ඵස්සපච්චයාවෙදනාපදවිත්ථාරකථා
ඵස්සපච්චයාවෙදනාපදවිත්ථාරකථා
ඵස්සපච්චයාවෙදනාපදවිත්ථාරකථා
ඵස්සපච්චයා වෙදනාපදෙ –
‘ඵස්ස පච්චයා වෙදනා’ (ස්පර්ශය ප්‍රත්‍යය කොට ගෙන වේදනාව වේ) යන පදයෙහි:-
ද්වාරතො වෙදනා වුත්තා, චක්ඛුසම්ඵස්සජාදිකා; සළෙව තා පභෙදෙන, එකූනනවුතී මතා.
ද්වාරතො වෙදනා වුත්තා චක්ඛුසම්ඵස්සජාදිකා සළෙව සා පභෙදෙන එකූන නවූතී මතා
ද්වාර වශයෙන් චක්ඛු ආදීන්ගේ සම්ඵස්සයෙන් උපන් වේදනා සයක්ම කියන ලදි: ප්‍රභේද වශයෙන් එම වේදනා නවාසූවක් වෙති’යි දන්නා ලදි.
එතස්සපි පදස්ස විභඞ්ගෙ “චක්ඛුසම්ඵස්සජා වෙදනා. සොත… ඝාන… ජිව්හා… කාය… මනොසම්ඵස්සජා වෙදනා”ති (විභ· 231) එවං ද්වාරතො සළෙව වෙදනා වුත්තා, තා පන පභෙදෙන එකූනනවුතියා චිත්තෙහි සම්පයුත්තත්තා එකූනනවුති මතා.
‘ඵස්සස පච්චයා වෙදනා’ යන මේ පදයට විභඞ්ගයෙහි ‘චක්ඛුසම්ඵස්සජා වෙදනා, සොත-ඝාණ-ජිව්හා-කාය-මනො-සම්ඵස්සජා වෙදනා’ (චක්ඛු සම්ඵස්සයෙන් උපන් වේදනා, සෝත ඝාණ-ජිව්හා කාය-මනෝ සම්ඵස්සයෙන් උපන් වේදනා’ යි මෙසේ ද්වාර වශයෙන් සයක්ම කියන ලදි. ප්‍රභේද වශයෙන්, එම වේදනා නවාසූවක් සිත් සමග සම්ප්‍රයුක්ත වූ හෙයින් නවාසූවක්ම වෙති’යි දන්නා ලදි.
වෙදනාසු පනෙතාසු, ඉධ බාත්තිංස වෙදනා; විපාකචිත්තයුත්තාව, අධිප්පෙතාති භාසිතා.
වෙදනාසු පනෙතාසු ඉධ ඛත්තිංස වෙදනා විපාක සම්පයුත්තාව අධිප්පෙතාති භාසිතා
අට්ඨධා තත්ථ පඤ්චන්නං, පඤ්චද්වාරම්හි පච්චයො; සෙසානං එකධා ඵස්සො, මනොද්වාරෙපි සො තථා.
අට්ඨධා තත්ථ පඤ්චන්නං පඤ්චද්වාරම්හි පච්චයො සෙසානං එකධා ඵස්සො මනොද්වාරෙපි සො තථා
මෙහි වනාහි මේ (නවාසූවක්) වේදනාවන් අතුරෙන් දෙතිසක් වේදනාවන් විපාක සම්ප්‍රයුක්තයහ’යි අභිප්‍රේත වන බව කියන ලදි.
එහි පංචද්වාරයෙහි වූ පංච වේදනාවනට ඵස්සය අට අයුරෙකින් ප්‍රත්‍යය වේ; සෙසු (කාමාවචර විපාක) වේදනාවනට එක් අයුරෙකින් ප්‍රත්‍යය වේ; මනෝද්වාර විෂයයෙහිද එසේය. (අට අයුරෙකින්ද එක් අයුරෙකින්ද ප්‍රත්‍යය වේ).
තත්ථ හි පඤ්චද්වාරෙ චක්ඛුපසාදාදිවත්ථුකානං පඤ්චන්නං වෙදනානං චක්ඛුසම්ඵස්සාදිකො ඵස්සො සහජාතඅඤ්ඤමඤ්ඤනිස්සයවිපාකආහාරසම්පයුත්තඅත්ථිඅවිගතවසෙන අට්ඨධා පච්චයො හොති. සෙසානං පන එකෙකස්මිං ද්වාරෙ සම්පටිච්ඡනසන්තීරණතදාරම්මණවසෙන පවත්තානං කාමාවචරවිපාකවෙදනානං සො චක්ඛුසම්ඵස්සාදිකො ඵස්සො උපනිස්සයවසෙන එකධාව පච්චයො හොති.
එහි වනාහි පංචද්වාරයෙහි චක්ඛුප්පසාදාදිය වස්තු කොට ඇති වේදනා පසට චක්ඛු සම්ඵස්ස ආදී වූ ඵස්සය සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ආහාර, සම්පයුත්ත, අත්ථි, අවිගත යන ප්‍රත්‍යය වශයෙන් අට අයුරෙකින් ප්‍රත්‍යය වේ. එක් එක් ද්වාරයෙහි සම්පටිච්ඡන, සන්තීරණ, තදාරම්මණ වශයෙන් පවත්නා සෙසු කාමාවචර විපාක වේදනාවනට චක්ඛුසම්ඵස්ස ආදී වූ ඵස්සයට උපනිස්සය ප්‍රත්‍යය වශයෙන් එක්ම අයුරෙකින් ප්‍රත්‍යය වේ.
මනොද්වාරෙපි සො තථාති මනොද්වාරෙපි හි තදාරම්මණවසෙන පවත්තානං කාමාවචරවිපාකවෙදනානං සො සහජාතමනොසම්ඵස්සසඞ්ඛාතො ඵස්සො තථෙව අට්ඨධා පච්චයො හොති, පටිසන්ධිභවඞ්ගචුතිවසෙන පවත්තානං තෙභූමකවිපාකවෙදනානම්පි. යා පන තා මනොද්වාරෙ තදාරම්මණවසෙන පවත්තා කාමාවචරවෙදනා, තාසං මනොද්වාරාවජ්ජනසම්පයුත්තො මනොසම්ඵස්සො උපනිස්සයවසෙන එකධාව පච්චයො හොතීති.
‘මනෝද්වාරෙපි සො තථා’ යනු, මනෝද්වාර විෂයයෙහිද තදාරම්මණ වශයෙන් පවත්නා කාමාවචර විපාක වේදනාවනට එම ‘සහජාත මනෝසම්ඵස්සය’යි කියනු ලබන ඵස්සය එසේම අට අයුරෙකින් ප්‍රත්‍යය වේ. පටිසන්ධි, භවංග, චුති වශයෙන් පවත්නා ඒ ත්‍රෛභූමක විපාක වේදනාවනටද, මනෝද්වාරයෙහි තදාරම්මණ වශයෙන් පවත්නා යම් ඒ කාමාවචර වේදනාවක් ඇතොත් එයටද මනෝද්වාරාවජ්ජන සම්පයුත්ත වූ මනෝ සම්ඵස්සය උපනිශ්‍රය ප්‍රත්‍යය වශයෙන් එක්ම අයුරෙකින් ප්‍රත්‍යය වේ.
අයං “ඵස්සපච්චයා වෙදනා”ති පදස්මිං විත්ථාරකථා.
මේ ‘පස්ස පච්චයා වෙදනා’ යන පදයෙහි විස්තර කථායි.