යෙදුමෙන් කියවන්න

තණ‍්හාපච‍්චයාඋපාදානපදවිත්‍ථාරකථා

තණ‍්හාපච‍්චයාඋපාදානපදවිත්‍ථාරකථා

තණ්හාපච්චයාඋපාදානපදවිත්ථාරකථා

තණ‍්හාපච‍්චයා උපාදානපදෙ –

‘තණ්හා පච්චයා උපාදානං’ යන පදයෙහි:-

උපාදානානි චත‍්තාරි, තානි අත්‍ථවිභාගතො; ධම‍්මසඞ‍්ඛෙපවිත්‍ථාරා, කමතො ච විභාවයෙ.

උපාදානානි චත්තාරි තානි අත්‍ථවිභාගතො, ධම්මසඞ්ඛෙප විත්‍ථාරා කමතො ච විභාවයෙ

උපාදාන සතරෙකි, එම සතර අර්ත්‍ථ විභාග වශයෙන්ද, උපාදාන ධර්මයන් පිළිබඳව සංක්‍ෂේප වශයෙන් හා විස්තර වශයෙන්ද, ක්‍රම වශයෙන්ද විස්තර කරන්නේයි.

තත්‍රායං විභාවනා – කාමුපාදානං, දිට‍්ඨුපාදානං, සීලබ‍්බතුපාදානං, අත‍්තවාදුපාදානන‍්ති ඉමානි තාවෙත්‍ථ චත‍්තාරි උපාදානානි. තෙසං අයං අත්‍ථවිභාගො – වත්‍ථුසඞ‍්ඛාතං කාමං උපාදියතීති කාමුපාදානං, කාමො ච සො උපාදානඤ‍්චාතිපි කාමුපාදානං. උපාදානන‍්ති දළ‍්හග‍්ගහණං. දළ‍්හත්‍ථො හෙත්‍ථ උපසද‍්දො උපායාසඋපකට‍්ඨාදීසු විය. තථා දිට‍්ඨි ච සා උපාදානඤ‍්චාති දිට‍්ඨුපාදානං. දිට‍්ඨිං උපාදියතීති වා දිට‍්ඨුපාදානං. “සස‍්සතො අත‍්තා ච ලොකො චා”තිආදීසු (දී· නි· 1.31) හි පුරිමදිට‍්ඨිං උත‍්තරදිට‍්ඨි උපාදියති. තථා සීලබ‍්බතං උපාදියතීති සීලබ‍්බතුපාදානං. සීලබ‍්බතඤ‍්ච තං උපාදානඤ‍්චාතිපි සීලබ‍්බතුපාදානං. ගොසීලගොවතාදීනි හි “එවං සුද‍්ධී”ති අභිනිවෙසතො සයමෙව උපාදානානි. තථා වදන‍්ති එතෙනාති වාදො. උපාදියන‍්ති එතෙනාති උපාදානං. කිං වදන‍්ති, උපාදියන‍්ති වා? අත‍්තානං. අත‍්තනො වාදුපාදානං අත‍්තවාදුපාදානං. අත‍්තවාදමත‍්තමෙව වා අත‍්තාති උපාදියන‍්ති එතෙනාති අත‍්තවාදුපාදානං. අයං තාව තෙසං අත්‍ථවිභාගො.

