යෙදුමෙන් කියවන්න

සඞ‍්ඛාරපච‍්චයාවිඤ‍්ඤාණපදවිත්‍ථාරකථා

සඞ‍්ඛාරපච‍්චයාවිඤ‍්ඤාණපදවිත්‍ථාරකථා

සඞ්ඛාරපච්චයාවිඤ්ඤාණපදවිත්ථාරකථා

සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණපදෙ – විඤ‍්ඤාණන‍්ති චක‍්ඛුවිඤ‍්ඤාණාදි ඡබ‍්බිධං. තත්‍ථ චක‍්ඛුවිඤ‍්ඤාණං කුසලවිපාකං අකුසලවිපාකන‍්ති දුවිධං හොති. තථා සොතඝානජිව‍්හාකආයවිඤ‍්ඤාණානි. මනොවිඤ‍්ඤාණං කුසලාකුසලවිපාකා ද‍්වෙ මනොධාතුයො, තිස‍්සො අහෙතුකමනොවිඤ‍්ඤාණධාතුයො, අට‍්ඨ සහෙතුකානි කාමාවචරවිපාකචිත‍්තානි, පඤ‍්ච රූපාවචරානි, චත‍්තාරි අරූපාවචරානීති බාවීසතිවිධං හොති. ඉති ඉමෙහි ඡහි විඤ‍්ඤාණෙහි සබ‍්බානිපි බාත‍්තිංස ලොකියවිපාකවිඤ‍්ඤාණානි සඞ‍්ගහිතානි හොන‍්ති. ලොකුත‍්තරානි පන වට‍්ටකථාය න යුජ‍්ජන‍්තීති න ගහිතානි.

“සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං” යන පදයෙහි:- “විඤ්ඤාණං” යනු, සවැදෑරුම් චක්‍ඛු විඤ්ඤාණ ආදියයි, එහි චක්‍ඛු විඤ්ඤාණය කුසල විපාකය, අකුසල විපාකයයි දෙවැදෑරුම් වේ. සෝත, ඝාණ, ජිව්හා, කාය විඤ්ඤාණයෝද එසේය. මනෝවිඤ්ඤාණය: කුසල හා අකුසල විපාක වූ මනෝ විඤ්ඤාණ දෙකද, අහේතුක වූ මනෝවිඤ්ඤාණධාතු තුනද, සහේතුක වූ කාමාවචර විපාක සිත් අටද, රූපාවචර සිත් පසද, අරූපාවචර සිත් සතරදැ‘යි දෙවිසි වැදෑරුම් වේ. මෙසේ මේ ෂඩ්විඥානයෙන් දෙතිසක්වූ ලෞකික විපාක විඤ්ඤාණ සියල්ලම සංග්‍රහ කරන ලදි. එහෙත් ලෝකෝත්තර විපාක විඤ්ඤාණයන් (සංසාර) වට්ටය පිළිබඳ කථාව හා නොසැසඳෙන හෙයින් ඔහු නොගන්නා ලදහ.

තත්‍ථ සියා “කථං පනෙතං ජානිතබ‍්බං ඉදං වුත‍්තප‍්පකාරං විඤ‍්ඤාණං සඞ‍්ඛාරපච‍්චයා හොතී”ති? උපචිතකම‍්මාභාවෙ විපාකාභාවතො. විපාකං හෙතං, විපාකඤ‍්ච න උපචිතකම‍්මාභාවෙ උප‍්පජ‍්ජති. යදි උප‍්පජ‍්ජෙය්‍ය සබ‍්බෙසං සබ‍්බවිපාකානි උප‍්පජ‍්ජෙය්‍යුං, න ච උප‍්පජ‍්ජන‍්තීති ජානිතබ‍්බමෙතං සඞ‍්ඛාරපච‍්චයා ඉදං විඤ‍්ඤාණං හොතීති.

මෙහිලා:- මෙකී ප්‍රකාර ඇති විඤ්ඤාණයන් සංකාර ප්‍රත්‍යයයෙන් වෙති’යි කෙසේ දතහැකිද යන චෝදනාව (ප්‍රශ්නය) නැඟිය හැකිය. උපචිත (රැස්කරන ලද) කර්මයක් නැති හෙයින් විපාකයක් නැති හෙයිනි යනු පරිහාරය (විසඳුම)යි. මෙකී (දෙතිස්) විඤ්ඤාණය විපාකයි. විපාකය වනාහි රැස් කළ කර්මයක් නැතිව නොඋපදියි. ඉදින් එසේ උපදිතොත්, සියලුම විඤ්ඤාණයනට සියලුම විපාකයන් ඉපැදිය යුතුය. එසේ නොඋපදනා හෙයින් සංඛාරයන් ප්‍රත්‍යයකොටගෙන වේ. විඤ්ඤාණය උපදිති’යි යන මේ කාරණය දතයුතුය.

කතරසඞ‍්ඛාරපච‍්චයා කතරං විඤ‍්ඤාණන‍්ති චෙ. කාමාවචරපුඤ‍්ඤාභිසඞ‍්ඛාරපච‍්චයා තාව කුසලවිපාකානි පඤ‍්ච චක‍්ඛුවිඤ‍්ඤාණාදීනි, මනොවිඤ‍්ඤාණෙ එකා මනොධාතු, ද‍්වෙ මනොවිඤ‍්ඤාණධාතුයො, අට‍්ඨ කාමාවචරමහාවිපාකානීති සොළස. යථාහ –

කවර නම් සංඛාරයක් ප්‍රත්‍යය වීමෙන් කවර නම් විඤ්ඤාණයක් වන්නේද යත්, පළමුකොට, කාමාවචර පුඤ්ඤාභිසංඛාරයන් ප්‍රත්‍යය වීමෙන් කුසල විපාකවූ චක්‍ඛු විඤ්ඤාණාදී පසද, මනෝ විඤ්ඤාණයෙහි එක් මනෝධාතුවක්ද මනෝ විඤ්ඤාණ ධාතු දෙකද කාමාවචර මහාවිපාක අටදැයි කුශල්විපාකයෝ සොළොසක් වෙති. එහෙයින් කීහු:-

“කාමාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කටත‍්තා උපචිතත‍්තා විපාකං චක‍්ඛුවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති… සොත… ඝාන… ජිව‍්හා… කායවිඤ‍්ඤාණං … විපාකා මනොධාතු උප‍්පන‍්නා හොති. සොමනස‍්සසහගතා මනොවිඤ‍්ඤාණධාතු උප‍්පන‍්නා හොති. උපෙක‍්ඛාසහගතා මනොවිඤ‍්ඤාණධාතු උප‍්පන‍්නා හොති. සොමනස‍්සසහගතා ඤාණසම‍්පයුත‍්තා. සොමනස‍්සසහගතා ඤාණසම‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන. සොමනස‍්සසහගතා ඤාණවිප‍්පයුත‍්තා. සොමනස‍්සසහගතා ඤාණවිප‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන. උපෙක‍්ඛාසහගතා ඤාණසම‍්පයුත‍්තා. උපෙක‍්ඛාසහගතා ඤාණසම‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙන. උපෙක‍්ඛාසහගතා ඤාණවිප‍්පයුත‍්තා. උපෙක‍්ඛාසහගතා ඤාණවිප‍්පයුත‍්තා සසඞ‍්ඛාරෙනා”ති (ධ· ස· 431, 498).

“කාමාවචර වූ කුශල කර්මයක් කරන ලද හෙයින්, රැස් කරන ලද හෙයින්, (එහි) විපාක වූ චක්‍ඛු විඤ්ඤාණය උපන්නේ වේ. -පෙ- සෝත- ඝාණ, ජිව්හා, කාය විඤ්ඤාණය -පෙ- විපාකවූ මනෝධාතුව උපන්නේ වේ. සෝමනස්ස සහගත මනෝ විඤ්ඤාණ ධාතුව උපන්නේ වේ. උපෙක්ඛා සහගත මනෝවිඤ්ඤාණ ධාතුව උපන්නේ වේ; සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්තය හා සසංඛාර වශයෙන් උපන් සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්තයද, සෝමනස්ස සහගත ඤාණ විප්පයුත්තය හා සසංඛාරික වූ සෝමනස්ස සහගත ඤාණ විප්පයුත්තයද, උපෙක්ඛා සහගත ඤාණ සම්පයුත්තය හා සසංඛාරික වූ උපෙක්ඛා සහගත ඤාණ සම්පයුත්තයද, උපෙක්ඛා සහගත ඤාණ විප්පයුත්තය හා සසංඛාරික වූ උපෙක්ඛා සහගත ඤාණ විප්පයුත්තයද වේ”.

රූපාවචරපුඤ‍්ඤාභිසඞ‍්ඛාරපච‍්චයා පන පඤ‍්ච රූපාවචරවිපාකානි. යථාහ –

රූපාවචර පුඤ්ඤාභිසංඛාරයන් ප්‍රත්‍යය වීමෙන් රූපාවචර විපාක පස සිද්ධ වේ. යම්සේ කීහුද:-

“තස‍්සෙව රූපාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කටත‍්තා උපචිතත‍්තා විපාකං විවිච‍්චෙව කාමෙහි පඨමං ඣානං…පෙ… පඤ‍්චමං ඣානං උපසම‍්පජ‍්ජ විහරතී”ති (ධ· ස· 499). එවං පුඤ‍්ඤාභිසඞ‍්ඛාරපච‍්චයා එකවීසතිවිධං විඤ‍්ඤාණං හොති.

“එම රූපාවචර කුසලවූ කර්මය කරන ලද හෙයින්, රැස් කරන ලද හෙයින්, කාමයන් කෙරෙන් දුරුව-පෙ- ප්‍රථමධ්‍යානයට -පෙ- පංචමධ්‍යානයට සමවැද විහරණය කෙරේ’’ යනු විපාකයි. මෙසේ පුඤ්ඤාභිසංඛාරයන් ප්‍රත්‍යය කොට විසිඑක් වැදෑරුම් විඤ්ඤාණය සිද්ධ වේ.

අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරපච‍්චයා පන අකුසලවිපාකානි පඤ‍්ච චක‍්ඛුවිඤ‍්ඤාණාදීනි, එකා මනොධාතු, එකා මනොවිඤ‍්ඤාණධාතූති එවං සත‍්තවිධං විඤ‍්ඤාණං හොති. යථාහ –

අපුඤ්ඤාභිසංඛාරයන් ප්‍රත්‍යය කොටගෙන චක්‍ඛු විඤ්ඤාණාදී වූ අකුසල විපාක පසද, එක් මනෝධාතුවක්ද, එක් මනෝවිඤ්ඤාණ ධාතුවක්දැ’යි මෙසේ අකුසල විපාක වූ සත්වැදෑරුම් විඤ්ඤාණය වේ. යම්සේ කීහුද:-

“අකුසලස‍්ස කම‍්මස‍්ස කටත‍්තා උපචිතත‍්තා විපාකං චක‍්ඛුවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති… සොත… ඝාන… ජිව‍්හා… කායවිඤ‍්ඤාණං… විපාකා මනොධාතු විපාකා මනොවිඤ‍්ඤාණධාතු උප‍්පන‍්නා හොතී”ති (ධ· ස· 556).

“අකුසල වූ කර්මයක් කරන ලද හෙයින්, රැස්කරන ලද හෙයින්, විපාකවූ චක්‍ඛු විඤ්ඤාණය උපන්නේ වේ. -පෙ-සෝත-ඝාණ-ජිව්හා-කාය විඤ්ඤාණය උපන්නේ වේ. විපාකවූ මනෝ ධාතුවද, විපාක වූ මනෝ විඤ්ඤාණ ධාතුවද උපන්නේ වේ.

ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරපච‍්චයා පන චත‍්තාරි අරූපවිපාකානීති එවං චතුබ‍්බිධං විඤ‍්ඤාණං හොති. යථාහ –

ආනෙඤ්ජාභිසංඛාරයන් ප්‍රත්‍යය කොටගෙන අරූප විපාක සතරක් වෙති’යි මෙසේ චතුර්විධවූ විඤ්ඤාණය වේ. යම්සේ කියන ලදද:-

“තස‍්සෙව අරූපාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කටත‍්තා උපචිතත‍්තා විපාකං සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා ආකාසානඤ‍්චායතනසඤ‍්ඤාසහගතං…පෙ… විඤ‍්ඤාණඤ‍්චා…පෙ… ආකිඤ‍්චඤ‍්ඤා…පෙ… නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසහගතං සුඛස‍්ස ච දුක‍්ඛස‍්ස ච පහානා චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරතී”ති (ධ· ස· 501).

“එම අරූපාවචර කුසල කර්මය කරන ලද හෙයින් රැස් කරන ලද හෙයින්. එහි විපාකය සියලු ආකාරයෙන් රූප සඤ්ඤාවන් ඉක්මවා සිටි හෙයින් -පෙ-ආකාසානඤ්චායතන සඤ්ඤාවෙන් යුත් -පෙ- විඤ්ඤාණඤ්චායතන -පෙ- ආකිඤ්චඤ්ඤායතන -පෙ- නේවසඤ්ඤා නාසඤ්ඤායතන සඤ්ඤා සහගතවූ, සුඛදුඃඛ යන දෙකින් තොර වූ හෙයින්, චතුර්ත්‍ථ ධ්‍යානයට සමවැද විහරණය කරයි.

එවං යං සඞ‍්ඛාරපච‍්චයා යං විඤ‍්ඤාණං හොති, තං ඤත්‍වා ඉදානිස‍්ස එවං පවත‍්ති වෙදිතබ‍්බා – සබ‍්බමෙව හි ඉදං පවත‍්තිපටිසන්‍ධිවසෙන ද‍්වෙධා පවත‍්තති. තත්‍ථ ද‍්වෙ පඤ‍්චවිඤ‍්ඤාණානි, ද‍්වෙ මනොධාතුයො, සොමනස‍්සසහගතා අහෙතුකමනොවිඤ‍්ඤාණධාතූති ඉමානි තෙරස පඤ‍්චවොකාරභවෙ පවත‍්තියඤ‍්ඤෙව පවත‍්තන‍්ති. සෙසානි එකූනවීසති තීසු භවෙසු යථානුරූපං පවත‍්තියම‍්පි පටිසන්‍ධියම‍්පි පවත‍්තන‍්ති.

මෙසේ සංඛාරයන් ප්‍රත්‍යය කොට ගෙන යම් විඤ්ඤාණයක් වේ නම්, එය දැන, ඉක්බිති එහි පැවැත්ම මෙසේ දතයුතුයි:- මේ සියල්ලම ප්‍රවෘත්ති-ප්‍රතිසන්‍ධි වශයෙන් දෙපරිද්දෙකින් පවතී; එහි, පංච විඤ්ඤාණ දෙකද, මනෝධාතු දෙකද, සෝමනස්ස සහගත අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුවදැයි යන මේ තෙළෙස පංචවෝකාර (පංචස්කන්‍ධ සහිත) භවයෙහි පැවැත්මෙහි පමණක් පවතියි. ඉතිරි එකුන් විස්ස තුන් භවයෙහිම සුදුසු පරිදි ප්‍රවෘත්ති-ප්‍රතිසන්‍ධි දෙක්හිම පවතී.

කථං? කුසලවිපාකානි තාව චක‍්ඛුවිඤ‍්ඤාණාදීනි පඤ‍්ච කුසලවිපාකෙන අකුසලවිපාකෙන වා නිබ‍්බත‍්තස‍්ස යථාක‍්කමං පරිපාකං උපගතින්‍ද්‍රියස‍්ස චක‍්ඛාදීනං ආපාථගතං ඉට‍්ඨං ඉට‍්ඨමජ‍්ඣත‍්තං වා රූපාදිආරම‍්මණං ආරබ‍්භ චක‍්ඛාදිපසාදං නිස‍්සාය දස‍්සනසවනඝායනසායනඵුසනකිච‍්චං සාධයමානානි පවත‍්තන‍්ති. තථා අකුසලවිපාකානි පඤ‍්ච. කෙවලඤ‍්හි තෙසං අනිට‍්ඨං අනිට‍්ඨමජ‍්ඣත‍්තං වා ආරම‍්මණං හොති. අයමෙව විසෙසො. දසපි චෙතානි නියතද‍්වාරාරම‍්මණවත්‍ථුට‍්ඨානානි නියතකිච‍්චානෙව ච භවන‍්ති.

