙපරිද්දෙකින් පැවතීම වෙති’යි කෘත්‍ය වශයෙන්ද මෙය සුදුසු පරිදි දතයුතුය.

යස‍්මා චෙත්‍ථ අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාති ඉදං කාරකදස‍්සනනිවාරණං. සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණන‍්ති අත‍්තසඞ‍්කන‍්තිදස‍්සනනිවාරණං. විඤ‍්ඤාණපච‍්චයා නාමරූපන‍්ති “අත‍්තා”තිපරිකප‍්පිතවත්‍ථුභෙදදස‍්සනතො ඝනසඤ‍්ඤානිවාරණං. නාමරූපපච‍්චයා සළායතනන‍්තිආදි අත‍්තා පස‍්සති…පෙ… විජානාති, ඵුසති, වෙදයති, තණ‍්හියති, උපාදියති, භවති, ජායති, ජීයති, මීයතීතිඑවමාදිදස‍්සනනිවාරණං. තස‍්මා මිච‍්ඡාදස‍්සනනිවාරණතොපෙතං භවචක‍්කං විඤ‍්ඤාතබ‍්බං යථාරහං.

තවද, මෙහි යම් හෙයකින්, ‘අවිජ්ජා පච්චයා සංඛාරා’ යන මෙය (ඊශ්වරාදී) කාරකයකු (හෙවත් නිර්මාපකයකු) පිළිබඳ දෘෂ්ටිය වලකයිද, ‘සඞ්ඛාර පච්චයා’ යන මෙය ආත්ම සංක්‍රාන්ති (ආත්මය භවයෙන් භවයට සංක්‍රමණය වෙති’යි යන) දෘෂ්ටිය වලකයිද, ‘විඤ්ඤාණපච්චයා නාමරූපං’ යන මෙය ආත්මයයි පරිකල්පිත වස්තූන් නාමරූප වශයෙන් විග්‍රහකොට දැක්වීමෙන් ආත්මය පිළිබඳව පවත්නා ඝනසංඥාව නිවාරණය කරයිද, ‘නාමරූප පච්චයා සළායතනං’ යන ආදිය ‘ආත්මය තෙමේ දකියි -පෙ- ස්පර්ශ කරයි, විඳියි, ඇලුම් කරයි, එල්බගනියි, වෙයි, උපදියි, දිරයි, මැරෙයි’ යන මේ ආදී දෘෂ්ටීන් වාරණය කරයිද, එහෙයින් මෙකී මිථ්‍යාදෘෂ්ටීන් වැලකීම් වශයෙන්ද මේ භව චක්‍රය සුදුසු පරිදි දතයුතුය.

යස‍්මා පනෙත්‍ථ සලක‍්ඛණසාමඤ‍්ඤලක‍්ඛණවසෙන ධම‍්මානං අදස‍්සනතො අන්‍ධො විය අවිජ‍්ජා. අන්‍ධස‍්ස උපක‍්ඛලනං විය අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා. උපක‍්ඛලිතස‍්ස පතනං විය සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං. පතිතස‍්ස ගණ‍්ඩපාතුභාවො විය විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං. ගණ‍්ඩභෙදපීළකා විය නාමරූපපච‍්චයා සළායතනං. ගණ‍්ඩපීළකාඝට‍්ටනං විය සළායතනපච‍්චයා ඵස‍්සො. ඝට‍්ටනදුක‍්ඛං විය ඵස‍්සපච‍්චයා වෙදනා, දුක‍්ඛස‍්ස පටිකාරාභිලාසො විය වෙදනාපච‍්චයා තණ‍්හා. පටිකාරාභිලාසෙන අසප‍්පායග‍්ගහණං විය තණ‍්හාපච‍්චයා උපාදානං. උපාදිණ‍්ණඅසප‍්පායාලෙපනං විය උපාදානපච‍්චයා භවො. අසප‍්පායාලෙපනෙන ගණ‍්ඩවිකාරපාතුභාවො විය භවපච‍්චයා ජාති. ගණ‍්ඩවිකාරතො ගණ‍්ඩභෙදො විය ජාතිපච‍්චයා ජරාමරණං. යස‍්මා වා පනෙත්‍ථ අවිජ‍්ජා අප‍්පටිපත‍්තිමිච‍්ඡාපටිපත‍්තිභාවෙන සත‍්තෙ අභිභවති පටලං විය අක‍්ඛීනි . තදභිභූතො ච බාලො පුනබ‍්භවිකෙහි සඞ‍්ඛාරෙහි අත‍්තානං වෙඨෙති කොසකාරකිමි විය කොසප‍්පදෙසෙහි. සඞ‍්ඛාරපරිග‍්ගහිතං විඤ‍්ඤාණං ගතීසු පතිට‍්ඨං ලභති පරිණායකපරිග‍්ගහිතො විය රාජකුමාරො රජ‍්ජෙ. උපපත‍්තිනිමිත‍්තපරිකප‍්පනතො විඤ‍්ඤාණං පටිසන්‍ධියං අනෙකප‍්පකාරං නාමරූපං අභිනිබ‍්බත‍්තෙති මායාකාරො විය මායං. නාමරූපෙ පතිට‍්ඨිතං සළායතනං වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං පාපුණාති සුභූමියං පතිට‍්ඨිතො වනප‍්පගුම‍්බො විය. ආයතනඝට‍්ටනතො ඵස‍්සො ජායති අරණිසහිතාභිමන්‍ථනතො අග‍්ගි විය. ඵස‍්සෙන ඵුට‍්ඨස‍්ස වෙදනා පාතුභවති අග‍්ගිනා ඵුට‍්ඨස‍්ස දාහො විය. වෙදයමානස‍්ස තණ‍්හා පවඩ‍්ඪති ලොණූදකං පිවතො පිපාසා විය. තසිතො භවෙසු අභිලාසං කරොති පිපාසිතො විය පානීයෙ. තදස‍්සුපාදානං, උපාදානෙන භවං උපාදියති ආමිසලොභෙන මච‍්ඡො බළිසං විය. භවෙ සති ජාති හොති බීජෙ සති අඞ‍්කුරො විය. ජාතස‍්ස අවස‍්සං ජරාමරණං උප‍්පන‍්නස‍්ස රුක‍්ඛස‍්ස පතනං විය. තස‍්මා එවං උපමාහිපෙතං භවචක‍්කං විඤ‍්ඤාතබ‍්බං යථාරහං.

