මරණනිද්දෙසො
මරණනිද්දෙසො
මරණනිද්දෙසො
මරණම්පි දුක්ඛන්ති එත්ථාපි දුවිධං මරණං සඞ්ඛතලක්ඛණඤ්ච, යං සන්ධාය වුත්තං “ජරාමරණං ද්වීහි ඛන්ධෙහි සඞ්ගහිත”න්ති (ධාතු· 71). එකභවපරියාපන්නජීවිතින්ද්රියප්පබන්ධවිච්ඡෙදො ච, යං සන්ධාය වුත්තං “නිච්චං මරණතො භය”න්ති (සු· නි· 581). තං ඉධ අධිප්පෙතං. ජාතිපච්චයා මරණං උපක්කමමරණං සරසමරණං ආයුක්ඛයමරණං පුඤ්ඤක්ඛයමරණන්තිපි තස්සෙව නාමං. තයිදං චුතිලක්ඛණං, වියොගරසං, ගතිවිප්පවාසපච්චුපට්ඨානං. දුක්ඛස්ස පන වත්ථුභාවතො දුක්ඛන්ති වෙදිතබ්බං. තෙනෙතං වුච්චති –
“මරණම්පි දුක්ඛං” යන මෙහිද, මරණය දෙආකාර වේ. “ජරාමරණං ද්වීහිඛන්ධෙහි සංගහිතං’’ (ජරාමරණ යන දෙක ස්කන්ධ දෙකකින් සංගෘහීත වේ) යනුවෙන් කියන ලද සංඛත ලක්ෂණය හා “නිච්චං මරණතො භයං” (මරණයට ඇති නිරන්තර භය) යනුවෙන් කියනලද එක් භවයකට අයත් ජීවිතේන්ද්රිය සම්බන්ධය බිඳීයාමයි. මෙහි අභිප්‍රේත වනුයේ පසුව කී ජාති පච්චය (ඉපැදීම් හේතුවෙන් ඇතිවන මරණයයි. ජාති පච්චය මරණයටම උපක්කම මරණ (උපක්‍රම හේතුවෙන් සිදුවන මරණය) යනුද, සරස මරණ (ස්වාභාවික මරණය) යනුද, ආයුක්ඛය මරණ (ආයුෂ ක්ෂය වීමෙන් සිදුවන මරණය) යනුද, පුඤ්ඤක්ඛය මරණ (පින් ගෙවීයාමෙන් ඇතිවන මරණය) යනුද නම් වේ. මෙය චුතිය ලක්ෂණ කොට ඇත්තේය. වියෝගය කෘත්‍ය කොට ඇත්තේය. මේ භවය හැර අන්භවයට පැමිණීම වැටහීම් කොට ඇත්තේය. දුකට වස්තු වන හෙයින් දුඃඛ වශයෙන් දතයුතුය. එහෙයින් කියනු ලැබේ:-
“පාපස්ස පාපකම්මාදි-නිමිත්තමනුපස්සතො; භද්දස්සාපසහන්තස්ස, වියොගං පියවත්ථුකං; මීයමානස්ස යං දුක්ඛං, මානසං අවිසෙසතො.
“පාපස්ස පාපකම්මාදි නිමිත්තමනුපස්සතො භද්දස්සාපසහන්තස්ස වියොගං පියවත්ථුකං මීයමානස්ස යං දුක්ඛං මානසං අවිසෙසතො
සබ්බෙසඤ්චාපි යං සන්ධි-බන්ධනච්ඡෙදනාදිකං; විතුජ්ජමානමම්මානං, හොති දුක්ඛං සරීරජං.
සබ්බෙසඤ්චාපි යං සන්ධි බන්ධනච්ඡෙදනාදිකං විතුජ්ජමානමම්මානං හොති දුක්ඛං සරීරංජ
අසය්හමප්පතිකාරං, දුක්ඛස්සෙතස්සිදං යතො; මරණං වත්ථු තෙනෙතං, දුක්ඛමිච්චෙව භාසිත”න්ති.
අසය්හමප්පතීකාරං දුක්ඛස්සෙතස්සිදං යතො මරණං වත්ථු තෙනෙතං දුක්ඛමිච්චෙව භාසිතං’ති”
මරණාසන්න අවස්ථාවෙහිදී පාපකාරී පුද්ගලයාහට කර්මනිමිති, ගතිනිමිති පෙනෙන විටද, පින්කළ පුද්ගලයාහට වුවද, ප්‍රියවස්තූන් කෙරෙන් වන වියෝගය දක්නා විටද අවිශේෂයෙන් යම් මානසික දුකක් ඇතිවේද,
සියල්ලන්හටම සන්‍ධිබන්‍ධන ඡේදනාදීවූ (අත්පා ආදී අග පසඟ සිඳීම් ආදී) මර්මස්ථානයනට හානි කරන වධ වේදනාවනට භාජන වන විට පමණ කළ නොහැකි, නො-ඉවසිය හැකිය. ප්‍රතිකාරයක් නැති යම් ශාරීරික දුකක් ඇතිවේද, මේ සියලු දුකට මේ මරණය යම් හෙයකින් වස්තු වේද, එහෙයින් මෙය දුක්මයයි කියන ලදී.
අයං මරණෙ විනිච්ඡයො.
මේ මරණය පිළිබඳ විනිශ්චයයි.