යෙදුමෙන් කියවන්න

පටිච‍්චසමුප‍්පාදකථා

පටිච‍්චසමුප‍්පාදකථා

පටිච්චසමුප්පාදකථා

ඉදානි “ඛන්‍ධායතනධාතුඉන්‍ද්‍රියසච‍්චපටිච‍්චසමුප‍්පාදාදිභෙදා ධම‍්මා භූමී”ති එවං වුත‍්තෙසු ඉමිස‍්සා පඤ‍්ඤාය භූමිභූතෙසු ධම‍්මෙසු යස‍්මා පටිච‍්චසමුප‍්පාදොචෙව, ආදිසද‍්දෙන සඞ‍්ගහිතා පටිච‍්චසමුප‍්පන‍්නා ධම‍්මා ච අවසෙසා හොන‍්ති, තස‍්මා තෙසං වණ‍්ණනාක‍්කමො අනුප‍්පත‍්තො.

ඉක්බිති, ඛන්‍ධ-ආයතන-ධාතු-ඉන්‍ද්‍රියසච්ච-පටිච්චසමුප්පාද ආදී භේද සහිත ධර්මයන් මේ ප්‍රඥාවට භූමි වෙති’යි මෙසේ කියන ලද මේ ධර්මයන් අතුරෙන්, යම් හෙයකින් පටිච්ච සමුප්පාදයද ආදි ශබ්දයෙන් සංගෘහිත පටිච්ච සමුප්පන්න ධර්මයෝද ශේෂව ඇත්තාහුද, එහෙයින් මේ ධර්මයන් පිළිබඳ වර්ණනා ක්‍රමය පිළිවෙළින් එළඹියේය.

තත්‍ථ අවිජ‍්ජාදයො තාව ධම‍්මා පටිච‍්චසමුප‍්පාදොති වෙදිතබ‍්බා. වුත‍්තඤ‍්හෙතං භගවතා –

එහි පළමුකොට අවිජ්ජා ආදී ධර්මයෝ ‘පටිච්ච සමුප්පාද’ යයි දතයුත්තාහුය. කියනලදමැයි භාග්‍යවතුන් වහන්සේ විසින්:-

“කතමො ච, භික‍්ඛවෙ, පටිච‍්චසමුප‍්පාදො? අවිජ‍්ජාපච‍්චයා, භික‍්ඛවෙ, සඞ‍්ඛාරා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං, නාමරූපපච‍්චයා සළායතනං, සළායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා තණ‍්හා, තණ‍්හාපච‍්චයා උපාදානං, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා සම‍්භවන‍්ති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති. අයං වුච‍්චති, භික‍්ඛවෙ, පටිච‍්චසමුප‍්පාදො”ති (සං· නි· 2.1).

‘මහණෙනි, ‘පටිච්චසමුප්පාද’ යනු කවරේද? මහණෙනි, අවිජ්ජාව ප්‍රත්‍යය කොට සඞ්ඛාරයෝද, සඞ්ඛාරයන් ප්‍රත්‍යය කොට විඤ්ඤාණයද, විඤ්ඤාණය ප්‍රත්‍යය කොට නාම-රූප දෙකද, නාම-රූපයන් ප්‍රත්‍යය කොට සළායතනයෝද, සළායතනයන් ප්‍රත්‍යය කොට ඵස්සයද, ඵස්සය ප්‍රත්‍යය කොට වේදනාවද, වේදනාව ප්‍රත්‍යය කොට තණ්හාවද, තණ්හාව ප්‍රත්‍යය කොට උපාදානයද, උපාදානය ප්‍රත්‍යය කොට භවයද, භවය ප්‍රත්‍යය කොට ජාතියද, ජාතිය ප්‍රත්‍යය කොට ජරා-මරණ-සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාසයෝද හටගන්නාහුය, මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයෙහි හටගැනීම සිදුවන්නේය; මහණෙනි, මෙය පටිච්චසමුප්පාද’ යයි කියනු ලැබේ.”

ජරාමරණාදයො පන පටිච‍්චසමුප‍්පන‍්නා ධම‍්මාති වෙදිතබ‍්බා. වුත‍්තඤ‍්හෙතං භගවතා –

ජරා-මරණ ආදීහු පටිච්ච සමුප්පන්න ධර්මයෝයයි දතයුත්තාහුය. කියන ලද මැයි භාග්‍යවතුන් වහන්සේ විසින්:-

“කතමෙ ච, භික‍්ඛවෙ, පටිච‍්චසමුප‍්පන‍්නා ධම‍්මා? ජරාමරණං, භික‍්ඛවෙ, අනිච‍්චං සඞ‍්ඛතං පටිච‍්චසමුප‍්පන‍්නං ඛයධම‍්මං වයධම‍්මං විරාගධම‍්මං නිරොධධම‍්මං. ජාති, භික‍්ඛවෙ…පෙ… භවො… උපාදානං… තණ‍්හා… වෙදනා… ඵස‍්සො… සළායතනං… නාමරූපං… විඤ‍්ඤාණං… සඞ‍්ඛාරා… අවිජ‍්ජා, භික‍්ඛවෙ, අනිච‍්චා සඞ‍්ඛතා පටිච‍්චසමුප‍්පන‍්නා ඛයධම‍්මා වයධම‍්මා විරාගධම‍්මා නිරොධධම‍්මා. ඉමෙ වුච‍්චන‍්ති, භික‍්ඛවෙ, පටිච‍්චසමුප‍්පන‍්නා ධම‍්මා”ති (සං· නි· 2.20).

“මහණෙනි, ‘පටිච්ච සමුප්පන්න ‘ධර්මයෝ කවරහුද? මහණෙනි, ජරා-මරණ දෙක අනිත්‍යය, සංඛතය, හේතුවෙකින් උපන්නේය, ක්‍ෂය වීම ස්වභාව කොට ඇත්තේය; වැය වීම ස්වභාව කොට ඇත්තේය; විරාගය (නො-ඇලීම) ස්වභාව කොට ඇත්තේය, නිරෝධය (නිවීයාම) ස්වභාව කොට ඇත්තේය. ජාති (ඉපදීම පෙ-භව-උපාදාන-තණ්හා-වේදනා-ඵස්ස-සළායතන-නාම-රූප-විඤ්ඤාණ-සංඛාර-අවිජ්ජා යන මොහු අනිත්‍යයහ. සංඛතයහ. පටිච්ච සමුප්පන්නයහ. ක්‍ෂයවීම ස්වභාව කොට ඇත්තාහ. වැය වීම ස්වභාව කොට ඇත්තාහ. විරාගය ස්වභාව කොට ඇත්තාහ. නිරෝධය (සංසිඳීම) ස්වභාව කොට ඇත්තාහ. මහණෙනි. මොහු පටිච්ච සමුප්පන්න ධර්මයෝය’යි කියනු ලබති.”

අයං පනෙත්‍ථ සඞ‍්ඛෙපො. පටිච‍්චසමුප‍්පාදොති පච‍්චයධම‍්මා වෙදිතබ‍්බා. පටිච‍්චසමුප‍්පන‍්නා ධම‍්මාති තෙහි තෙහි පච‍්චයෙහි නිබ‍්බත‍්තධම‍්මා. කථමිදං ජානිතබ‍්බන‍්ති චෙ? භගවතො වචනෙන. භගවතා හි පටිච‍්චසමුප‍්පාදපටිච‍්චසමුප‍්පන‍්නධම‍්මදෙසනාසුත‍්තෙ –

මෙහි සංක්‍ෂේපයයි. ‘පටිච්ච සමුප්පාද’ යනුවෙන් ප්‍රත්‍යය (හේතු) වන ධර්මයන්ද, ‘පටිච්ච සමුප්පන්න ධම්ම’ යනුවෙන් ඒ ඒ හේතුවෙන් නිපන් ධර්මයන්ද දතයුතුය. මෙය කෙසේ දතයුත්තේද? භාග්‍යවතුන් වහන්සේගේ වචනයෙනි; භාග්‍යවතුන් වහන්සේ විසින් වනාහි, පටිච්චසමුප්පාද-පටිච්ච සමුප්පන්න සූත්‍රයෙහි,

“කතමො ච, භික‍්ඛවෙ, පටිච‍්චසමුප‍්පාදො? ජාතිපච‍්චයා, භික‍්ඛවෙ, ජරාමරණං, උප‍්පාදා වා තථාගතානං අනුප‍්පාදා වා තථාගතානං ඨිතාව සා ධාතු ධම‍්මට‍්ඨිතතා ධම‍්මනියාමතා ඉදප‍්පච‍්චයතා. තං තථාගතො අභිසම‍්බුජ‍්ඣති අභිසමෙති, අභිසම‍්බුජ‍්ඣිත්‍වා අභිසමෙත්‍වා ආචික‍්ඛති දෙසෙති පඤ‍්ඤපෙති පට‍්ඨපෙති විවරති විභජති උත‍්තානීකරොති, පස‍්සථාති චාහ. ජාතිපච‍්චයා, භික‍්ඛවෙ, ජරාමරණං. භවපච‍්චයා, භික‍්ඛවෙ, ජාති…පෙ… අවිජ‍්ජාපච‍්චයා, භික‍්ඛවෙ, සඞ‍්ඛාරා උප‍්පාදා වා තථාගතානං…පෙ… උත‍්තානීකරොති පස‍්සථාති චාහ. අවිජ‍්ජාපච‍්චයා, භික‍්ඛවෙ, සඞ‍්ඛාරා. ඉති ඛො, භික‍්ඛවෙ, යා තත්‍ර තථතා අවිතථතා අනඤ‍්ඤථතා ඉදප‍්පච‍්චයතා. අයං වුච‍්චති, භික‍්ඛවෙ, පටිච‍්චසමුප‍්පාදො”ති (සං· නි· 2.20).

“මහණෙනි. ‘පටිච්ච සමුප්පාද යනු කවරේද? මහණෙනි, ජාතිය (ඉපැදීම) හේතුකොට ජරාමරණ දෙක වන්නේය; තථාගතයන්ගේ උත්පාද කාලයෙහි වුවද, අනුත්පාද කාලයෙහි වුවද එම මූලධර්මය, ස්වභාවික ස්ථිතිය, ස්වාභාවික නියාමය, ඉදප්පච්චයතාව (මේ හේතුවෙන් මේ ඵලය සිදු වේ’ යන නියමය) තිරව සිටියේම වේ. තථාගතවරයෝ එය මනාකොට වටහා ගනිති. අවබෝධ කොට ගනිති. ප්‍රකාශ කෙරෙති. දේශනා කෙරෙති. පණවති. පිහිටුවති. විවරණය කෙරෙති. විග්‍රහ කෙරෙති. ප්‍රකට කෙරෙති. බලවු යයි පෙන්වා දෙති. මහණෙනි, ජාති (ඉපැදීම) හේතුකොට ජරා-මරණ දෙක වන්නේය. මහණෙනි, භවය හේතු කොට ජාතිය වන්නේය. -පෙ- අවිජ්ජාව ප්‍රත්‍යය කොට සංඛාරයෝ වන්නාහුය. තථාගතයන්ගේ උත්පාද කාලයෙහි වේවා. අනුත්පාද කාලයෙහි වේවා. -පෙ- ප්‍රකට කෙරෙති. බලවුයයි පෙන්වති; මහණෙනි, ‘අවිජ්ජාව හේතුකොට සංඛාරයෝ වන්නාහුය.’ යන මෙහි යම් තථතාවක් (සැබෑ බවක්), අවිතථතාවක් (නොසැබෑ නොවන බවක්). අනඤ්ඤථතාවක් (නො-එසේ නොවන බවක්), ඉදප්පච්චයතාවක් (මේ හේතුවෙන් මේ ඵලය වෙතැ’යි යන බවක්) වන්නේද, මහණෙනි, මෙය ‘පටිච්චසමුප්පාද’ යයි කියනු ලැබේ.”

එවං පටිච‍්චසමුප‍්පාදං දෙසෙන‍්තෙන තථතාදීහි වෙවචනෙහි පච‍්චයධම‍්මාව පටිච‍්චසමුප‍්පාදොති වුත‍්තා. තස‍්මා ජරාමරණාදීනං ධම‍්මානං පච‍්චයලක‍්ඛණො පටිච‍්චසමුප‍්පාදො, දුක‍්ඛානුබන්‍ධනරසො, කුම‍්මග‍්ගපච‍්චුපට‍්ඨානොති වෙදිතබ‍්බො.

මෙසේ පටිච්චසමුප්පාදය දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ විසින් තථතා ආදී වූ විවරණයන්ගෙන් ප්‍රත්‍යය වූ ධර්මයෝම පටිච්චසමුප්පාදයයි ප්‍රකාශ කරන ලද්දාහුය. එහෙයින් ජරාමරණාදී ධර්මයන්ගේ ප්‍රත්‍යය ලක්‍ෂණයම පටිච්චසමුප්පාද නම් වේ; එය දුක් ලුහු බැඳීම කෘත්‍යය කොට ඇත්තේය; අසන්මාර්ගය වැටහීම් කාරණා කොට ඇත්තේයයි දතයුතුය.

සො පනායං තෙහි තෙහි පච‍්චයෙහි අනූනාධිකෙහෙව තස‍්ස තස‍්ස ධම‍්මස‍්ස සම‍්භවතො තථතාති, සාමග‍්ගිං උපගතෙසු පච‍්චයෙසු මුහුත‍්තම‍්පි තතො නිබ‍්බත‍්තධම‍්මානං අසම‍්භවාභාවතො අවිතථතාති, අඤ‍්ඤධම‍්මපච‍්චයෙහි අඤ‍්ඤධම‍්මානුප‍්පත‍්තිතො අනඤ‍්ඤථතාති, යථාවුත‍්තානං එතෙසං ජරාමරණාදීනං පච‍්චයතො වා පච‍්චයසමූහතො වා ඉදප‍්පච‍්චයතාති වුත‍්තො.

එම පටිච්චසමුප්පාදය වනාහි අඩු-වැඩි නොවන සේ ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ස්වභාවයන් හටගන්නා හෙයින් ‘තථතා’යි කියන ලදි. ප්‍රත්‍යයන් එක්රැස් බවට පත්වූ විට, එයින් නිපන් ස්වභාවයන් මොහොතකුදු නොනැවත නොසිටින හෙයින් ‘අවිතථතා’ යයි කියන ලදි. අනෙක් අනෙක් ස්වභාව ඇති ප්‍රත්‍යයන්ගෙන් අනෙක් අනෙක් ස්වභාවයන් පහළ නොවන හෙයින් ‘අනඤ්ඤථතා’යි කියනලදි. මෙසේ කියන ලද මේ ජරා-මරණාදීනට ප්‍රත්‍යය වන හෙයින් හෝ ප්‍රත්‍යයන් එක්රැස් වන හෙයින් හෝ ‘ඉදප්පච්චයතා’යි කියන ලදි.

තත්‍රායං වචනත්‍ථො, ඉමෙසං පච‍්චයා ඉදප‍්පච‍්චයා. ඉදප‍්පච‍්චයා එව ඉදප‍්පච‍්චයතා. ඉදප‍්පච‍්චයානං වා සමූහො ඉදප‍්පච‍්චයතා. ලක‍්ඛණං පනෙත්‍ථ සද‍්දසත්‍ථතො පරියෙසිතබ‍්බං.

මේ එහි වචනාර්ත්‍ථයි. ඉමෙසං පච්චයා (මොවුනට ප්‍රත්‍යය වූවාහු) ඉදප්පච්චයා (ඉදප්පච්චය නම් වෙති), ඉදප්පච්චයා එව ඉදප්පච්චයතා (ඉදප්පච්චය’ යනුම ස්වාර්ත්‍ථයෙන් ඉදප්පච්චයතා නමි). ඉදප්පච්චයානං සමූහො වා ඉදප්පච්චයතා (ඉදප්පච්චයයන්ගේ සමූහය හෝ ‘ඉදප්පච්චයතා’ නමි). මෙහි ලක්‍ෂණය ශබ්ද ශාස්ත්‍රානුසාරයෙන් පිරික්සිය යුතුවේ.

