සළායතනපච්චයාඵස්සපදවිත්ථාරකථා
සළායතනපච්චයාඵස්සපදවිත්ථාරකථා
සළායතනපච්චයාඵස්සපදවිත්ථාරකථා
සළායතනපච්චයා ඵස්සපදෙ –
“සළායතන පච්චයා ඵස්සො’’ (ෂඩ් ආයතනයන් ප්‍රත්‍යයකොට ගෙන ස්පර්ශය වේ) යන පදයෙහි:-
සළෙව ඵස්සා සඞ්ඛෙපා, චක්ඛුසම්ඵස්සආදයො; විඤ්ඤාණමිව බාත්තිංස, විත්ථාරෙන භවන්ති තෙ.
සළෙව ඵස්සා සඞ්ඛෙපා චක්ඛු සම්ඵස්ස ආදයො විඤ්ඤාණමිව ඛත්තිංස විත්ථාරෙන භවන්ති තෙ
සංක්ෂේප වශයෙන් වනාහි චක්ඛු සම්ඵස්ස ආදී ස්පර්ශයෝ සයක්ම වෙති; විස්තර වශයෙන් ඔහු විඤ්ඤාණය මෙන්ම දෙතිසක් වෙති.
සඞ්ඛෙපෙන හි සළායතනපච්චයා ඵස්සොති චක්ඛුසම්ඵස්සො, සොතසම්ඵස්සො, ඝානසම්ඵස්සො, ජිව්හාසම්ඵස්සො, කායසම්ඵස්සො, මනොසම්ඵස්සොති ඉමෙ චක්ඛුසම්ඵස්සාදයො ඡ එව ඵස්සා භවන්ති. විත්ථාරෙන පන චක්ඛුසම්ඵස්සාදයො පඤ්ච කුසලවිපාකා, පඤ්ච අකුසලවිපාකාති දස, සෙසා බාවීසති-ලොකියවිපාකවිඤ්ඤාණසම්පයුත්තා ච බාවීසතීති එවං සබ්බෙපි සඞ්ඛාරපච්චයා වුත්තවිඤ්ඤාණමිව බාත්තිංස හොන්ති.
සංක්ෂේප වශයෙන් වනාහි “සළායතන පච්චයා ඵස්සො” යනුවෙන්, චක්ඛුසම්ඵස්සය, සෝත සම්ඵස්සය, ඝාණ සම්ඵස්සය, ජිව්හා සම්ඵස්සය, කාය සම්ඵස්සය, මනෝසම්ඵස්සය යනුවෙන් මෙකී චක්ඛු සම්ඵස්ස ආදී වූ ස්පර්ශයෝ සයක්ම වෙති; විස්තර වශයෙන් වනාහි චක්ඛු සම්ඵස්ස ආදිය කුශල විපාක පසෙක, අකුශල විපාක පසෙකැ’යි යනුවෙන් දසයක්ද, ලෞකික විඤ්ඤාණ දෙවිස්ස හා යෙදුණු ඉතිරි ස්පර්ශ දෙවිස්සක්දැ’යි මෙසේ මේ සියල්ලම, සංඛාර ප්‍රත්‍යය කොට ඇතැයි කියන ලද විඤ්ඤාණය මෙන්ම දෙතිසක් වෙති.
යං පනෙතස්ස බාත්තිංසවිධස්සාපි ඵස්සස්ස පච්චයො සළායතනං, තත්ථ,
මෙකී දෙතිස් වැදෑරුම්වූද, ඵස්සයට ප්‍රත්‍යය වූ යම් ආයතන සයක් වේද, එහි:-
ඡට්ඨෙන සහ අජ්ඣත්තං, චක්ඛාදිං බාහිරෙහිපි; සළායතනමිච්ඡන්ති, ඡහි සද්ධිං විචක්ඛණා.
