අවිජ්ජාපච්චයාසඞ්ඛාරපදවිත්ථාරකථා
අවිජ්ජාපච්චයාසඞ්ඛාරපදවිත්ථාරකථා
අවිජ්ජාපච්චයාසඞ්ඛාරපදවිත්ථාරකථා
එවමිමෙසු චතුවීසතියා පච්චයෙසු අයං අවිජ්ජා,
මෙසේ මේ චතුර්විංශත් (සූවිසි) ප්‍රත්‍යයන් අතුරෙන් මේ අවිද්‍යාව,
පච්චයො හොති පුඤ්ඤානං, දුවිධානෙකධා පන; පරෙසං පච්ඡිමානං සා, එකධා පච්චයො මතාති.
පච්චයො හොති පුඤ්ඤානං දුවිධානෙකධා පන පරෙසං පච්චයානං සා එකධා පච්චයො මතා
ඒ (අවිද්‍යාව) පුඤ්ඤාභිසංඛාරයනට දෙපරිද්දෙකින්ද අන්‍යවූ (අපුණ්‍ය) අභිසංඛාරයනට නොයෙක් පරිද්දෙන්ද, පසුව සඳහන් (ආනෙඤ්ජ) අභිසංඛාරයනට එක් පරිද්දෙකින්ද ප්‍රත්‍යය වෙතැ’යි දන්නා ලදි.
තත්ථ පුඤ්ඤානං දුවිධාති ආරම්මණපච්චයෙන ච උපනිස්සයපච්චයෙන චාති ද්වෙධා පච්චයො හොති. සා හි අවිජ්ජං ඛයතො වයතො සම්මසනකාලෙ කාමාවචරානං පුඤ්ඤාභිසඞ්ඛාරානං ආරම්මණපච්චයෙන පච්චයො හොති. අභිඤ්ඤාචිත්තෙන සමොහචිත්තං ජානනකාලෙ රූපාවචරානං. අවිජ්ජාසමතික්කමත්ථාය පන දානාදීනි චෙව කාමාවචරපුඤ්ඤකිරියවත්ථූනි පූරෙන්තස්ස, රූපාවචරජ්ඣානානි ච උප්පාදෙන්තස්ස ද්වින්නම්පි තෙසං උපනිස්සයපච්චයෙන පච්චයො හොති. තථා අවිජ්ජාසම්මූළ්හත්තා කාමභවරූපභවසම්පත්තියො පත්ථෙත්වා තානෙව පුඤ්ඤානි කරොන්තස්ස.
එහි ‘පුඤ්ඤානං දුවිධා’ යනු, (පුඤ්ඤාභිසංඛාරයනට) ආලම්බන ප්‍රත්‍යය වශයෙන්ද, උපනිශ්‍රය ප්‍රත්‍යය වශයෙන්දැයි දෙපරිද්දෙකින් ප්‍රත්‍යය වේ. ඒ අවිද්‍යාව වනාහි ක්ෂය වශයෙන්ද, ව්‍යය වශයෙන්ද සම්මර්ශනය කරන කල කාමාවචර පුඤ්ඤාභිසංඛාරයනට ආලම්බන ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ. අභිඤ්ඤා චිත්තයෙන් සමෝහ සිත් හඳුනාගන්නා කල රූපාවචර පුඤ්ඤාභිසංඛාරයනටද (ආලම්බන ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ). අවිද්‍යාව ඉක්මවීම පිණිස දානාදී වූ කාමාවචර පුණ්‍යක්‍රියා වස්තූන් පුරන්නහුටද, රූපාවචර ධ්‍යානයන් උපදවන්නහුටදැයි යන දෙදෙනාහටද උපනිශ්‍රය ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ; එසේම අවිද්‍යාවෙන් මුළා බවට පත්වූ හෙයින් කාමභව, රූපභව සම්පත් ප්‍රාර්‍ත්‍ථනා කරමින්ම පුණ්‍යක්‍රියාවන් කරන්නහුටද උපනිශ්‍රය ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ.
අනෙකධා පන පරෙසන්ති අපුඤ්ඤාභිසඞ්ඛාරානං අනෙකධා පච්චයො හොති. කථං? එසා හි අවිජ්ජං ආරබ්භ රාගාදීනං උප්පජ්ජනකාලෙ ආරම්මණපච්චයෙන, ගරුංකත්වා අස්සාදනකාලෙ ආරම්මණාධිපතිආරම්මණූපනිස්සයෙහි, අවිජ්ජාසම්මූළ්හස්ස අනාදීනවදස්සාවිනො පාණාතිපාතාදීනි කරොන්තස්ස උපනිස්සයපච්චයෙන, දුතියජවනාදීනං අනන්තරසමනන්තරඅනන්තරූපනිස්සයාසෙවනනත්ථිවිගතපච්චයෙහි, යංකිඤ්චි අකුසලං කරොන්තස්ස හෙතු සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සම්පයුත්ත අත්ථි අවිගතපච්චයෙහීති අනෙකධා පච්චයො හොති.
