පට්ඨානපච්චයකථා
පට්ඨානපච්චයකථා
පට්ඨානපච්චයකථා
එත්ථාහ – ගණ්හාම තාව එතං අවිජ්ජා සඞ්ඛාරානං පච්චයොති, ඉදං පන වත්තබ්බං කතමෙසං සඞ්ඛාරානං කථං පච්චයො හොතීති? තත්රිදං වුච්චති, භගවතා හි “හෙතුපච්චයො, ආරම්මණපච්චයො, අධිපතිපච්චයො, අනන්තරපච්චයො, සමනන්තරපච්චයො, සහජාතපච්චයො, අඤ්ඤමඤ්ඤපච්චයො, නිස්සයපච්චයො, උපනිස්සයපච්චයො, පුරෙජාතපච්චයො, පච්ඡාජාතපච්චයො, ආසෙවනපච්චයො, කම්මපච්චයො, විපාකපච්චයො, ආහාරපච්චයො, ඉන්ද්රියපච්චයො, ඣානපච්චයො, මග්ගපච්චයො, සම්පයුත්තපච්චයො, විප්පයුත්තපච්චයො, අත්ථිපච්චයො, නත්ථිපච්චයො, විගතපච්චයො, අවිගතපච්චයො”ති (පට්ඨා· 1.1.පච්චයුද්දෙස) චතුවීසති පච්චයා වුත්තා.
මෙහිලා මෙසේ කිව හැකිය:- “අවිද්‍යාව සංඛාරයනට ප්‍රත්‍යය වෙති’යි යන මෙය පළමුකොට පිළිගනිමු. එහෙත් කවර නම් සංඛාරයනට කෙසේ ප්‍රත්‍යය වේදැ’යි යන මෙය කිවයුතුය. එහිලා මෙසේ කියනු ලැබේ: භාග්‍යවතුන්වහන්සේ විසින් වනාහි, ‘හේතු පච්චය, ආරම්මණ පච්චය, අධිපති පච්චය, අනන්තර පච්චය, සමනන්තර පච්චය, සහජාත පච්චය, අඤ්ඤමඤ්ඤ පච්චය, නිස්සය පච්චය, උපනිස්සය පච්චය, පුරේජාත පච්චය, පච්ඡාජාත පච්චය, ආසේවන පච්චය, කම්මපච්චය, විපාක පච්චය, ආහාර පච්චය, ඉන්ද්රියපච්චය, ඣාන පච්චය, මග්ග පච්චය, සම්පයුත්ත පච්චය, විප්පයුත්ත පච්චය, අත්ථි පච්චය, නත්ථි පච්චය, විගත පච්චය, අවිගත පච්චය’ යනුවෙන් ප්‍රත්‍යයයන් සූවිස්සක් දේශනා කොට ඇත.
තත්ථ හෙතු ච සො පච්චයො චාති හෙතුපච්චයො, හෙතු හුත්වා පච්චයො, හෙතුභාවෙන පච්චයොති වුත්තං හොති. ආරම්මණපච්චයාදීසුපි එසෙව නයො.
එහි හේතු වූයේද එම ප්‍රත්‍යය වූයේදැ’යි පච්චයයි, හේතු වශයෙන් ප්‍රත්‍යය වීමයි. හේතුභාවයෙන් ප්රත්යයවීමයයි කීසේයි. ආරම්මණ පච්චය ආදියෙහිද මෙම නයයි.
තත්ථ හෙතූති වචනාවයවකාරණමූලානමෙතං අධිවචනං. “පටිඤ්ඤා, හෙතූ”තිආදීසු හි ලොකෙ වචනාවයවො හෙතූති වුච්චති. සාසනෙ පන “යෙ ධම්මා හෙතුප්පභවා”තිආදීසු (මහාව· 60) කාරණං. “තයො කුසලහෙතූ, තයො අකුසලහෙතූ”තිආදීසු (ධ· ස· 1059) මූලං හෙතූති වුච්චති, තං ඉධ අධිප්පෙතං. පච්චයොති එත්ථ පන අයං වචනත්ථො, පටිච්ච එතස්මා එතීති පච්චයො. අපච්චක්ඛාය නං වත්තතීති අත්ථො. යො හි ධම්මො යං ධම්මං අපච්චක්ඛාය තිට්ඨති වා උප්පජ්ජති වා, සො තස්ස පච්චයොති වුත්තං හොති. ලක්ඛණතො පන උපකාරකලක්ඛණො පච්චයො. යො හි ධම්මො යස්ස ධම්මස්ස ඨිතියා වා උප්පත්තියා වා උපකාරකො හොති, සො තස්ස පච්චයොති වුච්චති. පච්චයො, හෙතු, කාරණං, නිදානං, සම්භවො, පභවොතිආදි අත්ථතො එකං, බ්යඤ්ජනතො නානං. ඉති මූලට්ඨෙන හෙතු, උපකාරකට්ඨෙන පච්චයොති සඞ්ඛෙපතො මූලට්ඨෙන උපකාරකො ධම්මො හෙතුපච්චයො.
එහි ‘හේතු’ යනු, වචනාවයවය, කාරණය, මූලය යන මොවුනට අධිවචනයෙකි. ‘පටිඤ්ඤාහේතු’ ආදී තන්හි ලෝකයෙහි (න්‍යාය වාදයෙහි) සාධනාවයවය ‘හේතු’ යයි කියනු ලැබේ. ශාසනයෙහි වනාහි ‘යෙ ධම්මා හෙතුප්පභවා’ යන ආදියෙහි කාරණාර්ත්ථයෙහි වේ; ‘තයො කුසල හේතු, තයො අකුසල හේතු’ යන ආදියෙහි මූලය ‘හේතු’ යයි කියනු ලැබේ; මෙම අර්ත්ථය මෙහිදී අභිප්‍රේතයි ‘පච්චය’ යන මෙහි වචනාර්ත්ථය මෙසේයි:- ‘පටිච්ච එතස්මා එති’ (මෙය අරබයා, මෙයින් හටගනිති’යි හෝ පච්චය නමි; එය ප්රතික්ෂිප්ත (බැහැර) නොවී පවතී’ යන අර්‍ත්‍ථයි. යම් ධර්මයක් තවත් ධර්මයක් බැහැර නොකොට සිටිති’යි, හටගනිති’යි හෝ මෙසේ එම (පළමු කී) ධර්මය පසුව කී ධර්මයට ප්‍රත්‍යය වෙති’යි කී නියායි. ලක්ෂණ වශයෙන් වනාහි ප්‍රත්‍යයය උපකාරක ලක්ෂණ ඇත්තේය. යම් ධර්මයක් වනාහි තවත් ධර්මයෙක පැවැත්මට හෝ හටගැනීමට උපකාරී වේද, එම (පළමු කී) ධර්මය (පසුව කී) ධර්මයට ප්රත්යයයයි කියනු ලැබේ. ප්‍රත්‍යයය, හේතුය, කාරණය, නිදානය, සම්භවය, ප්රභවය යන ආදිය ව්‍යංජන (අක්ෂර) වශයෙන් විසදෘශ වන මුත් අරුත් වශයෙන් සමාන වේ. මෙසේ මූලාර්‍ත්‍ථයෙන් හේතු වූ, උපකාරක අර්ත්ථයෙන් ප්‍රත්‍යයවූ, සැකෙවින් කිවහොත් මූලාර්‍ත්‍ථයෙන් උපකාරකවූ ධර්මස්වභාවය ‘හේතුපච්චය’ නමි.
සො සාලිආදීනං සාලිබීජාදීනි විය, මණිපභාදීනං විය ච මණිවණ්ණාදයො කුසලාදීනං කුසලාදිභාවසාධකොති ආචරියානං අධිප්පායො. එවං සන්තෙ පන තංසමුට්ඨානරූපෙසු හෙතුපච්චයතා න සම්පජ්ජති. න හි සො තෙසං කුසලාදිභාවං සාධෙති, න ච පච්චයො න හොති. වුත්තඤ්හෙතං “හෙතූ හෙතුසම්පයුත්තකානං ධම්මානං තංසමුට්ඨානානඤ්ච රූපානං හෙතුපච්චයෙන පච්චයො”ති (පට්ඨා· 1.1.1). අහෙතුකචිත්තානඤ්ච විනා එතෙන අබ්යාකතභාවො සිද්ධො, සහෙතුකානම්පි ච යොනිසොමනසිකාරාදිපටිබද්ධො කුසලාදිභාවො, න සම්පයුත්තහෙතුපටිබද්ධො. යදි ච සම්පයුත්තහෙතූසු සභාවතොව කුසලාදිභාවො සියා, සම්පයුත්තෙසු හෙතුපටිබද්ධො අලොභො කුසලො වා සියා අබ්යාකතො වා. යස්මා පන උභයථාපි හොති, තස්මා යථා සම්පයුත්තෙසු, එවං හෙතූසුපි කුසලාදිතා පරියෙසිතබ්බා.
