යෙදුමෙන් කියවන්න

අවිජ‍්ජාපච‍්චයාසඞ‍්ඛාරපදකථා

අවිජ‍්ජාපච‍්චයාසඞ‍්ඛාරපදකථා

අවිජ්ජාපච්චයාසඞ්ඛාරපදකථා

අයං පන විත්‍ථාරනයො – අවිජ‍්ජාති සුත‍්තන‍්තපරියායෙන දුක‍්ඛාදීසු චතූසු ඨානෙසු අඤ‍්ඤාණං, අභිධම‍්මපරියායෙන පුබ‍්බන‍්තාදීහි සද‍්ධිං අට‍්ඨසු. වුත‍්තඤ‍්හෙතං “තත්‍ථ කතමා අවිජ‍්ජා, දුක‍්ඛෙ අඤ‍්ඤාණං…පෙ… දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ‍්ඤාණං, පුබ‍්බන‍්තෙ අඤ‍්ඤාණං, අපරන‍්තෙ, පුබ‍්බන‍්තාපරන‍්තෙ, ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු අඤ‍්ඤාණ”න‍්ති (ධ· ස· 1106). තත්‍ථ කිඤ‍්චාපි ඨපෙත්‍වා ලොකුත‍්තරං සච‍්චද‍්වයං සෙසට‍්ඨානෙසු ආරම‍්මණවසෙන අවිජ‍්ජා උප‍්පජ‍්ජති, එවං සන‍්තෙපි පටිච‍්ඡාදනවසෙනෙව ඉධ අධිප‍්පෙතා. සා හි උප‍්පන‍්නා දුක‍්ඛසච‍්චං පටිච‍්ඡාදෙත්‍වා තිට‍්ඨති, යාථාවසරසලක‍්ඛණං පටිවිජ‍්ඣිතුං න දෙති, තථා සමුදයං, නිරොධං, මග‍්ගං, පුබ‍්බන‍්තසඞ‍්ඛාතං අතීතං ඛන්‍ධපඤ‍්චකං, අපරන‍්තසඞ‍්ඛාතං අනාගතං ඛන්‍ධපඤ‍්චකං, පුබ‍්බන‍්තාපරන‍්තසඞ‍්ඛාතං තදුභයං, ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පන‍්නධම‍්මසඞ‍්ඛාතං ඉදප‍්පච‍්චයතඤ‍්චෙව පටිච‍්චසමුප‍්පන‍්නධම‍්මෙ ච පටිච‍්ඡාදෙත්‍වා තිට‍්ඨති. “අයං අවිජ‍්ජා, ඉමෙ සඞ‍්ඛාරා”ති එවං යාථාවසරසලක‍්ඛණමෙත්‍ථ පටිවිජ‍්ඣිතුං න දෙති. තස‍්මා දුක‍්ඛෙ අඤ‍්ඤාණං…පෙ… ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු අඤ‍්ඤාණන‍්ති වුච‍්චති.

