යෙදුමෙන් කියවන්න

උපාදානපච‍්චයාභවපදවිත්‍ථාරකථා

උපාදානපච‍්චයාභවපදවිත්‍ථාරකථා

උපාදානපච්චයාභවපදවිත්ථාරකථා

උපාදානපච‍්චයා භවපදෙ –

‘උපාදානපච්චයා භවො’ යන පදයෙහි

අත්‍ථතො ධම‍්මතො චෙව, සාත්‍ථතො භෙදසඞ‍්ගහා; යං යස‍්ස පච‍්චයො චෙව, විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

අත්‍ථතො ධම්මතො චෙව සාත්‍ථතො භෙදසඞ්ගහා, යං යස්ස පච්චයො චෙව විඤ්ඤාතබ්බො විනිච්ඡයො

අර්ත්‍ථ වශයෙන්ද, ධර්ම වශයෙන්ද, සාර්ත්‍ථක වශයෙන්ද, භේද වශයෙන් හා සංග්‍රහ වශයෙන්ද, යම් උපාදානයක් යම් භවයකට ප්‍රත්‍යය වේනම් එහි ආකාර වශයෙන්ද විනිශ්චය දතයුතුය.

තත්‍ථ භවතීති භවො. සො කම‍්මභවො උපපත‍්තිභවො චාති දුවිධො හොති. යථාහ – “භවො දුවිධෙන අත්‍ථි කම‍්මභවො, අත්‍ථි උපපත‍්තිභවො”ති (විභ· 234). තත්‍ථ කම‍්මමෙව භවො කම‍්මභවො, තථා උපපත‍්තියෙව භවො උපපත‍්තිභවො. එත්‍ථ ච උපපත‍්ති භවතීති භවො. කම‍්මං පන යථා සුඛකාරණත‍්තා “සුඛො බුද‍්ධානං උප‍්පාදො”ති (ධ· ප· 194) වුත‍්තො, එවං භවකාරණත‍්තා ඵලවොහාරෙන භවොති වෙදිතබ‍්බන‍්ති. එවං තාවෙත්‍ථ අත්‍ථතො විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

එහි ‘වෙති’යි යන අරුතින් ‘භව’ නම් වේ, එය කර්ම භවය, උත්පත්ති භවයයි ද්විවිධ වේ. එහෙයින් කීහු:- ‘භවය’ දෙපරිද්දෙකින් වේ. කර්මභවයෙක් ඇත. උත්පත්ති භවයෙක්ද ඇත.’ යනුවෙනි. එහි කර්මයම භව වූයේ කර්මභවයි, එසේම උත්පත්තියම භව වූයේ උත්පත්ති භවයි. මෙහිදී උත්පත්තිය වෙති’යි යන අරුතින් ‘භව’ නම් වේ; කර්මය වනාහි, යම්සේ (බුදුන්ගේ උපත) සැපයට හේතු වන සෙයින් ‘සුඛො බුද්ධානං උප්පාදො’යි කියන ලද්දේද, එසේම භවයට හේතු වන හෙයින් ඵලව්‍යවහාරයෙන් ‘භව’ නම් වෙති’යි දතයුතුය. මෙසේ පළමුකොට මෙහි අර්ත්‍ථ වශයෙන් විනිශ්චයය දතයුතුය.

ධම‍්මතො පන කම‍්මභවො තාව සඞ‍්ඛෙපතො චෙතනා චෙව චෙතනාසම‍්පයුත‍්තා ච අභිජ‍්ඣාදයො කම‍්මසඞ‍්ඛාතා ධම‍්මා. යථාහ – “තත්‍ථ කතමො කම‍්මභවො? පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො (විභ· 234) පරිත‍්තභූමකො වා මහාභූමකො වා, අයං වුච‍්චති කම‍්මභවො. සබ‍්බම‍්පි භවගාමිකම‍්මං කම‍්මභවො”ති (විභ· 234). එත්‍ථ හි පුඤ‍්ඤාභිසඞ‍්ඛාරොති තෙරස චෙතනා. අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරොති ද‍්වාදස. ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරොති චතස‍්සො චෙතනා. එවං පරිත‍්තභූමකො වා මහාභූමකො වාති එතෙන තාසංයෙව චෙතනානං මන්‍දබහුවිපාකතා වුත‍්තා. සබ‍්බම‍්පි භවගාමිකම‍්මන‍්ති ඉමිනා පන චෙතනාසම‍්පයුත‍්තා අභිජ‍්ඣාදයො වුත‍්තා.

