යෙදුමෙන් කියවන්න

පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා

පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා

පඤ්චුපාදානක්ඛන්ධා

සංඛිත‍්තෙන පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා දුක‍්ඛාති එත්‍ථ පන –

සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්‍ඛන්‍ධා දුක්‍ඛා යන මෙහි:-

ජාතිප‍්පභුතිකං දුක‍්ඛං, යං වුත‍්තමිධ තාදිනා; අවුත‍්තං යඤ‍්ච තං සබ‍්බං, විනා එතෙ න විජ‍්ජති.

ජාතිප්පභූතිකං දුක්‍ඛං යං වුත්තමිධ තාදිනා අවුත්තං යඤ්ච තං සබ්බං විනා එතෙන විජ්ජති

යස‍්මා තස‍්මා උපාදාන-ක‍්ඛන්‍ධා සඞ‍්ඛෙපතො ඉමෙ; දුක‍්ඛාති වුත‍්තා දුක‍්ඛන‍්ත-දෙසකෙන මහෙසිනා.

යස්මා තස්මා උපාදානක්‍ඛන්‍ධා සංඛෙපතො ඉමෙ දුක්‍ඛාති වුත්තා දුක්‍ඛන්ත දෙසකෙන මහෙසිනා

තත්‍වදර්ශී (තතුදත්) වූ, දුඃඛාන්ත-දේශක (නිර්වාණය දේශනා කළා) වූ මහර්ෂීන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද ජාති ආදී වූ යම් දුඃඛසත්‍යයක් වේද, යම් හෙයකින් එයින් බැහැරවූ (විශේෂ කොට) ප්‍රකාශ නොකරන ලද යමක් ඇත්නම් ඒ සියල්ල ගෙන, “සංක්‍ෂේපයෙන් මේ උපාදානස්කන්‍ධයෝ දුඃඛයහ”යි ප්‍රකාශ කරන ලදි.

තථා හි ඉන්‍ධනමිව පාවකො, ලක‍්ඛමිව පහරණානි, ගොරූපං විය ඩංසමකසාදයො, ඛෙත‍්තමිව ලායකා, ගාමං විය ගාමඝාතකා උපාදානක‍්ඛන්‍ධපඤ‍්චකමෙව ජාතිආදයො නානප‍්පකාරෙහි විබාධෙන‍්තා තිණලතාදීනි විය භූමියං, පුප‍්ඵඵලපල‍්ලවානි විය රුක‍්ඛෙසු උපාදානක‍්ඛන්‍ධෙසුයෙව නිබ‍්බත‍්තන‍්ති. උපාදානක‍්ඛන්‍ධානඤ‍්ච ආදිදුක‍්ඛං ජාති, මජ‍්ඣෙදුක‍්ඛං ජරා, පරියොසානදුක‍්ඛං මරණං, මාරණන‍්තිකදුක‍්ඛාභිඝාතෙන පරිඩය‍්හනදුක‍්ඛං සොකො, තදසහනතො ලාලප‍්පනදුක‍්ඛං පරිදෙවො, තතො ධාතුක‍්ඛොභසඞ‍්ඛාතඅනිට‍්ඨඵොට‍්ඨබ‍්බසමායොගතො කායස‍්ස ආබාධනදුක‍්ඛං දුක‍්ඛං, තෙන බාධියමානානං පුථුජ‍්ජනානං තත්‍ථ පටිඝුප‍්පත‍්තිතො චෙතොබාධනදුක‍්ඛං දොමනස‍්සං, සොකාදිවුද‍්ධියා ජනිතවිසාදානං අනුත්‍ථුනනදුක‍්ඛං උපායාසො, මනොරථවිඝාතප‍්පත‍්තානං ඉච‍්ඡාවිඝාතදුක‍්ඛං ඉච‍්ඡිතාලාභොති එවං නානප‍්පකාරතො උපපරික‍්ඛියමානා උපාදානක‍්ඛන්‍ධාව දුක‍්ඛාති. යදෙතං එකමෙකං දස‍්සෙත්‍වා වුච‍්චමානං අනෙකෙහිපි කප‍්පෙහි න සක‍්කා අසෙසතො වත‍්තුං, තස‍්මා තං සබ‍්බම‍්පි දුක‍්ඛං එකජලබින්‍දුම‍්හි සකලසමුද‍්දජලරසං විය යෙසු කෙසුචි පඤ‍්චසු උපාදානක‍්ඛන්‍ධෙසු සංඛිපිත්‍වා දස‍්සෙතුං “සංඛිත‍්තෙන පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා දුක‍්ඛා”ති භගවා අවොචාති. අයං උපාදානක‍්ඛන්‍ධෙසු විනිච‍්ඡයො.