එය ශාලි ආදී ධාන්‍ය විශේෂයනට ශාලිබීජාදිය සෙයින්ද, මණිප්රභාදීනට මණිවර්ණාදිය සෙයින්ද, කුශලාදීන්ගේ කුශලාදී ස්වභාවය සිද්ධ කරන්නේය යනු (රේවත නම්) ආචාර්යයන්ගේ අභිප්‍රායයි. එසේ ඇති කල්හි වනාහි කුශල හා අකුශල හේතුවෙන් හටගත් රූපයන්ගේ හේතු ප්‍රත්‍යය භාවය සිද්ධ නොවේ; එම හේතු ප්‍රත්‍යය එකී රූපයන්ගේ කුශලාකුශලභාවය සාධනය නොකරයි. එහෙත් එම රූපයනට ප්‍රත්‍යය නොවන්නේ නොවේ. කියන ලදමැයි:- “(ලෝභ, අලෝභ, ආදී) හේතුව හේතු සම්ප්‍රයුක්ත ධර්මයනටද, එයින් හටගත් රූපයනටද හේතු ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ” අහේතුක චිත්තයන්ගේද මෙයින් (හේතුප්‍රත්‍යය භාවයෙන්) තොරවූ අව්‍යකෘත භාවය සිද්ධයි; සහේතුක චිත්තයන්ගේද කුසල-අකුසලභාවය යොනිසෝමනසිකාරාදිය හා සමග බැඳුණේ වේ. සම්ප්‍රයුක්ත හේතුව හා සමග බැඳුණේ නොවේ. ඉදින් සම්ප්‍රයුක්ත හේතුන්ගේ කුසලාදිභාවය ස්වභාව සිද්ධ වේනම්, සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ කුසලාදී භාවයද හේතුව හා සමග බැඳුණේ නම්, ආලෝභය කුසල හෝ අව්‍යකෘත හෝ වන්නේය. යම් හෙයකින් වනාහි උභයාකාරයෙන්ම වෙතොත්, සම්ප්‍රයුත්ත හේතූන් කෙරෙහිද මෙසේ කුසලාදිභාවය සෙවිය (විමසිය) යුතු වන්නේය.
කුසලාදිභාවසාධනවසෙන පන හෙතූනං මූලට්ඨං අගහෙත්වා සුප්පතිට්ඨිතභාවසාධනවසෙන ගය්හමානෙ න කිඤ්චි විරුජ්ඣති. ලද්ධහෙතුපච්චයා හි ධම්මා විරූළ්හමූලා විය පාදපා ථිරා හොන්ති සුප්පතිට්ඨිතා, අහෙතුකා තිලබීජකාදිසෙවාලා විය න සුප්පතිට්ඨිතා. ඉති මූලට්ඨෙන උපකාරකොති සුප්පතිට්ඨිතභාවසාධනෙන උපකාරකො ධම්මො හෙතුපච්චයොති වෙදිතබ්බො.
කුසලාදි-භාව-සාධන වශයෙන් හේතූන්ගේ මූලාර්‍ත්‍ථය නොගෙන, (අරමුණෙහි) සුප්රතිෂ්ඨිත-භාව-සාධන වශයෙන් ගනු ලබන කල්හි කිසි විරෝධයෙක් නොවේ; ලබන ලද හේතු ප්‍රත්‍යය ඇති ධර්මයෝ මනාව මුල් බැසගත් වෘක්ෂයන් මෙන් මනාකොට තිරව පිහිටන්නාහුය. අහේතුකයෝ වනාහි තිලබීජක නම් සෙවෙල් වෙසෙස මෙන් තිරව නොපිහිටන්නාහුය; මෙසේ “මූලට්ඨෙන උපකාරකො” යනු, සුප්රතිෂ්ඨිත-භාව-සාධන වශයෙන් උපකාරක වූ ධර්මය හේතු ප්‍රත්‍යයයි දතයුතුය.
තතො පරෙසු ආරම්මණභාවෙන උපකාරකො ධම්මො ආරම්මණපච්චයො. සො “රූපායතනං චක්ඛුවිඤ්ඤාණධාතුයා”ති (පට්ඨා· 1.1.2) ආරභිත්වාපි “යං යං ධම්මං ආරබ්භ යෙ යෙ ධම්මා උප්පජ්ජන්ති චිත්තචෙතසිකා ධම්මා, තෙ තෙ ධම්මා තෙසං තෙසං ධම්මානං ආරම්මණපච්චයෙන පච්චයො”ති (පට්ඨා· 1.1.2) ඔසාපිතත්තා න කොචි ධම්මො න හොති. යථා හි දුබ්බලො පුරිසො දණ්ඩං වා රජ්ජුං වා ආලම්බිත්වාව උට්ඨහති චෙව තිට්ඨති ච, එවං චිත්තචෙතසිකා ධම්මා රූපාදිආරම්මණං ආරබ්භෙව උප්පජ්ජන්ති චෙව තිට්ඨන්ති ච. තස්මා සබ්බෙපි චිත්තචෙතසිකානං ආරම්මණභූතා ධම්මා ආරම්මණපච්චයොති වෙදිතබ්බා.
අනතුරුව දක්වන ලද ප්‍රත්‍යයන් අතුරෙන්; ආලම්බන වශයෙන් උපකාරක වූ ධර්මය ආලම්බන ප්‍රත්‍යයයි. එය ‘‘රූපායතනං චක්ඛුවිඤ්ඤාණධාතුයා” (රූපායතනය චක්ෂුර් විඥානධාතුවට-අරමුණු වේ) යනුවෙන් ආරම්භ කොටද, “යම් යම් ධර්මයක් ඇරබ යම් යම් චිත්ත චෛතසික ධර්ම කෙනෙක් උපදිත්ද, ඒ ඒ ධර්මයෝ ඒ ඒ (චිත්තචෛතසික) ධර්මයනට ආලම්බන ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති’’ යනුවෙන් අවසන් කළ හෙයින් ආලම්බන ප්‍රත්‍යය නොවන කිසි ධර්මයෙක් නැත්තේය. යම්සේ දුර්වල පුරුෂයෙක් දඬුවක් ගෙන හෝ කඹයක එල්බ හෝ නැගිටියිද, සිටියිද, එසේම චිත්ත චෛතසික ධර්මයෝ රූපාදී වූ අරමුණක් ඇරබම උපදිති, සිටිති. එහෙයින් සියලුම චිත්ත චෛතසික ධර්මයනට අරමුණු වන ධර්මයන් ආරම්මණ ප්‍රත්‍යය වෙති’යි දතයුතුය.
ජෙට්ඨකට්ඨෙන උපකාරකො ධම්මො අධිපතිපච්චයො, සො සහජාතාරම්මණවසෙන දුවිධො. තත්ථ “ඡන්දාධිපති ඡන්දසම්පයුත්තකානං ධම්මානං තංසමුට්ඨානානඤ්ච රූපානං අධිපතිපච්චයෙන පච්චයො”තිආදිවචනතො (පට්ඨා· 1.3.3) ඡන්දවීරියචිත්තවීමංසාසඞ්ඛාතා චත්තාරො ධම්මා අධිපතිපච්චයොති වෙදිතබ්බා, නො ච ඛො එකතො. යදා හි ඡන්දං ධුරං ඡන්දං ජෙට්ඨකං කත්වා චිත්තං පවත්තති, තදා ඡන්දොව අධිපති, න ඉතරෙ. එස නයො සෙසෙසුපි.
ප්රමුඛත්වයෙන් උපකාරක වූ ස්වභාවය අධිපති ප්‍රත්‍යයයි; එය සහජාතය, ආරම්මණයයි දෙ-වැදෑරුම් වේ. එහි “ඡන්දාධිපති ප්‍රත්‍යය ඡන්දය (එනම් ඉද්ධිපාදය) හා සමග යෙදුණු ධර්මයනටද, එයින් හටගත් රූපයනටද, අධිපති ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ” යන ආදී වචනයෙන් ඡන්ද-විරිය-චිත්ත-වීමංස යන ධර්ම සතර අධිපති ප්‍රත්‍යයයි දතයුතුය; එහෙත් එක්වම එක්වර නොවේ; යම් විටෙක ඡන්දය ප්‍රධාන කොට, ඡන්දය ප්රමුඛ කොට සිත පවත්නේද, එවිට ඡන්දයම අධිපති වනු මිස අනෙක් තුන නොවේ. අනෙක් (ඉද්ධිපාද) තුන පිළිබඳවද මෙම නයයි.
යං පන ධම්මං ගරුං කත්වා අරූපධම්මා පවත්තන්ති, සො නෙසං ආරම්මණාධිපති. තෙන වුත්තං “යං යං ධම්මං ගරුං කත්වා යෙ යෙ ධම්මා උප්පජ්ජන්ති චිත්තචෙතසිකා ධම්මා, තෙ තෙ ධම්මා තෙසං තෙසං ධම්මානං අධිපතිපච්චයෙන පච්චයො”ති (පට්ඨා· 1.1.3).
යම් ධර්මයක් ගරු කොට අරූප (චිත්ත-චෛතසික) ධර්මයෝ පවත්නාහුද, එය එම (අරූප) ධර්මයනට ආරම්මණාධිපති ප්‍රත්‍යය වේ. එහෙයින් කියන ලදි:- “යම් යම් ධර්මයක් ගරු කොට යම් යම් (චිත්ත-චෛතසික) ධර්ම කෙනෙක් උපදනාහුද, ඒ ඒ ධර්මයෝ ඒ ඒ ධර්මයනට අධිපති ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති.
අනන්තරභාවෙන උපකාරකො ධම්මො අනන්තරපච්චයො. සමනන්තරභාවෙන උපකාරකො ධම්මො සමනන්තරපච්චයො. ඉදඤ්ච පච්චයද්වයං බහුධා පපඤ්චයන්ති. අයං පනෙත්ථ සාරො, යො හි එස චක්ඛුවිඤ්ඤාණානන්තරා මනොධාතු, මනොධාතුඅනන්තරා මනොවිඤ්ඤාණධාතූතිආදි චිත්තනියමො, සො යස්මා පුරිමපුරිමචිත්තවසෙනෙව ඉජ්ඣති, න අඤ්ඤථා, තස්මා අත්තනො අත්තනො අනන්තරං අනුරූපස්ස චිත්තුප්පාදස්ස උප්පාදනසමත්ථො ධම්මො අනන්තරපච්චයො. තෙනෙවාහ – “අනන්තරපච්චයොති චක්ඛුවිඤ්ඤාණධාතු තංසම්පයුත්තකා ච ධම්මා මනොධාතුයා තංසම්පයුත්තකානඤ්ච ධම්මානං අනන්තරපච්චයෙන පච්චයො”තිආදි (පට්ඨා· 1.1.4). යො අනන්තරපච්චයො, ස්වෙව සමනන්තරපච්චයො. බ්යඤ්ජනමත්තමෙව හෙත්ථ නානං, උපචයසන්තතීසු විය අධිවචනනිරුත්තිදුකාදීසු විය ච. අත්ථතො පන නානං නත්ථි.