යම්හෙයකින් වනාහි මෙහි (මේ භවචක්‍ර විෂයයෙහි), ස්වලක්‍ෂණ, සාමාන්‍ය ලක්‍ෂණ වශයෙන් වස්තුස්වභාවයන් නොදැකීමෙන් අවිද්‍යාව අන්‍ධයකු වැනි වේද, ‘අවිජ්ජා පච්චයා සඞ්ඛාරා’ යනු අන්‍ධයාගේ පැකිලීම වැනි වේද, ‘සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං’ යනු, පැකිලීම නිසා වැටීම වැනි වේද, ‘විඤ්ඤාණපච්චයා නාමරූපං’ යනු, වැටුණාහුගේ සිරුරෙහි ගඩක් හටගැනීම වැනි වේද, ‘නාමරූප පච්චයා සළායතනං’ යනු, ගඩ බිඳීමෙන් නැගුණ වනයක් වැනි වේද, ‘සළායතන පච්චයා ඵස්සො’ යනු, ගඩින් හටගත් වනය යමක ගැටීම වැනි වේද, ‘ඵස්ස පච්චයා වෙදනා’ යනු, ගැටීමෙන් ඇති වන දුඃඛ වේදනාව වැනි වේද, ‘වෙදනා පච්චයා තණ්හා’ යනු, දුකට ප්‍රතිකාර ලබාගැනීමේ කැමැත්ත වැනි වේද, ‘තණ්හා පච්චයා උපාදානං’ යනු, ප්‍රතිකාරාභිලාෂයෙන් අසත්ප්‍රාය ප්‍රතිකාර ලැබීම වැනි වේද, ‘උපාදාන පච්චයා භවො’ යනු, ලබාගත් අසත්ප්‍රාය බෙහෙත් ගැල්වීම වැනි වේද, ‘භව පච්චයා ජාති’ යනු, අසත්ප්‍රාය ලේපනයෙන් ගඩෙහි අසාධ්‍ය ලක්‍ෂණ පහළ වීම වැනි වේද, ‘ජාති පච්චයා ජරාමරණං’ යනු, ගඩ උත්සන්න වී පැලීයාම වැනි වේද, නොහොත්, යම් හෙයකින් මෙහි අවිද්‍යාව දුෂ්ප්‍රතිපත්ති, මිථ්‍යා ප්‍රතිපත්ති වශයෙන්, පටලයක් ඇස් මැඩලන්නා සේ සත්ත්‍වයන් මැඩලයිද, එම අවිද්‍යාව විසින් මැඩලන ලද අඥාන තෙමේ පුනර්භවය ඇති කරන සංඛාරයන්ගෙන්, කෝෂකාර කෘමියා (පටපණුවා) කෝෂය සෑදෙන හුයෙන් තමාම වෙළා ගන්නා සේ, වෙළා ගනීද, සංඛාරයන්ගෙන් පෝෂණය ලද විඤ්ඤාණය, පරිණායික (ආරක්‍ෂක) ඇමැතියාගේ උපකාරයෙන් රජකුමරකු රාජ්‍යයෙහි පිහිටන්නා සේ, (පංචවිධ) ගතිය තුළ පිහිටීම ලබයිද, උත්පත්ති නිමිති පරිකල්පනය කිරීම් වශයෙන් විඤ්ඤාණය, ඉන්‍ද්‍රජාලිකයකු ඉන්‍ද්‍රජාලයන් නිපදවන්නා සේ, ප්‍රතිසන්‍ධි විෂයයෙහි අනේකප්‍රකාර නාමරූපයන් නිපදවයිද, නාමරූප විෂයයෙහි පිහිටි සළායතනය, සරු බිමෙක පිහිටි වන ලැහැබක් සේ, වෘද්ධියට, සවිමත් බවට, මහත් බවට පැමිණේද, ආයතනයන්ගේ ගැටීමෙන්, ගිනි ගානා දඬු එකට ගැටීමෙන් ගිනි උපදින්නා සේ, ස්පර්ශය උපදීද, ස්පර්ශයන්ගේ පහස ලද්දහුට, ගිනිරැස් පහස ලද්දහුට දැවිල්ල හටගන්නා සේ, වේදනාව පහළ වේද, (වේදනා) විඳීම ලබන්නහුට, ලුණු දිය බොන්නහුට පිපාසය වැඩෙන්නා සේ, තෘෂ්ණාව වැඩෙයිද, තෘෂ්ණා සහිත වූයේ, පිපාසිතයකු ජලයට අභිලාෂ කරන්නා සේ, භවයන් කෙරෙහි අභිලාෂ කෙරේද, ඉක්බිති ඔහුට උපාදානය ඇති වේද, උපාදානයෙන් භවය, අහර ලොබින් මසකු බිලිය ඩැහැගන්නා සේ, දැඩිලෙස ගැනීම ඇති කරයිද, බීජයක් ඇතිකල අංකුරය හට ගන්නා සේ භවය ඇති කල ජාතිය ඇති වේද, හටගත් ගසෙහි වැටීම සිදු වන්නා සේ උපන්නහුට නියත වශයෙන්ම ජරා-මරණ සිදු වේද, එහෙයින් උපමා වශයෙන්ද මේ භවචක්‍රය සුදුසු පරිදි දත යුතුය.