ධර්ම වශයෙන් වනාහි, පළමුකොට, ‘කම්මභව’ යනු සංක්‍ෂේපයෙන් චේතනාවද, චේතනාව හා සමග යෙදුණ අභිධ්‍යාදී වූ කර්ම සංඛ්‍යාත ධර්මයෝයි. එහෙයින් කීහු: එහි ‘කම්ම භව’ යනු කවරේද යත්, පරිත්තභූමක (කාමාවචර) හෝ වේවා, මහාභූමක (රූපාවචර හා අරූපාවචර) හෝ වේවා, යම් මේ පුඤ්ඤාභිසංඛාරයක් අපුඤ්ඤාභි සංඛාරය හෝ ආනෙඤ්ජාභිසංඛාරයක් වේද, මෙය ‘කම්මභව’ යයි කියනු ලැබේ. භවගාමීවූ සියලුම කර්මයෝ ‘කම්මභව’ නම් වෙති. මෙහි වනාහි පුඤ්ඤාභිසංඛාර යනු, (කාමාවචර හා රූපාවචර) කුශල චේතනා තෙළෙසයි, අපුඤ්ඤාභිසංඛාර යනු අකුශල චේතනා දොළොසයි; ආනෙඤ්ජාභිසංඛාර යනු, (අරූපාවචර) කුශල චේතනා සතරයි. මෙසේ ‘පරිත්ත භූමකො වා මහාභූමකො වා’ යන මෙයින් එම (පුඤ්ඤාභිසංඛාරාදි) චේතනාවන් පිළිබඳ වූම මඳ වූ හෝ බොහෝ වූ විපාක ස්වභාවය කියන ලදි. “සබ්බම්පි භවගාමී කම්මං’ යන මෙයින් චේතනා සම්ප්‍රයුක්ත වූ අභිධ්‍යා ආදියම කියන ලදි.

උපපත‍්තිභවො පන සඞ‍්ඛෙපතො කම‍්මාභිනිබ‍්බත‍්තා ඛන්‍ධා, පභෙදතො නවවිධො හොති. යථාහ – “තත්‍ථ කතමො උපපත‍්තිභවො? කාමභවො රූපභවො අරූපභවො සඤ‍්ඤාභවො අසඤ‍්ඤාභවො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤාභවො, එකවොකාරභවො චතුවොකාරභවො පඤ‍්චවොකාරභවො, අයං වුච‍්චති උපපත‍්තිභවො”ති (විභ· 234). තත්‍ථ කාමසඞ‍්ඛාතො භවො කාමභවො. එස නයො රූපාරූපභවෙසු. සඤ‍්ඤාවතං භවො, සඤ‍්ඤා වා එත්‍ථ භවෙ අත්‍ථීති සඤ‍්ඤාභවො. විපරියායෙන අසඤ‍්ඤාභවො. ඔළාරිකාය සඤ‍්ඤාය අභාවා සුඛුමාය ච භාවා නෙවසඤ‍්ඤා, නාසඤ‍්ඤා අස‍්මිං භවෙති නෙවසඤ‍්ඤානාසඤ‍්ඤාභවො. එකෙන රූපක‍්ඛන්‍ධෙන වොකිණ‍්ණො භවො එකවොකාරභවො. එකො වා වොකාරො අස‍්ස භවස‍්සාති එකවොකාරභවො. එස නයො චතුවොකාරපඤ‍්චවොකාරභවෙසු. තත්‍ථ කාමභවො පඤ‍්ච උපාදිණ‍්ණක‍්ඛන්‍ධා. තථා රූපභවො. අරූපභවො චත‍්තාරො , සඤ‍්ඤාභවො පඤ‍්ච. අසඤ‍්ඤාභවො එකො උපාදිණ‍්ණක‍්ඛන්‍ධො. නෙවසඤ‍්ඤානාසඤ‍්ඤාභවො චත‍්තාරො. එකවොකාරභවාදයො එකචතුපඤ‍්චක‍්ඛන්‍ධා උපාදිණ‍්ණක‍්ඛන්‍ධෙහීති එවමෙත්‍ථ ධම‍්මතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

උත්පත්ති භවය වනාහි, සංක්‍ෂේපයෙන් කර්මයෙන් හටගත් ස්කන්‍ධයි, ප්‍රභේද වශයෙන් එය නවවිධ වේ. එහෙයින් කීහු. එහි ‘උප්පත්ති භව’ යනු කවරේද යත්: කාමභවය, රූපභවය, අරූප භවය, සඤ්ඤාභවය, අසඤ්ඤාභවය, නෙවසඤ්ඤානාසඤ්ඤා භවය ඒකස්කන්‍ධ භවය, චතුඃස්කන්‍ධභවය, පංචස්කන්‍ධභවයයි යන මේ නවය ‘උප්පත්තිභව’ යයි කියනු ලැබේ. එහි කාම සංඛ්‍යාත වූ භවය කාමභවයයි, රූප-අරූපභව විෂයයෙහිද මෙම නයයි. (සඤ්ඤාවතං) සඤ්ඤා ඇත්තවුන්ගේ භවය, නොහොත්, සඤ්ඤාව මේ භවයෙහි ඇත්තේය’යි හෝ සඤ්ඤාභව නමි. මෙයට විපර්යය වශයෙන් අසඤ්ඤා භවය වේ. ඕළාරික වූ සඤ්ඤාව නැති හෙයින් හා සූක්‍ෂ්ම වූ සඤ්ඤාව ඇති හෙයින් හෝ, මේ භවයෙහි සඤ්ඤාව ඇත්තේද නැත. නැත්තේද නැතැ’යි ‘නේවසඤ්ඤා නාසඤ්ඤාභව’ නම් වේ. එක්ම රූපස්කන්‍ධයෙන් යුත් භවය ඒකවෝකාර (ස්කන්‍ධ) භව නම් වේ. මේ භවයෙහි එක්ම ස්කන්‍ධයක් ඇතැ’යි හෝ ‘ඒකවෝකාර භව’ නමි. චතුවෝකාර, පංචවෝකාර භවයන් පිළිබඳවද මෙම නයයි. එහි කාමභවය උපාදාන වශයෙන් ගන්නා ලද ස්කන්‍ධ පසක් ඇත්තේ වේ; රූප භවයද එසේය; අරූපභවය (ස්කන්‍ධ) සතරක් ඇත්තේ වේ; සඤ්ඤාභවය (ස්කන්‍ධ) පසක් ඇත්තේ වේ; අසඤ්ඤ භවය උපාදාන වශයෙන් ගන්නා ලද එක්ම ස්කන්‍ධයක් ඇත්තේ වේ, නේවසඤ්ඤානාසඤ්ඤා භවය (ස්කන්‍ධ) සතරක් ඇත්තේ වේ. ඒකවෝකාර භව ආදිය (පිළිවෙළින්) ඒක ස්කන්‍ධ චතුඃස්කන්‍ධ, පංචස්කන්‍ධ ඇතිව උපාදාන වශයෙන් ගන්නා ලද ස්කන්‍ධයන්ගෙන් යුක්ත වූයේයයි මෙසේ මෙහි ධර්ම වශයෙන්ද විනිශ්චයය දතයුතුය.

