සමුදයනිද්දෙසකථා
සමුදයනිද්දෙසකථා
සමුදයනිද්දෙසකථා
සමුදයනිද්දෙසෙ පන යායං තණ්හාති යා අයං තණ්හා. පොනොබ්භවිකාති පුනබ්භවකරණං පුනොබ්භවො, පුනොබ්භවො සීලමෙතිස්සාති පොනොබ්භවිකා. නන්දීරාගෙන සහගතාති නන්දීරාගසහගතා, නන්දීරාගෙන සද්ධිං අත්ථතො එකත්තමෙව ගතාති වුත්තං හොති. තත්ර තත්රාභිනන්දිනීති යත්ර යත්ර අත්තභාවො නිබ්බත්තති, තත්ර තත්රාභිනන්දිනී. සෙය්යථිදන්ති නිපාතො , තස්ස සා කතමාති චෙති අත්ථො. කාමතණ්හා භවතණ්හා විභවතණ්හාති ඉමා පටිච්චසමුප්පාදනිද්දෙසෙ ආවිභවිස්සන්ති. ඉධ පනායං තිවිධාපි දුක්ඛසච්චස්ස නිබ්බත්තකට්ඨෙන එකත්තං උපනෙත්වා දුක්ඛසමුදයං අරියසච්චන්ති වුත්තාති වෙදිතබ්බා.
සමුදය නිද්දෙසයෙහි වනාහි, යායං තණ්හා යනු, යම් මේ තෘෂ්ණාවක් වේද එයයි. පොනොභවිකා යනු, නැවත නැවත ඉපැදීම කරවනුයේ පුනබ්භවයි. පුනබ්භවය ස්වභාව කොට ඇත්තේ පොනොභවිකයි. නන්දිරාගයෙන් යුක්ත වූයේ නන්දිරාගසහගතායි. අරුත් වශයෙන් නන්දි (සතොස් බවින් සිත ඉපිලෙන ස්වභාව සහිත) රාගය හා සමග සමාන බවට ගියේයයි කී නියායි. තත්රතත්රාභිනන්දිනී යනු, යම් යම් තැනෙක ආත්මභාවය උපදිද ඒ ඒ තැන සොම්නසින් බැඳීමයි. සෙය්යථිදං යනු, නිපාතයි. ඒ කවරක්දැයි යනු එහි අර්‍ත්‍ථයි. කාමතණ්හා, භවතණ්හා විභවතණ්හා යන මෙය පටිච්චසමුප්පාද නිද්දේසයෙහි මතු විස්තර වේ; මෙහි වනාහි, ත්‍රිවිධ වූම තෘෂ්ණාව දුඃඛ සත්‍යය උපදවති’යි යන අර්ත්ථයෙන් එකක් කොට ගෙන දුක්ඛ-සමුදය- අරියසච්චයයි කියනලද බව දතයුතුය.
අයං සමුදයනිද්දෙසෙ නයො.