අනන්තර භාවයෙන් (අතරක් නැති වීමෙන්) උපකාරක වූ ධර්මය අනන්තර ප්‍රත්‍යයයි; එකකට එකක් යාව සිදුවීමෙන් මෙකී ප්‍රත්‍යය දෙක පිළිබඳව බොහෝ සෙයින් කථා කරනු ලැබේ. (සාකච්ඡාවට බඳුන් වූවෙකි.) මෙහි සාරාර්ත්ථය මෙසේය:- චක්ඛු විඤ්ඤාණයට අනතුරුව මනොධාතුවද, මනෝධාතුවට අනතුරුව මනෝ විඤ්ඤාණ ධාතුවද වෙති’යි යන ආදී යම් මේ චිත්ත නියමයක් වේද, යම් හෙයකින් එය පෙර-පසු අනුපිළිවෙළින්ම සිදුවනු මිස අන් ලෙසකින් නොවේද, එහෙයින් තම තමාට පසුව එන අනුරූප වූ චිත්තුප්පාදය ඉපැදවීමට සමත්වූ ධර්මය අනන්තර ප්‍රත්‍යයයි. එහෙයින්ම කීහු:- “අනන්තර ප්‍රත්‍යය යනු, චක්ඛු විඤ්ඤාණ ධාතුවද, එය හා බැඳුණු ධර්මයෝද, මනෝ ධාතුවටද එය හා බැඳුණු ධර්මයනටද අනන්තර ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති” යන ආදියයි. යමක් අනන්තර ප්‍රත්‍යය වේ නම් එයම සමනන්තර-ප්‍රත්‍යයද වේ. මෙහි වෙනස් වනුයේ හුදෙක් ව්‍යංජන මාත්රයමය, උපචයසන්තති යන පදයුගලයෙහි මෙන්ද, අධිවචන-නිරුත්ති යන පදයුගලයෙහි මෙන්ද, මෙහිද අර්ත්ථ වශයෙන් නානත්වයෙක් නැත.
යම්පි “අත්ථානන්තරතාය අනන්තරපච්චයො, කාලානන්තරතාය සමනන්තරපච්චයො”ති ආචරියානං මතං, තං “නිරොධා වුට්ඨහන්තස්ස නෙවසඤ්ඤානාසඤ්ඤායතනකුසලං ඵලසමාපත්තියා සමනන්තරපච්චයෙන පච්චයො”තිආදීහි (පට්ඨා· 1.1.418) විරුජ්ඣති. යම්පි තත්ථ වදන්ති “ධම්මානං සමුට්ඨාපනසමත්ථතා න පරිහායති, භාවනාබලෙන පන වාරිතත්තා ධම්මා සමනන්තරා නුප්පජ්ජන්තී”ති, තම්පි කාලානන්තරතාය අභාවමෙව සාධෙති. භාවනාබලෙන හි තත්ථ කාලානන්තරතා නත්ථීති, මයම්පි එතදෙව වදාම. යස්මා ච කාලානන්තරතා නත්ථි, තස්මා සමනන්තරපච්චයතා න යුජ්ජති. කාලානන්තරතාය හි තෙසං සමනන්තරපච්චයො හොතීති ලද්ධි. තස්මා අභිනිවෙසං අකත්වා බ්යඤ්ජනමත්තතොවෙත්ථ නානාකරණං පච්චෙතබ්බං, න අත්ථතො. කථං? නත්ථි එතෙසං අන්තරන්ති හි අනන්තරා. සණ්ඨානාභාවතො සුට්ඨු අනන්තරාති සමනන්තරා.
ඵල වශයෙන් අතරක් නැති බව අනන්තර ප්‍රත්‍යය යයිද, කාල වශයෙන් අතරක් නැතිබව සමනන්තර ප්රත්යයයිද යනුවෙන් (රේවත නම්) ආචාර්යවරයාගේ යම් මතයක් වේද, එය නිරෝධ සමාපත්තියෙන් නැගිටින්නහුට නේවසඤ්ඤා-නාසඤ්ඤායතන කුසල චිත්තය අනාගාමී අර්හත් ඵල සමාපත්තීනට සමනන්තර ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති’යි යන ආදිය සමග විරෝධ වේ (නොගැලපේ). තවද එහිලා ‘ධර්මයන්ගේ හටගැනීමේ හැකියාව නොපිරිහේ, භාවනා බලයෙන් වලක්වන ලද හෙයින් සමනන්තර ධර්මයෝ නූපදිති’ යනුවෙන් යමක් කියන ලද්දේද, එයද කාලානන්තරතාවක් නොමැති බවම සාධනය කරයි; එහි භාවනා බලයෙන් සිදුවන කාලානන්තරතාවක් නැතැ’යි යන මෙයම අපිදු කියමු; යම් හෙයකින් කාලානන්තරතාවක් නොමැත්තේද, එහෙයින්ම සමනන්තර ප්රත්යයතාවක්ද නොයෙදේ. කාලානන්තරතාවෙන්ම සමනන්තර ප්‍රත්‍යය ප්‍රත්‍යය වෙති’යි යනු ඔවුන්ගේ ලබ්ධියයි. එහෙයින් එම ලබ්ධියට දැඩිව පිවිසීම නොකොට මෙහි ඇති වෙනස ව්‍යංජන මාත්‍ර වශයෙන්ම මිස අර්ත්ථ වශයෙන් නොවන බව පිළිගත යුතුය. කෙසේද යත්:- මොවුන්ගේ අතරක් නැත්නුයි අනන්තර වේ. සටහනක් හෝ නැති හෙයින් වඩාත් අනන්තර වෙති’යි සමනන්තර වේ.
උප්පජ්ජමානොව සහ උප්පාදනභාවෙන උපකාරකො ධම්මො සහජාතපච්චයො පකාසස්ස පදීපො විය. සො අරූපක්ඛන්ධාදිවසෙන ඡබ්බිධො හොති. යථාහ – “චත්තාරො ඛන්ධා අරූපිනො අඤ්ඤමඤ්ඤං සහජාතපච්චයෙන පච්චයො. චත්තාරො මහාභූතා අඤ්ඤමඤ්ඤං, ඔක්කන්තික්ඛණෙ නාමරූපං අඤ්ඤමඤ්ඤං, චිත්තචෙතසිකා ධම්මා චිත්තසමුට්ඨානානං රූපානං, මහාභූතා උපාදාරූපානං, රූපිනො ධම්මා අරූපීනං ධම්මානං කිඤ්චිකාලෙ සහජාතපච්චයෙන පච්චයො, කිඤ්චිකාලෙ න සහජාතපච්චයෙන පච්චයො”ති (පට්ඨා· 1.1.6). ඉදං හදයවත්ථුමෙව සන්ධාය වුත්තං.
උත්පාදාවස්ථාවෙහිදීම සමග ඉපැදීමෙන් උපකාරක වූ ධර්මය සහජාත ප්‍රත්‍යය වේ; ආලෝකයට පහන සෙයිනි. එය අරූපස්කන්ධාදී වශයෙන් සවැදෑරුම් වේ. යම්සේ කීහුද:- (වේදනා ආදී) සතර අරූපස්කන්ධයෝ ඔවුනොවුනට සහජාත ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති. සතර මහාභූතයෝ ඔවුනොවුනට -පෙ-ප්රතිසන්ධික්ෂණයෙහි නාමරූපයෝ ඔවුනොවුනට -පෙ-චිත්ත-චෛතසික ධර්මයෝ චිත්තජ රූපයනටද, මහාභූතයෝ උපාදා රූපයනටද, රූපී ධර්මයෝ අරූපී ධර්මයනටද, කිසිවිටෙක සහජාත ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති, තවත් විටෙක සහජාත ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය නොවෙති” මෙය (මෙහි අවසනට ‘රූපී ධම්මා’ යනුවෙන් කී කරුණ) හදයවත්ථු රූපය සඳහාම කියනලදි.
අඤ්ඤමඤ්ඤං උප්පාදනුපත්ථම්භනභාවෙන උපකාරකො ධම්මො අඤ්ඤමඤ්ඤපච්චයො අඤ්ඤමඤ්ඤූපත්ථම්භකං තිදණ්ඩකං විය. සො අරූපක්ඛන්ධාදිවසෙන තිවිධො හොති. යථාහ – “චත්තාරො ඛන්ධා අරූපිනො අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො. චත්තාරො මහාභූතා ඔක්කන්තික්ඛණෙ නාමරූපං අඤ්ඤමඤ්ඤපච්චයෙන පච්චයො”ති (පට්ඨා· 1.1.7).
ඔවුනොවුන්ගේ උපතට උපස්ථම්භන වශයෙන් උපකාරක ධර්මය අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය වේ. එකිනෙකට රුකුල් ලෙසින් සිටි දඬු තුනෙකින් සැදී ත්රිදණ්ඩක නම් උපකරණය මෙනි. එය අරූප ස්කන්ධාදි වශයෙන් තෙ-වැදෑරුම් වේ. යම්සේ කීහුද:- “සතර අරූපී ස්කන්ධයෝ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති. සතර මහා භූතයෝ -පෙ-, ප්රතිසන්ධි ක්ෂණයෙහිදී නාමරූපයෝ ඔවුනොවුනට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති.”