සවිස්තර කථා ක්‍රමය මෙසේයි:- ‘අවිජ්ජා’ යනු, සෞත්‍රාන්තික ක්‍රමයට අනුව දුක්ඛ ආදී වූ සිවු තන්හි නොදැනීම වේ. අභිධර්ම ක්‍රමයට අනුව පුබ්බන්ත ආදිය ගෙන අට තැනෙක්හි නොදැනීමයි කියන ලදමැයි:- “එහි අවිජ්ජා යනු කුමක්ද? දුඃඛ විෂයෙහි නොදැනීමයි. -පෙ- දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා විෂයයෙහි නොදැනීමයි. පුබ්බන්ත විෂයයෙහි නොදැනීමයි. අපරන්ත විෂයයෙහි නොදැනීමයි. පුබ්බන්ත-අපරන්ත යන දෙකෙහිම නොදැනීමයි. ‘ඉදප්පච්චයතා’ යයි කියනු ලබන පටිච්චසමුප්පාද හා පටිච්චසමුප්පන්න ධර්ම විෂයයෙහි නොදැනීමයි. එසේ වතුදු එහි (නිරෝධය, මාර්ගය යන) ලෝකෝත්තර සත්‍යද්වයය හැර, සෙසු තන්හි අරමුණු වශයෙන්ද අවිද්‍යාව උපදියි; එසේ පවත්නා කල්හිදු මෙහිදී (ආලම්බන ස්වභාවය) මුවහ කිරීම් වශයෙන්ම අවිද්‍යාව අභිප්‍රේත වේ. එසේ උපන් කල (අවිද්‍යාව) දුඃඛ සත්‍යය වසාගෙන සිටියි. දුඃඛයාගේ නියමිත කාර්යය හා එහි ස්වභාවය අවබෝධ කිරීමට ඉඩ නොදෙයි. එසේම සමුදයය, නිරෝධය, මාර්ගය යන සත්‍යයන්ද, ‘පුබ්බන්ත’ යයි කියනු ලබන අතීත ස්කන්‍ධ පංචකයද, ‘අපරන්ත’ යයි කියනු ලබන අනාගත ස්කන්‍ධ පංචකයද, ‘පුබ්බන්තාපරන්ත’ යයි කියනු ලබන එකී දෙකමද ‘ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නධර්ම’ යයි කියනු ලබන ඉද්දප්පච්චයතා හෙවත් පටිච්චසමුප්පාදයද, පටිච්චසමුප්පන්න ධර්මයන්ද වසාගෙන සිටියි. “මේ අවිද්‍යාවය, මොහු සංස්කාරයෝය”යි මේ ආකාරයෙන් දුක පිළිබඳ යථාස්වභාව ලක්‍ෂණයන් අවබෝධ කිරීමට ඉඩ නොදෙයි; එහෙයින් “දුක පිළිබඳ නොදැනීම -පෙ- පටිච්ච සමුප්පාදය, පටිච්ච සමුප්පන්න ධර්මයන් විෂයයෙහි නොදැනීම” යයි කියනු ලැබේ.

සඞ‍්ඛාරාති පුඤ‍්ඤාදයො තයො කායසඞ‍්ඛාරාදයො තයොති එවං පුබ‍්බෙ සඞ‍්ඛෙපතො වුත‍්තා ඡ, විත්‍ථාරතො පනෙත්‍ථ පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො දානසීලාදිවසෙන පවත‍්තා අට‍්ඨ කාමාවචරකුසලචෙතනා චෙව භාවනාවසෙන පවත‍්තා පඤ‍්ච රූපාවචරකුසලචෙතනා චාති තෙරස චෙතනා හොන‍්ති. අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො පාණාතිපාතාදිවසෙන පවත‍්තා ද‍්වාදස අකුසලචෙතනා . ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො භාවනාවසෙනෙව පවත‍්තා චතස‍්සො අරූපාවචරකුසලචෙතනා චාති තයොපි සඞ‍්ඛාරා එකූනතිංස චෙතනා හොන‍්ති.

‘සංඛාරා’ යනු, පුඤ්ඤාභිසඞ්ඛාරාදි තුනද, කායසංඛාරාදි තුනදැයි මෙසේ ඉහත සැකෙවින් සඳහන් කළ සයයි; මෙහි, විස්තර වශයෙන් කියතොත්, ‘පුඤ්ඤාභිසංඛාර’ යනු, දාන ශීලාදි වශයෙන් පැවැති කාමාවචර කුසල් සිත් අටද භාවනා වශයෙන් පැවති රූපාවචර කුසල් සිත් පසදැයි යන මේ සිත් තෙළෙසයි; ‘අපුඤ්ඤාභිසංඛාර’ යනු, ‘පාණාතිපාත’ ආදි වශයෙන් පැවැති අකුසල් සිත් දොළොසයි, ‘අනෙඤ්ජාභිසංඛාර’ යනු, භාවනා වශයෙන්ම පැවැති අරූපාවචර කුසල් සිත් සතර’යි, මෙසේ (පුඤ්ඤාභිසංඛාරා) ආදි තුන සිත් වශයෙන් එකුන්තිසක් වේ.