ඡට්ඨෙන සහ අජ්ඣත්තං චක්ඛාදිං බාහිරෙහිපි සළායතන මිච්ඡන්ති ඡහි සද්ධිං විචක්ඛණා
නුවණැත්තෝ සවන (මන) ආයතනය හා සමග චක්ඛු ආදී අභ්‍යන්තර ආයතන පස ෂඩායතන-වශයෙන් රිසිවෙති. (මහාවිහාරය තුළම වූ අභ්‍යන්තර ආචාර්යවාදයකට අනුව) කෙනෙක් රූප ආදී බාහිර ආයතන සයද සමග ගෙන සළායතන වශයෙන් රිසි වෙති.
තත්ථ යෙ තාව “උපාදිණ්ණකපවත්තිකථා අය”න්ති සකසන්තතිපරියාපන්නමෙව පච්චයං පච්චයුප්පන්නඤ්ච දීපෙන්ති, තෙ “ඡට්ඨායතනපච්චයා ඵස්සො”ති (විභ· 322) පාළිඅනුසාරතො ආරුප්පෙ ඡට්ඨායතනඤ්ච, අඤ්ඤත්ථ සබ්බසඞ්ගහතො සළායතනඤ්ච ඵස්සස්ස පච්චයොති එකදෙසසරූපෙකසෙසං කත්වා ඡට්ඨෙන සහ අජ්ඣත්තං චක්ඛාදිං සළායතනන්ති ඉච්ඡන්ති. තඤ්හි ඡට්ඨායතනඤ්ච සළායතනඤ්ච සළායතනන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
එහි පළමුකොට, යම් ආචාර්ය කෙනෙක්, ‘මේ උපාදින්නක පවත්ති කථා (කර්ම ඵල වශයෙන් ලත් ජීවිත ප්රවෘත්ති කථා) යයි ගෙන ප්‍රත්‍යයද ප්රත්යයෝත්පන්නයද ස්වසන්තතියට ඇතුළත් කොට දක්වත්ද, ඔවුහු ‘ඡට්ඨායතන පච්චයා ඵස්සො’ (සවන (මන) ආයතනය ප්‍රත්‍යය කොට ගෙන ඵස්සය වේ) යන (අභිධම්ම භාජනීය) පාළි අනුසාරයෙන්, අරූප භවයෙහිදී සවන ආයතනයද, සෙසු තන්හිදී සියල්ල සංග්‍රහ කොට ගත් ෂඩායතනයද එයට ප්‍රත්‍යය වෙති’යි ඒක දේශයෙකින් ස්වරූප ඒකශේෂ කොට සවන ආයතනය හා සමග චක්ඛු ආදී අභ්‍යන්තර ආයතන (පස) සළායතන වශයෙන් රිසි වෙති. එසේ ගන්නා ලද සවන ආයතනයද, ෂඩ් ආයතනයෝද සළායතන සංඛ්‍යාවටම යෙති.
යෙ පන පච්චයුප්පන්නමෙව එකසන්තතිපරියාපන්නං දීපෙන්ති, පච්චයං පන භින්නසන්තානම්පි, තෙ යං යං ආයතනං ඵස්සස්ස පච්චයො හොති, තං සබ්බම්පි දීපෙන්තා බාහිරම්පි පරිග්ගහෙත්වා තදෙව ඡට්ඨෙන සහ අජ්ඣත්තං බාහිරෙහිපි රූපායතනාදීහි සද්ධිං සළායතනන්ති ඉච්ඡන්ති. තම්පි හි ඡට්ඨායතනඤ්ච සළායතනඤ්ච සළායතනන්ති එතෙසං එකසෙසෙ කතෙ සළායතනන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
යම් ආචාර්ය කෙනෙක් වනාහි, හුදෙක් ප්‍රත්‍යයෝත්පන්න ධර්මයන්ම ඒකසන්තති (එකම සන්තියකට අයත්වූවන්) වශයෙන්ද, ප්‍රත්‍යය ධර්මයන් භින්න සන්තති (වෙනත් සන්තතියකට අයත් වූවන්) වශයෙන්ද දීපනය කෙරෙත්ද, ඔවුහු යම් යම් ආයතනයක් ඵස්සයට ප්‍රත්‍යය වේනම්, ඒ සියල්ලම දක්වමින්, බාහිර ආයතන සවන (මන) ආයතනය සමගද, (චක්ඛු ආදී) අභ්‍යන්තර ආයතන (රූපාදී) බාහිර ආයතන සමගද ගෙන සළායතන වශයෙන් රිසි වෙති. මෙසේ එකී සවන (මන) ආයතනයද, ෂඩ් ආයතනයද යන දෙක ඒකශේෂ කළ කල්හි සළායතන සංඛ්‍යාවටම යෙයි.