ඒ එසේමැයි, ගින්න දර සෙයින්ද, ආයුධ ඉලක්කය සෙයින්ද, මැසිමදුරු ආදීන් ගවසිරුරක් සෙයින්ද, ගොයම් කපන්නන් කෙතක් සෙයින්ද, ගම්පහරන්නන් ගමක් සෙයින්ද, ජාති ආදීහු උපාදානස්කන්‍ධ පඤ්චකයම නන් අයුරින් පෙළමින්, භූමියෙහි තෘණලතාදිය මෙන්ද, ගස්වල මල්පලු පල මෙන්ද, උපාදානස්කන්‍ධයන් තුළම උපදිති. උපාදානස්කන්‍ධයන්ගේද ආරම්භයෙහි වූ දුක ඉපැදීමයි. මධ්‍යයෙහි වූ දුක ජරාවයි. අවසන්හි වූ දුක මරණයයි. මරණය දුක් පීඩා මගින් දවන දුක ශෝකයයි. එම ශෝකය ඉවසනු නොහැකිව මෙන් දොඩමලු කරවන දුක පරිදේවය (වැලපීම) යි, ඉක්බිතිව ධාතූන්ගේ කැළඹීම යයි කියනු ලබන අහිතකර ස්පර්ශයන්ගේ එක්වීමේ හේතුවෙන් කය රෝගීබවට පත් කරවන දුක ‘දුක්ඛ’ යයි, එය හේතු කොට ගෙන පෘථග්ජනයන් තුළ ද්වේෂය ඉපැදීමෙන් සිත රෝගී කරවන දුක දෝමනස්සයයි. ශෝකාදිය දැනීමෙන් උපන් කලකිරීම (වැලපීම් මගින්) ප්‍රකට නොවන දුක උපායාසයයි. බලාපොරොත්තු කඩවූවන් තුළ අපේක්‍ෂාභංගත්‍වය නිසා ඇතිවන දුක ඉච්ඡිතාලාභය (පතන දෙය නොලැබීම) යි. මෙසේ නන් අයුරින් පිරික්සනු ලබන විට පංච උපාදානස්කන්‍ධයෝම දුක්ඛ නම් වෙති. යම් හෙයකින් මේ දුඃඛස්වභාවය එකක් එකක් ගෙන හැර දක්වමින් කියනු ලබතොත්, කල්පගණනාවෙකින් වුවද කියා නිම කළ නොහැකි වේද, එහෙයින් එම සියලු දුක් එක් දිය බිඳුවෙක මුළු මහත් මුහුදු දියෙහි (ලුණු) රසය මෙන් පංච උපාදානස්කන්‍ධයන් තුළ පිඬු කොට දක්වනු පිණිස භාග්‍යවතුන් වහන්සේ “සංඛිත්තෙන පඤ්චුපාදානක්‍ඛන්‍ධා දුක්‍ඛා”යි පැවසූ සේක. මේ උපාදානස්කන්‍ධයන් පිළිබඳ විනිශ්චයයි

අයං තාව දුක‍්ඛනිද‍්දෙසෙ නයො.

දුක්ඛ නිද්දේසනය මෙසේ පළමුකොට දක්වන ලදි.