ඉතරෙසු පන තීසු කායසඤ‍්චෙතනා කායසඞ‍්ඛාරො, වචීසඤ‍්චෙතනා වචීසඞ‍්ඛාරො, මනොසඤ‍්චෙතනා චිත‍්තසඞ‍්ඛාරො. අයං තිකො කම‍්මායූහනක‍්ඛණෙ පුඤ‍්ඤාභිසඞ‍්ඛාරාදීනං ද‍්වාරතො පවත‍්තිදස‍්සනත්‍ථං වුත‍්තො. කායවිඤ‍්ඤත‍්තිං සමුට‍්ඨාපෙත්‍වා හි කායද‍්වාරතො පවත‍්තා අට‍්ඨ කාමාවචරකුසලචෙතනා, ද‍්වාදස අකුසලචෙතනාති සමවීසති චෙතනා කායසඞ‍්ඛාරො නාම. තා එව වචීවිඤ‍්ඤත‍්තිං සමුට‍්ඨාපෙත්‍වා වචීද‍්වාරතො පවත‍්තා වචීසඞ‍්ඛාරො නාම. අභිඤ‍්ඤාචෙතනා පනෙත්‍ථ පරතො විඤ‍්ඤාණස‍්ස පච‍්චයො න හොතීති න ගහිතා. යථා ච අභිඤ‍්ඤාචෙතනා, එවං උද‍්ධච‍්චචෙතනාපි න හොති. තස‍්මා සාපි විඤ‍්ඤාණස‍්ස පච‍්චයභාවෙ අපනෙතබ‍්බා, අවිජ‍්ජාපච‍්චයා පන සබ‍්බාපෙතා හොන‍්ති. උභොපි විඤ‍්ඤත‍්තියො අසමුට‍්ඨාපෙත්‍වා මනොද‍්වාරෙ උප‍්පන‍්නා පන සබ‍්බාපි එකූනතිංසති චෙතනා චිත‍්තසඞ‍්ඛාරොති. ඉති අයං තිකො පුරිමත‍්තිකමෙව පවිසතීති අත්‍ථතො පුඤ‍්ඤාභිසඞ‍්ඛාරාදීනංයෙව වසෙන අවිජ‍්ජාය පච‍්චයභාවො වෙදිතබ‍්බො.

ඉතිරි සංඛාර තුන අතුරෙන්, කය පිළිබඳ මනා කායසංඛාරයි. වචනය පිළිබඳ චේතනා වචී සංඛාරයි. සිත පිළිබඳ සඤ්චේතනා චිත්ත සංඛාරයි. මෙකී ත්‍රිකය කර්මය රැස් කරන අවස්ථාවෙහිදී පුඤ්ඤාභිසංඛාරාදියට ද්වාර වශයෙන් පවත්නා බව දක්වනු පිණිස කියන ලදි. කාය විඤ්ඤත්තිය උපදවා කායද්වාරයෙන් පවත්වන ලද කාමාවචර කුසල චේතනා අටද, අකුසල චේතනා දොළොසදැ’යි යන සමවිසි චේතනා ‘කාය සංඛාර’ නම් වේ; එම සමවිසි චේතනාම වචී විඤ්ඤත්තිය උපදවා වචීද්වාරයෙන් පවත්වන ලද කල්හි ‘වචී සංඛාර’ නම්වේ. මෙහිදී වනාහි අභිඤ්ඤා චේතනාව මතු (පටිසන්‍ධි) විඤ්ඤාණයට ප්‍රත්‍යය නොවෙතැයි (අටුවාචාරීන් විසින්) බැහැර කරන ලදි. අභිඤ්ඤා චේතනාව මෙන්ම උද්ධච්ච චේතනාවද විපාක විඤ්ඤාණයට ප්‍රත්‍යය නොවන එහෙයින් එයද ප්‍රත්‍යයභාවයෙන් ඉවත් කළ යුතුය. මේ සියලු චේතනාවෝ අවිද්‍යාව ප්‍රත්‍යය කොට ගෙනම සිදුවෙති. (කාය-වචී) විඥප්ති නො-උපදවා මනෝද්වාරයෙහි උපන් සියලු එකුන් තිස් චේතනාවෝ චිත්ත සංඛාර නම් වෙති. මෙසේ මෙකී ත්‍රිකය පළමු කී ත්‍රිකයටම ඇතුළත් වෙති’යි යන අරුතින් පුඤ්ඤාභිසංඛාර ආදී වශයෙන්ම අවිද්‍යාව ප්‍රත්‍යය කොට ඇති වන බව දතයුතුය.