කෙසේද යත්:- පළමුකොට කුශල විපාක වූ චක්‍ඛු ආදි විඤ්ඤාණ පස. කුශල හෝ අකුශල විපාකයෙන් ඉපිද අනුක්‍රමයෙන් මුහුකුරා ගිය ඉන්‍ද්‍රිය ඇත්තහුගේ චක්‍ඛු ආදී හමුවට පැමිණි ඉෂ්ට වූ හෝ ඉෂ්ට මධ්‍යස්ථවූ රූපාදී අරමුණු ඇරඹු චක්‍ඛු ආදී පසාදයන් නිසා (පිළිවෙළින්) දර්ශන ශ්‍රවණ-ආඝ්‍රාණ-ආස්වාදන-ස්පර්ශන කෘත්‍යයන් සිදු කෙරෙමින් පවතියි; අකුශල විපාක පසද එසේය; හුදෙක් එම අකුශල විපාකයනට අනිෂ්ට වූ හෝ අනිෂ්ට-මධ්‍යස්ථ වූ අරමුණු වන බවට විශේෂයි. මෙකී (කුශල අකුශල විපාක විඤ්ඤාණ) දශයම නියත වූ ද්වාර-ආරම්මණ-වත්‍ථු-ඨානයන් ඇත්තේ නියතවූ කෘත්‍යයන් ඇත්තේම වේ.

තතො කුසලවිපාකානං චක‍්ඛුවිඤ‍්ඤාණාදීනං අනන‍්තරා කුසලවිපාකා මනොධාතු තෙසංයෙව ආරම‍්මණං ආරබ‍්භ හදයවත්‍ථුං නිස‍්සාය සම‍්පටිච‍්ඡනකිච‍්චං සාධයමානා පවත‍්තති. තථා අකුසලවිපාකානං අනන‍්තරා අකුසලවිපාකා. ඉදඤ‍්ච පන ද‍්වයං අනියතද‍්වාරාරම‍්මණං නියතවත්‍ථුට‍්ඨානං නියතකිච‍්චඤ‍්ච හොති.

ඉක්බිති කුශල විපාකවූ චක්‍ඛු විඤ්ඤාණ ආදියට අනතුරුව කුශල විපාක සහිත මනෝධාතුව එම (කුශල විපාක සහිත චක්‍ඛු විඤ්ඤාණ ආදීන්ගේම) අරමුණු ඇරබ, හෘදය වස්තුව ඇසුරුකොට සම්පටිච්ඡන කෘත්‍යය සිදු කරමින් පවතියි. අකුශල විපාකයනට අනතුරුව අකුශල විපාක මනෝධාතුවද එසේමය. මෙකී (කුශල හා අකුශල මනෝධාතු) දෙක වනාහි අනියත වූ ද්වාර- ආරම්මණ ඇත්තේ, නියතවූ වස්තුස්ථාන ඇත්තේ, නියතවූ කෘත්‍ය ඇත්තේද වේ.

සොමනස‍්සසහගතා පන අහෙතුකමනොවිඤ‍්ඤාණධාතු කුසලවිපාකමනොධාතුයා අනන‍්තරා තස‍්සා එව ආරම‍්මණං ආරබ‍්භ හදයවත්‍ථුං නිස‍්සාය සන‍්තීරණකිච‍්චං සාධයමානා ඡසු ද‍්වාරෙසු බලවාරම‍්මණෙ කාමාවචරසත‍්තානං යෙභුය්‍යෙන ලොභසම‍්පයුත‍්තජවනාවසානෙ භවඞ‍්ගවීථිං පච‍්ඡින්‍දිත්‍වා ජවනෙන ගහිතාරම‍්මණෙ තදාරම‍්මණවසෙන ච සකිං වා ද‍්වික‍්ඛත‍්තුං වා පවත‍්තතීති මජ‍්ඣිමට‍්ඨකථායං වුත‍්තං. අභිධම‍්මට‍්ඨකථායං පන තදාරම‍්මණෙ ද‍්වෙ චිත‍්තවාරා ආගතා. ඉදං පන චිත‍්තං තදාරම‍්මණන‍්ති ච පිට‍්ඨිභවඞ‍්ගන‍්ති චාති ද‍්වෙ නාමානි ලභති. අනියතද‍්වාරාරම‍්මණං නියතවත්‍ථුකං අනියතට‍්ඨානකිච‍්චඤ‍්ච හොතීති. එවං තාව තෙරස පඤ‍්චවොකාරභවෙ පවත‍්තියඤ‍්ඤෙව පවත‍්තන‍්තීති වෙදිතබ‍්බානි.

සෝමනස්ස සහගත අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුව වනාහි, කුශල විපාක මනෝධාතුවට අනතුරුව, එම අරමුණම අරබයා, හෘදයවස්තුව ඇසුරු කරමින් සන්තීරණ කෘත්‍යය සිද්ධ කෙරෙමින්ද, ෂඩ්ද්වාරයෙහි බලවත් අරමුණෙහි කාමාවචර සත්‍වයනට බොහෝ සෙයින් ලෝභ සම්ප්‍රයුක්ත ජවන අවසන්හි භවාංග වීථිය සිඳගෙන ජවනය විසින් ගන්නා ලද අරමුණෙහි තදාලම්බන වශයෙන්ද එක්වරක් හෝ දෙවරක් පවතී යයි මැදුම් සඟි අටුවායෙහි කියනලදි. අභිධර්ම අටුවායෙහි වනාහි, තදාලම්බනයෙහි චිත්තවාර දෙකක් වෙති’යි සඳහන්ව ඇත. මේ චිත්තය වනාහි ‘තදාරම්මණ’ය ‘පිට්ඨිභවඞ්ග’යයි නම් දෙකක් ලබයි; අනියතවූ ද්වාරාලම්බන ඇත්තේ, නියතවූ වස්තු ඇත්තේ, අනියත වූ ස්ථාන හා කෘත්‍ය ඇත්තේද වේ. මෙසේ පළමු තෙළෙස පඤ්චවෝකාර භවය තුළ ප්‍රවෘත්ති (පැවැතුම්) වශයෙන්ම පවත්නේයයි දතයුතුය.

සෙසෙසු එකූනවීසතියා න කිඤ‍්චි අත‍්තනො අනුරූපාය පටිසන්‍ධියා න පවත‍්තති. පවත‍්තියං පන කුසලාකුසලවිපාකා තාව ද‍්වෙ අහෙතුකමනොවිඤ‍්ඤාණධාතුයො පඤ‍්චද‍්වාරෙ කුසලාකුසලවිපාකමනොධාතූනං අනන‍්තරා සන‍්තීරණකිච‍්චං, ඡසු ද‍්වාරෙසු පුබ‍්බෙ වුත‍්තනයෙනෙව තදාරම‍්මණකිච‍්චං, අත‍්තනා දින‍්නපටිසන්‍ධිතො උද‍්ධං අසති භවඞ‍්ගුපච‍්ඡෙදකෙ චිත‍්තුප‍්පාදෙ භවඞ‍්ගකිච‍්චං, අන‍්තෙ චුතිකිච‍්චඤ‍්චාති චත‍්තාරි කිච‍්චානි සාධයමානා නියතවත්‍ථුකා අනියතද‍්වාරාරම‍්මණට‍්ඨානකිච‍්චා හුත්‍වා පවත‍්තන‍්ති.

ඉතිරි වූ එකුන්විසි විඤ්ඤාණයන් අතුරෙන් කිසිවෙක් තමනට අනුරූපවූ ප්‍රතිසන්‍ධියක් ඇති කල්හි නො-පවත්නේ නොවේ. (පවත්නේ මැයි) පැවැත්මෙහි දී වනාහි පළමුව කුශල-අකුශල විපාක ඇති අහේතුක මනෝ විඤ්ඤාණ ධාතු දෙක පංචද්වාර විෂයයෙහි කුශල-අකුශල විපාක සහිත මනෝධාතුනට අනතුරුව සන්තීරණ කෘත්‍යයද, ෂඩ්ද්වාර විෂයයෙහි පෙර කී නයින්ම තදාරම්මණ කෘත්‍යයද තමන් විසින් දෙන ලද ප්‍රතිසන්‍ධියෙන් මතු, භවාංගය සිඳින චිත්තෝත්පාදයක් නැති කල භවාංග කෘත්‍යයද, අවසන්හි චුති කෘත්‍යයදැයි යන සතර කෘත්‍යයන් සිද්ධ කෙරෙමින් නියත වස්තු ඇතිව, අනියතද්වාර-ආලම්බන-ස්ථාන කෘත්‍ය ඇතිව පවත්නේය.

අට‍්ඨ කාමාවචරසහෙතුකචිත‍්තානි වුත‍්තනයෙනෙව ඡසු ද‍්වාරෙසු තදාරම‍්මණකිච‍්චං, අත‍්තනා දින‍්නපටිසන්‍ධිතො උද‍්ධං අසති භවඞ‍්ගුපච‍්ඡෙදකෙ චිත‍්තුප‍්පාදෙ භවඞ‍්ගකිච‍්චං, අන‍්තෙ චුතිකිච‍්චඤ‍්චාති තීණි කිච‍්චානි සාධයමානානි නියතවත්‍ථුකානි අනියතද‍්වාරාරම‍්මණට‍්ඨානකිච‍්චානි හුත්‍වා පවත‍්තන‍්ති.

කාමාවචර සහේතුක සිත් අට කියන ලද නයින්ම ෂඩ්ද්වාරයෙහි තදාලම්බන කෘත්‍යයද, තමන් විසින් දෙන ලද ප්‍රතිසන්‍ධියෙන් මතු භවාංගෝපච්ඡේදක චිත්තෝත්පාදයක් නැති කල්හි භවාංගකෘත්‍යයද, අවසන්හි ච්‍යුති චිත්තයදැ’ යන තුන් කිස සිදු කෙරෙමින් නියත වස්තුකව, අනියත ද්වාර-ආලම්බන-ස්ථාන-කෘත්‍ය සහිතව පවතියි.

පඤ‍්ච රූපාවචරානි චත‍්තාරි ච ආරුප‍්පානි අත‍්තනා දින‍්නපටිසන්‍ධිතො උද‍්ධං අසති භවඞ‍්ගුපච‍්ඡෙදකෙ චිත‍්තුප‍්පාදෙ භවඞ‍්ගකිච‍්චං, අන‍්තෙ චුතිකිච‍්චඤ‍්චාති කිච‍්චද‍්වයං සාධයමානානි පවත‍්තන‍්ති . තෙසු රූපාවචරානි නියතවත්‍ථාරම‍්මණානි අනියතට‍්ඨානකිච‍්චානි, ඉතරානි නියතවත්‍ථුකානි නියතාරම‍්මණානි අනියතට‍්ඨානකිච‍්චානි හුත්‍වා පවත‍්තන‍්තීති එවං තාව බාත‍්තිංසවිධම‍්පි විඤ‍්ඤාණං පවත‍්තියං සඞ‍්ඛාරපච‍්චයා පවත‍්තති. තත්‍රාස‍්ස තෙ තෙ සඞ‍්ඛාරා කම‍්මපච‍්චයෙන ච උපනිස‍්සයපච‍්චයෙන ච පච‍්චයා හොන‍්ති.

රූපාවචර සිත් පසද, අරූපාවචර සතරද තමන් විසින් දෙන ලද ප්‍රතිසන්‍ධියෙන් මතු භවාංගෝපච්ඡේදක චිත්තොත්පාදයක් නැති කල්හි භවාංගකෘත්‍යයද, අන්තයෙහි ච්‍යුති කෘත්‍යයදැ’යි යන දෙකිස ඉටු කෙරෙමින් පවතියි. ඔවුනතුරෙන් රූපාවචර සිත් පස නියත වූ වස්තු හා ආලම්බනද, අනියත වූ ස්ථාන හා කෘත්‍යද ඇත්තේය. ඉතිරි (අරූපාවචර සතර) නියත අවස්තුකව, නියත ආලම්බන අනියත ස්ථාන-කෘත්‍ය සහිතව පවතියි’ යනුවෙන් මෙසේ පළමු කොට දෙතිස්-වැදෑරුම් වූම විඤ්ඤාණය පැවැත්මෙහිදී සංඛාරයන් ප්‍රත්‍යය කොට පවතියි. එහිදී මේ විඤ්ඤාණයට ඒ ඒ සංඛාරයෝ කර්ම ප්‍රත්‍යය වශයෙන්ද උපනිශ්‍රය ප්‍රත්‍යය වශයෙන්ද ප්‍රත්‍යය වෙති.

යං පන වුත‍්තං “සෙසෙසු එකූනවීසතියා න කිඤ‍්චි අත‍්තනො අනුරූපාය පටිසන්‍ධියා න පවත‍්තතී”ති, තං අතිසංඛිත‍්තත‍්තා දුබ‍්බිජානං. තෙනස‍්ස විත්‍ථාරනයදස‍්සනත්‍ථං වුච‍්චති – කති පටිසන්‍ධියො, කති පටිසන්‍ධිචිත‍්තානි, කෙන කත්‍ථ පටිසන්‍ධි හොති, කිං පටිසන්‍ධියා ආරම‍්මණන‍්ති?

“ඉතිරි එකුන් විසි විඤ්ඤාණයන් අතුරෙන් කිසිවෙක් තමනට සුදුසු ප්‍රතිසන්‍ධියෙකින් නොපවත්නේ නොවේ” යනුවෙන් යමක් යට කියන ලද්දේද, එය ඉතා සංක්‍ෂිප්ත වූ හෙයින් පහසුවෙන් නොදතහැකිය. එහෙයින් එහි සවිස්තර නය දක්වනු පිණිස මේ මාතෘකා-ප්‍රශ්න කියනු ලැබේ:- ප්‍රතිසන්‍ධි කොතෙක්ද? ප්‍රතිසන්‍ධි සිත් කෙතෙක්ද? කවර නම් සිතෙකින් කොතැනෙක ප්‍රතිසන්‍ධි වේද? ප්‍රතිසන්‍ධියට අරමුණ වනුයේ කිමෙක්ද?

අසඤ‍්ඤපටිසන්‍ධියා සද‍්ධිං වීසති පටිසන්‍ධියො. වුත‍්තප‍්පකාරානෙව එකූනවීසති පටිසන්‍ධිචිත‍්තානි. තත්‍ථ අකුසලවිපාකාය අහෙතුකමනොවිඤ‍්ඤාණධාතුයා අපායෙසු පටිසන්‍ධි හොති. කුසලවිපාකාය මනුස‍්සලොකෙ ජච‍්චන්‍ධජාතිබධිරජාතිඋම‍්මත‍්තකජාතිඑළමූගනපුංසකාදීනං. අට‍්ඨහි සහෙතුකකාමාවචරවිපාකෙහි කාමාවචරදෙවෙසු චෙව මනුස‍්සෙසු ච පුඤ‍්ඤවන‍්තානං පටිසන්‍ධි හොති. පඤ‍්චහි රූපාවචරවිපාකෙහි රූපීබ්‍රහ‍්මලොකෙ. චතූහි අරූපාවචරවිපාකෙහි අරූපලොකෙති. යෙන ච යත්‍ථ පටිසන්‍ධි හොති , සා එව තස‍්ස අනුරූපා පටිසන්‍ධි නාම. සඞ‍්ඛෙපතො පන පටිසන්‍ධියා තීණි ආරම‍්මණානි හොන‍්ති අතීතං පච‍්චුප‍්පන‍්නං නවත‍්තබ‍්බඤ‍්ච. අසඤ‍්ඤා පටිසන්‍ධි අනාරම‍්මණාති.

අසඤ්ඤසත්ත ප්‍රතිසන්‍ධියත් සමග ප්‍රතිසන්‍ධි විස්සෙකි. යටකී පරිදිම ප්‍රතිසන්‍ධි සිත් එකුන් විස්සෙකි. එහි අකුශල විපාක සහිත අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුවෙන් අපායයන්හි ප්‍රතිසන්‍ධිය වේ. කුශල විපාකසහිත (අහේතුක මනෝ විඤ්ඤාණ ධාතුවෙන්) මිනිස් ලොව, ජාත්‍යන්‍ධ, ජාතිබධිර, ජාති උම්මත්තක, ජාති එළමුග (උපතින්ම ගොලු). නපුංසක ආදීන්ගේ ප්‍රතිසන්‍ධිය වේ; සහේතුක කාමාවචර විපාක සිත් අටෙන් දෙවියන් අතරද මනුෂ්‍යයන් අතර පිනැතියන්ගේද ප්‍රතිසන්‍ධිය වේ. රූපාවචර විපාක සිත් පසින් රූපී බ්‍රහ්ම ලෝකයෙහිද, අරූපාවචර විපාක සිත් සතරින් අරූපී ලෝකයෙහිද ප්‍රතිසන්‍ධිය වේ. යම් විපාකයෙකින් යම් තැනෙක ප්‍රතිසන්‍ධි වේද, එයම එයට ‘අනුරූප පටිසන්‍ධි’ නම්වේ. සංක්‍ෂේපයෙන් වනාහි ප්‍රතිසන්‍ධියකට අතීතය, ප්‍රත්‍යුත්පන්න (වර්තමාන) ය, නවත්තබ්බ (නොකිව හැකි) යයි අරමුණු තුනෙක් වේ. අසඤ්ඤ ප්‍රතිසන්‍ධියට අරමුණෙක් නැත.