මේ එහි විස්තරාර්ත්‍ථකථනයයි:- කාමූපාදානය, දිට්ඨූපාදානය, සීලබ්බතූපාදානය, අත්තවාදූපාදානයයි මෙහි පළමුකොට උපාදාන සතරෙක් වේ. මේ එය පිළිබඳ අර්ත්‍ථ විභාගයයි: (රූපාදි) වස්තු සංඛ්‍යාත වූ කාමය දැඩි සේ ග්‍රහණය කෙරෙති’යි ‘කාමූපාදාන’ නමි. කාම වූයේද එම උපාදාන වූයේදැයි හෝ කාමූපාදාන නමි. ‘උපාදාන’ යනු, දැඩිව ගැනීමයි. මෙහි ‘උප’ ශබ්දය දෘඪාර්ත්‍ථයෙහි වේ; උපායාස, උපකුට්ඨ යන ආදියෙහි මෙනි. එසේම දිට්ඨි වූයේද එම උපාදාන වූයේදැ’යි දිට්ඨූපාදාන නමි; දෘෂ්ටිය දැඩිව ගනිති’යි හෝ දිට්ඨූපාදාන නමි. ආත්මයද ලෝකයද ශාස්වත වෙති’යි යන ආදියෙහි (ලෝකය ශාස්වත වෙති’යි) පසුව කී දෘෂ්ටිය (ආත්මය ශාස්වත වෙති’යි) පළමුව කී දෘෂ්ටිය දැඩිව ගනී. එපරිදිම සීලබ්බතය දැඩිව ගණිති’යි සීලබ්බතූපාදාන නමි, සීලබ්බත වූයේද එම උපාදාන වූයේදැ’යි හෝ සීලබ්බතූපාදාන නමි. මෙසේ ගෝ-සීල, ගෝ-වුත ආදියෙන් පිරිසුදු වෙති’යි සිය කැමැත්තෙන්ම ඇතුළත් වීමෙන් එම සීලව්‍රතාදිය උපාදාන නම් වේ. එසේම මෙය කරණ කොට කියති’යි (වාද කෙරෙති’යි) වාද නමි. මෙය කරණ කොට දැඩිව ගනිති’යි උපාදාන නමි. කුමක් කියත්ද? කුමක් දැඩිව ගනිත්ද? ආත්මයයි. නොහොත්, ආත්මය දැඩි කොට ගැනීම ‘අත්තවාදූපාදාන’ නමි. හුදෙක් ආත්මවාද මාත්‍රයම හෝ මෙය කරණ කොට ආත්මයයි දැඩිව ගනිති’යි හෝ ‘අන්තවාදූපාදාන’ නමි. මේ වනාහි එම (සිවු) උපාදානයන් පිළිබඳ අර්ත්‍ථ විභාගයයි.

ධම‍්මසඞ‍්ඛෙපවිත්‍ථාරෙ පන කාමුපාදානං තාව “තත්‍ථ කතමං කාමුපාදානං? යො කාමෙසු කාමච‍්ඡන්‍දො කාමරාගො කාමනන්‍දී කාමතණ‍්හා කාමස‍්නෙහො කාමපරිළාහො කාමමුච‍්ඡා කාමජ‍්ඣොසානං, ඉදං වුච‍්චති කාමුපාදාන”න‍්ති (ධ· ස· 1220; විභ· 938) ආගතත‍්තා සඞ‍්ඛෙපතො තණ‍්හාදළ‍්හත‍්තං වුච‍්චති. තණ‍්හාදළ‍්හත‍්තං නාම පුරිමතණ‍්හාඋපනිස‍්සයපච‍්චයෙන දළ‍්හසම‍්භූතා උත‍්තරතණ‍්හාව. කෙචි පනාහු “අප‍්පත‍්තවිසයපත්‍ථනා තණ‍්හා අන්‍ධකාරෙ චොරස‍්ස හත්‍ථප‍්පසාරණං විය, සම‍්පත‍්තවිසයග‍්ගහණං උපාදානං තස‍්සෙව භණ‍්ඩග‍්ගහණං විය. අප‍්පිච‍්ඡතාසන‍්තුට‍්ඨිතාපටිපක‍්ඛා ච තෙ ධම‍්මා. තථා පරියෙසනාරක‍්ඛදුක‍්ඛමූලා”ති. සෙසුපාදානත‍්තයං පන සඞ‍්ඛෙපතො දිට‍්ඨිමත‍්තමෙව.

