යෙදුමෙන් කියවන්න

මග‍්ගනිද‍්දෙසකථා

මග‍්ගනිද‍්දෙසකථා

මග්ගනිද්දෙසකථා

දුක‍්ඛනිරොධගාමිනිපටිපදානිද‍්දෙසෙ වුත‍්තා පන අට‍්ඨ ධම‍්මා කාමං ඛන්‍ධනිද‍්දෙසෙපි අත්‍ථතො පකාසිතායෙව, ඉධ පන නෙසං එකක‍්ඛණෙ පවත‍්තමානානං විසෙසාවබොධනත්‍ථං වදාම. සඞ‍්ඛෙපතො හි චතුසච‍්චපටිවෙධාය පටිපන‍්නස‍්ස යොගිනො නිබ‍්බානාරම‍්මණං අවිජ‍්ජානුසයසමුග‍්ඝාතකං පඤ‍්ඤාචක‍්ඛු සම‍්මාදිට‍්ඨි. සා සම‍්මා දස‍්සනලක‍්ඛණා, ධාතුප‍්පකාසනරසා, අවිජ‍්ජන්‍ධකාරවිද‍්ධංසනපච‍්චුපට‍්ඨානා. තථා සම‍්පන‍්නදිට‍්ඨිනො තංසම‍්පයුත‍්තං මිච‍්ඡාසඞ‍්කප‍්පනිඝාතකං චෙතසො නිබ‍්බානපදාභිනිරොපනං සම‍්මාසඞ‍්කප‍්පො. සො සම‍්මා චිත‍්තාභිනිරොපනලක‍්ඛණො, අප‍්පනාරසො, මිච‍්ඡාසඞ‍්කප‍්පප‍්පහානපච‍්චුපට‍්ඨානො.

දුක්ඛ-නිරෝධ-ගාමිණී-පටිපදා-නිද්දේසයෙහි කියන ලද කරුණු අට වනාහි ඛන්‍ධ නිද්දේසයෙහිද අර්ත්‍ථ වශයෙන් ඒකාන්තයෙන් ප්‍රකාශ කරන ලද්දේමය. මෙහි වනාහි එම කරුණු අට එක් ක්‍ෂණයෙක්හි (මාර්ගක්‍ෂණයෙහි) පවත්නා විට ඇති විශේෂය අවබෝධ කිරීම සඳහා යලි පවසමු:- සංක්‍ෂේපයෙන් වනාහි චතුඃසත්‍ය ප්‍රතිවේධය පිණිස පිළිපන් යෝගියාහට නිවණ පිළිබඳව ඇති වන අවිද්‍යානුශයය මුළුමනින් බිඳ දමන සුලු ප්‍රඥාව සම්මාදිට්ඨි නම්වේ. එය මනා දැකීම ලක්‍ෂණ කොට ඇත්තේය. ධාතූන් පිළිබඳ ඇති තතු ප්‍රකට කිරීම කෘත්‍ය කොට ඇත්තේය. අවිද්‍යාන්‍ධකාර විධ්වංශනය වැටහීම් කාරණා කොට ඇත්තේය. එබඳු දෘෂ්ටියෙන් යුක්ත වූවහුගේ මිථ්‍යා සංකල්පයන් නසනසුලු, චිත්තය නිර්වාණාභිමුඛව පිහිටුවීම සම්මා සඞ්කප්පයයි. එය මනාකොට සිත පිහිටුවීම ලක්‍ෂණ කොට ඇත්තේය, අර්පණාව (හෙවත් නිර්වාණයට අභිමුඛව) සිත මෙහෙය වීම කෘත්‍ය කොට ඇත්තේය. මිථ්‍යා සංකල්පයන් ප්‍රහාණය කිරීම වැටහීම් කාරණා කොට ඇත්තේය.

තථා පස‍්සතො විතක‍්කයතො ච තංසම‍්පයුත‍්තාව වචීදුච‍්චරිතසමුග‍්ඝාතිකා මිච‍්ඡාවාචාය විරති සම‍්මාවාචා නාම. සා පරිග‍්ගහලක‍්ඛණා, විරමණරසා, මිච‍්ඡාවාචාප‍්පහානපච‍්චුපට‍්ඨානා. තථා විරමතො තංසම‍්පයුත‍්තාව මිච‍්ඡාකම‍්මන‍්තසමුච‍්ඡෙදිකා පාණාතිපාතාදිවිරති සම‍්මාකම‍්මන‍්තො නාම. සො සමුට‍්ඨාපනලක‍්ඛණො, විරමණරසො, මිච‍්ඡාකම‍්මන‍්තප‍්පහානපච‍්චුපට‍්ඨානො. යා පනස‍්ස තෙසං සම‍්මාවාචාකම‍්මන‍්තානං විසුද‍්ධිභූතා තංසම‍්පයුත‍්තාව කුහනාදිඋපච‍්ඡෙදිකා මිච‍්ඡාජීවවිරති, සො සම‍්මාආජීවො නාම. සො වොදානලක‍්ඛණො, ඤායාජීවපවත‍්තිරසො, මිච‍්ඡාජීවප‍්පහානපච‍්චුපට‍්ඨානො.