යස‍්මා ච භගවතා අත්‍ථතොපි ධම‍්මතොපි දෙසනතොපි පටිවෙධතොපි ගම‍්භීරභාවං සන්‍ධාය “ගම‍්භීරො චායං, ආනන්‍ද, පටිච‍්චසමුප‍්පාදො ගම‍්භීරාවභාසො චා”ති (දී· නි· 2.95; සං· නි· 2.60) වුත‍්තං, තස‍්මා ගම‍්භීරභෙදතොපෙතං භවචක‍්කං විඤ‍්ඤාතබ‍්බං යථාරහං.

තවද යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේ විසින් අර්ත්‍ථ වශයෙන්ද, ධර්ම වශයෙන්ද, දේශනා වශයෙන්ද, ප්‍රතිවේධ වශයෙන්ද ගැඹුරු බවින් යුක්ත වූ හෙයින්, “ගම්භීරොචායං ආනන්‍ද පටිච්චසමුප්පාදො, ගම්භීරාවභාසොච” (ආනන්‍දය, මේ පටිච්චසමුප්පාදය ගැඹුරුය, ගැඹුරු ලෙසින්ම වැටහේ) යයි වදාරණ ලද්දේද, එහෙයින් මේ භවචක්‍රය ගම්භීර භේදාදි වශයෙන්ද සුදුසු-පරිදි දතයුතුය.

තත්‍ථ යස‍්මා න ජාතිතො ජරාමරණං න හොති, න ච ජාතිං විනා අඤ‍්ඤතො හොති, ඉත්‍ථඤ‍්ච ජාතිතො සමුදාගච‍්ඡතීති එවං ජාතිපච‍්චයසමුදාගතට‍්ඨස‍්ස දුරවබොධනීයතො ජරාමරණස‍්ස ජාතිපච‍්චයසම‍්භූතසමුදාගතට‍්ඨො ගම‍්භීරො. තථා ජාතියා භවපච‍්චය…පෙ… සඞ‍්ඛාරානං අවිජ‍්ජාපච‍්චයසම‍්භූතසමුදාගතට‍්ඨො ගම‍්භීරො. තස‍්මා ඉදං භවචක‍්කං අත්‍ථගම‍්භීරන‍්ති අයං තාවෙත්‍ථ අත්‍ථගම‍්භීරතා. හෙතුඵලඤ‍්හි අත්‍ථොති වුච‍්චති. යථාහ – “හෙතුඵලෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා”ති (විභ· 720).

එහි, යම් හෙයකින් ඉපදීම හේතු කොටගෙන ජරාමරණ නොවනුයේ නොවේද, ඉපදීමෙන් විනා අනෙකෙකින් (ජරාමරණ) නොවනුයේ වේද. තවද මෙසේ ඉපැදීමෙන්ම හටගනිති’යි යනුවෙන් ජාතිප්‍රත්‍යයෙන් හටගනිති’යි යන අර්ත්‍ථය දුරවබෝධ වන හෙයින් ජරාමරණයන් ජාතිය ප්‍රත්‍යය කොට ගෙන හට ගනිති’යි, එය සමගම එති’යි යන අර්ත්‍ථය ගැඹුරු වූයේද, එසේම ඉපදීම (ජාතිය) භවය ප්‍රත්‍යයකොට ගෙන -පෙ- සංඛාරයන් අවිද්‍යාව ප්‍රත්‍යය කොට ගෙන හටගනිති’යි, එය හා සමගම එති’යි යන අර්ත්‍ථය ගැඹුරු වූයේද, එහෙයින් මේ භවචක්‍රය අර්ත්‍ථ වශයෙන් ගැඹුරු වෙති’යි පළමුකොට මෙහි අර්ත්‍ථ ගම්භීරතාව වේ. හේතුවකින් ලැබෙන ඵලය අර්ත්‍ථය’යි කියනු ලැබේ; එහෙයින් හේතු ඵල විෂයයෙහි වූ ඥානය ‘අත්‍ථ පටිසම්භිදාය’යි කියන ලදි.