තත්‍ථ සියා – කථං පනෙතං ජානිතබ‍්බං “ඉමෙ සඞ‍්ඛාරා අවිජ‍්ජා පච‍්චයා හොන‍්තී”ති? අවිජ‍්ජාභාවෙ භාවතො. යස‍්ස හි දුක‍්ඛාදීසු අවිජ‍්ජාසඞ‍්ඛාතං අඤ‍්ඤාණං අප‍්පහීනං හොති, සො දුක‍්ඛෙ තාව පුබ‍්බන‍්තාදීසු ච අඤ‍්ඤාණෙන සංසාරදුක‍්ඛං සුඛසඤ‍්ඤාය ගහෙත්‍වා තස‍්සෙව හෙතුභූතෙ තිවිධෙපි සඞ‍්ඛාරෙ ආරභති. සමුදයෙ අඤ‍්ඤාණෙන දුක‍්ඛහෙතුභූතෙපි තණ‍්හාපරික‍්ඛාරෙ සඞ‍්ඛාරෙ සුඛහෙතුතො මඤ‍්ඤමානො ආරභති. නිරොධෙ පන මග‍්ගෙ ච අඤ‍්ඤාණෙන දුක‍්ඛස‍්ස අනිරොධභූතෙපි ගතිවිසෙසෙ දුක‍්ඛනිරොධසඤ‍්ඤී හුත්‍වා නිරොධස‍්ස ච අමග‍්ගභූතෙසුපි යඤ‍්ඤාමරතපාදීසු නිරොධමග‍්ගසඤ‍්ඤී හුත්‍වා දුක‍්ඛනිරොධං පත්‍ථයමානො යඤ‍්ඤාමරතපාදිමුඛෙන තිවිධෙපි සඞ‍්ඛාරෙ ආරභති.

මෙහිලා මෙවන් ප්‍රශ්නයක් නැඟිය හැකිය:- මේ සංඛාරයන් අවිද්‍යාව ප්‍රත්‍යය කොට ගෙන උපදිති’යි යන මෙය දතහැකි වනුයේ කෙසේද? අවිද්‍යාව ඇති තැන (සංස්කාරයනුදු) ඇති හෙයිනි. යමකුට වනාහි දුඃඛාදි විෂයයෙහි අවිද්‍යා සංඛ්‍යාත නොදැනීම ප්‍රහීණ නොවූයේද, හේ තෙමේ දුඃඛ විෂයයෙහි පළමුකොට පුබ්බන්තාදියෙහිද නොදැනීමෙන් සසර දුක් සැපෙකැ’යි ගෙන එයටම හේතුවූ ත්‍රිවිධවූම සංස්කාරයන් උපදවයි. සමුදය විෂයයෙහි නොදැනීමෙන් දුකට හේතු වූ තෘෂ්ණාවට පිරිවර වූ සංස්කාරයන් සැපතට හේතු වෙති’යි හඟිමින් -පෙ- ත්‍රිවිධ වූම සංස්කාරයන් උපදවයි. නිරෝධ හා මාර්ග විෂයයෙහි නොදැනීම හේතුකොටගෙන, දුක්ඛනිරෝධ නොවන බඹලොව ආදි ගති විශේෂයෙහි දුඃඛනිරෝධයයි හඟිමින්ද, නිරෝධ මාර්ග නොවන යාග-හෝම හා (අමරණීයත්‍වය පතා කරනු ලබන) අමරතප ආදි ව්‍රතයන් නිරෝධමාර්ගයයි හඟිමින්ද දුක්ඛ නිරෝධය පතමින් එම යාගහෝම ව්‍රත තපස් ආදී වශයෙන් ත්‍රිවිධ වූම සංස්කාරයන් අරඹයි.

