නිබ්බානකථා
නිබ්බානකථා
නිබ්බානකථා
නත්ථෙව නිබ්බානං, සසවිසාණං විය අනුපලබ්භනීයතොති චෙ? න, උපායෙන උපලබ්භනීයතො. උපලබ්භති හි තං තදනුරූපපටිපත්තිසඞ්ඛාතෙන උපායෙන, චෙතොපරියඤාණෙන පරෙසං ලොකුත්තරචිත්තං විය, තස්මා “අනුපලබ්භනීයතො නත්ථී”ති න වත්තබ්බං. න හි “යං බාලපුථුජ්ජනා න උපලභන්ති, තං නත්ථී”ති වත්තබ්බං.
සා අඟක් ලෙසින් අනුපලබ්භනීය (නොලද හැකි) වන හෙයින් නිර්වාණයයි කිසිවක් නොමැත්තේ නොවේද? නො-එසේය, නිසි උපාය මගින් උපලබ්භනීය (ලද හැකි) වන හෙයිනි. එයට අනුරූපවූ ප්‍රතිපත්ති සංඛ්‍යාත උපාය මගින් එය ලදහැකියේ වේමැයි. (ඇතැම් ආර්යයන්) චේතෝපරිය ඤාණයෙන් අනුන්ගේ ලෝකෝත්තර චිත්තයන් දැනගන්නාසේයි. එහෙයින් (තමනට) විෂය නොවූ පමණින් (ලොවුතුරු සිතක් වන) නිර්වාණය නැතැ’යි නොකිවයුතුය. අඥාන වූ පෘථග්ජනයාට යමක් අත්දකිනු නොහැකිවූ පමණින් එය නැතැ’යි කීම නොයෙදේමය.
අපිච නිබ්බානං නත්ථීති න වත්තබ්බං, කස්මා? පටිපත්තියා වඤ්ඣභාවාපජ්ජනතො. අසති හි නිබ්බානෙ සම්මාදිට්ඨිපුරෙජවාය සීලාදිඛන්ධත්තයසඞ්ගහාය සම්මාපටිපත්තියා වඤ්ඣභාවො ආපජ්ජති. න චායං වඤ්ඣා, නිබ්බානපාපනතොති. න පටිපත්තියා වඤ්ඣභාවාපත්ති, අභාවපාපකත්තාති චෙ. න, අතීතානාගතාභාවෙපි නිබ්බානපත්තියා අභාවතො. වත්තමානානම්පි අභාවො නිබ්බානන්ති චෙ. න, තෙසං අභාවාසම්භවතො, අභාවෙ ච අවත්තමානභාවාපජ්ජනතො, වත්තමානක්ඛන්ධනිස්සිතමග්ගක්ඛණෙ ච සොපාදිසෙසනිබ්බානධාතුප්පත්තියා අභාවදොසතො. තදා කිලෙසානං අවත්තමානත්තා න දොසොති චෙ. න, අරියමග්ගස්ස නිරත්ථකභාවාපජ්ජනතො. එවඤ්හි සති අරියමග්ගක්ඛණතො පුබ්බෙපි කිලෙසා න සන්තීති අරියමග්ගස්ස නිරත්ථකභාවො ආපජ්ජති. තස්මා අකාරණමෙතං.
