යෙදුමෙන් කියවන්න

විඤ‍්ඤාණපච‍්චයානාමරූපපදවිත්‍ථාරකථා

විඤ‍්ඤාණපච‍්චයානාමරූපපදවිත්‍ථාරකථා

විඤ්ඤාණපච්චයානාමරූපපදවිත්ථාරකථා

විඤ‍්ඤාණපච‍්චයා නාමරූපපදෙ –

‘විඤ්ඤාණ පච්චයා නාමරූපං’ යන පදයෙහි:-

විභාගා නාමරූපානං, භවාදීසු පවත‍්තිතො; සඞ‍්ගහා පච‍්චයනයා, විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

විභාග නාමරූපානං භවාදිසු පවත්තිතො, සඞ්ගහා පච්චයනයා විඤ්ඤාතබ්බො විනිච්ඡයො

නාමරූපයන්ගේ විභාග වශයෙන්ද, භව ආදියෙහි ප්‍රවෘත්ති වශයෙන්ද, සංග්‍රහ වශයෙන්ද, ප්‍රත්‍යය නය වශයෙන්ද විනිශ්චය දතයුත්තේය.

විභාගා නාමරූපානන‍්ති එත්‍ථ හි නාමන‍්ති ආරම‍්මණාභිමුඛං නමනතො වෙදනාදයො තයො ඛන්‍ධා, රූපන‍්ති චත‍්තාරි මහාභූතානි චතුන‍්නඤ‍්ච මහාභූතානං උපාදායරූපං. තෙසං විභාගො ඛන්‍ධනිද‍්දෙසෙ වුත‍්තොයෙවාති. එවං තාවෙත්‍ථ විභාගා නාමරූපානං විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

‘විභාගා නාමරූපානං” යන මෙහි වනාහි, ‘නාමං’ යනු, අරමුණට අභිමුඛව නැමෙන හෙයින් වේදනා ආදීවූ ස්කන්‍ධත්‍රයයි; ‘රූපං’ යනු, සතර මහාභූත හා සතර මහා භූතයන් හා බැඳුණු උපාදාය රූපයි; ඔවුන්ගේ විභාගය ඛන්‍ධ නිද්දේසයෙහි කියන ලද්දේමය. මෙසේ මෙහි පළමුකොට නාමරූපයන් පිළිබඳ විභාග වශයෙන් විනිශ්චය දතයුතුය.

භවාදීසු පවත‍්තිතොති එත්‍ථ ච නාමං එකං සත‍්තාවාසං ඨපෙත්‍වා සබ‍්බභවයොනිගතිවිඤ‍්ඤාණට‍්ඨිතිසෙසසත‍්තාවාසෙසු පවත‍්තති, රූපං ද‍්වීසු භවෙසු, චතූසු යොනීසු, පඤ‍්චසු ගතීසු, පුරිමාසු චතූසු විඤ‍්ඤාණට‍්ඨිතීසු, පඤ‍්චසු සත‍්තාවාසෙසු පවත‍්තති.

‘භවාදිසු පවත්තිතො’ යන මෙහිද, නාමය එක් සත්‍වාවාසයක් (අසඤ්ඤසත්තය) හැර සියලු භව-යෝනි-ගති-විඤ්ඤාණට්ඨිතීන් හා සෙසු සත්‍වාවාසයන්හි පවතී; රූපය (අරූපභවය හැර ඉතිරි) භව දෙකෙහිද, යෝනි සතරෙහිද, ගති පසෙහිද, ප්‍රථම විඤ්ඤාණට්ඨිති සතරෙහිද, සත්‍වාවාස පසෙක්හිද පවතී.

එවං පවත‍්තමානෙ ච එතස‍්මිං නාමරූපෙ යස‍්මා අභාවකගබ‍්භසෙය්‍යකානං අණ‍්ඩජානඤ‍්ච පටිසන්‍ධික‍්ඛණෙ වත්‍ථුකායදසකවසෙන රූපතො ද‍්වෙසන‍්තතිසීසානි, තයො ච අරූපිනො ඛන්‍ධා පාතුභවන‍්ති, තස‍්මා තෙසං විත්‍ථාරෙන රූපරූපතො වීසති ධම‍්මා, තයො ච අරූපිනො ඛන්‍ධාති එතෙ තෙවීසති ධම‍්මා විඤ‍්ඤාණපච‍්චයා නාමරූපන‍්ති වෙදිතබ‍්බා. අග‍්ගහිතග‍්ගහණෙන පන එකසන‍්තතිසීසතො නව රූපධම‍්මෙ අපනෙත්‍වා චුද‍්දස. සභාවකානං භාවදසකං පක‍්ඛිපිත්‍වා තෙත‍්තිංස, තෙසම‍්පි අග‍්ගහිතග‍්ගහණෙන සන‍්තතිසීසද‍්වයතො අට‍්ඨාරස රූපධම‍්මෙ අපනෙත්‍වා පන‍්නරස.