සාත්‍ථතොති යථා ච භවනිද‍්දෙසෙ, තථෙව කාමං සඞ‍්ඛාරනිද‍්දෙසෙපි පුඤ‍්ඤාභිසඞ‍්ඛාරාදයොව වුත‍්තා, එවං සන‍්තෙපි පුරිමෙ අතීතකම‍්මවසෙන ඉධ පටිසන්‍ධියා පච‍්චයත‍්තා, ඉමෙ පච‍්චුප‍්පන‍්නකම‍්මවසෙන ආයතිං පටිසන්‍ධියා පච‍්චයත‍්තාති පුනවචනං සාත්‍ථකමෙව, පුබ‍්බෙ වා “තත්‍ථ කතමො පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො? කුසලා චෙතනා කාමාවචරා”ති (විභ· 226) එවමාදිනා නයෙන චෙතනාව සඞ‍්ඛාරාති වුත‍්තා. ඉධ පන “සබ‍්බම‍්පි භවගාමිකම‍්ම”න‍්ති (විභ· 234) වචනතො චෙතනාසම‍්පයුත‍්තාපි. පුබ‍්බෙ ච විඤ‍්ඤාණපච‍්චයමෙව කම‍්මං “සඞ‍්ඛාරා”ති වුත‍්තං. ඉදානි අසඤ‍්ඤාභවනිබ‍්බත‍්තකම‍්පි. කිං වා බහුනා, “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා”ති එත්‍ථ පුඤ‍්ඤාභිසඞ‍්ඛාරාදයොව කුසලාකුසලා ධම‍්මා වුත‍්තා. “උපාදානපච‍්චයා භවො”ති ඉධ පන උපපත‍්තිභවස‍්සාපි සඞ‍්ගහිතත‍්තා කුසලාකුසලාබ්‍යාකතා ධම‍්මා වුත‍්තා. තස‍්මා සබ‍්බථාපි සාත්‍ථකමෙවිදං පුනවචනන‍්ති එවමෙත්‍ථ සාත්‍ථතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

සාත්‍ථතො (අපේක්‍ෂිත අර්ත්‍ථ සහිත වීම් වශයෙන්) යනු, යම්සේ මෙම භව නිර්දේශයෙහි පුඤ්ඤාභිසංඛාරාදිය කියන ලද්දේද, එසේම ඉහත සංඛාර නිර්දේශයෙහි ද කියන ලද්දේය; එහෙත් පෙර කී පුඤ්ඤාභිසංඛාර ආදිය, මේ භවයෙහි ප්‍රතිසන්‍ධියට ප්‍රත්‍යය වූ අතීත කර්ම වශයෙන් කියන ලදි; මෙකී පුඤ්ඤාභිසංඛාර ආදිය අනාගත ප්‍රතිසන්‍ධියට ප්‍රත්‍යය වූ වර්තමාන කර්මයයි කී හෙයින් චේතනා සම්ප්‍රයුක්ත අභිධ්‍යා ආදියද අපේක්‍ෂිතය, ඉහත විඤ්ඤාණයට ප්‍රත්‍යය වූ කර්මය ‘සංඛාර’ යයි කියන ලදි. මෙහි අසඤ්ඤභවයෙහි උත්පත්තිය ඇති කරන කර්මයද ‘භව’ යයි කියන ලදි. බොහෝ කොට (නැවත නැවතත්) කීම කුමක් සඳහාද යත්, ‘අවිජ්ජා පච්චයා සඞ්ඛාරා’ යන මෙහි, පුඤ්ඤාභිසංඛාරාදී වශයෙන් කුශල-අකුශල යන දෙ-ආකාර වූ කර්මයන් කියන ලදි; මෙහි “උපාදාන පච්චයා භවො’’ යනුවෙන් උත්පත්ති භවයද ඇතුළත් කරන ලද හෙයින්, කුශල-අකුශල අබ්‍යාකත යන තුන් ආකාර වූම කර්මය කියන ලදි. එහෙයින් මේ නැවත කීම සර්වප්‍රකාරයෙන්ම සාර්ත්‍ථක වේමය; මෙසේ මෙහි සාර්ත්‍ථකතා වශයෙන්ද විනිශ්චයය දත යුතුය.