“අනෙකධා පන පරෙසං” යනු, අපුඤ්ඤාභිසංඛාරයනට නොයෙක් ආකාරයෙන් ප්‍රත්‍යය වේ, කෙසේද යත්: මේ අවිද්‍යා තොමෝ වනාහි අවිද්‍යාව නිසා රාගාදීන් උපදනා කල ආලම්බන ප්‍රත්‍යය වශයෙන්ද, ගරුකොට සලකා ආස්වාදනය කරන කල ආලම්බන-අධිපති-ආලම්බන-උපනිශ්‍රය ප්‍රත්‍යයන් වශයෙන්ද, අවිද්‍යාවෙන් මුළා බවට පත්ව ආදීනවයන් නොදැක ප්‍රාණඝාතාදිය කරන්නහුට උපනිශ්‍රය ප්‍රත්‍යය වශයෙන්ද, ද්විතීය ජවන ආදීන්හට අනන්තරය, සමනන්තරය අනන්තරෝපනිශ්රය. ආසේවනය. නාස්තිය, විගතය යන ප්‍රත්‍යයන් වශයෙන්ද ප්‍රත්‍යය වේ. යම්කිසි අකුශලයක් කරන්නහුට හේතුය, සහජාතය, අඤ්ඤමඤ්ඤය, නිශ්රයය, සමුප්රයුක්තය, අස්තිය, අවිගතය යන ප්‍රත්‍යයන් වශයෙන්දැයි මෙසේ නොයෙක් ආකාරයෙන් ප්‍රත්‍යය වේ.
පච්ඡිමානං සා එකධා පච්චයො මතාති ආනෙඤ්ජාභිසඞ්ඛාරානං උපනිස්සයපච්චයෙනෙව එකධා පච්චයො මතා. සො පනස්සා උපනිස්සයභාවො පුඤ්ඤාභිසඞ්ඛාරෙ වුත්තනයෙනෙව වෙදිතබ්බොති.
‘‘පච්ඡිමානං සා එකධා පච්චයො මතා” යනු ආනෙඤ්ජාභි සංඛාරයනට එක්ම ආකාර ඇති උපනිශ්‍රය ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙතැ’යි දන්නා ලදි. අවිද්‍යාව පිළිබඳ එම උපනිශ්‍රය භාවය පුඤ්ඤාභිසංඛාර විෂයයෙහි කියන ලද නයින්ම දතයුතුය.
එත්ථාහ – කිං පනායමෙකාව අවිජ්ජා සඞ්ඛාරානං පච්චයො, උදාහු අඤ්ඤෙපි පච්චයා සන්තීති? කිං පනෙත්ථ, යදි තාව එකාව, එකකාරණවාදො ආපජ්ජති. අථඤ්ඤෙපි සන්ති, “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා”ති එකකාරණනිද්දෙසො නුපපජ්ජතීති? න නුපපජ්ජති. කස්මා? යස්මා –
මෙහිලා කීහු:- “කිම, හුදෙක් මේ අවිද්යාවම සංස්කාරයනට එක්ම ප්‍රත්‍යය වේද? නැතහොත් අනෙකුදු ප්‍රත්‍යයෝ වෙත්ද? කිම, ඉදින් මෙහි එය (අවිද්‍යාව) එක්ම ප්‍රත්‍යය වෙතොත්, ඒකකාරණ වාදයක් බවට පත්වේ. එහෙයින් අනෙකුදු ප්‍රත්‍යයන් වෙතොත්, ‘අවිජ්ජා පච්චයා සංඛාරා’ යනු ඒකකාරණ නිර්දේශයක් නොවේද? නොවන්නේ නොවේ, කවර හෙයින්ද යත්:-
එකං න එකතො ඉධ, නානෙකමනෙකතොපි නො එකං; ඵලමත්ථි අත්ථි පන එක-හෙතුඵලදීපනෙ අත්ථො.
එකං න එකතො ඉධ නානෙකමනෙකතො’පි නො එකං ඵලමත්ථි අත්ථි පන එක හේතුඵල දීපනෙ අත්ථො
මෙහි එක් හේතුවෙකින් එක් ඵලයක් නොවේ. අනේක ඵලද නොවේ, අනේක හේතුවෙන්ද එක් ඵලයක් නොවේ. එහෙත්, එක්ම හේතුවෙකින් එක් ඵලයක් දැක්වීමේ අර්‍ත්‍ථයෙක් ඇත.