මෙසේ පවත්නාවූද මේ නාමරූප විෂයයෙහි, යම්හෙයකින් අභාවක (භාවරූප රහිත) ගබ්භ සෙය්‍යකයන් (මව්කුස හොත්තවුන්) හටද, අණ්ඩජයන්හටද, ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි, වස්තු-කාය දශක වශයෙන්, රූපයන් අතුරෙන් සන්තති කලාප දෙකක්ද, අරූපී (නාම) ස්කන්‍ධ තුනක් පහළ වේද, එහෙයින් ඔවුනට විස්තර වශයෙන් රූප රූපයන්ගෙන් (නාමරූප) ධර්ම විස්සක්ද අරූප (නාම) ස්කන්‍ධ තුනක්දැයි යන මේ තෙවිස්ස විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් ඇතිවන නාමරූපයයි දතයුතුය. අ+ගහිත ගහණ (න+ගහිත ගහණ, වරක් ගන්නා ලද දෙය නැවත නොගැනීම්) වශයෙන් වනාහි එක් රූප කලාපයෙකින් රූප ධර්ම නවයක් හැර තුදුසෙකි. (ස්ත්‍රී පුරුෂ) භාවරූප සහිත ගබ්භ-සෙය්‍යකයනට භාවදශකයද ගෙන තෙතිසෙකි. එහිද අ-ගහිත ගහණ වශයෙන්, සන්තති කලාප දෙකෙන් අටළොසක් හළ විට පසළොසෙකි.

යස‍්මා ච ඔපපාතිකසත‍්තෙසු බ්‍රහ‍්මකායිකාදීනං පටිසන්‍ධික‍්ඛණෙ චක‍්ඛුසොතවත්‍ථුදසකානං, ජීවිතින්‍ද්‍රියනවකස‍්ස ච වසෙන රූපතො චත‍්තාරි සන‍්තතිසීසානි, තයො ච අරූපිනො ඛන්‍ධා පාතුභවන‍්ති, තස‍්මා තෙසං විත්‍ථාරෙන රූපරූපතො එකූනචත‍්තාලීස ධම‍්මා, තයො ච අරූපිනො ඛන්‍ධාති එතෙ බාචත‍්තාලීස ධම‍්මා විඤ‍්ඤාණපච‍්චයා නාමරූපන‍්ති වෙදිතබ‍්බා. අග‍්ගහිතග‍්ගහණෙන පන සන‍්තතිසීසත‍්තයතො සත‍්තවීසති ධම‍්මෙ අපනෙත්‍වා පන‍්නරස.

යම්හෙයකින් ඕපපාතික සත්‍වයන් අතුරින් බ්‍රහ්මකායිකාදීන්ගේ ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි, චක්‍ඛු-සෝත වත්‍ථුදසකයන්ගේද, ජීවිතින්‍ද්‍රිය නවක (ජීවිතින්‍ද්‍රියය නවවැන්න කොට ඇති) රූපයන්ගේද වශයෙන් රූපයන්ගෙන් සන්තති ශීර්ෂ සතරක්ද, අරූප ස්කන්‍ධ තුනක්ද පහළ වේද, එහෙයින් ඔවුන්හට විස්තර වශයෙන් රූපරූපයන්ගෙන් එකුන්සාළිස් ධර්මයක් හා සමග අරූප ස්කන්‍ධ තුනක්දැයි යන මේ දෙසාළිස් ධර්මයන් විඤ්ඤාණය ප්‍රත්‍යය කොට ඇති නාමරූපයයි දතයුතුය. අ-ගහිත ගහණයෙන් වනාහි සන්තතිශීර්ෂ තුනෙන් (තිසෙන්) සත්විසි ධර්මයන් හැර ඉතිරිය පසළොසෙකි.

කාමභවෙ පන යස‍්මා සෙසඔපපාතිකානං, සංසෙදජානං වා සභාවකපරිපුණ‍්ණායතනානං පටිසන්‍ධික‍්ඛණෙ රූපතො සත‍්ත සන‍්තතිසීසානි, තයො ච අරූපිනො ඛන්‍ධා පාතුභවන‍්ති, තස‍්මා තෙසං විත්‍ථාරෙන රූපරූපතො සත‍්තති ධම‍්මා, තයො ච අරූපිනො ඛන්‍ධාති එතෙ තෙසත‍්තති ධම‍්මා විඤ‍්ඤාණපච‍්චයා නාමරූපන‍්ති වෙදිතබ‍්බා. අග‍්ගහිතග‍්ගහණෙන පන රූපසන‍්තතිසීසඡක‍්කතො චතුපඤ‍්ඤාස ධම‍්මෙ අපනෙත්‍වා එකූනවීසති. එස උක‍්කංසො. අවකංසෙන පන තංතංරූපසන‍්තතිසීසවිකලානං තස‍්ස තස‍්ස වසෙන හාපෙත්‍වා හාපෙත්‍වා සඞ‍්ඛෙපතො විත්‍ථාරතො ච පටිසන්‍ධියං විඤ‍්ඤාණපච‍්චයා නාමරූපසඞ‍්ඛා වෙදිතබ‍්බා.

