එකවිධාදිවිනිච්ඡයකථා
එකවිධාදිවිනිච්ඡයකථා
එකවිධාදිවිනිච්ඡයකථා
එකවිධාදීහීති සබ්බමෙව චෙත්ථ දුක්ඛං එකවිධං පවත්තිභාවතො. දුවිධං නාමරූපතො. තිවිධං කාමරූපාරූපූපපත්තිභවභෙදතො. චතුබ්බිධං චතුආහාරභෙදතො. පඤ්චවිධං පඤ්චුපාදානක්ඛන්ධභෙදතො.
එකවිධාදීහි යනු මෙහි සකලවිධ දුක්ඛය පවත්නා ස්වභාවය අනුව ඒකවිධ වේ; නාම-රූප වශයෙන් ද්විවිධ වේ; කාම-රූප-අරූප යන උත්පත්ති ස්වභාව වශයෙන් ත්‍රිවිධ වේ. ආහාර භේද වශයෙන් චතුර්විධ වේ; පංච-උපාදාන-ස්කන්ධ භේද වශයෙන් පංචවිධ වේ.
සමුදයොපි එකවිධො පවත්තකභාවතො. දුවිධො දිට්ඨිසම්පයුත්තාසම්පයුත්තතො. තිවිධො කාමභවවිභවතණ්හාභෙදතො. චතුබ්බිධො චතුමග්ගප්පහෙය්යතො. පඤ්චවිධො රූපාභිනන්දනාදිභෙදතො. ඡබ්බිධො ඡතණ්හාකායභෙදතො.
සමුදයයද ප්රවර්තක ස්වභාව වශයෙන් ඒකවිධ වේ; දිට්ඨසම්පයුත්ත, අසම්පයුත්ත වශයෙන් ද්විවිධ වේ; කාම-භව-විභව-තෘෂ්ණා භේද වශයෙන් ත්‍රිවිධ වේ; සතර මගින් පහකළයුතු හෙයින් චතුර්විධ වේ; රූපාදී ආලම්බන භේද වශයෙන් පංචවිධ වේ; ෂට්තෘෂ්ණා-කාය භේද වශයෙන් ෂඩ්විධ වේ.
නිරොධොපි එකවිධො අසඞ්ඛතධාතුභාවතො. පරියායෙන පන දුවිධො සඋපාදිසෙසඅනුපාදිසෙසභෙදතො. තිවිධො භවත්තයවූපසමතො. චතුබ්බිධො චතුමග්ගාධිගමනීයතො. පඤ්චවිධො පඤ්චාභිනන්දනවූපසමතො. ඡබ්බිධො ඡතණ්හාකායක්ඛයභෙදතො.
නිරෝධයද අසංඛත ධාතු වන හෙයින් ඒකවිධ වේ; සම්මුති වශයෙන් සෝපාදිශේෂ, නිරුපාදිශේෂ භේදයෙන් ද්විවිධ වේ; භවත්රයය සංසිඳුවන හෙයින් ත්‍රිවිධ වේ; සිවුමගින් අවබෝධ කළයුතු හෙයින් චතුර්විධ වේ; පංච අභිනන්දනයන් සංසිඳුවීම් වශයෙන් පංචවිධ වේ; ෂට් තෘෂ්ණාකායක්ෂය භේද වශයෙන් ෂඩ්විධ වේ.
මග්ගොපි එකවිධො භාවෙතබ්බතො. දුවිධො සමථවිපස්සනාභෙදතො, දස්සනභාවනාභෙදතො වා. තිවිධො ඛන්ධත්තයභෙදතො. අයඤ්හි සප්පදෙසත්තා නගරං විය රජ්ජෙන නිප්පදෙසෙහි තීහි ඛන්ධෙහි සඞ්ගහිතො. යථාහ –
මාර්ගයද වැඩියයුතු වීම් වශයෙන් ඒකවිධ වේ; සමථ විපස්සනා භේදයෙන්, දර්ශන-භාවනා භේදයෙන් හෝ ද්විවිධ වේ; (ශීල, සමාධි, ප්‍රඥා යන) ස්කන්ධත්රය භේද වශයෙන් ත්‍රිවිධ වේ; මේ මාර්ගය වූකලී සප්පදේස (නිශ්චිත සීමාවක් ඇති) හෙයින් රටෙකින් නගරයක් සෙයින් නිප්පදේස වූ (නිශ්චිත සීමාවක් නැති) ස්කන්ධ තුනෙකින් පිඬු කොට ගන්නා ලද්දේය. යම්සේ කියන ලද්දේද:-
“න ඛො, ආවුසො විසාඛ, අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන තයො ඛන්ධා සඞ්ගහිතා, තීහි ච ඛො, ආවුසො විසාඛ, ඛන්ධෙහි අරියො අට්ඨඞ්ගිකො මග්ගො සඞ්ගහිතො. යා චාවුසො විසාඛ, සම්මාවාචා, යො ච සම්මාකම්මන්තො, යො ච සම්මාආජීවො, ඉමෙ ධම්මා සීලක්ඛන්ධෙ සඞ්ගහිතා. යො ච සම්මාවායාමො, යා ච සම්මාසති, යො ච සම්මාසමාධි, ඉමෙ ධම්මා සමාධික්ඛන්ධෙ සඞ්ගහිතා. යා ච සම්මාදිට්ඨි, යො ච සම්මාසඞ්කප්පො, ඉමෙ ධම්මා පඤ්ඤාක්ඛන්ධෙ සඞ්ගහිතා”ති (ම· නි· 1.462).