කෙචි පන පටිච‍්ච සම‍්මා ච තිත්‍ථියපරිකප‍්පිතපකතිපුරිසාදිකාරණනිරපෙක‍්ඛො උප‍්පාදො පටිච‍්චසමුප‍්පාදොති එවං උප‍්පාදමත‍්තං පටිච‍්චසමුප‍්පාදොති වදන‍්ති , තං න යුජ‍්ජති. කස‍්මා? සුත‍්තාභාවතො, සුත‍්තවිරොධතො, ගම‍්භීරනයාසම‍්භවතො, සද‍්දභෙදතො ච. “උප‍්පාදමත‍්තං පටිච‍්චසමුප‍්පාදො”ති හි සුත‍්තං නත්‍ථි. තං “පටිච‍්චසමුප‍්පාදො”ති ච වදන‍්තස‍්ස පදෙසවිහාරසුත‍්තවිරොධො ආපජ‍්ජති. කථං? භගවතො හි “අථ ඛො භගවා රත‍්තියා පඨමං යාමං පටිච‍්චසමුප‍්පාදං අනුලොමපටිලොමං මනසාකාසී”ති (මහාව· 1) ආදිවචනතො පටිච‍්චසමුප‍්පාදමනසිකාරො පඨමාභිසම‍්බුද‍්ධවිහාරො, පදෙසවිහාරො ච තස‍්සෙකදෙසවිහාරො. යථාහ “යෙන ස‍්වාහං, භික‍්ඛවෙ, විහාරෙන පඨමාභිසම‍්බුද‍්ධො විහරාමි, තස‍්ස පදෙසෙන විහාසි”න‍්ති (සං· නි· 5.11). තත්‍ර ච පච‍්චයාකාරදස‍්සනෙන විහාසි, න උප‍්පාදමත‍්තදස‍්සනෙනාති. යථාහ “සො එවං පජානාමි මිච‍්ඡාදිට‍්ඨිපච‍්චයාපි වෙදයිතං සම‍්මාදිට‍්ඨිපච‍්චයාපි වෙදයිතං මිච‍්ඡාසඞ‍්කප‍්පපච‍්චයාපි වෙදයිත”න‍්ති (සං· නි· 5.11) සබ‍්බං විත්‍ථාරෙතබ‍්බං. එවං උප‍්පාදමත‍්තං “පටිච‍්චසමුප‍්පාදො”ති වදන‍්තස‍්ස පදෙසවිහාරසුත‍්තවිරොධො ආපජ‍්ජති. තථා කච‍්චානසුත‍්තවිරොධො.

ඇතැමෙක් වනාහි, යම් කිසිවක් හේතුකොට (පටිච්ච), මනාකොට (සම්මා), තීර්ත්‍ථකයන් විසින් පරිකල්පිත ප්‍රකෘති-පුරුෂ ආදී (සාංඛ්‍යවාදයෙහි මෙන්) මූල පදාර්ත්‍ථයන් පිළිබඳ අපේක්‍ෂා රහිතව (එවන් මතයන් නොතකා) සිදුවන උත්පාද (ඉපැදීම්) මාත්‍රය ‘පටිච්චසමුප්පාදය’යි මෙසේ හුදු ඉපැදීම පටිච්ච සමුප්පාදයයි කියති. එය යුතු නොවේ. කවර හෙයින්ද? එවන් සූත්‍ර ධර්මයක් නොමැති හෙයිනි, සූත්‍ර දේශනාවනට පටහැණි වන හෙයිනි. ගැඹුරු දේශනා ක්‍රමයක් නොවන හෙයිනි. එසේම ශබ්ද ශාස්ත්‍රයට නොගැලපෙන හෙයිනි. උත්පාද මාත්‍රය පටිච්ච සමුප්පාදයයි පැවසෙන සූත්‍ර දේශනාවක් නැත. එය (උත්පාද මාත්‍රය) පටිච්චසමුප්පාදයයි පවසන්නහුට පදෙස-විහාර සූත්‍ර විරෝධය සිදුවේ. කෙසේද යත්- “ඉක්බිති භගවත්හු රාත්‍රි ප්‍රථම යාමයෙහි පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළහ” යන ආදී භාග්‍යවතුන් වහන්සේගේම වචනයෙනි. පටිච්චසමුප්පාදය මෙනෙහි කිරීම බුද්ධත්‍වයට පැමිණි භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රථම විහරණය වේ. පදේස විහාර යනු එම ප්‍රථම විහරණයටම අයත් ඒක දේශයෙකි. යම්සේ කියන ලදද:- “මහණෙනි, බුද්ධත්‍වයට පැමිණි ඒ මම යම් ප්‍රථම විහරණයෙකින් කල් යැවීම්ද, එම විහරණයෙහිද ඒකදේශ විහරණයෙකින් කල් යැවීමි” එහිද ප්‍රත්‍යයාකාර දර්ශනයෙන් මිස හුදෙක් උත්පාද මාත්‍ර දර්ශනයෙන් නොවේ. යම්සේ කියන ලද්දේද:- “ඒ (මම) මෙසේ දනිමි, මිථ්‍යාදෘෂ්ටි ප්‍රත්‍යය හේතුකොට ගෙනද වේදයිතය (විඳිය යුතුඵලය) ඇතිවේ; සම්‍යග්දෘෂ්ටි ප්‍රත්‍යය හේතුකොට ගෙනද වේදයිතය ඇතිවේ; මිථ්‍යා සංකල්පය ප්‍රත්‍යය කොට ගෙනද වේදයිතය ඇතිවේ.” යන ආදිය සියල්ල විස්තර කළයුතුය. මෙසේ උත්පාද මාත්‍රය ‘පටිච්චසමුප්පාදය’යි කියන්නහුට පදේස-විහාර-සුත්ත විරෝධය සිදුවේ. එසේම කච්චාන සුත්ත විරෝධයද වේ.

කච‍්චානසුත‍්තෙපි හි “ලොකසමුදයං ඛො, කච‍්චාන, යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතො යා ලොකෙ නත්‍ථිතා, සා න හොතී”ති (සං· නි· 2.15) අනුලොමපටිච‍්චසමුප‍්පාදො ලොකපච‍්චයතො “ලොකසමුදයො”ති උච‍්ඡෙදදිට‍්ඨිසමුග‍්ඝාතත්‍ථං පකාසිතො, න උප‍්පාදමත‍්තං. න හි උප‍්පාදමත‍්තදස‍්සනෙන උච‍්ඡෙදදිට‍්ඨියා සමුග‍්ඝාතො හොති. පච‍්චයානුපරමදස‍්සනෙන පන හොති. පච‍්චයානුපරමෙ ඵලානුපරමතොති. එවං උප‍්පාදමත‍්තං “පටිච‍්චසමුප‍්පාදො”ති වදන‍්තස‍්ස කච‍්චානසුත‍්තවිරොධොපි ආපජ‍්ජති.

කච්චාන සූත්‍රයෙහි වනාහි, “කච්චානය, ලෝකසමුදයය (ලෝකයට හේතු වූ අවිද්‍යාදිය) සම්‍යක් ප්‍රඥාවෙන් ඇතිතතු බලන්නහුට ලෝකය පිළිබඳව යම් නාස්තිකතාවක් (උච්ඡේද දෘෂ්ටියක්) වේනම් එය එසේ නොවන බව වැටහේ” අනුලෝම පටිච්චසමුප්පාදය ලෝකයට හේතු වශයෙන් ලෝක සමුදය වෙති’යි උච්ඡේද දෘෂ්ටිය නැසීම උදෙසා දේශනා කරන ලදි. හුදෙක් උත්පාද මාත්‍රය පටිච්චසමුප්පාද නොවේ. උත්පාද මාත්‍රය දැක්වීමෙන් උච්ඡේද දෘෂ්ටිය නැසීමක් සිදුනොවේමය; ප්‍රත්‍යයන්ගේ අනුපිළිවෙළ දැකීමෙන්ම එය සිදුවේ. ප්‍රත්‍යයන්ගේ අනුපිළිවෙළින් ඵලයන්ගේ අනුපිළිවෙළ සිදුවන හෙයිනි. මෙසේ උත්පාදමාත්‍රය පටිච්චසමුප්පාදයයි කියන්නහුට කච්චාන සුත්ත විරෝධයද සිදුවේ.

ගම‍්භීරනයාසම‍්භවතොති වුත‍්තං ඛො පනෙතං භගවතා “ගම‍්භීරො චායං, ආනන්‍ද, පටිච‍්චසමුප‍්පාදො ගම‍්භීරාවභාසො චා”ති (දී· නි· 2.95; සං· නි· 2.60). ගම‍්භීරත‍්තඤ‍්ච නාම චතුබ‍්බිධං, තං පරතො වණ‍්ණයිස‍්සාම. තං උප‍්පාදමත‍්තෙ නත්‍ථි. චතුබ‍්බිධනයපටිමණ‍්ඩිතඤ‍්චෙතං පටිච‍්චසමුප‍්පාදං වණ‍්ණයන‍්ති, තම‍්පි නයචතුක‍්කං උප‍්පාදමත‍්තෙ නත්‍ථීති ගම‍්භීරනයාසම‍්භවතොපි න උප‍්පාදමත‍්තං පටිච‍්චසමුප‍්පාදො.

ගම්භීරනයාසම්භවතො (ගැඹුරු දේශනානයක් නොවන හෙයිනි) යනු, කියනලදමැයි භාග්‍යවතුන් වහන්සේ විසින්:- “ආනන්‍දය, පටිච්චසමුප්පාදය ගැඹුරුය, ගැඹුරු බව පෙනෙන්නටද ඇත” ගැඹුරු බව වනාහි සිවුවැදෑරුම් වේ; එය පසුව විස්තර කරන්නමු. එය උත්පාදමාත්‍රයෙහි නොමැත. මේ පටිච්චසමුප්පාදය සිවුවැදෑරුම් නයින් යුක්තයයි විස්තර කෙරෙති. ඒ සිවුවැදෑරුම් නය උත්පාද මාත්‍රයෙහි නොමැති හෙයින් ගැඹුරුබවක් නොමැති වීමෙන්ද පටිච්චසමුප්පාදය යනු හුදු උත්පාද මාත්‍රය නොවේ.

සද‍්දභෙදතොති පටිච‍්චසද‍්දො ච පනායං සමානෙ කත‍්තරි පුබ‍්බකාලෙ පයුජ‍්ජමානො අත්‍ථසිද‍්ධිකරො හොති. සෙය්‍යථිදං, “චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණ”න‍්ති (සං· නි· 2.43). ඉධ පන භාවසාධනෙන උප‍්පාදසද‍්දෙන සද‍්ධිං පයුජ‍්ජමානො සමානස‍්ස කත‍්තු අභාවතො සද‍්දභෙදං ගච‍්ඡති, න ච කිඤ‍්චි අත්‍ථං සාධෙතීති සද‍්දභෙදතොපි න උප‍්පාදමත‍්තං පටිච‍්චසමුප‍්පාදොති.

සද්දභෙදතො (ශබ්දශාස්ත්‍ර භේදයෙන්ද) යනු, මේ ‘පටිච්ච’ යන පදය වනාහි සමාන කර්තෘක පූර්වක්‍රියාවක් ලෙස යොදනු ලබන විට අර්ත්‍ථය සිද්ධ කරයි. ‘චක්‍ඛුඤ්ච පටිච්ච රූපෙච උපපජ්ජති චක්‍ඛුවිඤ්ඤාණං” (ඇස හා රූපයන් ඇසුරුකොට චක්‍ඛු විඤ්ඤාණය උපදියි)” යන තන්හි මෙනි. මෙහිදී වනාහි භාවකාරක ‘උප්පාද ශබ්දය හා සමග යොදනු ලබනුයේ සමාන කර්තෘක නොවන හෙයින් ශබ්ද ශාස්ත්‍ර (ව්‍යාකරණ) විරෝධයට පැමිණේ. කිසි අර්ත්‍ථයක් හෝ සාධනය නොකෙරේ; මෙසේ ව්‍යාකරණ විරෝධ වන හෙයින්ද ‘පටිච්චසමුප්පාද’ යනු උත්පාද මාත්‍රය නොවේ.

තත්‍ථ සියා – “හොති-සද‍්දෙන සද‍්ධිං යොජයිස‍්සාම ‘පටිච‍්චසමුප‍්පාදො හොතී’ති”, තං න යුත‍්තං. කස‍්මා? යොගාභාවතො චෙව, උප‍්පාදස‍්ස ච උප‍්පාදපත‍්තිදොසතො. “පටිච‍්චසමුප‍්පාදං වො, භික‍්ඛවෙ, දෙසෙස‍්සාමි. කතමො ච, භික‍්ඛවෙ, පටිච‍්චසමුප‍්පාදො…පෙ… අයං වුච‍්චති, භික‍්ඛවෙ, පටිච‍්චසමුප‍්පාදො”ති (සං· නි· 2.1). ඉමෙසු හි පදෙසු එකෙනපි සද‍්ධිං හොති-සද‍්දො යොගං න ගච‍්ඡති, න ච උප‍්පාදො හොති. සචෙ භවෙය්‍ය, උප‍්පාදස‍්සාපි උප‍්පාදො පාපුණෙය්‍යාති.

එහි ‘හොති’ යන ක්‍රියාපදය හා සමග ‘පටිච්චසමුප්පාදො හොති’යි යොදන්නෙමු’යි තර්කයෙක් වේනම්, එයද යුතු නොවේ; කවර හෙයින්දයත්, එවන් යෙදීමක් (කොතැනකවත්) නොමැති හෙයිනි. තවද (එසේ යෙදුව හොත්) උත්පාදයාගේද උත්පාදයක් පිළිබඳ වැරදි හැඟීමක් ඇති විය හැකි හෙයිනි. ‘පටිච්ච සමුප්පාදං වො භික්‍ඛවෙ දෙසිස්සාමි, කතමො ච භික්‍ඛවෙ පටිච්ච සමුප්පාදො-පෙ- අයං වුච්චති භික්‍ඛවෙ පටිච්චසමුප්පාදො” යන ආදී තන්හි එකද පදයක් හා සමග ‘හොති’ යන ක්‍රියා පදය යෝගයට නොපැමිණේ (නොයෙදේ). ‘උප්පාදො හොති’යි යන්නක් සිදු නොවේ. ඉදින් එසේ වෙතොත්, උත්පාදයාගේද උත්පාදයක් පිළිබඳ වැරදි වැටහීමක් වන්නේය.