කාම භවයෙහි වනාහි, යම්හෙයකින්, (ස්ත්‍රී-පුරුෂ) භාවසහිත පරිපූර්ණ ආයතන ඇති සෙසු ඕපපාතිකයන්ගේ හෝ සංසෙදජයන්ගේ ප්‍රතිසන්‍ධියෙහි රූප වශයෙන් සන්තති ශීර්ෂ සතක්ද අරූප ස්කන්‍ධ තුනක්ද පහළ වේද, එහෙයින් ඔවුනට විතර වශයෙන් රුපරූප ධර්මයන්ගෙන් සැත්තෑවක්ද, අරූපස්කන්‍ධ තුනක්දැයි යන තෙසැත්තෑවක් ධර්මයන් විඤ්ඤාණය ප්‍රත්‍යය කොට ඇති නාම -රූපයයි දතයුතුය. අගහිතගහණයෙන් වනාහි, රූප සන්තති ශීර්ෂ සයෙකින් සුපණසක් ධර්මයන් හැර එකුන් විස්සෙකි. මේ උපරිමයයි. අවම වශයෙන් වනාහි, රූපසන්තති ශීර්ෂ විකල වූවන් අතුරෙන් එකිනෙක අඩු කරමින් මෙසේ සංක්‍ෂේප වශයෙන්ද, විස්තර වශයෙන්ද, ප්‍රතිසන්‍ධි ක්‍ෂණයෙහිදී විඤ්ඤාණය ප්‍රත්‍යයකොට වන නාමරූප සංඛ්‍යාව දතයුතුය.

අරූපීනං පන තයොව අරූපිනො ඛන්‍ධා. අසඤ‍්ඤීනං රූපතො ජීවිතින්‍ද්‍රියනවකමෙවාති. එස තාව පටිසන්‍ධියං නයො.

අරූපීන්හට වනාහි, අරූප ස්කන්‍ධ තුන පමණක් වේ; අසඤ්ඤීන්හට රූපයන්ගෙන් ජීවිතින්‍ද්‍රිය නවකය (ජීවිතින්‍ද්‍රියෙන් අවසන්වන භවය) පමණක් වේ. මේ ප්‍රතිසන්‍ධි විෂයයෙහි වූ නයයි.

පවත‍්තෙ පන සබ‍්බත්‍ථ රූපප‍්පවත‍්තිදෙසෙ පටිසන්‍ධිචිත‍්තස‍්ස ඨිතික‍්ඛණෙ පටිසන්‍ධිචිත‍්තෙන සහ පවත‍්තඋතුතො උතුසමුට‍්ඨානං සුද‍්ධට‍්ඨකං පාතුභවති. පටිසන්‍ධිචිත‍්තං පන රූපං න සමුට‍්ඨාපෙති. තඤ‍්හි යථා පපාතෙ පතිතපුරිසො පරස‍්ස පච‍්චයො හොතුං න සක‍්කොති, එවං වත්‍ථුදුබ‍්බලතාය දුබ‍්බලත‍්තා රූපං සමුට‍්ඨාපෙතුං න සක‍්කොති. පටිසන්‍ධිචිත‍්තතො පන උද‍්ධං පඨමභවඞ‍්ගතො පභුති චිත‍්තසමුට‍්ඨානං සුද‍්ධට‍්ඨකං, සද‍්දපාතුභාවකාලෙ පටිසන්‍ධික‍්ඛණතො උද‍්ධං පවත‍්තඋතුතො චෙව චිත‍්තතො ච සද‍්දනවකං, යෙ පන කබළීකාරාහාරූපජීවිනො ගබ‍්භසෙය්‍යකසත‍්තා, තෙසං,

