නාමරූපපච්චයාසළායතනපදවිත්ථාරකථා
නාමරූපපච්චයාසළායතනපදවිත්ථාරකථා
නාමරූපපච්චයාසළායතනපදවිත්ථාරකථා
නාමරූපපච්චයා සළායතනපදෙ –
“නාමරූප පච්චයා සළායතනං’’ යන පදයෙහි:-
නාමං ඛන්ධත්තයං රූපං, භූතවත්ථාදිකං මතං; කතෙකසෙසං තං තස්ස, තාදිසස්සෙව පච්චයො.
නාමං ඛන්ධත්තයං රූපං භූතවත්ථාදිකං මතං කතෙකසෙසං තං තස්ස තාදිසස්සෙව පච්චයො
‘නාමං’ යනු (වේදනා ආදී) ස්කන්ධත්රයයිද, ‘රූපං’ යනු, මහාභූත හා වස්තු ආදියයිද දන්නා ලදි. ඒකශේෂ කරන ලද යම් (නාමයක් හෝ රූපයක්) වේද, එය එවැනිම වූ ආයතනයට ප්‍රත්‍යය වේ.
යඤ්හෙතං සළායතනස්සෙව පච්චයභූතං නාමරූපං, තත්ථ නාමන්ති වෙදනාදික්ඛන්ධත්තයං, රූපං පන සසන්තතිපරියාපන්නං නියමතො චත්තාරි භූතානි ඡ වත්ථූනි ජීවිතින්ද්රියන්ති එවං භූතවත්ථාදිකං මතන්ති වෙදිතබ්බං. තං පන නාමඤ්ච රූපඤ්ච නාමරූපඤ්ච නාමරූපන්ති එවං කතෙකසෙසං ඡට්ඨායතනඤ්ච සළායතනඤ්ච සළායතනන්ති එවං කතෙකසෙසස්සෙව සළායතනස්ස පච්චයොති වෙදිතබ්බං. කස්මා? යස්මා ආරුප්පෙ නාමමෙව පච්චයො, තඤ්ච ඡට්ඨායතනස්සෙව න අඤ්ඤස්ස. “නාමපච්චයා ඡට්ඨායතන”න්ති (විභ· 322) හි විභඞ්ගෙ වුත්තං.
සළායතනයට ප්‍රත්‍යයවූ යම් මේ නාමරූපයක් වේද, එහි, ‘නාම’ යනු වේදනා ආදීවූ ස්කන්ධත්රයයයි. ‘රූප’ නම් ස්ව-සන්තතියෙහි ඇතුළත් සතර මහාභූතය, ෂඩ්-වස්තුය, ජීවිතේන්ද්රියය යන මේ භූත වස්තු ආදිය වශයෙන් දන්නාලදැයි දතයුතුය. එය වනාහි නාමය, රූපය, නාම-රූපයයි මෙසේ ඒකශේෂ කරන ලද ෂෂ්ටායතනයද ෂඩායතනයටම ප්‍රත්‍යය වෙති’යි දතයුතුය. කවර හෙයින්ද යත්, අරූපභවයෙහි හුදෙක් නාමයම ප්‍රත්‍යය වන හෙයින් හා එසේ ප්‍රත්‍යය වනුයේද ෂෂ්ටායතනයටම මිස අනෙකකට නොවන හෙයිනි. ‘නාම පච්චයා ඡට්ඨායතනං’ (නාමය ප්‍රත්‍යය කොට ගෙන සවැනි ආයතනය වෙති’යි’) විභඞ්ගයෙහි කියන ලදමැයි.
තත්ථ සියා – කථං පනෙතං ජානිතබ්බං “නාමරූපං සළායතනස්ස පච්චයො”ති? නාමරූපභාවෙ භාවතො. තස්ස තස්ස හි නාමස්ස රූපස්ස ච භාවෙ තං තං ආයතනං හොති, න අඤ්ඤථා. සා පනස්ස තබ්භාවභාවිතා පච්චයනයස්මිං යෙව ආවිභවිස්සති. තස්මා,
එහිලා මෙවන් පැනයක් නැගිය හැකිය:- නාමරූපය ෂඩායතනයට ප්‍රත්‍යය වෙති’යි යන මෙය කෙසේ දතහැකිද? යනුවෙනි. නාමරූපයන් ඇති කල්හිම (සළායතනයන්) වන හෙයිනි. ඒ ඒ නාමයද රූපයද ඇති කල්හි මිස අන් ලෙසකින් ඒ ඒ ආයතනය, නොවන හෙයිනි. (ෂඩායතනයන් පිළිබඳ වූ) එම තද්භාව භාවිතාව (නාමරූපයන් ඇතිවිටම ආයතනයන් පහළ වීම පිළිබඳ විනිශ්චයය) මතු පච්චයනයයෙහිම පළට වන්නේය. එහෙයින්:-
පටිසන්ධියා පවත්තෙ වා, හොති යං යස්ස පච්චයො; යථා ච පච්චයො හොති, තථා නෙය්‍යං විභාවිනා.
