යෙදුමෙන් කියවන්න

සොකාදිනිද‍්දෙසා

සම්පූර්ණ පරිච්ඡේදය

සොකාදිනිද‍්දෙසා

සොකාදිනිද්දෙසා

සොකාදීසු සොකො නාම ඤාතිබ්‍යසනාදීහි ඵුට‍්ඨස‍්ස චිත‍්තසන‍්තාපො. සො කිඤ‍්චාපි අත්‍ථතො දොමනස‍්සමෙව හොති. එවං සන‍්තෙපි අන‍්තොනිජ‍්ඣානලක‍්ඛණො, චෙතසො පරිජ‍්ඣාපනරසො, අනුසොචනපච‍්චුපට‍්ඨානො. දුක‍්ඛො පන දුක‍්ඛදුක‍්ඛතො දුක‍්ඛවත්‍ථුතො ච. තෙනෙතං වුච‍්චති –

සොකාදිය අතුරෙන් ‘සොක’ යනු, ඥාතිව්‍යසනාදියෙන් සිදුවන චිත්ත සන්තාපයයි. එය අර්ත්‍ථ වශයෙන් (මතු පැවසෙන) දෝමනස්සයම වන නමුදු, ඇතුළතින් දැවීම ලක්‍ෂණකොට ඇත්තේය, ළ-තැවීම කෘත්‍ය කොට ඇත්තේය. නැවත නැවත ශෝකයට පත්වීම වැටහීම් කොට ඇත්තේය. (ඉහත කී) දුක්‍ඛ-දුක්‍ඛයම වන හෙයින්ද, දුකට වස්තු වන හෙයින්ද දුක්ම වේ. එහෙයින් කියනු ලැබේ:-

“සත‍්තානං හදයං සොකො, විසසල‍්ලංව තුජ‍්ජති; අග‍්ගිතත‍්තොව නාරාචො, භුසංව දහතෙ පුන.

“සත්තානං හදයං සොකො විසසල්ලංව තුජ්ජති අග්ගි තත්තොව නාරාචො භුසං ච දහතෙ පුන”

ශෝකය විෂ සහිත සැතක් සෙයින් සත්ත්‍වයන්ගේ හෘදය පෙළයි, ගින්නෙන් රත්වූ යවුලක් සෙයින් නැවත නැවතත් බොහෝ සෙයින් දවයි.

“සමාවහති ච බ්‍යාධි-ජරාමරණභෙදනං; දුක‍්ඛම‍්පි විවිධං යස‍්මා, තස‍්මා දුක‍්ඛොති වුච‍්චතී”ති.

“සමාවසති ච බ්‍යාධි ජරා මරණ භේදනං දුක්‍ඛම්පි විවිධං යස්මා තස්මා දුක්‍ඛො’ති වුච්චති”

ජරා, ව්‍යාධි, මරණ යන භේද සහිත විවිධ දුක් ගෙන දෙන හෙයින් දුක්ඛ යයි කියනු ලැබේ.

අයං සොකෙ විනිච‍්ඡයො.

මේ සෝකය පිළිබඳ විනිශ්චයයි

පරිදෙවො

පරිදෙවො

පරිදෙවො නාම ඤාතිබ්‍යසනාදීහි ඵුට‍්ඨස‍්ස වචීපලාපො. සො ලාලප‍්පනලක‍්ඛණො, ගුණදොසකිත‍්තනරසො, සම‍්භමපච‍්චුපට‍්ඨානො. දුක‍්ඛො පන සඞ‍්ඛාරදුක‍්ඛභාවතො දුක‍්ඛවත්‍ථුතො ච. තෙනෙතං වුච‍්චති –

පරිදෙව යනු ඥාතිව්‍යසනාදියෙන් පහව පුද්ගලයාගේ වැලපීමයි. එය දොඩමලු වීම ලක්‍ෂණ කොට ඇත්තේය. ගුණදොස් පැවසීම කෘත්‍ය කොට ඇත්තේය. (සෙසු වැළපෙන්නන් හා සමග) එක්වීම වැටහීම් කොට ඇත්තේය. (ඉහත කී) ‘සංසාර දුක්ඛ’ වන හෙයින්ද, දුකට වස්තුවන හෙයින්ද දුක් වේ. එහෙයින් කියනු ලැබේ:-

“යං සොකසල‍්ලවිහතො පරිදෙවමානො, කණ‍්ඨොට‍්ඨතාලුතලසොසජමප‍්පසය‍්හං; භිය්‍යොධිමත‍්තමධිගච‍්ඡතියෙව දුක‍්ඛං, දුක‍්ඛොති තෙන භගවා පරිදෙවමාහා”ති.

