නිරොධනිද්දෙසකථා
නිරොධනිද්දෙසකථා
දුක‍්ඛනිරොධනිද‍්දෙසෙ යො තස‍්සායෙව තණ‍්හායාතිආදිනා නයෙන සමුදයනිරොධො වුත‍්තො, සො කස‍්මාති චෙ? සමුදයනිරොධෙන දුක‍්ඛනිරොධො. සමුදයනිරොධෙන හි දුක‍්ඛං නිරුජ‍්ඣති, න අඤ‍්ඤථා. තෙනාහ –
දුක්ඛ නිරෝධ නිද්දේසයෙහි “යො තස්සායෙව තණ්හාය’’ යන ආදී වශයෙන් සමුදය නිරෝධය කියන ලදි. ඒ කවර හෙයින්ද යත්, සමුදය නිරෝධයෙන් දුක්ඛ නිරෝධය වේ. සමුදය නිරෝධයෙන්ම දුක නැතිවේ. සමුදය නිරෝධයෙන්ම මිස අන් ලෙසකින් දුක නිරුද්ධ නොවේ. එහෙයින් කීහු:-
“යථාපි මූලෙ අනුපද්දවෙ දළ‍්හෙ, ඡින‍්නොපි රුක‍්ඛො පුනදෙව රූහති; එවම‍්පි තණ‍්හානුසයෙ අනූහතෙ, නිබ්බත්තතී දුක‍්ඛමිදං පුනප‍්පුන”න‍්ති. (ධ· ප· 338);
“යථාපි මූලෙ අනුපද්දවෙ දළ්හෙ ජින්නොපි රුක්‍ඛො පුනරෙව රූහති එවං හි තණ්භානුසයෙ අනූහතෙ නිබ්බත්තතී දුක්‍ඛමිදං පුනප්පුනං”ති
යම්සේ මුල නිරුපද්‍රැතව දැඩිව තිබියදී ගසක් කපන ලද්දේ නමුදු එය නැවතත් වැඩේද, එසේම මුල් බැසගත් තෘෂ්ණාව නොනසන ලද තාක් මේ දුක යලි යලිත් හටගනියි.
ඉති යස‍්මා සමුදයනිරොධෙනෙව දුක‍්ඛං නිරුජ‍්ඣති, තස‍්මා භගවා දුක‍්ඛනිරොධං දෙසෙන‍්තො සමුදයනිරොධෙනෙව දෙසෙසි. සීහසමානවුත‍්තිනො හි තථාගතා. තෙ දුක‍්ඛං නිරොධෙන‍්තා දුක‍්ඛනිරොධඤ‍්ච දෙසෙන‍්තා හෙතුම‍්හි පටිපජ‍්ජන‍්ති, න ඵලෙ. සුවානවුත‍්තිනො පන තිත්‍ථියා. තෙ දුක‍්ඛං නිරොධෙන‍්තා දුක‍්ඛනිරොධඤ‍්ච දෙසෙන‍්තා අත‍්තකිලමථානුයොගදෙසනාදීහි ඵලෙ පටිපජ‍්ජන‍්ති, න හෙතුම‍්හීති. එවං තාව දුක‍්ඛනිරොධස‍්ස සමුදයනිරොධවසෙන දෙසනාය පයොජනං වෙදිතබ‍්බං.
මෙසේ, යම් හෙයකින් සමුදය නිරෝධයෙන්ම දුක් නිරුද්ධ වේද, එහෙයින් භාග්‍යවතුන්වහන්සේ දුක්ඛ නිරෝධය දේශනා කරන සේක් සමුදය නිරෝධය මගින්ම දේශනා කළ සේක. තථාගතවරයෝ වනාහි, සිංහයනට සමාන පැවතුම් ඇත්තාහුය. ඔවුහු දුක වලකන්නාහුද, දුක්ඛ නිරෝධය දෙසන්නාහුද (දුකට) හේතුව මිස ඵලය වෙත යොමු නොවෙති; තීර්ථකයෝ වනාහි, ශුනකයනට බඳු පැවතුම් ඇත්තාහුය. ඔවුහු දුක් වලක්වන්නහුද, දුඃඛනිරොධය දෙසන්නාහුද අත්තකිලමථානු යෝගාදිය දෙසීමෙන් ඵලය (එනම්, දුක) වෙතම මිස හේතුව වෙත යොමු නොවෙති. දුඃඛ නිරෝධය සමුදය නිරෝධය වශයෙන් දේශනා කිරීමේ ප්‍රයෝජනය මේ නයින් දතයුතුය.