පටිසන්ධියං පවත්තෙවා හොති යං යස්ස පච්චයො යථා ච පච්චයො හොති තථා නෙය්‍යං විභාවිනා
ප්රතිසන්ධියෙහි හෝ වේවා, පැවැත්මෙහි හෝ වේවා, යමක් යමකට ප්‍රත්‍යය වීමද, එසේ ප්‍රත්‍යය වන ආකාරයද නුවණැත්තහු විසින් විමසා දතයුතුය.
තත්රායමත්ථදීපනා –
එහි අර්ත්ථ ප්රකාශනය මෙසේයි:-
නාමමෙව හි ආරුප්පෙ, පටිසන්ධිපවත්තිසු; පච්චයො සත්තධා ඡධා, හොති තං අවකංසතො.
නාමමෙවහි ආරුප්පෙ පටිසන්ධි පවත්තිසු පච්චයො සත්තධා ඡද්ධා හොති තං අවකංසතො
අරූප භවයෙහි වනාහි ප්රතිසන්ධි ප්රවෘත්ති යන දෙක්හිම හුදු නාමයම සත් ආකාරයෙකින් හෝ අවම වශයෙන් ස-ආකාරයෙකින් හෝ (ආයතනයනට) ප්‍රත්‍යය වේ.
කථං? පටිසන්ධියං තාව අවකංසතො සහජාතඅඤ්ඤමඤ්ඤනිස්සයසම්පයුත්තවිපාකඅත්ථිඅවිගතපච්චයෙහි සත්තධා නාමං ඡට්ඨායතනස්ස පච්චයො හොති. කිඤ්චි පනෙත්ථ හෙතුපච්චයෙන, කිඤ්චි ආහාරපච්චයෙනාති එවං අඤ්ඤථාපි පච්චයො හොති, තස්ස වසෙන උක්කංසාවකංසො වෙදිතබ්බො.
කෙසේද? යත්:- පළමුකොට, ප්‍රතිසන්‍ධියෙහිදී අවම වශයෙන් සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්පයුත්ත, විපාක, අත්ථි හා අවිගත වශයෙන් සත් ආකාරයෙකින් නාමය සවන (මන) ආයතනයට ප්‍රත්‍යය වේ. මෙම නාමයන් අතුරෙන් කිසිවක් හේතු ප්‍රත්‍යය වශයෙන්ද, කිසිවක් ආහාර ප්‍රත්‍යය වශයෙන්දැ’යි මෙසේ අන් ආකාරයෙකින්ද ප්‍රත්‍යය වේ. ඒ අනුසාරයෙන් උත්කර්ෂාවකර්ශය (උපරිම -අවමය) දතයුතුය.
පවත්තෙපි විපාකං වුත්තනයෙනෙව පච්චයො හොති, ඉතරං පන අවකංසතො වුත්තප්පකාරෙසු පච්චයෙසු විපාකපච්චයවජ්ජෙහි ඡහි පච්චයෙහි පච්චයො හොති. කිඤ්චි පනෙත්ථ හෙතුපච්චයෙන, කිඤ්චි ආහාරපච්චයෙනාති එවං අඤ්ඤථාපි පච්චයො හොති, තස්ස වසෙන උක්කංසාවකංසො වෙදිතබ්බො.
[missing trans]
අඤ්ඤස්මිම්පි භවෙ නාමං, තථෙව පටිසන්ධියං; ඡට්ඨස්ස ඉතරෙසං තං, ඡහාකාරෙහි පච්චයො.