එකතො හි කාරණතො න ඉධ කිඤ්චි එකං ඵලමත්ථි, න අනෙකං. නාපි අනෙකෙහි කාරණෙහි එකං. අනෙකෙහි පන කාරණෙහි අනෙකමෙව හොති. තථා හි අනෙකෙහි උතුපථවීබීජසලිලසඞ්ඛාතෙහි කාරණෙහි අනෙකමෙව රූපගන්ධරසාදිකං අඞ්කුරසඞ්ඛාතං ඵලං උප්පජ්ජමානං දිස්සති. යං පනෙතං “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණ”න්ති එකෙකහෙතුඵලදීපනං කතං, තත්ථ අත්ථො අත්ථි, පයොජනං විජ්ජති.
මෙහි, එක්ම කාරණයෙකින් කිසිදු එක්ම ඵලයෙක් නොවේ. අනේක වූ ඵලයෙක්ද නැත, අනේක වූ හේතුවෙකින් එක්ම ඵලයෙක්ද නැත. අන්නේක වූ හේතුවෙන් අනේක වූ ඵලයෙක්ම වේ. ඒ එසේමැයි, ඍතුය. පෘථිවිය, බීජය, ජලය යන බහුවිධ හේතුන්ගෙන් අනේකවූම රූප, ගන්ධ රස සහිත අංකුර සංඛ්‍යාත වූ ඵලයන් උපදිනු දක්නා ලැබේ. යම් මේ ‘අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං” යනුවෙන් ඒක හේතු ඵල පරිදීපනයක් කරන ලද්දේද, එහි අර්‍ත්‍ථයෙක් ඇත. ප්‍රයෝජනයෙක් ඇත.
භගවා හි කත්ථචි පධානත්තා, කත්ථචි පාකටත්තා, කත්ථචි අසාධාරණත්තා දෙසනාවිලාසස්ස ච වෙනෙය්යානඤ්ච අනුරූපතො එකමෙව හෙතුං වා ඵලං වා දීපෙති. “ඵස්සපච්චයා වෙදනා”ති හි පධානත්තා එකමෙව හෙතුඵලමාහ. ඵස්සො හි වෙදනාය පධානහෙතු යථාඵස්සං වෙදනා වවත්ථානතො. වෙදනා ච ඵස්සස්ස පධානඵලං යථාවෙදනං ඵස්සවවත්ථානතො. “සෙම්හසමුට්ඨානා ආබාධා”ති (අ· නි· 10.60) පාකටත්තා එකං හෙතුමාහ. පාකටො හි එත්ථ සෙම්හො, න කම්මාදයො. “යෙ කෙචි, භික්ඛවෙ, අකුසලා ධම්මා, සබ්බෙ තෙ අයොනිසොමනසිකාරමූලකා”ති අසාධාරණත්තා එකං හෙතුමාහ. අසාධාරණො හි අයොනිසොමනසිකාරො අකුසලානං, සාධාරණානි වත්ථාරම්මණාදීනීති. තස්මා අයමිධ අවිජ්ජා විජ්ජමානෙසුපි අඤ්ඤෙසු වත්ථාරම්මණසහජාතධම්මාදීසු සඞ්ඛාරකාරණෙසු “අස්සාදානුපස්සිනො තණ්හා පවඩ්ඪතී”ති (සං· නි· 2.52) ච “අවිජ්ජාසමුදයා ආසවසමුදයො”ති (ම· නි· 1.104) ච වචනතො අඤ්ඤෙසම්පි තණ්හාදීනං සඞ්ඛාරහෙතූනං හෙතූති පධානත්තා, “අවිද්වා, භික්ඛවෙ, අවිජ්ජාගතො පුඤ්ඤාභිසඞ්ඛාරම්පි අභිසඞ්ඛරොතී”ති පාකටත්තා, අසාධාරණත්තා ච සඞ්ඛාරානං හෙතුභාවෙන දීපිතාති වෙදිතබ්බා. එතෙනෙව ච එකෙකහෙතුඵලදීපනපරිහාරවචනෙන සබ්බත්ථ එකෙකහෙතුඵලදීපනෙ පයොජනං වෙදිතබ්බන්ති.