යෙපි මඤ‍්ඤන‍්ති “ඉදප‍්පච‍්චයානං භාවො ඉදප‍්පච‍්චයතා, භාවො ච නාම යො ආකාරො අවිජ‍්ජාදීනං සඞ‍්ඛාරාදිපාතුභාවෙ හෙතු, සො. තස‍්මිඤ‍්ච සඞ‍්ඛාරවිකාරෙ පටිච‍්චසමුප‍්පාදසඤ‍්ඤා”ති, තෙසං තං න යුජ‍්ජති. කස‍්මා? අවිජ‍්ජාදීනං හෙතුවචනතො. භගවතා හි “තස‍්මාතිහ, ආනන්‍ද, එසෙව හෙතු, එතං නිදානං, එස සමුදයො, එස පච‍්චයො ජරාමරණස‍්ස යදිදං ජාති…පෙ… සඞ‍්ඛාරානං, යදිදං අවිජ‍්ජා”ති (දී· නි· 2.98 ආදයො) එවං අවිජ‍්ජාදයොව හෙතූති වුත‍්තා, න තෙසං විකාරො. තස‍්මා “පටිච‍්චසමුප‍්පාදොති පච‍්චයධම‍්මා වෙදිතබ‍්බා”ති ඉති යං තං වුත‍්තං, තං සම‍්මා වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

යමෙක් වනාහි, “ඉදප්පච්චයයන් (මේ මේ ඵලයන් ඇති කරන දේ හේතූන්)ගේ භාවය ‘ඉදප්පච්චයතා’යි කියනු ලැබේ, ‘භාව’ නම් සංඛාරාදීන්ගේ පහළ වීමෙහිලා හේතුවන අවිජ්ජාදීන්ගේ යම් ආකාරයක් වේනම්, එම ආකාරයයි. එය එම අවිජ්ජාදිය සංඛාරාදිය බවට පත්වීමෙහිලා හේතුවේ. එය එම සංඛාරවිකාර විෂයයෙහි පටිච්ච සමුප්පාද සඤ්ඤාව වෙති’යි හඟිත් නම්, ඔවුන්ගේ එම හැඟීමද යුතු නොවේ. කවර හෙයින්ද? අවිජ්ජා ආදිය ‘හේතු’ යයි කියන ලද හෙයිනි. භාග්‍යවතුන් වහන්සේ විසින් වනාහි, “තස්මාතිහ ආනන්‍ද එසොව හෙතු, එතං නිදානං, එස සමුදයො, එස පච්චයො ජරාමරණස්ස යදිදං ජාති-පෙ- සංඛාරානං යදිදං අවිජ්ජා” යනුවෙන් මෙසේ අවිජ්ජාදිය ‘හේතු’ යයි කියන ලද මුත් එම අවිජ්ජාදිය පිළිබඳ විකාරයක් නොකියන ලදි. එහෙයින් ‘පටිච්ච සමුප්පාද’ යනුවෙන් ප්‍රත්‍යය (හේතු) වන ධර්මයන් දතයුතුයයි යමක් කියන ලදුයේද එය මැනවින් (නිවැරදිව) කියන ලදැ’යි දතයුතුය.

යා පනෙත්‍ථ “පටිච‍්චසමුප‍්පාදො”ති ඉමාය බ්‍යඤ‍්ජනච‍්ඡායාය උප‍්පාදොයෙවායං වුත‍්තොති සඤ‍්ඤා උප‍්පජ‍්ජති, සා ඉමස‍්ස පදස‍්ස එවමත්‍ථං ගහෙත්‍වා වූපසමෙතබ‍්බා. භගවතා හි,

මෙහි ‘පටිච්චසමුප්පාද’ යන ශබ්දච්ඡායාව ගැනීමෙන් එයින් පැවසෙනුයේ උත්පාදයමය”යි යන හැඟීමක් වෙතොත් ‘පටිච්චසමුප්පාද’ යන මේ පදයෙහි පහත දැක්වෙන අර්ත්‍ථය ගෙන එම හැඟීම බැහැර කළ යුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් වනාහි:-

ද‍්වෙධා තතො පවත‍්තෙ, ධම‍්මසමූහෙ යතො ඉදං වචනං; තප‍්පච‍්චයො තතොයං, ඵලොපචාරෙන ඉති වුත‍්තො.

ද්වෙධා තතො පවත්තෙ ධම්මසමූහෙ යතා ඉදං වචනං තප්පච්චයා තතො’යං ඵලෝපචාරන ඉති වුත්තො

එහෙයින්, (හේතු - ඵල වශයෙන්) දෙපරිදිව පවත්නා ධර්මසමූහයෙහි, යම් හෙයකින් මේ (පටිච්ච සමුප්පාද යන) වචනය වේද, එහෙයින්, එය (ඵල ධර්මයන්ගේ) හේතුධර්මයයි; ඵලධර්මයන් පිළිබඳ උපචාරයෙන් (විශේෂය නොසලකා) මෙසේ කියන ලද්දේය.

යො හි අයං පච‍්චයතාය පවත‍්තො ධම‍්මසමූහො, තත්‍ථ පටිච‍්චසමුප‍්පාදොති ඉදං වචනං ද‍්විධා ඉච‍්ඡන‍්ති. සො හි යස‍්මා පතීයමානො හිතාය සුඛාය ච සංවත‍්තති, තස‍්මා පච‍්චෙතුමරහන‍්ති නං පණ‍්ඩිතාති පටිච‍්චො. උප‍්පජ‍්ජමානො ච සහ සම‍්මා ච උප‍්පජ‍්ජති, න එකෙකතො, නාපි අහෙතුතොති සමුප‍්පාදො. එවං පටිච‍්චො ච සො සමුප‍්පාදො චාති පටිච‍්චසමුප‍්පාදො . අපිච සහ උප‍්පජ‍්ජතීති සමුප‍්පාදො, පච‍්චයසාමග‍්ගිං පන පටිච‍්ච අපච‍්චක‍්ඛායාති එවම‍්පි පටිච‍්චසමුප‍්පාදො. තස‍්ස චායං හෙතුසමූහො පච‍්චයොති තප‍්පච‍්චයත‍්තා අයම‍්පි, යථා ලොකෙ සෙම‍්හස‍්ස පච‍්චයො ගුළො සෙම‍්හො ගුළොති වුච‍්චති, යථා ච සාසනෙ සුඛප‍්පච‍්චයො බුද‍්ධානං උප‍්පාදො “සුඛො බුද‍්ධානං උප‍්පාදො”ති වුච‍්චති, තථා පටිච‍්චසමුප‍්පාදො ඉච‍්චෙව ඵලවොහාරෙන වුත‍්තොති වෙදිතබ‍්බො.

ප්‍රත්‍යය වශයෙන් පවත්නා යම් මේ ධර්ම සමූහයක් වේද, එම ධර්ම සමූහයෙහි ‘පටිච්ච සමුප්පාද’ යන මේ වචනය පිළිබඳව දෙපරිද්දෙකින් (අර්ත්‍ථය) කැමැති වෙති. එම ධර්ම සමූහය වනාහි ‘පටිච්චසමුප්පාද’ වශයෙන් (ප්‍රකෘති-පුරුෂාදී වශයෙන් නොව) වටහාගනු ලබනුයේම හිත සුව පිණිස පවත්නේය. එහෙයින් ‘පණ්ඩිතයන් මෙය අවබෝධ කරගැනීමට සුදුසු වෙති’ යි යන අරුතින් ‘පටිච්ච’ නම් වේ. උපදිනුයේද ‘එක්ව, මැනවින් උපදියි, වෙන් වෙන්ව හෝ හේතු රහිතව හෝ නො-උපදියි’, එහෙයින් ‘සමුප්පාද’ නම් වේ. මෙසේ පටිච්චවූයේද එම සමුප්පද වූයේදැ’යි පටිච්චසමුප්පාද නම් වේ. තවද, එක්ව උපදිති’යි සමුප්පාද නමි. ප්‍රත්‍යය සාමග්‍රියට පැමිණීමෙන් (හේතුව හා සමග එක්වීමෙන්) ද, හේතූන් පිළිබඳව නිරපේක්‍ෂ නොවීමෙන්දැ’යි යන මේ දෙ-අරුතින්ද පටිච්චසමුප්පාද නම් වේ. එහිද ‘මේ හේතු සමූහය ප්‍රත්‍යය වෙති’යි ප්‍රත්‍යය වශයෙන් ගැනීමෙන් මෙයද ඵලව්‍යවහාරයෙන් ‘පටිච්චසමුප්පාද’යයි කියන ලදැ’යි දතයුතුය. යම්සේ ලෝකයෙහි සෙමට හේතු වන සකුරුද (අභේදෝපචාරයෙන්) අවිශේෂයෙන් ‘සෙම’ යනුවෙන්ම වහරනු ලැබේ; තවද ශාසනය සැපතට හේතුවන බුදුවරයන්ගේ ඉපදීම (බුද්ධශාසනය බුද්ධ යනුවෙන්ම අභේදෝපචාරයෙන්) ගෙන ‘සුඛො බුද්ධානං උප්පාදො’යි කියනු ලැබේ, එසේය.

අථ වා,

නොහොත්:-

පටිමුඛමිතොති වුත‍්තො, හෙතුසමූහො අයං පටිච‍්චොති; සහිතෙ උප‍්පාදෙති ච, ඉති වුත‍්තො සො සමුප‍්පාදො.

පටිමුඛමිතො’තිවුත්තො හෙතුසමූහො අයං පටිච්චොති සහිතො උප්පාදෙති ච ඉති වුත්තො සො සමුප්පාදො

මේ හේතු සමූහය (සභාගඵල ධර්මයන්ගේ) ප්‍රතිමුඛයට (නොපැනෙන බවට) ගියහ’යි (ඉත= ඉ+ත) ‘පටිච්ච’ යයි කියනු ලදි; සභාග ඵල ධර්මයන් (සහිත=සහ+ඉත) උපදවති’යි ‘සමුප්පාද’ යයිද කියන ලදි.

යො හි එස සඞ‍්ඛාරාදීනං පාතුභාවාය අවිජ‍්ජාදිඑකෙකහෙතුසීසෙන නිද‍්දිට‍්ඨො හෙතුසමූහො, සො සාධාරණඵලනිප‍්ඵාදකට‍්ඨෙන අවෙකල‍්ලට‍්ඨෙන ච සාමග‍්ගිඅඞ‍්ගානං අඤ‍්ඤමඤ‍්ඤෙන පටිමුඛං ඉතො ගතොති කත්‍වා පටිච‍්චොති වුච‍්චති. ස‍්වායං සහිතෙයෙව අඤ‍්ඤමඤ‍්ඤං අවිනිබ‍්භොගවුත‍්තිධම‍්මෙ උප‍්පාදෙතීති සමුප‍්පාදොතිපි වුත‍්තො. එවම‍්පි පටිච‍්චො ච සො සමුප‍්පාදො චාති පටිච‍්චසමුප‍්පාදො.

සංස්කාරයන්ගේ පහළ වීමට අවිද්‍යාදී වූ එක් එක් ශීර්ෂ වශයෙන් දක්වන ලද යම් මේ හේතු සමූහයක් ඇත්ද, එය පොදු වූ ඵලයන් නිෂ්පාදනය කෙරෙති’යි යන අරුතින්ද, විකල (අඩු) නොවෙති’යි යන අරුතින්ද, සමග උපදනා (චෛතසික ආදී) අංගයන් එකිනෙක හා සමග ප්‍රතිමුඛයට (නොපැනෙන බවට) යෙති’යි යන අරුතින්ද ගෙන ‘පටිච්ච’ යයි කියනු ලැබේ. ඒ මේ හේතු සමූහය ඔවුනොවුන් නොහැර පවත්නා ස්වභාව ඇති ඵලධර්මයන්ම උපදවති’යි ‘සමුප්පාද’ යයි කියනු ලැබේ. ඒ මේ හේතු සමූහය ඔවුනොවුන් නොහැර පවත්නා ස්වභාව ඇති ඵලධර්මයන්ම උපදවතියි ‘සමුප්පාද’යයි කියනු ලැබේ. මෙසේද පටිච්ච වූයේද එම සමුප්පාද වූයේදැයි ‘පටිච්චසමුප්පාද’ නම් වේ.

අපරො නයො –

තවද නයකි:-

පච‍්චයතා අඤ‍්ඤොඤ‍්ඤං, පටිච‍්ච යස‍්මා සමං සහ ච ධම‍්මෙ; අයමුප‍්පාදෙති තතොපි, එවමිධ භාසිතා මුනිනා.

“පච්චයතා අඤ්ඤොඤ්ඤං පටිච්ච යස්මා සමං සහච ධම්මෙ අයමුප්පාදෙති තතොපි එවමිධ භාසිතා මූනිනා”

යම් හෙයකින් මේ අවිද්‍යාදී වූ ප්‍රත්‍යයසමූහය ඔවුනොවුන් නිසා, ඔවුනොවුන් හා සමග සම ක්‍රියාකාරිත්‍වයෙන් ඵලධර්මයන් උපදවාද, එහෙයින් මුනීන්‍ද්‍රයන් වහන්සේ විසින් මෙසේ මෙය (පටිච්ච සමුප්පාදයයි) කියන ලද්දේය.

අවිජ‍්ජාදිසීසෙන නිද‍්දිට‍්ඨපච‍්චයෙසු හි යෙ පච‍්චයා යං සඞ‍්ඛාරාදිකං ධම‍්මං උප‍්පාදෙන‍්ති, න තෙ අඤ‍්ඤමඤ‍්ඤං අපටිච‍්ච අඤ‍්ඤමඤ‍්ඤවෙකල‍්ලෙ සති උප‍්පාදෙතුං සමත්‍ථාති. තස‍්මා පටිච‍්ච සමං සහ ච න එකෙකදෙසං, නාපි පුබ‍්බාපරභාවෙන අයං පච‍්චයතා ධම‍්මෙ උප‍්පාදෙතීති අත්‍ථානුසාරවොහාරකුසලෙන මුනිනා එවමිධ භාසිතා, පටිච‍්චසමුප‍්පාදොත්‍වෙව භාසිතාති අත්‍ථො.

අවිද්‍යා ආදී ශීර්ෂ වශයෙන් දක්වන ලද ප්‍රත්‍යයන් අතුරෙන් යම් ප්‍රත්‍යය ධර්ම කෙනෙක් තුමූ යම් සංස්කාර ආදී ඵල ධර්මයක් උපදවත්ද, ඔහු තුමූ ඔවුනොවුන් කෙරෙහි නිරපේක්‍ෂව, ඔවුනොවුන් විකලබවක් (අඩුවක්) ඇති විට ඉපැදවීමට නොසමත් වෙති; එහෙයින් ඔවුනොවුන් පිළිබඳ අපේක්‍ෂා සහිතව, පෙර-පසු නොව, ඔවුනොවුන් හා සමග, වෙන් වෙන් වශයෙන් නොව මේ ප්‍රත්‍යය සමූහය ඵල ධර්මයන් උපදවති’යි අර්ත්‍ථානුසාර ව්‍යාවහාරයෙහි කුශල වූ මුනීන්‍ද්‍රයන් වහන්සේ විසින් මෙහිලා මෙසේ කියන ලදුයේ ‘පටිච්චසමුප්පාද’ යනුවෙන්ම කියන ලද්දේය යන අර්ත්‍ථයි.

එවං භාසමානෙන ච,

මෙසේ කියමින්ම උන්වහන්සේ විසින්:-

පුරිමෙන සස‍්සතාදීන, මභාවො පච‍්ඡිමෙන ච පදෙන; උච‍්ඡෙදාදිවිඝාතො, ද‍්වයෙන පරිදීපිතො ඤායො.

පුරිමෙන සස්සතාදීනමභාවො පච්ඡිමෙන ච පදෙන, උච්ඡෙදාදි විඝාතො ද්වයෙන පරිදීපිතො ඤායො

(‘පටිච්ච’ යන) පෙර පදයෙන් ශාස්වතාදී දෘෂ්ටීන්ගේ අභාවයද, (‘සමුප්පාද’ යන) පසු පදයෙන් උච්ඡෙද ආදී දෘෂ්ටීන්ගේ විඝාතයදැ (නැසීමද) යි යන මේ අන්තද්වයයෙන් දක්වන ලද න්‍යායය (‘පටිච්චසමුප්පාද’ නමැ’යි දන්නා ලද්දේ) යි.