අධිට්ඨානාකාරෙන නිස්සයාකාරෙන ච උපකාරකො ධම්මො නිස්සයපච්චයො තරුචිත්තකම්මාදීනං පථවීපටාදයො විය. සො “චත්තාරො ඛන්ධා අරූපිනො අඤ්ඤමඤ්ඤං නිස්සයපච්චයෙන පච්චයො”ති එවං සහජාතෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො. ඡට්ඨො පනෙත්ථ කොට්ඨාසො “චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණධාතුයා…පෙ… සොත… ඝාන… ජිව්හා… කායායතනං කායවිඤ්ඤාණධාතුයා තංසම්පයුත්තකානඤ්ච ධම්මානං නිස්සයපච්චයෙන පච්චයො. යං රූපං නිස්සාය මනොධාතු ච මනොවිඤ්ඤාණධාතු ච වත්තන්ති, තං රූපං මනොධාතුයා ච මනොවිඤ්ඤාණධාතුයා ච තංසම්පයුත්තකානඤ්ච ධම්මානං නිස්සයපච්චයෙන පච්චයො”ති (පට්ඨා· 1.1.8) එවං විභත්තො.
පාදකයක් ලෙසින්ද ආධාරකයක් ලෙසින්ද උපකාරක වූ ධර්මය නිස්සය ප්‍රත්‍යයයි. වෘක්ෂ, චිත්‍රකර්ම ආදියට (පිළිවෙළින්) පෘථුවි, වස්ත්‍ර ආදිය සෙයිනි. එය “සතර අරූපී ස්කන්ධයෝ ඔවුනොවුනට නිස්සය ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති” යනුවෙන් මෙසේ සහජාත ප්‍රත්‍යයෙහි කී නයින්ම දතයුතුය. මෙහි සවන කොටස (‘රූපිනො ධම්මා’ යන ආදී කොටස) “චක්ඛායතනය චක්ඛු විඤ්ඤාණ ධාතුවටද -පෙ-සෝත-පෙ-ඝාන-පෙ-ජිව්හා-පෙ-කායායතනය කායවිඤ්ඤාණ ධාතුවටද, එය හා සමග යෙදුණු ධර්මයනටද නිශ්‍රය ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ. යම් රූපයක් නිසා මනෝධාතුවද, මනෝවිඤ්ඤාණ ධාතුවද පවතී නම්, එම රූපය මනෝධාතුවටද, මනෝවිඤ්ඤාණධාතුවටද එය හා සමග යෙදුණු ධර්මයනටද නිස්සය ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ” යනුවෙන් එය බෙදා දක්වන ලදි.
උපනිස්සයපච්චයොති එත්ථ පන අයං තාව වචනත්ථො, තදධීනවුත්තිතාය අත්තනො ඵලෙන නිස්සිතො න පටික්ඛිත්තොති නිස්සයො. යථා පන භුසො ආයාසො උපායාසො, එවං භුසො නිස්සයො උපනිස්සයො, බලවකාරණස්සෙතං අධිවචනං. තස්මා බලවකාරණභාවෙන උපකාරකො ධම්මො උපනිස්සයපච්චයොති වෙදිතබ්බො.
‘උපනිස්සය පච්චයෝ’ යන මෙහි වනාහි, පළමු කොට වචනාර්ත්ථය මෙසේයි:- එයට අයත් වෘත්ති ඇති හෙයින් තමාගේ ඵලය විසින් ආශ්රිතවූයේනුයි, පිළිකෙව් නොකරන ලද්දේනුයි ‘නිස්සය’ වේ. යම්සේ වනාහි අධික ආයාසය ‘උපායාස’ නම් වේද, එසේම අධික නිස්සයය ‘උපනිස්සය’ නම් වේ. මේ බලවත් කාරණයට අධිවචනයි. බලවත් කාරණ වශයෙන් උපකාරක වූ ධර්මය උපනිස්සය ප්‍රත්‍යයයි දතයුතුය.
සො ආරම්මණූපනිස්සයො අනන්තරූපනිස්සයො පකතූපනිස්සයොති තිවිධො හොති. තත්ථ “දානං දත්වා සීලං සමාදියිත්වා උපොසථකම්මං කත්වා තං ගරුංකත්වා පච්චවෙක්ඛති, පුබ්බෙ සුචිණ්ණානි ගරුංකත්වා පච්චවෙක්ඛති, ඣානා වුට්ඨහිත්වා ඣානං ගරුංකත්වා පච්චවෙක්ඛති, සෙක්ඛා ගොත්රභුං ගරුංකත්වා පච්චවෙක්ඛන්ති, වොදානං ගරුංකත්වා පච්චවෙක්ඛන්ති. සෙක්ඛා මග්ගා වුට්ඨහිත්වා මග්ගං ගරුංකත්වා පච්චවෙක්ඛන්තී”ති (පට්ඨා· 1.1.423) එවමාදිනා නයෙන ආරම්මණූපනිස්සයො තාව ආරම්මණාධිපතිනා සද්ධිං නානත්තං අකත්වාව විභත්තො. තත්ථ යං ආරම්මණං ගරුංකත්වා චිත්තචෙතසිකා උප්පජ්ජන්ති, තං නියමතො තෙසු ආරම්මණෙසු බලවාරම්මණං හොති. ඉති ගරුකත්තබ්බමත්තට්ඨෙන ආරම්මණාධිපති, බලවකාරණට්ඨෙන ආරම්මණූපනිස්සයොති එවමෙතෙසං නානත්තං වෙදිතබ්බං.
එය ආලම්බන උපනිස්සය, අනන්තර උපනිස්සය, ප්‍රකෘති උපනිස්සය’යි තෙ-වැදෑරුම් වේ; එහි දන්දී, සිල් සමාදන්ව, පෙහෙවස් වැස, එය ගරුකොට ප්රත්යවේක්ෂා කරයිද, පෙර තමා විසින් බොහෝ කලක් පුරුදු කරන ලද ගුණධර්මයන් ගරුකොට ප්රත්යවේක්ෂා කරයිද, ශෛක්ෂයෝ (සෝතාපන්න ආදීහු) ගෝත්‍රභූ චිත්තය ගරුකොට ප්රත්යවේක්ෂා කරත්ද, (චිත්ත) පාරිශුද්ධිය ගරු කොට ප්රත්යවේක්ෂා කරත්ද, ශෛක්ෂයෝ මාර්ගයෙන් නැගී සිට මාර්ගය ගරුකොට ප්රත්යවේක්ෂා කරත්දැ’යි මේ ආදි නයින් ආලම්බන උපනිස්සයය ආලම්බනාධිපති ප්‍රත්‍ය හා සමග නානත්වයක් නොකොට බෙදා දක්වන ලදී. එහි යම් අරමුණක් ගරු කොට චිත්ත-චෛතසිකයෝ උපදිත්ද, එම අරමුණ නියම වශයෙන් එම චිත්ත-චෛතසිකයනට අරමුණු අතුරෙන් බලවත් අරමුණ වේ. මෙසේ ගරුකළ යුතුය යන අර්ත්ථයෙන් ආලම්බනාධිපති ප්‍රත්‍යයද, බලවත් හේතුවය යන අර්ත්ථයෙන් ආලම්බන උපනිස්සය ප්‍රත්‍යයද වෙති’යි මෙසේ මේ ආලම්බනාධිපති, ආලම්බන උපනිස්සය යන) දෙකෙහි නානාත්වය දතයුතුය.
අනන්තරූපනිස්සයොපි “පුරිමා පුරිමා කුසලා ඛන්ධා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ඛන්ධානං උපනිස්සයපච්චයෙන පච්චයො”තිආදිනා (පට්ඨා· 1.1.9) නයෙන අනන්තරපච්චයෙන සද්ධිං නානත්තං අකත්වාව විභත්තො. මාතිකානික්ඛෙපෙ පන නෙසං “චක්ඛුවිඤ්ඤාණධාතු තංසම්පයුත්තකා ච ධම්මා මනොධාතුයා තංසම්පයුත්තකානඤ්ච ධම්මානං අනන්තරපච්චයෙන පච්චයො”තිආදිනා (පට්ඨා· 1.1.4) නයෙන අනන්තරස්ස, “පුරිමා පුරිමා කුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ධම්මානං උපනිස්සයපච්චයෙන පච්චයො”තිආදිනා (පට්ඨා· 1.1.9) නයෙන උපනිස්සයස්ස ආගතත්තා නික්ඛෙපෙ විසෙසො අත්ථි. සොපි අත්ථතො එකීභාවමෙව ගච්ඡති. එවං සන්තෙපි අත්තනො අත්තනො අනන්තරා අනුරූපස්ස චිත්තුප්පාදස්ස පවත්තනසමත්ථතාය අනන්තරතා, පුරිමචිත්තස්ස පච්ඡිමචිත්තුප්පාදනෙ බලවතාය අනන්තරූපනිස්සයතා වෙදිතබ්බා. යථා හි හෙතුපච්චයාදීසු කිඤ්චි ධම්මං විනාපි චිත්තං උප්පජ්ජති, න එවං අනන්තරචිත්තං විනා චිත්තස්ස උප්පත්ති නාම අත්ථි. තස්මා බලවපච්චයො හොති. ඉති අත්තනො අත්තනො අනන්තරා අනුරූපචිත්තුප්පාදනවසෙන අනන්තරපච්චයො, බලවකාරණවසෙන අනන්තරූපනිස්සයොති එවමෙතෙසං නානත්තං වෙදිතබ්බං.