භාග්‍යවතුන් වහන්සේ වනාහි, කිසි තැනෙක ප්‍රධානත්වය නිසාද, කිසි තැනෙක ප්‍රකටත්වය නිසාද, කිසිතැනෙක අසාධාරණත්වය (පොදු නොවන බව) නිසාද, දේශනා විලාසය සඳහාද, වෛනෙය ජනයාගේ චරිත ස්වභාවයට අනුරූප වන ආකාරයෙන්ද, එක්ම හේතුවක් හෝ ඵලයක් හෝ දක්වති. “ඵස්ස පච්චයා වෙදනා” එන මෙහි ප්‍රධානත්වය නිසා එක්ම හේතුවක් හා ඵලයක් දෙසූහ. ඵස්සය වනාහි වේදනාවට ප්‍රධාන හේතුවයි. ඵස්සයට අනුව වේදනාවෙහි ස්වභාවය තීරණය වන හෙයිනි; වේදනාවද ඵස්සයෙහි ප්‍රධාන ඵලයයි. වේදනාවට අනුව ස්පර්ශයෙහි ස්වභාවය තීරණය වන හෙයිනි. ‘සෙම්හ සමුට්ඨානා ආබාධා’ යන මෙහි ප්‍රකට බැවින් එක් හේතුවක් පැවසූ සේක. මෙහි ප්‍රකට වනුයේ කර්මාදිය නොව සෙමයි. ‘යෙ කෙචි භික්ඛවෙ අකුසලා ධම්මා, සබ්බෙ තෙ අයෝනිසො මනසිකාර මූලකා’ යන මෙහි අසාධාරණ (පොදු නොවන) බැවින් එක්ම හේතුවක් දැක්වූ සේක. අකුශලයනට අසාධාරණ (අවශ්‍යයෙන්ම තිබියයුතු හේතුව වනුයේ අයෝනිසෝ මනසිකාරය (නුනුවණින් මෙනෙහි කිරීම) යි, වස්තු ආලම්බන ආදිය හේතු වනුයේ සාධාරණ (පොදු) වශයෙනි. එහෙයින් මෙහිලා වස්තු, ආලම්බන, සහජාත ධර්ම ආදීවූ තවද සංඛාර හේතූන් විද්‍යමාන වතුදු, මේ අවිද්‍යාව “අස්සාදානුපස්සිනො තණ්හා පවඩ්ඪති” (ආස්වාදය අනුව බලන්නහුගේ තෘෂ්ණාව වැඩේ) යනුද, “අවිජ්ජා සමුදයා ආසව සමුදයො” (අවිද්‍යාව හේතුකොට ගෙන ආශ්‍රවයන්ගේ පහළ වීම සිදුවේ) යනුද කියන ලද හෙයින් අන්‍යවූද තෘෂ්ණාදී වූ සංඛාර හේතුනට ප්‍රධාන බැවින් හේතුවේ; “මහණෙනි, අඥාන තෙමේ අවිද්‍යාවට පත්ව පුඤ්ඤාභිසඞ්ඛාරයද රැස් කෙරේ’’ යනු ප්‍රකට හේතු වශයෙන්ද, අසාධාරණ හේතු වශයෙන්ද සංඛාරයනට හේතුභාවයෙන් මේ හේතුඵල දැක්වීම පිළිබඳ පරිහාර (විසඳීම්) වචනයෙන් සියලු තන්හි එක් එක් හේතු ඵල දීපනයෙහි ප්‍රයෝජනය දතයුතුය.
එත්ථාහ – එවං සන්තෙපි එකන්තානිට්ඨඵලාය සාවජ්ජාය අවිජ්ජාය කථං පුඤ්ඤානෙඤ්ජාභිසඞ්ඛාරපච්චයත්තං යුජ්ජති? න හි නිම්බබීජතො උච්ඡු උප්පජ්ජතීති. කථං න යුජ්ජිස්සති? ලොකස්මිඤ්හි –
මෙහිලා (ඇතැමෙක් මෙසේ) කියති:- එසේ වතුදු, ඒකාන්තයෙන්ම අනිෂ්ට ඵලදායක වූ, සාවද්‍ය වූ, අවිද්‍යාව පුඤ්ඤාභිසංඛාර අනෙඤ්ජාභි සංඛාරයනට ප්‍රත්‍යය ලෙසින් දැක්වීම කෙසේ නම් යෙදේද? යනු කොහොඹ බීජයෙකින් උක් නො-උපදනේම නොවේද” යනුවෙනි. (පරිහාරය): “කෙසේ නොයෙදෙන්නේද? ලෝකයෙහි වනාහි,
විරුද්ධො චාවිරුද්ධො ච, සදිසාසදිසො තථා; ධම්මානං පච්චයො සිද්ධො, විපාකා එව තෙ ච න.
විරුද්ධො චාවිරුද්ධො ච සදිසාසදිසො තථා, ධම්මානං පච්චයො සිද්ධො විපාකා එව තෙ ච න.