(උපාදාන) ධර්මයන් පිළිබඳව සංක්‍ෂේප වශයෙන් හෝ විස්තර වශයෙන් දැක්වීමේදී වනාහි: පළමු කොට කාමූපාදානය නම්:- එහි කාමූපාදානය යනු කවරේද යත්, පංචකාම විෂයයෙහි යම් ඇලීමක්, රැඳීමක්, පිනායාමක්, තෘෂ්ණාවක්, සෙනෙහසක්, දාහයක්, මුසපත් වීමක්, ගැලීමක් වෙතොත් මෙය ‘කාමූපාදාන’ යයි කියනු ලැබේ යනුවෙන් (විභඞ්ගයෙහි) ආ හෙයින් සංක්‍ෂේපයෙන් ‘තෘෂ්ණා දෘඪත්‍වය’යි කියනු ලැබේ, තෘෂ්ණාදෘඪත්‍වය නම්, පළමු තෘෂ්ණාවම උපනිශ්‍රය ප්‍රත්‍යය වශයෙන් දැඩි බවට පත්වීමෙන් පසුව ඇතිවන (බලවත්) තෘෂ්ණාවයි. කිසිවෙක් මෙසේ යෙති:- “අත් පත් නොවූ කාම විෂයයක් පැතීම තණ්හාවයි, අඳුරෙහි සොරාගේ අත දිගු කිරීම වැනිය, අතට හසු වුණ විෂයය අල්වා ගැනීම උපාදානයයි, අත ගැසුණ බඩු අල්වා ගැනීම වැනිය”, යනුවෙනි. තණ්හා, උපාදාන යන මේ ස්වභාවයෝ අප්පිච්ඡතා, සන්තුට්ඨිතා යන ගුණධර්මයනට ප්‍රතිපක්‍ෂ වූවාහුමය; එසේම පරියේසන දුක්ඛ (සෙවීමේ දුක), ආරක්ඛ දුක්ඛ (රැකීමේ දුක) යන මොවුනට මුල් වූවාහුය. සෙසු උපාදානත්‍රයය වනාහි සංක්‍ෂේප වශයෙන් දෘෂ්ටිමාත්‍රයම වේ.

විත්‍ථාරතො පන පුබ‍්බෙ රූපාදීසු වුත‍්තඅට‍්ඨසතප‍්පභෙදායපි තණ‍්හාය දළ‍්හභාවො කාමුපාදානං. දසවත්‍ථුකා මිච‍්ඡාදිට‍්ඨි දිට‍්ඨුපාදානං. යථාහ – “තත්‍ථ කතමං දිට‍්ඨුපාදානං? නත්‍ථි දින‍්නං, නත්‍ථි යිට‍්ඨං…පෙ… සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තීති යා එවරූපා දිට‍්ඨි…පෙ… විපරියෙසග‍්ගාහො. ඉදං වුච‍්චති දිට‍්ඨුපාදාන”න‍්ති (ධ· ස· 1221; විභ· 938). සීලබ‍්බතෙහි සුද‍්ධීති පරාමසනං පන සීලබ‍්බතුපාදානං. යථාහ – “තත්‍ථ කතමං සීලබ‍්බතුපාදානං? සීලෙන සුද‍්ධි, වතෙන සුද‍්ධි, සීලබ‍්බතෙන සුද‍්ධීති යා එවරූපා දිට‍්ඨි…පෙ… විපරියෙසග‍්ගාහො. ඉදං වුච‍්චති සීලබ‍්බතුපාදාන”න‍්ති (ධ· ස· 1222; විභ· 938). වීසතිවත්‍ථුකා සක‍්කායදිට‍්ඨි අත‍්තවාදුපාදානං. යථාහ – “තත්‍ථ කතමං අත‍්තවාදුපාදානං? ඉධ අස‍්සුතවා පුථුජ‍්ජනො…පෙ… සප‍්පුරිසධම‍්මෙ අවිනීතො රූපං අත‍්තතො සමනුපස‍්සති…පෙ… විපරියෙසග‍්ගාහො, ඉදං වුච‍්චති අත‍්තවාදුපාදාන”න‍්ති (ධ· ස· 1223; විභ· 938). අයමෙත්‍ථ ධම‍්මසඞ‍්ඛෙපවිත්‍ථාරො.