පුරිමෙනාති පච‍්චයසාමග‍්ගිපරිදීපකෙන පටිච‍්චපදෙන පවත‍්තිධම‍්මානං පච‍්චයසාමග‍්ගියං ආයත‍්තවුත‍්තිත‍්තා සස‍්සතාහෙතුවිසමහෙතුවසවත‍්තිවාදප‍්පභෙදානං සස‍්සතාදීනං අභාවො පරිදීපිතො හොති? කිං හි සස‍්සතානං, අහෙතුආදිවසෙන වා පවත‍්තානං පච‍්චයසාමග‍්ගියාති? පච‍්ඡිමෙන ච පදෙනාති ධම‍්මානං උප‍්පාදපරිදීපකෙන සමුප‍්පාදපදෙන පච‍්චයසාමග‍්ගියං ධම‍්මානං උප‍්පත‍්තිතො විහතා උච‍්ඡෙදනත්‍ථිකඅකිරියවාදාති උච‍්ඡෙදාදිවිඝාතො පරිදීපිතො හොති. පුරිමපුරිමපච‍්චයවසෙන හි පුනප‍්පුනං උප‍්පජ‍්ජමානෙසු ධම‍්මෙසු කුතො උච‍්ඡෙදො, නත්‍ථිකාකිරියවාදා චාති. ද‍්වයෙනාති සකලෙන පටිච‍්චසමුප‍්පාදවචනෙන තස‍්සා තස‍්සා පච‍්චයසාමග‍්ගියා සන‍්තතිං අවිච‍්ඡින්‍දිත්‍වා තෙසං තෙසං ධම‍්මානං සම‍්භවතො මජ‍්ඣිමා පටිපදා, “සො කරොති සො පටිසංවෙදෙති, අඤ‍්ඤො කරොති අඤ‍්ඤො පටිසංවෙදෙතී”ති වාදප‍්පහානං, ජනපදනිරුත‍්තියා අනභිනිවෙසො, සමඤ‍්ඤාය අනතිධාවනන‍්ති අයං ඤායො පරිදීපිතො හොතීති අයං තාව පටිච‍්චසමුප‍්පාදොති වචනමත‍්තස‍්ස අත්‍ථො.

‘පුරිමෙන’ යනු, ප්‍රත්‍යයන් හා සමග පවත්නා බව හඟවන ‘පටිච්ච’ යන පදයෙන්, පවත්නා ධර්මයන්ගේ ප්‍රත්‍යය සාමග්‍රිය ඇති කල්හි එයට අයත් පැවතුම් ඇති හෙයින්, ශාස්වත හේතු, විෂම හේතු, වසවත්ති වාද ආදී ප්‍රභේද ඇති ශාස්වතවාදයන්ගේ අභාවය දක්වන ලද්දේය. අහේතුවාද ආදී වශයෙන් පවත්නා ශාස්වතාදී වාදයනට ප්‍රත්‍යය සාමග්‍රියෙන් කවර ප්‍රයෝජනයෙක්ද? ‘පච්ඡිමෙන’ යනු, ඵලධර්මයන්ගේ හටගැනීම දක්වන ‘සමුප්පාද’ යන පදයෙන්, ප්‍රත්‍යය සාමග්‍රිය ඇතිවිට ඵලධර්මයන්ගේ උපත සිදුවන හෙයින් උච්ඡේද, නාස්තික, අකිරිය ආදී වාදයන්ගේ අභාවය දක්වන ලද්දේ වේ. පළමු පළමු හේතු වශයෙන් නැවත නැවතත් ඵලධර්මයන් උපදනා කල උච්ඡේදයක් කොයින්ද? නාස්තික හෝ අකිරිය හෝ වාදයෝ කොයින්ද?. ‘ද්වයෙන’ යනු, ‘පටිච්චසමුප්පාද’ යන සම්පූර්ණ පදයෙනි. ඒ ඒ ධර්මයන්ගේ ප්‍රත්‍යය සාමග්‍රිය (හේතුන් සමග පවත්නා බව) නිසා පිළිවෙළ නොසිඳී ඒ ඒ ධර්මයන්ගේ සම්භවය සිදුවන හෙයින්, මෙසේ (ශාස්වත හෝ උච්ඡේද හෝ නොවන) මධ්‍යම ප්‍රතිපදාව වේ. “හේ කරයි, තෙමේම (පල) විඳියි; එකෙක් කරයි. අනෙකෙක් විදියි’’ යනුවෙන් පළට (ශාස්වත-උච්ඡේද) වාදයන්ගේ ප්‍රහාණය වේ; ජනපද (සාමාන්‍ය) ව්‍යවහාරය පරමාර්ත්‍ථ වශයෙන් නොගැනීමද, හුදෙක් සම්මුති නාම වශයෙන් ගැනීමෙන් අනතිධාවනයද සිදුවේ. මේ ආකාරයෙන් මේ පටිච්ච සමුප්පාද න්‍යායය දක්වන ලද්දේ වේ. මේ වනාහි ‘පටිච්ච සමුප්පාද’ යන වචනමාත්‍රයෙහි අර්ත්‍ථය වේ.

යා පනායං භගවතා පටිච‍්චසමුප‍්පාදං දෙසෙන‍්තෙන “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා”තිආදිනා නයෙන නික‍්ඛිත‍්තා තන‍්ති, තස‍්සා අත්‍ථසංවණ‍්ණනං කරොන‍්තෙන විභජ‍්ජවාදිමණ‍්ඩලං ඔතරිත්‍වා ආචරියෙ අනබ‍්භාචික‍්ඛන‍්තෙන සකසමයං අවොක‍්කමන‍්තෙන පරසමයං අනායූහන‍්තෙන සුත‍්තං අප‍්පටිබාහන‍්තෙන විනයං අනුලොමෙන‍්තෙන මහාපදෙසෙ ඔලොකෙන‍්තෙන ධම‍්මං දීපෙන‍්තෙන අත්‍ථං සඞ‍්ගාහෙන‍්තෙන තමෙවත්‍ථං පුනරාවත‍්තෙත්‍වා අපරෙහිපි පරියායන‍්තරෙහි නිද‍්දිසන‍්තෙන ච යස‍්මා අත්‍ථසංවණ‍්ණනා කාතබ‍්බා හොති, පකතියාපි ච දුක‍්කරාව පටිච‍්චසමුප‍්පාදස‍්ස අත්‍ථසංවණ‍්ණනා.

පටිච්චසමුප්පාදය දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ විසින් “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා” ආදි නයින් පෙළ පිහිටුවන ලද්දේ වේ; එම පෙළෙහි අර්ත්‍ථසංවර්ණානය කරන්නහු විසින් විභජ්ජවාදී මණ්ඩලයට (සම්ප්‍රදායයට) බැස, පූර්වාචාර්යයන් නො-අබිබවා, ස්ව-සමය නො-ඉක්මවා, පරවාදයන් වැළඳ නොගෙන, සූත්‍රධර්මය පිළිකෙව් නොකොට, විනයට අනුකූලව, සතර මහාපදේසයන් සලකා බලමින්, ධර්මය විවරණය කෙරෙමින්, අර්ත්‍ථය සංග්‍රහ කෙරෙමින්, එම අර්ත්‍ථය සමාලෝචනය කෙරෙමින්, අන් අයුරින්ද පැහැදිලි කරමින්, අර්ත්‍ථ-සංවර්ණය කළයුතු වේද, පටිච්චසමුප්පාදය පිළිබඳ ඒ ආකාර වූ අර්ත්‍ථ කථනයක් කිරීම ස්වභාව වශයෙන්ම දුෂ්කර වන්නේය.

යථාහු පොරාණා –

එහෙයින් කීහු පුරාණාචාර්යයෝ:-

“සච‍්චං සත‍්තො පටිසන්‍ධි, පච‍්චයාකාරමෙව ච; දුද‍්දසා චතුරො ධම‍්මා, දෙසෙතුං ච සුදුක‍්කරා”ති.

සච්චං සත්තො පටිසන්‍ධි පච්චයාකාරමෙවච දුද්දසා චතුරො ධම්මා දෙසෙතුඤ්ච සුදුක්කරා’ති

චතුඃසත්‍යය, සත්ත්‍වයාය, ප්‍රතිසන්‍ධිය, ‘ප්‍රත්‍යයාකාරය යන මේ ධර්ම සතර දැකීම දුෂ්කර වේ. දෙසුමද අතිදුෂ්කර වේ.

තස‍්මා අඤ‍්ඤත්‍ර ආගමාධිගමප‍්පත‍්තෙහි න සුකරා පටිච‍්චසමුප‍්පාදස‍්සත්‍ථවණ‍්ණනාති පරිතුලයිත්‍වා,

එහෙයින් ආගම (පර්යාප්ති) අධිගම (ප්‍රතිවේධ) ලාභීන් හැර සෙස්සනට පටිච්ච සමුප්පාදය පිළිබඳ අර්ත්‍ථසංවර්ණනය සුකර නොවේ. මේ බව මැනවින් සලකා බලා:-

වත‍්තුකාමො අහං අජ‍්ජ, පච‍්චයාකාරවණ‍්ණනං; පතිට‍්ඨං නාධිගච‍්ඡාමි, අජ‍්ඣොගාළ‍්හොව සාගරං.

වත්තුකාමො අහං අජ්ජ පච්චයාකාර වණ්ණනං පතිට්ඨං නාධි ගච්ඡාමි අජ්ඣොගාල්හොව සාගරං

සාසනං පනිදං නානා, දෙසනානයමණ‍්ඩිතං; පුබ‍්බාචරියමග‍්ගො ච, අබ‍්බොච‍්ඡින‍්නො පවත‍්තති.

සාසනං පනිදං නානා දේසනානය මණ්ඩිතං පුබ්බාචරියමග්ගොච අබ්භොච්ඡින්නො පවත්තති

යස‍්මා තස‍්මා තදුභයං, සන‍්නිස‍්සායත්‍ථවණ‍්ණනං; ආරභිස‍්සාමි එතස‍්ස, තං සුණාථ සමාහිතා.

යස්මා තස්මා තදූභයං සන්නිස්සායත්‍ථවණ්ණනං ආරභිස්සාමි එතස්ස තං සුණාථ සමාහිතා’ති.

ප්‍රත්‍යයන් පිළිබඳ ආකාරය කියනු කැමැති වූ මම අද මහා සාගරයට බට තැනැත්තකු සෙයින් පිහිටක් නොලබමි.

(එතෙකුදු වූවත්) මේ ශාසනය වනාහි අනේකාකාර දේශනා ක්‍රමයෙන් විසිතුරු වේ; පූර්වාචාර්ය සම්ප්‍රදායයද නොසිඳී පවත්නේ වේ.

එසේ හෙයින් (දේශනා නය, ආචාර්ය සම්ප්‍රදාය යන) මේ දෙක ඇසුරු කරමින් මේ අර්ත්‍ථ සංවර්ණනය අරඹමි; එය සාවධානව ශ්‍රවණය කරවු.

වුත‍්තඤ‍්හෙතං පුබ‍්බාචරියෙහි –

කියන ලදමැයි පූර්වාචාර්යයන් විසින්:-

“යො කොචි මං අට‍්ඨිකත්‍වා සුණෙය්‍ය, ලභෙථ පුබ‍්බාපරියං විසෙසං; ලද‍්ධාන පුබ‍්බාපරියං විසෙසං, අදස‍්සනං මච‍්චුරාජස‍්ස ගච‍්ඡෙ”ති.

යො කොචිමං අට්ඨිකත්‍වා සුණෙය්‍ය ලභෙථ පුබ්බාපරියං විසේසා ලද්ධාන පුබ්බාපරියං විසේසං අදස්සනං මච්චුරාජස්ස ගච්ඡති

යම් කිසිවෙක් වනාහි ආදර සහිතව මේ පටිච්ච සමුප්පාද ධර්මය අසන්නේද, හේ තෙමේ පෙර-පසු දෙතන්හිම විශිෂ්ටත්‍වයට පත් වන්නේය; දෙතන්හිම විශිෂ්ටත්‍වයට පත්ව මාරයාගේ දර්ශන පථයෙන් ඔබ්බට යන්නේය.

ඉති අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාතිආදීසු හි ආදිතොයෙව තාව,

‘අවිජ්ජා පච්චයා සඞ්ඛාරා’ ආදියෙහි වනාහි මුල පටන්ම:

දෙසනාභෙදතො අත්‍ථ, ලක‍්ඛණෙකවිධාදිතො. අඞ‍්ගානඤ‍්ච වවත්‍ථානා, විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

දෙසනා භෙදතො අත්‍ථලක්‍ඛණෙකවිධාදිතො අඞ්ගානඤ්ච වවත්‍ථානා විඤ්ඤාතබ්බො විනිච්ඡයො

දේශනා නය භේද වශයෙන්ද, අර්ත්‍ථ වශයෙන්ද, ලක්‍ෂණ වශයෙන්ද, ‘ඒකවිධාදී වශයෙන්ද, අංග නිර්වචන වශයෙන්ද මෙහි විනිශ්චය දතයුතුය.

තත්‍ථ දෙසනාභෙදතොති භගවතො හි වල‍්ලිහාරකානං චතුන‍්නං පුරිසානං වල‍්ලිගහණං විය ආදිතො වා මජ‍්ඣතො වා පට‍්ඨාය යාව පරියොසානං, තථා පරියොසානතො වා මජ‍්ඣතො වා පට‍්ඨාය යාව ආදීති චතුබ‍්බිධා පටිච‍්චසමුප‍්පාදදෙසනා.

එහි, ‘දේසනා භේදතො’ යනු, වැල් කපන පුරුෂයන් සිවු දෙනකුගේ වැල් රැස් කරන ආකාරය සෙයින් භාග්‍යවතුන් වහන්සේගේ පටිච්චසමුප්පාද දේශනාවද සිවු ආකාර වේ. එනම්, මුල හෝ මැද පටන් අග දක්වාද? අග හෝ මැද පටන් මුල දක්වාදැ’යි යනුවෙනි.

යථා හි වල‍්ලිහාරකෙසු චතූසු පුරිසෙසු එකො වල‍්ලියා මූලමෙව පඨමං පස‍්සති, සො තං මූලෙ ඡෙත්‍වා සබ‍්බං ආකඩ‍්ඪිත්‍වා ආදාය කම‍්මෙ උපනෙති, එවං භගවා “ඉති ඛො, භික‍්ඛවෙ, අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා…පෙ… ජාතිපච‍්චයා ජරාමරණ”න‍්ති (ම· නි· 1.402; සං· නි· 2.2) ආදිතො පට‍්ඨාය යාව පරියොසානාපි පටිච‍්චසමුප‍්පාදං දෙසෙති.

යම්සේ වනාහි වැල් කපන පුරුෂයන් සිවුදෙනාගෙන් එක් පුරුෂයෙක් වැලෙක මුල පළමුකොට දකියිද, හේ තෙමේ එය මුලින් කපා සියල්ල ඇද ගෙන කර්මාන්තයෙහි යොදයිද, එපරිද්දෙන්ම භාග්‍යවතුන්වහන්සේ, ‘‘මහණෙනි. අවිද්‍යාහේතුවෙන් සංස්කාරයෝ හටගනිති -පෙ- ඉපැදීම හේතුකොට ජරා-මරණාදිය සිදුවේ” යනුවෙන් මුල සිට අග දක්වා පටිච්චසමුප්පාදය දේශනා කරති.

යථා පන තෙසු පුරිසෙසු එකො වල‍්ලියා මජ‍්ඣං පඨමං පස‍්සති, සො මජ‍්ඣෙ ඡින්‍දිත්‍වා උපරිභාගඤ‍්ඤෙව ආකඩ‍්ඪිත්‍වා ආදාය කම‍්මෙ උපනෙති, එවං භගවා “තස‍්ස තං වෙදනං අභිනන්‍දතො අභිවදතො අජ‍්ඣොසාය තිට‍්ඨතො උප‍්පජ‍්ජති නන්‍දී. යා වෙදනාසු නන්‍දී, තදුපාදානං. තස‍්සුපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාතී”ති (ම· නි· 1.409; සං· නි· 3.5) මජ‍්ඣතො පට‍්ඨාය යාව පරියොසානාපි දෙසෙති.