“ආයුෂ්මත් විශාඛයෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ස්කන්‍ධත්‍රයය සංගෘහීත වූයේ නොවේ; ආයුෂ්මත් විශාඛයෙනි, ස්කන්‍ධත්‍රයයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සංගෘහීත වූයේ වේ; ආයුෂ්මත් විශාඛයෙනි, යම් සම්‍යග් වචනයක් වේද, යම් සම්‍යක් කර්මාන්තයක් වේද, යම් සම්‍යක් ආජීවයක් වේද, මේ ධර්මයෝ ශීලස්කන්ධය තුළ සංගෘහීත වෙති; යම් සම්‍යග් ව්‍යායාමයක් වේද, යම් සම්‍යක් ස්මෘතියක් වේද, යම් සම්‍යක් සමාධියක් වේද, මෙකී ධර්මයෝ සමාධිස්කන්ධය තුළ සංගෘහීත වෙති; යම් සම්‍යග් දෘෂ්ටියක් වේද, යම් සම්‍යක් සංකල්පයක් වේද, මෙකී ධර්මයෝ ප්‍රඥා ස්කන්ධය තුළ සංගෘහීත වෙති”
එත්ථ හි සම්මාවාචාදයො තයො සීලමෙව, තස්මා තෙ සජාතිතො සීලක්ඛන්ධෙන සඞ්ගහිතා. කිඤ්චාපි හි පාළියං සීලක්ඛන්ධෙති භුම්මෙන නිද්දෙසො කතො, අත්ථො පන කරණවසෙනෙව වෙදිතබ්බො. සම්මාවායාමාදීසු පන තීසු සමාධි අත්තනො ධම්මතාය ආරම්මණෙ එකග්ගභාවෙන අප්පෙතුං න සක්කොති, වීරියෙ පන පග්ගහකිච්චං සාධෙන්තෙ සතියා ච අපිලාපනකිච්චං සාධෙන්තියා ලද්ධුපකාරො හුත්වා සක්කොති.
මෙහි වනාහි සම්‍යග් වචනාදී වූ තුන ශීලයමැයි, එහෙයින් ඒ තුන ස්වජාතීය වන හෙයින් ශීලස්කන්ධයෙන් සංගෘහීත වේ. එතෙකුදු වූවත් පාළියෙහි “සීලක්ඛන්ධෙ” යනුවෙන් ආධාර විභක්තියෙන් මෙන් දක්වන ලදි. අර්ත්ථය වනාහි කරණ වශයෙන්ම දතයුතුය. සම්මාවායාම ආදී තුන් තන්හි (අවසන්හි ඇති) සම්මා සමාධිය ස්වකීය ස්වභාවය අනුව ඒකාග්‍රතාවෙන් අරමුණෙහි පවතිනු නොහැකි වේ. වීර්යය ප්‍රග්‍රහ (ප්රයත්න) කෘත්‍යයද, ස්මෘතිය පාවී යනු නොදීමේ (අරමුණින් ඉවත යනු නොදීමේ) කෘත්‍යයද ඉටු කරන කල උපකාරයෙන් හැකිවේ.