එබඳු දෘෂ්ටි හා සංකල්පයන් ඇත්තහු කෙරෙහි වාග්-දුශ්චරිත නාශය ඇතිකරන, මිථ්‍යා වචන විරතිය සම්මා වාචා නම්වේ. එය සම්ප්‍රයුක්ත ධර්මයන් මනාකොට ගැනීම ලක්‍ෂණ කොට ඇත්තේය: (සදොස් වචනයෙන්) වැලකීම කෘත්‍ය කොට ඇත්තේය. මිථ්‍යා වචනයෙන් දුරුවීම වැටහීම් කාරණාකොට ඇත්තේය. සදොස් වචනයෙන් වැලකී නිදොස් වචනයෙන් යුක්ත වූවහු කෙරෙහි සදොස් ක්‍රියාවන් උපුටා දැමීම, ප්‍රාණඝාතාදියෙන් වැලකීම සම්මා කම්මන්ත නමි. එය (සම්‍යක් කර්මාන්ත සහිත පුද්ගලයා) උසස් බවට නගා සිටුවීම ලක්‍ෂණකොට ඇත්තේය; (සදොස් ක්‍රියාවෙන්) වැලැක්වීම කෘතයකොට ඇත්තේය; සදොස් ක්‍රියාවෙන් දුරුවීම වැටහීම් කාරණා කොට ඇත්තේය. එම සම්මාවාචා, සම්මා කම්මන්තයන්හි පිහිටා ශීල විශුද්ධියෙහි පිහිටියහු කෙරෙහි කුහනා, ලපනාදී සදොස් ක්‍රියාවන් වලකන යම් මිථ්‍යා ආජීව විරිතියක් වේද එය සම්මා ආජීවයයි. එය පිවිතුරු බව ලක්‍ෂණකොට ඇත්තේය; න්‍යායානුකූල ජීවිකා වෘත්තිය කෘත්‍ය කොට ඇත්තේය; සදොස් ජීවිකාවෙන් වැලකීම වැටහීම් කොට ඇත්තේය.

අථස‍්ස යො තස‍්සා සම‍්මාවාචාකම‍්මන‍්තාජීවසඞ‍්ඛාතාය සීලභූමියං පතිට‍්ඨිතස‍්ස තදනුරූපො තංසම‍්පයුත‍්තොව කොසජ‍්ජසමුච‍්ඡෙදකො වීරියාරම‍්භො, එස සම‍්මාවායාමො නාම. සො පග‍්ගහලක‍්ඛණො, අනුප‍්පන‍්නඅකුසලානුප‍්පාදනාදිරසො, මිච‍්ඡාවායාමප‍්පහානපච‍්චුපට‍්ඨානො. තස‍්සෙවං වායමතො තංසම‍්පයුත‍්තොව මිච‍්ඡාසතිවිනිද‍්ධුනනො චෙතසො අසම‍්මොසො සම‍්මාසති නාම. සා උපට‍්ඨානලක‍්ඛණා, අසම‍්මුස‍්සනරසා, මිච‍්ඡාසතිප‍්පහානපච‍්චුපට‍්ඨානා. එවං අනුත‍්තරාය සතියා සංරක‍්ඛියමානචිත‍්තස‍්ස තංසම‍්පයුත‍්තාව මිච‍්ඡාසමාධිවිද‍්ධංසිකා චිත‍්තෙකග‍්ගතා සම‍්මාසමාධි නාම. සො අවික‍්ඛෙපලක‍්ඛණො, සමාධානරසො, මිච‍්ඡාසමාධිප‍්පහානපච‍්චුපට‍්ඨානොති. අයං දුක‍්ඛනිරොධගාමිනිපටිපදානිද‍්දෙසෙ නයො. එවමෙත්‍ථ ජාතිආදීනං විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