අඤ්ඤස්මිම්පි භවෙ නාමං තථෙව පටිසන්ධියං ඡට්ඨස්ස ඉතරෙසං තං ඡහාකාරෙහි පච්චයො
අන්‍යවූ පංචවෝකාර භවයෙහිද, ප්‍රතිසන්‍ධියෙහිදී එම විපාක නාමය එසේම (සත් ආකාරයෙකින්) සවැන්නටද, ෂඩාකාරයෙකින් සෙසු ආයතන පසටද ප්‍රත්‍යය වේ.
ආරුප්පතො හි අඤ්ඤස්මිම්පි පඤ්චවොකාරභවෙ තං විපාකනාමං හදයවත්ථුනො සහායං හුත්වා ඡට්ඨස්ස මනායතනස්ස යථා ආරුප්පෙ වුත්තං, තථෙව අවකංසතො සත්තධා පච්චයො හොති. ඉතරෙසං පන තං පඤ්චන්නං චක්ඛායතනාදීනං චතුමහාභූතසහායං හුත්වා සහජාතනිස්සයවිපාකවිප්පයුත්තඅත්ථිඅවිගතවසෙන ඡහාකාරෙහි පච්චයො හොති. කිඤ්චි පනෙත්ථ හෙතුපච්චයෙන, කිඤ්චි ආහාරපච්චයෙනාති එවං අඤ්ඤථාපි පච්චයො හොති, තස්ස වසෙන උක්කංසාවකංසො වෙදිතබ්බො.
අරූපභවය හැර සෙසු පංචවෝකාර භවයෙහි එම විපාක නාමය හදය වත්ථු රූපයට සහායවීමෙන්, අරූප භව විෂයයෙහි සවන (මන) ආයතනය පිළිබඳව කී නයින්ම අවම වශයෙන් සත් ආකාරයෙකින් ප්‍රත්‍යය වේ. චක්ඛු ආදී වූ සෙසු (ආයතන) පස විෂයයෙහි සතර මහාභූතයනට සහායව සහජාත, නිස්සය, විපාක, විප්පයුත්ත අත්ථි හා අවිගත වශයෙන් ෂඩාකාරයෙකින් ප්‍රත්‍යය වේ; එම නාමයන් අතුරෙන් කිසිවක් හේතු ප්‍රත්‍යය වශයෙන්ද, කිසිවක් ආහාර ප්‍රත්‍යය වශයෙන්දැ’යි මෙසේ අන් අයුරකින්ද ප්‍රත්‍යය වේ. ඒ අනුසාරයෙන් උපරිම අවමය දතයුතුය.
පවත්තෙපි තථා හොති, පාකං පාකස්ස පච්චයො; අපාකං අවිපාකස්ස, ඡධා ඡට්ඨස්ස පච්චයො.
පවත්තෙපි තථා හොති පාකං පාකස්ස පච්චයො, අපාකමවිපාකස්ස ඡධා ඡට්ඨස්ස පච්චයො
ප්‍රවෘත්තියෙහි (පැවැත්මෙහි) ද එම ආකාරයෙන්ම විපාක නාමය විපාක වූ (මන) ආයතනයට ප්‍රත්‍යය වේ; අවිපාක නාමය අවිපාක වූ සවන (මන) ආයතනයට සය ආකරයෙකින් ප්‍රත්‍යය වේ.
පවත්තෙපි හි පඤ්චවොකාරභවෙ යථා පටිසන්ධියං, තථෙව විපාකනාමං විපාකස්ස ඡට්ඨායතනස්ස අවකංසතො සත්තධා පච්චයො හොති. අවිපාකං පන අවිපාකස්ස ඡට්ඨස්ස අවකංසතොව තතො විපාකපච්චයං අපනෙත්වා ඡධා පච්චයො හොති. වුත්තනයෙනෙව පනෙත්ථ උක්කංසාවකංසො වෙදිතබ්බො.
ප්රවෘත්තියෙහිදී- වනාහි, පංචවෝකාර භවයෙහි ප්‍රතිසන්‍ධියෙහිදී යම් සේද, එසේම විපාක නාමය විපාක වූ සවන ආයතනයට අවම වශයෙන් සත් ආකාරයෙකින් ප්‍රත්‍යය වේ; අවිපාක නාමය වනාහි අවිපාක වූ සවන ආයතනයට එයින් (එකී සත් ආකාරයෙන්) විපාක ප්‍රත්‍යය හැර, අවම වශයෙන් ස-ආකාරයෙකින් ප්‍රත්‍යය වේ. මෙහි උපරිම-අවම ආකාරය කියන ලද නයින්ම දතයුතුය.