ප්‍රවෘත්ති (ප්‍රතිසන්‍ධියෙහි පටන් චුතිය තෙක් වූ) කාලයෙහි රූපයන් පවත්නා සියලු තන්හි ප්‍රතිසන්‍ධි චිත්තය පිහිටි කෙණෙහිම, එම ප්‍රතිසන්‍ධි චිත්තය සමග පැවැති ඍතු (හෙවත් තේජෝ ධාතු)වෙන් ‘උතුසමුට්ඨාන’ ශුද්ධාෂ්ටකය පහළ වේ; ප්‍රතිසන්‍ධි චිත්තය වනාහි රූපයන් උපදවන්නේ නොවේ. එය වූකලී ප්‍රපාතයෙක්හි වැටුණු මිනිසකු අනෙකකුහට පිහිට වන්නට නොහැකි වන්නා සේ වස්තු දුර්වලතායෙන් දුර්වල වූ හෙයින් රූපයන් හටගැන්වීමට නොසමත් වේ; ප්‍රතිසන්‍ධි චිත්තයෙන් මතු ප්‍රථම භවාංගයෙහි පටන් චිත්තසමුට්ඨාන (සිතින් හටගන්නා) ශුද්ධාෂ්ටකයද, ශබ්දය පහළවූ කල ප්‍රතිසන්‍ධික්‍ෂණයෙන් මතු පැවැති සෘතු (තේජෝධාතු)වෙන් හා චිත්තයෙන් සද්ද නවකයද උපදියි. කබලිංකාරාහාරයෙන් ජීවත්වන ගබ්භසෙය්‍යක (මව්කුස හෝනා) යම් සත්‍ව කෙනෙක් වෙත්ද, ඔවුන් හට:-

“යඤ‍්චස‍්ස භුඤ‍්ජති මාතා, අන‍්නං පානඤ‍්ච භොජනං; තෙන සො තත්‍ථ යාපෙති, මාතුකුච‍්ඡිගතො නරො”ති. –

“යඤ්චස්ස භුඤ්ජති මාතා අන්නං පානඤ්ච භොජනං තෙන සො තත්‍ථ යාපෙති මතුකුච්ඡිගතො නරො’ති”

“මව්කුස හොත් ඒ සත්‍ව තෙමේ, තමාගේ මව යම් ආහාරයක්, පානයක්, භෝජනයක් අනුභව කරයිද, එයින් යැපේ” යයි

වචනතො මාතරා අජ‍්ඣොහරිතාහාරෙන අනුගතෙ සරීරෙ, ඔපපාතිකානං සබ‍්බපඨමං අත‍්තනො මුඛගතං ඛෙළං අජ‍්ඣොහරණකාලෙ ආහාරසමුට‍්ඨානං සුද‍්ධට‍්ඨකන‍්ති ඉදං ආහාරසමුට‍්ඨානස‍්ස සුද‍්ධට‍්ඨකස‍්ස, උතුචිත‍්තසමුට‍්ඨානානඤ‍්ච උක‍්කංසතො ද‍්වින‍්නං නවකානං වසෙන ඡබ‍්බීසතිවිධං, පුබ‍්බෙ එකෙකචිත‍්තක‍්ඛණෙ තික‍්ඛත‍්තුං උප‍්පජ‍්ජමානං වුත‍්තං කම‍්මසමුට‍්ඨානඤ‍්ච සත‍්තතිවිධන‍්ති ඡන‍්නවුතිවිධං රූපං, තයො ච අරූපිනො ඛන්‍ධාති සමාසතො නවනවුති ධම‍්මා. යස‍්මා වා සද‍්දො අනියතො කදාචිදෙව පාතුභාවතො, තස‍්මා දුවිධම‍්පි තං අපනෙත්‍වා ඉමෙ සත‍්තනවුති ධම‍්මා යථාසම‍්භවං සබ‍්බසත‍්තානං විඤ‍්ඤාණපච‍්චයා නාමරූපන‍්ති වෙදිතබ‍්බං. තෙසං හි සුත‍්තානම‍්පි පමත‍්තානම‍්පි ඛාදන‍්තානම‍්පි පිවන‍්තානම‍්පි දිවා ච රත‍්තිඤ‍්ච එතෙ විඤ‍්ඤාණපච‍්චයා පවත‍්තන‍්ති. තඤ‍්ච නෙසං විඤ‍්ඤාණපච‍්චයභාවං පරතො වණ‍්ණයිස‍්සාම.