තත්‍ථ විඤ‍්ඤාණඤ‍්චායතනනෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනපටිසන්‍ධීනං අතීතමෙව ආරම‍්මණං. දසන‍්නං කාමාවචරානං අතීතං වා පච‍්චුප‍්පන‍්නං වා. සෙසානං නවත‍්තබ‍්බමෙව. එවං තීසු ආරම‍්මණෙසු පවත‍්තමානා පන පටිසන්‍ධි යස‍්මා අතීතාරම‍්මණස‍්ස වා නවත‍්තබ‍්බාරම‍්මණස‍්ස වා චුතිචිත‍්තස‍්ස අනන‍්තරමෙව පවත‍්තති. පච‍්චුප‍්පන‍්නාරම‍්මණං පන චුතිචිත‍්තං නාම නත්‍ථි. තස‍්මා ද‍්වීසු ආරම‍්මණෙසු අඤ‍්ඤතරාරම‍්මණාය චුතියා අනන‍්තරා තීසු ආරම‍්මණෙසු අඤ‍්ඤතරාරම‍්මණාය පටිසන්‍ධියා සුගතිදුග‍්ගතිවසෙන පවත‍්තනාකාරො වෙදිතබ‍්බො.

එහි විඤ්ඤාණඤ්චායතන - නේවසඤ්ඤා නාසඤ්ඤායතන ප්‍රතිසන්‍ධීනට අතීතවූම අරමුණු වේ. කාමාවචර ප්‍රතිසන්‍ධි දසයට අතීත හෝ ප්‍රත්‍යුත්පන්න අරමුණු වේ. සෙසු (රූපාවචර හා ප්‍රථම, තෘතීය අරූපාවචර) ප්‍රතිසන්‍ධීනට නවත්තබ්බ අරමුණුම වේ. මෙසේ තුන් අරමුණෙහි පවත්නා ප්‍රතිසන්‍ධිය යම් හෙයකින් අතීතාරම්මණ හෝ නවත්තබ්බාරම්මණ සහිත චුති චිත්තයට අනතුරුවම පවත්නේ වේද - පච්චුප්පන්න ආරම්මණ සහිත චුතිචිත්තයක් නම් නැත - එහෙයින් (අතීත, නවත්තබ්බ යන) අරමුණු දෙක අතුරෙන් එකක් අරමුණු කොටගත් චුතියෙන් අනතුරුව තුන් අරමුණින් එක්තරා අරමුණක් සහිත ප්‍රතිසන්‍ධියෙක්හි සුගති දුර්ගති වශයෙන් පවත්නා ආකාරය දතයුතුය.

සෙය්‍යථිදං – කාමාවචරසුගතියං තාව ඨිතස‍්ස පාපකම‍්මිනො පුග‍්ගලස‍්ස “තානිස‍්ස තස‍්මිං සමයෙ ඔලම‍්බන‍්තී”තිආදිවචනතො (ම· නි· 3.248) මරණමඤ‍්චෙ නිපන‍්නස‍්ස යථූපචිතං පාපකම‍්මං වා කම‍්මනිමිත‍්තං වා මනොද‍්වාරෙ ආපාථමාගච‍්ඡති. තං ආරබ‍්භ උප‍්පන‍්නාය තදාරම‍්මණපරියොසානාය ජවනවීථියා අනන‍්තරං භවඞ‍්ගවිසයං ආරම‍්මණං කත්‍වා චුතිචිත‍්තං උප‍්පජ‍්ජති. තස‍්මිං නිරුද‍්ධෙ තදෙව ආපාථගතං කම‍්මං වා කම‍්මනිමිත‍්තං වා ආරබ‍්භ අනුපච‍්ඡින‍්නකිලෙසබලවිනාමිතං දුග‍්ගතිපරියාපන‍්නං පටිසන්‍ධිචිත‍්තං උප‍්පජ‍්ජති. අයං අතීතාරම‍්මණාය චුතියා අනන‍්තරා අතීතාරම‍්මණා පටිසන්‍ධි.

කෙසේද යත්:- පළමුකොට කාමාවචර සුගතියෙහි සිටි පාපකාරී පුද්ගලයාහට මරණ මංචකයෙහි හොත් කල, “තානිස්ස තස්මිං සමයෙ ඔලම්බන්ති’’ (ඔහුගේ ඒ (පාපක්‍රියා) එසමයෙහි එල්බගනියි) යනු කී හෙයින් තමා රැස්කර ගත් පාපකර්මයන් හෝ කම් නිමිති හෝ මනෝද්වාරය හමුවට එයි. එය අරබයා උපන් එම අරමුණින් අවසන් වන ජවන වීථියට අනතුරු ඇති භවාංග විෂයය අරමුණු කොට චුති චිත්තය උපදියි. එය නිරුද්ධ වූ විට (මනෝද්වාරය) හමුවට පත් එම කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ඇරබ නොසිඳුණු කෙලෙස් බලයෙන් නැමුණු දුගතිගාමී ප්‍රතිසන්‍ධිචිත්තය උපදියි. මේ අතීතාරම්මණ සහිත චුතියට අනතුරුව අතීතාරම්මණ ඇති ප්‍රතිසන්‍ධියයි.

අපරස‍්ස මරණසමයෙ වුත‍්තප‍්පකාරකම‍්මවසෙන නරකාදීසු අග‍්ගිජාලවණ‍්ණාදිකං දුග‍්ගතිනිමිත‍්තං මනොද‍්වාරෙ ආපාථමාගච‍්ඡති, තස‍්ස ද‍්වික‍්ඛත‍්තුං භවඞ‍්ගෙ උප‍්පජ‍්ජිත්‍වා නිරුද‍්ධෙ තං ආරම‍්මණං ආරබ‍්භ එකං ආවජ‍්ජනං, මරණස‍්ස ආසන‍්නභාවෙන මන්‍දීභූතවෙගත‍්තා පඤ‍්ච ජවනානි, ද‍්වෙ තදාරම‍්මණානීති තීණි වීථිචිත‍්තානි උප‍්පජ‍්ජන‍්ති. තතො භවඞ‍්ගවිසයං ආරම‍්මණං කත්‍වා එකං චුතිචිත‍්තං. එත‍්තාවතා එකාදස චිත‍්තක‍්ඛණා අතීතා හොන‍්ති. අථස‍්ස අවසෙසපඤ‍්චචිත‍්තක‍්ඛණායුකෙ තස‍්මිඤ‍්ඤෙව ආරම‍්මණෙ පටිසන්‍ධිචිත‍්තං උප‍්පජ‍්ජති. අයං අතීතාරම‍්මණාය චුතියා අනන‍්තරා පච‍්චුප‍්පන‍්නාරම‍්මණා පටිසන්‍ධි.

අනෙකකුහට මරණාවස්ථායෙහිදී කියන ලද ප්‍රකාර ඇති (පාප) කර්මයට අනුව නරකාදියෙහි ගිනිදැල් පැහැය ආදී දුගති නිමිති මනෝද්වාරය හමුවට එයි. එයින් අනතුරුව භවාංගය දෙවරක් ඉපිද පහව ගිය කල එම අරමුණ ඇරබ එක් ආවර්ජන සිතක්ද, මරණයට ආසන්න බැවින් මදවී ගිය වේග ඇති හෙයින් ජවන් පසක්ද, තදාරම්මණ දෙකක්දැ’යි මෙසේ වීථිචිත්ත තුනක් උපදියි. ඉක්බිති භවාංග විෂයය අරමුණු කොට එක් චුති චිත්තයක් උපදියි; මෙතෙකින් චිත්තක්‍ෂණ එකොළොසෙක් ඉකුත් වූයේ වේ. ඉක්බිති ඔහුට චිත්තක්‍ෂණ පසක් වූ ආයුකාලයක් ඉතිරිව තිබියදී එම අරමුණෙහිම ප්‍රතිසන්‍ධිචිත්තය උපදියි. මේ අතීතාරම්මණ සහිත චුතියට අනතුරුව පච්චුප්පන්නා රම්මණසහිත ප්‍රතිසන්‍ධියයි.

අපරස‍්ස මරණසමයෙ පඤ‍්චන‍්නං ද‍්වාරානං අඤ‍්ඤතරස‍්මිං රාගාදිහෙතුභූතං හීනමාරම‍්මණං ආපාථමාගච‍්ඡති. තස‍්ස යථාක‍්කමෙන උප‍්පන‍්නෙ වොට‍්ඨබ‍්බනාවසානෙ මරණස‍්ස ආසන‍්නභාවෙන මන්‍දීභූතවෙගත‍්තා පඤ‍්ච ජවනානි, ද‍්වෙ තදාරම‍්මණානි ච උප‍්පජ‍්ජන‍්ති. තතො භවඞ‍්ගවිසයං ආරම‍්මණං කත්‍වා එකං චුතිචිත‍්තං. එත‍්තාවතා ච ද‍්වෙ භවඞ‍්ගානි, ආවජ‍්ජනං, දස‍්සනං, සම‍්පටිච‍්ඡනං, සන‍්තීරණං, වොට‍්ඨබ‍්බනං, පඤ‍්ච ජවනානි, ද‍්වෙ තදාරම‍්මණානි, එකං චුතිචිත‍්තන‍්ති පඤ‍්චදස චිත‍්තක‍්ඛණා අතීතා හොන‍්ති. අථාවසෙසඑකචිත‍්තක‍්ඛණායුකෙ තස‍්මිඤ‍්ඤෙව ආරම‍්මණෙ පටිසන්‍ධිචිත‍්තං උප‍්පජ‍්ජති. අයම‍්පි අතීතාරම‍්මණාය චුතියා අනන‍්තරා පච‍්චුප‍්පන‍්නාරම‍්මණා පටිසන්‍ධි. එස තාව අතීතාරම‍්මණාය සුගතිචුතියා අනන‍්තරා අතීතපච‍්චුප‍්පන‍්නාරම‍්මණාය දුග‍්ගතිපටිසන්‍ධියා පවත‍්තනාකාරො.

අනෙකකුහට මරණාවස්ථාවෙහිදී පංචද්වාරයන් අතුරෙන් එක්තරා ද්වාරයෙක්හි රාගාදියට හේතු වූ අරමුණක් (මනෝද්වාරය) හමුවට එයි. ඔහුට අනුපිළිවෙළින් උපන් වොත්ථපන (චිත්තක්‍ෂණ)ය අවසන්හි, මරණයට ආසන්න වූ බැවින් මඳ වූ වේග ඇති හෙයින්, ජවන් පසක්ද තදාරම්මණ දෙකක්ද උපදියි. ඉක්බිති භවාංග විෂයය අරමුණු කොට එක් චුති චිත්තයක්දැ’ යි මෙතෙකින් භවාංග සිත් දෙකය. ආවර්ජනය, දර්ශන (චක්‍ඛු විඤ්ඤාණ)ය, සම්පටිච්ඡනය, සන්තීරණය, වොත්‍ථපනය, ජවන් සිත් පසය, තදාරම්මණ දෙකය, චුති චිත්තයයි යන චිත්තක්‍ෂණ පසළොසක් ඉකුත් වූයේ වේ. ඉක්බිති එක් චිත්තක්ක්‍ෂණයක් ආයුෂ ඉතිරිව තිබියදී එම අරමුණෙහිම ප්‍රතිසන්‍ධි චිත්තය උපදියි. මෙයද අතීතාරම්මණ සහිත චුතියට අනතුරුව පච්චුප්පන්න ආරම්මණ ඇති ප්‍රතිසන්‍ධියයි. මේ පළමු කොට, අතීතාරම්මණ ඇති සුගති චුතියට අනතුරුව අතීත-පච්චුප්පන්න ආරම්මණ සහිත දුගති ප්‍රතිසන්‍ධිය පවත්නා ආකාරයයි.

දුග‍්ගතියං ඨිතස‍්ස පන උපචිතානවජ‍්ජකම‍්මස‍්ස වුත‍්තනයෙනෙව තං අනවජ‍්ජකම‍්මං වා කම‍්මනිමිත‍්තං වා මනොද‍්වාරෙ ආපාථමාගච‍්ඡතීති කණ‍්හපක‍්ඛෙ සුක‍්කපක‍්ඛං ඨපෙත්‍වා සබ‍්බං පුරිමනයෙනෙව වෙදිතබ‍්බං. අයං අතීතාරම‍්මණාය දුග‍්ගතිචුතියා අනන‍්තරා අතීතපච‍්චුප‍්පන‍්නාරම‍්මණාය සුගතිපටිසන්‍ධියා පවත‍්තනාකාරො.

[missing trans]

සුගතියං ඨිතස‍්ස පන උපචිතානවජ‍්ජකම‍්මස‍්ස “තානිස‍්ස තස‍්මිං සමයෙ ඔලම‍්බන‍්තී”තිආදිවචනතො මරණමඤ‍්චෙ නිපන‍්නස‍්ස යථූපචිතං අනවජ‍්ජකම‍්මං වා කම‍්මනිමිත‍්තං වා මනොද‍්වාරෙ ආපාථමාගච‍්ඡති. තඤ‍්ච ඛො උපචිතකාමාවචරානවජ‍්ජකම‍්මස‍්සෙව. උපචිතමහග‍්ගතකම‍්මස‍්ස පන කම‍්මනිමිත‍්තමෙව ආපාථමාගච‍්ඡති. තං ආරබ‍්භ උප‍්පන‍්නාය තදාරම‍්මණපරියොසානාය සුද‍්ධාය වා ජවනවීථියා අනන‍්තරං භවඞ‍්ගවිසයං ආරම‍්මණං කත්‍වා චුතිචිත‍්තං උප‍්පජ‍්ජති. තස‍්මිං නිරුද‍්ධෙ තමෙව ආපාථගතං කම‍්මං වා කම‍්මනිමිත‍්තං වා ආරබ‍්භ අනුපච‍්ඡින‍්නකිලෙසබලවිනාමිතං සුගතිපරියාපන‍්නං පටිසන්‍ධිචිත‍්තං උප‍්පජ‍්ජති. අයං අතීතාරම‍්මණාය චුතියා අනන‍්තරා අතීතාරම‍්මණා වා නවත‍්තබ‍්බාරම‍්මණා වා පටිසන්‍ධි.

සුගතියෙහි සිටි, නිරවද්‍ය කර්මයන් රැස් කළහුහට, “තානිස්ස තස්මිං සමයෙ ඔලම්බන්ති’ (ඕහට එකල්හි කුශල කර්මයෝ එලබෙති) යන ආදී කී හෙයින් මරණ මංචකයෙහි වැද හොත්තහු ඉදිරිපිට තමා රැස් කරගත් කුශල කර්මය හෝ එම කර්මය පිළිබඳ නිමිති හෝ මනෝද්වාරය හමුවට එයි. එය එසේ වනුයේ කාමාවචර කුශල කර්මයන් රැස් කරගත්තහුටමය. මහද්ගත කර්මයන් රැස් කරගත්හුට වනාහි කර්ම නිමිත්තම (මනෝද්වාර) හමුවට පැමිණෙයි. එම (කර්ම නිමිත්තම) අරබයා උපන් තදාරම්මණ අවසානයෙහි වූ හෝ ශුද්ධ වූ ජවන වීථියට අනතුරුව භවාංග විෂය අරමුණු කොට චුති චිත්තය උපදියි. එය පහව ගිය කල ආපාථගත වූ එම කර්මයම හෝ කර්මනිමිත්ත හෝ අරබයා, නොසිඳී පවත්නා කෙලෙස් බලයෙන් නැමුණු සුගතිගාමී වූ ප්‍රතිසන්‍ධි චිත්තය උපදියි. මේ අතීතාරම්මණ සහිත චුතියට අනතුරුව අතීතාරම්මණ හෝ නවත්තබ්බාරම්මණ සහිත ප්‍රතිසන්‍ධියයි.