තත්රායං උපමා – යථා හි නක්ඛත්තං කීළිස්සාමාති උය්යානං පවිට්ඨෙසු තීසු සහායෙසු එකො සුපුප්ඵිතං චම්පකරුක්ඛං දිස්වා හත්ථං උක්ඛිපිත්වා ගහෙතුම්පි න සක්කුණෙය්ය. අථස්ස දුතියො ඔනමිත්වා පිට්ඨිං දදෙය්ය, සො තස්ස පිට්ඨියං ඨත්වාපි කම්පමානො ගහෙතුං න සක්කුණෙය්ය. අථස්ස ඉතරො අංසකූටං උපනාමෙය්ය. සො එකස්ස පිට්ඨියං ඨත්වා එකස්ස අංසකූටං ඔලුබ්භ යථාරුචි පුප්ඵානි ඔචිනිත්‍වා පිළන්ධිත්වා නක්ඛත්තං කීළෙය්ය. එවංසම්පදමිදං දට්ඨබ්බං.
එහිලා මේ උපමායි:- නකත් කෙළිම්හයි උයනට පිවිසි යහළුවන් තිදෙනකු අතුරෙන් එකෙක් සුපිපි සපු රුකක් දැක අත ඔසවාද මල නෙලාගනු නොහැකි වේ; එවිට දෙවැන්නා නැමී පිට දෙයි, ඔහුගේ පිට නැඟී පවා ඒ මේ අත ඇල වෙමින් මල් ගැනීමට නොහැකි වේ. එවිට තුන්වැන්නා තම දසරුව (කර) ළං කරයි. හේ තෙමේ එකකු පිට නැග අනෙකාගේ දසරුවෙහි එල්බ ගෙන සිත්සේ මල් නෙලා පැළඳගෙන නකත් කෙළියි. මේ කරුණ මෙසේ දතයුතුය.
එකතො උය්යානං පවිට්ඨා තයො සහායා විය හි එකතො ජාතා සම්මාවායාමාදයො තයො ධම්මා. සුපුප්ඵිතචම්පකො විය ආරම්මණං. හත්ථං උක්ඛිපිත්වාපි ගහෙතුං අසක්කොන්තො විය අත්තනො ධම්මතාය ආරම්මණෙ එකග්ගභාවෙන අප්පෙතුං අසක්කොන්තො සමාධි. පිට්ඨිං දත්වා ඔනතසහායො විය වායාමො. අංසකූටං දත්වා ඨිතසහායො විය සති. යථා තෙසු එකස්ස පිට්ඨියං ඨත්වා එකස්ස අංසකූටං ඔලුබ්භ ඉතරො යථාරුචි පුප්ඵං ගහෙතුං සක්කොති, එවමෙව වීරියෙ පග්ගහකිච්චං සාධෙන්තෙ සතියා ච අපිලාපනකිච්චං සාධෙන්තියා ලද්ධුපකාරො සමාධි සක්කොති ආරම්මණෙ එකග්ගභාවෙන අප්පෙතුං. තස්මා සමාධියෙවෙත්ථ සජාතිතො සමාධික්ඛන්ධෙන සඞ්ගහිතො, වායාමසතියො පන කිරියතො සඞ්ගහිතා හොන්ති.
සම්මා වායාම ආදී සහජාත ධර්ම තුන එක්ව උයනට පිවිසි තුන් යහළුවන් වැනිය. අරමුණ සුපිපි සපුරුක වැනිය. තමාගේම ස්වභාවය අනුව අරමුණෙහි ඒකාග්‍රතාවෙහි පිහිටන්නට නොහැකි සමාධිය අත ඔසවාද මල් නෙලාගත නොහැකිවූ පළමුවන යහළුවා වැනිය. සම්මා වායාමය නැමී පිට දුන් දෙවැනි යහළුවා වැනිය. සම්මා සතිය, තම දසරුව එළවමින් සිටි යහළුවා වැනිය. යම්සේ ඔවුනතුරෙන් පළමුවැන්නා එකකු පිට නැගී අනිකාගේ දසරුවෙහි එල්බගෙන රිසිසේ මල් නෙලා ගැනීමට සමත්වේද, එසේම සම්මා වායාමය (වීර්යය) අරමුණෙහි පිහිටීමේ ප්‍රග්‍රහ කෘත්‍යයද, සම්මා සතිය අරමුණෙන් ඉවතට පාවී යාම වලක්වන අපිලාපන කෘත්‍යයද ඉටු කරන විට එයින් උපකාර ලැබ සමාධිය අරමුණෙහි ඒකාග්රභාවයෙන් පිහිටනු සමත් වේ. එහෙයින් මෙහිදී සම්මා සමාධියම ස්වජාතීය (තම ස්වභාව) වශයෙන් සමාධිස්කන්ධයෙන් සංගෘහීතයි. ව්‍යායාම, සති යන දෙක වනාහි ක්‍රියා වශයෙන් සංගෘහීත වේ.