අනන්තර උපනිස්සය ප්‍රත්‍යයද, “පළමු පළමු කුශල ස්කන්ධයෝ පසු පසු එන කුශල ස්කන්‍ධයනට උපනිස්සය ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති’’ යන ආදී නයින් අනන්තර ප්‍රත්‍යය හා සමග නානත්වයක් නොකොටම බෙදා දක්වන ලදී. මාතිකා නික්ඛේපයෙහි වනාහි, චක්ඛු විඤ්ඤාණාධාතුවද, එය හා යෙදුණු චිත්ත චෛතසික ධර්මයෝද, මනෝ ධාතුවටද එය හා සමග බැඳුණු ධර්මයනටද අනන්තර ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති’’ යනුවෙන් අනන්තර ප්‍රත්‍යයද, “පළමු පළමු කුසල ධර්මයෝ පසු පසුව එන කුශල ධර්මයනටද උපනිස්සය ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති” යන ආදී නයින් උපනිස්සය ප්‍රත්‍යයද ආ හෙයින් ‘නික්ඛේපයෙහිදී ඒ දෙකෙහි නානත්වය ඇත; එයද අර්ත්ථ වශයෙන්, ඒකී භාවයටම පැමිණේ. එතෙකුදු වුවත් තම තමාට අනතුරුව අනුරූප වූ චිත්තෝත්පාදයන් පැවැත්වීමට සමත්වන හෙයින් අනන්තර ප්‍රත්‍යය වන හෙයින් අනන්තර උපනිස්සය ප්‍රත්‍යය වන බවද, දතයුතුය. ඒ එසේය:- හේතු ප්රත්යයාදිය අතුරෙන් කිසියම් ප්‍රත්‍යයක් නොමැතිවද සිත් උපදනේ නමුදු, අනතුරු (අනන්තර) සිතෙකින් තොරව එසේ සිතෙක ඉපදීමෙක් නම් නැත. එහෙයින් එය බලවත් ප්‍රත්‍යයයි මෙසේ තම තමාට අනතුරුව අනුරූප චිත්තෝත්පාදන වශයෙන් අනන්තර ප්‍රත්‍යයද, බලවත් හේතු වශයෙන් අනන්තර උපනිශ්‍රය ප්‍රත්‍යයද වෙති’යි මේ දෙකෙහි නානත්වය දතයුතුය.
පකතූපනිස්සයො පන පකතො උපනිස්සයො පකතූපනිස්සයො. පකතො නාම අත්තනො සන්තානෙ නිප්ඵාදිතො වා සද්ධාසීලාදි උපසෙවිතො වා උතුභොජනාදි. පකතියා එව වා උපනිස්සයො පකතූපනිස්සයො, ආරම්මණානන්තරෙහි අසම්මිස්සොති අත්ථො. තස්ස පකතූපනිස්සයො “සද්ධං උපනිස්සාය දානං දෙති, සීලං සමාදියති, උපොසථකම්මං කරොති, ඣානං උප්පාදෙති, විපස්සනං උප්පාදෙති, මග්ගං උප්පාදෙති, අභිඤ්ඤං උප්පාදෙති, සමාපත්තිං උප්පාදෙති. සීලං, සුතං, චාගං, පඤ්ඤං උපනිස්සාය දානං දෙති…පෙ… සමාපත්තිං උප්පාදෙති. සද්ධා, සීලං, සුතං, චාගො, පඤ්ඤා සද්ධාය, සීලස්ස, සුතස්ස, චාගස්ස, පඤ්ඤාය, උපනිස්සයපච්චයෙන පච්චයො”තිආදිනා (පට්ඨා· 1.1.423) නයෙන අනෙකප්පකාරතො පභෙදො වෙදිතබ්බො. ඉති ඉමෙ සද්ධාදයො පකතා චෙව බලවකාරණට්ඨෙන උපනිස්සයා චාති පකතූපනිස්සයොති.
පකතූපනිස්සයය වනාහි:- පකතො උපනිස්සයෝ පකතුපනිස්සයෝ (ප්රකෘත වූ උපනිශ්රයය ප්රකෘතෝපනිශ්රයයි) මෙහි ප්රකෘත (පකත) යනු, ස්වසන්තානයෙහි නිපදවන ලද ශ්‍රද්ධා ශීල ආදියයි, නොහොත් සෙවුනා ලද ඍතු-භෝජන ආදියයි. නැතහොත්:- ප්‍රකෘතියෙන්ම උපනිශ්‍රය වූයේ පකතූපනිස්සයයි. ආලම්බන-අනන්තර ප්‍රත්‍යයන් හා සමග මිශ්‍ර නොවූයේ යන අර්‍ත්‍ථයි. “ප්‍රකෘති උපනිශ්‍රය යනු, ශ්‍රද්ධාව උපනිශ්‍රය කොට ගෙන දන් දෙයි, සිල් සමාදන් වෙයි. පෙහෙවස් වෙසෙයි. ධ්‍යාන උපදවයි, විදර්ශනා උපදවයි. මාර්ගයන් උපදවයි. අභිඥාවන් උපදවයි. සමවත් උපදවයි. ශීලය-ශ්‍රැතය-ත්‍යාගය, ප්‍රඥාව උපනිශ්‍රය කොට ගෙන දන්දෙයි -පෙ- සමවත් උපදවයි; ශ්‍රද්ධාව-ශීලය-ශ්‍රැතය-ත්‍යාගය-ප්‍රඥාව යන මොහු ශ්රද්ධාවට-ශීලයට-ශ්‍රැතයට-ත්‍යාගයට-ප්‍රඥාවට උපනිශ්‍රය ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති’’ යන ආදි නයින් අනේක ප්‍රකාරයෙන් එහි ප්‍රභේදය දතයුතුය. මෙසේ මේ ශ්‍රද්ධාදිය ‘ප්රකෘත’ වෙති’යි, බලවත් කාරණය යන අරුතින් උපනිශ්‍රයද වෙති’යි ප්රකෘතෝපනිශ්රය නම්වේ.
පඨමතරං උප්පජ්ජිත්වා වත්තමානභාවෙන උපකාරකො ධම්මො පුරෙජාතපච්චයො. සො පඤ්චද්වාරෙ වත්ථාරම්මණහදයවත්ථුවසෙන එකාදසවිධො හොති. යථාහ – “චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණධාතුයා තංසම්පයුත්තකානඤ්ච ධම්මානං පුරෙජාතපච්චයෙන පච්චයො. සොත…පෙ… ඝාන, ජිව්හා, කායායතනං, රූප, සද්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බායතනං කායවිඤ්ඤාණධාතුයා තංසම්පයුත්තකානඤ්ච ධම්මානං පුරෙජාතපච්චයෙන පච්චයො. රූප, සද්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බායතනං මනොධාතුයා. යං රූපං නිස්සාය මනොධාතු ච මනොවිඤ්ඤාණධාතු ච වත්තන්ති, තං රූපං මනොධාතුයා තංසම්පයුත්තකානඤ්ච ධම්මානං පුරෙජාතපච්චයෙන පච්චයො. මනොවිඤ්ඤාණධාතුයා තංසම්පයුත්තකානඤ්ච ධම්මානං කිඤ්චිකාලෙ පුරෙජාතපච්චයෙන පච්චයො. කිඤ්චිකාලෙ න පුරෙජාතපච්චයෙන පච්චයො”ති (පට්ඨා· 1.1.10).
පළමුව ඉපිද පවත්නා බැවින් උපකාරක වූ ධර්මය පුරේජාත ප්‍රත්‍යයයි; එය පංචද්වාර විෂයයෙහි (පංච) වස්තුය, (පංච) ආලම්බනය, හෘදයවස්තුයයි එකොළොස් වැදෑරුම් වේ. යම්සේ කීහුද:- “චක්ඛායතනය චක්ඛු විඤ්ඤාණ ධාතුවටද එය හා සමග යෙදුණු (චිත්ත-චෛතසික) ධර්මයනටද පුරේජාත-ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ. සෝතායතය-පෙ-ඝාන-ජිව්හා-කායායතනය-පෙ- රූපායතන-සද්ද-ගන්ධ-රස-ඵොට්ඨබ්බායතනය-පෙ-කායවිඤ්ඤාණ ධාතුවටද, එය හා සමග යෙදුණු (චිත්ත-චෛතසික) ධර්මයනටද පුරේජාත ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ. රූප-සද්ද-ගන්ධ-රස-පෙ-ඵොට්ඨබ්බායතනය මනෝධාතුවටද, යම් රූපයක් නිසා මනෝධාතුවද, මනෝ විඤ්ඤාණ ධාතුවද පවතී නම් එම රූපය මනෝ ධාතුවටද එය හා සමග යෙදුණ (චිත්ත-චෛතසික) ධර්මයනටද පුරේජාත ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ; මනෝවිඤ්ඤාණ ධාතුවටද එය හා සමග යෙදුණු ධර්මයනටද කිසි විටෙක පුරේජාත ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ. ඇතැම් විටෙක පුරේජාත ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය නොවේ.”
පුරෙජාතානං රූපධම්මානං උපත්ථම්භකත්තෙන උපකාරකො අරූපධම්මො පච්ඡාජාතපච්චයො ගිජ්ඣපොතකසරීරානං ආහාරාසාචෙතනා විය. තෙන වුත්තං “පච්ඡාජාතා චිත්තචෙතසිකා ධම්මා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස පච්ඡාජාතපච්චයෙන පච්චයො”ති (පට්ඨා· 1.1.11).
