ජාතිනිද්දෙසො
ජාතිනිද්දෙසො
ජාතිනිද්දෙසො
සෙය්යථිදං, අයඤ්හි ජාති-සද්දො අනෙකත්ථො. තථා හෙස “එකම්පි ජාතිං ද්වෙපි ජාතියො”ති (දී· නි· 1.244; පාරා· 12) එත්ථ භවෙ ආගතො. “අත්ථි, විසාඛෙ, නිගණ්ඨා නාම සමණජාතී”ති (අ· නි· 3.71) එත්ථ නිකායෙ. “ජාති ද්වීහි ඛන්ධෙහි සඞ්ගහිතා”ති (ධාතු· 71) එත්ථ සඞ්ඛතලක්ඛණෙ. “යං මාතුකුච්ඡිස්මිං පඨමං චිත්තං උප්පන්නං, පඨමං විඤ්ඤාණං පාතුභූතං, තදුපාදාය සාවස්ස ජාතී”ති (මහාව· 124) එත්ථ පටිසන්ධියං. “සම්පතිජාතො, ආනන්ද, බොධිසත්තො”ති (ම· නි· 3.207) එත්ථ පසූතියං. “අක්ඛිත්තො අනුපකුට්ඨො ජාතිවාදෙනා”ති (දී· නි· 1.331) එත්ථ කුලෙ. “යතොහං, භගිනි, අරියාය ජාතියා ජාතො”ති (ම· නි· 2.351) එත්ථ අරියසීලෙ.
කෙසේද යත්:- මේ ජාති-ශබ්දය වූකලී නොයෙක් අරුත් ඇත්තෙකි. ඒ එසේමැයි, “එකම්පි ජාතිං ද්වේ’පි ජාතියෝ’’ (එක් ආත්මභාවයක්ද ආත්මභාව දෙකක්දැ’යි) යන මෙහි මෙය භව-අර්‍ත්‍ථයෙහි වේ; “අත්ථි විසාඛෙ නිගණ්ඨා නාම සමණජාති” (විශාඛාවෙනි. නිගණ්ඨ නම්වූ ශ්‍රමණ නිකායක් ඇත) යන මෙහි නිකායාර්ත්ථයෙහි වේ; “ජාති ද්වීහි ඛන්ධෙහි සඞ්ගහිතා (හටගැනීම ස්කන්ධ දෙකෙකින් සංගෘහීත වේ) යන මෙහි සංකාර ලක්ෂණයෙහි වේ. “යං මාතු කුච්ඡස්මිං පඨමං චිත්තං උප්පන්නං, පඨමං විඤ්ඤාණං පාතුභූතං, තදූපාදාය සාවස්ස ජාති’’ (මව්කුස තුළ පළමුවෙන් සිත උපදනේද, පළමුවරට (ප්රතිසන්ධි) විඤ්ඤාණය පහළ වේද එතැන් සිට එයම ඔහුගේ උපත වේ) යන මෙහි පිළිසිඳීම් අරුත්හි වේ; “සම්පති ජාතො ආනන්ද බෝධිසත්තො” (ආනන්දය, උපන් වනම බෝධිසත්ව තෙමේ) යන මෙහි බිහිවීම් අරුත්හි වේ; “අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන” (කුලවාදය නිසා බැහැර කරන ලද්දේ, හෙලා දකින ලද්දේ නොවේ) යන මෙහි කුලය යන අරුත්හි වේ; “යතො’හං භගිනි, අරියාය ජාතියා ජාතො” (නැඟණිය, මා ආර්යජාතියෙහි උපන් තැන් පටන්) යන මෙහි ‘උතුම් ශීලය’ යන අර්‍ත්‍ථයෙහි වේ.
ස්වායමිධ ගබ්භසෙය්යකානං පටිසන්ධිතො පට්ඨාය යාව මාතුකුච්ඡිම්හා නික්ඛමනං, තාව පවත්තෙසු ඛන්ධෙසු. ඉතරෙසං පටිසන්ධිඛන්ධෙස්වෙවාති දට්ඨබ්බො. අයම්පි ච පරියායකථාව. නිප්පරියායතො පන තත්ථ තත්ථ නිබ්බත්තමානානං සත්තානං යෙ යෙ ඛන්ධා පාතුභවන්ති, තෙසං තෙසං පඨමපාතුභාවො ජාති නාම.