(තවද කරුණෙකින්) නිර්‍වාණයෙක් නැතැයි කීම සුදුසු නොවේ:- කවර හෙයින්ද යත්, එසේ වෙතොත් ප්‍රතිපදා මාර්ගය නිෂ්ඵල බවට පත්වන හෙයිනි. නිර්වාණයක් නැතොත් සම්‍යග්දෘෂ්ටිය පෙරටු කොට ඇති ශීලාදී ශික්ෂාත්රයයෙන් සමන්විත වූ මුළු සම්‍යක් ප්‍රතිපදා මාර්ගයම වඳ බවට පත්වේ. එහෙත්, මේ ප්‍රතිපත්ති මාර්ගය වඳවූවක් නොවේ. නිර්වාණයට පමුණුවන හෙයිනි. නොපවත්නා (නිවනක්) වෙතට පමුණුවන හෙයින් ප්‍රතිපදාව නිෂ්ඵල බවට පත් නොවේද? එසේ නොවේ, අතීත අනාගත (ස්කන්ධයන්) නැති කල්හි පවා නිවණට පැමිණීම නොවන හෙයිනි. එසේ නම් ‘නිර්වාණය’ යනු වර්තමාන ස්කන්ධයන්ගේද අභාවයද? නො-එසේය, ඔවුන්ගේ අභාවයක් සිදු නොවිය හැකි හෙයිනි. (අභාවයක් ඇති තැන වර්තමානද විය හැකි නොවේ). අභාවය සිදුවන විටම අවර්තමාන භාවයට පත්වන හෙයිනි. තවද වර්තමාන ස්කන්ධයන් ඇසුරුකොට ඇති මාර්ගක්ෂණයෙහිදීම සෝපාදිසේස-නිබ්බාණ-ධාතුවට පත් නොවීමේ දෝෂය සිදුවන හෙයිනි. එකල ක්ලේශයන් නොපවත්නා හෙයින් දෝෂයක් නොවේද? නොවේ. ආර්ය මාර්ගය නිරර්‍ත්‍ථක බවට පැමිණෙන හෙයිනි. එසේ වෙතොත් ආර්යමාර්ග ක්ෂණයට පෙරද ක්ලේශයන්ගේ අභාවය වෙතැ’යි ආර්ය මාර්ගය නිරර්‍ත්‍ථක බවට පත් වේ. එහෙයින් මේ තර්කය යුක්තියුක්ත නොවේ.
“යො ඛො, ආවුසො, රාගක්ඛයො”තිආදිවචනතො (සං· නි· 4.315) “ඛයො නිබ්බාන”න්ති චෙ. න, අරහත්තස්සාපි ඛයමත්තාපජ්ජනතො. තම්පි හි “යො ඛො, ආවුසො , රාගක්ඛයො”තිආදිනා (ස· නි· 4.315) නයෙන නිද්දිට්ඨං. කිඤ්ච භිය්යො නිබ්බානස්ස ඉත්තරකාලාදිප්පත්තිදොසතො. එවඤ්හි සති නිබ්බානං ඉත්තරකාලං, සඞ්ඛතලක්ඛණං, සම්මාවායාමනිරපෙක්ඛාධිගමනීයභාවඤ්ච ආපජ්ජති. සඞ්ඛතලක්ඛණත්තායෙව ච සඞ්ඛතපරියාපන්නං, සඞ්ඛතපරියාපන්නත්තා රාගාදීහි අග්ගීහි ආදිත්තං, ආදිත්තත්තා දුක්ඛඤ්චාතිපි ආපජ්ජති. යස්මා ඛයා පට්ඨාය න භිය්යො පවත්ති නාම හොති, තස්ස නිබ්බානභාවතො න දොසොති චෙ. න, තාදිසස්ස ඛයස්ස අභාවතො. භාවෙපි චස්ස වුත්තප්පකාරදොසානතිවත්තනතො, අරියමග්ගස්ස ච නිබ්බානභාවාපජ්ජනතො. අරියමග්ගො හි දොසෙ ඛීණෙති, තස්මා ඛයොති වුච්චති. තතො ච පට්ඨාය න භිය්යො දොසානං පවත්තීති.
