භවපච්චයාජාතිආදිවිත්ථාරකථා
භවපච්චයාජාතිආදිවිත්ථාරකථා
භවපච්චයාජාතිආදිවිත්ථාරකථා
භවපච්චයා ජාතීතිආදීසු ජාතිආදීනං විනිච්ඡයො සච්චනිද්දෙසෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො. භවොති පනෙත්ථ කම්මභවොව අධිප්පෙතො. සො හි ජාතියා පච්චයො, න උපපත්තිභවො. සො ච පන කම්මපච්චයඋපනිස්සයපච්චයවසෙන ද්වෙධා පච්චයො හොතීති.
‘භව පච්චයා ජාති’ යන ආදියෙහි ජාති ආදිය පිළිබඳ විනිශ්චයය (ඉහත) සච්ච නිද්දේසයෙහි කීනයින්ම දතයුතුය. ‘භවො’ යන මෙහි වනාහි (හුදෙක්) කම්මභවයම අභිප්‍රේතයි; ජාතියට ප්‍රත්‍යය වනුයේ එයම මිස උප්පත්ති භවය නොවේ. එම කම්මභවය වනාහි කම්ම පච්චය, උපනිස්සය පච්චය වශයෙන් දෙ-අයුරෙකින් (ජාතියට) ප්‍රත්‍යය වේ.
තත්ථ සියා – කථං පනෙතං ජානිතබ්බං භවො ජාතියා පච්චයොති චෙ? බාහිරපච්චයසමත්තෙපි හීනපණීතතාදිවිසෙසදස්සනතො. බාහිරානං හි ජනකජනනීසුක්කසොණිතාහාරාදීනං පච්චයානං සමත්තෙපි සත්තානං යමකානම්පි සතං හීනපණීතතාදිවිසෙසො දිස්සති. සො ච න අහෙතුකො සබ්බදා ච සබ්බෙසඤ්ච අභාවතො, න කම්මභවතො අඤ්ඤහෙතුකො තදභිනිබ්බත්තකසත්තානං අජ්ඣත්තසන්තානෙ අඤ්ඤස්ස කාරණස්ස අභාවතොති කම්මභවහෙතුකොව. කම්මං හි සත්තානං හීනපණීතතාදිවිසෙසස්ස හෙතු. තෙනාහ භගවා “කම්මං සත්තෙ විභජති යදිදං හීනප්පණීතතායා”ති (ම· නි· 3.289). තස්මා ජානිතබ්බමෙතං “භවො ජාතියා පච්චයො”ති.
මෙහිදී මෙවන් චෝදනාවක් (පැනයක්) නැගිය හැකිය. ‘භවය ජාතියට ප්‍රත්‍යය වෙති’යි යන මෙය කෙසේ දතහැකිද?’ යනුවෙනි. බාහිර හේතුන් සමත්වයෙන් පවත්නා කල්හි පවා හීන-ප්‍රණීතතාදී විශේෂයන් දක්නට ලැබෙන හෙයිනි යනු පරිහාරයි:- ඒ එසේමැයි, පිතෘ, මාතෘ, ශුක්‍ර ශ්‍රෝණිත, ආහාර ආදී බාහිර ප්‍රත්‍යයන් සමව පවත්නා කල්හි පවා සත්වයන්ගේ- නිවුන් දරුවන්ගේ පවා- හීන, ප්‍රණීතතාදී විශේෂය දක්නා ලැබේ; එම විශේෂයද අහේතුක නොවේ; සියලු කල්හි සියල්ලනටම (අනිවාර්යයෙන්) නොවන හෙයිනි. කර්මභවය හැර අන් හේතුවක් නිසා සිදුවන්නේද නොවේ; එම කර්මභවයෙන් උපන් සත්වයන්ගේ අධ්‍යාත්ම සන්තානයෙහි අන් හේතුවක් නැති හෙයින් කර්මභවයම හේතු කොට ඇත්තේය; කර්මයම වනාහි සත්වයන්ගේ හීන ප්‍රණීතතා ආදී විශේෂයට හේතු වේ; එහෙයින් වදාළහ. භාග්‍යවතුන් වහන්සේ: “කම්මං සත්තෙ විභජති යදිදං හීනප්පණීත්තාය” (කර්මය හීන ප්‍රණීතා වශයෙන් සත්ත්වයන් බෙදයි) යනුවෙනි. එහෙයින් භවය ජාතියට (ඉපදීමට) ප්‍රත්‍යය වෙති’යි යන මෙය දතයුත්තේය.
යස්මා ච අසති ජාතියා ජරාමරණං නාම, සොකාදයො වා ධම්මා න හොන්ති. ජාතියා පන සති ජරාමරණඤ්චෙව, ජරාමරණසඞ්ඛාතදුක්ඛධම්මඵුට්ඨස්ස ච බාලජනස්ස ජරාමරණාභිසම්බන්ධා වා තෙන තෙන දුක්ඛධම්මෙන ඵුට්ඨස්ස අනභිසම්බන්ධා වා සොකාදයො ච ධම්මා හොන්ති. තස්මා අයම්පි ජාති ජරාමරණස්ස චෙව සොකාදීනඤ්ච පච්චයො හොතීති වෙදිතබ්බා. සා පන උපනිස්සයකොටියා එකධාව පච්චයො හොතීති.
තවද යම් හෙයකින් ජාතියක් නැති කල්හි ජරා-මරණ හෝ ශෝකාදී ස්වභාවය හෝ නොවේද, ජාතියක් ඇති කල්හිම ජරාමරණ වේද, ජරාමරණ සංඛ්‍යාත දුඃඛස්වභාවයන්ගෙන් පහර ලත් අඥාන ජනයාට එම ජරාමරණ හා සමග සම්බන්ධ වූ හෝ, ඒ ඒ දුඃඛ ස්වභාවයෙන් පහර ලද්දහුට ජරා මරණ හා සම්බන්ධ නොවූ හෝ ශෝකාදී ස්වභාවය වේද, එහෙයින් මේ ජාතිය ජරාමරණයනට මෙන්ම ශෝකාදියටද ප්‍රත්‍යය වෙති’යි දතයුත්තේය. එම ජාතිය උපනිස්සමය වශයෙන් එක්ම අයුරෙකින් ප්‍රත්‍යය වේ.
අයං “භවපච්චයා ජාතී”තිආදීසු විත්ථාරකථා.
මේ ‘භව පච්චයා ජාති’ යන ආදියෙහි විස්තර කථායි.