යස‍්මා පන යෙනාකාරෙන යදවත්‍ථා ච අවිජ‍්ජා තෙසං තෙසං සඞ‍්ඛාරානං පච‍්චයො හොති, තස‍්ස දුරවබොධනීයතො අවිජ‍්ජාය සඞ‍්ඛාරානං පච‍්චයට‍්ඨො ගම‍්භීරො. තථා සඞ‍්ඛාරානං…පෙ… ජාතියා ජරාමරණස‍්ස පච‍්චයට‍්ඨො ගම‍්භීරො, තස‍්මා ඉදං භවචක‍්කං ධම‍්මගම‍්භීරන‍්ති අයමෙත්‍ථ ධම‍්මගම‍්භීරතා. හෙතුනො හි ධම‍්මොති නාමං. යථාහ – “හෙතුම‍්හි ඤාණං ධම‍්මපටිසම‍්භිදා”ති (විභ· 720).

යම් හෙයකින් වනාහි, අවිද්‍යාව යම් අවස්ථාවෙක යම් ආකාරයෙකින් සංඛාරයනට ප්‍රත්‍යය වේද, එය දුරවබෝධ වන හෙයින් සංඛාරයනට අවිද්‍යාව ප්‍රත්‍යය වෙතැ’යි යන අර්ත්‍ථය ගැඹුරු වූයේද, එසේම (අවිද්‍යාව) සංඛාරයනට -පෙ- ඉපැදීම ජරාමරණයට ප්‍රත්‍යය වෙතැ’යි යන අර්ත්‍ථය ගැඹුරු වූයේද, එහෙයින් මේ භවචක්‍රය ධර්ම වශයෙන් ගැඹුරු වෙතැ’යි යන මේ අර්ත්‍ථය ධර්ම ගම්භීරතාව වේ. ‘ධම්ම’ යනු හේතුවට නමෙකි, එහෙයින් හේතුව පිළිබඳ දැනීම ‘ධම්ම පටිසම්භිදා’ යයි කියනලදි.

යස‍්මා චස‍්ස තෙන තෙන කාරණෙන තථා තථා පවත‍්තෙතබ‍්බත‍්තා දෙසනාපි ගම‍්භීරා, න තත්‍ථ සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණතො අඤ‍්ඤං ඤාණං පතිට‍්ඨං ලභති. තථාහෙතං කත්‍ථචි සුත‍්තෙ අනුලොමතො, කත්‍ථචි පටිලොමතො, කත්‍ථචි අනුලොමපටිලොමතො, කත්‍ථචි වෙමජ‍්ඣතො පට‍්ඨාය අනුලොමතො වා පටිලොමතො වා, කත්‍ථචි තිසන්‍ධිචතුසඞ‍්ඛෙපං, කත්‍ථචි ද‍්විසන්‍ධිතිසඞ‍්ඛෙපං, කත්‍ථචි එකසන්‍ධිද‍්විසඞ‍්ඛෙපං දෙසිතං, තස‍්මා ඉදං භවචක‍්කං දෙසනාගම‍්භීරන‍්ති අයං දෙසනාගම‍්භීරතා.

තවද යම් හෙයකින් (මේ භවචක්‍රය) පිළිබඳව, ඒ ඒ කාරණයෙන්, ඒ ඒ ආකාරයෙන් පැවැත්විය යුතු වන හෙයින් දේශනාවද ගැඹුරු වූයේද, එහිදී සර්වඥතාඥානය මිස අන් ඥානයක් ප්‍රතිෂ්ඨා නොලබාද, - ඒ එසේමැයි, කිසියම් සූත්‍රයෙක්හි අනුලෝම වශයෙන් (මුල පටන් අග දක්වා) ද, කිසියම් තැනෙක්හි ප්‍රතිලෝම වශයෙන් අග පටන් මුල දක්වා) ද, කිසියම් තැනෙක්හි අනුලෝම-ප්‍රතිලෝම වශයෙන්ද කිසියම් සූත්‍රයෙක්හි මධ්‍යභාගයෙහි සිට අනුලෝම හෝ ප්‍රතිලෝම වශයෙන්ද, කිසියම් සුත්‍රයෙක්හි සන්‍ධි තුනෙකින් යුත් කොටස් සතරෙක සංක්‍ෂේපයක් වශයෙන්ද, කිසියම් සූත්‍රයෙක්හි සන්‍ධි දෙකකින් යුත් කොටස් තුනෙක සංක්‍ෂේපයක් වශයෙන්ද, කිසියම් සූත්‍රයෙක්හි එක් සන්‍ධියෙකින් යුත් කොටස් දෙකෙක සංක්‍ෂේපයක් වශයෙන්ද, දේශනා කරන ලද්දේ ද - එහෙයින් මේ භවචක්‍රය දේශනා වශයෙන්ද ගැඹුරු වෙතැ’යි යනු දේසනා ගම්භීරතා’යි.