“යො ඛො ආවුසො රාගක්ඛයො” ආදි වචනයෙන් රාග, ද්වේෂ, මෝහ යන මොවුන්ගේ ක්ෂය වීම් මාත්‍රය නිර්වාණය වේද? නොවේ. අර්හත්වයද ක්ෂය මාත්‍ර බවට පත්වන හෙයිනි. එයද ‘යො ඛො ආවුසො රාගක්ඛයො’ ආදී නයින් දක්වන ලද්දේ වේ. තවද, ‘නිර්වාණය තාවකාලික වේ’ යන ආදී සාවද්‍ය නිගමනයනට පමුණුවන හෙයිනි. එසේ වුවහොත්, තාවකාලික වූ නිර්වාණය සංඛත ලක්ෂණ ඇති බවටද, සම්‍යග් ව්‍යායාම විෂයයෙහි අපේක්ෂාවෙන් තොරව අවබෝධ කළ හැකි බවටද පත් වන්නේය; සංඛත ලක්ෂණ ඇති හෙයින්ම සංස්කාර ධර්මයනට අයත් වන්නේය. සංස්කාරයනට අයත් වන හෙයින්ම රාගාදී ගින්නෙන් ඇවිල ගියේය. එසේ ඇවිල ගිය හෙයින්ම දුඃඛයයි යන ආදී සාවද්‍ය නිගමනයකට එළඹෙන්නේය. ක්ෂයවීමෙන් පසු යම් හෙයකින් නැවත පැවැත්මක් නැතොත් එය නිර්වාණයයි ගැනීමෙහි දෝෂයක් නැත්ද? නොඑසේය, එවන් ක්ෂය වීමක් නැති හෙයිනි, ඇත්තේ වුවද, කියන ලද ප්‍රකාර ඇති සාවද්‍ය නිගමනයන් නො-ඉක්මවිය හැකි හෙයින් හා ආර්ය මාර්ගය යනුද නිර්වාණයමැ’යි යන සාවද්‍ය නිගමනයට පමුණුවන හෙයිනි. ආර්ය මාර්ගය ඒකාන්තයෙන් දෝෂයන් සිඳලන්නේය. එහෙයින් ‘ඛය’යි කියනු ලැබේ. එතැන් පටන් දෝෂයන්ගේ පැවැත්මක්ද නැත;
අනුප්පත්තිනිරොධසඞ්ඛාතස්ස පන ඛයස්ස පරියායෙන උපනිස්සයත්තා, යස්ස උපනිස්සයො හොති තදුපචාරෙන “ඛයො”ති වුත්තං. සරූපෙනෙව කස්මා න වුත්තන්ති චෙ. අතිසුඛුමත්තා. අතිසුඛුමතා චස්ස භගවතො අප්පොසුක්කභාවාවහනතො, අරියෙන චක්ඛුනා පස්සිතබ්බතො ච සිද්ධාති.
‘අනුත්පත්ති නිරෝධ’ යයි කියන ලද ‘ඛය’ හෙවත් නොපැවැත්මට පර්යාය වශයෙන් උපනිශ්‍රය වන හෙයින්, යමකට උපනිශ්‍රය වේද එය උපචාර වශයෙන් ‘ඛය’ යයි කියනලදි. කවර හෙයින් එය (උපචාර වශයෙන් මිස) ස්වරූප වශයෙන්ම නොකියන ලද්දේද? ඉතා සියුම් හෙයිනි. එය ඉතා සියුම්බව භාග්‍යවතුන් වහන්සේට පවා මන්දෝත්සාහී බව ඇති වීමෙන්ද, ආර්ය චක්ෂුසින්ම එය දැකගතයුතු වන හෙයින්ද සිද්ධයි.
තයිදං මග්ගසමඞ්ගිනා පත්තබ්බතො අසාධාරණං, පුරිමකොටියා අභාවතො අප්පභවං. මග්ගභාවෙ භාවතො න අප්පභවන්ති චෙ. න, මග්ගෙන අනුප්පාදනීයතො. පත්තබ්බමෙව හෙතං මග්ගෙන, න උප්පාදෙතබ්බං. තස්මා අප්පභවමෙව. අප්පභවත්තා අජරාමරණං. පභවජරාමරණානං අභාවතො නිච්චං.
ඒ මේ නිර්වාණය ආර්යමාර්ගයෙන් යුක්තවූවහු විසින්ම ලැබිය හැකි වන හෙයින් ‘අසාධාරණ’ (අසාමාන්‍ය) වේ. මුල් කෙළවරක් නැති හෙයින් ‘අප්පභව’ වේ. ආර්යමාර්ගය ඇති විටම එය (නිර්වාණය) ද ඇති හෙයින් ‘අප්පභව’ නොවන්නේ නොවේද? එසේ නොවේ. මාර්ගයෙන් එය නො ඉපදවිය හැකි වන හෙයිනි. මෙය (නිර්වාණය) වනාහි ආර්යමාර්ගයෙන් පැමිණිය හැකිවන නමුදු ඉපිදවිය හැකි නොවේ. එහෙයින් එය ‘අප්පභව’ වන්නේමය, ‘අප්පභව’ වන හෙයින් ‘අජරාමරද’ වන්නේය. ප්‍රභව-ජරා මරණයන්ගෙන් තොර වූ හෙයින් ‘නිත්‍ය’ වන්නේය.