අපරස‍්ස මරණසමයෙ කාමාවචරඅනවජ‍්ජකම‍්මවසෙන මනුස‍්සලොකෙ මාතුකුච‍්ඡිවණ‍්ණසඞ‍්ඛාතං වා දෙවලොකෙ උය්‍යානවිමානකප‍්පරුක‍්ඛාදිවණ‍්ණසඞ‍්ඛාතං වා සුගතිනිමිත‍්තං මනොද‍්වාරෙ ආපාථමාගච‍්ඡති, තස‍්ස දුග‍්ගතිනිමිත‍්තෙ දස‍්සිතානුක‍්කමෙනෙව චුතිචිත‍්තානන‍්තරං පටිසන්‍ධිචිත‍්තං උප‍්පජ‍්ජති. අයං අතීතාරම‍්මණාය චුතියා අනන‍්තරා පච‍්චුප‍්පන‍්නාරම‍්මණා පටිසන්‍ධි.

අනෙකකු හට මරණවස්ථායෙහි දී කාමාවචර නිරවද්‍ය කර්ම වශයෙන් මනුෂ්‍යලෝකය පිළිබඳ වූ මාතෘකුක්‍ෂි වර්ණ සංඛ්‍යාතවූ හෝ දිව්‍ය ලෝකයට අයත් උද්‍යාන, විමාන, කල්පවෘක්‍ෂ ආදී වර්ණ සංඛ්‍යාත වූ හෝ සුගති නිමිති මනෝද්වාරය හමුවට එයි. ඕහට, දුගති නිමිති පිළිබඳව (ඉහත) දක්වන ලද පිළිවෙළින්ම චුති චිත්තයට අනතුරුව ප්‍රතිසන්‍ධි චිත්තය උපදියි. මේ අතීතාරම්මණ සහිත චුතියට අනතුරුව පච්චුප්පන්නාරම්මණ සහිත ප්‍රතිසන්‍ධියයි.

අපරස‍්ස මරණසමයෙ ඤාතකා “අයං තාත තවත්‍ථාය බුද‍්ධපූජා කරීයති චිත‍්තං පසාදෙහී”ති වත්‍වා පුප‍්ඵදාමපටාකාදිවසෙන රූපාරම‍්මණං වා, ධම‍්මස‍්සවනතූරියපූජාදිවසෙන සද‍්දාරම‍්මණං වා, ධූමවාසගන්‍ධාදිවසෙන ගන්‍ධාරම‍්මණං වා, “ඉදං තාත සායස‍්සු තවත්‍ථාය දාතබ‍්බදෙය්‍යධම‍්ම”න‍්ති වත්‍වා මධුඵාණිතාදිවසෙන රසාරම‍්මණං වා, “ඉදං තාත ඵුසස‍්සු තවත්‍ථාය දාතබ‍්බදෙය්‍යධම‍්ම”න‍්ති වත්‍වා චීනපට‍්ටසොමාරපට‍්ටාදිවසෙන ඵොට‍්ඨබ‍්බාරම‍්මණං වා පඤ‍්චද‍්වාරෙ උපසංහරන‍්ති, තස‍්ස තස‍්මිං ආපාථගතෙ රූපාදිආරම‍්මණෙ යථාක‍්කමෙන උප‍්පන‍්නවොට‍්ඨබ‍්බනාවසානෙ මරණස‍්ස ආසන‍්නභාවෙන මන්‍දීභූතවෙගත‍්තා පඤ‍්ච ජවනානි, ද‍්වෙ තදාරම‍්මණානි ච උප‍්පජ‍්ජන‍්ති. තතො භවඞ‍්ගවිසයං ආරම‍්මණං කත්‍වා එකං චුතිචිත‍්තං, තදවසානෙ තස‍්මිඤ‍්ඤෙව එකචිත‍්තක‍්ඛණට‍්ඨිතිකෙ ආරම‍්මණෙ පටිසන්‍ධිචිත‍්තං උප‍්පජ‍්ජති. අයම‍්පි අතීතාරම‍්මණාය චුතියා අනන‍්තරා පච‍්චුප‍්පන‍්නාරම‍්මණා පටිසන්‍ධි.

අනෙකකුහට මරණාවස්ථාවෙහිදී, ඤාතීහු (පැමිණ) “දරුව. ඔබ වෙනුවෙන් මේ බුද්ධ පූජාව කරනු ලැබේ. සිත පහදවා ගනු යැ”යි කියා මල්දම් පතාක ආදී වශයෙන් රූපාරම්මණයන් හෝ ධර්මශ්‍රවණ, තූර්ය පූජාදී වශයෙන් සද්දාරම්මණයන් හෝ, සුවඳ දුම් සුවඳ පැන් ආදී වශයෙන් ගන්‍ධාරම්මණයන් හෝ දරුව, මෙය රස විඳිනු පිණිසය. මේ ඔබ වෙනුවෙන් දෙනු ලබන දාන වස්තුය’යි කියා මී පැණි ආදී රසාරම්මණයන් හෝ “දරුව, මේ පහස විඳිනු පිණිසය, ඔබ වෙනුවෙන් පුදනු ලබන දෙය්‍ය ධර්මය”යි පවසා චීන පට, සෝමාර පට ආදිවූ පොට්ඨබ්බාරම්මණයන් හෝ මෙසේ පංචද්වාරයන් වෙත එළවත්ද, එවිට ඔහුට ඒ රූපාදී අරමුණු ආපාථගත වීමෙන් අනුපිළිවෙළින් උපන් වොත්‍ථපන චිත්තය අවසන්හි මරණය ආසන්නව සිටීමෙන් මඳ වී ගිය වේග ඇති හෙයින් ජවන් සිත් පසක්ද, තදාරම්මණ සිත් දෙකක්ද උපදියි, ඉක්බිති භවාංග විෂය අරමුණු කොට එක් චුති චිත්තයක්ද, එය අවසන්හි එම චිත්තක්‍ෂණයෙහි සිටි එම අරමුණෙහිම ප්‍රතිසන්‍ධි චිත්තය උපදියි. මෙයද අතීතාරම්මණ සහිත චුතියට අනතුරුව පච්චුප්පන්නාරම්මණ සහිත ප්‍රතිසන්‍ධියයි.

අපරස‍්ස පන පථවීකසිණජ‍්ඣානාදිවසෙන පටිලද‍්ධමහග‍්ගතස‍්ස සුගතියං ඨිතස‍්ස මරණසමයෙ කාමාවචරකුසලකම‍්ම-කම‍්මනිමිත‍්ත-ගතිනිමිත‍්තානං වා අඤ‍්ඤතරං, පථවීකසිණාදිකං වා නිමිත‍්තං, මහග‍්ගතචිත‍්තං වා මනොද‍්වාරෙ ආපාථමාගච‍්ඡති, චක‍්ඛුසොතානං වා අඤ‍්ඤතරස‍්මිං කුසලුප‍්පත‍්තිහෙතුභූතං පණීතමාරම‍්මණං ආපාථමාගච‍්ඡති, තස‍්ස යථාක‍්කමෙන උප‍්පන‍්නවොට‍්ඨබ‍්බනාවසානෙ මරණස‍්ස ආසන‍්නභාවෙන මන්‍දීභූතවෙගත‍්තා පඤ‍්ච ජවනානි උප‍්පජ‍්ජන‍්ති. මහග‍්ගතගතිකානං පන තදාරම‍්මණං නත්‍ථි, තස‍්මා ජවනානන‍්තරංයෙව භවඞ‍්ගවිසයං ආරම‍්මණං කත්‍වා එකං චුතිචිත‍්තං උප‍්පජ‍්ජති. තස‍්සාවසානෙ කාමාවචරමහග‍්ගතසුගතීනං අඤ‍්ඤතරසුගතිපරියාපන‍්නං යථූපට‍්ඨිතෙසු ආරම‍්මණෙසු අඤ‍්ඤතරාරම‍්මණං පටිසන්‍ධිචිත‍්තං උප‍්පජ‍්ජති. අයං නවත‍්තබ‍්බාරම‍්මණාය සුගතිචුතියා අනන‍්තරා අතීතපච‍්චුප‍්පන‍්නනවත‍්තබ‍්බාරම‍්මණානං අඤ‍්ඤතරාරම‍්මණා පටිසන්‍ධි.

අනෙකෙකුහට වනාහි පඨවි කසිණ ධ්‍යාන ආදී වශයෙන් මහද්ගත කුශල සහිත සුගතියෙහි සිටීමෙන් මරණාවස්ථාවෙහිදී, කාමාවචර කුශල කර්ම, එම කර්ම නිමිති, එම ගති නිමිති යන මෙයින් එකක් හෝ, පඨවි කසිණාදියෙන් එක් නිමිත්තක් හෝ මහද්ගත චිත්තයක් හෝ මනෝද්වාරය හමුවට එයි. නැතහොත්, චක්‍ඛු-සෝත ආදියෙන් එකක් තුළ කුසල් ඉපදීමට හේතු වූ ප්‍රණීත අරමුණක් ආපාථගත වෙයි. ඔහුට අනුපිළිවෙළින් උපන් වොත්ථපන චිත්තය අවසන්හි මරණය ආසන්නව සිටීමෙන් මඳවී ගිය වේග ඇති හෙයින් ජවන් සිත් පසෙක් උපදියි. මහත්ගත ගතිකයනට වනාහි තදාරම්මණයෙක් නැත. එහෙයින් ජවනයනට අනතුරුවම භවංග විෂයය අරමුණු කොට එක් චුති චිත්තයෙක් උපදියි. එය අවසන්හි කාමාවචර, මහද්ගත යන සුගතීන් අතුරෙන් එකක් වෙතට නැඹුරුව එළඹ සිටි අරමුණු අතුරෙන් එක්තරා අරමුණක් සහිත ප්‍රතිසන්‍ධි චිත්තය උපදියි. මේ නවත්තබ්බාරම්මණ ඇති සුගති චුතියට අනතුරුව අතීත, පච්චුප්පන්න, නවත්තබ්බ යන ආරම්මණයන් අතුරෙන් එකක් අරමුණු කොට ගත් ප්‍රතිසන්‍ධියයි.

එතෙනානුසාරෙන ආරුප‍්පචුතියාපි අනන‍්තරා පටිසන්‍ධි වෙදිතබ‍්බා. අයං අතීතනවත‍්තබ‍්බාරම‍්මණාය සුගතිචුතියා අනන‍්තරා අතීතනවත‍්තබ‍්බපච‍්චුප‍්පන‍්නාරම‍්මණාය පටිසන්‍ධියා පවත‍්තනාකාරො.

මේ අනුසාරයෙන්ම අරූප චුතියට අනතුරුව සිදුවන ප්‍රතිසන්‍ධියද දතයුතුය. මේ අතීත හා නවත්තබ්බ ආරම්මණ සහිත සුගති චුතියට අනතුරුව අතීත, නවත්තබ්බ හා පච්චුප්පන්න ආරම්මණ සහිත ප්‍රතිසන්‍ධිය පවත්නා ආකාරයයි.

දුග‍්ගතියං ඨිතස‍්ස පන පාපකම‍්මිනො වුත‍්තනයෙනෙව තං කම‍්මං කම‍්මනිමිත‍්තං ගතිනිමිත‍්තං වා මනොද‍්වාරෙ. පඤ‍්චද‍්වාරෙ වා පන අකුසලුප‍්පත‍්ති හෙතුභූතං ආරම‍්මණං ආපාථමාගච‍්ඡති, අථස‍්ස යථාක‍්කමෙන චුතිචිත‍්තාවසානෙ දුග‍්ගතිපරියාපන‍්නං තෙසු ආරම‍්මණෙසු අඤ‍්ඤතරාරම‍්මණං පටිසන්‍ධිචිත‍්තං උප‍්පජ‍්ජති. අයං අතීතාරම‍්මණාය දුග‍්ගතිචුතියා අනන‍්තරා අතීතපච‍්චුප‍්පන‍්නාරම‍්මණාය පටිසන්‍ධියා පවත‍්තනාකාරොති. එත‍්තාවතා එකූනවීසතිවිධස‍්සාපි විඤ‍්ඤාණස‍්ස පටිසන්‍ධිවසෙන පවත‍්ති දීපිතා හොති.

දුගතයෙහි සිටි, පාපකාරී පුද්ගලයාහට වනාහි, මෙකී නයින්ම ඔහුගේ ඒ පාපක්‍රියාවක් හෝ කර්ම නිමිති, ගති නිමිති ආදී කිසිවක් හෝ මනෝද්වාරයෙහි අපාගත වේද, නැතහොත් පංචද්වාරයෙහි අකුසල් හට ගැනීමට හේතු වූ අරමුණක් ආපාථගත වේද, එවිට ඔහුට අනුපිළිවෙළින් ආ චුතිචිත්තය අවසන්හි එම අරමුණු අතුරෙන් දුගතියට පමුණුවන එක් අරමුණක් සහිත ප්‍රතිසන්‍ධි චිත්තය උපදියි. මේ අතීතාරම්මණ සහිත දුගති චුතිය පවත්නා ආකාරයයි. මෙතෙකින් එකුන්විසි ආකාර ඇති විඤ්ඤාණය ප්‍රතිසන්‍ධි වශයෙන් පවත්නා ආකාරය ප්‍රකාශ කරන ලද්දේ වේ.

තයිදං සබ‍්බම‍්පි එවං,

ඒ සියල්ල මෙසේයි:-

පවත‍්තමානං සන්‍ධිම‍්හි, ද‍්වෙධා කම‍්මෙන වත‍්තති; මිස‍්සාදීහි ච භෙදෙහි, භෙදස‍්ස දුවිධාදිකො.

පවත්තමානං සන්‍ධිමහි ද්වෙධා කම්මෙන වත්තති, මිස්සාදීහිච භෙදෙහි භෙදො’ස්ස දුවිධාදිකො

ප්‍රතිසන්‍ධියෙහි පවත්නා (විපාක විඤ්ඤාණය) කර්ම වශයෙන් දෙපරිද්දෙකින් පවත්නේය. තවද මිශ්‍ර වීම ආදී භේද වශයෙන් මෙහි ද්විවිධාදී වූ භේදයද වේ.

ඉදඤ‍්හි එකූනවීසතිවිධම‍්පි විපාකවිඤ‍්ඤාණං පටිසන්‍ධිම‍්හි පවත‍්තමානා ද‍්වෙධා කම‍්මෙන වත‍්තති. යථාසකඤ‍්හි එකස‍්ස ජනකකම‍්මං නානාක‍්ඛණිකකම‍්මපච‍්චයෙන චෙව උපනිස‍්සයපච‍්චයෙන ච පච‍්චයො හොති. වුත‍්තඤ‍්හෙතං “කුසලාකුසලං කම‍්මං විපාකස‍්ස උපනිස‍්සයපච‍්චයෙන පච‍්චයො”ති (පට‍්ඨා· 1.1.423). එවං වත‍්තමානස‍්ස පනස‍්ස මිස‍්සාදීහි භෙදෙහි දුවිධාදිකොපි භෙදො වෙදිතබ‍්බො.

මේ එකුන්විසි වැදෑරුම් විපාක විඤ්ඤාණය ප්‍රතිසන්‍ධියෙහි පවත්නා විට කර්ම වශයෙන් දෙපරිද්දෙකින් පවතියි. (කෙනකු විසින්) කරන ලද කර්මයට අනුරූපව විපාක උපදවන කර්මය නානාක්‍ෂණික කර්ම ප්‍රත්‍යය වශයෙන්ද, උපනිශ්‍රය ප්‍රත්‍යය වශයෙන්ද ප්‍රත්‍යය වේ. කියන ලද මැයි:- “කුසලාකුසලං කම්මං විපාකස්ස උපනිස්සය පච්චයෙන පච්චයො’ති (කුසල අකුශල කර්මය විපාකයට උපනිශ්‍රය ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ) යනුයි. මෙසේ පවත්නා මේ විපාක විඤ්ඤාණය රූපය හා සමග මිශ්‍ර වීම් ආදී භේදයෙන් ද්විවිධාදී වූ භේදයද දතයුතුය.

සෙය්‍යථිදං – ඉදඤ‍්හි පටිසන්‍ධිවසෙන එකධා පවත‍්තමානම‍්පි රූපෙන සහ මිස‍්සාමිස‍්සභෙදතො දුවිධං. කාමරූපාරූපභවභෙදතො තිවිධං. අණ‍්ඩජජලාබුජ-සංසෙදජ-ඔපපාතිකයොනිවසෙන චතුබ‍්බිධං. ගතිවසෙන පඤ‍්චවිධං. විඤ‍්ඤාණට‍්ඨිතිවසෙන සත‍්තවිධං. සත‍්තාවාසවසෙන අට‍්ඨවිධං හොති.