අපිච සො තාය චතූසු සච‍්චෙසු අප‍්පහීනාවිජ‍්ජතාය විසෙසතො ජාතිජරාරොගමරණාදිඅනෙකාදීනවවොකිණ‍්ණම‍්පි පුඤ‍්ඤඵලසඞ‍්ඛාතං දුක‍්ඛං දුක‍්ඛතො අජානන‍්තො තස‍්ස අධිගමාය කායවචීචිත‍්තසඞ‍්ඛාරභෙදං පුඤ‍්ඤාභිසඞ‍්ඛාරං ආරභති දෙවච‍්ඡරකාමකො විය මරුප‍්පපාතං. සුඛසම‍්මතස‍්සාපි ච තස‍්ස පුඤ‍්ඤඵලස‍්ස අන‍්තෙ මහාපරිළාහජනිකං විපරිණාමදුක‍්ඛතං අප‍්පස‍්සාදතඤ‍්ච අපස‍්සන‍්තොපි තප‍්පච‍්චයං වුත‍්තප‍්පකාරමෙව පුඤ‍්ඤාභිසඞ‍්ඛාරං ආරභති සලභො විය දීපසිඛාභිනිපාතං, මධුබින්‍දුගිද‍්ධො විය ච මධුලිත‍්තසත්‍ථධාරාලෙහනං. කාමුපසෙවනාදීසු ච සවිපාකෙසු ආදීනවං අපස‍්සන‍්තො සුඛසඤ‍්ඤාය චෙව කිලෙසාභිභූතතාය ච ද‍්වාරත‍්තයප‍්පවත‍්තම‍්පි අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරං ආරභති, බාලො විය ගූථකීළනං, මරිතුකාමො විය ච විසඛාදනං. ආරුප‍්පවිපාකෙසු චාපි සඞ‍්ඛාරවිපරිණාමදුක‍්ඛතං අනවබුජ‍්ඣමානො සස‍්සතාදිවිපල‍්ලාසෙන චිත‍්තසඞ‍්ඛාරභූතං ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරං ආරභති, දිසාමූළ‍්හො විය පිසාචනගරාභිමුඛමග‍්ගගමනං.