ප්‍රත්‍යයසමුත්පන්න ධර්මයනට විරුද්ධ මෙන්ම අවිරුද්ධ වූද, එසේම සදෘශ මෙන්ම අසදෘශ වූද ප්‍රත්‍යය සිද්ධ වේ. ඔහු (ප්‍රත්‍යය සමුත්පන්න ධර්මයෝ) විපාකයෝම නොවෙති. එහෙයින් නොයෙදෙන්නේ නොවේ.
ධම්මානං හි ඨානසභාවකිච්චාදිවිරුද්ධො චාවිරුද්ධො ච පච්චයො ලොකෙ සිද්ධො. පුරිමචිත්තං හි අපරචිත්තස්ස ඨානවිරුද්ධො පච්චයො, පුරිමසිප්පාදිසික්ඛා ච පච්ඡා පවත්තමානානං සිප්පාදිකිරියානං. කම්මං රූපස්ස සභාවවිරුද්ධො පච්චයො, ඛීරාදීනි ච දධිආදීනං. ආලොකො චක්ඛුවිඤ්ඤාණස්ස කිච්චවිරුද්ධො, ගුළාදයො ච ආසවාදීනං. චක්ඛුරූපාදයො පන චක්ඛුවිඤ්ඤාණාදීනං ඨානාවිරුද්ධා පච්චයා. පුරිමජවනාදයො පච්ඡිමජවනාදීනං සභාවාවිරුද්ධා කිච්චාවිරුද්ධා ච.
ධර්මයන් පිළිබඳ ස්ථාන, ස්වභාව කෘත්යාදි වශයෙන් විරුද්ධවූද අවිරුද්ධ වූද ප්‍රත්‍යය ලෝකයෙහි සිද්ධ (විද්‍යමාන) වේ. පූර්ව චිත්තය පශ්චිම චිත්තයට ස්ථාන වශයෙන් විරුද්ධ වූ ප්‍රත්‍යයයි. පළමුව පුහුණු කරන ලද ශිල්පාදිය පසුව පවත්නා ශිල්ප ආදී ක්රියාවනටද ස්ථාන වශයෙන් විරුද්ධ ප්‍රත්‍යය වේ; කර්මය (අරූප වූ හෙයින්) රූපයනට ස්වභාව වශයෙන් විරුද්ධ වූ ප්‍රත්‍යයයි. දී ආදියට කිරිද එසේය. චක්ඛු විඤ්ඤාණයට ආලෝකය කෘත්‍ය වශයෙන් විරුද්ධ ප්‍රත්‍යය වේ; ආසව ආදියට සකුරු ආදියද එසේය. චක්ඛු විඤ්ඤාණාදියට චක්ඛු, රූප ආදිය ස්ථාන වශයෙන් අවිරුද්ධ ප්‍රත්‍යයෝ වෙති, පශ්චිම ජවන ආදියට පූර්ව ජවන ආදිය ස්වභාව වශයෙන්ද කෘත්‍ය වශයෙන්ද අවිරුද්ධ ප්‍රත්‍යයෝ වෙති.
යථා ච විරුද්ධාවිරුද්ධා පච්චයා සිද්ධා, එවං සදිසාසදිසාපි. සදිසමෙව හි උතුආහාරසඞ්ඛාතං රූපං රූපස්ස පච්චයො, සාලිබීජාදීනි ච සාලිඵලාදීනං. අසදිසම්පි රූපං අරූපස්ස, අරූපඤ්ච රූපස්ස පච්චයො හොති, ගොලොමාවිලොම-විසාණ-දධිතිලපිට්ඨාදීනි ච දුබ්බා-සරභූතිණකාදීනං. යෙසඤ්ච ධම්මානං තෙ විරුද්ධාවිරුද්ධසදිසාසදිසපච්චයා, න තෙ ධම්මා තෙසං ධම්මානං විපාකා එව.
විරුද්ධ හා අවිරුද්ධ ප්‍රත්‍යයන් සිදුවන ආකාරයෙන්ම සදෘශ හා අසදෘශ ප්රත්යයෝද සිද්ධ වෙති; ඍතු, ආහාර සංඛ්‍යාත සදෘශ වූම රූපය රූපයට ප්‍රත්‍යය වේ. හැල් බිජුවට ආදිය හැල් අස්වනු ආදියටද එසේය. අසදෘශ වූ රූපය අරූපයට (නාමයට) ද, අරූපය (නාමය) රූපයටද, ප්‍රත්‍යය වේ; ගව-ලොම් හා බැටළු ලොම්ද, ගව අං හා බැටළු අං ද, දී තල පිටි ආදියද (පිළිවෙළින්) කුස තණ, හීතණ, බට, හුණ ආදියටද එසේම අසදෘශප්රත්යය වේ. යම් ධර්මයනට එකී පූර්වචිත්ත ආදිය විරුද්ධ-අවිරුද්ධ, සදෘශ-අසදෘශ, වශයෙන් ප්‍රත්‍යය වේද, එම ධර්මයෝ එකී (පූර්වචිත්ත ආදී) ධර්මයන්ගේ විපාකයෝම නොවෙති.