ඒ මෙසේයි: “මේ විපාක විඤ්ඤාණය ප්‍රතිසන්‍ධි වශයෙන් ඒකවිධව පවත්නේ නමුදු රූපය සමග මිශ්‍ර හෝ අමිශ්‍ර වීමේ භේදයෙන් ද්විවිධ වේ. කාම, රූප, හා අරූප භේද වශයෙන් ත්‍රිවිධ වේ. අණ්ඩජය, ජලාබුජය, සංසේදජය, ඕපපාතිකය යන යෝනි වශයෙන් චතුර්විධ වේ. ගති වශයෙන් පංචවිධ වේ. විඤ්ඤාණට්ඨිති වශයෙන් සප්තවිධ වේ. සත්‍වාවාස වශයෙන් අෂ්ටවිධ වේ.

තත්‍ථ,

එහි:-

මිස‍්සං ද‍්විධා භාවභෙදා, සභාවං තත්‍ථ ච ද‍්විධා; ද‍්වෙ වා තයො වා දසකා, ඔමතො ආදිනා සහ.

මිස්සං ද්විධා භාව‌භෙදා සභාවා තත්‍ථ ච ද්විධා ද්වෙ වා තයො වා දසකා ඔමතො ආදිනා සහ

රූප මිශ්‍ර ප්‍රතිසන්‍ධි විඤ්ඤාණය භාව භේදයෙන් (ස්ත්‍රී හෝ පුරුෂ භාවය ඇතිව හෝ නැතිව) ද්විවිධ වේ. මුලින් සඳහන් (රූප මිශ්‍ර ප්‍රතිසන්‍ධි විඤ්ඤාණය) සමග යටත් පිරිසෙයින් දශක දෙකක් හෝ තුනක් වේ.

මිස‍්සං ද‍්විධා භාවභෙදාති යං හෙතං එත්‍ථ අඤ‍්ඤත්‍ර අරූපභවා රූපමිස‍්සං පටිසන්‍ධිවිඤ‍්ඤාණං උප‍්පජ‍්ජති, තං රූපභවෙ ඉත්‍ථින්‍ද්‍රියපුරිසින්‍ද්‍රියසඞ‍්ඛාතෙන භාවෙන විනා උප‍්පත‍්තිතො. කාමභවෙ අඤ‍්ඤත්‍ර ජාතිපණ‍්ඩකපටිසන්‍ධියා භාවෙන සහ උප‍්පත‍්තිතො ස-භාවං, අ-භාවන‍්ති දුවිධං හොති.

“මිස්සං ද්විධා භාවභේදා” යනු, මෙහි, අරූප භවයෙහි යම් මේ රූපමිශ්‍ර ප්‍රතිසන්‍ධි විඤ්ඤාණයක් උපදීද, එය රූපභවයෙහිදී ස්ත්‍රීන්‍ද්‍රිය - පුරුෂේන්‍ද්‍රිය භාවයෙන් තොරව උපදනා හෙයින්ද, කාමභවයෙහිදී ජාතිනපුංසක ප්‍රතිසන්‍ධිය හැර (ස්ත්‍රී-පුරුෂ) භාවය ඇතිවම උපදනා හෙයින්ද, සභාව (භාව සහිත)ය, අභාව (භාව රහිතය) යයි ද්විවිධ වේ.

සභාවං තත්‍ථ ච ද‍්විධාති තත්‍ථාපි ච යං ස-භාවං, තං ඉත්‍ථිපුරිසභාවානං අඤ‍්ඤතරෙන සහ උප‍්පත‍්තිතො දුවිධමෙව හොති.

“සභාවං තත්‍ථච ද්විධා” යනු, එහිද, ‘සභා’ නම් යමක් වේද, එයද ස්ත්‍රී - පුරුෂ භාවයන් අතුරෙන් එක් භාවයක් සහිතව උපදනා හෙයින් එයද නැවත ද්විවිධ වේ.

ද‍්වෙ වා තයො වා දසකා ඔමතො ආදිනා සහාති යං හෙතමෙත්‍ථ “මිස‍්සං අමිස‍්ස”න‍්ති දුකෙ ආදිභූතං රූපමිස‍්සං පටිසන්‍ධිවිඤ‍්ඤාණං, තෙන සහ වත්‍ථුකායදසකවසෙන ද‍්වෙ වා, වත්‍ථුකායභාවදසකවසෙන තයො වා දසකා ඔමතො උප‍්පජ‍්ජන‍්ති, නත්‍ථි ඉතො පරං රූපපරිහානීති. තං පනෙතං එවං ඔමකපරිමාණං උප‍්පජ‍්ජමානං අණ‍්ඩජජලාබුජනාමිකාසු ද‍්වීසු යොනීසු ජාතිඋණ‍්ණාය එකෙන අංසුනා උද‍්ධටසප‍්පිමණ‍්ඩප‍්පමාණං කලලන‍්ති ලද‍්ධසඞ‍්ඛං හුත්‍වා උප‍්පජ‍්ජති. තත්‍ථ යොනීනං ගතිවසෙන සම‍්භවභෙදො වෙදිතබ‍්බො.

“ද්වෙ වා තයො වා දසකා ඔමතො ආදිනා සහ” යනු, මෙහි යම් මේ මිශ්‍රය, අමිශ්‍රය යන දෙකින් මුලින් සඳහන් රූපමිශ්‍ර වූ ප්‍රතිසන්‍ධි විඤ්ඤාණයක් වේද, එය හා සමග යටත් පිරිසෙයින් වස්තු - කාය වශයෙන් දශක හෝ, වස්තු-කාය-භාව දශක වශයෙන් තුනක් හෝ උපදියි. මෙයට අධික රූපපරිහාණියෙක් නැති (අඩුවීමෙක් නැත) මෙසේ ඒ අවම රූපපරිමාණය අණ්ඩජය, ජලාබුජය යන දෙ-යෝනියෙහි උපදනා විට, එදා උපන් (එළු පොව්වකුගේ) එක් රෝමයෙක කොණෙකින් නගාගත හැකි ගිතෙල් පොදක් තරම් ඇතිව, ‘කලලය’යි යන නමක් ලබා උපදියි. එහි යෝනීන්ගේ සම්භව භේදය ගති වශයෙන් දතයුතුය;

එතාසු හි,

මේ යෝනීන් කෙරෙහි:-

නිරයෙ භුම‍්මවජ‍්ජෙසු, දෙවෙසු ච න යොනියො; තිස‍්සො පුරිමිකා හොන‍්ති, චතස‍්සොපි ගතිත‍්තයෙ.

නිරයෙ භූම්මවජ්ජෙසු දෙවෙසු ච න යොනියො තිස්සො පුරිමකා හොති චතස්සො’පි ගතිත්තයෙ

නිරයෙහිද, භූම්‍යස්ත දෙවියන් හැර සෙසු දෙවියන් කෙරෙහිද පළමු යෝනි තුන නොවේ; (ඕපපාතික යෝනියම වේ) සෙසු තුන් ගතියෙහි යෝනි සතරම වේ.

තත්‍ථ දෙවෙසු චාති චසද‍්දෙන යථා නිරයෙ ච භුම‍්මවජ‍්ජෙසු ච දෙවෙසු, එවං නිජ‍්ඣාමතණ‍්හිකපෙතෙසු ච පුරිමිකා තිස‍්සො යොනියො න සන‍්තීති වෙදිතබ‍්බා. ඔපපාතිකා එව හි තෙ හොන‍්ති. සෙසෙ පන තිරච‍්ඡානපෙත‍්තිවිසයමනුස‍්සසඞ‍්ඛාතෙ ගතිත‍්තයෙ පුබ‍්බෙ වජ‍්ජිතභුම‍්මදෙවෙසු ච චතස‍්සොපි යොනියො හොන‍්ති. තත්‍ථ,

එහි “දෙවෙසු ච”යි යන මෙහි ච-ශබ්දයෙන්, නිරයෙහි හා බූමාටු දෙවියන් හැර සෙසු දෙවියන් කෙරෙහි මෙන්ම, නිජ්ඣාමතණ්හික නම් ප්‍රේත නිකායෙහිද පළමු යෝනි තුන නොවෙති’යි දතයුතුය. සෙසු තිර්යක්, ප්‍රේත, මනුෂ්‍ය යන තුන්ගතියෙහිද පළමු නිෂේධ කළ බූමාටු දෙවියන් කෙරෙහිද යෝනි සතරම වේ. එහි:-

තිංස නව චෙව රූපීසු, සත‍්තති උක‍්කංසතොථ රූපානි; සංසෙදුපපාතයොනිසු, අථ වා අවකංසතො තිංස.

තිංස නව චෙව රූපීසු සත්තති උක්කංසතො’ථ රූපානි, සංසේදුපපාත යොනිසු අථවා අවකංසතො තිංස

රූපීන් කෙරෙහි තිසකුත් නවයක්ද, උපරිම වශයෙන් සැත්තෑවක්ද රූප වේ. නොහොත් සංසේදජය, ඕපාතිකය යන යෝනි දෙක්හි අවම වශයෙන් තිසක් වේ.

රූපීබ්‍රහ‍්මෙසු තාව ඔපපාතිකයොනිකෙසු චක‍්ඛුසොතවත්‍ථුදසකානං ජීවිතනවකස‍්ස චාති චතුන‍්නං කලාපානං වසෙන තිංස ච නව ච පටිසන්‍ධිවිඤ‍්ඤාණෙන සහ රූපානි උප‍්පජ‍්ජන‍්ති. රූපී බ්‍රහ‍්මෙ පන ඨපෙත්‍වා අඤ‍්ඤෙසු සංසෙදජඔපපාතිකයොනිකෙසු උක‍්කංසතො චක‍්ඛුසොතඝානජිව‍්හාකායවත්‍ථුභාවදසකානං වසෙන සත‍්තති, තානි ච නිච‍්චං දෙවෙසු. තත්‍ථ වණ‍්ණො ගන්‍ධො රසො ඔජා චතස‍්සො චාපි ධාතුයො චක‍්ඛුපසාදො ජීවිතන‍්ති අයං දසරූපපරිමාණො රූපපුඤ‍්ජො චක‍්ඛුදසකො නාම. එවං සෙසා වෙදිතබ‍්බා . අවකංසතො පන ජච‍්චන්‍ධබධිරඅඝානකනපුංසකස‍්ස ජිව‍්හාකායවත්‍ථුදසකානං වසෙන තිංස රූපානි උප‍්පජ‍්ජන‍්ති. උක‍්කංසාවකංසානං පන අන‍්තරෙ අනුරූපතො විකප‍්පො වෙදිතබ‍්බො.

පළමුකොට ඕපපාතික යෝනි ඇති රූපී බ්‍රහ්මයන් කෙරෙහි චක්‍ඛු, සෝත, වත්‍ථු දසකයන්ගේ හා ජීවිත නවක (ජීවිතය නවවැන්න කොට ඇති) රූපකලාපයන්ගේදැයි යන මේ චතුෂ්කලාපයන්ගේ වශයෙන් (තිසකුත් නවයක්දැයි) රූප තිස් නවයක් ප්‍රතිසන්‍ධි විඤ්ඤාණය හා සමග උපදියි. රූපී බ්‍රහ්මයන් හැර අන්‍ය වූ සංසේදජ, ඕපපාතික යෝනීන් කෙරෙහි උඩත් පිරිසෙයින් චක්‍ඛු, සෝත, ඝාණ, ජීව්හා, කාය, වත්‍ථු, භාව යන දශකයන්ගේ වශයෙන් සැත්තෑවක් උපදියි. එම සැත්තෑව දෙවියන් කෙරෙහි නිත්‍යයෙන් වේ. එහි වණ්ණ, ගන්‍ධ, රස, ඕජා යන සතරද, ධාතූන් සතරද, චක්‍ඛුප්පසාදයද, ජීවිතයදැයි යන දශයෙන් පරිමිත රූප සමූහය චක්‍ඛු දසක නමි. සෙසු දසකද මෙනයින් දතයුතුයි. ජාත්‍යන්‍ධය, ජාතිබධිරය අඝාණකය, නපුංසකය යන මොවුන් කෙරෙහි අවම වශයෙන් ජිව්හා, කාය, වත්‍ථු දසකයන් වශයෙන් රූප තිසක් උපදියි. උපරිම හා අවම රූපීන් අතර විකල්පය අනුරූප වූ පරිදි දතයුතුය.

එවං විදිත්‍වා පුන,

මෙසේ දැන යලිදු:-

ඛන්‍ධාරම‍්මණගතිහෙතු-වෙදනාපීතිවිතක‍්කවිචාරෙහි; භෙදාභෙදවිසෙසො, චුතිසන්‍ධීනං පරිඤ‍්ඤෙය්‍යො.

ඛන්‍ධාරම්මණ ගති හෙතු වෙදනා පීති විතක්ක විචාරෙහි භෙදාභෙද විසෙසො චුතිසන්‍ධීනං පරිඤ්ඤෙය්‍යො

ඛන්‍ධ-ආරම්මණ-ගති-හේතු-වේදනා-පීති-විතක්ක-විචාර යන මොවුන්ගේ වශයෙන් චුති-පටිසන්‍ධීන් පිළිබඳ (මිශ්‍ර, අමිශ්‍ර) භේදාභේද විශේෂය දතයුතුය.

යා හෙසා මිස‍්සාමිස‍්සතො දුවිධා පටිසන්‍ධි, යා චස‍්සා අතීතානන‍්තරා චුති, තාසං ඉමෙහි ඛන්‍ධාදීහි භෙදාභෙදවිසෙසො ඤාතබ‍්බොති අත්‍ථො.

යම් මේ මිශ්‍ර-අමිශ්‍ර වශයෙන් ද්විවිධ වූ ප්‍රතිසන්‍ධියක් වේද, එසේම එයට අතීතානන්තරවූ (පෙරාතුව සිදුවූ) චුතියක් වේද, යන මේ දෙකෙහි භේද අභේද විශේෂය මේ ස්කන්‍ධාදිය අනුව දතයුතුය යන අර්ත්‍ථයි.

කථං? කදාචි හි චතුක‍්ඛන්‍ධාය ආරුප‍්පචුතියා අනන‍්තරා චතුක‍්ඛන්‍ධාව ආරම‍්මණතොපි අභින‍්නා පටිසන්‍ධි හොති. කදාචි අමහග‍්ගතබහිද‍්ධාරම‍්මණාය මහග‍්ගතඅජ‍්ඣත‍්තාරම‍්මණා. අයං තාව අරූපභූමීසුයෙව නයො. කදාචි පන චතුක‍්ඛන්‍ධාය අරූපචුතියා අනන‍්තරා පඤ‍්චක‍්ඛන්‍ධා කාමාවචරපටිසන්‍ධි . කදාචි පඤ‍්චක‍්ඛන්‍ධාය කාමාවචරචුතියා රූපාවචරචුතියා වා අනන‍්තරා චතුක‍්ඛන්‍ධා අරූපපටිසන්‍ධි. එවං අතීතාරම‍්මණාය චුතියා පච‍්චුප‍්පන‍්නාරම‍්මණා පටිසන්‍ධි. එකච‍්චසුගතිචුතියා එකච‍්චදුග‍්ගතිපටිසන්‍ධි. අහෙතුකචුතියා සහෙතුකපටිසන්‍ධි. දුහෙතුකචුතියා තිහෙතුකපටිසන්‍ධි. උපෙක‍්ඛාසහගතචුතියා සොමනස‍්සසහගතපටිසන්‍ධි. අප‍්පීතිකචුතියා සප‍්පීතිකපටිසන්‍ධි. අවිතක‍්කචුතියා සවිතක‍්කපටිසන්‍ධි. අවිචාරචුතියා සවිචාරපටිසන්‍ධි. අවිතක‍්කාවිචාරචුතියා සවිතක‍්කසවිචාරපටිසන්‍ධීති තස‍්ස තස‍්ස විපරීතතො ච යථායොගං යොජෙතබ‍්බං.