“යං සොකසල්ල විහතො පරිදෙවමානො කණ්ඨොට්ඨ තාලුතල සොසජමප්පසය්හං භීය්‍යොධිමත්තමධිගච්ඡතියෙව දුක්‍ඛං දුක්‍ඛො’ති තෙන භගවා පරිදෙව මාහ”

ශෝක නමැති හුලෙන් පහර ලැබ වැළපෙන පුද්ගලයා බොහෝ සෙයින් උගුර, තොල්, තලු වියලීමෙන් හටගන්නා නො-ඉවසිය හැකි ඉතා මහත් දුකකට පත් වේද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වැළපීම දුකෙකැයි පැවසූහ.

අයං පරිදෙවෙ විනිච‍්ඡයො.

මේ පරිදේවය පිළිබඳ විනිශ්චයයි

දුක‍්ඛං

දුක්ඛං

දුක‍්ඛං නාම කායිකං දුක‍්ඛං, තං කායපීළනලක‍්ඛණං, දුප‍්පඤ‍්ඤානං දොමනස‍්සකරණරසං, කායිකාබාධපච‍්චුපට‍්ඨානං. දුක‍්ඛං පන දුක‍්ඛදුක‍්ඛතො මානසදුක‍්ඛාවහනතො ච. තෙනෙතං වුච‍්චති –

දුක්‍ඛං යනු කායික දුඃඛයයි. එය කය පෙළීම ලක්‍ෂණ කොට ඇත්තේය. නැණහීනයන් දොම්නස් කරවීම කෘත්‍ය කොට ඇත්තේය. කායික ආබාධ වැටහීම් කොට ඇත්තේය. දුක්ඛ දුක්ඛ වන හෙයින්ද, මානසික දුක් පවා ගෙන දෙන හෙයින්ද දුක්ඛ නම් වේ. එහෙයින් කියනු ලැබේ:-

“පීළෙති කායිකමිදං, දුක‍්ඛඤ‍්ච මානසං භිය්‍යො; ජනයති යස‍්මා තස‍්මා, දුක‍්ඛන‍්ති විසෙසතො වුත‍්ත”න‍්ති.

“පීළෙති කායික මිදං දුක්‍ඛඤ්ච මානසං භිය්‍යො ජනයති යස්මා තස්මා දුක්‍ඛන්ති විසෙසතො වුත්තන්ති”

යම්හෙයකින් මේ කායික දුඃඛය මානසික දුඃඛයද දනවමින් බොහෝ සෙයින් සත්ත්‍වයා පෙළාද, එහෙයින් විශේෂයෙන් දුක්ඛයයි කියනු ලැබේ.

අයං දුක‍්ඛෙ විනිච‍්ඡයො.

මේ දුඃඛය පිළිබඳ විනිශ්චයයි

දොමනස‍්සං

දොමනස්සං

දොමනස‍්සං නාම මානසං දුක‍්ඛං. තං චිත‍්තපීළනලක‍්ඛණං, මනොවිඝාතරසං, මානසබ්‍යාධිපච‍්චුපට‍්ඨානං. දුක‍්ඛං පන දුක‍්ඛදුක‍්ඛතො කායිකදුක‍්ඛාවහනතො ච. චෙතොදුක‍්ඛසමප‍්පිතා හි කෙසෙ පකිරිය කන්‍දන‍්ති, උරානි පටිපිසන‍්ති, ආවට‍්ටන‍්ති, විවට‍්ටන‍්ති, උද‍්ධංපාදං පපතන‍්ති, සත්‍ථං ආහරන‍්ති, විසං ඛාදන‍්ති, රජ‍්ජුයා උබ‍්බන්‍ධන‍්ති, අග‍්ගිං පවිසන‍්තීති තං නානප‍්පකාරකං දුක‍්ඛමනුභවන‍්ති. තෙනෙතං වුච‍්චති –