අනතුරුව සම්මා කම්මන්ත-සම්මා ආජීව සංඛ්‍යාත ශීලභූමියෙහි පිහිටියහු කෙරෙහි එම ශීලයට අනුරූපව කුහනා-ලපනාදිය නසන සුලු යම් වීර්යාරම්භයක් වේද, එය සම්මා වායාම නමි. එය උත්සාහය ලක්‍ෂණ කොට ඇත්තේය, නූපන් අකුසල් නො-ඉපැදවීම් ආදිය කෘත්‍ය කොට ඇත්තේය. මිථ්‍යා ව්‍යායාමය ප්‍රහීණ කිරීම් වැටහීම් කාරණා කොට ඇත්තේය. මෙසේ වීර්ය කරන්නහුට ඇතිවන එම වීර්යයෙන්ම යුක්තවූ, මිච්ඡාසතිය පලවා හරින සුලු යම් නුමුළා බවක් වේද එය සම්මා සතියයි. එය එළඹ සිටීම ලක්‍ෂණ කොට ඇත්තේය; මුළා නොවීම කෘත්‍ය කොට ඇත්තේය; මිච්ඡාසතිය හැරලීම වැටහීම් කාරණකොට ඇත්තේය. මෙසේ අනුත්තරවූ සතියෙන් රක්නා ලබන සිත් ඇත්තහු කෙරෙහි ඇති වන එම සම්මා සතියෙන් යුක්ත වූ, මිච්ඡාසමාධිය නසන සුලු යම් චිත්තෛකාග්‍රතාවක් වේද එය සම්මාසමාධියයි. එය නොවිසුරුණ බව ලක්‍ෂණය කොට ඇත්තේය, එකලස් කිරීම කෘත්‍යය කොට ඇත්තේය; මිච්ඡාසමාධිය බැහැරලීම වැටහීම් කාරණා කොට ඇත්තේය. මේ දුක්‍ඛ නිරෝධ ගාමිණි පටිපදා නිද්දේස නයයි. මෙසේ මෙහි ජාති ආදීන් පිළිබඳ විනිශ්චය දතයුතුය.

ඤාණකිච‍්චතොති සච‍්චඤාණස‍්ස කිච‍්චතොපි විනිච‍්ඡයො වෙදිතබ‍්බො. දුවිධං හි සච‍්චඤාණං – අනුබොධඤාණං පටිවෙධඤාණඤ‍්ච. තත්‍ථ අනුබොධඤාණං ලොකියං අනුස‍්සවාදිවසෙන නිරොධෙ මග‍්ගෙ ච පවත‍්තති. පටිවෙධඤාණං ලොකුත‍්තරං නිරොධමාරම‍්මණං කත්‍වා කිච‍්චතො චත‍්තාරි සච‍්චානි පටිවිජ‍්ඣති. යථාහ – “යො, භික‍්ඛවෙ, දුක‍්ඛං පස‍්සති, දුක‍්ඛසමුදයම‍්පි සො පස‍්සති, දුක‍්ඛනිරොධම‍්පි පස‍්සති, දුක‍්ඛනිරොධගාමිනිං පටිපදම‍්පි පස‍්සතී”ති (සං· නි· 5.1100) සබ‍්බං වත‍්තබ‍්බං. තං පනස‍්ස කිච‍්චං ඤාණදස‍්සනවිසුද‍්ධියං ආවිභවිස‍්සති.

ඤාණකිච්චතො යනු, (ඉන්‍ද්‍රිය සච්ච නිද්දේසයෙහි, ඉන්‍ද්‍රියයන් පිළිබඳ විස්තර කථාවට අනතුරුව, සත්‍යයයන් පිළිබඳ විස්තර කථාව අරඹමින් දක්වන ලද ‘විභාගතො නිබ්බචනා’දී ගාථාවන්හි) සත්‍යයයන් පිළිබඳ ඥානකෘත්‍ය වශයෙන්ද විනිශ්චය දතයුතුය. සත්‍යඥානය වූකලී අනුබෝධ ඤාණය, පටිවේධ ඤාණයයි ද්විවිධ වේ. එහි අනුබෝධ ඤාණය ලෞකික වේ; එය නිරෝධ හා මාර්ගයන් දෙක පිළිබඳව අනුස්සව (හෙවත් අසා ලබාගත් දැනුම) ආදී වශයෙන් පවතියි. පටිවේධ ඤාණය ලෝකෝත්තර වේ; එය නිරෝධය අරමුණු කොට, කෘත්‍ය වශයෙන් චතුස්සත්‍යය අවබෝධ කරවයි. කියනලදමැයි:- “මහණෙනි, යමෙක් දුඃඛ සත්‍යය දකීද, හේ සමුදය සත්‍යයද දකියි; දුඃඛ නිරෝධය දකියි; දුඃඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවද දකියි” යන ආදී සියල්ල කිව යුතුය. එය පිළිබඳ කෘත්‍යය මතු ඤාණදස්සන විසුද්ධි නිද්දේසයෙහි පැවසේ. ලෞකිකවූ යම් අනුබෝධ ඤාණයක් වේද, එහි දුඃඛය පිළිබඳ ඥානය නැග එන සක්කාය දිට්ඨිය මැඩලීම් වශයෙන් පවතිමින් එය නවත්වයි; සමුදය ඥානය උච්ඡේද දෘෂ්ටිය වලක්වයි; නිරෝධ ඥානය ශාස්වත දෘෂ්ටිය වලක්වයි. මාර්ග ඥානය අකිරිය දෘෂ්ටිය වලක්වයි.