යස‍්මා චෙත්‍ථ යො සො අවිජ‍්ජාදීනං සභාවො, යෙන පටිවිද‍්ධෙන අවිජ‍්ජාදයො සම‍්මා සලක‍්ඛණතො පටිවිද‍්ධා හොන‍්ති, සො දුප‍්පරියොගාහත‍්තා ගම‍්භීරො, තස‍්මා ඉදං භවචක‍්කං පටිවෙධගම‍්භීරං. තථා හෙත්‍ථ අවිජ‍්ජාය අඤ‍්ඤාණාදස‍්සනසච‍්චාසම‍්පටිවෙධට‍්ඨො ගම‍්භීරො, සඞ‍්ඛාරානං අභිසඞ‍්ඛරණායූහනසරාගවිරාගට‍්ඨො, විඤ‍්ඤාණස‍්ස සුඤ‍්ඤතඅබ්‍යාපාරඅසඞ‍්කන‍්තිපටිසන්‍ධිපාතුභාවට‍්ඨො, නාමරූපස‍්ස එකුප‍්පාදවිනිබ‍්භොගාවිනිබ‍්භොගනමනරුප‍්පනට‍්ඨො, සළායතනස‍්ස අධිපතිලොකද‍්වාරඛෙත‍්තවිසයිභාවට‍්ඨො, ඵස‍්සස‍්ස ඵුසනසඞ‍්ඝට‍්ටනසඞ‍්ගතිසන‍්නිපාතට‍්ඨො , වෙදනාය ආරම‍්මණරසානුභවනසුඛදුක‍්ඛමජ‍්ඣත‍්තභාවනිජ‍්ජීවවෙදයිතට‍්ඨො. තණ‍්හාය අභිනන්‍දිතජ‍්ඣොසානසරිතාලතානදීතණ‍්හාසමුද‍්දදුප‍්පූරට‍්ඨො, උපාදානස‍්ස ආදානග‍්ගහණාභිනිවෙසපරාමාසදුරතික‍්කමට‍්ඨො, භවස‍්ස ආයූහනාභිසඞ‍්ඛරණයොනිගතිඨිතිනිවාසෙසුඛිපනට‍්ඨො, ජාතියා ජාති සඤ‍්ජාති ඔක‍්කන‍්ති නිබ‍්බත‍්ති පාතුභාවට‍්ඨො, ජරාමරණස‍්ස ඛයවයභෙදවිපරිණාමට‍්ඨො ගම‍්භීරොති අයමෙත්‍ථ පටිවෙධගම‍්භීරතා.

තවද යම් හෙයකින් මේ භවචක්‍ර විෂයයෙහි අවිද්‍යාදීන්ගේ යම් ඒ (අවිපරීත) ස්වභාවයෙක් වේද, එම ස්වභාවය ප්‍රතිවේධ කළහු විසින් අවිද්‍යාදිය ස්වලක්‍ෂණ වශයෙන් මනා කොට ප්‍රතිවේධ කරන ලද්දේ වේද, එය (කෙනකුට) අවබෝධ කළ නොහැකි තරම් ගැඹුරු වේද, එහෙයින් මේ භවචක්‍රය ප්‍රතිවේධ වශයෙන් ගැඹුරු වේ. ඒ එසේමැයි: මෙහි අවිද්‍යාව පිළිබඳ අඥානාර්ත්‍ථය, අදර්ශනාර්ත්‍ථය හා සත්‍යයන් කෙරෙහි අනවබෝධාර්ත්‍ථය ගැඹුරුය; සංඛාරයන් පිළිබඳ අභිසංඛරණ (කර්මයන් සකස් කිරීමේ) අර්ත්‍ථය, ආයූහන (රැස් කිරීමේ) අර්ත්‍ථය හා (අපුඤ්ඤාභිසංඛාර වශයෙන්) සරාගාර්ත්‍ථයද (පුඤ්ඤාභිසංඛාර වශයෙන්) විරාගාර්ත්‍ථයද ගැඹුරුය; විඤ්ඤාණය පිළිබඳ (ආත්ම වශයෙන්) ශුන්‍යාර්ත්‍ථය, අව්‍යාපාරාර්ත්‍ථය, අසංක්‍රමණාර්ත්‍ථය හා ප්‍රතිසන්‍ධි වශයෙන් ප්‍රාදුර්භාව (පහළ වීමේ) අර්ත්‍ථය ගැඹුරුය; නාමරූපයන් පිළිබඳ ඒකෝත්පාද (එක්ව ඉපදීමේ) අර්ත්‍ථය, විනිර්භෝග (නාමරූප යන දෙක අමිශ්‍රව පැවතීමේ) හා අවිනිර්භෝග (නාමයන් නාමයන් හා සමග මිශ්‍රව පැවතීමේ) අර්ත්‍ථයද, නමනා (නාමයන් පිළිබඳ අරමුණු වෙත යොමු වීමේ) අර්ත්‍ථයද රුප්පන (රූපයන් පිළිබඳ විනාශ වීමේ) අර්ත්‍ථයද ගැඹුරුය, සළායතනයන් පිළිබඳ (දර්ශනාදී විෂයයෙහි) අධිපති බවය, ලෝක බවය, ද්වාර බවය, ක්‍ෂේත්‍ර බවය, විෂයී බවය යන මේ අර්ත්‍ථ ගැඹුරුය; ඵස්සය පිළිබඳ ස්පර්ශන (ස්පර්ශ වීමේ) අර්ත්‍ථය, සංඝට්ටන (ගැටීමේ) අර්ත්‍ථය, සංගමන (එක්වීමේ) අර්ත්‍ථය හා සන්නිපාත (රැස්වීමේ) අර්ත්‍ථය ගැඹුරුය; වේදනාව පිළිබඳ ආලම්බන රසානුභවන (අරමුණු රස විඳීමේ) අර්ත්‍ථය, සුඛ-දුඃඛමධ්‍යස්ථභාව (සුවදුක් දෙකෙහි මැදහත් බව) අර්ත්‍ථය, නිජ්ජීව (සත්‍වයකු නොවීමේ) අර්ත්‍ථය හා වින්‍දන (විඳීමේ) අර්ත්‍ථය ගැඹුරුය; තණ්හාව පිළිබඳ අභිනන්‍දිත (අරමුණෙහි පිනවනු ලබන බව) අර්ත්‍ථය, අජ්ඣෝසාන (එල්බගන්නාබව) අර්ත්‍ථය, සරිතා-ලතා- නදී-තණ්හා (තෘෂ්ණාව හොයක්, ලතාවක්, මහනදියක් වැනිය යන) අර්ත්‍ථය හා සමුද්ද දුප්පූර (මුහුද මෙන් පිරිවිය නොහැකිය යන) අර්ත්‍ථය ගැඹුරුය, උපාදානය පිළිබඳ ආදානග්ගහණ (දැඩි ලෙස ගැනීමේ) අර්ත්‍ථය, අභිනිවේස (එල්බ ගැනීමේ) අර්ත්‍ථය, පරාමාස (අරමුණ සමග වෙළී සිටීමේ) අර්ත්‍ථය හා දුරතික්කම (ඉක්මවා ලිය නොහැකිය යන) අර්ත්‍ථය ගැඹුරුය, භවය පිළිබඳ ආයූහන (කර්මයන් රැස් කිරීමේ) අර්ත්‍ථය, අභිසංඛරණ (සකස් කිරීමේ) අර්ත්‍ථය, යෝනි-ගති-ස්ථිති- සත්‍වාවාසයන්හි ඛිපන (බහාලීමේ) අර්ත්‍ථය ගැඹුරුය; ජාතිය පිළිබඳ සංජාති (ඉපැදීමේ) අර්ත්‍ථය, ඔක්කන්ති ආයතනයන්ගේ පහළවීමේ) අර්ත්‍ථය, නිබ්බත්ති (මව්කුස වැද ගැනීමේ) අර්ත්‍ථය හා පාතුභව (ස්කන්‍ධයන්ගේ ප්‍රකට වීමේ) අර්ත්‍ථය ගැඹුරුය; ජරාමරණයන් පිළිබඳ ඛය (ක්‍ෂය වීමේ) අර්ත්‍ථය, වය (වැය වීමේ) අර්ත්‍ථය භේද (බිඳීයාමේ) අර්ත්‍ථය හා විපරිණාම (වෙනස් බවට පත්වීමේ) අර්ත්‍ථය ගැඹුරුය යන මෙය පටිවේධ ගම්භීරතායි.

