යෙදුමෙන් කියවන්න

වෙදනාපච‍්චයාතණ‍්හාපදවිත්‍ථාරකථා

වෙදනාපච‍්චයාතණ‍්හාපදවිත්‍ථාරකථා

වෙදනාපච්චයාතණ්හාපදවිත්ථාරකථා

වෙදනාපච‍්චයා තණ‍්හාපදෙ –

‘වෙදනා පච්චයා තණ්හා’ යන පදයෙහි:

රූපතණ‍්හාදිභෙදෙන, ඡ තණ‍්හා ඉධ දීපිතා; එකෙකා තිවිධා තත්‍ථ, පවත‍්තාකාරතො මතා.

රූපතණ්හාදි භෙදෙන ඡ තණ්හා ඉධ දීපිතා එක්කො තිවිධා තත්‍ථ පවත්තාකාරතො මතා

මෙහිලා රූපතණ්හා ආදි ප්‍රභේද වශයෙන් තණ්හා සයක් දක්වන ලදි; පවත්නා ආකාරයෙන් එහි එක් එක් තණ්හාවක් තුන් තුන් ආකාර වේ.

ඉමස‍්මිං හි පදෙ සෙට‍්ඨිපුත‍්තො බ්‍රාහ‍්මණපුත‍්තොති පිතිතො නාමවසෙන පුත‍්තො විය “රූපතණ‍්හා. සද‍්ද… ගන්‍ධ… රස… ඵොට‍්ඨබ‍්බ… ධම‍්මතණ‍්හා”ති (විභ· 232) ආරම‍්මණතො නාමවසෙන විභඞ‍්ගෙ ඡ තණ‍්හා දීපිතා.

(වෙදනා පච්චයා තණ්හා’ යන) මේ පදයෙහි වනාහි, ‘සිටු පුත්‍රයාය, බ්‍රාහ්මණ පුත්‍රයාය’, යනුවෙන් පියාගේ නමින් පුතා හඳුන්වනු ලබන සෙයින් රූපතණ්හා, සද්ද-ගන්‍ධ-රස-ඵොට්ඨබ්බ-ධම්මතණ්හා යනුවෙන් විභංගයෙහි අරමුණු අනුව නම් වශයෙන් තණ්හා සයක් දක්වන ලදි.

තාසු පන තණ‍්හාසු එකෙකා තණ‍්හා පවත‍්තිආකාරතො කාමතණ‍්හා, භවතණ‍්හා, විභවතණ‍්හාති එවං තිවිධා මතා. රූපතණ‍්හායෙව හි යදා චක‍්ඛුස‍්ස ආපාථමාගතං රූපාරම‍්මණං කාමස‍්සාදවසෙන අස‍්සාදයමානා පවත‍්තති, තදා කාමතණ‍්හා නාම හොති. යදා තදෙවාරම‍්මණං “ධුවං සස‍්සත”න‍්ති පවත‍්තාය සස‍්සතදිට‍්ඨියා සද‍්ධිං පවත‍්තති, තදා භවතණ‍්හා නාම හොති. සස‍්සතදිට‍්ඨිසහගතො හි රාගො භවතණ‍්හාති වුච‍්චති. යදා පන තදෙවාරම‍්මණං “උච‍්ඡිජ‍්ජති විනස‍්සතී”ති පවත‍්තාය උච‍්ඡෙදදිට‍්ඨියා සද‍්ධිං පවත‍්තති, තදා විභවතණ‍්හා නාම හොති. උච‍්ඡෙදදිට‍්ඨිසහගතො හි රාගො විභවතණ‍්හාති වුච‍්චති. එස නයො සද‍්දතණ‍්හාදීසුපීති. එතා අට‍්ඨාරස තණ‍්හා හොන‍්ති.