අයං පනත්‍ථො – තස‍්සායෙව තණ‍්හායාති තස‍්සා “පොනොබ‍්භවිකා”ති වත්‍වා කාමතණ‍්හාදිවසෙන විභත‍්තතණ‍්හාය. විරාගො වුච‍්චති මග‍්ගො. “විරාගා විමුච‍්චතී”ති (ම· නි· 1.245; සං· නි· 3.14) හි වුත‍්තං. විරාගෙන නිරොධො විරාගනිරොධො. අනුසයසමුග‍්ඝාතතො අසෙසො විරාගනිරොධො අසෙසවිරාගනිරොධො. අථ වා විරාගොති පහානං වුච‍්චති, තස‍්මා අසෙසො විරාගො අසෙසො නිරොධොති එවම‍්පෙත්‍ථ යොජනා දට‍්ඨබ‍්බා. අත්‍ථතො පන සබ‍්බානෙව එතානි නිබ‍්බානස‍්ස වෙවචනානි. පරමත්‍ථතො හි දුක‍්ඛනිරොධො අරියසච‍්චන‍්ති නිබ‍්බානං වුච‍්චති. යස‍්මා පන තං ආගම‍්ම තණ‍්හා විරජ‍්ජති චෙව නිරුජ‍්ඣති ච, තස‍්මා විරාගොති ච නිරොධොති ච වුච‍්චති. යස‍්මා ච තදෙව ආගම‍්ම තස‍්සා චාගාදයො හොන‍්ති, කාමගුණාලයෙසු චෙත්‍ථ එකොපි ආලයො නත්‍ථි, තස‍්මා “චාගො පටිනිස‍්සග‍්ගො මුත‍්ති අනාලයො”ති වුච‍්චති.
මේ අර්ත්‍ථයයි: තස්සායෙව තණ්හාය යනු, පෝනෝභවිකයයි පවසා කාමතණ්හාදී වශයෙන් විග්‍රහ කොට දන ලද තණ්හාවෙහිය; විරාග යනුවෙන් පැවසෙනුයේ මාර්ගයයි. විරාගය හේතුකොට විමුක්තිය වෙතැ’යි කියනලදි; විරාග හේතුවෙන් නිරුද්ධවීම විරාග නිරෝධයයි; ප්‍රකෘති සිද්ධ කාමරාගාදී ක්ලේශයන්ගේ සමූලඝාත වශයෙන් කිසිවක් ඉතිරි නොවූ විරාග නිරෝධය අසේසවිරාග නිරෝධයයි. නොහොත්:- විරාග යනු ප්‍රහාණයයි කියනු ලැබේ. එහෙයින් අවශේෂ වශයෙන් ප්‍රහාණය අසේස විරාගයයිද අසේස නිරෝධයයිද යෙදෙතැ’යි දතයුතුය. අරුත් වශයෙන් වනාහි මෙකී සියල්ලම නිර්වාණයෙහිම පර්යාය වචනයි. පරමාර්ත්‍ථ වශයෙන් නිර්වාණය දුඃඛ නිරෝධ අරිය සච්ච යනුවෙන් වහරනු ලැබේ; යම් හෙයකින් වනාහි එයට පැමිණ තෘෂ්ණාව දුරුවේද, නිරුද්ධ වේද, එහෙයින් විරාගයයිද, නිරෝධයයිද කියනු ලැබේ. තවද යම් හෙයකින් එයට පැමිණීමෙන් එම තෘෂ්ණාව හැර දැමීම ආදිය වේද, කාම ගුණයන් කෙරෙහි ඇති ඇලීම් අතුරෙන් එකද ඇලීමෙක් නොමැත්තේද එහෙයින් චාග (හැර දැමීම), පටිනිස්සග්ග (ඉවතලීම), මුත්ති (මිදීම) හා අනාලය (නො-ඇලීම) යනුවෙන්ද වහරනු ලැබේ.
තයිදං සන‍්තිලක‍්ඛණං, අච‍්චුතිරසං, අස‍්සාසකරණරසං වා, අනිමිත‍්තපච‍්චුපට‍්ඨානං, නිප‍්පපඤ‍්චපච‍්චුපට‍්ඨානං වා.
ඒ මේ නිර්වාණය වූ කලී ශාන්ති (හෙවත් සමනය) ලක්‍ෂණ කොට ඇත්තේය. චුත නොවීම කෘත්‍ය කොට ඇත්තේය. ආස්වාසකරණය (අස්වැසීම) හෝ කෘත්‍ය කොට ඇත්තේය. නිමිතිරහිත බව වැටහීම් කොට ඇත්තේය. නොවිසුරුණු බව හෝ වැටහීම් කොට ඇත්තේය.