යස‍්මා පනෙත්‍ථ එකත‍්තනයො, නානත‍්තනයො, අබ්‍යාපාරනයො, එවංධම‍්මතානයොති චත‍්තාරො අත්‍ථනයා හොන‍්ති, තස‍්මා නයභෙදතොපෙතං භවචක‍්කං විඤ‍්ඤාතබ‍්බං යථාරහං.

යම්හෙයකින් වනාහි මෙහි (සමාන භාවය වූ) ඒකත්‍වනයය, (අසමාන භාවය වූ) නානත්‍වනයය, (නිරුත්සාහ භාවය වූ) අව්‍යාපාරනයය, (ධර්මයන්ගේ යථා ස්වභාවය වූ) ඒවං ධම්මතානයයයි අර්ත්‍ථය පිළිබඳ නය සතරෙක් වේද, එහෙයින් නය භේද වශයෙන්ද මේ භවචක්‍රය සුදුසු පරිදි දතයුතුය.

තත්‍ථ අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණන‍්ති එවං බීජස‍්ස අඞ‍්කුරාදිභාවෙන රුක‍්ඛභාවප‍්පත‍්ති විය සන‍්තානානුපච‍්ඡෙදො එකත‍්තනයො නාම. යං සම‍්මා පස‍්සන‍්තො හෙතුඵලසම‍්බන්‍ධෙන සන‍්තානස‍්ස අනුපච‍්ඡෙදාවබොධතො උච‍්ඡෙදදිට‍්ඨිං පජහති. මිච‍්ඡා පස‍්සන‍්තො හෙතුඵලසම‍්බන්‍ධෙන පවත‍්තමානස‍්ස සන‍්තානානුපච‍්ඡෙදස‍්ස එකත‍්තගහණතො සස‍්සතදිට‍්ඨිං උපාදියති.

එහි “අවිජ්ජා පච්චයා සඞ්ඛාරා, සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං’’ යනුවෙන් මෙසේ බීජය අංකුරයක් වී රුකක් බවට පත්වීම මෙන් පිළිවෙළ නොසිඳ පැවතීම ඒකත්‍වනය නම් වේ. එම ඒකත්‍වනයය මනා කොට දක්නේ හේතුඵල සම්බන්‍ධයන් පිළිබඳ නොසිඳ පැවැත්ම අවබෝධ කිරිමෙන් උච්ඡේද දෘෂ්ටිය ප්‍රහීණ කරයි. එයම විපරීත කොට (වැරදි ලෙස) දක්නේ හේතු-ඵල සම්බන්‍ධය මත පවත්නා පිළිවෙළ නොසිඳ පැවැත්ම ඒකත්‍වයයි ගැනීමෙන් ශාස්වත දෘෂ්ටිය දැඩි කොට ගනියි.