විස්තර වශයෙන් වනාහි, රූපාදී විෂයයෙහි ඉහත කී එක්සිය අටක් ප්‍රභේද ඇති තණ්හාවෙහි දැඩිබව කාමූපාදානයයි; දශවස්තුක මිථ්‍යාදෘෂ්ටිය දිට්ඨූපාදානයයි; එහෙයින් කීහු:- “එහි දිට්ඨූපාදාන යනු කවරේද යත්:- “දුන් දෙයෙහි විපාක නැත, පරිත්‍යාගයෙහි විපාක නැත, පෙ- ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැන මෙසේ කියති’යි යන මෙබඳු වූ දෘෂ්ටියක් වෙතොත්, -පෙ- විපරීත ග්‍රහණයක් වෙතොත්, මෙය දිට්ඨූපාදානයයි කියනු ලැබේ” යනුවෙනි. ශීල ව්‍රතයන්ගෙන් පාරිශුද්ධිය සිදු වෙති’යි යන පරාමර්ෂණය වනාහි සීලබ්බතූපාදානයයි; එහෙයින් කීහු:- “එහි සීලබ්බතූපාදානය යනු කවරේද යත්, (මිථ්‍යා) ශීලයෙන් ශුද්ධිය වෙති’යි, ව්‍රතයෙන් ශුද්ධිය වෙති’යි. ශීලව්‍රතයෙන් ශුද්ධිය වෙති’යි යන මෙබඳු වූ දෘෂ්ටියක් -පෙ- විපරීත ග්‍රහණයක් වෙතොත් මෙය සීලබ්බතූපාදානය’යි කියනු ලැබේ’’ යනුයි. විසිවැදෑරුම් සක්කාය දිට්ඨිය අත්තවාදූපාදානයයි; එහෙයින් කීහු:- “එහි අත්තවාදූපාදාන යනු කවරේද යත්, මේ ලෝකයෙහි තත්‍වාවබෝධයෙන් තොරවූ පෘථග්ජන තෙමේ -පෙ- සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණේ රූපය ආත්ම වශයෙන් ගනී. -පෙ- විපරීත ග්‍රහණයෙන් ගනියිද, මෙය අත්තවාදූපාදානයයි කියනු ලැබේ.” යනුයි. මෙහි ධම්ම සංඛේප-විත්‍ථාර කථායි.

කමතොති එත්‍ථ පන තිවිධො කමො උප‍්පත‍්තික‍්කමො පහානක‍්කමො දෙසනාක‍්කමො ච. තත්‍ථ අනමතග‍්ගෙ සංසාරෙ ඉමස‍්ස පඨමං උප‍්පත‍්තීති අභාවතො කිලෙසානං නිප‍්පරියායෙන උප‍්පත‍්තික‍්කමො න වුච‍්චති. පරියායෙන පන යෙභුය්‍යෙන එකස‍්මිං භවෙ අත‍්තග‍්ගාහපුබ‍්බඞ‍්ගමො සස‍්සතුච‍්ඡෙදාභිනිවෙසො, තතො “සස‍්සතො අයං අත‍්තා”ති ගණ‍්හතො අත‍්තවිසුද‍්ධත්‍ථං සීලබ‍්බතුපාදානං, “උච‍්ඡිජ‍්ජතී”ති ගණ‍්හතො පරලොකනිරපෙක‍්ඛස‍්ස කාමුපාදානන‍්ති එවං පඨමං අත‍්තවාදුපාදානං, තතො දිට‍්ඨිසීලබ‍්බතකාමුපාදානානීති අයමෙතෙසං එකස‍්මිං භවෙ උප‍්පත‍්තික‍්කමො.