පුරේජාත (පළමුව උපන්) රූපධර්මයනට උපස්තම්භක වශයෙන් උපකාරක වූ අරූප ධර්මය පච්ඡාජාත ප්‍රත්‍යයයි. ගිජුලිහිණි පොව්වන්ගේ ශරීර තුළ (පසුව) ඇතිවන ආහාර තෘෂ්ණා චේතනාව මෙනි, එහෙයින් කියන ලදි, “පසුව උපන් චිත්ත චෛතසික ධර්මයෝ පළමුව උපන් මේ කයට පච්ඡාජාත ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති’’
ආසෙවනට්ඨෙන අනන්තරානං පගුණබලවභාවාය උපකාරකො ධම්මො ආසෙවනපච්චයො ගන්ථාදීසු පුරිමපුරිමාභියොගො විය. සො කුසලාකුසලකිරියජවනවසෙන තිවිධො හොති. යථාහ – “පුරිමා පුරිමා කුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ධම්මානං ආසෙවනපච්චයෙන පච්චයො. පුරිමා පුරිමා අකුසලා…පෙ… කිරියාබ්යාකතා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කිරියාබ්යාකතානං ධම්මානං ආසෙවනපච්චයෙන පච්චයො”ති (පට්ඨා· 1.1.12).
ආසේවන (අභ්‍යාස) අර්ත්ථයෙන් අනන්තර ප්‍රත්‍යයන්ගේ ප්රාගුණ්යය බලවත් බවින් උපකාරක වූ ධර්මය ආසේවන ප්‍රත්‍යය වේ. ග්රන්ථ ආදිය (හැදෑරීමේදී) පළමු පළමු අභ්‍යාසයන් මෙනි. එය කුශල ජවනය අකුශල ජවනය කිරිය ජවනයයි ත්‍රිවිධ වේ. යම්සේ කීහුද:- “පළමු පළමු (උපන්) කුශල ධර්මයෝ පසු පසුව එන කුශල ධර්මයනට ආසේවන ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති; පළමු පළමු අකුශල ධර්මයෝ -පෙ- කිරිය, අබ්‍යාකත ධර්මයෝ පසු-පසුව එන කිරිය අබ්‍යාකත ධර්මයනට ආසේවන ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති’’
චිත්තපයොගසඞ්ඛාතෙන කිරියභාවෙන උපකාරකො ධම්මො කම්මපච්චයො. සො නානක්ඛණිකාය චෙව කුසලාකුසලචෙතනාය සහජාතාය ච සබ්බායපි චෙතනාය වසෙන දුවිධො හොති . යථාහ – “කුසලාකුසලං කම්මං විපාකානං ඛන්ධානං කටත්තා ච රූපානං කම්මපච්චයෙන පච්චයො. චෙතනා සම්පයුත්තකානං ධම්මානං තංසමුට්ඨානානඤ්ච රූපානං කම්මපච්චයෙන පච්චයො”ති (පට්ඨා· 1.1.13).
චිත්ත ප්‍රයෝග සංඛ්‍යාත (සිත මෙහෙයවීම යයි කියනු ලබන) ක්රියාභාවයෙන් උපකාරක වූ ධර්මය කම්ම ප්‍රත්‍යය වේ. එය නානාක්ෂණික වූ කුශලාකුශල චේතනාවටද, සහජාත වූ සියලුම චේතනාවටදැ’යි දෙවැදෑරුම් වේ; යම්සේ කීහුද;- ‘‘කුශලාකුශල කර්මය විපාකස්කන්ධයනටද, එයින් හටගත් රූපයනටද කර්ම ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ; චේතනාව තමා හා සමග යෙදුණු ධර්මයනටද, එයින් හටගත් රූපයනටද කර්ම ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ”
නිරුස්සාහසන්තභාවෙන නිරුස්සාහසන්තභාවාය උපකාරකො විපාකධම්මො විපාකපච්චයො. සො පවත්තෙ තංසමුට්ඨානානං, පටිසන්ධියං කටත්තා ච රූපානං, සබ්බත්ථ ච සම්පයුත්තධම්මානං පච්චයො හොති. යථාහ –“විපාකාබ්‍යාකතො එකො ඛන්ධො තිණ්ණන්නං ඛන්ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං විපාකපච්චයෙන පච්චයො…පෙ… පටිසන්ධික්ඛණෙ විපාකාබ්‍යාකතො එකො ඛන්ධො තිණ්ණන්නං ඛන්ධානං කටත්තා ච රූපානං. තයො ඛන්ධා එකස්ස ඛන්‍ධස්ස. ද්වෙ ඛන්ධා ද්වින්නං ඛන්ධානං කටත්තා ච රූපානං විපාකපච්චයෙන පච්චයො. ඛන්ධා වත්ථුස්ස විපාකපච්චයෙන පච්චයො”ති.
නිරුත්සාහික භාවයෙන් හා ශාන්ත භාවයෙන් නිරුත්සාහික භාවය හා ශාන්ත භාවය පිණිස උපකාරක වූ විපාක ධර්මය විපාකප්‍රත්‍යය වේ. ඒ විපාක ප්‍රත්‍යය පවත්නා කාලයෙහි විපාක සිත්වලින් හටගන්නා රූපයනටද, ප්රතිසන්ධි අවස්ථාවෙහි කර්මජ රූපයෙන් හටගන්නා රූපයනටද, සියලු අවස්ථාවන්හිදී ප්‍රවෘත්ත හා ප්රතිසන්ධි යන අවස්ථා දෙකෙහිදීම) තමා හා සමග යෙදුණු ධර්මයනටද ප්‍රත්‍යය වේ. යම්සේ කීහුද:- “විපාක අව්‍යාකත වූ එක් (නාම) ස්කන්ධයෙක් සෙසු (නාම) ස්කන්ධ තුනටද (විපාක) චිත්තයෙන් හටගත් රූපයනටද විපාක ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ. -පෙ- ප්රතිසන්ධි ක්ෂණයෙහිදී විපාක අඛ්යාකතවු එක් (නාම) ස්කන්ධයෙක් සෙසු (නාම) ස්කන්ධ තුනටද, එයින් හටගත් රූපයනටද, (නාම) ස්කන්ධ තුනක් එක් (නාම) ස්කන්ධයකටද, ස්කන්ධ දෙකක් අනික් ස්කන්ධ දෙකටද, එයින් හටගත් රූපයනටද විපාක ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ. (නාම) ස්කන්ධයෝ (හෘදය) වස්තුවට විපාක ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති”
රූපාරූපානං උපත්ථම්භකට්ඨෙන උපකාරකා චත්තාරො ආහාරා ආහාරපච්චයො. යථාහ –“කබළීකාරො ආහාරො ඉමස්ස කායස්ස ආහාරපච්චයෙන පච්චයො. අරූපිනො ආහාරා සම්පයුත්තකානං ධම්මානං තංසමුට්ඨානානඤ්ච රූපානං ආහාරපච්චයෙන පච්චයො”ති (පට්ඨා· 1.1.15). පඤ්හාවාරෙ පන “පටිසන්ධික්ඛණෙ විපාකාබ්‍යාකතා ආහාරා සම්පයුත්තකානං ඛන්ධානං කටත්තා ච රූපානං ආහාරපච්චයෙන පච්චයො”තිපි (පට්ඨා· 1.1.429) වුත්තං.
රූප-අරූප ස්කන්‍ධයනට උපස්තම්භකාර්ත්ථයෙන් උපකාරක වූ සතර ආහාරයෝ ආහාර ප්‍රත්‍යය වෙති. යම්සේ කීහුද:- “කබලිංකාරාහාරය කයට ආහාර ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ. අරූපී වූ (ඵස්ස, මනෝසංචේතනා, විඤ්ඤාණ යන) ආහාරත්රයය එය හා යෙදුණු (චිත්ත චෛතසික) ධර්මයනටද, එයින් හටගත් (චිත්තජ) රූපයනටද ආහාර ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ’’ පඤ්හවාරයෙහි වනාහි, “ප්රතිසන්ධික්ෂණයෙහිදී විපාක අඛ්‍යාකත (අරූපී) ආහාරයෝ තමන් හා සමග යෙදුණු ස්කන්ධයනටද එයින් හටගත් (කර්මජ) රූපයනටද ආහාර ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති”යිද කියනලදි.
අධිපතියට්ඨෙන උපකාරකා ඉත්ථින්ද්රියපුරිසින්ද්රියවජ්ජා වීසතින්ද්රියා ඉන්ද්රියපච්චයො. තත්ථ චක්ඛුන්ද්රියාදයො අරූපධම්මානංයෙව, සෙසා රූපාරූපානං පච්චයා හොන්ති. යථාහ – “චක්ඛුන්ද්රියං චක්ඛුවිඤ්ඤාණධාතුයා…පෙ… සොත… ඝාන… ජිව්හා… කායින්ද්රියං කායවිඤ්ඤාණධාතුයා තංසම්පයුත්තකානඤ්ච ධම්මානං ඉන්ද්රියපච්චයෙන පච්චයො. රූපජීවිතින්ද්රියං කටත්තාරූපානං ඉන්ද්රියපච්චයෙන පච්චයො. අරූපිනො ඉන්ද්රියා සම්පයුත්තකානං ධම්මානං තංසමුට්ඨානානඤ්ච රූපානං ඉන්ද්රියපච්චයෙන පච්චයො”ති (පට්ඨා· 1.1.16). පඤ්හාවාරෙ පන “පටිසන්ධික්ඛණෙ විපාකාබ්‍යාකතා ඉන්ද්රියා සම්පයුත්තකානං ඛන්ධානං කටත්තා ච රූපානං ඉන්ද්රියපච්චයෙන පච්චයො”තිපි (පට්ඨා· 1.1.430) වුත්තං.