සම්මාදිට්ඨිසම්මාසඞ්කප්පෙසුපි පඤ්ඤා අත්තනො ධම්මතාය අනිච්චං දුක්ඛමනත්තාති ආරම්මණං නිච්ඡෙතුං න සක්කොති. විතක්කෙ පන ආකොටෙත්වා ආකොටෙත්වා දෙන්තෙ සක්කොති. කථං? යථා හි හෙරඤ්ඤිකො කහාපණං හත්ථෙ ඨපෙත්වා සබ්බභාගෙසු ඔලොකෙතුකාමො සමානොපි න චක්ඛුතලෙනෙව පරිවත්තෙතුං සක්කොති. අඞ්ගුලිපබ්බෙහි පන පරිවත්තෙත්වා පරිවත්තෙත්වා ඉතො චිතො ච ඔලොකෙතුං සක්කොති, එවමෙව න පඤ්ඤා අත්තනො ධම්මතාය අනිච්චාදිවසෙන ආරම්මණං නිච්ඡෙතුං සක්කොති. අභිනිරොපනලක්ඛණෙන පන ආහනනපරියාහනනරසෙන විතක්කෙන ආකොටෙන්තෙන විය පරිවත්තෙන්තෙන විය ච ආදායාදාය දින්නමෙව නිච්ඡෙතුං සක්කොති. තස්මා ඉධාපි සම්මාදිට්ඨියෙව සජාතිතො පඤ්ඤාක්ඛන්ධෙන සඞ්ගහිතා, සම්මාසඞ්කප්පො පන කිරියවසෙන සඞ්ගහිතො හොති.
සම්මා දිට්ඨි, සම්මා සඞ්කප්ප යන දෙක පිළිබඳවද, ප්‍රඥාව තමාගේ ස්වභාවයෙන්ම අනිත්‍යය, දුඃඛය, අනාත්මයයි අරමුණ නිශ්චය කරගැනීමට නොසමත් වේ; විතර්ක අරමුණ අවුස අවුසා දෙන විටම සමත් වේ; කෙසේද යත්:- යම්සේ රන්කරුවෙක් කහවණුවක් අත්ලෙහි තබා සියලු පැති බලනු රිසි වනුයේ නමුදු එය ඒ මේ අත පෙරළීමේ කාර්යය ඇසින්ම කළ නොහැක්කේ වේද, ඇඟිලි තුඩුවලින්ම එම (ඒ මේ අත පෙරළීමේ) කාර්යය කළ හැක්කේ වේද, එසේම ප්‍රඥාව තම ස්වභාවයෙන්ම අනිත්‍යාදී වශයෙන් අරමුණ නිශ්චය කරනු නොසමත්වේ; නැවත නැවත පිහිටුවීම ලක්ෂණ කොට ඇති, ඒ මේ අත ඇවිසීම කෘත්‍ය කොට ඇති විතර්කය විසින් අවුසමින් පෙරළමින් මෙන් ගෙන දෙන ලද්දක්ම නිශ්චය කරනු සමත්වේ. එහෙයින් මෙහිදී ද සම්මාදිට්ඨියම ස්වජාතීය වශයෙන් ප්රඥාස්කන්ධය තුළ සංගෘහීතයි; සම්මා සංකප්පය වනාහි ක්‍රියා වශයෙන් සංගෘහීත වේ.
ඉති ඉමෙහි තීහි ඛන්ධෙහි මග්ගො සඞ්ගහං ගච්ඡති. තෙන වුත්තං “තිවිධො ඛන්ධත්තයභෙදතො”ති. චතුබ්බිධො සොතාපත්තිමග්ගාදිවසෙනෙව.
මෙසේ මාර්ග සත්‍යය මේ ස්කන්‍ධත්‍රයයෙන් සංග්‍රහයට යෙයි. එහෙයින් ස්කන්ධත්රය භේදයෙන් ත්රිවිධයයි කියන ලදි. සෝතාපත්ති මග්ග ආදී වශයෙන් චතුර්විධ වේ.