ඒ තණ්හාවන් අතුරෙන් එක් එක් තණ්හාවක් පවත්නා ආකාරයෙන් කාමතණ්හා, භවතණ්හා, විභව තණ්හා යනුවෙන් තුන් වැදෑරුම් වෙති’යි දන්නා ලදි. හුදෙක් රූපතණ්හාවම යම් කලෙක චක්‍ඛු-පථයට පැමිණි රූපාරම්මණයක් කාමාස්වාද වශයෙන් ආස්වාද කැරෙමින් පවතීද, එකල ‘කාමතණ්හා’ නම් වේ; යම් කලෙක එම රූපාරම්මණයම නිත්‍යය, ශාස්වතයැයි පවත්නා ශාස්වත දෘෂ්ටිය හා සමග පවතීද, එකල ‘භව තණ්හා’ නම් වේ, ශාස්වත දෘෂ්ටි සහගතවූ රාගය ‘භවතණ්හා’ යයි කියනු ලැබේ. යම් කලෙක වනාහි එම අරමුණම සිඳිනු ලබති’යි, විනාශයට යෙති’යි පවත්නා උච්ඡේද දෘෂ්ටිය හා සමග පවත්නේද, එකල ‘විභව තණ්හා’ නම් වේ; උච්ඡේද දෘෂ්ටි සහගත වූ රාගය ‘විභව තණ්හායයි කියනු ලැබේ. මේ නයින්ම සද්ද තණ්හා ආදියද වෙති’යි මේ තණ්හාව අටළොස් වැදෑරුම් වේ.

තා අජ‍්ඣත‍්තරූපාදීසු අට‍්ඨාරස, බහිද‍්ධා අට‍්ඨාරසාති ඡත‍්තිංස. ඉති අතීතා ඡත‍්තිංස, අනාගතා ඡත‍්තිංස, පච‍්චුප‍්පන‍්නා ඡත‍්තිංසාති අට‍්ඨසතං තණ‍්හා හොන‍්ති. තා පුන සඞ‍්ඛෙප‍්පමාණා රූපාදිආරම‍්මණවසෙන ඡ, කාමතණ‍්හාදිවසෙන වා තිස‍්සොව තණ‍්හා හොන‍්තීති වෙදිතබ‍්බා.

එම තණ්හාවම අභ්‍යන්තර රූපාදියෙහි අටළොසෙක, බාහිර රූපාදියෙහි අටළොසෙකැ’යි සතිසෙක් වේ; මේ ආකාරයෙන් අතීත කාලයෙහි සතිසෙක, අනාගත කාලයෙහි සතිසෙක, ප්‍රත්‍යුත්පන්නයෙහි සතිසෙකැ’යි තණ්හාව එක්සිය අටවැදෑරුම් වේ. එම තණ්හාවම නැවත පිඬු කරනු ලබන විට රූපාදී වූ අරමුණු වශයෙන් සයෙක, කාමතණ්හා ආදී වශයෙන් තුනෙකැ’යි දතයුතුය.

යස‍්මා පනිමෙ සත‍්තා පුත‍්තං අස‍්සාදෙත්‍වා පුත‍්තෙ මමත‍්තෙන ධාතියා විය රූපාදිආරම‍්මණවසෙන උප‍්පජ‍්ජමානං වෙදනං අස‍්සාදෙත්‍වා වෙදනාය මමත‍්තෙන රූපාදිආරම‍්මණදායකානං චිත‍්තකාර-ගන්‍ධබ‍්බ-ගන්‍ධික-සූද-තන‍්තවායරසායනවිධායකවෙජ‍්ජාදීනං මහාසක‍්කාරං කරොන‍්ති. තස‍්මා සබ‍්බාපෙසා වෙදනාපච‍්චයා තණ‍්හා හොතීති වෙදිතබ‍්බා.