කෙසේද යත්:- ඇතැම් විටෙක (රූපස්කන්‍ධය හැර) ස්කන්‍ධ සතරින් යුත් අරූප චුතියට අනතුරුව අරමුණු වශයෙන්ද නොවෙනස් ස්කන්‍ධ සතරින්ම යුත්, ප්‍රතිසන්‍ධිය වේ; ඇතැම් විටෙක, මහද්ගත නොවූ බාහිර අරමුණු සහිත චුතියෙන් අනතුරුව, මහද්ගතවූ අභ්‍යන්තර අරමුණු සහිත ප්‍රතිසන්‍ධිය වේ; මේ වනාහි පළමු කොට අරූප ලෝකවලම සිදුවන ක්‍රමයයි. ඇතැම් විටෙක වනාහි ස්කන්‍ධ සතරින් යුත් අරූප චුතියට අනතුරුව ස්කන්‍ධ පසම ඇති කාමාවචර ප්‍රතිසන්‍ධිය වේ. ඇතැම් විටෙක ස්කන්‍ධ පසින් යුත් කාමාවචර චුතියට හෝ රූපාවචර චුතියට අනතුරුව ස්කන්‍ධ සතරින් යුත් අරූපාවචර ප්‍රතිසන්‍ධිය වේ. මෙසේ අතීත ආලම්බන සහිත චුතියට අනතුරුව අතීත-නවත්තබ්බ-පච්චුප්පන්න ආලම්බන සහිත ප්‍රතිසන්‍ධිය වේ; ඒකාන්ත සුගති චුතියට අනතුරුව ඒකාන්ත දුර්ගති ප්‍රතිසන්‍ධියද, අහේතුක චුතියට අනතුරුව සහේතුක ප්‍රතිසන්‍ධියද, ද්විහේතුක චුතියට අනතුරුව ත්‍රිහේතුක ප්‍රතිසන්‍ධියද. උපේක්‍ෂා සහගත චුතියට අනතුරුව සෝමනස්ස සහගත ප්‍රතිසන්‍ධියද, අප්‍රීතික චුතියට අනතුරුව සප්‍රීතික ප්‍රතිසන්‍ධියද, අවිතර්ක චුතියට අනතුරුව සෝමනස්ස සහගත ප්‍රතිසන්‍ධියද, අප්‍රීතික චුතියට අනතුරුව සප්‍රීතික ප්‍රතිසන්‍ධියද, අවිතර්ක චුතියට අනතුරුව සවිතර්ක ප්‍රතිසන්‍ධියද, අවිචාර චුතියට අනතුරුව සවිචාර ප්‍රතිසන්‍ධියද, අවිතර්ක අවිචාර චුතියට අනතුරුව සවිතර්ක සවිචාර ප්‍රතිසන්‍ධියදැයි මෙසේ එකිනෙකට විපරීත වශයෙන්ද යෝග්‍ය වන පරිදි යෙදිය යුතුය.

ලද‍්ධපච‍්චයමිති ධම‍්මමත‍්තමෙතං භවන‍්තරමුපෙති; නාස‍්ස තතො සඞ‍්කන‍්ති, න තතො හෙතුං විනා හොති.

ලද්ධපච්චයමිති ධම්මමත්තමෙතං භවන්තරමුපෙති, නාස්ස තතො සඞ්කන්ති න තතො හෙතුං විනා හොති

මෙසේ ලද ප්‍රත්‍යය ඇති මේ ධර්මමාත්‍රය භවාන්තරයට යෙයි, එහි (එම ධර්ම මාත්‍රයෙහි) ඔබින් සංක්‍රමණයක් නොවේ. හේතුවෙකින් තොරව එසේ නොවේ.

ඉති හෙතං ලද‍්ධපච‍්චයං රූපාරූපධම‍්මමත‍්තං උප‍්පජ‍්ජමානං භවන‍්තරමුපෙතීති වුච‍්චති, න සත‍්තො, න ජීවො. තස‍්ස ච නාපි අතීතභවතො ඉධ සඞ‍්කන‍්ති අත්‍ථි. නාපි තතො හෙතුං විනා ඉධ පාතුභාවො. තයිදං පාකටෙන මනුස‍්සචුතිපටිසන්‍ධික‍්කමෙන පකාසයිස‍්සාම.

මෙසේ අතීත භවයෙන් ප්‍රත්‍යය ලැබ උපදින රූපාරූප ධර්මමාත්‍රය භවාන්තරයට යෙති’ යි කියනු ලැබේ; සත්වයෙක් හෝ ජීවියෙක් (භවාන්තරගත) නොවේ. එම ධර්මමාත්‍රයෙහිද අතීත භවයෙන් මේ භවයට සංක්‍රමණයෙක් නොවේ; හේතුවක් නොමැතිව මෙහි පහළ වීමෙක්ද නැත. මේ කරුණ (වඩාත් ප්‍රකට වූ මනුෂ්‍ය චුති ප්‍රතිසන්‍ධි ක්‍රමයෙන් ප්‍රකාශ කරන්නෙමු:-

අතීතභවස‍්මිං හි සරසෙන උපක‍්කමෙන වා සමාසන‍්නමරණස‍්ස අසය‍්හානං සබ‍්බඞ‍්ගපච‍්චඞ‍්ගසන්‍ධිබන්‍ධනච‍්ඡෙදකානං මාරණන‍්තිකවෙදනාසත්‍ථානං සන‍්නිපාතං අසහන‍්තස‍්ස ආතපෙ පක‍්ඛිත‍්තහරිතතාලපණ‍්ණමිව කමෙන උපසුස‍්සමානෙ සරීරෙ නිරුද‍්ධෙසු චක‍්ඛාදීසු ඉන්‍ද්‍රියෙසු හදයවත්‍ථුමත‍්තෙ පතිට‍්ඨිතෙසු කායින්‍ද්‍රියමනින්‍ද්‍රියජීවිතින්‍ද්‍රියෙසු තඞ‍්ඛණාවසෙසහදයවත්‍ථුසන‍්නිස‍්සිතං විඤ‍්ඤාණං ගරුකසමාසෙවිතාසන‍්නපුබ‍්බකතානං අඤ‍්ඤතරං ලද‍්ධාවසෙසපච‍්චයසඞ‍්ඛාරසඞ‍්ඛාතං කම‍්මං, තදුපට‍්ඨාපිතං වා කම‍්මනිමිත‍්තගතිනිමිත‍්තසඞ‍්ඛාතං විසයං ආරබ‍්භ පවත‍්තති. තදෙවං පවත‍්තමානං තණ‍්හාවිජ‍්ජානං අප‍්පහීනත‍්තා අවිජ‍්ජාපටිච‍්ඡාදිතාදීනවෙ තස‍්මිං විසයෙ තණ‍්හා නාමෙති, සහජාතසඞ‍්ඛාරා ඛිපන‍්ති. තං සන‍්තතිවසෙන තණ‍්හාය නාමියමානං සඞ‍්ඛාරෙහි ඛිප‍්පමානං ඔරිමතීරරුක‍්ඛවිනිබද‍්ධරජ‍්ජුමාලම‍්බිත්‍වා මාතිකාතික‍්කමකො විය පුරිමඤ‍්ච නිස‍්සයං ජහති, අපරඤ‍්ච කම‍්මසමුට‍්ඨාපිතං නිස‍්සයං අස‍්සාදයමානං වා අනස‍්සාදයමානං වා ආරම‍්මණාදීහියෙව පච‍්චයෙහි පවත‍්තතීති.

අතීත භවයෙහි දී ස්වාභාවිකව හෝ උපක්‍රම හේතුවෙන් මරණාසන්නව සිටියකුගේ සියලු අංගප්‍රත්‍යංග සන්‍ධි බන්‍ධනයන් සිඳලන සුලු මාරාන්තික වේදනා නමැති ශාස්ත්‍රයන්ගේ එක්තැන් වීම නො-ඉවසිය හැකි වූවකුගේ ශරීරය, අව්වෙහි ලු හරිතවර්ණ වූ තල්පතක් සෙයින් ක්‍රමයෙන් වියලී යන කල්හි, චක්‍ඛු ආදී ඉන්‍ද්‍රියයන් නිරුද්ධව ගිය පසු, කායින්‍ද්‍රිය, මනින්‍ද්‍රිය, ජීවිතින්‍ද්‍රියයන් හෘදය වස්තු මාත්‍රයෙහි පිහිටි කල්හි, එකෙණෙහි හෘදය වස්තුව ඇසුරුකොට ශේෂ වූ විඤ්ඤාණය, (ආනන්තරිය ආදී) ගරුකම්ම, සමාසේවිත (ආචිණ්ණ) කම්ම, ආසන්න කම්ම, පුරාකෘත (අපරාපරිය වේදනීය) කම්ම යන මොවුනතුරෙන්, ලබන ලද (අවිද්‍යා ආදී) අවශේෂ ප්‍රත්‍යය ඇති, සංඛාර සංඛ්‍යාත වූ එක්තරා කර්මයක් හෝ, එම කර්මය විසින් එළවන ලද කර්මනිමිත්ත, ගති නිමිත්ත සංඛ්‍යාත විෂයයක් හෝ ඇරබ පවතියි. මෙසේ පවත්නා එම (ප්‍රතිසන්‍ධි) විඤ්ඤාණය, ප්‍රහීණ නොකළ තෘෂ්ණා අවිද්‍යාදිය ඇති හෙයින්, අවිද්‍යාවෙන් වැසුණු ආදීනව සහිත එම විෂයය වෙතට තෘෂ්ණාව විසින් නැඹුරු කරවනු ලබයි. සහජාත සංඛාරයන් විසින් එහි හෙලනු ලබයි. එම ප්‍රතිසන්‍ධි විඤ්ඤාණය තෘෂ්ණාව විසින් සන්තති වශයෙන් නමනු ලබමින්, සංඛාරයන් විසින් හෙලනු ලබමින් මෙතෙර ගසක බැඳි කඹයක එල්බ ඇලෙකින් එතෙර වන්නකු සෙයින් පූර්ව භවය හා සමග බැඳුණ නිශ්‍රය වස්තූන් හැර දමයි, කර්මය විසින් පිහිටුවන ලද පශ්චිම භවය පිළිබඳ නිශ්‍රය වස්තූන් ආස්වාද කෙරෙමින් හෝ නොකෙරෙමින් හෝ ආලම්බනාදී වූ ප්‍රත්‍යයන් හා සමගම පවතියි;

එත්‍ථ ච පුරිමං චවනතො චුති. පච‍්ඡිමං භවන‍්තරාදිපටිසන්‍ධානතො පටිසන්‍ධීති වුච‍්චති . තදෙතං නාපි පුරිමභවා ඉධාගතං, නාපි තතො කම‍්මසඞ‍්ඛාරනතිවිසයාදිහෙතුං විනා පාතුභූතන‍්ති වෙදිතබ‍්බං.

මෙහි පූර්ව චිත්තය ගිලිහෙන (චවනතො) හෙයින් ‘චුති’ නම්වේ. පශ්චිමය භවාන්තරාදිය හා සමග ගලපන (පටිසන්‍ධානතො) හෙයින් ‘පටිසන්‍ධි’ යයි කියනු ලැබේ. එම ප්‍රති-සන්‍ධිය පූර්වභාවයෙන් මෙහි ආයේ නොවේ. කර්ම සංස්කාරයන්ගේ නැමීම් වශයෙන් පැවති විෂය ආදී හේතුවකින් තොරව එම භවයෙන් මෙහි පහළ වූයේද නොවෙති’යි දතයුතුය.

සියුං නිදස‍්සනානෙත්‍ථ, පටිඝොසාදිකා අථ; සන‍්තානබන්‍ධතො නත්‍ථි, එකතා නාපි නානතා.

සියුං නිදස්සනානෙත්‍ථ පටිඝොසාදිකා අථ, සන්තාන බද්ධතො නත්‍ථි එකතා නාපි නානතා

මෙහිලා පටිඝොස (ප්‍රතිරාව) ආදී නිදසුන් ඇත. සන්තති (චිත්ත පරම්පරා) වශයෙන් බැඳී ඇති හෙයින් මෙහි ඒකත්‍වයක් හෝ නානත්වයක් නැත.

එත්‍ථ චෙතස‍්ස විඤ‍්ඤාණස‍්ස පුරිමභවතො ඉධ අනාගමනෙ, අතීතභවපරියාපන‍්නහෙතූති ච උප‍්පාදෙ පටිඝොස-පදීප-මුද‍්දා-පටිබිම‍්බප‍්පකාරා ධම‍්මා නිදස‍්සනානි සියුං. යථා හි පටිඝොස-පදීප-මුද‍්දා-ඡායා සද‍්දාදිහෙතුකා හොන‍්ති අඤ‍්ඤත්‍ර අගන‍්ත්‍වා එවමෙවං ඉදං චිත‍්තං.

තවද මෙම විඤ්ඤාණය පූර්ව භවයෙන් මෙහි නොඑන බවටද, අතීත භවය කරා දිවෙන හේතූන්ගෙන් එහි උපත වන බවටද ප්‍රතිරාව, ප්‍රදීප, මුද්‍රා, ප්‍රතිබිම්බ ආදිය නිදසුන් වේ. යම්සේ වනාහි ප්‍රතිරාව, ප්‍රදීප, මුද්‍රා ඡායා ආදිය ශබ්ද ආදිය හේතු කොට සිදුවේද, අන් තැනෙක නොගොසින්ම (තුබූ තැනම තිබියදීම), සිදුවේද, මේ සිතද එසේමය.

එත්‍ථ ච සන‍්තානබන්‍ධතො නත්‍ථි එකතා නාපි නානතා. යදි හි සන‍්තානබන්‍ධෙ සති එකන‍්තමෙකතා භවෙය්‍ය, න ඛීරතො දධි සම‍්භූතං සියා. අථාපි එකන‍්තනානතා භවෙය්‍ය, න ඛීරස‍්සාධීනො දධි සියා. එස නයො සබ‍්බහෙතුහෙතුසමුප‍්පන‍්නෙසු. එවඤ‍්ච සති සබ‍්බලොකවොහාරලොපො සියා, සො ච අනිට‍්ඨො. තස‍්මා එත්‍ථ න එකන‍්තමෙකතා වා නානතා වා උපගන‍්තබ‍්බාති.

තවද මෙහි සන්තාන බද්ධතා හේතුවෙන් එකත්‍වයෙක් නැත. නානත්‍වයෙක්ද නැත. ඉදින් සන්තාන බද්ධතාව ඇතිකල ඒකාන්ත ඒකත්‍වයක් වෙතොත්, කිරෙන් දී හටගැනීමෙක් නොවන්නේය, තවද? ඒකාන්ත නානත්‍වයක් වෙතොත් කිරට දී පිළිබඳ සබඳතාවක් නොවන්නේය. හේතු සමුත්පන්න වූ සියලු වස්තූන් පිළිබඳව මෙම නයයි. එසේ වූ කල්හි සියලු ලෝක ව්‍යවහාරය ලොප් වන්නේය; එයද අනිෂ්ටය. එහෙයින් මෙහිලා ඒකාන්ත ඒකත්‍වයට හෝ ඒකාන්ත නානත්‍වයට නො එළඹිය යුතුය.

එත්‍ථාහ – නනු එවං අසඞ‍්කන‍්තිපාතුභාවෙ සති යෙ ඉමස‍්මිං මනුස‍්සත‍්තභාවෙ ඛන්‍ධා, තෙසං නිරුද‍්ධත‍්තා, ඵලපච‍්චයස‍්ස ච කම‍්මස‍්ස තත්‍ථ අගමනතො අඤ‍්ඤස‍්ස අඤ‍්ඤතො ච තං ඵලං සියා, උපභුඤ‍්ජකෙ ච අසති කස‍්ස තං ඵලං සියා, තස‍්මා න සුන්‍දරමිදං විධානන‍්ති. තත්‍රිදං වුච‍්චති –

මෙහිලා මෙවන් චෝදනාවක් (ප්‍රශ්නයක්) නැඟිය හැකිය:- ‘‘මෙසේ සංක්‍රමණයෙන් තොර පහළ වීමක් ඇතොත් මේ මනුෂ්‍යාත්මභාවයෙහිදී පැවැති ස්කන්‍ධයන් නිරුද්ධ වන හෙයින් ඵලයට හේතු වූ ප්‍රත්‍යය වූ කර්මයද එහි නොයන හෙයින් එම ඵලය එකකුගෙන් අනෙකකුට යාහැකිය; අනුභව කරන්නකු නැති කල කවරකු වෙත එම ඵලය යන්නේද? එහෙයින් මේ විධානය යෝග්‍ය නොවන්නේ නොවේද?” යනුවෙනි. එහිලා මේ පරිහාරය (විසඳීම) කියනු ලැබේ:-

සන‍්තානෙ යං ඵලං එතං, නාඤ‍්ඤස‍්ස න ච අඤ‍්ඤතො; බීජානං අභිසඞ‍්ඛාරො, එතස‍්සත්‍ථස‍්ස සාධකො.