අවිජ‍්ජාදීනං පන යථාසකංලක‍්ඛණවවත්‍ථානං නානත‍්තනයො නාම. යං සම‍්මා පස‍්සන‍්තො නවනවානං උප‍්පාදදස‍්සනතො සස‍්සතදිට‍්ඨිං පජහති. මිච‍්ඡා පස‍්සන‍්තො එකසන‍්තානපතිතස‍්ස භින‍්නසන‍්තානස‍්සෙව නානත‍්තග‍්ගහණතො උච‍්ඡෙදදිට‍්ඨිං උපාදියති.

අවිද්‍යාදීන්ගේ ස්ව-ලක්‍ෂණයන් තත්වූ පරිදි විනිශ්චය කොට ගැනීම ‘නානත්‍වනය’ නම් වේ. එය මනාකොට දක්නේ නව නව ධර්මයන්ගේ ඉපදීම දැකීමෙන් ශාස්වත දෘෂ්ටිය හරියි. එය විපරීත කොට දක්නේ එක්ම සන්තානයෙක්හි හේතු-ඵල සමූහය භින්න සන්තානයකට අයත් සේ නානත්‍වයෙන් ගැනීමෙන් උච්ඡේද දෘෂ්ටිය දැඩි කොට ගනියි.

අවිජ‍්ජාය සඞ‍්ඛාරා මයා උප‍්පාදෙතබ‍්බා, සඞ‍්ඛාරානං වා විඤ‍්ඤාණං අම‍්හෙහීති එවමාදිබ්‍යාපාරාභාවො අබ්‍යාපාරනයො නාම. යං සම‍්මා පස‍්සන‍්තො කාරකස‍්ස අභාවාවබොධතො අත‍්තදිට‍්ඨිං පජහති. මිච‍්ඡා පස‍්සන‍්තො යො අසතිපි බ්‍යාපාරෙ අවිජ‍්ජාදීනං සභාවනියමසිද‍්ධො හෙතුභාවො, තස‍්ස අග‍්ගහණතො අකිරියදිට‍්ඨිං උපාදියති.

‘මා විසින් සංඛාරයන් ඉපැදවිය යුතුය’යි අවිද්‍යාවට හෝ, අප විසින් විඤ්ඤාණය ඉපැදවිය යුතුයයි සංඛාරයනට හෝ මෙසේ මේ ආදී ව්‍යාපාරයක් නැතැ’යි යනු අව්‍යාපාරනය නම් වේ. එය මනා කොට දක්නේ කාරකයකු නැති බව අවබෝධ කිරිමෙන් ආත්ම දෘෂ්ටිය හරියි. විපරීත කොට දක්නේ උත්සාහයක් නැති කල්හිදු අවිද්‍යාදිය පිළිබඳ ස්වභාව සිද්ධ වූ යම් හේතුභාවයෙක් වේද, එය නොපිළිගැනීමෙන් අකිරිය දෘෂ්ටියෙහි එල්බ ගනියි.

අවිජ‍්ජාදීහි පන කාරණෙහි සඞ‍්ඛාරාදීනංයෙව සම‍්භවො ඛීරාදීහි දධිආදීනං විය, න අඤ‍්ඤෙසන‍්ති අයං එවංධම‍්මතානයො නාම. යං සම‍්මා පස‍්සන‍්තො පච‍්චයානුරූපතො ඵලාවබොධා අහෙතුකදිට‍්ඨිං අකිරියදිට‍්ඨිඤ‍්ච පජහති. මිච‍්ඡා පස‍්සන‍්තො පච‍්චයානුරූපං ඵලප‍්පවත‍්තිං අග‍්ගහෙත්‍වා යතො කුතොචි යස‍්ස කස‍්සචි අසම‍්භවග‍්ගහණතො අහෙතුකදිට‍්ඨිඤ‍්චෙව නියතවාදඤ‍්ච උපාදියතීති එවමිදං භවචක‍්කං,

කිරි ආදියෙන් දී ආදිය සෙයින්ම, අවිද්‍යාදී හේතූන්ගෙන් සංඛාරාදීන්ගේ හටගැනීම සිදුවනමුත් අන් දෙයක් හටගැනීම නොවෙති’යි යන මෙය ‘ඒවං ධම්මතානය’ නම්වේ. එය මනා කොට දක්නේ ප්‍රත්‍යයට අනුකූල වන සේ ඵලය අවබෝධ කිරීමෙන් අහේතුක දෘෂ්ටියද අකිරිය දෘෂ්ටියද හරියි. එයම විපරීත ලෙසින් දක්නේ ප්‍රත්‍යයට අනුරූප වන ලෙස ඵලයෙහි පැවැත්ම වටහා නොගෙන, කවර හෝ දෙයකින් කවර හෝ දෙයක් හටගැනීම නොවෙති’යි වටහා නොගැනීමෙන් අහේතුක දෘෂ්ටියද, නියතවාදයද දැඩි ලෙස ගනියි. මෙසේ මේ භවචක්‍රය:-

සච‍්චප‍්පභවතො කිච‍්චා, වාරණාඋපමාහි ච; ගම‍්භීරනයභෙදා ච, විඤ‍්ඤාතබ‍්බං යථාරහං.

සච්චප්පභවතො කිච්චා වාරණා උපමාහි ච ගම්භීරනය භෙදා ච විඤ්ඤාතබ්බං යථාරහං

සත්‍ය ප්‍රභව වශයෙන්ද, කෘත්‍ය වශයෙන්ද, වාරණ වශයෙන්ද, උපමා මගින්ද, ගම්භිරතා - නය ප්‍රභේද වශයෙන්ද, සුදුසු පරිදි දත යුතුය.