භෙදසඞ‍්ගහාති උපාදානපච‍්චයා භවස‍්ස භෙදතො චෙව සඞ‍්ගහතො ච. යඤ‍්හි කාමුපාදානපච‍්චයා කාමභවනිබ‍්බත‍්තකං කම‍්මං කරීයති, සො කම‍්මභවො. තදභිනිබ‍්බත‍්තා ඛන්‍ධා උපපත‍්තිභවො. එස නයො රූපාරූපභවෙසු. එවං කාමුපාදානපච‍්චයා ද‍්වෙ කාමභවා, තදන‍්තොගධා ච සඤ‍්ඤාභවපඤ‍්චවොකාරභවා, ද‍්වෙ රූපභවා, තදන‍්තොගධා ච සඤ‍්ඤාභවඅසඤ‍්ඤාභවඑකවොකාරභවපඤ‍්චවොකාරභවා, ද‍්වෙ අරූපභවා, තදන‍්තොගධා ච සඤ‍්ඤාභවනෙවසඤ‍්ඤානාසඤ‍්ඤාභවචතුවොකාරභවාති සද‍්ධිං අන‍්තොගධෙහි ඡ භවා. යථා ච කාමුපාදානපච‍්චයා සද‍්ධිං අන‍්තොගධෙහි ඡ භවා. තථා සෙසුපාදානපච‍්චයාපීති එවං උපාදානපච‍්චයා භෙදතො සද‍්ධිං අන‍්තොගධෙහි චතුවීසති භවා.

‘භෙදසඞ්ගහා’ යනු, උපාදාන ප්‍රත්‍යයෙන් වන භවයෙහි භේද වශයෙන්ද සංග්‍රහ වශයෙන්දැ’යි යන අර්ත්‍ථයි. කාමඋපාදාන ප්‍රත්‍යයෙන් කාමභවයෙහි උත්පත්තිය ඇති කරන යම් කර්මයක් කරනු ලැබේ, එය ‘කම්මභව’ නමි; එයින්ම උපදවන ලද ස්කන්‍ධ ‘උප්පත්ති භව’ නමි. රූප අරූප භව විෂයයෙහිද මෙම නයයි. මෙසේ කාම-උපාදානයන් ප්‍රත්‍යය කොට (කර්ම හා උත්පත්ති වශයෙන්) කාම භව දෙක හා එම කාම භවයෙහිම ඇතුළත් සඤ්ඤාභව, පංචවෝකාර භවයන්ද, (එනයින්ම කර්ම හා උත්පත්ති වශයෙන්) රූපභව දෙකද හා එම රූපභවයෙහිම ඇතුළත් සඤ්ඤාභව, අසඤ්ඤාභව, ඒකවෝකාර භව, පංචවෝකාර භවයන්ද, (එනයින්ම) අරූප භව (කර්ම හා උත්පත්ති වශයෙන්) දෙක හා එහිම ඇතුළත් සඤ්ඤා භව, නේවසඤ්ඤා නාසඤ්ඤා භව, චතුර්වෝකාර භව යන මේ අන්තර්ගත භවයන් හා සමග මෙසේ භව සයක් වේ. යම්සේ කාමූපාදාන ප්‍රත්‍යයෙන් අන්තර්ගතයන් හා සමග භව සයක් වේද, එසේම සෙසු (දිට්ඨි, සීලබ්බත හා අත්තවාද යන) උපාදානයන් ප්‍රත්‍යය කොට ගෙනද සයක් සයක් වේ; මෙසේ උපාදාන ප්‍රත්‍යයෙන් අන්තර්ගත භවයන් හා සමග භව සූවිස්සක් වේ.

සඞ‍්ගහතො පන කම‍්මභවං උපපත‍්තිභවඤ‍්ච එකතො කත්‍වා කාමුපාදානපච‍්චයා සද‍්ධිං අන‍්තොගධෙහි එකො කාමභවො. තථා රූපාරූපභවාති තයො භවා. තථා සෙසුපාදානපච‍්චයා පීති. එවං උපාදානපච‍්චයා සඞ‍්ගහතො සද‍්ධිං අන‍්තොගධෙහි ද‍්වාදස භවා. අපිච අවිසෙසෙන උපාදානපච‍්චයා කාමභවූපගං කම‍්මං කම‍්මභවො. තදභිනිබ‍්බත‍්තා ඛන්‍ධා උපපත‍්තිභවො. එස නයො රූපාරූපභවෙසු. එවං උපාදානපච‍්චයා සද‍්ධිං අන‍්තොගධෙහි ද‍්වෙ කාමභවා, ද‍්වෙ රූපභවා, ද‍්වෙ අරූපභවාති අපරෙන පරියායෙන සඞ‍්ගහතො ඡ භවා. කම‍්මභවඋපපත‍්තිභවභෙදං වා අනුපගම‍්ම සද‍්ධිං අන‍්තොගධෙහි කාමභවාදිවසෙන තයො භවා හොන‍්ති. කාමභවාදිභෙදම‍්පි අනුපගම‍්ම කම‍්මභවඋපපත‍්තිභවවසෙන ද‍්වෙ භවා හොන‍්ති. කම‍්මුපපත‍්තිභෙදඤ‍්චාපි අනුපගම‍්ම උපාදානපච‍්චයා භවොති භවවසෙන එකොව භවො හොතීති එවමෙත්‍ථ උපාදානපච‍්චයස‍්ස භවස‍්ස භෙදසඞ‍්ගහාපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