ඉති අයං අවිජ්ජා විපාකවසෙන එකන්තානිට්ඨඵලා, සභාවවසෙන ච සාවජ්ජාපි සමානා සබ්බෙසම්පි එතෙසං පුඤ්ඤාභිසඞ්ඛාරාදීනං යථානුරූපං ඨානකිච්චසභාවවිරුද්ධාවිරුද්ධපච්චයවසෙන, සදිසාසදිසපච්චයවසෙන ච පච්චයො හොතීති වෙදිතබ්බා. සො චස්සා පච්චයභාවො “යස්ස හි දුක්ඛාදීසු අවිජ්ජාසඞ්ඛාතං අඤ්ඤාණං අප්පහීනං හොති, සො දුක්ඛෙ තාව පුබ්බන්තාදීසු ච අඤ්ඤාණෙන සංසාරදුක්ඛං සුඛසඤ්ඤාය ගහෙත්වා තස්ස හෙතුභූතෙ තිවිධෙපි සඞ්ඛාරෙ ආරභතී”තිආදිනා නයෙන වුත්තො එව.
මෙසේ මේ අවිද්‍යාව විපාක වශයෙන් ඒකාන්ත අනිෂ්ට ඵල ඇත්තේම, ස්වභාව වශයෙන් සාවද්‍ය වූයේම, මේ සියලු පුඤ්ඤාභිසංඛාරාදීනට අනුරූප වූ පරිදි ස්ථාන කෘත්‍යය, ස්වභාව යන මෙයින් විරුද්ධ හා අවිරුද්ධ ප්‍රත්‍යය වශයෙන්ද, සදෘශ හා අසදෘශ ප්‍රත්‍යය වශයෙන්ද ප්‍රත්‍යය වෙති’යි දතයුතුය. ‘යමකුගේ වනාහි දුඃඛාදිය විෂයයෙකි. අවිද්‍යා සංඛ්‍යාත අඥානය (නොදැනීම) ප්‍රහීණ නොවූයේද, හේ තෙමේ පළමු කොට දුඃඛය පිළිබඳවද, පූර්වාන්තාදිය පිළිබඳවද නොදැනීම හේතුකොට ගෙන සංසාර දුඃඛය සුඛසංඥාවෙන් ගෙන, එයට (සංසාර දුඃඛයට) හේතු වූ ත්‍රිවිධ වූම සංඛාරයන් අරඹයි” යන ආදී නයින් අවිද්‍යාව පිළිබඳ ඒ ප්‍රත්‍යයභාවය කියන ලද්දේම වේ.
අපිච අයං අඤ්ඤොපි පරියායො –
තවද මේ අන් ක්රමයෙක්ද වේ:-
චුතූපපාතෙ සංසාරෙ, සඞ්ඛාරානඤ්ච ලක්ඛණෙ; යො පටිච්චසමුප්පන්න-ධම්මෙසු ච විමුය්හති.
චුතූපපාතෙ සංසාරෙ සංඛාරානඤ්ච ලක්ඛණො යො පටිච්චසමූප්පන්න ධම්මෙසු ච විමුය්හති
අභිසඞ්ඛරොති සො එතෙ, සඞ්ඛාරෙ තිවිධෙ යතො; අවිජ්ජා පච්චයො තෙසං, තිවිධානම්පයං තතොති.
අභිසඞ්ඛරොති සො එතෙ සංඛාරෙ තිවිධො යතො අවිජ්ජා පච්චයො තෙසං තිවිධානං අයං තතො
චුති උප්පත්ති යන දෙක්හිද, සංසාර විෂයයෙහිද, සංඛාරයන් පිළිබඳ ලක්ෂණ විෂයයෙහිද, පටිච්ච සමුප්පන්න ධර්මයන් විෂයයෙහිද, යමෙක් මුළා වේද,
හේ තෙමේ යම් හෙයකින් මේ ත්රිවිධවූම සංඛාරයන් රැස් කෙරේද එහෙයින් ඒ ත්‍රිවිධ වූම සංඛාරයනට මේ අවිද්‍යාව ප්‍රත්‍යය වේ.