කී හෙයින්, මව විසින් අනුභව කළ ආහාරය අනුව වැඩෙන ශරීරය තුළද, ඕපාතිකයනට, පළමුවෙන්ම තමාගේ මුව තුළ කෙළ ඉනූ කෙණෙහිද ආහාර සමුට්ඨාන ශුද්ධාෂ්ටකය පහළ වේ. මෙසේ ආහාර සමුට්ඨාන ශුද්ධාෂ්ටකයද, ඍතු-චිත්ත සමුට්ඨාන නවක දෙකදැ’යි යනුවෙන් මෙය උපරිම වශයෙන් සවිසිවැදෑරුම් වේ; ඉහත එක් එක් චිත්තක්‍ෂණයෙක්හි තුන් වරක් උපදිතැයි කියන ලද සැත්තෑ වැදෑරුම් කර්ම සමුට්ඨානයන්ද සමග සයානු වැදෑරුම් රූපයද, අරූප ස්කන්‍ධ තුනදැ’යි මෙසේ සමස්ත වශයෙන් නවානූවක් නාමරූප ධර්මයෝ වෙති. යම් හෙයකින් ශබ්දය අනියත වේද, ඇතැම් විටෙක පමණක් එහෙයින් දෙවැදෑරුම් වන එය හැර සත් අනූවක් වන මේ ධර්මයෝ යෙදෙන යෙදෙන පරිද්දෙන් සියලු සත්වයනට ‘විඤ්ඤාණ ප්‍රත්‍යයකොට ඇති නාමරූප’ යයි දතයුතුය. නිදන්නාවූද, පමා වන්නාවූද, කන්නාවූද, බොන්නාවූද සත්‍වයනට දිවාරෑ දෙක්හිම මේ නාම-රූප ධර්මයෝ විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් පවත්නාහ. ඔවුන්ගේ එම විඤ්ඤාණ ප්‍රත්‍යයභාවය පසුව විස්තර කරන්නමු.

යම‍්පනෙතමෙත්‍ථ කම‍්මජරූපං, තං භවයොනිගතිඨිතිසත‍්තාවාසෙසු සබ‍්බපඨමං පතිට‍්ඨහන‍්තම‍්පි තිසමුට‍්ඨානිකරූපෙන අනුපත්‍ථද‍්ධං න සක‍්කොති සණ‍්ඨාතුං, නාපි තිසමුට‍්ඨානිකං තෙන අනුපත්‍ථද‍්ධං. අථ ඛො වාතබ‍්භාහතාපි චතුද‍්දිසා වවත්‍ථාපිතා නළකලාපියො විය, ඌමිවෙගබ‍්භාහතාපි මහාසමුද‍්දෙ කත්‍ථචි ලද‍්ධපතිට‍්ඨා භින‍්නවාහනිකා විය ච අඤ‍්ඤමඤ‍්ඤුපත්‍ථද‍්ධානෙවෙතානි අපතමානානි සණ‍්ඨහිත්‍වා එකම‍්පි වස‍්සං ද‍්වෙපි වස‍්සානි…පෙ… වස‍්සසතම‍්පි යාව තෙසං සත‍්තානං ආයුක‍්ඛයො වා පුඤ‍්ඤක‍්ඛයො වා, තාව පවත‍්තන‍්තීති. එවං භවාදීසු පවත‍්තිතොපෙත්‍ථ විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

මෙහි, යම් මේ කර්මජ රූපයක් වේද, එය භව-යෝනි-ගති විඤ්ඤාණට්ඨිති-සත්‍වාවාසයෙන්හි සියලු රූපයනට පළමු පිහිටනුයේ නමුදු, තිසමුට්ඨානික රූපයෙන් උපස්තම්භ නොලදහොත් පවතිනු නොහැකිවේ; තිසමුට්ඨානික රූපයද එම කර්මජ රූපයෙන් උපස්තම්භ නොලැබ පවතිනු නොහැකි වේ. තවද, වාත වේගයෙන් පහරන ලද්දේ නමුදු, (අග එක් තැන් වන සේ) සිවු දිගට හරවා තබන ලද බට දඬු මිටි සතරක් සෙයින්ද, මහමුහුදෙහි රළ වේගයෙන් පහරන ලද්දේ නමුදු කිසි තැනෙක්හි හිර වීමෙන් රැඳී සිටි බුන් නැවක් සෙයින්ද, එකිනෙක පිහිට ලැබ නොවැටී සිටිනුයේ එක් වසරක්, දෙවසරක්, -පෙ-සියක් වසරක් වුවද, නොහොත් එම සත්‍වයන්ගේ ආයුක්ඛයය හෝ පුඤ්ඤක්ඛයය සිදුවන තෙක්ම පවත්නේය. මෙසේ (භවාදිසු පවත්තිතො) භවාදියෙහි පැවතීම් වශයෙන් මෙහි විනිශ්චයය දතයුතුය.

සඞ‍්ගහාති එත්‍ථ ච යං ආරුප‍්පෙ පවත‍්තිපටිසන්‍ධීසු, පඤ‍්චවොකාරභවෙ ච පවත‍්තියං විඤ‍්ඤාණපච‍්චයා නාමමෙව, යඤ‍්ච අසඤ‍්ඤෙසු සබ‍්බත්‍ථ, පඤ‍්චවොකාරභවෙ ච පවත‍්තියං විඤ‍්ඤාණපච‍්චයා රූපමෙව, යඤ‍්ච පඤ‍්චවොකාරභවෙ සබ‍්බත්‍ථ විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං, තං සබ‍්බං නාමඤ‍්ච රූපඤ‍්ච නාමරූපඤ‍්ච නාමරූපන‍්ති එවං එකදෙසසරූපෙකසෙසනයෙන සඞ‍්ගහෙත්‍වා විඤ‍්ඤාණපච‍්චයා නාමරූපන‍්ති වෙදිතබ‍්බං.