සන්තානෙ යං ඵලං එතං නාඤ්ඤස්ස නච අඤ්ඤතො ඛීජානං අභිසංඛාරො එතස්සත්‍ථස්ස සාධකො

(ප්‍රතිසන්‍ධි විඤ්ඤාණාදී වූ) සන්තතියෙහි යම් (කර්ම) ඵලයක් වෙතොත්, එය එකකුගෙන් අනෙකකුට නොවන්නේය. බීජයන් පිළිබඳ සංස්කාරය (සැකසීම) මෙම කාරණයට සාධක (නිදසුන්) වේ.

එකසන‍්තානස‍්මිං හි ඵලං උප‍්පජ‍්ජමානං තත්‍ථ එකන‍්තඑකත‍්තනානත‍්තානං පටිසිද‍්ධත‍්තා අඤ‍්ඤස‍්සාති වා අඤ‍්ඤතොති වා න හොති. එතස‍්ස ච පනත්‍ථස‍්ස බීජානං අභිසඞ‍්ඛාරො සාධකො. අම‍්බබීජාදීනං හි අභිසඞ‍්ඛාරෙසු කතෙසු තස‍්ස බීජස‍්ස සන‍්තානෙ ලද‍්ධපච‍්චයො කාලන‍්තරෙ ඵලවිසෙසො උප‍්පජ‍්ජමානො න අඤ‍්ඤබීජානං, නාපි අඤ‍්ඤාභිසඞ‍්ඛාරපච‍්චයා උප‍්පජ‍්ජති , න ච තානි බීජානි, තෙ අභිසඞ‍්ඛාරා වා ඵලට‍්ඨානං පාපුණන‍්ති, එවං සම‍්පදමිදං වෙදිතබ‍්බං. විජ‍්ජාසිප‍්පොසධාදීහි චාපි බාලසරීරෙ උපයුත‍්තෙහි කාලන‍්තරෙ වුඩ‍්ඪසරීරාදීසු ඵලදෙහි අයමත්‍ථො වෙදිතබ‍්බො.

එක් සන්තතියෙක්හි උපදනා ඵලය පිළිබඳව ඒකාන්ත ඒකත්‍වය මෙන්ම ඒකාන්ත නානත්වයද ප්‍රතිෂේධ කළ හෙයින් එය අනෙකෙකුහට හෝ අනෙකෙකුගෙන් හෝ වෙතැ’යි යන මෙය සිද්ධ නොවේ; මේ කරුණට බීජසංස්කාරය සාධක වේ. අඹ ඇට ආදිය මැනවින් (පොහොර යෙදීම් ආදියෙන් සකස් කොට) රෝපණය කළ කල්හි එම බිජුවට පරපුරෙන් ලද ප්‍රත්‍යයෙන් කාලාන්තරයෙන් උපදනා ඵලවිශේෂය අනෙක් බීජයකට කළ අනෙක් අභිසංස්කාරයක් නිසා උපදනේ නොවේ. එම අභිසංස්කාරය හේතු කොට එම බීජයෙන්ම පල බවට පත්වන්නේද නොවේ. මේ ආකාරයෙන් මෙම කරුණ දතයුතුය. ළදරු ශරීරය වෙත යොදන ලද විද්‍යා, ශිල්ප, ඖෂධ ආදියද කල් යාමේදී වැඩීගිය ශරීරය තුළ පල දෙති’යි මෙසේ මේ කාරණය දතයුතුය.

යම‍්පි වුත‍්තං “උපභුඤ‍්ජකෙ ච අසති කස‍්ස තං ඵලං සියා”ති, තත්‍ථ,

අනුභව කරන්නකු නැති කල එම ඵලය කවරකුහට වන්නේදැ’යි යමක් කියන ලද්දේද, එහි:-

ඵලස‍්සුප‍්පත‍්තියා එව, සිද‍්ධා භුඤ‍්ජකසම‍්මුති; ඵලුප‍්පාදෙන රුක‍්ඛස‍්ස, යථා ඵලති සම‍්මුති.

ඵලස්සුප්පත්තියා එව සිද්ධා භූඤ්ජක සම්මුති, ඵලුප්පාදෙන රුක්‍ඛස්ස යථා ‘ඵලති’ සම්මුති.

ඵලය ඉපැදීමෙන්ම භොජක (බුදින්නකු) යකු ඇතැ’යි යන සම්මුතිය සිද්ධයි. ගසක් පල දැරීමෙන් ඵලති’ (පලදෙති’යි) යන සම්මුතිය වන්නා මෙනි.

යථා හි රුක‍්ඛසඞ‍්ඛාතානං ධම‍්මානං එකදෙසභූතස‍්ස රුක‍්ඛඵලස‍්ස උප‍්පත‍්තියා එව රුක‍්ඛො ඵලතීති වා ඵලිතොති වා වුච‍්චති, තථා දෙවමනුස‍්සසඞ‍්ඛාතානං ඛන්‍ධානං එකදෙසභූතස‍්ස උපභොගසඞ‍්ඛාතස‍්ස සුඛදුක‍්ඛඵලස‍්ස උප‍්පාදෙනෙව දෙවො, මනුස‍්සො වා උපභුඤ‍්ජතීති වා, සුඛිතො, දුක‍්ඛිතොති වා වුච‍්චති. තස‍්මා න එත්‍ථ අඤ‍්ඤෙන උපභුඤ‍්ජකෙන නාම කොචි අත්‍ථො අත්‍ථීති.

යම්සේ වනාහි ‘වෘක්‍ෂ’යයි සම්මත ධර්මයන්ගේ එක් කොටසක් වන පල හටගැනීමත් සමගම ගස පල දරති’යි නොහොත් පීදෙති’යි කියනු ලැබේද, එසේම ‘දෙවියෝ’ය, ‘මනුෂ්‍යයෝ’යයි කියනු ලබන, ස්කන්‍ධයන්ගේ ඒකදේශයක්වූ උපභෝග සංඛ්‍යාත ‘සුඛ-දුඃඛ ඵලයාගේ ඉපැදීමෙන්ම දෙවියෙක් නොහොත් මිනිසෙක් (සැප) අනුභව කෙරේයි’යි, නැතහොත් සැපතට හෝ දුකට පත් වූයේය’යි කියනු ලැබේද, එසේ හෙයින් මෙහිලා අන්කිසි උපභුඤ්ජකයකු (වළදන්නකු) ගෙන් ප්‍රයෝජනයක් නැත.

යොපි වදෙය්‍ය “එවං සන‍්තෙපි එතෙ සඞ‍්ඛාරා විජ‍්ජමානා වා ඵලස‍්ස පච‍්චයා සියුං, අවිජ‍්ජමානා වා, යදි ච විජ‍්ජමානා පවත‍්තික‍්ඛණෙයෙව නෙසං විපාකෙන භවිතබ‍්බං, අථ අවිජ‍්ජමානා පවත‍්තිතො පුබ‍්බෙ පච‍්ඡා ච නිච‍්චං ඵලාවහා සියු”න‍්ති, සො එවං වත‍්තබ‍්බො –

යමක වනාහි, “එසේ වතොත්, මේ සංඛාරයෝ විද්‍යමානව ඵලයට ප්‍රත්‍යය වන්නාහුද? නැතහොත් අවිද්‍යමානව එසේ වන්නාහුද? ඉදින් විද්‍යමානව එසේ වතොත් ප්‍රවෘත්තික්‍ෂණයෙහි පවත්නා කෙණෙහිම සංඛාරයන්ගේ විපාක පහළ විය යුතුය. අවිද්‍යමානව එසේ වතොත්, පැවැත්මට පෙරාතුවද, පසුවද නිරතුරුවම විපාක ගෙන දිය යුතුය”යි කියතහොත්, ඔහුට මෙසේ කිවයුතුය:-

කතත‍්තා පච‍්චයා එතෙ, න ච නිච‍්චං ඵලාවහා; පාටිභොගාදිකං තත්‍ථ, වෙදිතබ‍්බං නිදස‍්සනං.

කතත්තා පච්චයා එතෙ නච නිච්චං ඵලාවහා පාරිභොගාදිකං තත්‍ථ වෙදිතබ්බං නිදස්සනං

මේ සංඛාරයෝ කරන ලද හෙයින්ම ඵලයනට ප්‍රත්‍යය වෙති. එසේ වතුදු නිරතුරුවම විපාක ගෙනදෙන්නාහු නොවෙති. එහිලා පාටිභෝග (ඇපවීම්) ආදිය නිදසුන් ලෙස දතයුතුය.

කතත‍්තායෙව හි සඞ‍්ඛාරා අත‍්තනො ඵලස‍්ස පච‍්චයා හොන‍්ති, න විජ‍්ජමානත‍්තා, අවිජ‍්ජමානත‍්තා වා. යථාහ – “කාමාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං චක‍්ඛුවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොතී”තිආදි (ධ· ස· 431). යථාරහස‍්ස ච අත‍්තනො ඵලස‍්ස පච‍්චයා හුත්‍වා න පුන ඵලාවහා හොන‍්ති විපාකත‍්තා. එතස‍්ස චත්‍ථස‍්ස විභාවනෙ ඉදං පාටිභොගාදිකං නිදස‍්සනං වෙදිතබ‍්බං. යථා හි ලොකෙ යො කස‍්සචි අත්‍ථස‍්ස නිය්‍යාතනත්‍ථං පාටිභොගො හොති, භණ‍්ඩං වා කිණාති, ඉණං වා ගණ‍්හාති, තස‍්ස තං කිරියාකරණමත‍්තමෙව තදත්‍ථනිය්‍යාතනාදිම‍්හි පච‍්චයො හොති, න කිරියාය විජ‍්ජමානත‍්තං, අවිජ‍්ජමානත‍්තං වා, න ච තදත්‍ථනිය්‍යාතනාදිතො පරම‍්පි ධාරකොව හොති. කස‍්මා? නිය්‍යාතනාදීනං කතත‍්තා. එවං කතත‍්තාව සඞ‍්ඛාරාපි අත‍්තනො ඵලස‍්ස පච‍්චයා හොන‍්ති, න ච යථාරහං ඵලදානතො පරම‍්පි ඵලාවහා හොන‍්තීති. එත‍්තාවතා මිස‍්සාමිස‍්සවසෙන ද‍්වෙධාපි වත‍්තමානස‍්ස පටිසන්‍ධිවිඤ‍්ඤාණස‍්ස සඞ‍්ඛාරපච‍්චයා පවත‍්ති දීපිතා හොති.

කරන ලද හෙයින්ම වනාහි සංඛාරයෝ, ස්වකීය ඵලයට ප්‍රත්‍යය වෙති. විද්‍යමාන හෝ අවිද්‍යමාන වන හෙයින් එසේ නොවෙති. යම්සේ කීහුද; - “කාමාවචර කුශල කර්මයක් කරන ලද හෙයින්, රැස් කරන ලද හෙයින්, එහි විපාක වශයෙන් චක්‍ඛු විඤ්ඤාණය උපන්නේ වේ.” යන ආදියයි. සුදුසු පරිදි තම ඵලයට ප්‍රත්‍යය වීමෙන් පසු නැවත ඵල දෙන්නෝ නොවෙති. දෙන ලද විපාක ඇති හෙයිනි. මේ අර්ත්‍ථය පැහැදිලි කිරීමේදී මෙකී පාටිභෝග (ඇපවීම්) ආදි නිදසුන් දතයුතුය. යම්සේ වනාහි, ලෝකයෙහි, යමෙක් යම්කිසි අවශ්‍යතාවක් පිරිමසා ගැනීම සඳහා ඇප වේද, භාණ්ඩයක් හෝ මිලදී ගනියිද, ණයක් හෝ ලබා ගනියිද, එම අර්ත්‍ථය ඉටුකරගැනීම පිණිස ප්‍රත්‍යය වනුයේ එම ක්‍රියාවෙහි විද්‍යාමාන හෝ අවිද්‍යාමාන බව නොව හුදෙක් ඔහු විසින් එම ක්‍රියාව කරනු ලැබීමයි. එම අර්ත්‍ථය ඉටුකර දීමෙන් පසුවද හෝ ඇපය දරන්නෙක් නොවේ; මෙසේම සංඛාරයෝද කරන ලද හෙයින්ම ස්වකීය පලයට ප්‍රත්‍යය වෙති. යෝග්‍ය පරිදි දීමෙන් පසුවද විපාක දෙන්නාහු නොවෙති. මෙතෙකින් මිශ්‍රාමිශ්‍ර වශයෙන් ද්විප්‍රකාරව පවත්නා ප්‍රතිසන්‍ධි විඤ්ඤාණයට සංඛාරයන් ප්‍රත්‍යයව පවත්නා බව පැහැදිලි කරන ලද්දේ වේ.

ඉදානි සබ‍්බෙස‍්වෙව තෙසු බාත‍්තිංසවිපාකවිඤ‍්ඤාණෙසු සම‍්මොහවිඝාතත්‍ථං,

ඉක්බිති ඒ සියලුම දෙතිස් විපාක විඤ්ඤාණයන් කෙරෙහි වූ සම්මෝහ විඝාතය (මුළාබව නැසීම) පිණිස කියනලදී:-

පටිසන්‍ධිපවත‍්තීනං, වසෙනෙතෙ භවාදිසු; විජානිතබ‍්බා සඞ‍්ඛාරා, යථා යෙසඤ‍්ච පච‍්චයා.

පටිසන්‍ධිපවත්තීනං වසෙනෙතෙ භවාදිසු විජානිතබ්බා සංඛාරා යථා යෙසඤ්ච පච්චයා

භවාදී විෂයයෙහි ප්‍රතිසන්‍ධි හා ප්‍රවෘත්තීන්ගේ වශයෙන් සංඛාරයෝද, ඔවුන් විපාක විඤ්ඤාණයනට ප්‍රත්‍යය වන සැටිද දත යුත්තාහ.

තත්‍ථ තයො භවා, චතස‍්සො යොනියො, පඤ‍්ච ගතියො, සත‍්ත විඤ‍්ඤාණට‍්ඨිතියො, නව සත‍්තාවාසාති එතෙ භවාදයො නාම. එතෙසු භවාදීසු පටිසන්‍ධියං පවත‍්තෙ ච එතෙ යෙසං විපාකවිඤ‍්ඤාණානං පච‍්චයා, යථා ච පච‍්චයා හොන‍්ති, තථා විජානිතබ‍්බාති අත්‍ථො.

එහි, භව තුනද, යෝනි සතරද, ගති පසද, විඤ්ඤාණට්ඨිති සතද, සත්‍වාවාස නවයදැයි යනු භවාදිය වේ; මේ භව ආදී විෂයයෙහි ප්‍රතිසන්‍ධියෙහි හා ප්‍රවෘත්තියෙහි (පැවැත්මෙහි) ද යම් විපාක විඤ්ඤාණයකට ප්‍රත්‍යයවන යම් සංඛාර කෙනෙක් වෙත්ද, එම සංඛාරයෝද, ඔවුන් විපාක විඤ්ඤාණයනට ප්‍රත්‍යය වන ආකාරයද දතයුත්තාහුය යන අර්ත්‍ථයි.

තත්‍ථ පුඤ‍්ඤාභිසඞ‍්ඛාරෙ තාව කාමාවචරඅට‍්ඨචෙතනාභෙදො පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො අවිසෙසෙන කාමභවෙ සුගතියං නවන‍්නං විපාකවිඤ‍්ඤාණානං පටිසන්‍ධියං නානක‍්ඛණිකකම‍්මපච‍්චයෙන චෙව උපනිස‍්සයපච‍්චයෙන චාති ද‍්වෙධා පච‍්චයො. රූපාවචරපඤ‍්චකුසලචෙතනාභෙදො පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො රූපභවෙ පටිසන්‍ධියං එව පඤ‍්චන‍්නං.

එහි පළමුකොට, පුඤ්ඤාභිසංඛාර විෂයයෙහි: කාමාවචර අෂ්ටචේතනා සහිත පුඤ්ඤාභිසංඛාරය අවිශේෂයෙන් සුගති කාමභවයෙහි ප්‍රතිසන්‍ධි කාලයෙහි විපාක විඤ්ඤාණ නවයට නානාක්‍ෂණික කර්ම ප්‍රත්‍යය වශයෙන්ද, උපනිශ්‍රය ප්‍රත්‍යය වශයෙන්දැයි දෙපරිද්දෙකින් ප්‍රත්‍යය වේ. රූපාවචර පංච කුසල චේතනා භේද සහිත පුඤ්ඤාභිසංඛාරය රූප භවයෙහි ප්‍රතිසන්‍ධිය හා සමගම විපාක විඤ්ඤාණ පසට (ඒ දෙපරිද්දෙන්ම) ප්‍රත්‍යය වේ.