සංග්‍රහ වශයෙන් වනාහි, කාමූපාදානප්‍රත්‍යයෙන්, කර්මභව - උත්පත්ති භව යන දෙක එක් කොට අන්තර්ගත භවයන්ද සමග ගැනීමෙන් එක් කාම භවයක් වේ; රූප-අරූප භවයන්ද එසේම වෙති’යි භවත්‍රයයක් වේ, සෙසු (දිට්ඨි ආදී) උපාදාන තුන ප්‍රත්‍යය කොට ගෙනද ඒ ආකාරයෙන්ම අන්තර්ගත භවයන් හා සමග තුනක් තුනක් වශයෙන් වෙති’යි මෙසේ සංග්‍රහ වශයෙන් දොළොස් භවයෙක් වේ. තවද, අවිශේෂයෙන් (සියලු) උපාදානයන් ප්‍රත්‍යය කොට ගෙන කාමභවයට පමුණුවන කර්මය ‘කම්මභව’ නමි; එම උපාදානයන්ගෙන්ම උපන් ස්කන්‍ධ ‘උප්පත්ති භව’ නමි; රූප-අරූප භව විෂයයෙහිද මේනයම වේ. මෙසේ අන්තර්ගතයන් හා සමග ගෙන, කාමභව දෙකෙක, රූපභව දෙකෙක, ‘අරූපභව දෙකෙකැ’යි වෙනත් ක්‍රමයෙන් සංග්‍රහ කිරීමෙන් භව සයෙක් වේ; කම්ම භව-උප්පත්ති භව භේදය නොසලකා, අන්තර්ගතයන් හා සමග ගෙන කාමභවාදී වශයෙන් භවත්‍රයයෙකි; කාමභවාදී භේදයටද - නොගොස්, කම්මභව උප්පත්ති භවයන් පමණක් ගැනීමෙන් භව දෙකක් වේ; කර්ම උත්පත්ති භේදයටද නොගොස්, උපාදානය ප්‍රත්‍යය කොට ගෙන භවය වෙති’යි භව වශයෙන් එක්ම භවය වේ. මෙසේ මෙහි උපාදාන ප්‍රත්‍යයෙන් වන භාවය පිළිබඳ වූ භේද-සංග්‍රහ විනිශ්චයය දතයුතුය.

යං යස‍්ස පච‍්චයො චෙවාති යඤ‍්චෙත්‍ථ උපාදානං යස‍්ස පච‍්චයො හොති, තතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයොති අත්‍ථො. කිං පනෙත්‍ථ කස‍්ස පච‍්චයො හොති? යංකිඤ‍්චි යස‍්ස කස‍්සචි පච‍්චයො හොතියෙව. උම‍්මත‍්තකො විය හි පුථුජ‍්ජනො. සො ඉදං යුත‍්තං ඉදං අයුත‍්තන‍්ති අවිචාරෙත්‍වා යස‍්ස කස‍්සචි උපාදානස‍්ස වසෙන යංකිඤ‍්චි භවං පත්‍ථෙත්‍වා යංකිඤ‍්චි කම‍්මං කරොතියෙව. තස‍්මා යදෙකච‍්චෙ සීලබ‍්බතුපාදානෙන රූපාරූපභවා න හොන‍්තීති වදන‍්ති, තං න ගහෙතබ‍්බං. සබ‍්බෙන පන සබ‍්බො හොතීති ගහෙතබ‍්බං.

‘යං යස්ස පච්චයො චෙව’ (කවර උපාදානයක් කවර භවයකට ප්‍රත්‍යය වේද) යන මෙහි, යම් උපාදානයක් යම් භවයකට ප්‍රත්‍යය වේද, ඒ අනුවද විනිශ්චය දතයුතුය යන අර්ත්‍ථයි. මෙහි, කවර නම් උපාදානයක් කවර නම් භවයකට ප්‍රත්‍යය වේද යත්; කිසියම් උපාදානයක් කිසියම් භවයකට ප්‍රත්‍යය වන්නේමය. පෘථග්ජන තෙමේ වනාහි උම්මන්තකයකු වැනිය; හේ තෙමේ මේ යුතුය. මේ අයුතුය’යි නොවිමසා යම්කිසි උපදානයක් වශයෙන් යම්කිසි භවයක් පතා යම්කිසි කර්මයක් කෙරේමය; එහෙයින් සීලබ්බතූපාදානයෙන් රූපාරූප භවයන් නොවෙති’යි කිසිවෙක් කියත්ද, එය නොපිළිගත යුතුය. සියලු උපාදානයන්ගෙන් සියලු භවයන් වෙති’යි ගතයුතුය.