එත්ථාහ – න සබ්බායතනෙහි එකො ඵස්සො සම්භොති, නාපි එකම්හා ආයතනා සබ්බෙ ඵස්සා, අයඤ්ච සළායතනපච්චයා ඵස්සොති එකොව වුත්තො, සො කස්මාති. තත්රිදං විස්සජ්ජනං – සච්චමෙතං, සබ්බෙහි එකො, එකම්හා වා සබ්බෙ න සම්භොන්ති, සම්භොති පන අනෙකෙහි එකො. යථා චක්ඛුසම්ඵස්සො චක්ඛායතනා රූපායතනා චක්ඛුවිඤ්ඤාණසඞ්ඛාතා මනායතනා අවසෙසසම්පයුත්තධම්මායතනා චාති එවං සබ්බත්ථ යථානුරූපං යොජෙතබ්බං. තස්මා එව හි,
මෙහිලා චෝදනාවක් (පැනයක්) නඟති, එනම්: සියලු ආයතනයන්ගෙන් එක්ම ඵස්සයක් හෝ එක් ආයතනයෙකින් ඵස්සයන් සියල්ලම හෝ නොහටගනී; එහෙත් මේ පදය ‘සළායතන පච්චයා පස්සො’යි එකක්ම කියයි. ඒ කවර හෙයින්ද? යනුවෙනි. මේ එහි පරිහාරය (විසඳීම) යි:- මෙය සැබවි, සියල්ලෙන්ම එකක් හෝ එකෙකින් සියල්ලම හෝ නොහට ගනියි; නොයෙක් ආයතනයන්ගෙන් එක් ඵස්සයක් හටගනීමැයි, යම්සේ චක්ඛු සම්ඵස්සය චක්ඛායතන රූපායතන, චක්ඛු විඤ්ඤාණ සංඛ්‍යාත මනායතන, අවශේෂ සම්පයුත්ත ධම්මායතන යන මේ අනේක ආයතනයන්ගෙන් හටගනීද, එසේය, සියලු තන්හි මෙසේ සුදුසු පරිද්දෙන් යෙදිය යුතුය. එහෙයින්ම:
එකොපනෙකායතනප්පභවො ඉති දීපිතො; ඵස්සොයං එකවචනනිද්දෙසෙනීධ තාදිනා.
එකො පනායතනප්පභවො ඉති දීපිතො ඵස්සොයං එකවචන නිද්දෙසෙනිධ තාදිනා
මෙහිලා ඒකවචන කොට දැක්වීමෙන් මෙකී ඵස්සය එකක්වද අනේකායතනයන්ගෙන් වියහැකි බව තාදීවූ තතු දත් බුදුරදුන් විසින් දක්වන ලදි.
එකවචනනිද්දෙසෙනාති සළායතනපච්චයා ඵස්සොති ඉමිනා එකවචනනිද්දෙසෙන අනෙකෙහි ආයතනෙහි එකො ඵස්සො හොතීති තාදිනා දීපිතොති අත්ථො. ආයතනෙසු පන,
‘ඒකවචන නිද්දේසෙන’ යනු, ‘සළායතන පච්චයා ඵස්සො’ යන මෙහි ‘ඵස්සො’ යයි ඒකවචනයෙන් දැක්වීමෙන් අනේක ආයතනයන්ගෙන් එක් ඵස්සයක් වුවද වෙතැ’යි තතුදත් බුදුරදුන් විසින් දක්වන ලදැ’යි යන අර්‍ත්‍ථයි. ආයතනයන් අතුරෙන් වනාහි:-
ඡධා පඤ්ච තතො එකං, නවධා බාහිරානි ඡ; යථාසම්භවමෙතස්ස, පච්චයත්තෙ විභාවයෙ.