තත්ථෙව සෙසපඤ්චන්නං, විපාකං පච්චයො භවෙ; චතුධා අවිපාකම්පි, එවමෙව පකාසිතං.
තත්ථෙව සෙඩපඤ්චන්නං විපාකං පච්චයො භවෙ චතුධා අවිපාකම්පි එවමෙව පකාසිතං
එහි (පැවැත්මෙහි) දීම, සෙසු චක්ෂුරායතනාදී පසට විපාක නාමය සිවු අයුරෙකින් ප්‍රත්‍යය වේ; අවිපාක නාමයද එසේම (ප්‍රත්‍යය) වෙති’යි ප්‍රකාශිතයි.
තත්ථෙව හි පවත්තෙ සෙසානං චක්ඛායතනාදීනං පඤ්චන්නං චක්ඛුපසාදාදිවත්ථුකං ඉතරම්පි විපාකනාමං පච්ඡාජාතවිප්පයුත්තඅත්ථිඅවිගතපච්චයෙහි චතුධා පච්චයො හොති. යථා ච විපාකං, අවිපාකම්පි එවමෙව පකාසිතං. තස්මා කුසලාදිභෙදම්පි තෙසං චතුධා පච්චයො හොතීති වෙදිතබ්බං. එවං තාව නාමමෙව පටිසන්ධියං පවත්තෙ වා යස්ස යස්ස ආයතනස්ස පච්චයො හොති, යථා ච පච්චයො හොති, තථා වෙදිතබ්බං.
එම පැවැත්මෙහිදීම ඉතිරි චක්ෂුරායතනාදී පංචකයට චක්ඛුප්පසාදාදිය වස්තුකොට ඇති අන්‍ය වූ විපාක නාමයද පච්ඡාජාත, විප්පයුත්ත, අත්ථි හා අවිගත ප්‍රත්‍යය වශයෙන් සිවු අයුරෙකින් ප්‍රත්‍යය වේ. විපාක නාමය යම්සේද, අවිපාක නාමයද එසේම වෙති’යි ප්‍රකාශිතයි. එහෙයින් කුශලාදී භේද ඇති එම නාමයද පංචායතනයනට සිවු අයුරෙකින් ප්‍රත්‍යය වෙති’යි දතයුතුය. මෙසේ පළමුකොට (හුදු) නාමයම ප්රතිසන්ධියෙහි හෝ වේවා, ප්‍රවෘත්තියෙහි (පැවැත්මෙහි) හෝ වේවා, යම් යම් ආයතනයකට ප්‍රත්‍යය වේද, (එසේම) යම් යම් ආකාරයෙකින් ප්‍රත්‍යය වේද, ඒ ඒ ආකාරයෙන් දතයුතුය.
රූපං පනෙත්ථ ආරුප්පෙ, භවෙ භවති පච්චයො; න එකායතනස්සාපි, පඤ්චක්ඛන්ධභවෙ පන.
රූපං පනෙත්ථ ආරුප්පෙ භව භවති පච්චයො න එකායතනස්සාපි පඤ්චක්ඛන්ධභවෙ පන
රූපතො සන්ධියං වත්ථු, ඡධා ඡට්ඨස්ස පච්චයො; භූතානි චතුධා හොන්ති, පඤ්චන්නං අවිසෙසතො.
රූපකො සන්ධියං වත්ථු ඡධා ඡට්ඨස්ස පච්චයො භූතානි චතුධා හොන්ති පඤ්චන්නං අවිස්සෙතො
මෙහි, අරූප භවයෙහිදී වනාහි රූපය එකදු ආයතනයකට ප්‍රත්‍යය නොවේ. පංචස්කන්ධ භවයෙහිදී වනාහි,
රූපයන් අතුරෙන් වස්තු රූපය ප්‍රතිසන්‍ධියෙහිදී සවන ආයතනයට ස-අයුරෙකින් ප්‍රත්‍යය වේ; භූතරූප සතර අවිශේෂයෙන් ආයතන පසට සිවුඅයුරෙකින් ප්‍රත්‍යය වේ.