නිබ්බානස්සෙව අණුආදීනම්පි නිච්චභාවාපත්තීති චෙ. න, හෙතුනො අභාවා. නිබ්බානස්ස නිච්චත්තා තෙ නිච්චාති චෙ. න, හෙතුලක්ඛණස්ස අනුපපත්තිතො. නිච්චා උප්පාදාදීනං අභාවතො නිබ්බානං වියාති චෙ. න, අණුආදීනං අසිද්ධත්තා.
නිර්වාණය මෙන්ම පරමාණු ආදියෙහිද නිත්‍යභාවය ගම්‍ය වන්නේ නොවේද? එසේ නොවේ. (එසේ වන්නට) හේතුවක් නැති හෙයිනි. නිර්වාණය නිත්යවන හෙයින් ඒ පරමාණු ආදියද නිත්‍ය වන්නේ නොවේද? එසේ නොවේ. හේතු ලක්ෂණයක් ඇසුරු කොට නොපවන්නා හෙයිනි. ඉපැදීම් ආදියක් නොමැති හෙයින් නිර්වාණය මෙන්ම පරමාණු ආදියද නිත්‍ය වන්නේ නොවේද? එසේ නොවේ, පරමාණු ආදියට ඉපැදීම් ආදිය නොමැති බව මෙහි සාධනය නොවන හෙයිනි. (නොහොත්, අකෘතිම වූ පමණින් පරමාණු ආදිය නිත්‍ය වන බවක් සාධනය නොවන හෙයිනි).
යථාවුත්තයුත්තිසබ්භාවතො පන ඉදමෙව නිච්චං, රූපසභාවාතික්කමතො අරූපං. බුද්ධාදීනං නිට්ඨාය විසෙසාභාවතො එකාව නිට්ඨා. යෙන භාවනාය පත්තං, තස්ස කිලෙසවූපසමං, උපාදිසෙසඤ්ච උපාදාය පඤ්ඤාපනීයත්තා සහ උපාදිසෙසෙන පඤ්ඤාපියතීති සඋපාදිසෙසං. යො චස්ස සමුදයප්පහානෙන උපහතායතිකම්මඵලස්ස චරිමචිත්තතො ච උද්ධං පවත්තිඛන්ධානං අනුප්පාදනතො, උප්පන්නානඤ්ච අන්තරධානතො උපාදිසෙසාභාවො , තං උපාදාය පඤ්ඤාපනීයතො නත්ථි එත්ථ උපාදිසෙසොති අනුපාදිසෙසං.
මෙහි කියන ලද හේතු යුක්තීන්ගේ සද්භාවය අනුව හුදෙක් මේ (නිර්වාණය) ම නිත්‍ය වේ: රූපස්වභාවය ඉක්මවන හෙයින් අරූප වේ; [missing trans]
අසිථිලපරක්කමසිද්ධෙන ඤාණවිසෙසෙන අධිගමනීයතො, සබ්බඤ්ඤුවචනතො ච පරමත්ථෙන සභාවතො නිබ්බානං නාවිජ්ජමානං. වුත්තඤ්හෙතං “අත්ථි, භික්ඛවෙ, අජාතං අභූතං අකතං අසඞ්ඛත”න්ති.
දෘඪ වීර්ය බලයෙන් සාධනය කළයුතු ඥාන විශේෂයෙන්ම අවබෝධ කළ හැකි හෙයින්ද, සර්වඥයන් වහන්සේගේම වචන හෙයින්ද පරමාර්‍ත්‍ථ වශයෙන් අවිද්‍යාමාන නොවේ. කියන ලදමැයි:- “මහණෙනි, අජාත (නොඋපන්) වූ, අභූත (නොවූ) වූ, අකෘත (නොකළා) වූ, අසංඛත (අකෘත්රිම) වූ දෙයක් ඇත.”
ඉදං දුක්ඛනිරොධනිද්දෙසෙ විනිච්ඡයකථාමුඛං.
මේ දුක්ඛ-නිරෝධ නිද්දේසයෙහි විනිශ්චය කථාමාර්ගයයි.