අපිච සබ්බානෙව සච්චානි එකවිධානි අවිතථත්තා, අභිඤ්ඤෙය්යත්තා වා. දුවිධානි ලොකියලොකුත්තරතො, සඞ්ඛතාසඞ්ඛතතො වා. තිවිධානි දස්සන-භාවනාහි පහාතබ්බතො, අප්පහාතබ්බතො ච. චතුබ්බිධානි පරිඤ්ඤෙය්යාදිභෙදතොති එවමෙත්ථ එකවිධාදීහි විනිච්ඡයො වෙදිතබ්බො.
තවද සියලුම සත්‍යයෝ, අවිතථ (නො-එසේ නොවන) හෙයින්, අභිඤ්ඤෙය්‍ය (මනාකොට දතයුතු) වන හෙයින් හෝ, ඒකවිධ වෙති. ලෞකික ලෝකෝත්තර වශයෙන්, සංඛත අසංඛත (කෘත්‍රිම-අකෘත්රිම) වශයෙන් ද්විවිධ වෙති. දස්සන පහාතබ්බය, භාවනා පහාතබ්බය, අප්පහාතබ්බය යනුවෙන් ත්‍රිවිධ වෙති. පරිඤ්ඤෙය්‍ය (මනා කොට දත යුතු) ආදී භේද වශයෙන් චතුර්විධ වෙති. මෙසේ මෙහි ඒකවිධාදී භේද වශයෙන්ද විනිශ්චයය දතයුතුය.
සභාගවිසභාගතොති සබ්බානෙව සච්චානි අඤ්ඤමඤ්ඤං සභාගානි අවිතථතො අත්තසුඤ්ඤතො දුක්කරපටිවෙධතො ච. යථාහ –
සභාග විසභාගතො (සමාන අසමාන ස්වභාව වශයෙන්) යනු, සියලුම සත්‍යයෝ, අවිතථ ස්වභාවයෙන්ද, ආත්මරහිත වන හෙයින්ද, දුෂ්කර අවබෝධ ඇති හෙයින්ද එකිනෙක සමාන වෙති. යම්සේ කියන ලදද:-
“තං කිං මඤ්ඤසි, ආනන්ද, කතමං නු ඛො දුක්කරතරං වා දුරභිසම්භවතරං වා, යො වා දූරතොව සුඛුමෙන තාළච්ඡිග්ගළෙන අසනං අතිපාතෙය්ය පොඞ්ඛානුපොඞ්ඛං අවිරාධිතං, යො වා සතධා භින්නස්ස වාලස්ස කොටියා කොටිං පටිවිජ්ඣෙය්යාති? එතදෙව, භන්තෙ, දුක්කරතරඤ්චෙව දුරභිසම්භවතරඤ්ච, යො වා සතධා භින්නස්ස වාලස්ස කොටියා කොටිං පටිවිජ්ඣෙය්යාති. තතො ඛො තෙ, ආනන්ද, දුප්පටිවිජ්ඣතරං පටිවිජ්ඣන්ති. යෙ ඉදං දුක්ඛන්ති යථාභූතං පටිවිජ්ඣන්ති…පෙ… අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පටිවිජ්ඣන්තී”ති (සං· නි· 5.1115).
“ආනන්දය, යම් පුරුෂයෙක් තෙමේ දුර සිට සියුම් යතුරු සිදුරක් අතරින් හීයක් විදින්නේද, නැවත නැවතත් නොවරදවා විදිනේද, තවද, යම් පුරුෂයෙක් තෙමේ සියක් කඩක් කොට පළන ලද අස් ලොමෙක් (එක් එක් කැබැල්ලෙක) කෙළවරින් කෙළවර (මේ වේය’යි) දත හැකි වනුයේද, (මෙදෙකින්) කුමක් වඩා දුෂ්කර වෙති’යි, දුස්සාධ්‍ය වෙති’යි සිතන්නෙහිද?” “ස්වාමීනි, යම් පුරුෂයෙක් තෙමේ සියක් කඩ කොට පළන ලද අස් ලොමෙක (එක් එක් පලුවෙක) කොණින් කොණ දත හැකි වන්නේදැයි යන මෙයම වඩාත් දුෂ්කරය. වඩාත් දුස්සාධ්යය’’. “එසේ නම් ආනන්දය, යම් කෙනෙක් ‘මේ දුකයයි’ තත්වූ පරිදි අවබෝධ කෙරෙත්ද, -පෙ- ‘දුක් නැති කිරීමේ මාර්ගය’යි තත්වූ පරිදි අවබෝධ කෙරෙත්ද ඔහු තුමූ එයටත් වඩා දුෂ්කර දෙයක් දුස්සාධ්‍ය දෙයක් සාධනය කෙරෙති.’’