යම්සේ වනාහි ඔවුන් සිවු දෙනාගෙන් තවත් පුරුෂයෙක් වැලෙහි මැද පමණක් පළමුව දකීද, හේතෙමේ එය මැදින් කපා ඉහළ කොටස පමණක් ඇදගෙන කර්මාන්තයෙහි යොදයිද, එසේම භාග්‍යවතුන් වහන්සේද, “එම වේදනාව ආස්වාදය කරන, එය පස්සන, එහි ඇලී ගැලී සිටින ඕහට නන්‍දි තෘෂ්ණාව උපදියි. වේදනාවන් කෙරෙහි යම් නන්‍දි තෘෂ්ණාවක් වේද එය උපාදානයයි ඕහට එම උපාදානය හේතු කොට භවයද, භවය හේතු කොට ජාතිය (ඉපැදීම) ද සිදුවේ” යනුවෙන් මැද පටන් අග දක්වා පටිච්චසමුප්පාදය දේශනා කරති.

යථා ච තෙසු පුරිසෙසු එකො වල‍්ලියා අග‍්ගං පඨමං පස‍්සති, සො අග‍්ගෙ ගහෙත්‍වා අග‍්ගානුසාරෙන යාව මූලා සබ‍්බං ආදාය කම‍්මෙ උපනෙති, එවං භගවා “ජාතිපච‍්චයා ජරාමරණන‍්ති ඉති ඛො පනෙතං වුත‍්තං, ජාතිපච‍්චයා නු ඛො, භික‍්ඛවෙ, ජරාමරණං නො වා කථං වො එත්‍ථ හොතීති? ජාතිපච‍්චයා, භන‍්තෙ, ජරාමරණං. එවං නො එත්‍ථ හොති ජාතිපච‍්චයා ජරාමරණන‍්ති. භවපච‍්චයා ජාති…පෙ… අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාති ඉති ඛො පනෙතං වුත‍්තං, අවිජ‍්ජාපච‍්චයා නු ඛො, භික‍්ඛවෙ, සඞ‍්ඛාරා නො වා කථං වො එත්‍ථ හොතී”ති (ම· නි· 1.403) පරියොසානතො පට‍්ඨාය යාව ආදිතොපි පටිච‍්චසමුප‍්පාදං දෙසෙති.

යම්සේ ඔවුනතුරෙන් තවත් පුරුෂයෙක් වැලෙහි අග පළමුව දකීද, හේ තෙමේ එය අගින් සිඳ අග සිට මුල දක්වා ඇදගෙන කර්මාන්තයෙහි යොදයි, එසේම භාග්‍යවතුන් වහන්සේද “ජාතිය හේතුකොට ජරා-මරණයන් වෙති’යි මෙය මෙසේ කියනලදි, මහණෙනි, ජාතිය හේතු කොට ජරාමරණයෝ වෙත්ද? නොවෙත්ද? ඔබට මෙය කෙසේ වැටහේද?” “ස්වාමීනි, ජාතිය හේතුකොට ජරාමරණයෝ වෙති, අපට මෙය මෙසේ වැටහෙයි, ස්වාමීනි, ජාතිය හේතුකොට ජරාමරණයෝ වෙති,’ භවය හේතු කොට -පෙ- අවිද්‍යාව හේතුකොට සංස්කාරයන් වෙති’යි මෙය මෙසේ කියන ලදි. ‘මහණෙනි, අවිද්‍යාව හේතු කොට සංස්කාරයෝ වෙත්ද? නොවෙත්ද? ඔබට මෙය කෙසේ වැටහේද?’ ‘ස්වාමීනි, අවිද්‍යාව හේතුකොට සංස්කාරයෝ වෙති. මෙය අපට මෙසේ වැටහෙයි. අවිද්‍යාව හේතුකොට සංස්කාරයෝ වෙති’’යි යනුවෙන් අග පටන් මුල දක්වාද පටිච්චසමුප්පාදය දේශනා කරති.

යථා පනෙතෙසු පුරිසෙසු එකො වල‍්ලියා මජ‍්ඣමෙව පඨමං පස‍්සති, සො මජ‍්ඣෙ ඡින්‍දිත්‍වා හෙට‍්ඨා ඔතරන‍්තො යාව මූලා ආදාය කම‍්මෙ උපනෙති, එවං භගවා “ඉමෙ ච, භික‍්ඛවෙ, චත‍්තාරො ආහාරා කින‍්නිදානා, කිංසමුදයා, කිංජාතිකා, කිංපභවා? ඉමෙ චත‍්තාරො ආහාරා තණ‍්හානිදානා, තණ‍්හාසමුදයා, තණ‍්හාජාතිකා, තණ‍්හාපභවා. තණ‍්හා කින‍්නිදානා… වෙදනා… ඵස‍්සො… සළායතනං… නාමරූපං… විඤ‍්ඤාණං… සඞ‍්ඛාරා කින‍්නිදානා…පෙ… සඞ‍්ඛාරා අවිජ‍්ජානිදානා…පෙ… අවිජ‍්ජාපභවා”ති (සං· නි· 2.11) මජ‍්ඣතො පට‍්ඨාය යාව ආදිතො දෙසෙති.

යම්සේ වනාහි පුරුෂයන් සිවු දෙනාගෙන් එක් පුරුෂයෙක් පළමුකොට වැලෙහි මැද පමණක් දකීද, හේ තෙමේ වැලෙහි මැදින් සිඳ පහළට යමින් මුල දක්වා ගෙන කර්මාන්තයෙහි යොදයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේද, “මහණෙනි, මේ සිවු ආහාරයෝ කුමක් නිදාන කොට ඇත්තාහුද? කුමක් ප්‍රභව කොට ඇත්තාහුද? මේ සිවු ආහාරයෝ තෘෂ්ණාව නිදාන කොට ඇත්තාහුය. තෘෂ්ණාව හේතු කොට ඇත්තාහුය. තෘෂ්ණාව ජාතිකොට ඇත්තාහුය. තෘෂ්ණාව ප්‍රභව කොට ඇත්තාහුය. තෘෂ්ණාව කුමක් නිදාන කොට ඇත්තාහුද? -පෙ- වේදනාව-පෙ- ස්පර්ශය -පෙ- ෂඩායතනය-පෙ- නාමරූපය -පෙ- විඤ්ඤාණය, -පෙ- සංස්කාර කුමක් නිදාන කොට ඇත්තාහුද? -පෙ- කුමක් නිදාන කොට ඇත්තාහුද? -පෙ- අවිද්‍යාව නිදාන කොට ඇත්තාහුය -පෙ- අවිද්‍යාව ප්‍රභව කොට ඇත්තාහුය”යි මැද පටන් මුල දක්වා පටිච්චසමුප්පාදය දේශනා කරති.

කස‍්මා පනෙවං දෙසෙතීති? පටිච‍්චසමුප‍්පාදස‍්ස සමන‍්තභද‍්දකත‍්තා සයඤ‍්ච දෙසනාවිලාසප‍්පත‍්තත‍්තා. සමන‍්තභද‍්දකො හි පටිච‍්චසමුප‍්පාදො, තතො තතො ඤායපටිවෙධාය සංවත‍්තතියෙව . දෙසනාවිලාසප‍්පත‍්තො ච භගවා චතුවෙසාරජ‍්ජපටිසම‍්භිදායොගෙන චතුබ‍්බිධගම‍්භීරභාවප‍්පත‍්තියා ච. සො දෙසනාවිලාසප‍්පත‍්තත‍්තා නානානයෙහෙව ධම‍්මං දෙසෙති.

කවර හෙයින් මෙසේ දේශනා කෙරෙත්ද යත්, පටිච්චසමුප්පාදය සර්වතෝභද්‍ර (සැම අතින් යහපත්) වන හෙයින් හා තමන් වහන්සේද (එවන් අසිරිමත්) දේශනා විලාශයන් ලබා සිටි හෙයිනි. පටිච්චසමුප්පාදය සර්වතෝභද්‍ර වූයේම ඒ ඒ දේශනා ක්‍රමයන්ගෙන් න්‍යාය ප්‍රතිවේධය පිණිස පවත්නේ වේ. භාග්‍යවතුන් වහන්සේද සතර ආකාර විශාරද බවින් හා සතර ආකාර පටිසම්භිදා ඤාණයෙන් යුක්තවූ හෙයින්ද, සිවු ආකාරයෙකින් ගැඹුරු බවට පත්වූ හෙයින්ද (අපූර්ව) දේශනා විලාශයක් ලබා සිටි සේක. එහෙයින් උන්වහන්සේ නානා ක්‍රමයෙන් ධර්මය දේශනා කරන සේක.

විසෙසතො පනස‍්ස යා ආදිතො පට‍්ඨාය අනුලොමදෙසනා, සා පවත‍්තිකාරණවිභාගසංමූළ‍්හං වෙනෙය්‍යජනං සමනුපස‍්සතො යථාසකෙහි කාරණෙහි පවත‍්තිසන්‍දස‍්සනත්‍ථං උප‍්පත‍්තික‍්කමසන්‍දස‍්සනත්‍ථඤ‍්ච පවත‍්තාති විඤ‍්ඤාතබ‍්බා. යා පරියොසානතො පට‍්ඨාය පටිලොමදෙසනා, සා “කිච‍්ඡං වතායං ලොකො ආපන‍්නො ජායති ච ජීයති ච මීයති ච චවති ච උපපජ‍්ජති චා”තිආදිනා (දී· නි· 2.57; සං· නි· 2.4) නයෙන කිච‍්ඡාපන‍්නං ලොකං අනුවිලොකයතො පුබ‍්බභාගපටිවෙධානුසාරෙන තස‍්ස තස‍්ස ජරාමරණාදිකස‍්ස දුක‍්ඛස‍්ස අත‍්තනා අධිගතකාරණසන්‍දස‍්සනත්‍ථං. යා මජ‍්ඣතො පට‍්ඨාය යාව ආදි පවත‍්තා, සා ආහාරනිදානවවත්‍ථාපනානුසාරෙන යාව අතීතං අද‍්ධානං අතිහරිත්‍වා පුන අතීතද‍්ධතො පභුති හෙතුඵලපටිපාටිසන්‍දස‍්සනත්‍ථං. යා පන මජ‍්ඣතො පට‍්ඨාය යාව පරියොසානං පවත‍්තා, සා පච‍්චුප‍්පන‍්නෙ අද‍්ධානෙ අනාගතද‍්ධහෙතුසමුට‍්ඨානතො පභුති අනාගතද‍්ධසන්‍දස‍්සනත්‍ථං. තාසු යා පවත‍්තිකාරණසම‍්මූළ‍්හස‍්ස වෙනෙය්‍යජනස‍්ස යථාසකෙහි කාරණෙහි පවත‍්තිසන්‍දස‍්සනත්‍ථං උප‍්පත‍්තික‍්කමසන්‍දස‍්සනත්‍ථඤ‍්ච ආදිතො පට‍්ඨාය අනුලොමදෙසනා වුත‍්තා, සා ඉධ නික‍්ඛිත‍්තාති වෙදිතබ‍්බා.

විශේෂයෙන් මේ පටිච්චසමුප්පාදය පිළිබඳව ආදියෙහි පටන්වූ යම් අනුලෝම දේශනා ක්‍රමයක් වේද, එය (සංස්කාර ආදීන්ගේ) පැවැත්මට හේතු වූ (අවිද්‍යාදිය) වටහා ගත නොහැකිව මුළා බවට පත් වෙන්නේය. ජනයන් දැක ඒ ඒ ඵලයට හේතු වූ කරුණු මගින්ම පැවැත්ම සිදුවන බව දක්වනු පිණිසද, උත්පත්ති ක්‍රමය දක්වනු පිණිසද පවත්වන ලදැයි දතයුතුය. අවසානයෙහි පටන් යම් ප්‍රතිලෝම දේශනාවක් වේද, එය “මේ ලෝකසත්ත්‍වයා ඒකාන්තයෙන් දුකට පත්ව උපදනේද, දිරාපත්වන්නේද, මැරෙන්නේද වේ” යන ආදී වශයෙන් දුකට පත් ලෝක සත්ත්‍වයා අනුව බලමින් පූර්වභාග ප්‍රතිවේධක්‍රමයට අනුව ජරාමරණාදී වූ ඒ ඒ දුඃඛය පිළිබඳව තමන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලද හේතු දක්වනු පිණිස පවත්වන ලදැ’යි දතයුතුය. මැද පටන් මුල දක්වා යම් දේශනා ක්‍රමයක් පවත්වන ලද්දේ ද, එය ආහාර-පිළිබඳ නිදාන පැනවීම් අනුසාරයෙන් අතීත අද්ධානය ඇර දක්වා නැවත අතීත අද්ධානයෙහි පටන් හේතුඵල පරම්පරාව දක්වනු පිණිසද, යම් දේශනා ක්‍රමයක් මැද පටන් අග දක්වා පවත්වන ලද්දේ ද, එය වර්තමාන අද්ධානයෙහි අනාගත අද්ධානයට හේතු හටගැනීමෙහි පටන් අනාගත අද්ධානය ඇර දක්වනු පිණිසද පවත්වන ලදැ’යි දතයුතුය. ඒ (සිවු ආකාර) දේශනා ක්‍රමයන් අතුරෙන් යම් අනුලෝම දේශනා ක්‍රමයක් පැවැත්මේ හේතූන් පිළිබඳව මුළාවූ වෛනෙය ජනයාට ඒ ඒ ඵලයට අයත් හේතූන්ගෙන් පැවැත්ම සිදුවන ආකාරයද, උපත සිදුවන ආකාරයද දක්වනු පිණිස ආදියෙහි පටන් කියන ලද්දේද, එය මෙහි (විශුද්ධි මාර්ගයෙහි) යොදා ගන්නා ලදැ’යි දතයුතුය.

කස‍්මා පනෙත්‍ථ අවිජ‍්ජා ආදිතො වුත‍්තා, කිං පකතිවාදීනං පකති විය අවිජ‍්ජාපි අකාරණං මූලකාරණං ලොකස‍්සාති? න අකාරණං. “ආසවසමුදයා අවිජ‍්ජාසමුදයො”ති (ම· නි· 1.103) හි අවිජ‍්ජාය කාරණං වුත‍්තං. අත්‍ථි පන පරියායො යෙන මූලකාරණං සියා, කො පන සොති? වට‍්ටකථාය සීසභාවො.

කවර හෙයකින් මෙහි අවිද්‍යාව පළමුකොට කියන ලද්දේ ද? කිම, ප්‍රකෘති (සාංඛ්‍ය) වාදීන්ගේ ප්‍රකෘති පදාර්ත්‍ථය මෙන් අවිද්‍යාවද ලෝකය පිළිබඳ අකාරණ වූ (හේතුවක් නැති) මූලකාරණය (මුල් හේතුව) ද? අවිද්‍යාව ‘අකාරණ’ නොවේ; ආශ්‍රවයන් හටගැනීමෙන් අවිද්‍යාව හටගනිති’යි අවිද්‍යාවට හේතුව කියන ලදි. එහෙත් එය මූලකාරණය වශයෙන් ගතහැකි පර්යායක්‍රමයක්ද ඇත. ඒ කවරේද? (සංසාර) වෘත්ත කථාවට ශීර්ෂ වශයෙන් ගෙන ඇති බවයි.