කථං පන යො එතෙසු විමුය්හති, සො තිවිධෙපෙතෙ සඞ්ඛාරෙ කරොතීති චෙ. චුතියා තාව විමූළ්හො “සබ්බත්ථ ඛන්ධානං භෙදො මරණ”න්ති චුතිං අගණ්හන්තො “සත්තො මරති, සත්තස්ස දෙහන්තරසඞ්කමන”න්තිආදීනි විකප්පෙති.
මෙකී කරුණු විෂයයෙහි මුළාවන තැනැත්තේ කෙසේ නම් මේ ත්රිවිධවූම සංඛාරයන් රැස් කෙරේද යත්:- පළමුව චුති විෂයයෙහි මුළා වූයේ, ‘මරණය නම් සියලු තන්හි ස්කන්ධයන්ගේ බිඳී යාමයි’ යනුවෙන් චුතිය (තත්වාකාරයෙන්) නොගෙන, “සත්වයා මැරෙයි, සත්වයාගේ දේශාන්තර ගමනය’ යන ආදී වශයෙන් විකල්පනය කරයි.
උපපාතෙ විමූළ්හො “සබ්බත්ථ ඛන්ධානං පාතුභාවො ජාතී”ති උපපාතං අගණ්හන්තො “සත්තො උපපජ්ජති, සත්තස්ස නවසරීරපාතුභාවො”තිආදීනි විකප්පෙති.
උත්පත්ති විෂයයෙහි මුළා වූයේ, ‘සියලු තන්හි ස්කන්ධයන්ගේ පහළවීම ඉපැදීමයි’ යනුවෙන් උපපාතය (තත්වාකාරයෙන්) නොගෙන, “සත්වයා උපදියි, සත්වයාගේ නව සිරුරක් හටගැනීමයි” යන ආදී වශයෙන් විකල්පනය කරයි.
සංසාරෙ විමූළ්හො යො එස,
සංසාර විෂයයෙහි මුළා වූයේ,
“ඛන්ධානඤ්ච පටිපාටි, ධාතුආයතනාන ච; අබ්බොච්ඡින්නං වත්තමානා, සංසාරොති පවුච්චතී”ති. –
ඛන්ධානඤ්ච පටිපාටි ධාතු ආයතනානි ච අබ්බොච්ඡින්නං වත්තමානං සංසාරො’ති පවුච්චති.
ස්කන්ධයන්ගේද, ධාතුන්ගේ හා ආයතනයන්ගේද නොසිඳී පැවැත්ම සංසාරයයි කියනු ලැබේ යනුවෙන්
එවං වණ්ණිතො සංසාරො, තං එවං අගණ්හන්තො “අයං සත්තො අස්මා ලොකා පරං ලොකං ගච්ඡති, පරස්මා ලොකා ඉමං ලොකං ආගච්ඡතී”තිආදීනි විකප්පෙති.
මෙසේ විස්තර කරන ලද සංසාරය එසේ නොගෙන, “මේ සත්වයා මෙලොවින් පරලොවට යයි, පරලොවින් මෙලොවට එයි” යන ආදිය විකල්පනය කරයි.
සඞ්ඛාරානං ලක්ඛණෙ විමූළ්හො සඞ්ඛාරානං සභාවලක්ඛණං සාමඤ්ඤලක්ඛණඤ්ච අගණ්හන්තො සඞ්ඛාරෙ අත්තතො අත්තනියතො ධුවතො සුඛතො සුභතො විකප්පෙති.
සංස්කාර ලක්ෂණ විෂයයෙහි මුළා වූයේ, සංස්ඛාරයන්ගේ ස්වභාව ලක්ෂණයද සාමාන්‍ය ලක්ෂණයද (තත්වාකාරයෙන්) නොගෙන, සංස්කාරයන් ආත්ම වශයෙන්ද, ආත්ම ප්‍රතිබද්ධ වශයෙන්ද, ස්ථිර වශයෙන්ද, ශුභ වශයෙන්ද, සුඛ වශයෙන්ද විකල්පනය කරයි.
පටිච්චසමුප්පන්නධම්මෙසු විමූළ්හො අවිජ්ජාදීහි සඞ්ඛාරාදීනං පවත්තිං අගණ්හන්තො “අත්තා ජානාති වා න ජානාති වා, සො එව කරොති ච කාරෙති ච. සො පටිසන්ධියං උපපජ්ජති, තස්ස අණුඉස්සරාදයො කලලාදිභාවෙන සරීරං සණ්ඨපෙන්තො ඉන්ද්රියානි සම්පාදෙන්ති. සො ඉන්ද්රියසම්පන්නො ඵුසති, වෙදියති, තණ්හීයති, උපාදියති, ඝටියති. සො පුන භවන්තරෙ භවතී”ති වා, “සබ්බෙ සත්තා නියතිසඞ්ගතිභාවපරිණතා”ති (දී· නි· 1.168) වා විකප්පෙති.