සෙය්‍යථිදං – ඉධෙකච‍්චො අනුස‍්සවවසෙන වා දිට‍්ඨානුසාරෙන වා “කාමා නාමෙතෙ මනුස‍්සලොකෙ චෙව ඛත‍්තියමහාසාලකුලාදීසු, ඡ කාමාවචරදෙවලොකෙ ච සමිද‍්ධා”ති චින‍්තෙත්‍වා තෙසං අධිගමත්‍ථං අසද‍්ධම‍්මස‍්සවනාදීහි වඤ‍්චිතො “ඉමිනා කම‍්මෙන කාමා සම‍්පජ‍්ජන‍්තී”ති මඤ‍්ඤමානො කාමුපාදානවසෙන කායදුච‍්චරිතාදීනිපි කරොති, සො දුච‍්චරිතපාරිපූරියා අපායෙ උපපජ‍්ජති. සන්‍දිට‍්ඨිකෙ වා පන කාමෙ පත්‍ථයමානො පටිලද‍්ධෙ ච ගොපයමානො කාමුපාදානවසෙන කායදුච‍්චරිතාදීනි කරොති, සො දුච‍්චරිතපාරිපූරියා අපායෙ උපපජ‍්ජති. තත්‍රාස‍්ස උපපත‍්තිහෙතුභූතං කම‍්මං කම‍්මභවො. කම‍්මාභිනිබ‍්බත‍්තා ඛන්‍ධා උපපත‍්තිභවො. සඤ‍්ඤාභවපඤ‍්චවොකාරභවා පන තදන‍්තොගධා එව.

කෙසේද යත්: මේ ලෝකයෙහි කිසිවෙක් අනුස්සව (ශ්‍රැති) වශයෙන් හෝ, දුටු දෙය අනුව හෝ, “මේ කාමයෝ නම් මිනිස් ලොව ක්‍ෂත්‍රිය මහාසාරකුල ආදියෙහිද, කාමාවචර දේව ලෝක තුළද සමෘද්ධ වෙති’යි මෙසේ සිතා එම කාම සම්පත් ලබා ගැනීම පිණිස, අසද් ධර්ම ශ්‍රවණාදියෙන් රවටන ලදුව, “මේ මේ කර්මයෙන් කාමයෝ සැපයෙති’යි මෙසේ හඟිමින් කාමූපාදාන වශයෙන් කායදුශ්චරිතාදියද කෙරේ, හේ තෙමේ දුශ්චරිතයන් පිරීමෙන් අපායෙහි උපදියි; නැතහොත්, සාන්දෘෂ්ටික (මෙලොවදී ලැබිය යුතු) කාම සම්පත් පතමින් ලබා ඇති සම්පත් රකිමින් හෝ කාමූපාදාන වශයෙන් කායදුශ්චරිතාදියද කෙරේ, හේ තෙමේ කායදුශ්චරිතාදිය පිරීමෙන් අපායෙහි උපදියි. එහිදී ඔහුගේ උත්පත්තියට හේතු වූ කර්මය කර්මභවයයි; කර්මයෙන් නිපන් ස්කන්‍ධ උත්පත්ති භවයයි, සඤ්ඤාභව, පංචවෝකාර භව ආදිය එහිම අන්තර්ගත වේ.

අපරො පන සද‍්ධම‍්මස‍්සවනාදීහි උපබ්‍රූහිතඤාණො “ඉමිනා කම‍්මෙන කාමා සම‍්පජ‍්ජන‍්තී”ති මඤ‍්ඤමානො කාමුපාදානවසෙන කායසුචරිතාදීනි කරොති. සො සුචරිතපාරිපූරියා දෙවෙසු වා මනුස‍්සෙසු වා උපපජ‍්ජති. තත්‍රාස‍්ස උපපත‍්තිහෙතුභූතං කම‍්මං කම‍්මභවො. කම‍්මාභිනිබ‍්බත‍්තා ඛන්‍ධා උපපත‍්තිභවො. සඤ‍්ඤාභවපඤ‍්චවොකාරභවා පන තදන‍්තොගධා එව. ඉති කාමුපාදානං සප‍්පභෙදස‍්ස සාන‍්තොගධස‍්ස කාමභවස‍්ස පච‍්චයො හොති.

අනෙකෙක් වනාහි, සද්ධර්ම ශ්‍රවණාදියෙන් වර්ධනය කරගන්නා ලද ඤාණයෙන් යුතුව මෙවන් කර්මයෙකින් කාම සම්පත් සැපයෙති’යි හඟිමින් කාමූපාදාන වශයෙන් කාය සුචරිතාදිය කෙරෙයි; හේ සුසිරිත් දහම් පිරීමෙන් දෙව්ලොව හෝ මිනිස් ලොව උපදියි; එහිදී ඔවුන්ගේ උත්පත්තියට හේතු වූ කර්මය ‘කම්මභව’ නමි; කර්මයට අනුව නිපන් ස්කන්‍ධ උත්පත්ති භව’ නමි. සඤ්ඤාභව, පංචවෝකාර භව යන මොහු එහි අන්තර්ගතයෝයි. මෙසේ කාමූපාදානය ප්‍රභේද සහිත වූද, අන්තර්ගත භව සහිත වූද කාමභවයට ප්‍රත්‍යය වේ.