රූපතො හි පටිසන්ධියං වත්ථුරූපං ඡට්ඨස්ස මනායතනස්ස සහජාතඅඤ්ඤමඤ්ඤනිස්සයවිප්පයුත්තඅත්ථිඅවිගතපච්චයෙහි ඡධා පච්චයො හොති. චත්තාරි පන භූතානි අවිසෙසතො පටිසන්ධියං පවත්තෙ ච යං යං ආයතනං උප්පජ්ජති, තස්ස තස්ස වසෙන පඤ්චන්නම්පි චක්ඛායතනාදීනං සහජාතනිස්සයඅත්ථිඅවිගතපච්චයෙහි චතුධා පච්චයා හොන්ති.
රූපයන් අතුරෙන් වස්තු රූපය ප්‍රතිසන්‍ධියෙහිදී සවන ආයතනයට සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විප්පයුත්ත, අත්ථි, හා අවිගත වශයෙන් ස-අයුරෙකින් ප්‍රත්‍යය වේ. මහා භූතරූප සතර වනාහි, අවිශේෂයෙන් ප්රතිසන්ධියෙහි මෙන්ම ප්‍රවෘත්තියෙහිද, යම් යම් ආයතනයක් උපදීද, ඒ ඒ ආයතනයට යෝග්‍ය වන සේ චක්ෂුරාදී වූ ආයතන පසටම සහජාත, නිස්සය, අත්ථි හා අවිගත වශයෙන් සිවුඅයුරෙකින් ප්‍රත්‍යය වේ.
තිධා ජීවිතමෙතෙසං, ආහාරො ච පවත්තියං; තානෙව ඡධා ඡට්ඨස්ස, වත්ථු තස්සෙව පඤ්චධා.
තිධා ජීවිත මෙතෙසං ආහාරො ච පවත්තියං තානෙව ඡද්ධා ඡට්ඨස්ස වත්ථු තස්සෙව පඤ්චධා
මේ ආයතන පසට ජීවිතේන්ද්රියය මෙන්ම ආහාර රූපයද තුන් අයුරෙකින් ප්‍රත්‍යය වේ. සවන ආයතනයට ඒ දෙකම ස-අයුරෙකින් ප්‍රත්‍යය වේ. වස්තුරූපය එයටම පස් අයුරෙකින් ප්‍රත්‍යය වේ.
එතෙසං පන චක්ඛාදීනං පඤ්චන්නං පටිසන්ධියං පවත්තෙ ච අත්ථි අවිගතඉන්ද්රියවසෙන රූපජීවිතං තිධා පච්චයො හොති. ආහාරො ච අත්ථිඅවිගතාහාරවසෙන තිවිධා පච්චයො හොති, සො ච ඛො යෙ සත්තා ආහාරූපජීවිනො, තෙසං ආහාරානුගතෙ කායෙ පවත්තියංයෙව, නො පටිසන්ධියං. තානි පන පඤ්ච චක්ඛායතනාදීනි ඡට්ඨස්ස චක්ඛු සොතඝානජිව්හාකායවිඤ්ඤාණසඞ්ඛාතස්ස මනායතනස්ස නිස්සයපුරෙජාතඉන්ද්රියවිප්පයුත්තඅත්ථිඅවිගතවසෙන ඡහාකාරෙහි පච්චයා හොන්ති පවත්තෙ, නො පටිසන්ධියං. ඨපෙත්වා පන පඤ්චවිඤ්ඤාණානි තස්සෙව අවසෙසමනායතනස්ස වත්ථුරූපං නිස්සයපුරෙජාතවිප්පයුත්තඅත්ථිඅවිගතවසෙන පඤ්චධා පච්චයො හොති පවත්තෙයෙව, නො පටිසන්ධියං. එවං රූපමෙව පටිසන්ධියං පවත්තෙ වා යස්ස යස්ස ආයතනස්ස පච්චයො හොති, යථා ච පච්චයො හොති, තථා වෙදිතබ්බං.