ඡධා පඤ්ච තතො එකං නවධා බාහිරානි ඡ යථා සම්භවමෙතස්ස පච්චයත්තෙ විභාවයෙ.
(චක්ඛායතනාදී) පස ස-අයුරෙකින්ද, ඉක්බිති එක්ම (විපාක මනායතනය) නව අයුරෙකින්ද, බාහිර (රූපාදී) ආයතන සය සුදුසු පරිදිද මේ (ඵස්සයට) ප්‍රත්‍යය භාවයෙහිලා විවරණ කරන්නේයි.
තත්රායං විභාවනා – චක්ඛායතනාදීනි තාව පඤ්ච චක්ඛුසම්ඵස්සාදිභෙදතො පඤ්චවිධස්ස ඵස්සස්ස නිස්සයපුරෙජාතින්ද්රියවිප්පයුත්තඅත්ථිඅවිගතවසෙන ඡධා පච්චයා හොන්ති. තතො පරං එකං විපාකමනායතනං අනෙකභෙදස්ස විපාකමනොසම්ඵස්සස්ස සහජාතඅඤ්ඤමඤ්ඤනිස්සයවිපාකාහාරඉන්ද්රියසම්පයුත්තඅත්ථිඅවිගතවසෙන නවධා පච්චයො හොති. බාහිරෙසු පන රූපායතනං චක්ඛුසම්ඵස්සස්ස ආරම්මණපුරෙජාතඅත්ථිඅවිගතවසෙන චතුධා පච්චයො හොති. තථා සද්දායතනාදීනි සොතසම්ඵස්සාදීනං. මනොසම්ඵස්සස්ස පන තානි ච ධම්මායතනඤ්ච තථා ච ආරම්මණපච්චයමත්තෙනෙව චාති එවං බාහිරානි ඡ යථාසම්භවමෙතස්ස පච්චයත්තෙ විභාවයෙති.
මේ එහි විවරණයයි: පළමුකොට චක්ඛු ආදී වූ ආයතන පස චක්ඛු සම්ඵස්ස ආදී භේද වශයෙන් පංචවිධ වූ ඵස්සයම නිස්සය, පුරේජාත, ඉන්ද්රිය, විප්පයුත්ත, අත්ථි, අවිගත යන ප්‍රත්‍යය වශයෙන් ස-අයුරෙකින් ප්‍රත්‍යය වේ; එයින් අන්‍ය වූ එක්ම විපාක මනායතනය නොයෙක් ප්‍රභේද ඇති විපාක මනෝ සම්ඵස්සයට සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ආහාර, ඉන්ද්රිය, සම්පයුත්ත, අත්ථි, අවිගත යන ප්‍රත්‍යය වශයෙන් නව අයුරෙකින් ප්‍රත්‍යය වේ. බාහිර ආයතනයන් අතුරෙන් රූපායතනය චක්ඛු සම්ඵස්සයට ආරම්මණ, පුරේජාත, අත්ථි, අවිගත යන ප්‍රත්‍යය වශයෙන් සිවු අයුරෙකින් ප්‍රත්‍යය වේ; සද්දායතන ආදියද සෝත සම්ඵස්ස ආදියට එසේය. මනෝසම්ඵස්සයට වනාහි ඒ රූපායතනාදිය හා ධම්මාරම්මණයද හුදෙක් ආරම්මණ ප්‍රත්‍යය වශයෙන්ම ප්‍රත්‍යය වේ. මෙසේ බාහිර ආයතන සය ප්‍රත්‍යය භාවයෙහිදී සුදුසු පරිදි විවරණ කළයුතු වේ.
අයං “සළායතනපච්චයා ඵස්සො”ති පදස්මිං විත්ථාරකථා.
මේ ‘සළායතන පච්චයා ඵස්සො’ යන පදයෙහි විස්තර කථායි.