අපරො “රූපාරූපභවෙසු තතො සමිද‍්ධතරා කාමා”ති සුත්‍වා පරිකප‍්පෙත්‍වා වා කාමුපාදානවසෙනෙව රූපාරූපසමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා සමාපත‍්තිබලෙන රූපාරූපබ්‍රහ‍්මලොකෙ උපපජ‍්ජති. තත්‍රාස‍්ස උපපත‍්තිහෙතුභූතං කම‍්මං කම‍්මභවො. කම‍්මාභිනිබ‍්බත‍්තා ඛන්‍ධා උපපත‍්තිභවො. සඤ‍්ඤා-අසඤ‍්ඤා-නෙවසඤ‍්ඤානාසඤ‍්ඤා-එක-චතු-පඤ‍්චවොකාරභවා පන තදන‍්තොගධා එව. ඉති කාමුපාදානං සප‍්පභෙදානං සාන‍්තොගධානං රූපාරූපභවානම‍්පි පච‍්චයො හොති.

තවද අනෙකෙක් තෙමේ, රූප-අරූප භවයන්හි කාම සම්පත් කාම භවයට වඩා සමෘද්ධ යයි අසා හෝ සලකා කාමූපාදාන වශයෙන්ම රූප-අරූප සමාපත්ති උපදවා සමාපත්ති බලයෙන් රූප-අරූප බ්‍රහ්ම-ලෝකයන්හි උපදියි: එහිදී ඔහුගේ උත්පත්තියට හේතුවූ කර්මය ‘කම්මභව’ නමි; කර්මභවයට අනුව උපන් ස්කන්‍ධ ‘උප්පත්ති භව’ නමි. සඤ්ඤාභව, අසඤ්ඤාභව, නේවසඤ්ඤා නාසඤ්ඤා භව, ඒක-චතු-පංචවෝකාර භව යන මේ සියල්ල එහි අන්තර්ගත වේ; මෙසේ කාමූපාදානය ප්‍රභේද සහිත වූද, අන්තර්ගත භව සහිත වූද රූප-අරූප භවයනටද ප්‍රත්‍යය වේ.

අපරො “අයං අත‍්තා නාම කාමාවචරසම‍්පත‍්තිභවෙ වා රූපාරූපභවානං වා අඤ‍්ඤතරස‍්මිං උච‍්ඡින‍්නෙ සුඋච‍්ඡින‍්නො හොතී”ති උච‍්ඡෙදදිට‍්ඨිං උපාදාය තදුපගං කම‍්මං කරොති, තස‍්ස තං කම‍්මං කම‍්මභවො. කම‍්මාභිනිබ‍්බත‍්තා ඛන්‍ධා උපපත‍්තිභවො. සඤ‍්ඤාභවාදයො පන තදන‍්තොගධා එව. ඉති දිට‍්ඨුපාදානං සප‍්පභෙදානං සාන‍්තොගධානං තිණ‍්ණම‍්පි කාමරූපාරූපභවානං පච‍්චයො හොති.

තවද අනෙකෙක් තෙමේ, “මේ ආත්මය තෙමේ කාමාවචර සම්පත් ඇති භවයෙහිදී හෝ රූප-අරූප භවයන් අතුරින් කිසියම් භවයෙක්හිදී හෝ සිඳී ගිය විට, මනා සේ සිඳී ගියේ වන්නේය’යි උච්ඡේද දෘෂ්ටි ගෙන, එයට පමුණුවන කර්මයන් කෙරේ; ඔහුගේ එම කර්මය ‘කම්ම භව’ නමි; කර්මයෙන් නිපන් ස්කන්‍ධ ‘උප්පත්ති භව’ නමි. සඤ්ඤාභවාදිය වනාහි එහිම අන්තර්ගත වේ. මෙසේ දිට්ඨූපාදානය ප්‍රභේද සහිතවූද, අන්තර්ගතයන් සහිතවූද කාම, රූප, අරූප යන භවත්‍රයයටම ප්‍රත්‍යය වේ.

අපරො “අයං අත‍්තා නාම කාමාවචරසම‍්පත‍්තිභවෙ වා රූපාරූපභවානං වා අඤ‍්ඤතරස‍්මිං සුඛී හොති විගතපරිළාහො”ති අත‍්තවාදුපාදානෙන තදුපගං කම‍්මං කරොති, තස‍්ස තං කම‍්මං කම‍්මභවො. තදභිනිබ‍්බත‍්තා ඛන්‍ධා උපපත‍්තිභවො. සඤ‍්ඤාභවාදයො පන තදන‍්තොගධා එව. ඉති අත‍්තවාදුපාදානං සප‍්පභෙදානං සාන‍්තොගධානං තිණ‍්ණං භවානං පච‍්චයො හොති.

යලිදු අනෙකෙක් තෙමේ, ‘මේ ආත්මය කාමාවචර සම්පත් ඇති භවයෙහිදී හෝ රූප-අරූප භවයන් අතුරෙන් එක්තරා භවයෙක්හිදී හෝ, ක්ලේශ පරිදාහයන් පහවී ගොස් සුඛිත වන්නේය’යි අත්තවාදූපාදානයෙන්, එයට පමුණුවන කර්මයන් රැස් කෙරේ; ඔහුගේ එම කර්මය ‘කම්ම භව’ නමි; එයින් නිපන් ස්කන්‍ධ ‘උප්පත්ති භව’ නමි. සඤ්ඤා භව ආදිය වනාහි එහිම අන්තර්ගත වේ; මෙසේ අත්තවාදූපාදානය ප්‍රභේද සහිත වූද, අන්තර්ගතයන් සහිත වූද භවත්‍රයයටම ප්‍රත්‍යය වේ.