භගවා හි වට‍්ටකථං කථෙන‍්තො ද‍්වෙ ධම‍්මෙ සීසං කත්‍වා කථෙති, අවිජ‍්ජං වා. යථාහ – “පුරිමා, භික‍්ඛවෙ, කොටි න පඤ‍්ඤායති අවිජ‍්ජාය ‘ඉතො පුබ‍්බෙ අවිජ‍්ජා නාහොසි, අථ පච‍්ඡා සමභවී’ති, එවඤ‍්චෙතං, භික‍්ඛවෙ, වුච‍්චති, අථ ච පන පඤ‍්ඤායති ඉදප‍්පච‍්චයා අවිජ‍්ජා”ති (අ· නි· 10.61). භවතණ‍්හං වා. යථාහ – “පුරිමා, භික‍්ඛවෙ, කොටි න පඤ‍්ඤායති භවතණ‍්හාය ‘ඉතො පුබ‍්බෙ භවතණ‍්හා නාහොසි, අථ පච‍්ඡා සමභවී’ති, එවඤ‍්චෙතං, භික‍්ඛවෙ, වුච‍්චති, අථ ච පන පඤ‍්ඤායති ඉදප‍්පච‍්චයා භවතණ‍්හා”ති (අ· නි· 10.62).

භාග්‍යවතුන් වහන්සේ වනාහි වෘත්ත කථාව කියන විට කරුණු දෙකක් ශීර්ෂ කොට ගනිති. අවිද්‍යාව ශීර්ෂ කොට, “මහණෙනි, ‘මෙතැනින් පෙර අවිද්‍යාව නොතිබිණි, මෙතැනින් පසු එය ඇති වීය”යි මෙසේ අවිද්‍යාවෙහි පූර්ව කෙළවරක් නොපැනෙයි, මහණෙනි, මෙය මෙසේ කියනු ලැබේ. එතෙකුදු වුවත්, අවිද්‍යාව ඉදප්පච්චය (මෙයට හේතුව මෙයයි යනුවෙන් ගතහැකි) වන බව ප්‍රකටව පැනේ’’ යනුවෙන් මෙසේ කියන සේක; භවතණ්හාව හෝ ශීර්ෂකොට, “මහණෙනි, මෙතැනින් පෙර භවතෘෂ්ණාව නොතිබිණ, මෙතනින් පසු භවතෘෂ්ණාව ඇතිවිය’යි භවතෘෂ්ණාවේ පූර්ව කෙළවරක් නොපැනේයයි මෙසේ කියනු ලැබේ; එතෙකුදු වුවත්, භවතෘෂ්ණාව ඉදප්පච්චය වන බව ප්‍රකටව පැනේ” යනුවෙන් මෙසේ දේශනා කරති.

කස‍්මා පන භගවා වට‍්ටකථං කථෙන‍්තො ඉමෙ ද‍්වෙ ධම‍්මෙ සීසං කත්‍වා කථෙතීති? සුගතිදුග‍්ගතිගාමිනො කම‍්මස‍්ස විසෙසහෙතුභූතත‍්තා. දුග‍්ගතිගාමිනො හි කම‍්මස‍්ස විසෙසහෙතු අවිජ‍්ජා. කස‍්මා? යස‍්මා අවිජ‍්ජාභිභූතො පුථුජ‍්ජනො අග‍්ගිසන‍්තාපලගුළාභිඝාතපරිස‍්සමාභිභූතා වජ‍්ඣගාවී තාය පරිස‍්සමාතුරතාය නිරස‍්සාදම‍්පි අත‍්තනො අනත්‍ථාවහම‍්පි ච උණ‍්හොදකපානං විය කිලෙසසන‍්තාපතො නිරස‍්සාදම‍්පි දුග‍්ගතිනිපාතනතො ච අත‍්තනො අනත්‍ථාවහම‍්පි පාණාතිපාතාදිං අනෙකප‍්පකාරං දුග‍්ගතිගාමිකම‍්මං ආරභති. සුගතිගාමිනො පන කම‍්මස‍්ස විසෙසහෙතු භවතණ‍්හා. කස‍්මා? යස‍්මා භවතණ‍්හාභිභූතො පුථුජ‍්ජනො සා වුත‍්තප‍්පකාරා ගාවී සීතූදකතණ‍්හාය සඅස‍්සාදං අත‍්තනො පරිස‍්සමවිනොදනඤ‍්ච සීතූදකපානං විය කිලෙසසන‍්තාපවිරහතො සඅස‍්සාදං සුගතිසම‍්පාපනෙන අත‍්තනො දුග‍්ගතිදුක‍්ඛපරිස‍්සමවිනොදනඤ‍්ච පාණාතිපාතා වෙරමණිආදිං අනෙකප‍්පකාරං සුගතිගාමිකම‍්මං ආරභති.

කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ සංසාර වෘත්තය කියන විට මේ කරුණු දෙක ශීර්ෂ කොට කියත්ද? සුගතිගාමීවූ හෝ දුර්ගතිගාමී වූ හෝ කර්මයට විශේෂයෙන් හේතුවන හෙයිනි. දුර්ගතිකාමී කර්මයට විශේෂයෙන් හේතු වනුයේ අවිද්‍යාවයි. කවර හෙයින්ද? අවිද්‍යාවෙන් මඬනා ලද පෘථග්ජන තෙමේ, යම්සේ ඝාතනයට නියමිත ගව දෙනෙක් (ඝාතනය කරනු ලබන) ගින්නෙන් තැවීම්, මුගුරෙන් තැළීම් ආදී පීඩාවෙන් මඩනා ලදුව, එම පීඩාවෙන් ආතුර බවට පත්වීමෙන්, තමාට සැනසීමක් නැති, අනර්ත්‍ථයක්ම ගෙන දෙන උණු දිය පවා පානය කරන්නීද, එසේම, කෙලෙස් ගින්නෙන් තවනා ලදුව තමාට ආස්වාදයක් නොලැබෙන අනර්ත්‍ථයක්ම ගෙනදෙන ප්‍රාණඝාතාදී අනේකප්‍රකාර වූ දුගතිගාමී කර්මයන් අරඹන්නේය. සුගතිගාමී කර්‍මයනට විශේෂයෙන් හේතුවනුයේ භවතෘෂ්ණාවයි. කවර හෙයින්ද? භව තෘෂ්ණාවෙන් මඩනා ලද පෘථග්ජන තෙමේ යම්සේ උක්තප්‍රකාර ඇති ගව දෙනක විසින් තමාගේ සිහිල් දියට ඇති ආශාව සංසිඳුවන, පීඩාවන්ද දුරලන සිහිල් දිය පානය කිරීම වේද, එසේම ක්ලේශ සන්තාපයන් දුරුවීමෙන් සැනසීම ගෙන දෙන, සුගතියට පැමිණවීමෙන් තමාගේ දුගති දුක් පීඩා දුරලන ප්‍රාණඝාතයෙන් වෙන්වීම් ආදී අනේකප්‍රකාර වූ සුගතිගාමී කර්මයන් අරඹන්නේය.

එතෙසු පන වට‍්ටකථාය සීසභූතෙසු ධම‍්මෙසු කත්‍ථචි භගවා එකධම‍්මමූලිකං දෙසනං දෙසෙති. සෙය්‍යථිදං, “ඉති ඛො, භික‍්ඛවෙ, අවිජ‍්ජූපනිසා සඞ‍්ඛාරා, සඞ‍්ඛාරූපනිසං විඤ‍්ඤාණ”න‍්තිආදි (සං· නි· 2.23). තථා “උපාදානියෙසු, භික‍්ඛවෙ, ධම‍්මෙසු අස‍්සාදානුපස‍්සිනො විහරතො තණ‍්හා පවඩ‍්ඪති, තණ‍්හාපච‍්චයා උපාදාන”න‍්තිආදි (සං· නි· 2.52). කත්‍ථචි උභයමූලිකම‍්පි. සෙය්‍යථිදං, “අවිජ‍්ජානීවරණස‍්ස, භික‍්ඛවෙ, බාලස‍්ස තණ‍්හාය සම‍්පයුත‍්තස‍්ස එවමයං කායො සමුදාගතො. ඉති අයඤ‍්චෙව කායො බහිද‍්ධා ච නාමරූපං ඉත්‍ථෙතං ද‍්වයං. ද‍්වයං පටිච‍්ච ඵස‍්සො සළෙවායතනානි, යෙහි ඵුට‍්ඨො බාලො සුඛදුක‍්ඛං පටිසංවෙදෙතී”තිආදි (සං· නි· 2.19). තාසු දෙසනාසු “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා”ති අයමිධ අවිජ‍්ජාවසෙන එකධම‍්මමූලිකා දෙසනාති වෙදිතබ‍්බා. එවං තාවෙත්‍ථ දෙසනාභෙදතො විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

භාග්‍යවතුන් වහන්සේ (සංසාර) වෘත්ත කථාවට ශීර්ෂ වූ මේ ධර්මයන් අතුරෙන් එක් ධර්මයක් මුල් කොට ගෙන කිසි තැනෙක්හි දේශනා කරන සේක; ඒ මෙසේයි:- “මහණෙනි, මෙසේ අවිද්‍යාව හේතුකොට සංස්කාරයෝ වෙති; සංස්කාරයන් හේතුකොට විඤ්ඤාණය වේ” යන ආදියයි. එසේම “මහණෙනි, උපාදානයට අරමුණු විය හැකි ධර්මයන් විෂයෙහි ආස්වාදයට අනුව බලමින් වාසය කරන්නාහට තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණාව හේතුකොට උපාදාන වැඩේ” යන ආදියයි. කිසි තැනෙක්හි මේ ශීර්ෂ දෙකම මුල්කොට ගෙන දේශනා කරන සේක; ඒ මෙසේයි:- “මහණෙනි, අවිද්‍යාවෙන් වැසීගිය, එසේ තෘෂ්ණාවෙන් යුක්ත බාලයාහට මෙසේ මේ කය හටගැනණි. මෙසේ මේ කයද බාහිර වූ නාම-රූප දෙකද උපදියි. (කයද නාමරූපද යන) දෙක ඇසුරුකොට ස්පර්ශයද ෂඩායතනයෝද උපදිති. මේ ධර්මයන් විසින් ස්පර්ශ කරන ලද බාලයා සැප-දුක් විඳියි” යන මෙය අවිද්‍යා වශයෙන් එක් ධර්මයක් මුල්කොටගෙන කරන ලද දේශනායයි දතයුතුය. මෙසේ මෙහි පළමුකොට දේශනාභේද වශයෙන් විනිශ්චයය දතයුතුය.

අත්‍ථතොති අවිජ‍්ජාදීනං පදානං අත්‍ථතො. සෙය්‍යථිදං, පූරෙතුං අයුත‍්තට‍්ඨෙන කායදුච‍්චරිතාදි අවින්‍දියං නාම, අලද‍්ධබ‍්බන‍්ති අත්‍ථො. තං අවින්‍දියං වින්‍දතීති අවිජ‍්ජා. තබ‍්බිපරීතතො කායසුචරිතාදි වින්‍දියං නාම, තං වින්‍දියං න වින්‍දතීති අවිජ‍්ජා. ඛන්‍ධානං රාසට‍්ඨං, ආයතනානං ආයතනට‍්ඨං, ධාතූනං සුඤ‍්ඤට‍්ඨං, ඉන්‍ද්‍රියානං අධිපතියට‍්ඨං, සච‍්චානං තථට‍්ඨං අවිදිතං කරොතීතිපි අවිජ‍්ජා. දුක‍්ඛාදීනං පීළනාදිවසෙන වුත‍්තං චතුබ‍්බිධං අත්‍ථං අවිදිතං කරොතීතිපි අවිජ‍්ජා. අන‍්තවිරහිතෙ සංසාරෙ සබ‍්බයොනිගතිභවවිඤ‍්ඤාණට‍්ඨිතිසත‍්තාවාසෙසු සත‍්තෙ ජවාපෙතීති අවිජ‍්ජා. පරමත්‍ථතො අවිජ‍්ජමානෙසු ඉත්‍ථිපුරිසාදීසු ජවති, විජ‍්ජමානෙසුපි ඛන්‍ධාදීසු න ජවතීති අවිජ‍්ජා. අපිච චක‍්ඛුවිඤ‍්ඤාණාදීනං වත්‍ථාරම‍්මණානං පටිච‍්චසමුප‍්පාදපටිච‍්චසමුප‍්පන‍්නානඤ‍්ච ධම‍්මානං ඡාදනතොපි අවිජ‍්ජා.

‘අත්‍ථතො’ යනු, ‘අවිජ්ජා’ ආදී වූ පදවල අර්ත්‍ථයයි; ඒ මෙසේයි: ‘පිරියයුතු නොවේ’ යන අරුතින් කායදුශ්චරිත ආදිය ‘අවින්‍දිය’ නම් වේ, ‘නොලද යුතුය’ යන අර්ත්‍ථයි. එම අවින්‍දියය විඳිති’යි ‘අවිජ්ජා’ නමි, එයට විපරීත වන හෙයින් කායසුචරිතාදිය ‘වින්‍දිය’ නම්වේ; එය වින්‍දියය නොවිඳිති’යි ‘අවිජ්ජා’ නම්වේ. ස්කන්‍ධයන්ගේ රාශ්‍යර්ත්‍ථය, ආයතනයන්ගේ ආයතනාර්ත්‍ථය, ධාතූන්ගේ ශුන්‍යතාර්ත්‍ථය, ඉන්‍ද්‍රියයන්ගේ අධිපති අර්ත්‍ථය, සත්‍යයන්ගේ තත්‍යාර්ත්‍ථය අවබෝධ කිරීම වලකති’යි ‘අවිජ්ජා’ නමි. දුඃඛ ආදීන්ගේ පීඩනාදී වශයෙන් කියන ලද චතුර්විධ අර්ත්‍ථය දැනගැනීම වලකති’ යි ද ‘අවිජ්ජා’ නම් වේ. අන්තයක් නැති සංසාරයෙහි වූ සියලු යෝනි, ගති, භව, විඤ්ඤාණ, ස්ථිති සත්ත්‍වාවාසයන්හි සත්ත්‍වයන් දුවවති’යි ‘අවිජ්ජා’ නමි. පරමාර්ත්‍ථ වශයෙන් අවිද්‍යාමාන වූ ස්ත්‍රීභාව, පුරුෂභාව ආදියෙහි දුවති’යිද, (පරමාර්ත්‍ථ වශයෙන්) විද්‍යමාන වූ ස්කන්‍ධාදීන් වෙත නොදුවයි’යිද ‘අවිජ්ජා’ නම් වේ. තවද චක්‍ඛුවිඤ්ඤාණාදීන්ද, චක්‍ඛුප්පසාද ආදී) වස්තුන් ද, (රූපාදී වූ) ආරම්මණයන්ද, පටිච්චසමුප්පාද හා පටිච්ච සමුප්පන්න ධර්මයන්ද වලහන හෙයින්ද ‘අවිජ්ජා’ නම්වේ.

යං පටිච‍්ච ඵලමෙති, සො පච‍්චයො. පටිච‍්චාති න විනා අපච‍්චක‍්ඛත්‍වාති අත්‍ථො. එතීති උප‍්පජ‍්ජති චෙව පවත‍්තති චාති අත්‍ථො. අපිච උපකාරකට‍්ඨො පච‍්චයට‍්ඨො. අවිජ‍්ජා ච සා පච‍්චයො චාති අවිජ‍්ජාපච‍්චයො. තස‍්මා අවිජ‍්ජාපච‍්චයා.

යමක් හේතු කොට ඵලයක් වේද, එය ‘පටිච්ච’ වේ; ‘පටිච්ච’ යනු ‘නොවෙන්ව’, ‘නොහැර’ යන අර්ත්‍ථයි. ‘එති’ (එයි) යනු ‘උපදියි’ යන අර්ත්‍ථයි, ‘එසේම පවතියි’ යනුද අර්ත්‍ථයි. තවද, උපකාර වෙති’යි යන අර්ත්‍ථයද, හේතු වෙති’යි යන අර්ත්‍ථයද වේ. අවිජ්ජා වූයේද, එම පච්චය වූයේද, ‘අවිජ්ජාපච්චය’යි, ඒ අවිජ්ජාපච්චයයෙනි.