දොමනස්සං යනු මානසික දුඃඛයයි. එය සිත පෙලීම ලක්‍ෂණ කොට ඇත්තේය. සිත විකල කිරීම කෘත්‍ය කොට ඇත්තේය. මානසික ආබාධ වැටහීම් කොට ඇත්තේය. දුක්ඛ-දුක්ඛ වන හෙයින්ද කායික දුක් පවා ගෙන දෙන හෙයින්ද දුක්ඛ නම් වේ. මානසික දුඃඛයෙන් පීඩිත වූවාහු හිස කෙස් විසුරුවා ගෙන හඬති. ළෙහි අත් ගසති. පෙරළෙති. ඒ මේ අත පෙරළෙති. පාඋඩුකුරු කොට වැටෙති. සැතින් ඇන ගනිති. වසවිස කති. ගෙළ වැලලා ගනිති. ගිනි වදිති. මෙසේ අනේකප්‍රකාරවූ දුක් අනුභව කෙරෙති. එහෙයින් කියනු ලැබේ:-

“පීළෙති යතො චිත‍්තං, කායස‍්ස ච පීළනං සමාවහති; දුක‍්ඛන‍්ති දොමනස‍්සං, විදොමනස‍්සා තතො ආහූ”ති.

“පීළෙති යතො චිත්තං කායස්සච පිළනං සමාවහති දුක්‍ඛන්ති දොමනස්සං විදොමනස්සා තතො ආහු”ති.

යම් හෙයකින් සිත පීඩාවට පත් කරාද, කායික පීඩා පවා ගෙන දෙයිද. එහෙයින් දෝමනස්ස දුරු කළාහු එම දෝමනස්සය දුකෙකි’යි පැවසූහ:-

අයං දොමනස‍්සෙ විනිච‍්ඡයො.

මේ දෝමනස්සය පිළිබඳ විනිශ්චයයි

උපායාසො

උපායාසො

උපායාසො නාම ඤාතිබ්‍යසනාදීහි ඵුට‍්ඨස‍්ස අධිමත‍්තචෙතොදුක‍්ඛප‍්පභාවිතො දොසොයෙව. සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො එකො ධම‍්මොති එකෙ. සො චිත‍්තපරිදහනලක‍්ඛණො, නිත්‍ථුනනරසො , විසාදපච‍්චුපට‍්ඨානො. දුක‍්ඛො පන සඞ‍්ඛාරදුක‍්ඛභාවතො චිත‍්තපරිදහනතො කායවිසාදනතො ච. තෙනෙතං වුච‍්චති –

උපායාස නම් ඥාතිව්‍යාසනාදිය හේතු කොටගෙන ඇතිවූ අතිමාත්‍ර මානසික දුඃඛයෙන් බලවත්වූ ද්වේෂය මැයි. ඇතැමෙක් සංස්කාර ස්කන්‍ධයට අයත් එක්තරා ස්වභාවයෙකැ’යි කියති. එය චිත්ත සන්තාප ලක්‍ෂණකොට ඇත්තේය. තැතනීම කෘත්‍ය කොට ඇත්තේය. විශාදය (අසහනය) වැටහීම් කොට ඇත්තේය. සංඛාරදුක්ඛ වන හෙයින්ද, සිත දවන හෙයින්ද, කය අසහනයට පත් කරන හෙයින්ද දුඃඛ වේ. එහෙයින් කියනු ලැබේ:-

“චිත‍්තස‍්ස ච පරිදහනා, කායස‍්ස විසාදනා ච අධිමත‍්තං; යං දුක‍්ඛමුපායාසො, ජනෙති දුක‍්ඛො තතො වුත‍්තො”ති.

“චිත්තස්ස පරිදහනා කායස්ස විසාදතා ච අධිමත්තං යං දුක්‍ඛං උපායාසො ජනෙති දුක්‍ඛො තතො වුත්තො”ති

සිත දැවීමෙන් ද කය අසහනයට පත් කරවීමෙන්ද අතිමාත්‍ර වූ යම් දුකක් උපදවාද, එහෙයින් උපායාසය දුකෙකැ’යි කියන ලදි.

අයං උපායාසෙ විනිච‍්ඡයො.

මේ උපායාසය පිළිබඳ විනිශ්චයයි

එත්‍ථ ච මන්‍දග‍්ගිනා අන‍්තොභාජනෙ පාකො විය සොකො. තික‍්ඛග‍්ගිනා පච‍්චමානස‍්ස භාජනතො බහිනික‍්ඛමනං විය පරිදෙවො. බහිනික‍්ඛන‍්තාවසෙසස‍්ස නික‍්ඛමිතුං අප‍්පහොන‍්තස‍්ස අන‍්තොභාජනෙයෙව යාව පරික‍්ඛයා පාකො විය උපායාසො දට‍්ඨබ‍්බො.