අපරො “ඉදං සීලබ‍්බතං නාම කාමාවචරසම‍්පත‍්තිභවෙ වා රූපාරූපභවානං වා අඤ‍්ඤතරස‍්මිං පරිපූරෙන‍්තස‍්ස සුඛං පාරිපූරිං ගච‍්ඡතී”ති සීලබ‍්බතුපාදානවසෙන තදුපගං කම‍්මං කරොති, තස‍්ස තං කම‍්මං කම‍්මභවො. තදභිනිබ‍්බත‍්තා ඛන්‍ධා උපපත‍්තිභවො. සඤ‍්ඤාභවාදයො පන තදන‍්තොගධා එව. ඉති සීලබ‍්බතුපාදානං සප‍්පභෙදානං සාන‍්තොගධානං තිණ‍්ණං භවානං පච‍්චයො හොති. එවමෙත්‍ථ යං යස‍්ස පච‍්චයො හොති, තතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

තවද අනෙකෙක් තෙමේ ‘මේ සීලබ්බතය නම් කාමාවචර සම්පත් ඇති භවයෙහිදී හෝ රූපාරූප භවයන් අතුරෙන් එක්තරා භවයෙක්හිදී හෝ පුරන්නහුට සුවසේ පිරිපුන් බවට යෙති’යි සීලබ්බතූපාදාන වශයෙන් එය කරා පමුණුවන කර්මය කෙරේ; ඔහුගේ එම කර්මය කම්මභව’ නමි; එයින් නිපන් ස්කන්‍ධ ‘උප්පත්තිභව’ නමි. සඤ්ඤාභව ආදිය එහිම අන්තර්ගත වේ. මෙසේ සීලබ්බතූපාදානයද, ප්‍රභේද සහිතවූද, අන්තර්ගතයන් සහිත වූද භවත්‍රයටම ප්‍රත්‍යය වේ. මෙසේ මෙහි යම් උපාදානයක් යම් භවයකට ප්‍රත්‍යය වේද, ඒ අනුවද මෙහි විනිශ්චයය දතයුතුය.

කිං පනෙත්‍ථ කස‍්ස භවස‍්ස කථං පච‍්චයො හොතීති චෙ?

මෙහි කවර උපාදානයක් කවර භවයකට කවර ආකාරයෙන් ප්‍රත්‍යය වේද යත්:

රූපාරූපභවානං , උපනිස‍්සයපච‍්චයො උපාදානං; සහජාතාදීහිපි තං, කාමභවස‍්සාති විඤ‍්ඤෙය්‍යං.

රූපා රූපභවානං උපනිස්සය පච්චයො උපාදානං සහජාතාදීහිපිතං කාමභවස්සාති විඤ්ඤෙය්‍යං

රූපාරූපභවයනට උපාදානය උපනිස්සය වශයෙන් ප්‍රත්‍යය වේ; කාමභවයට එය සහජාත ආදී වශයෙන්ද ප්‍රත්‍යය වෙතැ’යි දතයුතුය.

රූපාරූපභවානං හි, කාමභවපරියාපන‍්නස‍්ස ච කම‍්මභවෙ කුසලකම‍්මස‍්සෙව, උපපත‍්තිභවස‍්ස චෙතං චතුබ‍්බිධම‍්පි උපාදානං උපනිස‍්සයපච‍්චයවසෙන එකධාව පච‍්චයො හොති. කාමභවෙ අත‍්තනා සම‍්පයුත‍්තාකුසලකම‍්මභවස‍්ස සහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයසම‍්පයුත‍්තඅත්‍ථිඅවිගතහෙතුපච‍්චයප‍්පභෙදෙහි සහජාතාදීහි පච‍්චයො හොති. විප‍්පයුත‍්තස‍්ස පන උපනිස‍්සයපච‍්චයෙනෙවාති.

රූපාරූප භවයනටද, කාමභවයෙහි කම්මභවයට අයත් කුශල කර්මයටද, (කාම භවයෙහිම වූ) උප්පත්ති භවයටද, මේ සිවුවැදෑරුම් වූම උපාදානය උපනිස්සය ප්‍රත්‍යය වශයෙන් එක්ම අයුරෙකින් ප්‍රත්‍යය වේ; කාමභවයෙහි, (එම උපාදානය) තමා සමග සම්ප්‍රයුක්ත අකුසල කම්මභවයට, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්පයුත්ත, අත්‍ථි, අවිගත, හේතු යන මේ ප්‍රත්‍යය ප්‍රභේද සහිත සහජාත ආදි ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ; විප්‍රයුක්තයට වනාහි උපනිස්සය වශයෙන්ම ප්‍රත්‍යය වේ.

අයං “උපාදානපච‍්චයා භවො”ති පදස‍්මිං විත්‍ථාරකථා.

මේ ‘උපාදාන පච්චයා භවො’ යන පදයෙහි විස්තර කථායි.