සඞ‍්ඛතමභිසඞ‍්ඛරොන‍්තීති සඞ‍්ඛාරා. අපිච අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා, සඞ‍්ඛාරසද‍්දෙන ආගතසඞ‍්ඛාරාති දුවිධා සඞ‍්ඛාරා. තත්‍ථ පුඤ‍්ඤාපුඤ‍්ඤානෙඤ‍්ජාභිසඞ‍්ඛාරා තයො, කායවචීචිත‍්තසඞ‍්ඛාරා තයොති ඉමෙ ඡ අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා. තෙ සබ‍්බෙපි ලොකියකුසලාකුසලචෙතනාමත‍්තමෙව හොන‍්ති.

සඞ්ඛතය (සංස්කාරය) සකස් කෙරෙති’යි ‘සඞ්ඛාර’ නම් වේ; තවද, අවිද්‍යාව ප්‍රත්‍යය කොට ඇති සඞ්ඛාරය, ‘සඞ්ඛාර’ ශබ්දයෙන් ආ සඞ්ඛාරයයි සඞ්ඛාරයෝ ද්විවිධ වෙති. එහි, පුඤ්ඤාභිසංඛාරය, අපුඤ්ඤාභිසංඛාරය, අනෙඤ්ජාහි සංඛාරය යන තුනද, කායසංඛාරය, වචී සංඛාරය, චිත්ත සංඛාරය යන තුනදැ’යි යන මේ සය අවිද්‍යාව හේතු කොට ඇති වන සංඛාරයෝ වෙති. ඒ සියලු සංඛාරයෝ හුදෙක් ලෞකික වූ කුශල, අකුශල චේතනාවෝ වෙති.

සඞ‍්ඛතසඞ‍්ඛාරො, අභිසඞ‍්ඛතසඞ‍්ඛාරො, අභිසඞ‍්ඛරණකසඞ‍්ඛාරො, පයොගාභිසඞ‍්ඛාරොති ඉමෙ පන චත‍්තාරො සඞ‍්ඛාර-සද‍්දෙන ආගතසඞ‍්ඛාරා. තත්‍ථ “අනිච‍්චා වත සඞ‍්ඛාරා”තිආදීසු (දී· නි· 2.221, 272; සං· නි· 1.186) වුත‍්තා සබ‍්බෙපි සප‍්පච‍්චයා ධම‍්මා සඞ‍්ඛතසඞ‍්ඛාරා නාම. කම‍්මනිබ‍්බත‍්තා තෙභූමකා රූපාරූපධම‍්මා අභිසඞ‍්ඛතසඞ‍්ඛාරාති අට‍්ඨකථාසු වුත‍්තා, තෙපි “අනිච‍්චා වත සඞ‍්ඛාරා”ති (දී· නි· 2.221; 272; සං· නි· 1.186) එත්‍ථෙව සඞ‍්ගහං ගච‍්ඡන‍්ති. විසුං පන නෙසං ආගතට‍්ඨානං න පඤ‍්ඤායති. තෙභූමිකකුසලාකුසලචෙතනා පන අභිසඞ‍්ඛරණකසඞ‍්ඛාරොති වුච‍්චති, තස‍්ස “අවිජ‍්ජාගතොයං, භික‍්ඛවෙ, පුරිසපුග‍්ගලො පුඤ‍්ඤඤ‍්චෙව සඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොතී”තිආදීසු (සං· නි· 2.51) ආගතට‍්ඨානං පඤ‍්ඤායති. කායිකචෙතසිකං පන වීරියං පයොගාභිසඞ‍්ඛාරොති වුච‍්චති, සො “යාවතිකා අභිසඞ‍්ඛාරස‍්ස ගති, තාවතිකා ගන‍්ත්‍වා අක‍්ඛාහතං මඤ‍්ඤෙ අට‍්ඨාසී”තිආදීසු (අ· නි· 3.15) ආගතො.

සඞ්ඛත සඞ්ඛාරය, අභිසඞ්ඛත සඞ්ඛාරය, අභිසඞ්ඛරණක සඞ්ඛාරය පයොගාභිසඞ්ඛාර යන මේ සතර ‘සඞ්ඛාර’- ශබ්දය හා සමග ආ සඞ්ඛාරයෝය. එහි, ‘අනිච්චා වත සඞ්ඛාරා” යන ආදී තන්හි කියන ලද සියලුම ප්‍රත්‍යය සහිත ධර්මයෝ ‘සඞ්ඛත සඞ්ඛාර’ නම් වෙති; කර්මයෙන් නිපන් ත්‍රෛභූමක වූ රූපාරූප ධර්මයෝ ‘අභිසඞ්ඛත සඞ්ඛාරයහ’යි අටුවාහි කියනලදි. ඔහුද “අනිච්චා වත සඞ්ඛාරා” යන මෙහිම ඇතුළත් වෙති, ඔවුන් වෙන්කොට දැක්වෙන තැනක් දක්නට නොලැබේ. ත්‍රෛභූමක කුශල අකුශල චේතනාවෝ වනාහි ‘අභිසඞ්ඛරණක සඞ්ඛාර’ යයි කියනු ලැබේ. එය, “මහණෙනි, අවිද්‍යාවට පත් පුද්ගලයා පුණ්‍යවූ සඞ්ඛාරයන්ද රැස්කරයි.” යන ආදියෙහි ආ තැන් පැනේ. කායිකවූද, චෛතසික වූද වීර්යය ‘පයෝගාභිසඞ්ඛාර’ යි කියනු ලැබේ; එය, “කායප්‍රයෝග වේගයෙහි ගමන යම් තාක්වේද, ඒතාක් ගොස් අකෙහි සිටියාක් මෙන් නැවතිණි” ආදී තන්හි ආයේය.

න කෙවලඤ‍්ච එතෙයෙව, අඤ‍්ඤෙපි “සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපජ‍්ජන‍්තස‍්ස ඛො, ආවුසො විසාඛ, භික‍්ඛුනො පඨමං නිරුජ‍්ඣති වචීසඞ‍්ඛාරො, තතො කායසඞ‍්ඛාරො, තතො චිත‍්තසඞ‍්ඛාරො”තිආදිනා (ම· නි· 1.464) නයෙන සඞ‍්ඛාර-සද‍්දෙන ආගතා අනෙකෙ සඞ‍්ඛාරා. තෙසු නත්‍ථි සො සඞ‍්ඛාරො, යො සඞ‍්ඛතසඞ‍්ඛාරෙහි සඞ‍්ගහං න ගච‍්ඡෙය්‍ය, ඉතො පරං සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණන‍්තිආදීසු වුත‍්තං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

‘සඞ්ඛාර’ යනු සඳහන් තැන් මෙපමණෙක් නොවේ. තවද තැන් ඇත; “ඇවැත්නි, විශාඛයෙනි, සඤ්ඤා වේදයිත නිරෝධයට සමවදින භික්‍ෂුවගේ පළමුව වචී සංඛාරයද, ඉක්බිති කාය සංඛාරයද, ඉනිදු ඉක්බිති චිත්ත සංඛාරයද නිරුද්ධ වේ” යන ආදී නයින් සංඛාරශබ්දයෙන් ආ නොයෙක් සංඛාර විශේෂයෝ වෙති. එම සංඛාරයන් අතර සංඛත සංඛාරය තුළ සංග්‍රහ නොවන (ඇතුළත් නොවන) සංඛාරයෙක් නැත. මින්මතු, ‘සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං’ යන ආදි තන්හිද මෙතෙක් කියන ලද දෙය එලෙසින්ම දතයුතුය.

අවුත‍්තෙ පන විජානාතීති විඤ‍්ඤාණං. නමතීති නාමං. රුප‍්පතීති රූපං. ආයෙ තනොති ආයතඤ‍්ච නයතීති ආයතනං. ඵුසතීති ඵස‍්සො. වෙදයතීති වෙදනා. පරිතස‍්සතීති තණ‍්හා. උපාදියතීති උපාදානං. භවති භාවයති චාති භවො. ජනනං ජාති. ජිරණං ජරා. මරන‍්ති එතෙනාති මරණං. සොචනං සොකො. පරිදෙවනං පරිදෙවො. දුක‍්ඛයතීති දුක‍්ඛං. උප‍්පාදට‍්ඨිතිවසෙන වා ද‍්විධා ඛණතීතිපි දුක‍්ඛං. දුම‍්මනභාවො දොමනස‍්සං. භුසො ආයාසො උපායාසො.

නොකියනලද තන්හි වනාහි:- (අරමුණු) දැනගනිති’යි ‘විඤ්ඤාණ’ නමි, (අරමුණු වෙතට) නැමෙති’යි ‘නාම’ නමි. විනාශයට ගොදුරු වෙති’යි ‘රූප’ නමි. ආයයන් (හෙවත් ලැබෙන අරමුණු) රුචි කෙරෙතියි ‘තණ්හා’ නමි. එල්බ ගනිති’යි ‘උපාදාන’ නම් වෙති’, වවති’යි හෝ ‘භව’ නමි, ඉපදීම ‘ජාති’ නමි. දිරාපත්වීම ‘ජරා’ නමි. මැරෙති’යි ‘මරණ’ නමි. ශෝක කිරීම ‘සෝක’ නමි. වැලපීම ‘පරිදේව’ නමි. (ශරීරය) පෙළති’ යි. ඉපැදීම්-පැවතීම් වශයෙන් දෙ-අයුරෙකින් කණිති’යි හෝ ‘දුක්ඛ’ නමි. දොම්නස් වීම ‘දෝමනස්ස’ නමි. දැඩි චිත්ත පීඩාව ‘උපායාස’ නමි.

සම‍්භවන‍්තීති අභිනිබ‍්බත‍්තන‍්ති. න කෙවලඤ‍්ච සොකාදීහෙව, අථ ඛො සබ‍්බපදෙහි සම‍්භවන‍්ති-සද‍්දස‍්ස යොජනා කාතබ‍්බා. ඉතරථා හි “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා”ති වුත‍්තෙ කිං කරොන‍්තීති න පඤ‍්ඤායෙය්‍ය, සම‍්භවන‍්තීති පන යොජනාය සති අවිජ‍්ජා ච සා පච‍්චයො චාති අවිජ‍්ජාපච‍්චයො. තස‍්මා අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා සම‍්භවන‍්තීති පච‍්චයපච‍්චයුප‍්පන‍්නවවත්‍ථානං කතං හොති. එස නයො සබ‍්බත්‍ථ.

‘සම්භවන්ති’ යනු, ‘හටගනියි’ යන අර්ත්‍ථයි; ‘සම්භවන්ති’ යන පදය හුදෙක් ‘සොක’ යන ආදිය සමග පමණක් නොව, (ඉහත කී සඞ්ඛාරාදී) සියලු පද හා සමග යෙදීම කළයුතුය, නො-එසේ නම් “අවිජ්ජා පච්චයා සඞ්ඛාරා”යි කී කල්හි, කුමක් කෙරෙත්දැ’යි නොවැටහෙන්නේය. ‘සම්භවන්ති’ යනු සමග යෙදූවිට, ‘අවිජ්ජා’ වූයේද එම ‘පච්චය’ වූයේද, ‘අවිජ්ජා පච්චය’යි සිද්ධවේ. ‘එම අවිද්‍යාව හේතුකොට සංස්කාරයෝ හටගනිති’ යනුවෙන් ප්‍රත්‍යයන් හා ප්‍රත්‍යය-සමුත්පන්න ධර්මයන්ගේ ව්‍යවස්ථානය (සම්මුතිය) කරන ලද්දේ වේ. සියලු තන්හි මෙම නයයි.

එවන‍්ති නිද‍්දිට‍්ඨනයනිදස‍්සනං. තෙන අවිජ‍්ජාදීහෙව කාරණෙහි, න ඉස‍්සරනිම‍්මානාදීහීති දස‍්සෙති. එතස‍්සාති යථාවුත‍්තස‍්ස. කෙවලස‍්සාති අසම‍්මිස‍්සස‍්ස, සකලස‍්ස වා. දුක‍්ඛක‍්ඛන්‍ධස‍්සාති දුක‍්ඛසමූහස‍්ස, න සත‍්තස‍්ස, න සුඛසුභාදීනං. සමුදයොති නිබ‍්බත‍්ති. හොතීති සම‍්භවති. එවමෙත්‍ථ අත්‍ථතො විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

‘එවං’ යනු, දක්වන ලද ක්‍රමය ගැන යලි සඳහන් කිරීමයි; එයින් අවිද්‍යාදිය හේතුකොටම විනා ඊශ්වර නිර්මාණාදී නයින් එසේ නොවන බව (අවධාරණයෙන්) දක්වයි. ‘එතස්ස’ යනු, ඉහත කී යන අර්ත්‍ථයි, ‘කෙවලස්ස’ යනු, අසම්මිශ්‍ර (නිරවුල්) වූ හෝ සියලු යන අර්ත්‍ථයි. ‘දුක්‍ඛක්‍ඛන්‍ධස්ස’ යනු, දුක් සමූහයෙහියි යන අර්ත්‍ථයි. සත්ත්‍වයාගේ (හටගැනීම) නොවේ. සුඛ (සැපත) සුභ (යහපත) ආදියෙහි (හටගැනීම) ද නොවේ. ‘සමුදයො’ යනු, ඉපැදීමයි. ‘හොති’ යනු වෙයි. හටගනියි යන අර්ත්‍ථයි. මෙහි අර්ත්‍ථ වශයෙන් විනිශ්චයය මෙනයින් දතයුතුය.