අධිපති අර්ත්ථයෙන් උපකාරක වූ (ඉත්‍ථින්‍ද්‍රිය, පුරිසින්‍ද්‍රිය යන දෙක හැර සෙසු) ඉන්ද්රිය විස්ස ඉන්ද්රිය ප්‍රත්‍යයයි. එහි චක්ඛුන්‍ද්‍රිය ආදීහු හුදෙක් අරූප ධර්මයනටමද, සෙසු ඉන්ද්රියයෝ රූප-අරූප (යන උභය) ධර්මයනටමද ප්‍රත්‍යය වෙති. යම්සේ කීහුද - “චක්ඛුන්ද්රියය චක්ඛු විඤ්ඤාණ ධාතුවට -පෙ- සෝත-පෙ-ඝාන-පෙ-ජිව්හා-පෙ-කායින්ද්රියය කාය විඤ්ඤාණ ධාතුවට හා එය හා සමග යෙදුණු ධර්මයනටද ඉන්ද්රිය ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ, රූපී ජීවිතින්‍ද්‍රියය එයින් හටගත් (කර්මජ) රූපයනට ඉන්‍ද්‍රියප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ. අරූපී ඉන්ද්රියයෝ සම්ප්‍රයුක්ත ධර්මයනටද, එයින් හටගත් රූපයනටද ඉන්ද්රිය ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති.” පඤ්හවාරයෙහි වනාහි, “ප්රතිසන්ධික්ෂණයෙහිදී විපාක-අඛ්‍යාකත ඉන්ද්රියයෝ තමන් හා සමග යෙදුණු ස්කන්ධයනටද තමන්ගෙන් හටගත් රූපයනටද ඉන්ද්රිය ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති” යනුවෙන්ද කියන ලදි.
උපනිජ්ඣායනට්ඨෙන උපකාරකානි ඨපෙත්වා ද්විපඤ්චවිඤ්ඤාණෙ සුඛදුක්ඛවෙදනාද්වයං සබ්බානිපි කුසලාදිභෙදානි සත්ත ඣානඞ්ගානි ඣානපච්චයො. යථාහ –“ඣානඞ්ගානි ඣානසම්පයුත්තකානං ධම්මානං තංසමුට්ඨානානඤ්ච රූපානං ඣානපච්චයෙන පච්චයො”ති (පට්ඨා· 1.1.17). පඤ්හාවාරෙ පන “පටිසන්ධික්ඛණෙ විපාකාබ්යාකතානි ඣානඞ්ගානි සම්පයුත්තකානං ඛන්ධානං කටත්තා ච රූපානං ඣානපච්චයෙන පච්චයො”තිපි (පට්ඨා· 1.1.431) වුත්තං.
උපනිජ්ඣායන (අරමුණු ගැනීම්) අර්ත්ථයෙන් උපකාරක වූ, ද්විපංච විඤ්ඤාණයෙහි සුඛ දුඃඛ වේදනා දෙක හැර, කුශලාදී භේද ඇති සියලු සප්ත ධ්‍යානාංගයෝ ධ්‍යානප්‍රත්‍යය වෙති. යම්සේ කීහුද:- “ධ්‍යානාංගයෝ ධ්‍යාන සම්ප්‍රයුක්ත ධර්මයනටද, එයින් හටගත් රූපයනටද ධ්‍යානප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති” පඤ්හවාරයෙහි වනාහි, “ප්රතිසන්ධික්ෂණයෙහිදී විපාක අඛ්‍යාකත වූ ධ්‍යානාංගයෝ තත් සම්ප්‍රයුක්ත ස්කන්ධයනටද, කර්මජ රූපයනටද ධ්‍යානප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති’’ යනුවෙන්ද කියන ලදි.
යතො තතො වා නිය්යානට්ඨෙන උපකාරකානි කුසලාදිභෙදානි ද්වාදස මග්ගඞ්ගානි මග්ගපච්චයො. යථාහ – “මග්ගඞ්ගානි මග්ගසම්පයුත්තකානං ධම්මානං තංසමුට්ඨානානඤ්ච රූපානං මග්ගපච්චයෙන පච්චයො”ති (පට්ඨා· 1.1.18). පඤ්හාවාරෙ පන “පටිසන්ධික්ඛණෙ විපාකාබ්යාකතානි මග්ගඞ්ගානි සම්පයුත්තකානං ඛන්ධානං කටත්තා ච රූපානං මග්ගපච්චයෙන පච්චයො”තිපි (පට්ඨා· 1.1.432) වුත්තං. එතෙ පන ද්වෙපි ඣානමග්ගපච්චයා ද්විපඤ්චවිඤ්ඤාණාහෙතුකචිත්තෙසු න ලබ්භන්තීති වෙදිතබ්බා.
යම් හෝ ආකාරයෙකින් (යතො තතො වා) (කුශල පක්ෂයට හෝ අකුශල පක්ෂයට) යොමු කිරීම් අර්ත්ථයෙන් උපකාරක වූ කුශලාදී භේද ඇති මාර්ගාංග දොළස මාර්ග ප්‍රත්‍යය වේ. යම්සේ කීහුද:- “මාර්ගාංගයෝ මාර්‍ගසම්ප්‍රයුක්ත වූ ධර්මයනටද, එයින් හටගත් රූපයනටද මාර්ග ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති” පඤ්හවාරයෙහි වනාහි, ‘ප්රතිසන්ධික්ෂණයෙහිදී විපාක අඛ්‍යාකත මාර්ගාංගයෝ තත්සම්ප්‍රයුක්ත ස්කන්ධයටද, කර්මජ රූපයනටද මාර්ග ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති’ යනුවෙන්ද, කියන ලදි. මේ ධ්‍යාන ප්‍රත්‍යය මාර්‍ගප්‍රත්‍යය යන දෙකම ද්විපඤ්ච විඤ්ඤාණ හා අහේතුක සිත්වල නොලැබෙති’යි දතයුතුය.
එකවත්ථුකඑකාරම්මණඑකුප්පාදෙකනිරොධසඞ්ඛාතෙන සම්පයුත්තභාවෙන උපකාරකා අරූපධම්මා සම්පයුත්තපච්චයො. යථාහ – “චත්තාරො ඛන්ධා අරූපිනො අඤ්ඤමඤ්ඤං සම්පයුත්තපච්චයෙන පච්චයො”ති (පට්ඨා· 1.1.19).
ඒක වත්ථුක-ඒකාරම්මණ-ඒකුප්පාද-ඒකනිරෝධ සංඛ්‍යාත වූ සම්ප්‍රයුත්ත භාවයෙන් උපකාරක වූ අරූප ධර්මයෝ සම්පයුත්ත ප්‍රත්‍යය වෙති. යම්සේ කීහුද:- “අරූපී වූ (නාම) ස්කන්ධ සතර එකිනෙකට සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ.
එකවත්ථුකාදිභාවානුපගමෙන උපකාරකා රූපිනො ධම්මා අරූපීනං ධම්මානං, අරූපිනොපි රූපීනං විප්පයුත්තපච්චයො. සො සහජාතපච්ඡාජාතපුරෙජාතවසෙන තිවිධො හොති. වුත්තඤ්හෙතං “සහජාතා කුසලා ඛන්ධා චිත්තසමුට්ඨානානං රූපානං විප්පයුත්තපච්චයෙන පච්චයො. පච්ඡාජාතා කුසලා ඛන්ධා පුරෙජාතස්ස ඉමස්ස කායස්ස විප්පයුත්තපච්චයෙන පච්චයො”ති (පට්ඨා· 1.1.434). අබ්යාකතපදස්ස පන සහජාතවිභඞ්ගෙ “පටිසන්ධික්ඛණෙ විපාකාබ්‍යාකතා ඛන්ධා කටත්තාරූපානං විප්පයුත්තපච්චයෙන පච්චයො. ඛන්ධා වත්ථුස්ස. වත්ථු ඛන්ධානං විප්පයුත්තපච්චයෙන පච්චයො”තිපි (පට්ඨා· 1.1.434) වුත්තං. පුරෙජාතං පන චක්ඛුන්ද්රියාදිවත්ථුවසෙනෙව වෙදිතබ්බං. යථාහ – “පුරෙජාතං චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණස්ස…පෙ… කායායතනං කායවිඤ්ඤාණස්ස විප්පයුත්තපච්චයෙන පච්චයො. වත්ථු විපාකාබ්‍යාකතානං කිරියාබ්යාකතානං ඛන්ධානං…පෙ… වත්ථු කුසලානං ඛන්ධානං…පෙ… වත්ථු අකුසලානං ඛන්ධානං විප්පයුත්තපච්චයෙන පච්චයො”ති (පට්ඨා· 1.1.434).
(මෙකී) ඒකවත්ථුක භාවාදියට නොපැමිණිමෙන් උපකාරි වූ රූපී ධර්මයෝ අරූපී ධර්මයනටද, අරූපී ධර්මයෝ රුපී ධර්මයනටද විප්‍රයුක්තප්‍රත්‍යය වෙති. එය සහජාතය, පච්ඡජාතය, පුරේජාතය යනුවෙන් ත්‍රිවිධ වේ. කියන ලදමැයි:- “සහජාත වූ කුශලස්කන්ධයෝ චිත්ත සමුට්ඨාන (සිතින් හටගත්) රූපයනට විප්‍රයුක්ත ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති, පච්ඡාජාත වූ (පසුව උපන්) කුශල ස්කන්ධයෝ පුරේජාත වූ (පළමුඋපන්) මේ කයට විප්‍රයුක්ත ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති” අබ්‍යාකතපදය පිළිබඳව වනාහි සහජාත විභංගයෙහි, විපාක අඛ්‍යාකත ස්කන්ධයෝ කර්මජ රූපයනට විප්‍රයුක්ත ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති; ස්කන්ධයෝ වස්තුවටද, වස්තුව ස්කන්ධයනටද විප්‍රයුක්ත ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති’ යනුවෙන්ද කියනලදි. පුරේජාත (විප්‍රයුක්ත)ය වනාහි චක්ඛුන්ද්රියාදිය හා වස්තු වශයෙන්ම දතයුතුය. යම්සේ කීහුද:- “පුරේජාත වූ චක්ඛායතනය චක්ඛු විඤ්ඤාණයට -පෙ- කායායතනය කාය විඤ්ඤාණයට විප්‍රයුක්ත ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ.” (හෘදය) වස්තුව විපාක අව්‍යාකත ස්කන්‍ධයනට කිරිය අබ්‍යාකත ස්කන්ධයනටද -පෙ- වස්තුව කුශලස්කන්ධයයනට -පෙ- වස්තුව අකුශල ස්කන්‍ධයනට විප්‍රයුක්ත ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ.”