යං පනෙතං ලොකියං, තත්‍ථ දුක‍්ඛඤාණං පරියුට‍්ඨානාභිභවවසෙන පවත‍්තමානං සක‍්කායදිට‍්ඨිං නිවත‍්තෙති. සමුදයඤාණං උච‍්ඡෙදදිට‍්ඨිං. නිරොධඤාණං සස‍්සතදිට‍්ඨිං. මග‍්ගඤාණං අකිරියදිට‍්ඨිං. දුක‍්ඛඤාණං වා ධුවසුභසුඛත‍්තභාවවිරහිතෙසු ඛන්‍ධෙසු ධුවසුභසුඛත‍්තභාවසඤ‍්ඤාසඞ‍්ඛාතං ඵලෙ විප‍්පටිපත‍්තිං. සමුදයඤාණං ඉස‍්සරපධානකාලසභාවාදීහි ලොකො පවත‍්තතීති අකාරණෙ කාරණාභිමානප‍්පවත‍්තං හෙතුම‍්හි විප‍්පටිපත‍්තිං. නිරොධඤාණං අරූපලොකලොකථූපිකාදීසු අපවග‍්ගගාහභූතං නිරොධෙ විප‍්පටිපත‍්තිං. මග‍්ගඤාණං කාමසුඛල‍්ලිකඅත‍්තකිලමථානුයොගප‍්පභෙදෙ අවිසුද‍්ධිමග‍්ගෙ විසුද‍්ධිමග‍්ගගාහවසෙන පවත‍්තං උපායෙ විප‍්පටිපත‍්තිං නිවත‍්තෙති. තෙනෙතං වුච‍්චති –

නොහොත්, දුඃඛ ඥානය නිත්‍ය, ශුභ, සුඛ, ආත්මභාව යන මේ ස්වභාවයන්ගෙන් තොරවූ ස්කන්‍ධයන් කෙරෙහි එකී නිත්‍ය ආදී ස්වභාවයන් ඇතැ’යි යන ඵලය පිළිබඳ වැරදි පිළිවෙත වලකාලයි; (මේ සත්කාර්යවාදය’යි කියනු ලබන සාංඛ්‍යවාදය ප්‍රමුඛ දර්ශනයන් හැඳින්වූ පරිදියි). සමුදය ඥානය ඊශ්වර ප්‍රමුඛ බ්‍රහ්ම පදාර්ත්‍ථ, කාල, ස්වභාව ධර්ම යන හේතූන්ගෙන් ලෝකය පවතිතැ’යි යනුවෙන් හේතුව පිළිබඳව, අකාරණ විෂයයෙහි කාරණයයි යන වැරදි වැටහීම වලකාලයි; (‘ඉස්සර පධාන’ යනුවෙන් සත්කාරණ වාදයයි කියනු ලබන වේදාන්ත, අද්වෛත වේදාන්ත, විශිෂ්ටාද්වෛත වේදාන්ත යන දර්ශනවාදයන්ද, ‘කාල-සභාව’ යනුවෙන් පිළිවෙළින් කාලය නිත්‍ය පදාර්ත්‍ථයක් ලෙස පිළිගන්නා න්‍යාය, වෛශේෂික දර්ශනයන් හා ස්වභාව ධර්මය මිස අන් කිසිවක් නැතැ’යි පවසන චර්වාකාදී භෞතික වාදයන්ද ගත් සේ පෙනේ). නිරෝධඥානය අරූප ලෝක, ලෝක ධූපිකා නොහොත් ලෝක ථූපිකා යනුවෙන් හඳුන්වනු ලබන අකනිටා බඹලොව ආදිය නිර්වාණයයි නිරෝධය පිළිබඳ වරදවා ගැනීම වලකාලයි; මාර්ගඥානය කාමසුඛල්ලිකානු යෝගය, අත්තකිලමථානු යෝගයන යන ප්‍රභේද ඇති අවිශුද්ධි මාර්ගයන් විශුද්ධි මාර්ගයයි උපාය පිළිබඳ වරදවා ගැනීම වලකාලයි. එහෙයින් කියනු ලැබේ:-

“ලොකෙ ලොකප‍්පභවෙ, ලොකත්‍ථගමෙ සිවෙ ච තදුපායෙ; සම‍්මුය‍්හති තාව නරො, න විජානාති යාව සච‍්චානී”ති.

ලොකෙ ලොකප්පභවෙ ලොකත්‍ථගමෙ සිවෙ ච තදුපායෙ සම්මුය්හති තාව නරො නවිජානාති යාව සච්චානී’ති

ලෝකය, ලෝකයට මුල් වූ හේතුව, (ලෝකාවසානය වූ) නිර්වාණය, (එම නිර්වාණයට පැමිණෙන) උපාය මාර්ගය. යම්තාක් මනුෂ්‍යයා චතුස්සත්‍යයන් නොදනීද ඒතාක් ලෝකය, ලෝකයට මුල්වූ හේතුව, ලෝකාවසානය වූ නිර්වාණය එම නිර්වාණයට පැමිණෙන උපාය මාර්ගය යන මෙහි මුළාවට පත්වේ.