සංගහා (සංග්‍රහ වශයෙන්) යන මෙහිද, අරූප භවයෙහි ප්‍රවෘත්ති ප්‍රතිසන්‍ධි යන දෙක්හිමද, පංචවෝකාර භවයෙහි ප්‍රවෘත්තියෙහිද, යමක් වේද, එය විඤ්ඤාණය ප්‍රත්‍යය කොට වන නාමයමයි. අසඤ්ඤතලයන්හි සියලු තන්හිද, පංචවෝකාර භවයෙහි ප්‍රවෘත්ති (පැවැත්මෙහි) යෙහිද යමක් වේද, එය විඤ්ඤාණය ප්‍රත්‍යය කොට ඇති නාමරූපයයි. එකී නාමය, රූපය, නාමරූපය යන සියල්ලම ඒකදේස-සරුපේක සේස නයින් (එක් කොටසෙක පමණක් සමානත්‍වය ගෙන) ‘නාමරූප’ යයි සංග්‍රහ කොට විඤ්ඤාණය ප්‍රත්‍යය කොට ඇති (විඤ්ඤාණ පච්චයා) නාමරූපයයි දතයුතුය.

අසඤ‍්ඤෙසු විඤ‍්ඤාණාභාවා අයුත‍්තන‍්ති චෙ, නායුත‍්තං. ඉදම‍්පි,

අසඤ්ඤ තලයන්හි විඤ්ඤාණය නොපවත්නා හෙයින් මෙය අයෝග්‍ය නොවන්නේද? අයෝග්‍ය නොවේ. මෙය වනාහි:-

නාමරූපස‍්ස යං හෙතු, විඤ‍්ඤාණං තං ද‍්විධා මතං; විපාකමවිපාකඤ‍්ච, යුත‍්තමෙව යතො ඉදං.

නාමරූපස්ස යං හේතු විඤ්ඤාණං තං ද්විධා මතං විපාකමවිපාකඤ්ච යුත්තමෙව යතො ඉදං

නාමරූපයට හේතුවූ යම් විඤ්ඤාණයෙක් වේද, එය විපාකය, අවිපාකයයි දෙපරිදි වෙතැ’යි දක්නා ලද්දේය; එහෙයින් මෙය යුතුම වේ.

යඤ‍්හි නාමරූපස‍්ස හෙතු විඤ‍්ඤාණං, තං විපාකාවිපාකභෙදතො ද‍්වෙධා මතං. ඉදඤ‍්ච අසඤ‍්ඤසත‍්තෙසු කම‍්මසමුට‍්ඨානත‍්තා පඤ‍්චවොකාරභවෙ පවත‍්තඅභිසඞ‍්ඛාරවිඤ‍්ඤාණපච‍්චයා රූපං. තථා පඤ‍්චවොකාරෙ පවත‍්තියං කුසලාදිචිත‍්තක‍්ඛණෙ කම‍්මසමුට‍්ඨානන‍්ති යුත‍්තමෙව ඉදං. එවං සඞ‍්ගහතොපෙත්‍ථ විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

නාමරූපයට හේතු වූ යම් විඤ්ඤාණයක් වේද, එය විපාක-අවිපාක භේදයෙන් දෙපරිදි කොට දන්නා ලද්දේය. මෙයද අසඤ්ඤසත්තයන්හි කර්මයෙන් හටගන්නා හෙයින්, පංචවෝකාර භවයෙහි පැවැත්මෙහිදී අභිසංඛාර විඤ්ඤාණය හේතුකොට ගෙන රූපය වේ. එසේම පංචවෝකාර භවයෙහි පැවැත්මෙහිදී කුශලාදී චිත්තක්‍ෂණයන්හිද එය කර්ම සමුත්‍ථාන වෙතැ’යි යනු යුතුම වේ. මෙසේ සංග්‍රහ වශයෙන්ද මෙහි විනිශ්චයය දතයුතුය.

පච‍්චයනයාති එත්‍ථ හි,

‘පච්චය නයා’ යන මෙහි වනාහි:-

නාමස‍්ස පාකවිඤ‍්ඤාණං, නවධා හොති පච‍්චයො; වත්‍ථුරූපස‍්ස නවධා, සෙසරූපස‍්ස අට‍්ඨධා.

නාමස්ස පාක විඤ්ඤාණං නවධා හොති පච්චයො වත්‍ථූරූපස්ස නවධා සෙසරූපස්ස අට්ඨධා

අභිසඞ‍්ඛාරවිඤ‍්ඤාණං, හොති රූපස‍්ස එකධා; තදඤ‍්ඤං පන විඤ‍්ඤාණං, තස‍්ස තස‍්ස යථාරහං.