තවද, හේ තෙමේ චතුඃසත්‍ය විෂයයෙහි අවිද්‍යාව දුරු නොවීමේ හේතුවෙන්, විශේෂයෙන් ජාති, ජරා, රෝග, මරණාදී නොයෙක් ආදීනවයෙන් ගහන වූ නමුදු පුණ්‍යඵල (හෙවත් සැප) යයි කියනු ලබන දුක දුක් වශයෙන් හඳුනා නොගෙන, එම පුණ්‍යඵලයන් ලැබීම පිණිස කාය-වචී-චිත්ත සංඛාරභේද සහිත පුඤ්ඤාභිසංඛාරයන් අරඹයි. දිව්‍යප්සරාවන් කැමැතිව පර්වත ප්‍රපාතයකට පතිත ලෙසිනි. සුඛසම්මතවූ නමුදු එම පුණ්‍යඵලය අවසන්හිදී බලවත් පීඩා සන්තාප උපදවන විපරිණාම දුඃඛ ස්වභාවය හා හීන ආස්වාද සහිත බව නොදන්නේ අවිද්‍යාව ප්‍රත්‍යය කොට ඇති, කියන ලද ප්‍රකාර ඇති එම පුඤ්ඤාභිසංඛාරයන් අරඹයි; පලඟැටියකු පහන් සිළුවට වදින ලෙසිනි. මීබිඳුවට ගිජුව මීවැකුණු පිහිතලයක් ලොවින ලෙසිනි. (අනිෂ්ට) විපාක සහිත කාමසේවනාදිය පිළිබඳ ආදීනවයන් නොදැක, සැපය’යි යන හැඟීමෙන් හා ක්ලේශයන් විසින් මඩනාලද හෙයින් තුන් දොරින්ම පවත්වනු ලබන අපුඤ්ඤාභිසංඛාරයන් අරබයි; ළදරුවකු අසූචියෙහි කෙළනා ලෙසිනි. මියනු කැමැතිව වස කන ලෙසිනි. අරූප ධ්‍යාන විපාක විෂයයෙහිද, සංඛාරයන් පිළිබඳ විපරිණාම දුඃඛ ස්වභාවය නොහඳුනනුයේ ශාස්වතාදී විපර්යාස වශයෙන් ගෙන චිත්ත සංඛාරමය අනෙඤ්ජාභි සංඛාරය අරඹයි; මංමුළාවූවකු පිශාචනගරයකට යන මඟෙක ගමන් අරඹන ලෙසිනි.

එවං යස‍්මා අවිජ‍්ජාභාවතොව සඞ‍්ඛාරභාවො, න අභාවතො. තස‍්මා ජානිතබ‍්බමෙතං “ඉමෙ සඞ‍්ඛාරා අවිජ‍්ජාපච‍්චයා හොන‍්තී”ති. වුත‍්තම‍්පි චෙතං “අවිද‍්වා, භික‍්ඛවෙ, අවිජ‍්ජාගතො පුඤ‍්ඤාභිසඞ‍්ඛාරම‍්පි අභිසඞ‍්ඛරොති, අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරම‍්පි අභිසඞ‍්ඛරොති, ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරම‍්පි අභිසඞ‍්ඛරොති. යතො ච ඛො, භික‍්ඛවෙ, භික‍්ඛුනො අවිජ‍්ජා පහීනා, විජ‍්ජා උප‍්පන‍්නා; සො අවිජ‍්ජාවිරාගා විජ‍්ජුප‍්පාදා නෙව පුඤ‍්ඤාභිසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොතී”ති.

මෙසේ යම් හෙයකින් අවිද්‍යාව ඇති තැනම සංඛාරයන්ගේ ඇතිවීම සිදුවේද, නැති තැන එසේ නොවේද, එහෙයින් මේ සංඛාරයන් අවිද්‍යාව ප්‍රත්‍යය කොට ගෙනම වෙති’යි යන මේ ධර්මතාව දතයුතුය. කියන ලදමැයි:- “මහණෙනි, අඥාන තෙමේ අවිද්‍යාව හේතුකොට පුඤ්ඤාභිසංඛාරයන් රැස්කරයි, අපුඤ්ඤාභිසංඛාරයන් රැස්කරයි. අනෙඤ්ඤාභි සංඛාරයන්ද රැස් කරයි; මහණෙනි, යම්හෙයකින් වනාහි භික්‍ෂුවක්හුගේ අවිද්‍යාව ප්‍රහීණ වේද, විද්‍යාව උදාවේද, ඒ භික්‍ෂු තෙමේ අවිද්‍යාව දුරු වීමෙන්ද විද්‍යාව උදාවීමෙන්ද පුඤ්ඤාභිසංඛාරයද-පෙ රැස් නොකෙරේ’