එවමෙත්‍ථ ඤාණකිච‍්චතොපි විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

මෙසේ ඥානකෘත්‍ය වශයෙන්ද මෙහි විනිශ්චය දතයුතුයි.

අන‍්තොගධානං පභෙදාති දුක‍්ඛසච‍්චස‍්මිං හි ඨපෙත්‍වා තණ‍්හඤ‍්චෙව අනාසවධම‍්මෙ ච සෙසා සබ‍්බධම‍්මා අන‍්තොගධා. සමුදයසච‍්චෙ ඡත‍්තිංස තණ‍්හාවිචරිතානි. නිරොධසච‍්චං අසම‍්මිස‍්සං. මග‍්ගසච‍්චෙ සම‍්මාදිට‍්ඨිමුඛෙන වීමංසිද‍්ධිපාදපඤ‍්ඤින්‍ද්‍රියපඤ‍්ඤාබලධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගානි. සම‍්මාසඞ‍්කප‍්පාපදෙසෙන තයො නෙක‍්ඛම‍්මවිතක‍්කාදයො. සම‍්මාවාචාපදෙසෙන චත‍්තාරි වචීසුචරිතානි . සම‍්මාකම‍්මන‍්තාපදෙසෙන තීණි කායසුචරිතානි. සම‍්මාජීවමුඛෙන අප‍්පිච‍්ඡතා සන‍්තුට‍්ඨිතා ච. සබ‍්බෙසංයෙව වා එතෙසං සම‍්මාවාචාකම‍්මන‍්තාජීවානං අරියකන‍්තසීලත‍්තා අරියකන‍්තසීලස‍්ස ච සද‍්ධාහත්‍ථෙන පටිග‍්ගහෙතබ‍්බත‍්තා තෙසං අත්‍ථිතාය අත්‍ථිභාවතො සද‍්ධින්‍ද්‍රියසද‍්ධාබලඡන්‍දිද‍්ධිපාදා. සම‍්මාවායාමාපදෙසෙන චතුබ‍්බිධසම‍්මප‍්පධානවීරියින්‍ද්‍රියවීරියබලවීරියසම‍්බොජ‍්ඣඞ‍්ගානි. සම‍්මාසතිඅපදෙසෙන චතුබ‍්බිධසතිපට‍්ඨානසතින්‍ද්‍රියසතිබලසතිසම‍්බොජ‍්ඣඞ‍්ගානි. සම‍්මාසමාධිඅපදෙසෙන සවිතක‍්කසවිචාරාදයො තයො සමාධී චිත‍්තසමාධි සමාධින්‍ද්‍රියසමාධිබලපීතිපස‍්සද‍්ධිසමාධිඋපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගානි අන‍්තොගධානීති එවමෙත්‍ථ අන‍්තොගධානං පභෙදතොපි විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

අන්තොගධානං පභෙදා (අන්තර්ගත කරුණු පිළිබඳ ප්‍රභේද වශයෙන්) යනු, දුඃඛ සත්‍යය තුළ තෘෂ්ණාවද ආශ්‍රව නොවන ධර්මයන් හැර සෙසු සියලු ධර්මයෝද, සමුදය සත්‍යය තුළ සතිස් තෘෂ්ණා විශේෂයෝද ඇතුළත් වෙති. නිරෝධ සත්‍යය අසම්මිශ්‍රව පවතී. මාර්ග සත්‍යය තුළ, සම්මාදිට්ඨි යනුවෙන් වීමංසිද්ධිපාද, පඤ්ඤින්‍ද්‍රිය, පඤ්ඤාබල, ධම්මවිචය සම්බොජ්ඣංග යන මේ ධර්මයෝ ඇතුළත් වෙති. සම්මා සඞ්කප්ප වශයෙන් නෙක්ඛම්ම විතක්ක ආදී ත්‍රිවිධ විතර්කයෝද, සම්මා වාචා යනුවෙන් චතුර්විධ වාක් සුචරිතයෝද, සම්මා ආජීව යනුවෙන් අල්පේච්ඡතා, සන්තුෂ්ටිතා යන මොහුද ඇතුළත් වෙති. නොහොත්, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මේ සියල්ලම එක්ව ‘අරියකන්ත සීලය’ වන හෙයින්ද, ශීලයද ශ්‍රද්ධා නමැති හස්තයෙන් ගතයුතු වන හෙයින්ද, එම සම්මා වාචා ආදිය තුළ ඇති හෙයින් සද්ධින්‍ද්‍රිය, සද්ධා බල, ඡන්‍දිද්ධිපාද යන මොහු ඇතුළත් වෙති. සම්මාවායාම යනුවෙන් චතුර්විධ සම්‍යක් ප්‍රධානයෝද, විරියින්‍ද්‍රිය, විරියබල, විරිය සම්බොජ්ඣංග යන මොහුද ඇතුළත් වෙති. සම්මාසති යනුවෙන් චතුර්විධ සතිපට්ඨාන, සතින්‍ද්‍රිය, සත්බල, සති සම්බොජ්ඣංග යන මොහු ඇතුළත් වෙති. සම්මා සමාධි යනුවෙන් සවිතක්ක, සවිචාරාදී ත්‍රිවිධ සමාධීහුද, චිත්ත සමාධි, සමාධින්‍ද්‍රිය, සමාධිබල යන මොහුද, පීති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා යන සම්බොජ්ඣංගයෝද ඇතුළත් වෙති. මෙසේ අන්තර්ගත ධර්මයන්ගේ ප්‍රභේද වශයෙන්ද මෙහි විනිශ්චයය දතයුතුය.