පච්චුප්පන්නලක්ඛණෙන අත්ථිභාවෙන තාදිසස්සෙව ධම්මස්ස උපත්ථම්භකත්තෙන උපකාරකො ධම්මො අත්ථිපච්චයො. තස්ස අරූපක්ඛන්ධමහාභූතනාමරූපචිත්තචෙතසිකමහාභූතආයතනවත්ථුවසෙන සත්තධා මාතිකා නික්ඛිත්තා. යථාහ –“චත්තාරො ඛන්ධා අරූපිනො අඤ්ඤමඤ්ඤං අත්‍ථිපච්චයෙන පච්චයො, චත්තාරො මහාභූතා, ඔක්කන්තික්ඛණෙ නාමරූපං අඤ්ඤමඤ්ඤං. චිත්තචෙතසිකා ධම්මා චිත්තසමුට්ඨානානං රූපානං. මහාභූතා උපාදාරූපානං. චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණධාතුයා…පෙ… කායායතනං…පෙ… රූපායතනං…පෙ… ඵොට්ඨබ්බායතනං කායවිඤ්ඤාණධාතුයා තංසම්පයුත්තකානඤ්ච ධම්මානං අත්‍ථිපච්චයෙන පච්චයො. රූපායතනං…පෙ… ඵොට්ඨබ්බායතනං මනොධාතුයා තංසම්පයුත්තකානඤ්ච ධම්මානං. යං රූපං නිස්සාය මනොධාතු ච මනොවිඤ්ඤාණධාතු ච වත්තන්ති, තං රූපං මනොධාතුයා ච මනොවිඤ්ඤාණධාතුයා ච තංසම්පයුත්තකානඤ්ච ධම්මානං අත්‍ථිපච්චයෙන පච්චයො”ති (පට්ඨා· 1.1.21).
ප්‍රත්‍යුත්පන්න ලක්ෂණ ඇති අර්ත්ථභාවයෙන් (පවත්නා ස්වභාවයෙන්) එබඳුම වූ ධර්මයනට උපස්තම්භක භාවයෙන් උපකාරී වූ ධර්මය අස්ති ප්‍රත්‍යයයි. එයට අරූපස්කන්ධය, මහාභූතය, නාමරූපය, චිත්ත චෛතසිකය, මහාභූතය, ආයතනය, වස්තුයයි යනුවෙන් සත් ආකාරයෙකින් මාතෘකා තබන ලදි. යම්සේ කීහුද:- “අරූපීවූ ස්කන්ධ සතර එකිනෙකට අස්ති ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ. මහාභූත සතර -පෙ- ප්රතිසන්ධික්ෂණයෙහිදී නාමරූප දෙක එකිනෙකට -පෙ- චිත්ත චෛතසික ධර්ම චිත්තයෙන් හටගත් රූපයනට -පෙ- මහාභූත උපාදාරූපයනට -පෙ- චක්ඛායතනය චක්ඛු විඤ්ඤාණ ධාතුවට -පෙ- රූපායතනය -පෙ- ඵොට්ඨබ්බායතනය කායවිඤ්ඤාණ ධාතුවට හා තත්සම්ප්‍රයුක්ත ධර්මයනටද අස්ති ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ. රූපායතනය -පෙ- ඵොට්ඨබ්බායතනය මනෝධාතුවටද තත්සම්ප්‍රයුක්ත ධර්මයනටද, යම්රූපයක් නිසා මනෝධාතුව හා මනෝවිඤ්ඤාණ ධාතුවද පවතීනම් එම රූපය මනෝධාතුවට හා මනෝ විඤ්ඤාණ ධාතුවටද තත්සම්ප්‍රයුක්ත ධර්මයනටද අස්ති ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ.”
පඤ්හාවාරෙ පන සහජාතං පුරෙජාතං පච්ඡාජාතං ආහාරං ඉන්ද්රියන්තිපි නික්ඛිපිත්වා සහජාතෙ තාව “එකො ඛන්ධො තිණ්ණන්නං ඛන්ධානං තංසමුට්ඨානානඤ්ච රූපානං අත්‍ථිපච්චයෙන පච්චයො”තිආදිනා (පට්ඨා· 1.1.435) නයෙන නිද්දෙසො කතො, පුරෙජාතෙ පුරෙජාතානං චක්ඛාදීනං වසෙන නිද්දෙසො කතො. පච්ඡාජාතෙ පුරෙජාතස්ස ඉමස්ස කායස්ස පච්ඡාජාතානං චිත්තචෙතසිකානං පච්චයවසෙන නිද්දෙසො කතො. ආහාරින්ද්රියෙසු “කබළීකාරො ආහාරො ඉමස්ස කායස්ස අත්‍ථිපච්චයෙන පච්චයො. රූපජීවිතින්ද්රියං කටත්තාරූපානං අත්‍ථිපච්චයෙන පච්චයො”ති (පට්ඨා· 1.1.435) එවං නිද්දෙසො කතොති.
පඤ්හවාරයෙහි වනාහි, “සහජාතය, පුරේජාතය, පච්ඡාජාතය, ආහාරය, ඉන්ද්රියය” යනුවෙන් මාතෘකා තබා, පළමුකොට සහජාත විෂයයෙහි, “එක් ස්කන්ධයක් සෙසු ස්කන්ධ තුනට හා තත්සමුත්ථාන රූපයනටද අස්ති ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ” ආදි නයින් නිර්දේශ කරන ලදි. පුරේජාත විෂයයෙහි, පළමුව උපන් චක්ඛු ආදීන්ගේ වශයෙන් නිර්දේශ කරන ලදි. පච්ඡාජාත විෂයයෙහි, පළමුව උපන් මේ කය පසුව උපන් චිත්ත චෛතසිකයනට ප්‍රත්‍යය වශයෙන් නිර්දේශ කරන ලදි; ආහාර හා ඉන්ද්රිය විෂයයෙහි, කබලිංකාර ආහාරය මේ කයට අස්ති ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ. රූපජිවිතින්ද්රියය කර්මජ රූපයනට අස්ති ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වේ” යනුවෙන් මෙසේ නිර්දේශ කරන ලදි.
අත්තනො අනන්තරා උප්පජ්ජමානානං අරූපධම්මානං පවත්තිඔකාසදානෙන උපකාරකා සමනන්තරනිරුද්ධා අරූපධම්මා නත්ථිපච්චයො. යථාහ –“සමනන්තරනිරුද්ධා චිත්තචෙතසිකා ධම්මා පටුප්පන්නානං චිත්තචෙතසිකානං ධම්මානං නත්ථිපච්චයෙන පච්චයො”ති.
තමනට අනතුරුව උපදනා අරූපධර්‍මයන්ගේ පැවැත්මට අවකාශ දීමෙන් උපකාරකව ඉන් අනතුරුව නිරුද්ධ වන අරූප ධර්මයෝ නාස්ති ප්‍රත්‍යය නම් වෙති. යම්සේ කීහුද:- “සමනන්තරව නිරුද්ධ වූ චිත්ත චෛතසික ධර්මයෝ පවත්නා චිත්ත චෛතසික ධර්මයනට නාස්ති ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති”
තෙ එව විගතභාවෙන උපකාරකත්තා විගතපච්චයො. යථාහ – “සමනන්තරවිගතා චිත්තචෙතසිකා ධම්මා පටුප්පන්නානං චිත්තචෙතසිකානං ධම්මානං විගතපච්චයෙන පච්චයො”ති.
එම චිත්ත චෛතසික ධර්මයෝ විගත භාවයෙන් (ඉවත්ව යාමෙන්) උපකාරක වන හෙයින් විගත ප්‍රත්‍යය වෙති. යම්සේ කීහුද:- සමනන්තරව ඉවත් වූ චිත්ත චෛතසික ධර්මයෝ පවත්නා චිත්ත චෛතසික ධර්මයනට විගත ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වෙති.’’
අත්ථි පච්චයධම්මා එව ච අවිගතභාවෙන උපකාරකත්තා අවිගතපච්චයොති වෙදිතබ්බා. දෙසනාවිලාසෙන පන තථා විනෙතබ්බවෙනෙය්යවසෙන වා අයං දුකො වුත්තො, අහෙතුකදුකං වත්වාපි හෙතුවිප්පයුත්තදුකො වියාති.
අස්ති ප්‍රත්‍යය වන (චිත්ත චෛතසික) ධර්මයෝම පහව නොයන ස්වභාවයෙන් උපකාරක වන හෙයින් අවිගත ප්‍රත්‍යය වෙති යනුද දතයුතුය. දේශනා විලාශ වශයෙන්. එසේම, හික්මවිය යුතු වෛනේය ජනයාගේ නානත්වය ගැන සැලකීමෙන් හෝ මෙසේ (අවිගත-විගත යන) මේ ද්විකය කියනලදි. (ධම්මසංගනී මාතිකාවන් අතර) අහේතුක ද්විකය දක්වා ඉක්බිති හේතුවිප්පයුත්ත ද්විකයද දැක්වීම වැනිය.