අභිසඞ්ඛාර විඤ්ඤාණං හොති රූපස්ස එකධා තදඤ්ඤම්පන විඤ්ඤාණං තස්ස තස්ස යථාරහං

විපාක විඤ්ඤාණය නාමයට නව ආකාරයෙකින්ද, වස්තුරූපයට නව ආකාරයෙකින්ද සෙසු රූපයට අට ආකාරයෙකින්ද ප්‍රත්‍යය වේ.

අභිසංඛාර විඤ්ඤාණය (කර්මජ) රූපයට එක් ආකාරයෙකින්ද, (භවාංග ආදී) සෙසු විඤ්ඤාණය ඒ ඒ රූපයට සුදුසු පරිදි ප්‍රත්‍යය වේ.

යඤ‍්හෙතං පටිසන්‍ධියං පවත‍්තියං වා විපාකසඞ‍්ඛාතං නාමං, තස‍්ස රූපමිස‍්සස‍්ස වා අමිස‍්සස‍්ස වා පටිසන්‍ධිකං වා අඤ‍්ඤං වා විපාකවිඤ‍්ඤාණං සහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයසම‍්පයුත‍්තවිපාකාහාරින්‍ද්‍රියඅත්‍ථිඅවිගතපච‍්චයෙහි නවධා පච‍්චයො හොති.

ප්‍රතිසන්‍ධියෙහි හෝ වේවා, ප්‍රවෘත්තියෙහි (පැවැත්මෙහි) හෝ වේවා, යම් මේ විපාක සංඛ්‍යාත වූ නාමයෙක් වේද, රූපයෙන් මිශ්‍රවූ හෝ අමිශ්‍ර වූ හෝ එයට, ප්‍රතිසන්‍ධික වූ හෝ අන්‍ය වූ විපාක- විඤ්ඤාණය සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්පයුත්ත විපාක, ආහාර, ඉන්‍ද්‍රිය, අත්‍ථි හා අවිගත යන ප්‍රත්‍යය වශයෙන් නව ආකාරයෙකින් ප්‍රත්‍යය වේ;

වත්‍ථුරූපස‍්ස පටිසන්‍ධියං සහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයවිපාකාහාරින්‍ද්‍රියවිප‍්පයුත‍්තඅත්‍ථිඅවිගතපච‍්චයෙහි නවධා පච‍්චයො හොති. ඨපෙත්‍වා පන වත්‍ථුරූපං සෙසරූපස‍්ස ඉමෙසු නවසු අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයං අපනෙත්‍වා සෙසෙහි අට‍්ඨහි පච‍්චයෙහි පච‍්චයො හොති.

වස්තු රූපයට ප්‍රතිසන්‍ධියෙහිදී සහජාත, අඤ්ඤමඤ්ඤ නිස්සය, විපාක, ආහාර, ඉන්‍ද්‍රිය, විප්පයුත්ත, අත්‍ථි හා අවිගත ප්‍රත්‍යය වශයෙන් නව ආකාරයෙකින් ප්‍රත්‍යය වේ; වස්තුරූපය හැර සෙසු රූපයට මේ නව ප්‍රත්‍යයන් අතුරෙන් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය හැර ඉතිරි අට ආකාරයෙන් ප්‍රත්‍යය වේ.

අභිසඞ‍්ඛාරවිඤ‍්ඤාණං පන අසඤ‍්ඤසත‍්තරූපස‍්ස වා පඤ‍්චවොකාරභවෙ වා කම‍්මජස‍්ස රූපස‍්ස සුත‍්තන‍්තිකපරියායතො උපනිස‍්සයවසෙන එකධාව පච‍්චයො හොති. අවසෙසං පඨමභවඞ‍්ගතො පභුති සබ‍්බම‍්පි විඤ‍්ඤාණං තස‍්ස තස‍්ස නාමරූපස‍්ස යථාරහං පච‍්චයො හොතීති වෙදිතබ‍්බං. විත්‍ථාරතො පන තස‍්ස පච‍්චයනයෙ දස‍්සියමානෙ සබ‍්බාපි පට‍්ඨානකථා විත්‍ථාරෙතබ‍්බා හොතීති න නං ආරභාම.

අභිසංඛාර විඤ්ඤාණය වනාහි අසඤ්ඤ සත්ත රූපයට හෝ පඤ්චවෝකාර භවයෙහි කර්මජ රූපයට හෝ, සුත්තන්තික පර්යායයට අනුව උපනිස්සය වශයෙන් එක්ම ආකාරයෙන් ප්‍රත්‍යය වේ. සෙසු සියලු විඤ්ඤාණය ප්‍රථම භවාංගයෙහි පටන් සුදුසු පරිදි ඒ ඒ නාමරූපයට ප්‍රත්‍යය වෙති’යි දතයුතුය. විස්තර වශයෙන් වනාහි එම ප්‍රත්‍යය ක්‍රමය දක්වත් හොත් මුළු මහත් පට්ඨාන කථාව ගෙනහැර දැක්විය යුතුවේ. එහෙයින් එය නො-අරඹමු.