පටිච්ච සමුප්පන්න ධර්ම විෂයයෙහි මුළාවූයේ, අවිජ්ජා ආදීන්ගෙන් සංඛාර ආදීන්ගේ පැවැත්ම නොපිළිගෙන, ආත්ම තෙමේ දනියි. නොහොත් නොදනියි. ආත්ම තෙමේ මෙසේ කරයි. නොහොත් කරවයි. ඒ (ආත්මයම) ප්‍රතිසන්‍ධියෙහිදී උපදියි. එම ආත්මය පිළිබඳ වූ පරමාණු ඊශ්වර ආදීහු කලලාදී වශයෙන් සිරුර සැලසුම් කරමින් ඉන්ද්රියයන් සම්පාදනය කරති, ඒ ආත්ම තෙමේ ඉන්ද්රිය සම්පන්න වූයේ ස්පර්ශ කරයි. වින්දනය කරයි. ඇලුම් කරයි. දැඩිව ගනියි, ගැටෙයි. නොහොත් එම ආත්මය යලිත් භවාන්තරයට යෙයි’’ යනුවෙන් විකල්පනය කරයි. නැතහොත්, “සියලු සත්වයෝ කියති. සංගතිභාවයෙන් (පෙර පසු නියමය අනුව හෝ දිව්‍ය, මනුෂ්‍ය ආදි ගති අනුව) පරිණතියට ගියාහුය” යනුවෙන් විකල්පනය කරයි.
සො අවිජ්ජාය අන්ධීකතො එවං විකප්පෙන්තො යථා නාම අන්ධො පථවියං විචරන්තො මග්ගම්පි අමග්ගම්පි ථලම්පි නින්නම්පි සමම්පි විසමම්පි පටිපජ්ජති, එවං පුඤ්ඤම්පි අපුඤ්ඤම්පි ආනෙඤ්ජාභිසඞ්ඛාරම්පි අභිසඞ්ඛරොතීති.
හේ තෙමේ අවිද්‍යාව විසින් අන්ධභාවයට පත්කරන ලදුයේ මෙසේ විකල්පනය කරනුයේ, යම්සේ වනාහි අන්ධයෙක් පොළොව මත හැසිරෙනුයේ, මගටද නොමගටද, ගොඩටද, වලටද, තැන්නටද හෙලටද එළඹේද, එසේම පුඤ්ඤ, අපුඤ්ඤ, ආනෙඤ්ජ යන ත්‍රිවිධ සංඛාරයන් රැස් කරයි.
තෙනෙතං වුච්චති –
එහෙයින් කියනු ලැබේ.
“යථාපි නාම ජච්චන්ධො, නරො අපරිණායකො; එකදා යාති මග්ගෙන, උම්මග්ගෙනාපි එකදා.
යථාපි නාම ඡච්චන්ධො නරො අපරිනායකො එකදා යාති මග්ගෙන උම්මග්ගෙනාපි එකදා
“සංසාරෙ සංසරං බාලො, තථා අපරිණායකො; කරොති එකදා පුඤ්ඤං, අපුඤ්ඤමපි එකදා.
සංසාරෙ සංසරං බාලො තථා අපරිනායකො කරොති එකදා පුඤ්ඤං අපුඤ්ඤම්පි ච එකදා
“යදා ච ඤත්වා සො ධම්මං, සච්චානි අභිසමෙස්සති; තදා අවිජ්ජූපසමා, උපසන්තො චරිස්සතී”ති.
යදා ච ඤත්වා සො ධම්මං සච්චානි අභිසමෙස්සති තදා අවිජ්ජූපසමා උපසන්තො චරිස්සතී’ති
යම්සේ උපතින්ම අන්ධ වූ මිනිසෙක් නියමුවකු නැතිව, විටෙක මගද විටෙක නොමගද යන්නේ වේද,
එසේම සසර සැරිසරන බාල තෙමේ නියමුවකු නොමැතිව, විටෙක පින්ද විටෙක පව්ද රැස් කෙරේ.
යම්කලෙක හේ තෙමේ ධර්මය දැන සත්‍යයන් මැනවින් අවබෝධ කෙරේද, එකල අවිද්‍යාව සමනය වීමෙන් උපශාන්ත බවට පත්ව හැසිරෙන්නේය.
අයං “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා”ති පදස්මිං විත්ථාරකථා.
මේ “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා” යන පදයෙහි විස්තර කථායි.