වුත‍්තප‍්පභෙදකාමාවචරො පන කාමභවෙ සුගතියං උපෙක‍්ඛාසහගතාහෙතුමනොවිඤ‍්ඤාණධාතුවජ‍්ජානං සත‍්තන‍්නං පරිත‍්තවිපාකවිඤ‍්ඤාණානං වුත‍්තනයෙනෙව ද‍්වෙධා පච‍්චයො පවත‍්තෙ, නො පටිසන්‍ධියං. ස‍්වෙව රූපභවෙ පඤ‍්චන‍්නං විපාකවිඤ‍්ඤාණානං තථෙව පච‍්චයො පවත‍්තෙ, නො පටිසන්‍ධියං. කාමභවෙ පන දුග‍්ගතියං අට‍්ඨන‍්නම‍්පි පරිත‍්තවිපාකවිඤ‍්ඤාණානං තථෙව පච‍්චයො පවත‍්තෙ, නො පටිසන්‍ධියං. තත්‍ථ නිරයෙ මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරස‍්ස නරකචාරිකාදීසු ඉට‍්ඨාරම‍්මණසමායොගෙ සො පච‍්චයො හොති, තිරච‍්ඡානෙසු පන පෙතමහිද‍්ධිකෙසු ච ඉට‍්ඨාරම‍්මණං ලබ‍්භතියෙව.

කියන ලද ප්‍රභේද සහිත කාමාවචර-පුඤ්ඤාභිසංඛාර)ය වනාහි සුගති කාම භවයෙහි, උපේක්‍ෂා සහගත අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුව හැර ඉතිරි පරිත්ත-විපාක-විඤ්ඤාණ සතට ප්‍රවෘත්තියෙහි (පැවැත්මෙහි) දී ඉහත කී ලෙසින්ම ප්‍රත්‍යය වේ. එහෙත් ප්‍රතිසන්‍ධියෙහිදී එසේ නොවේ. එම පුඤ්ඤාභිසංඛාරයම රූපභව විෂයයෙහිදී විපාක විඤ්ඤාණ පසට ප්‍රවෘත්තියෙහි (පැවැත්මෙහි)දී එපරිද්දෙන්ම ප්‍රත්‍යය වේ. ප්‍රතිසන්‍ධියෙහිදී එසේ නොවේ. දුගති-කාමභවයෙහි වනාහි පරිත්ත-විපාක -විඤ්ඤාණ අටටම, පැවැත්මෙහිදී එපරිද්දෙන්ම ප්‍රත්‍යය වේ. ප්‍රතිසන්‍ධියෙහිදී එසේ නොවේ. එහි (දුගති කාමභවයෙහි) නිරයෙහි මහමුගලන් තෙරුන්ගේ නරක චාරිකා ආදියෙහිදී ඉෂ්ටාලම්බන යෝගයෙහිදී එය ප්‍රත්‍යය වේ. නිරශ්චීනයන් හා මහර්ධිමත් ප්‍රේතයන් කෙරෙහිද ඉෂ්ටාලම්බනය ලැබේමය.

ස‍්වෙව කාමභවෙ සුගතියං සොළසන‍්නම‍්පි කුසලවිපාකවිඤ‍්ඤාණානං තථෙව පච‍්චයො පවත‍්තෙ ච පටිසන්‍ධියඤ‍්ච. අවිසෙසෙන පන පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො රූපභවෙ දසන‍්නං විපාකවිඤ‍්ඤාණානං තථෙව පච‍්චයො පවත‍්තෙ ච පටිසන්‍ධියඤ‍්ච.

එම පුඤ්ඤාභිසංඛාරයම කාමභව සුගතියෙහිදී කුසල විපාක විඤ්ඤාණ සොළොසටම එසේම ප්‍රවෘත්ති-ප්‍රතිසන්‍ධි දෙක්හිම ප්‍රත්‍යය වේ. අවිශේෂයෙන් පුඤ්ඤාභිසංඛාරය රූප භවයෙහි විපාක විඤ්ඤාණ දශයට එසේම ප්‍රවෘත්ති-ප්‍රතිසන්‍ධි දෙක්හිම (ප්‍රත්‍යය වේ.)

ද‍්වාදසාකුසලචෙතනාභෙදො අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො කාමභවෙ දුග‍්ගතියං එකස‍්ස විඤ‍්ඤාණස‍්ස තථෙව පච‍්චයො පටිසන්‍ධියං, නො පවත‍්තෙ. ඡන‍්නං පවත‍්තෙ, නො පටිසන්‍ධියං. සත‍්තන‍්නම‍්පි අකුසලවිපාකවිඤ‍්ඤාණානං පවත‍්තෙ ච පටිසන්‍ධියඤ‍්ච.

අකුසල චේතනාභේද දොළොසක් ඇති අපුඤ්ඤාභිසංඛාරය දුගති කාමභවයෙහි එක් විඤ්ඤාණයකට එසේම ප්‍රතිසන්‍ධියෙහිදී ප්‍රත්‍යය වේ. ප්‍රවෘත්තියෙහි (පැවැත්මෙහි) දී එසේ නොවේ. (විඤ්ඤාණ) සයකට ප්‍රවෘත්තියෙහිදී ප්‍රත්‍යය වේ. ප්‍රතිසන්‍ධියෙහිදී එසේ නොවේ; අකුසල විපාක විඤ්ඤාණ සතටම ප්‍රවෘත්ති-ප්‍රතිසන්‍ධි දෙක්හිම ප්‍රත්‍යය වේ;

කාමභවෙ පන සුගතියං තෙසංයෙව සත‍්තන‍්නං තථෙව පච‍්චයො පවත‍්තෙ, නො පටිසන්‍ධියං. රූපභවෙ චතුන‍්නං විපාකවිඤ‍්ඤාණානං තථෙව පච‍්චයො පවත‍්තෙ, නො පටිසන්‍ධියං. සො ච ඛො කාමාවචරෙ අනිට‍්ඨරූපදස‍්සනසද‍්දසවනවසෙන, බ්‍රහ‍්මලොකෙ පන අනිට‍්ඨරූපාදයො නාම නත්‍ථි. තථා කාමාවචරදෙවලොකෙපි.

සුගති කාමභවයෙහි වනාහි එම (විපාක විඤ්ඤාණ) සතටම එසේම ප්‍රවෘත්තියෙහිදී ප්‍රත්‍යය වේ. ප්‍රතිසන්‍ධියෙහිදී එසේ නොවේ. රූපභවයෙහි විපාක විඤ්ඤාණ සතරට එසේම ප්‍රවෘත්තියෙහි (පැවැත්මෙහි) දී ප්‍රත්‍යය වන අතර ප්‍රතිසන්‍ධියෙහිදී එසේ නොවේ. එය වනාහි කාමාවචර භූමියෙහි අනිෂ්ට වූ රූප දර්ශන, ශබ්ද ශ්‍රවණ වශයෙන් වේ. බ්‍රහ්ම ලෝකයෙහි වනාහි අනිෂ්ට රූපාදිය නොමැත. කාමාවචර දේවලෝකයෙහිද එසේය.

ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො අරූපභවෙ චතුන‍්නං විපාකවිඤ‍්ඤාණානං තථෙව පච‍්චයො පවත‍්තෙ ච පටිසන්‍ධියඤ‍්ච.

අනෙඤ්ජාභිසංඛාරය අරූප භවයෙහි විපාක විඤ්ඤාණ සතරටම එසේම පැවැත්මෙහිදී මෙන්ම ප්‍රතිසන්‍ධියෙහිදීද ප්‍රත්‍ය වේ.

එවං තාව භවෙසු පටිසන්‍ධිපවත‍්තීනං වසෙන එතෙ සඞ‍්ඛාරා යෙසං පච‍්චයා, යථා ච පච‍්චයා හොන‍්ති, තථා විජානිතබ‍්බා. එතෙනෙව නයෙන යොනිආදීසුපි වෙදිතබ‍්බා.

මෙසේ (කාමාදී භවයන්හි ප්‍රතිසන්‍ධි-ප්‍රවෘත්ති වශයෙන් මේ සංඛාරයෝ (විපාක විඤ්ඤාණාදී වූ) යමකට යම් ලෙසකින් ප්‍රත්‍යය වෙත්ද, එලෙසින් දතයුතුය. යෝනි ආදී විෂයයෙහිද මේ නයින්ම දතයුතුය.

තත්‍රිදං ආදිතො පට‍්ඨාය මුඛමත‍්තපකාසනං – ඉමෙසු හි සඞ‍්ඛාරෙසු යස‍්මා පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො තාව ද‍්වීසු භවෙසු පටිසන්‍ධිං දත්‍වා සබ‍්බමත‍්තනො විපාකං ජනෙති. තථා අණ‍්ඩජාදීසු චතූසු යොනීසු, දෙවමනුස‍්සසඞ‍්ඛාතාසු ද‍්වීසු ගතීසු, නානත‍්තකායනානත‍්තසඤ‍්ඤීනානත‍්තකායඑකත‍්තසඤ‍්ඤී-එකත‍්තකායනානත‍්තසඤ‍්ඤී-එකත‍්තකායඑකත‍්තසඤ‍්ඤීසඞ‍්ඛාතාසු චතූසු විඤ‍්ඤාණට‍්ඨිතීසු. අසඤ‍්ඤසත‍්තාවාසෙ පනෙස රූපමත‍්තමෙවාභිසඞ‍්ඛරොතීති චතූසුයෙව සත‍්තාවාසෙසු ච පටිසන්‍ධිං දත්‍වා සබ‍්බමත‍්තනො විපාකං ජනෙති. තස‍්මා එස එතෙසු ද‍්වීසු භවෙසු, චතූසු යොනීසු, ද‍්වීසු ගතීසු, චතූසු විඤ‍්ඤාණට‍්ඨිතීසු, චතූසු සත‍්තාවාසෙසු ච එකවීසතියා විපාකවිඤ‍්ඤාණානං වුත‍්තනයෙනෙව පච‍්චයො හොති යථාසම‍්භවං පටිසන්‍ධියං පවත‍්තෙ ච.

එහිලා මෙහි දැක්වෙනුයේ මුල පටන් මුඛ පාඨමාත්‍ර වූ ප්‍රකාශනයෙකි:- මේ සංඛාරයන් අතුරෙන් පළමුකොට පුඤ්ඤාභිසංඛාරය කාම-රූප යන භව දෙක්හි ප්‍රතිසන්‍ධිය ඇති කොට තම විපාක සියල්ල දනවාද, එසේම අණ්ඩජාදී සිවු යෝනියෙහිද, දිව්‍ය මනුෂ්‍ය යන දෙගතියෙහිද, නානත්තකාය-නානත්ත සඤ්ඤීය, නානත්තකාය ඒකත්ත සඤ්ඤීය, ඒකත්ත කාය නානත්ත සඤ්ඤීය, ඒකත්තකාය ඒකත්ත සඤ්ඤීය යන විඤ්ඤාණට්ඨිති සතරෙහිද අසඤ්ඤ සත්‍වාවාසයෙහි වනාහි මෙය (පුඤ්ඤාභිසංඛාරය) රූපමාත්‍රයක්ම අභිසංඛරණය කරන හෙයින්-සත්‍වාවාස සතරෙක්හිද ප්‍රතිසන්‍ධිය දී තම විපාක සියල්ලම දනවයි. එහෙයින් මෙය (පුඤ්ඤාභිසංඛාරය) මෙකී බව දෙක්හිද, යෝනි සතරෙහිද, ගති දෙකෙහිද, විඤ්ඤාණට්ඨිති සතරෙක්හිදැයි මෙසේ එක්විසි විපාක විඤ්ඤාණයනට ඉහත කී නයින්ම ප්‍රතිසන්‍ධි-ප්‍රවෘත්ති දෙක්හි සුදුසු පරිදි ප්‍රත්‍යය වේ.

අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො පන යස‍්මා එකස‍්මිංයෙව කාමභවෙ චතූසු යොනීසු, අවසෙසාසු තීසු ගතීසු , නානත‍්තකායඑකත‍්තසඤ‍්ඤීසඞ‍්ඛාතාය එකිස‍්සා විඤ‍්ඤාණට‍්ඨිතියා, තාදිසෙයෙව ච එකස‍්මිං සත‍්තාවාසෙ පටිසන්‍ධිවසෙන විපච‍්චති, තස‍්මා එස එකස‍්මිං භවෙ, චතූසු යොනීසු, තීසු ගතීසු, එකිස‍්සා විඤ‍්ඤාණට‍්ඨිතියා, එකම‍්හි ච සත‍්තාවාසෙ සත‍්තන‍්නං විපාකවිඤ‍්ඤාණානං වුත‍්තනයෙනෙව පච‍්චයො පටිසන්‍ධියං පවත‍්තෙ ච.

අපුඤ්ඤාභිසංඛාරය වනාහි, යම් හෙයකින් එක්ම කාමභවයෙහිද, යෝනි සතර තුළද, ඉතිරි (නිරය, තිර්යක්, ප්‍රේත යන) ගති තුනෙහිද, ‘නානත්තකාය ඒකත්තසඤ්ඤී’ යනුවෙන් හැඳින්වෙන එක්ම විඤ්ඤාණට්ඨිතියෙහිද, එබඳුවූම එක් සත්වාවාසයෙක්හිද ප්‍රතිසන්‍ධි වශයෙන් විපාක දේද, එහෙයින් මෙය එක්ව (කාම) භවය තුළ, යෝනි සතරෙහි, ගති තුනෙක්හි, එක් විඤ්ඤාණට්ඨිතියෙක්හි එක් සත්‍වාවාසයෙක්හි විපාක විඤ්ඤාණ සතකට, කී නයින්ම ප්‍රතිසන්‍ධියෙහිදී මෙන්ම ප්‍රවෘත්තියෙහිදීද ප්‍රත්‍යය වේ.

ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො පන යස‍්මා එකස‍්මිංයෙව අරූපභවෙ, එකිස‍්සා ඔපපාතිකයොනියා, එකිස‍්සා දෙවගතියා, ආකාසානඤ‍්චායතනාදිකාසු තීසු විඤ‍්ඤාණට‍්ඨිතීසු, ආකාසානඤ‍්චායතනාදිකෙසු ච චතූසු සත‍්තාවාසෙසු පටිසන්‍ධිවසෙන විපච‍්චති, තස‍්මා එස එකස‍්මිං භවෙ, එකිස‍්සා යොනියා, එකිස‍්සා ගතියා, තීසු විඤ‍්ඤාණට‍්ඨිතීසු, චතූසු සත‍්තාවාසෙසු චතුන‍්නං විඤ‍්ඤාණානං වුත‍්තනයෙනෙව පච‍්චයො හොති පටිසන්‍ධියං පවත‍්තෙ චාති. එවං,

ආනෙඤ්ජාභිසංඛාරය වනාහි, යම් හෙයකින්, එකම අරූප භවයෙහි, එක්ම ඕපපාතික යෝනියෙහි, එක්ම දේවගතිය තුළ, ආකාසානඤ්චායතන ආදී විඤ්ඤාණට්ඨිති තුනෙක්හි, ආකාසානඤ්චායතන ආදීවූ සත්‍වාවාස සතරෙක්හි ප්‍රතිසන්‍ධි වශයෙන් විපාක දේද, එහෙයින් මෙය එක්ම භවයෙක්හි, එක්ම යෝනියෙක, එක්ම ගතියෙක, විඤ්ඤාණට්ඨිති තුනෙක, සත්‍වාවාස සතරෙක, විඤ්ඤාණ සතරකට, කී නයින්ම ප්‍රතිසන්‍ධියෙහිදී මෙන්ම ප්‍රවෘත්තියෙහිදීද ප්‍රත්‍යය වේ. මෙසේ:-

පටිසන්‍ධිපවත‍්තීනං , වසෙනෙතෙ භවාදිසු; විජානිතබ‍්බා සඞ‍්ඛාරා, යථා යෙසඤ‍්ච පච‍්චයාති.

පටිසන්‍ධිප්පවත්තීනං වසෙනෙතෙ භවාදීසු, විජානිතබ්බා සංඛාරා යථා යෙසඤ්ච පච්චයා’ති

ප්‍රතිසන්‍ධි-ප්‍රවෘත්තීන්ගේ වශයෙන් මේ සංඛාරයෝ යම් සේ යම් විඤ්ඤාණයකට ප්‍රත්‍යය වෙත්ද, එසේ දතයුත්තාහුය.

අයං “සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණ”න‍්ති පදස‍්මිං විත්‍ථාරකථා.

මේ ‘සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං’ යන පදයෙහි විස්තර කථායි.