ජරානිද්දෙසො
ජරානිද්දෙසො
ජරානිද්දෙසො
ජරාපි දුක්ඛාති එත්ථ දුවිධා ජරා සඞ්ඛතලක්ඛණඤ්ච, ඛණ්ඩිච්චාදිසම්මතො සන්තතියං එකභවපරියාපන්නඛන්ධපුරාණභාවො ච, සා ඉධ අධිප්පෙතා. සා පනෙසා ජරා ඛන්ධපරිපාකලක්ඛණා, මරණූපනයනරසා, යොබ්බනවිනාසපච්චුපට්ඨානා. දුක්ඛා සඞ්ඛාරදුක්ඛභාවතො චෙව දුක්ඛවත්ථුතො ච . යං හි අඞ්ගපච්චඞ්ගසිථිලීභාවඉන්ද්රියවිකාරවිරූපතායොබ්බනවිනාසබලූපඝාතසතිමතිවිප්පවාසපරපරිභවාදිඅනෙකපච්චයං කායිකචෙතසිකදුක්ඛං උප්පජ්ජති, ජරා තස්ස වත්ථු. තෙනෙතං වුච්චති –
‘ජරාපිදුක්ඛා’ යන මෙහි, ජරාව (දිරාපත්වීම) විවිධ වේ. සඞ්කත ලක්ඛණ සඞ්ඛ්‍යාත අප්‍රකට ජරාව හා ‘ඛණ්ඩිච්ච’ (දත් වැටීම - කෙස් හැලීම) යයි සම්මතවූ, සංසාර පැවැත්ම තුළ එක් භවයකට අයත් ස්කන්ධයන්ගේ දිරාපත් වීමයි. මෙහි අභිප්‍රේත වනුයේ පසුව කී ආකාරයයි. ඒ මේ ජරා තොමෝ ස්කන්ධයන්ගේ පැසීයාම ලක්ෂණ කොට ඇත්තීය, මරණය වෙත ළං වීම කෘත්‍යය කොට ඇත්තීය. යොවුන්බව නැසීම වැටහීම් කොට ඇත්තීය. සංසාර දුඃඛ භාවයෙන්ද, දුකට වස්තු වූ හෙයින්ද දුක්වේ. අගපසඟ ලිහිල්වීම, ඉන්ද්රියයන් විකෘත වීම, විරූපීබව, යොවුන්බව නැතිවීම, වීර්යය හීන වීම, සිහිනුවණ පිරිහීයාම, අනුන්ගේ නිගරුවට පාත්‍ර වීම ආදී නොයෙක් හේතුනිසා උපදින කායික වූද මානසික වූද යම් දුකක් වේනම් එයට වස්තු වනුයේ ජරාවයි. එහෙයින් කියන ලැබේ:-
“අඞ්ගානං සිථිලීභාවා, ඉන්ද්රියානං විකාරතො; යොබ්බනස්ස විනාසෙන, බලස්ස උපඝාතතො.
“අඞ්ගානං සිථිලීභාවා ඉන්ද්රියානං විකාරතො යොබ්බනස්ස විනාසෙන බලස්ස උපඝාතතො”
අඟපසඟ දුබල වීමෙන්ද ඉන්ද්රියයන් විකෘත වීමෙන්ද, යොවුන් බව නැසීයාමෙන්ද, ශරීර ශක්තිය හීන වීමෙන්ද,
“විප්පවාසා සතාදීනං, පුත්තදාරෙහි අත්තනො; අපසාදනීයතො චෙව, භිය්යො බාලත්තපත්තියා.
“විප්පවාසා සතාදීනං පුත්තදාරෙහි අත්තනො අපස්සාදනීයතොචෙව භීය්‍යො බාලත්තපත්තියා”
ස්මෘති ආදිය ඉවත්ව යාමෙන්ද, සිය අඹුදරුවනට පවා අප්‍රිය විය හැකි හෙයින්ද, ළදරුවකුගේ ස්වභාවයට පත්වීමෙන්ද
“පප්පොති දුක්ඛං යං මච්චො, කායිකං මානසං තථා; සබ්බමෙතං ජරාහෙතු, යස්මා තස්මා ජරා දුඛා”ති.
“පප්පොති දුක්ඛං යං මච්චො කායිකං මානසං තථා සබ්බමෙතං ජරාහෙතු යස්මා තස්මා ජරා දුඛා’ති”
මනුෂ්‍යයා කායික වූද, මානසික වූද යම් දුකකට පත් වේ නම්, මේ සියල්ල ජරාව හේතුකොට ගෙන සිදු වන හෙයින් ජරාව දුකෙකි.
අයං ජරායං විනිච්ඡයො.
මේ ජරාව පිළිබඳ විනිශ්චයයි.