මෙහි වනාහි, ශෝකය මඳ ගින්නේ භාජනය ඇතුළත පැසීම වැනියයිද, පරිදේවය තද ගින්නෙන් පැසෙන විට භාජනයෙන් පිටතට උතුරා යාම වැනියයිද, උපායාසය පිටතට උතුරා යාමෙන් අනතුරුව ඉතිරිය බඳුන තුළම සිඳී යන තෙක් පැසීම වැනියයිද දතයුතුය.

අප‍්පියසම‍්පයොගො

අප්පියසම්පයොගො

අප‍්පියසම‍්පයොගො නාම අමනාපෙහි සත‍්තසඞ‍්ඛාරෙහි සමොධානං. සො අනිට‍්ඨසමොධානලක‍්ඛණො, චිත‍්තවිඝාතකරණරසො, අනත්‍ථභාවපච‍්චුපට‍්ඨානො. දුක‍්ඛො පන දුක‍්ඛවත්‍ථුතො. තෙනෙතං වුච‍්චති –

අප්පිය සම්පයෝගය නම් මනාප නොවූ සත්ත්‍ව-සංස්කාරයන් හා සමග එක්වීමයි. එය නොකැමැත්තෙන් එක්වීම ලක්‍ෂණ කොට ඇත්තේය. සිතට වදදීම කෘත්‍ය කොට ඇත්තේය, අහිතකර බව වැටහීම් කොට ඇත්තේය. දුකට වස්තු වන හෙයින් දුක්ඛ නම්වේ. එහෙයින් කියනු ලැබේ:-

“දිස‍්වාව අප‍්පියෙ දුක‍්ඛං, පඨමං හොති චෙතසි; තදුපක‍්කමසම‍්භූත-මථකායෙ යතො ඉධ.

“දිස්වාව අප්පියෙ දුක්‍ඛං පඨමං හොති චෙතසි තදුපක්කම සම්භූතමථ කායෙ යතො ඉධ

“තතො දුක‍්ඛද‍්වයස‍්සාපි, වත්‍ථුතො සො මහෙසිනා; දුක‍්ඛො වුත‍්තොති විඤ‍්ඤෙය්‍යො, අප‍්පියෙහි සමාගමො”ති.

තතො දුක්‍ඛද්වයස්සාපි වත්‍ථුතො සො මහෙසිනා දුක්‍ඛො වුත්තො’ති විඤ්ඤෙය්‍යො අප්පියෙහි සමාගමො”ති

යම් හෙයකින් පළමුකොට අප්‍රියයන් දැකීමෙන්ම සිතු තුළද, අනතුරුව ඔවුන් හා සම ඇසුරෙන් කය තුළද, දුක් හටගැනීමෙන්, මෙසේ (කායික මානසික යන) දෙ-ආකාරවූ දුකට වස්තුවන හෙයින් අප්‍රිය සමාගමය මහර්ෂීන් වහන්සේ විසින් දුකෙකි’යි පවසන ලද බව දතයුතුය.

අයං අප‍්පියසම‍්පයොගෙ විනිච‍්ඡයො.

මේ අප්‍රියසංයෝගය පිළිබඳ විනිශ්චයයි

පියවිප‍්පයොගො

පියවිප්පයොගො

පියවිප‍්පයොගො නාම මනාපෙහි සත‍්තසඞ‍්ඛාරෙහි විනාභාවො. සො ඉට‍්ඨවත්‍ථුවියොගලක‍්ඛණො , සොකුප‍්පාදනරසො, බ්‍යසනපච‍්චුපට‍්ඨානො. දුක‍්ඛො පන සොකදුක‍්ඛස‍්ස වත්‍ථුතො. තෙනෙතං වුච‍්චති –

පිය විප්පයෝගය නම්, මනාපවූ සත්ත්‍ව- සංස්කාරයන් කෙරෙන් වියෝවීමයි. එය කැමැති වස්තූන්ගෙන් වෙන් කරනු ලැබීම ලක්‍ෂණ කොට ඇත්තේය. ශෝකය දැනවීම කෘත්‍ය කොට ඇත්තේය. ව්‍යසනයට පත්වීම වැටහීම් කොට ඇත්තේය. සෝ-දුකට වස්තුවන හෙයින් දුඃඛ නම් වේ. එහෙයින් කියනු ලැබේ:-

“ඤාතිධනාදිවියොගා, සොකසරසමප‍්පිතා විතුජ‍්ජන‍්ති; බාලා යතො තතො යං, දුක‍්ඛොති මතො පියවිප‍්පයොගො”ති.