තත්‍ථ සියා – කථං පනෙතං ජානිතබ‍්බං “පටිසන්‍ධිනාමරූපං විඤ‍්ඤාණපච‍්චයා හොතී”ති? සුත‍්තතො යුත‍්තිතො ච. සුත‍්තෙ හි “චිත‍්තානුපරිවත‍්තිනො ධම‍්මා”තිආදිනා (ධ· ස· දුකමාතිකා 62) නයෙන බහුධා වෙදනාදීනං විඤ‍්ඤාණපච‍්චයතා සිද‍්ධා. යුත‍්තිතො පන,

එහිදී, ‘කෙසේ නම් වනාහි මේ ප්‍රතිසන්‍ධි නාමරූපය විඤ්ඤාණප්‍රත්‍යයෙන් වෙති’යි යන මෙය දතහැකි වන්නේදැ’යි යන පැනය මතු වන්නේය: සූත්‍ර නයින් මෙන්ම යුක්ති වශයෙන්ද (එය දත හැකි වේ). සූත්‍ර පිටකයෙහි වනාහි, ‘චිත්තානුපරිවත්තිනො ධම්මා’ (ධර්මයෝ සිතට අනුවට පරිවර්තනය වෙති) ආදී නයින් බොහෝ ආකාරයෙන් වේදනාදීනට විඤ්ඤාණය ප්‍රත්‍යය වන බව සිද්ධයි; යුක්ති වශයෙන් වනාහි:-

චිත‍්තජෙන හි රූපෙන, ඉධ දිට‍්ඨෙන සිජ‍්ඣති; අදිට‍්ඨස‍්සාපි රූපස‍්ස, විඤ‍්ඤාණං පච‍්චයො ඉති.

චිත්තජෙන හි රූපෙන ඉධ දිට්ඨෙන සිජ්ඣති, අදිට්ඨාස්සාපි රූපස්ස විඤ්ඤාණං පච්චයො ඉති.

මෙහිලා දක්නා ලද චිත්තජ රූපය මගින් නොදක්නා ලද රූපයටද විඤ්ඤාණය ප්‍රත්‍යය වෙති’යි යනු සිද්ධයි.

චිත‍්තෙ හි පසන‍්නෙ අප‍්පසන‍්නෙ වා තදනුරූපානි රූපානි උප‍්පජ‍්ජමානානි දිට‍්ඨානි. දිට‍්ඨෙන ච අදිට‍්ඨස‍්ස අනුමානං හොතීති ඉමිනා ඉධ දිට‍්ඨෙන චිත‍්තජරූපෙන අදිට‍්ඨස‍්සාපි පටිසන්‍ධිරූපස‍්ස විඤ‍්ඤාණං පච‍්චයො හොතීති ජානිතබ‍්බමෙතං. කම‍්මසමුට‍්ඨානස‍්සාපි හි තස‍්ස චිත‍්තසමුට‍්ඨානස‍්සෙව විඤ‍්ඤාණපච‍්චයතා පට‍්ඨානෙ ආගතාති. එවං පච‍්චයනයතොපෙත්‍ථ විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයොති.

සිත පහන් කල්හි හෝ වේවා, නොපහන් කල්හි හෝ වේවා. එයට අනුරූපව රූපයන් උපදිනු දක්නා ලැබේ; දුටු දෙයින් නොදුටු දෙය අනුමානයෙන් දැකීම වෙති’යි යනු න්‍යාය හෙයින්, මෙහි දක්නා ලද චිත්තජ රූපය මගින් නොදක්නා ලද ප්‍රතිසන්‍ධි රූපයට විඤ්ඤාණය ප්‍රත්‍යය වෙති’යි යන මෙය දතයුතුය. මෙසේ චිත්ත සමුට්ඨාන වූ රූපයට මෙන්ම කම්මසමුට්ඨානයටද විඤ්ඤාණය ප්‍රත්‍යය වන බව පට්ඨානයෙහි දැක්වේ. මෙසේ ප්‍රත්‍යයනය වශයෙන්ද මෙහි විනිශ්චයය දතයුතුය.

අයං “විඤ‍්ඤාණපච‍්චයා නාමරූප”න‍්ති පදස‍්මිං විත්‍ථාරකථා.

මේ ‘‘විඤ්ඤාණ පච්චයා නාමරූපං” යන පදයෙහි විස්තර කථායි