උපමාතොති භාරො විය හි දුක‍්ඛසච‍්චං දට‍්ඨබ‍්බං, භාරාදානමිව සමුදයසච‍්චං, භාරනික‍්ඛෙපනමිව නිරොධසච‍්චං, භාරනික‍්ඛෙපනුපායො විය මග‍්ගසච‍්චං. රොගො විය ච දුක‍්ඛසච‍්චං, රොගනිදානමිව සමුදයසච‍්චං, රොගවූපසමො විය නිරොධසච‍්චං, භෙසජ‍්ජමිව මග‍්ගසච‍්චං. දුබ‍්භික‍්ඛමිව වා දුක‍්ඛසච‍්චං, දුබ‍්බුට‍්ඨි විය සමුදයසච‍්චං, සුභික‍්ඛමිව නිරොධසච‍්චං, සුවුට‍්ඨි විය මග‍්ගසච‍්චං. අපිච වෙරී-වෙරමූල-වෙරසමුග‍්ඝාත-වෙරසමුග‍්ඝාතුපායෙහි, විසරුක‍්ඛ-රුක‍්ඛමූල-මූලුපච‍්ඡෙද-තදුපච‍්ඡෙදුපායෙහි, භය-භයමූල-නිබ‍්භය-තදධිගමුපායෙහි, ඔරිමතීර-මහොඝපාරිමතීර-තංසම‍්පාපකවායාමෙහි ච යොජෙත්‍වාපෙතානි උපමාතො වෙදිතබ‍්බානීති එවමෙත්‍ථ උපමාතො විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

උපමාතො (උපමා වශයෙන්) යනු, දුඃඛ සත්‍යය බරක් සෙයින්ද, සමුදය සත්‍යය බර ගැනීම සෙයින්ද, නිරෝධ සත්‍යය බර හැරීම සෙයින්ද, මාර්ග සත්‍යය බරහැරීමේ උපාය සෙයින්ද දතයුතුය. යළි දුඃඛසත්‍යය රෝගයක් සෙයින්ද, සමුදය සත්‍යය රෝග නිදානය සෙයින්ද, නිරෝධ සත්‍යය රෝග ව්‍යුපශමනය සෙයින්ද, මාර්ග සත්‍යය බෙහෙතක් සෙයින්ද දතයුතුය. නොහොත්, දුඃඛ සත්‍යය දුර්භික්‍ෂයක් සෙයින්ද, සමුදය සත්‍යය නියඟක් සෙයින්ද, නිරෝධ සත්‍යය සුභික්‍ෂයක් සෙයින්ද, මාර්ග සත්‍යය වැසි සුලබ බවක් මෙන්ද දැකිය යුතුය. තවද (පිළිවෙළින්) වෛර ඇත්තකු, වෛරයට මුල, වෛරය, වෛරය උපුටා දැමීම, වෛරය උපුටා දැමීමේ උපාය මාර්ගය යන මේවා සමගද, විෂවෘක්‍ෂ, වෘක්‍ෂමූල, මූලච්ඡේදන, මුලච්ඡේදනෝපාය යන මේවා සමගද, භය, භය හේතු, අභයලාභ, අභයලාභෝපාය යන මේවා සමගද, එසේම මෙතෙර, මහහොය, පරතෙර, පරතෙර යාමේ උත්සාහය යන මේවා සමගද උපමා වශයෙන් යොදා දතයුතුය. මෙසේ උපමා වශයෙන් මෙහි විනිශ්චයය දතයුතුය.