ඉදඤ‍්හි

මෙය වනාහි

අතිගම‍්භීරතො අගාධං. නානානයගහනතො දුරතියානං. ඤාණාසිනා සමාධිපවරසිලායං සුනිසිතෙන,

ගම්භීරතො අගාධං නානානය ගහණතො දූරතියානං ඤාණාසිනා සමාධිප්පවරසිලායං සුනිසිතෙන

භවචක‍්කමපදාලෙත්‍වා, අසනිවිචක‍්කමිව නිච‍්චනිම‍්මථනං; සංසාරභයමතීතො, න කොචි සුපිනන‍්තරෙප්‍යත්‍ථි.

භවචක්කමපදාළෙත්‍වා අසනි විචක්කමිව නිච්ච නිම්මථනං සංසාරභයමතීතො න කොචි සුපිනත්තරෙප්‍යත්‍ථි

පතුලක් නැති තරම් ගැඹුරුය, අනේකාකාර නය සහිත වූ හෙයින් ඉක්මවීම දුෂ්කරය, උතුම් සමාධි නමැති හණ ගලෙහි මනා සේ මුවහත් තබන ලද ඥාන නමැති කඩුවෙන්, අසනි චක්‍රයක් (හෙණ වටක්) මෙන් නිරන්තරයෙන් වනසන සුලු මේ භවචක්‍රය නොපළා සිහිනෙන් හෝ සසර බිය ඉක්මවූ කිසිවෙක් ඇත්තේ නැත.

වුත‍්තම‍්පි හෙතං භගවතා – “ගම‍්භීරො චායං, ආනන්‍ද, පටිච‍්චසමුප‍්පාදො ගම‍්භීරාවභාසො ච. එතස‍්ස චානන්‍ද, ධම‍්මස‍්ස අනනුබොධා අප‍්පටිවෙධා එවමයං පජා තන‍්තාකුලකජාතා කුලාගණ‍්ඨිකජාතා මුඤ‍්ජපබ‍්බජභූතා අපායං දුග‍්ගතිං විනිපාතං සංසාරං නාතිවත‍්තතී”ති (මහාව· 95; සං· නි· 2.60). තස‍්මා අත‍්තනො වා පරෙසං වා හිතාය ච සුඛාය ච පටිපන‍්නො අවසෙසකිච‍්චානි පහාය,

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය දේශනා කරන ලදමැයි:- “ගම්භීරො චායං ආනන්‍ද, පටිච්චසමුප්පාදො ගම්භීරාවභාසොච, එතස්සචානන්‍ද ධම්මස්ස අඤ්ඤාණා අනනුබෝධා අප්පටිවෙධා එවමයං පජා තත්තාකුලකජාතා ගුළාගුණ්ඨික ජාතා මුඤ්ජබබ්බජභූතා අපාය දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තති”ති (ආනන්‍දය, මේ පටිච්චසමුප්පාද ධර්මය වනාහි ගැඹුරුය, එහි වැටහීමද ගැඹුරුය, ආනන්‍දය, මේ ධර්මය නොදැනීමෙන්, අවබෝධ නොකිරීමෙන්, විනිවිද නොදැකීමෙන්, මෙසේ මේ සත්ත්‍වයා අවුල් වූ හූ-වටක් මෙන්, පැටලුණ නූල් රොදක් මෙන්, මුදුතණ - බබුස් තණ පඳුරක් මෙන් වෙළී පැටලී අපායවූ දුර්ගති වූ විනිපාත වූ සංසාරය නො-ඉක්මවයි) එහෙයින් තමාගේ හෝ වේවා, මෙරමාගේ හෝ වේවා, හිත සුව පිණිස පිළිපන්නේ සෙසු කටයුතු පසෙක තබා,

ගම‍්භීරෙ පච‍්චයාකාරප‍්පභෙදෙ ඉධ පණ‍්ඩිතො; යථා ගාධං ලභෙථෙවමනුයුඤ‍්ජෙ සදා සතොති.

ගම්භීරෙ පච්චයාකාරප්පභෙදෙ ඉධ පණ්ඩිතො, යථා ගාධං ලභෙථෙවමනූයුඤ්ජෙ සදා සතො

පණ්ඩිත තෙමේ සදා සිහි ඇතිවන ගැඹුරු වූ ප්‍රත්‍යයාකාර ප්‍රභේද සහිත මෙම පටිච්චසමුප්පාද ධර්ම විෂයයෙහි පිහිටීමක් ලද හැකි වන සේ නියැලෙන්නේය.

ඉති සාධුජනපාමොජ‍්ජත්‍ථාය කතෙ විසුද‍්ධිමග‍්ගෙ පඤ‍්ඤාභාවනාධිකාරෙ පඤ‍්ඤාභූමිනිද‍්දෙසො නාම සත‍්තරසමො පරිච‍්ඡෙදො.

සාධුජන ප්‍රමෝදය සඳහා කළ විශුද්ධි මාර්ගයෙහි, පඤ්ඤභාවනාධිකාරයෙහි, පඤ්ඤාභූමි නිද්දේස නම් සතළොස්වන පරිච්ඡේදය මෙතෙකින් නිමියේයි.