‘කමතො’ යන මෙහි, උත්පත්ති ක්‍රමය, ප්‍රහාණ ක්‍රමය, දේශනා ක්‍රමයයි ක්‍රමය ත්‍රිවිධ වේ. ඉමක් කොනක් නැති සංසාරයෙහි ‘මේ මොහුගේ පළමු උපතැ’ යි නොකිවහැකි වන හෙයින් ඒකාන්ත වශයෙන් ක්ලේශයන්ගේ උත්පත්ති ක්‍රමයක් නොකියනු ලැබේ; සාපේක්‍ෂ වශයෙන් වනාහි බොහෝ සෙයින් එක් භවයක් තුළ ආත්මදෘෂ්ටිය පෙරටු කොට ගත් ශාස්වත උච්ඡේද දෘෂ්ටි වශයෙන් අභිනිවේසය (පිවිසීම) වේ; අනතුරුව මේ ආත්මය ශාස්වතයයි ගත්තහුට ආත්ම විශුද්ධිය පිණිස සීලබ්බත-උපාදානයද, ආත්මය මෙතැනින් අවසන් වෙති’යි ගත්තහුට, එහෙයින්ම පරලෝකාපේක්‍ෂා නැත්තහුට, කාමූපාදානයද වෙති’යි මෙසේ පළමුව අත්තවාදූපාදානයද, අනතුරුව දිට්ඨි, සීලබ්බත, කාම යන උපාදාන තුනදැ’යි යනුවෙන් මෙසේ එක් ආත්මභාවයක් තුළ වූ උත්පත්ති ක්‍රමය වේ.

දිට‍්ඨුපාදානාදීනි චෙත්‍ථ පඨමං පහීයන‍්ති සොතාපත‍්තිමග‍්ගවජ‍්ඣත‍්තා. කාමුපාදානං පච‍්ඡා, අරහත‍්තමග‍්ගවජ‍්ඣත‍්තාති අයමෙතෙසං පහානක‍්කමො.

මෙහි දිට්ඨි-උපාදානාදී තුන සෝතාපත්ති මාර්ගයෙන් ක්‍ෂය වන හෙයින් පළමුව ප්‍රහීණ වේ; කාමූපාදානය අර්හත් මාර්ගයෙන් ක්‍ෂය කළයුතු හෙයින් පසුව ප්‍රහීණ වේ. මේ මොවුන්ගේ ප්‍රහාණ ක්‍රමයයි.

මහාවිසයත‍්තා පන පාකටත‍්තා ච එතෙසු කාමුපාදානං පඨමං දෙසිතං. මහාවිසයං හි තං අට‍්ඨචිත‍්තසම‍්පයොගා, අප‍්පවිසයානි ඉතරානි චතුචිත‍්තසම‍්පයොගා, යෙභුය්‍යෙන ච ආලයරාමත‍්තා පජාය පාකටං කාමුපාදානං, න ඉතරානි. කාමුපාදාන වා කාමානං සමධිගමත්‍ථං කොතූහලමඞ‍්ගලාදිබහුලො හොති, සාස‍්ස දිට‍්ඨීති තදනන‍්තරං දිට‍්ඨුපාදානං, තං පභිජ‍්ජමානං සීලබ‍්බතඅත‍්තවාදුපාදානවසෙන දුවිධං හොති. තස‍්මිං ද‍්වයෙ ගොකිරියං කුක‍්කුරකිරියං වා දිස‍්වාපි වෙදිතබ‍්බතො ඔළාරිකන‍්ති සීලබ‍්බතුපාදානං පඨමං දෙසිතං. සුඛුමත‍්තා අන‍්තෙ අත‍්තවාදුපාදානන‍්ති අයමෙතෙසං දෙසනාක‍්කමො.