“ඤාතිධනාදි වියෝගා සොකසර සමප්පිතා විතුජ්ජන්ති බාලා යතො තතො’යං දුක්‍ඛො’ති මතො පියවිප්පයොගො”ති

යම් හෙයකින් අඥාන ජනයා ඥාති ධනාදීන් කෙරෙන් වියෝවීම හේතුකොට සෝ-හී පහරින් මඩිනු ලැබෙත්ද, එහෙයින් ප්‍රියවිප්‍රයෝගය දුකෙකි’යි දන්නා ලදි.

අයං පියවිප‍්පයොගෙ විනිච‍්ඡයො.

මේ ප්‍රියවිප්‍රයෝගය පිළිබඳ විනිශ්චයයි

ඉච‍්ඡිතාලාභො

ඉච්ඡිතාලාභො

යම‍්පිච‍්ඡං න ලභතීති එත්‍ථ “අහො වත මයං න ජාතිධම‍්මා අස‍්සාමා”තිආදීසු (දී· නි· 2.398; විභ· 201) අලබ‍්භනෙය්‍යවත්‍ථූසු ඉච‍්ඡාව යම‍්පිච‍්ඡං න ලභති, තම‍්පි දුක‍්ඛන‍්ති වුත‍්තා. සා අලබ‍්භනෙය්‍යවත්‍ථුඉච‍්ඡනලක‍්ඛණා, තප‍්පරියෙසනරසා, තෙසං අප‍්පත‍්තිපච‍්චුපට‍්ඨානා. දුක‍්ඛා පන දුක‍්ඛවත්‍ථුතො. තෙනෙතං වුච‍්චති –

යම්පිච්ඡං න ලභති යන මෙහි “අහො වත මයං න ජාතිධම්මා අස්සාම” (අහෝ අපි ඉපැදීම ස්වභාව කොට ඇත්තෝ නො වන්නමෝ නම් මැනවි) යන ආදී නොලද හැකි වස්තූන් හෝ ස්වභාවයන් කෙරෙහි ආශා කිරීමම “යම්පිච්ඡං නලභති තම්පි දුක්‍ඛං” (කැමති වන දෙය නොලැබේ නම් එයද දුකෙකි) යි කියන ලදි. එය නොලද හැකි වස්තූන් කැමැතිවීම ලක්‍ෂණ කොට ඇත්තේය. එය සෙවීම කෘත්‍ය කොට ඇත්තේය. එම වස්තූන් නොලැබීම වැටහීම් කොට ඇත්තේය. දුකට වස්තුවන හෙයින් දුක්ඛ නම් වේ. එහෙයින් කියනු ලැබේ:-

“තං තං පත්‍ථයමානානං, තස‍්ස තස‍්ස අලාභතො; යං විඝාතමයං දුක‍්ඛං, සත‍්තානං ඉධ ජායති.

“යං යං පත්‍ථයමානානං තස්ස තස්ස අලාභතො යං විඝාතමයං දුක්‍ඛං සත්තානං ඉධ ජායති

“අලබ‍්භනෙය්‍යවත්‍ථූනං, පත්‍ථනා තස‍්ස කාරණං; යස‍්මා තස‍්මා ජිනො දුක‍්ඛං, ඉච‍්ඡිතාලාභමබ්‍රවී”ති.

අලබ්භනෙය්‍ය වත්‍ථුනං පත්‍ථනා තස්ස කාරණං යස්මා තස්මා ජිනො දුක්‍ඛං ඉච්ඡිතාලාභමබ්‍රවී’’ති

යමක් යමක් ප්‍රාර්ත්‍ථනා කරන්නවුනට ඒ ඒ දෙය නොලැබීමෙන් ඉච්ඡාවිඝාතමය (කැමැති දෙය නොලැබීමෙන් උපන්) දුකෙක් වේද, යම් හෙයකින් එම දුකට හේතුව නොලදහැකි දෙය පැතීම වේද, එහෙයින් ජනයන් වහන්සේ එය ඉච්ඡිතාලාභ දුක්ඛ (කැමති වන දෙය නොලැබීමෙන් ඇතිවන දුක) යයි පැවසූ සේක.

අයං ඉච‍්ඡිතාලාභෙ විනිච‍්ඡයො.

මේ ඉච්ඡිතාලාභය පිළිබඳ විනිශ්චයයි.