මේ චක්ෂුරාදීවූ මේ ආයතන පසට, ප්‍රතිසන්‍ධියෙහිදී මෙන්ම ප්රවෘත්තියෙහිදීද ජීවිතින්ද්රිය රූපය අත්ථි, අවිගත හා ඉන්ද්රිය වශයෙන් තුන් අයුරෙකින් ප්‍රත්‍යය වේ. ආහාර රූපයද අත්ථි, අවිගත, ආහාර වශයෙන් තුන් අයුරෙකින් ප්‍රත්‍යය වේ; එම ආහාර රූපයද, ආහාරයෙන් ජීවත් වන යම් සත්ව කෙනෙක් වෙත්ද, ඔවුන්ගේ කය ආහාරයට අනුව හැඩ ගැසුණ කල්හි ප්‍රවෘත්තියෙහි (පැවැත්මෙහි) දීම ප්‍රත්‍යය වේ. ප්‍රතිසන්‍ධියෙහිදී ප්‍රත්‍යය නොවේ. චක්ෂුරාදී වූ ඒ ආයතන පස චක්ඛු-සෝත-ඝාණ- ජිව්හා-කායවිඤ්ඤාණ සංඛ්‍යාත සවන මනායතනයට නිස්සය, පුරේජාත, ඉන්ද්රිය, විප්පයුත්ත, අත්ථි හා අවිගත වශයෙන් ස-අයුරෙකින් පැවැත්මෙහිදී ප්‍රත්‍යය වේ. ප්‍රතිසන්‍ධියෙහිදී ප්‍රත්‍යය නොවේ. මෙකී (චක්ඛු විඤ්ඤාණ ආදී) විඤ්ඤාණ පස හැර ශේෂ වූ එම මන-ආයතනයටම, වත්ථුරූපය නිස්සය, පුරේජාත, විප්පයුත්ත, අත්ථි හා අවිගත වශයෙන් පස් අයුරෙකින් පැවැත්මෙහිදීම පමණක් ප්‍රත්‍යය වේ. ප්‍රතිසන්‍ධියෙහිදී ප්‍රත්‍යය නොවේ. මෙසේ රූපයම පමණක්, ප්‍රතිසන්‍ධියෙහිදී හෝ වේවා, ප්‍රවෘත්තියෙහි (පැවැත්මෙහි) දී හෝ වේවා, යම් යම් ආයතනයකට යම් යම් ආකාරයෙකින් ප්‍රත්‍යය වේද, එසේ දතයුතුය.
නාමරූපං පනුභයං, හොති යං යස්ස පච්චයො; යථා ච තම්පි සබ්බත්ථ, විඤ්ඤාතබ්බං විභාවිනා.
නාමරූපං පනුභයං හොති යං යස්ස පච්චයො යථා ච තම්පි සබ්බත්ථ විඤ්ඤාතබ්බං විභාවිනා.
නාමරූප යන දෙක්හිම, යමක් යමකට ප්‍රත්‍යය වේනම් එයද, යම් ආකාරයෙකින් ප්‍රත්‍යය වේනම් එයදැයි යනුවෙන් සියලු තන්හි නුවණැත්තහු විසින් විමසා දතයුතුය.
සෙය්යථිදං . පටිසන්ධියං තාව පඤ්චවොකාරභවෙ ඛන්ධත්තයවත්ථුරූපසඞ්ඛාතං නාමරූපං ඡට්ඨායතනස්ස සහජාතඅඤ්ඤමඤ්ඤනිස්සයවිපාකසම්පයුත්තවිප්පයුත්තඅත්ථිඅවිගතපච්චයාදීහි පච්චයො හොතීති. ඉදමෙත්ථ මුඛමත්තං. වුත්තනයානුසාරෙන පන සක්කා සබ්බං යොජෙතුන්ති න එත්ථ විත්ථාරො දස්සිතොති.
ඒ මෙසේයි:- පළමුකොට ප්‍රතිසන්‍ධියෙහිදී, පංචවෝකාර භවයෙහි, (නාම) ස්කන්ධ තුනද වස්තුරූපයයි, කියන ලද මේ නාමරූපය සවන ආයතනයට සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, සම්පයුත්ත, විප්පයුත්ත, අත්ථි, අවිගත ආදී වශයෙන් ප්‍රත්‍යය වේ; මේ මෙහිලා සංක්ෂේප මාත්‍රයෙකි. කියනලද නයින් සියල්ල යොදා ගතහැකි හෙයින් මෙහි විස්තර නොදක්වන ලදි.
අයං “නාමරූපපච්චයා සළායතන”න්ති පදස්මිං විත්ථාරකථා.
මේ “නාමරූප පච්චයා සළායතනං” යන පදයෙහි විස්තර කථායි.