විසභාගානි සලක්ඛණවවත්ථානතො. පුරිමානි ච ද්වෙ සභාගානි දුරවගාහත්ථෙන ගම්භීරත්තා ලොකියත්තා සාසවත්තා ච. විසභාගානි ඵලහෙතුභෙදතො පරිඤ්ඤෙය්යප්පහාතබ්බතො ච. පච්ඡිමානිපි ද්වෙ සභාගානි ගම්භීරත්තෙන දුරවගාහත්තා ලොකුත්තරත්තා අනාසවත්තා ච. විසභාගානි විසයවිසයීභෙදතො සච්ඡිකාතබ්බභාවෙතබ්බතො ච. පඨමතතියානි චාපි සභාගානි ඵලාපදෙසතො. විසභාගානි සඞ්ඛතාසඞ්ඛතතො. දුතියචතුත්ථානි චාපි සභාගානි හෙතුඅපදෙසතො. විසභාගානි එකන්තකුසලාකුසලතො. පඨමචතුත්ථානි චාපි සභාගානි සඞ්ඛතතො. විසභාගානි ලොකියලොකුත්තරතො. දුතියතතියානි චාපි සභාගානි නෙවසෙක්ඛානාසෙක්ඛභාවතො. විසභාගානි සාරම්මණානාරම්මණතො.
ස්වලක්ෂණ ව්‍යවස්ථාන (එකිනෙකට අයත් ලක්ෂණ අනුව) වශයෙන් එකිනෙකට අසමාන වෙති. පළමුවන දෙක දුරවබෝධ බැවින්ද, ගැඹුරු බැවින්ද, ලෞකික බැවින්ද, ආශ්‍රව සහිත බැවින්ද එකිනෙකට සමාන වේ, ඵල-හේතු භේදයෙන්ද, දතයුතු බවින් හා හළයුතු බවින්ද එකිනෙක අසමාන වේ. අවසන් දෙකද දුරවබෝධ බැවින්ද, ලෝකෝත්තර බැවින්ද, ආශ්‍රවරහිත බවින්ද එකිනෙක සමාන වේ; විෂය-විෂයී භේදයෙන්ද, සාක්ෂාත් කළයුතු බවින් හා වැඩියයුතු බවින්ද එකිනෙකට අසමාන වේ. පළමුවන-තුන්වන දෙක ‘ඵල’ වන හෙයින් සමාන වේ. සංඛත-අසංඛත භේදයෙන් අසමාන වේ. දෙවන-සිවුවන දෙය ‘හේතු’ වන හෙයින් සමාන වේ. (පිළිවෙළින්) ඒකාන්ත කුශල හා ඒකාන්ත අකුසල වන හෙයින් අසමාන වේ. පළමුවන-සිවුවන දෙකද සංඛත වන හෙයින් සමාන වේ. (පිළිවෙළින්) ලෞකික හා ලෝකෝත්තර වන හෙයින් අසමාන වේ. දෙවන-තුන්වන දෙකද ශෛක්ෂ්ය හෝ අශෛක්ෂ්ය හෝ නොවන හෙයින් සමාන වේ; සාරම්මණ (අරමුණු සහිත) - අනාරම්මණ (අරමුණු රහිත) වශයෙන් අසමාන වේ.
ඉති එවං පකාරෙහි, නයෙහි ච විචක්ඛණො; විජඤ්ඤා අරියසච්චානං, සභාගවිසභාගතන්ති.
ඉති එවං පකාරෙහි නයෙහි ච විචක්ඛණො විජඤ්ඤ අරියසච්චානං සභාග විසභාගතං
මෙසේ මෙකී ප්‍රකාර හා ක්‍රම අනුව නුවණැත්තේ ආර්ය සත්‍යයන් පිළිබඳ සමාන-අසමාන බව දන්නේයි.
ඉති සාධුජනපාමොජ්ජත්ථාය කතෙ විසුද්ධිමග්ගෙ පඤ්ඤාභාවනාධිකාරෙ ඉන්ද්රියසච්චනිද්දෙසො නාම සොළසමො පරිච්ඡෙදො.
සාධුජන ප්‍රමෝදය පිණිස කරන ලද විශුද්ධිමාර්ගයෙහි පඤ්ඤාභාවනාධිකාරයෙහි ඉන්ද්රිය සච්ච නිද්දේස නම් වූ සොළොස්වන පරිච්ඡේදය මෙතකින් නිමියේය.