ලක‍්ඛණාදිතොති අවිජ‍්ජාදීනං ලක‍්ඛණාදිතො. සෙය්‍යථිදං – අඤ‍්ඤාණලක‍්ඛණා අවිජ‍්ජා, සම‍්මොහනරසා, ඡාදනපච‍්චුපට‍්ඨානා, ආසවපදට‍්ඨානා. අභිසඞ‍්ඛරණලක‍්ඛණා සඞ‍්ඛාරා, ආයූහනරසා, චෙතනාපච‍්චුපට‍්ඨානා, අවිජ‍්ජාපදට‍්ඨානා. විජානනලක‍්ඛණං විඤ‍්ඤාණං, පුබ‍්බඞ‍්ගමරසං, පටිසන්‍ධිපච‍්චුපට‍්ඨානං, සඞ‍්ඛාරපදට‍්ඨානං, වත්‍ථාරම‍්මණපදට‍්ඨානං වා. නමනලක‍්ඛණං නාමං, සම‍්පයොගරසං, අවිනිබ‍්භොගපච‍්චුපට‍්ඨානං, විඤ‍්ඤාණපදට‍්ඨානං. රුප‍්පනලක‍්ඛණං රූපං, විකිරණරසං, අබ්‍යාකතපච‍්චුපට‍්ඨානං, විඤ‍්ඤාණපදට‍්ඨානං. ආයතනලක‍්ඛණං සළායතනං, දස‍්සනාදිරසං, වත්‍ථුද‍්වාරභාවපච‍්චුපට‍්ඨානං, නාමරූපපදට‍්ඨානං. ඵුසනලක‍්ඛණො ඵස‍්සො, සඞ‍්ඝට‍්ටනරසො, සඞ‍්ගතිපච‍්චුපට‍්ඨානො, සළායතනපදට‍්ඨානො. අනුභවනලක‍්ඛණා වෙදනා, විසයරසසම‍්භොගරසා, සුඛදුක‍්ඛපච‍්චුපට‍්ඨානා, ඵස‍්සපදට‍්ඨානා. හෙතුලක‍්ඛණා තණ‍්හා, අභිනන්‍දනරසා, අතිත‍්තභාවපච‍්චුපට‍්ඨානා, වෙදනාපදට‍්ඨානා. ගහණලක‍්ඛණං උපාදානං, අමුඤ‍්චනරසං, තණ‍්හාදළ‍්හත‍්තදිට‍්ඨිපච‍්චුපට‍්ඨානං, තණ‍්හාපදට‍්ඨානං. කම‍්මකම‍්මඵලලක‍්ඛණො භවො, භාවනභවනරසො, කුසලාකුසලාබ්‍යාකතපච‍්චුපට‍්ඨානො , උපාදානපදට‍්ඨානො. ජාතිආදීනං ලක‍්ඛණාදීනි සච‍්චනිද‍්දෙසෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානි. එවමෙත්‍ථ ලක‍්ඛණාදිතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

‘ලක්‍ඛණාදිතො’ යනු, අවිද්‍යාදීන් පිළිබඳ ලක්‍ෂණාදී වශයෙනි; ඒ මෙසේයි:- අවිද්‍යාව නොදැනීම ලක්‍ෂණ කොට ඇත්තේය. මුළා බවට පත් කිරීම කෘත්‍යය කොට ඇත්තේය. වැලහීම් වැටහීම් ආකාර කොට ඇත්තේය. ආශ්‍රවයන් පදනම් කොට ඇත්තේය. ‘සංඛාරයෝ අභිසංඛරණය (සකස් කිරීම) ලක්‍ෂණ කොට ඇත්තේය. එක්රැස් කිරීම කෘත්‍යය කොට ඇත්තේය. චේතනාව වැටහීම් ආකාර කොට ඇත්තේය. අවිද්‍යාව පදනම් කොට ඇත්තේය. ‘විඤ්ඤාණය’ (අරමුණු) දැනගැනීම ලක්‍ෂණ කොට ඇත්තේය. (නාමරූපයනට) පළමුව පැමිණීම කෘත්‍යය කොට ඇත්තේය. ප්‍රතිසන්‍ධිය වැටහීම් ආකාර කොට ඇත්තේය. සංඛාරයන් නැතහොත් වස්තු ආරම්මණයන් (වස්තූන් අරමුණු කොට ගැනීම) පදනම් කොට ඇත්තේය. ‘නාමය’ අරමුණු වෙතට නැඹුරු වීම ලක්‍ෂණ කොට ඇත්තේය. සිත හා සමග සම්ප්‍රයෝගය (එක්වීම) කෘත්‍යය කොට ඇත්තේය. වෙන් වෙන්ව නොපැවතීම වැටහීම් ආකාර කොට ඇත්තේය. විඤ්ඤාණය පදනම්කොට ඇත්තේය. ‘රූපය’ පීඩාවනට ලක්වීම ලක්‍ෂණ කොට ඇත්තේය. විසිරයාම කෘත්‍යය කොට ඇත්තේය. නොපැහැදිලි බව වැටහීම් ආකාර කොට ඇත්තේය. විඤ්ඤාණය පදනම් කොට ඇත්තේය. ‘සළායතනය’ පැතිරීම ලක්‍ෂණ කොට ඇත්තේය. දැකීම් ආදිය කෘත්‍යය කොට ඇත්තේය. වස්තු-ද්වාර භාවය (අරමුණුවලට දොරටුවීම) වැටහීම් ආකාර කොට ඇත්තේය. නාමරූප දෙක පදනම් කොට ඇත්තේය. ‘ඵස්සය’ ස්පර්ශවීම ලක්‍ෂණ කොට ඇත්තේය. අරමුණු හා සමග ගැටීම කෘත්‍යය කොට ඇත්තේය. (වස්තු, ආලම්බන, විඤ්ඤාණ යන තුන එක් කිරීම වැටහීම් ආකාර කොට ඇත්තේය. ෂඩායතනය පදනම් කොට ඇත්තේය. ‘වේදනාව’ අනුභවය ලක්‍ෂණ කොට ඇත්තේය. විෂය-රස-වින්‍දනය කෘත්‍යය කොට ඇත්තේය. සුඛ දුඃඛ යන දෙක වැටහීම් ආකාර කොට ඇත්තේය. ස්පර්ශය පදනම් කොට ඇත්තේය. ‘තණ්හාව’ (සසර දුකට) හේතු වීම ලක්‍ෂණ කොට ඇත්තේය. (අරමුණු කෙරෙහි) ඇලීම කෘත්‍යය කොට ඇත්තේය. තෘප්තියට පත් නොවීම වැටහීම් ආකාර කොට ඇත්තේය. වේදනාව පදනම් කොට ඇත්තේය. ‘උපාදානය’ දැඩිව ගැනීම ලක්‍ෂණ කොට ඇත්තේය. නොහරනා බව කෘත්‍යය කොට ඇත්තේය. තෘෂ්ණා දෘඪත්‍වය (දැඩි තෘෂ්ණාව) හා මිථ්‍යාදෘෂ්ටිය වැටහීම් ආකාර කොට ඇත්තේය. තෘෂ්ණාව පදනම් කොට ඇත්තේය. ‘භව’ය කර්ම හා කර්මඵල ලක්‍ෂණ කොට ඇත්තේය. හටගැනීම හා හටගැන්වීම කෘත්‍යය කොට ඇත්තේය; කුශල, අකුශල, හා අව්‍යාකෘත කර්මයන් වැටහීම් ආකාර කොට ඇත්තේය. උපාදානය පදනම් කොට ඇත්තේය. ‘ජාති’ ආදිය පිළිබඳ ලක්‍ෂණාදිය (ඉහත) සච්ච නිද්දේසයෙහි කී නයින්ම දතයුතුය. මෙසේ මෙහි ලක්‍ෂණාදිය පිළිබඳ විනිශ්චයය දතයුතුය.

එකවිධාදිතොති එත්‍ථ අවිජ‍්ජා අඤ‍්ඤාණාදස‍්සනමොහාදිභාවතො එකවිධා. අප‍්පටිපත‍්තිමිච‍්ඡාපටිපත‍්තිතො දුවිධා. තථා සසඞ‍්ඛාරාසඞ‍්ඛාරතො. වෙදනත‍්තයසම‍්පයොගතො තිවිධා. චතුසච‍්චපටිවෙධතො චතුබ‍්බිධා. ගතිපඤ‍්චකාදීනවච‍්ඡාදනතො පඤ‍්චවිධා. ද‍්වාරාරම‍්මණතො පන සබ‍්බෙසුපි අරූපධම‍්මෙසු ඡබ‍්බිධතා වෙදිතබ‍්බා.

එකවිධාදිතො යන මෙහි ‘අවිද්‍යාව’ නොදැනීම, නොදැකීම, මුළා වීම ආදි වශයෙන් එක් වැදෑරුම් වේ. අප්‍රතිපත්ති, මිථ්‍යාප්‍රතිපත්ති වශයෙන් දෙවැදෑරුම් වේ. සසංඛාරික, අසංඛාරික වශයෙන්ද එසේය; ත්‍රිවිධ වේදනාවන් හා යෙදීමෙන් තෙවැදෑරුම් වේ. චතුඃ සත්‍යයන් අවබෝධ නොකිරීම් වශයෙන් සිවුවැදෑරුම් වේ. ගතිපංචකය මුවහ කිරීම් වශයෙන් පස්වැදෑරුම් වේ. ද්වාරාරම්මණ වශයෙන් සියලුම අරූපධර්මයන් විෂයයෙහි සවැදෑරුම් බව දතයුතුය.

සඞ‍්ඛාරා සාසවවිපාකධම‍්මධම‍්මාදිභාවතො එකවිධා. කුසලාකුසලතො දුවිධා. තථා පරිත‍්තමහග‍්ගතහීනමජ‍්ඣිමමිච‍්ඡත‍්තනියතානියතතො. තිවිධා පුඤ‍්ඤාභිසඞ‍්ඛාරාදිභාවතො. චතුබ‍්බිධා චතුයොනිසංවත‍්තනතො. පඤ‍්චවිධා පඤ‍්චගතිගාමිතො.

‘සංඛාරයෝ’ සාසව ධර්ම විපාකධර්මයන් ස්වභාව කොට ඇති බව ආදි වශයෙන් එක් වැදෑරුම් වෙති. කුශල අකුශල වශයෙන් දෙවැදෑරුම් වෙති. පරිත්ත-මහග්ගත යනුවෙන්ද, හීන-මධ්‍යම වශයෙන්ද, මිථ්‍යාභාව-සම්‍යග්භාව වශයෙන්ද, නියත-අනියත වශයෙන්ද, එසේම (දෙවැදෑරුම්) වෙති, පුඤ්ඤාභිසංඛාර ආදි වශයෙන් තෙවැදෑරුම් වෙති. චතුර්යෝනීන් ඇතුළත පවත්වන හෙයින් සිවුවැදෑරුම් වෙති. පංචගතියට පමුණුවන හෙයින් පස්වැදෑරුම් වෙති.

විඤ‍්ඤාණං ලොකියවිපාකාදිභාවතො එකවිධං. සහෙතුකාහෙතුකාදිතො දුවිධං. භවත‍්තයපරියාපන‍්නතො, වෙදනත‍්තයසම‍්පයොගතො, අහෙතුකද‍්විහෙතුකතිහෙතුකතො ච තිවිධං. යොනිගතිවසෙන චතුබ‍්බිධං, පඤ‍්චවිධඤ‍්ච.

‘විඤ්ඤාණය’ ලෞකික විපාක ඇතිබව ආදි වශයෙන් එක් වැදෑරුම් වේ. සහේතුක-අහේතුක ආදී වශයෙන් දෙවැදෑරුම් වේ. භවත්‍රයයෙහි ඇතුළත් වන හෙයින්ද, වේදනාත්‍රයය හා සමග යෙදෙන හෙයින්ද, අහේතුක-ද්විහේතුක-ත්‍රිහේතුක වශයෙන්ද තෙවැදෑරුම් වේ. චතුර්යෝනි වශයෙන් හා පඤ්චගති වශයෙන් (පිළිවෙළින්) සිවු වැදෑරුම්ද, පස් වැදෑරුම්ද වේ.

නාමරූපං විඤ‍්ඤාණසන‍්නිස‍්සයතො කම‍්මපච‍්චයතො ච එකවිධං. සාරම‍්මණනාරම‍්මණතො දුවිධං. අතීතාදිතො තිවිධං. යොනිගතිවසෙන චතුබ‍්බිධං, පඤ‍්චවිධඤ‍්ච.

‘නාම-රූප දෙක’ විඤ්ඤාණය නිශ්‍රය කොට පවත්නා හෙයින්ද, කර්මය ප්‍රත්‍යය කොට ඇති හෙයින්ද එක් වැදෑරුම් වේ. අරමුණු සහිත බව හා අරමුණු රහිත බවයයි දෙවැදෑරුම් වේ. අතීත-ප්‍රත්‍යුත්පන්න-අනාගත වශයෙන් තෙවැදෑරුම් වේ. යෝනි වශයෙන් හා ගති වශයෙන් (පිළිවෙළින්) සිවුවැදෑරුම් හා පස් වැදෑරුම් වේ.

සළායතනං සඤ‍්ජාතිසමොසරණට‍්ඨානතො එකවිධං. භූතප‍්පසාදවිඤ‍්ඤාණාදිතො දුවිධං. සම‍්පත‍්තාසම‍්පත‍්තනොභයගොචරතො තිවිධං. යොනිගතිපරියාපන‍්නතො චතුබ‍්බිධං පඤ‍්චවිධඤ‍්චාති ඉමිනා නයෙන ඵස‍්සාදීනම‍්පි එකවිධාදිභාවො වෙදිතබ‍්බොති එවමෙත්‍ථ එකවිධාදිතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

‘සළායතනයෝ’ (විඤ්ඤාණයද විඤ්ඤාණය හා සමග යෙදුණු ධර්මයන්ද) උපදින හා හමුවන ස්ථාන වශයෙන් එක් වැදෑරුම් වෙති. භූතයන් පිළිබඳ වූ පසාදය විඤ්ඤාණය ආදී වශයෙන් දෙවැදෑරුම් වෙති. සම්පත්ත (එක්ව බැඳුණු), ගෝචරය, අසම්පත්ත ගෝචරය උභය ගෝචරයයි තෙවැදෑරුම් වෙති. චතුර්යෝනියෙහි හා පංචගතියෙහි ඇතුළත් වන හෙයින් (පිළිවෙළින්) සිවුවැදෑරුම් ද පස්වැදෑරුම් වෙති. මෙම නයින් ඵස්ස ආදිය පිළිබඳවද ඒකවිධාදී ස්වභාවය දතයුතුය. මේ ආකාරයෙන් මෙහි ඒකවිධාදි වශයෙන් විනිශ්චයය දතයුතුය.

අඞ‍්ගානඤ‍්ච වවත්‍ථානාති සොකාදයො චෙත්‍ථ භවචක‍්කස‍්ස අවිච‍්ඡෙදදස‍්සනත්‍ථං වුත‍්තා. ජරාමරණබ‍්භාහතස‍්ස හි බාලස‍්ස තෙ සම‍්භවන‍්ති. යථාහ – “අස‍්සුතවා, භික‍්ඛවෙ, පුථුජ‍්ජනො සාරීරිකාය දුක‍්ඛාය වෙදනාය ඵුට‍්ඨො සමානො සොචති කිලමති පරිදෙවති උරත‍්තාළිං කන්‍දති සම‍්මොහමාපජ‍්ජතී”ති (සං· නි· 4.252). යාව ච තෙසං පවත‍්ති, තාව අවිජ‍්ජායාති පුනපි අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාති සම‍්බන්‍ධමෙව හොති භවචක‍්කං. තස‍්මා තෙසං ජරාමරණෙනෙව එකසඞ‍්ඛෙපං කත්‍වා ද‍්වාදසෙව පටිච‍්චසමුප‍්පාදඞ‍්ගානීති වෙදිතබ‍්බානි. එවමෙත්‍ථ අඞ‍්ගානං වවත්‍ථානතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

අඞ්ගානඤ්ච වවත්‍ථානා යනු, මෙහි ‘සෝක’ ආදියද භවචක්‍රයෙහි නොසිඳී පැවැත්ම දක්වනු පිණිස කියනලදි, ජරා-මරණ දෙකින් මඩනා ලද අඥානයාහට ඒ ශෝකාදිය හටගනී, කියන ලදමැයි:- “මහණෙනි, (ආගම ධර්මය) නොදත් පෘථග්ජන තෙමේ කායික වූ දුක් වේදනාවෙන් පහරන ලදුයේ සොවියි, පෙළෙයි. වැලපෙයි. උරෙහි අත් ගසමින් හඬයි, මුළාවට පත්වෙයි” යනුවෙනි. ඒ ශෝකාදියෙහි පැවැත්ම යම්තාක් වේද, ඒතාක් අවිද්‍යාවද පවත්නේයයි “අවිජ්ජා පච්චයා සඞ්ඛාරා”යි අවිද්‍යාව හේතුකොට සංඛාරයන් වෙතැයි යන මේ සම්බන්‍ධයම වන භවචක්‍රය පවතී; එහෙයින් ඒ ශෝකාදිය ජරා මරණයන් තුළම ඇතුළත් කොට පටිච්ච සමුප්පාද අංගයන් දොළසක්ම වෙති’යි දතයුතුයි. මෙසේ මෙහි අංග ව්‍යවස්ථාන වශයෙන්ද විනිශ්චයය දතයුතුය.

අයං තාවෙත්‍ථ සඞ‍්ඛෙපකථා.

මේ පළමු කොට දක්වන ලදුයේ මෙහි සංක්‍ෂේප කථායි;