චතුක‍්කතොති අත්‍ථි චෙත්‍ථ දුක‍්ඛං න අරියසච‍්චං, අත්‍ථි අරියසච‍්චං න දුක‍්ඛං, අත්‍ථි දුක‍්ඛඤ‍්චෙව අරියසච‍්චඤ‍්ච, අත්‍ථි නෙව දුක‍්ඛං න අරියසච‍්චං. එස නයො සමුදයාදීසු. තත්‍ථ මග‍්ගසම‍්පයුත‍්තා ධම‍්මා සාමඤ‍්ඤඵලානි ච “යදනිච‍්චං තං දුක‍්ඛ”න‍්ති (සං· නි· 3.15) වචනතො සඞ‍්ඛාරදුක‍්ඛතාය දුක‍්ඛං, න අරියසච‍්චං. නිරොධො අරියසච‍්චං, න දුක‍්ඛං. ඉතරං පන අරියසච‍්චද‍්වයං සියා දුක‍්ඛං අනිච‍්චතො, න පන යස‍්ස පරිඤ‍්ඤාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සති තථත‍්තෙන. සබ‍්බාකාරෙන පන උපාදානක‍්ඛන්‍ධපඤ‍්චකං දුක‍්ඛඤ‍්චෙව අරියසච‍්චඤ‍්ච අඤ‍්ඤත්‍ර තණ‍්හාය. මග‍්ගසම‍්පයුත‍්තා ධම‍්මා සාමඤ‍්ඤඵලානි ච යස‍්ස පරිඤ‍්ඤත්‍ථං භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සති තථත‍්තෙන නෙව දුක‍්ඛං න අරියසච‍්චං. එවං සමුදයාදීසුපි යථායොගං යොජෙත්‍වා චතුක‍්කතොපෙත්‍ථ විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

චතුක්කතො (චතුෂ්ක වශයෙන්) යනු, මේ දුඃඛයන් අතර:- දුඃඛ වූ ආර්ය සත්‍ය නොවූ ධර්මයෙක් ඇත. ආර්යසත්‍ය වූ දුඃඛ නොවූ ධර්මයෙක්ද ඇත. දුඃඛ වූ ආර්ය සත්‍යය වූ ධර්මයෙක්ද ඇත. දුඃඛද නොවූ ආර්යසත්‍යද නොවූ ධර්මයෙක්ද ඇත. සමුදය ආදියෙහිද මෙම නයයි. එහි මාර්ගය සම්ප්‍රයුක්ත ධර්මයෝද, ශ්‍රමණභාවයෙහි ඵලයෝද, “යදනිච්චං තං දුඃඛං’’ (යමක් අනිත්‍ය වේද එය දුකෙකි) යන වචනය අනුව සංස්කාර දුඃඛ වන හෙයින් දුඃඛ නම් වන මුත් දුඃඛ ආර්යසත්‍ය නොවේ. නිරෝධය ආර්යසත්‍ය වන නමුදු දුඃඛ නොවේ. ඉතිරි ආර්යසත්‍ය දෙක (සමුදය, මාර්ග) වනාහි අනිත්‍ය වන හෙයින් දුඃඛ වනු මිස තථ්‍යාර්ත්‍ථයෙන් එසේ නොවේ. එම ධර්මයන් විනිවිද දැකීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බ්‍රහ්මචර්ය වාසය කරනු ලබන හෙයිනි. සියලු ආකාරයෙන් වනාහි තෘෂ්ණාව හැර උපාදානස්කන්‍ධ පංචකය දුඃඛ ආර්යසත්‍යද වේ. මාර්ග සම්ප්‍රයුක්ත ධර්මයෝද ශ්‍රමණ භාවඵලයෝද තථ්‍යර්ත්‍ථයෙන් දුඃඛද ආර්ය සත්‍යද නොවේ. එම ධර්මයන් පිරිසිඳ දැනගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බ්‍රහ්මචර්යවාසය කරනු ලබන හෙයිනි. සමුදය ආදියෙහිද මේ ආකාරයෙන් සුදුසු පරිදි යොදා චතුෂ්ක වශයෙනුදු මෙහි විනිශ්චයය දතයුතුය.

සුඤ‍්ඤතෙකවිධාදීහීතිඑත්‍ථ සුඤ‍්ඤතො තාව පරමත්‍ථෙන හි සබ‍්බානෙව සච‍්චානි වෙදකකාරකනිබ‍්බුතගමකාභාවතො සුඤ‍්ඤානීති වෙදිතබ‍්බානි. තෙනෙතං වුච‍්චති –

සුඤ්ඤතෙකවිධාදීහි යන මෙහි පළමුකොට සුඤ්ඤතො (ශුන්‍ය වශයෙන්) යනු, පරමාර්ත්‍ථ වශයෙන් වනාහි සියලුම ආර්ය සත්‍යයන් (පිළිවෙළින්), වේදක (විඳින්නකු), කාරක (කරවන්නකු) නිබ්බුත (නිවුනකු) ගමක (යන්නකු) නොමැති හෙයින් ශුන්‍ය යයි දතයුතුය. එහෙයින් කියනු ලැබේ:-

“දුක‍්ඛමෙව හි, න කොචි දුක‍්ඛිතො; කාරකො න, කිරියාව විජ‍්ජති. අත්‍ථි නිබ‍්බුති, න නිබ‍්බුතො පුමා; මග‍්ගමත්‍ථි, ගමකො න විජ‍්ජතී”ති.