යම්හෙයකින් මේ සත්‍ව කෙනෙක් පුතු කෙරෙහි ඇලුමින් පුතු කෙරෙහි මමත්‍වයෙන් කිරිමවට සංග්‍රහ කෙරෙත්ද, රූපාදී අරමුණු වශයෙන් උපදනා වේදනාව ආස්වාද කොට වේදනාව කෙරෙහි මමත්‍වයෙන් රූපාදී වූ අරමුණු සපයන සිත්තරුන්, ගදඹුන්, සුවඳ විලවුන් නිපදවන්නන්, අරක්කැමියන්, පෙහෙරුන්, රසායන බෙහෙත් සාදන වෙදුන් යන ආදීන්හට මහත් සත්කාර කෙරෙත්ද එහෙයින්ම වේදනාව ප්‍රත්‍යය කොට ඇති මේ සකලවිධ වූම තණ්හාව හටගනිති’යි දතයුතුය.

යස‍්මා චෙත්‍ථ අධිප‍්පෙතා, විපාකසුඛවෙදනා; එකාව එකධාවෙසා, තස‍්මා තණ‍්හාය පච‍්චයො.

යස්මා චෙත්‍ථ අධිප්පෙතා විපාකසුඛ වෙදනා, එකාව එකධා චෙසා තස්මා තණ්හාය පච්චයො.

මෙහිලා යම් හෙයින් විපාක සුඛ වේදනාවම අභිප්‍රේත වූයේද, එහෙයින් මේ එකම වේදනාව එක් අයුරෙකින්ම ප්‍රත්‍යය වේ.

එකධාති උපනිස‍්සයපච‍්චයෙනෙව පච‍්චයො හොති. යස‍්මා වා,

‘එකධා’ යනු, උපනිස්සය ප්‍රත්‍යය වශයෙන්ම නැතහොත්, යම් හෙයකින්:

දුක‍්ඛී සුඛං පත්‍ථයති, සුඛී භිය්‍යොපි ඉච‍්ඡති; උපෙක‍්ඛා පන සන‍්තත‍්තා, සුඛමිච‍්චෙව භාසිතා.

දුක්‍ඛී සුඛං පත්‍ථයති සුඛී භීය්‍යොපි ඉච්ඡති උපෙක්‍ඛා පන සන්තත්තා සුඛමිච්චෙව භාසිතා

තණ‍්හාය පච‍්චයා තස‍්මා, හොන‍්ති තිස‍්සොපි වෙදනා; වෙදනාපච‍්චයා තණ‍්හා, ඉති වුත‍්තා මහෙසිනා.

තණ්හාය පච්චයා තස්මා හොන්ති තිස්සොපි වෙදනා වෙදනා පච්චයා තණ්හා ඉති වුත්තා මහෙසිනා

වෙදනාපච‍්චයා චාපි, යස‍්මා නානුසයං විනා; හොති තස‍්මා න සා හොති, බ්‍රාහ‍්මණස‍්ස වුසීමතොති.

වේදනා පච්චයා චාපි යස්මා නානුසයං විනා හොති තස්මා න සා හොති බ්‍රාහ්මණස්ස වූසිමතො

දුක්පත් වූයේ සුව පතයි, සුවපත් වූයේ වැඩියෙන් සුව පතයි. උපේක්‍ෂාව වනාහි ශාන්ත වූ හෙයින් සැපම යයි කියනු ලැබේ.

එහෙයින් වේදනා තුනම තණ්හාවට ප්‍රත්‍යය වේ. මෙසේ වෙදනා පච්චයා තණ්හා’යි මහර්ෂීන් විසින් පවසන ලදි.

වේදනාව ප්‍රත්‍යය කොටගෙන වුවද, යම් හෙයකින් අනුසයෙන් තොරව තණ්හාව නොවේද, එහෙයින් බඹසර වැස නිමකළ රහතුනට එම තණ්හාව නොවේ.

අයං “වෙදනාපච‍්චයා තණ‍්හා”ති පදස‍්මිං විත්‍ථාරකථා.

මේ ‘වෙදනා පච්චයා තණ්හා’ යන පදයෙහි විස්තර කථායි.