මේ උපාදානයන් අතුරෙන් කාමූපාදානය මහාවිෂයයක් වන හෙයින්ද, ප්‍රකට වූ හෙයින්ද, පළමුව දේශනා කරන ලදි. එය (ලෝභ) සිත් අට හා සම්ප්‍රයුක්ත වන හෙයින් ‘මහාවිෂය’ නමි. (ද්වේෂ, මෝහ) සිත් සතර හා සම්ප්‍රයුක්ත වන ඉතිරි උපාදාන තුන ‘අල්පවිෂය’ නම්වේ; කාමූපාදානය බොහෝ සෙයින් ජනයා පංචකාමයෙහි ඇලෙන සුලු හෙයින් ප්‍රකට වේ. සෙසු උපාදාන තුන එසේ නොවේ. කාමූපාදාන සහිත පුද්ගල තෙමේ කාමයන් ලබාගැනීම සඳහා (දිට්ඨි, සුත ආදී) කෞතූහල මංගල බහුලකොට ඇත්තෙක් වේ, ‘අනතුරුව ඔහුට දිට්ඨි (උපාදාන) ය වෙති’යි දිට්ඨූපාදානය දක්වන ලදි. එය ප්‍රභේද වනුයේ සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන යනුවෙන් ද්විවිධ වේ, ඒ දෙක අතුරෙන්ද, ගවයන්ගේ ක්‍රියා හෝ සුනඛයන්ගේ ක්‍රියා දැකීමෙන්ද දතහැකි වන හෙයින් ඕළාරිකයයි ගෙන සීලබ්බතූපාදනය පළමුකොට දක්වන ලදි. අත්තවාදූපාදානය සූක්ෂ්ම වන හෙයින් අවසන්හි දේශනා කරන ලදි. මේ උපාදානයන් පිළිබඳ දේශනා ක්‍රමයයි.

තණ‍්හා ච පුරිමස‍්සෙත්‍ථ, එකධා හොති පච‍්චයො; සත‍්තධා අට‍්ඨධා වාපි, හොති සෙසත‍්තයස‍්ස සා.

තණ්හාව පුරිමස්සෙත්‍ථ එකධා හොති පච්චයො, සත්තධා අට්ඨධා චාපි හොති සෙසත්තයස්ස සා.

මෙහි තණ්හාවම ප්‍රථම කාමූපාදනයට එක් අයුරෙකින්ද සෙසු උපාදාන තුනට සත් අයුරෙකින් හෝ අට අයුරෙකින්ද ප්‍රත්‍යය වේ.

එත්‍ථ ච එවං දෙසිතෙ උපාදානචතුක‍්කෙ පුරිමස‍්ස කාමුපාදානස‍්ස කාමතණ‍්හා උපනිස‍්සයවසෙන එකධාව පච‍්චයො හොති, තණ‍්හාභිනන්‍දිතෙසු විසයෙසු උප‍්පත‍්තිතො. සෙසත‍්තයස‍්ස පන සහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයසම‍්පයුත‍්තඅත්‍ථිඅවිගතහෙතුවසෙන සත‍්තධා වා, උපනිස‍්සයෙන සහ අට‍්ඨධා වාපි පච‍්චයො හොති. යදා ච සා උපනිස‍්සයවසෙන පච‍්චයො හොති, තදා අසහජාතාව හොතීති.

තවද මෙහි මෙසේ දේශනා කරන ලද උපාදාන සතරෙන් ප්‍රථම කාමූපාදානයට කාම තණ්හාව උපනිශ්‍රය වශයෙන් එක් අයුරෙකින් ප්‍රත්‍යය වේ; තණ්හාවෙන් පිනවන ලද විෂයයන්හි උපදින හෙයිනි. සෙසු උපාදාන තුනට වනාහි, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්පයුත්ත, අත්‍ථි, අවිගත, හේතු යන මේ ප්‍රත්‍යය වශයෙන් සත් අයුරෙකින් හෝ උපනිස්සය වශයෙන්ද ගෙන අට අයුරෙකින් හෝ ප්‍රත්‍යය වේ. යම්කලෙක එය උපනිස්සය වශයෙන් ප්‍රත්‍යය වන්නේද, එකල සහජාත ප්‍රත්‍යය නොවන්නේමය.

අයං “තණ‍්හාපච‍්චයා උපාදාන”න‍්ති පදස‍්මිං විත්‍ථාරකථා.

මේ ‘තණ්හා පච්චයා උපාදානං’ යන පදයෙහි විස්තර කථායි.