දුක්‍ඛමෙවහි න කොචි දුක්‍ඛිතො කාරකො න කිරියාව විජ්ජති, අත්‍ථි නිබ්බුති න නිබ්බුතො පුමා මග්ගමත්‍ථි ගමකො න විජ්ජති

දුකම විනා දුක් විඳින කිසිවෙක් නැත; ක්‍රියාවම විනා කරවන්නෙක් නැත; නිවණ ඇතිමුත් නිවුණ කෙනෙක් නැත; මාර්ගය ඇති මුත් යන කෙනෙක් නැත.

අථ වා,

නොහොත්:-

ධුවසුභසුඛත‍්තසුඤ‍්ඤං, පුරිමද‍්වයමත‍්තසුඤ‍්ඤමමතපදං; ධුවසුඛඅත‍්තවිරහිතො, මග‍්ගොඉති සුඤ‍්ඤතා තෙසු.

ධූව සුභ සුඛන්ත සුඤ්ඤං පුරිමද්වය මත්ත සූඤ්ඤමමතපදං ධූව සුඛ අත්ත විරහිතො මග්ගො ඉති සුඤ්ඤතා තෙසු

පළමු සත්‍ය දෙක නිත්‍ය-ශුභ-සුඛ-ආත්ම ස්වභාවයන්ගෙන් ශුන්‍ය (තොර) වේ; අමෘත පදය (නිරෝධය) ආත්ම ස්වභාවයෙන් ශුන්‍ය වේ; මාර්ගය නිත්‍ය-සුඛ-ආත්ම ස්වභාවයන්ගෙන් ශුන්‍ය වේ. මෙසේ සත්‍යයන් පිළිබඳ ශුන්‍යතාව වේ.

නිරොධසුඤ‍්ඤානි වා තීණි, නිරොධො ච සෙසත‍්තයසුඤ‍්ඤො. ඵලසුඤ‍්ඤො වා එත්‍ථ හෙතු සමුදයෙ දුක‍්ඛස‍්සාභාවතො, මග‍්ගෙ ච නිරොධස‍්ස, න ඵලෙන සගබ‍්භො පකතිවාදීනං පකති විය. හෙතුසුඤ‍්ඤඤ‍්ච ඵලං දුක‍්ඛසමුදයානං නිරොධමග‍්ගානඤ‍්ච අසමවායා, න හෙතුසමවෙතං හෙතුඵලං සමවායවාදීනං ද‍්විඅණුකාදි විය. තෙනෙතං වුච‍්චති –

නොහොත්, දුක්ඛ, සමුදය, මාර්ග යන සත්‍යත්‍රයය නිරෝධයෙන් ශුන්‍යය, නොහොත්, මෙහි හේතුව ඵලයෙන් ශුන්‍ය වේ; සමුදය සත්‍යය කෙරෙහි දුක්ඛය නොමැති හෙයින් හා මාර්ග සත්‍යය කෙරෙහි නිරෝධය ද නොමැති හෙයිනි. ප්‍රකෘතිවාදීන්ගේ ප්‍රකෘතිය මෙන් හේතුව ඵලය ගැබ් කොට ඇත්තේ නොවේ. ඵලය හේතුවෙන් ශුන්‍ය වේ. දුක්ඛය, සමුදයය යන දෙක හෝ නිරෝධය, මාර්ගය යන දෙක හෝ සමවාය නොවන හෙයිනි (එකිනෙක බැඳී නොපවත්නා හෙයිනි). මෙම හේතු-එල ද්වයය සමවාය වාදීන්ගේ” ද්වි අණුක ආදිය මෙන් හේතු-ඵල සමවායයෙන් සිද්ධ වූයේ නොවේ. එහෙයින් කියනු ලැබේ:-

“තයමිධ නිරොධසුඤ‍්ඤං, තයෙන තෙනාපි නිබ‍්බුති සුඤ‍්ඤා; සුඤ‍්ඤො ඵලෙන හෙතු, ඵලම‍්පි තංහෙතුනා සුඤ‍්ඤ”න‍්ති.

තයමිධ නිරෝධ සුඤ්ඤං තයෙන තෙනාපි නිබ්බුති සුඤ්ඤා සුඤ්ඤො ඵලෙන හෙතු ඵලම්පි තං හෙතුනා සුඤ්ඤන්ති

මෙහි, දුක්ඛ-සමුදය-මග්ග යන සත්‍ය-ත්‍රයය නිරෝධයෙන් ශුන්‍යවේ; නිරෝධයද එකී තුනෙන් ශුන්‍ය වේ; හේතුව ඵලයෙන් ශුන්‍ය වේ; ඵලයද හේතුවෙන් ශුන්‍ය වේ.

එවං තාව සුඤ‍්ඤතො විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

මෙසේ ශූන්‍යතා වශයෙන්ද මෙහි විනිශ්චය දතයුතුයි.