මෙහි වනාහි ජාති-ශබ්දය මව්කුස හෝනවුන්ගේ (ජලාබුජ සත්ත්වයන්ගේ) පිළිසිඳීමේ පටන් මව්කුසින් බිහිවීම දක්වා පැවති ස්කන්ධයන් කෙරෙහි වේ. (අණ්ඩජ ආදී) සෙසු සත්ත්වයන්ගේ ප්‍රතිසන්‍ධියෙහිදී පහළ වන ස්කන්ධයන් පමණක් හැඟවෙතැ’යි දතයුතුය. මේ වනාහි පර්යාය (සම්මුති) කථායි, නිෂ්පර්යාය (පරමාර්‍ත්‍ථ) වශයෙන් වනාහි ඒ ඒ තැන උපදනා සත්ත්වයන්ගේ යම් යම් ස්කන්ධයෝ පහළ වෙත්ද, ඒ ඒ ස්කන්ධයන් අතුරෙන් ප්‍රථම පහළ වීම ජාති නම් වේ.
සා පනෙසා තත්ථ තත්ථ භවෙ පඨමාභිනිබ්බත්තිලක්ඛණා, නිය්යාතනරසා, අතීතභවතො ඉධ උම්මුජ්ජනපච්චුපට්ඨානා, දුක්ඛවිචිත්තතාපච්චුපට්ඨානා වා.
එම ජාතිය ඒ ඒ භවයෙහි ප්‍රථමයෙන්ම ඉපැදීම ලක්ෂණ කොට ඇත්තේය. දුක් කරා මෙහෙයවීම කෘත්‍යය කොට ඇත්තේය. ඉකුත් භවයෙන් මේ භවයට මතුවීම වැටහීම් කොට ඇත්තේය. දුඃඛ විචිත්රතාව (දුක් නොයෙක් ආකාර වන බව) හෝ වැටහීම් කොට ඇත්තේ වේ.
කස්මා පනෙසා දුක්ඛාති චෙ? අනෙකෙසං දුක්ඛානං වත්ථුභාවතො. අනෙකානි හි දුක්ඛානි. සෙය්යථිදං – දුක්ඛදුක්ඛං, විපරිණාමදුක්ඛං, සඞ්ඛාරදුක්ඛං, පටිච්ඡන්නදුක්ඛං, අප්පටිච්ඡන්නදුක්ඛං, පරියායදුක්ඛං, නිප්පරියායදුක්ඛන්ති.
කවර හෙයින් මෙය (ඉපදීම) දුක් නම් වන්නේද? අනේක ප්‍රකාර වූ දුක්වලට වස්තුවන හෙයිනි. දුක් වනාහි නොයෙක් ආකාර ඇත්තේ වේ; ඒ මෙසේයි:- දුක්ඛ දුක්ඛය, විපරිනාම දුක්ඛය, සංඛාර දුක්ඛය, පටිච්ඡන්න දුක්ඛය, අපටිච්ඡන්න දුක්ඛය, පරියාය දුක්ඛය, නිප්පරියාය දුක්ඛයයි යනුවෙනි.
තත්ථ කායිකචෙතසිකා දුක්ඛා වෙදනාසභාවතො ච නාමතො ච දුක්ඛත්තා දුක්ඛදුක්ඛන්ති වුච්චති.
එහි, කායික චෛතසික දුක්ඛවේදනා ස්වභාව වශයෙන්ද, නාම වශයෙන්ද දුක් වන හෙයින් දුක්ඛ දුක්ඛයයි කියනු ලැබේ;
සුඛා වෙදනා විපරිණාමෙන දුක්ඛුප්පත්තිහෙතුතො විපරිණාමදුක්ඛං.
සුඛවේදනා විපරිණාමයෙන් දුක් ඉපැදීමට හේතුවන හෙයින් විපරිණාම දුක්ඛයයිද,
උපෙක්ඛා වෙදනා චෙව අවසෙසා ච තෙභූමකා සඞ්ඛාරා උදයබ්බයප්පටිපීළිතත්තා සඞ්ඛාරදුක්ඛං. කණ්ණසූලදන්තසූලරාගජපරිළාහදොසජපරිළාහාදි කායිකචෙතසිකො ආබාධො පුච්ඡිත්වා ජානිතබ්බතො උපක්කමස්ස ච අපාකටභාවතො පටිච්ඡන්නදුක්ඛං නාම. අපාකටදුක්ඛන්තිපි වුච්චති.
උපෙක්ඛා වේදනා හා භවත්රයයට අයත් සංස්කාරයන් ඇතිව නැතිවන සුලු හෙයින් සංඛාර දුක්ඛ යයිද කියනු ලැබේ; කන් කැක්කුම්, දත් කැක්කුම්, රාගයෙන් උපන් පරිදාහ, ද්වේෂයෙන් උපන් පරිදාහ ආදී කායික, මානසික ආබාධයන් විමසා දතයුතු හෙයින්ද, උපක්‍රම අප්‍රකට හෙයින්ද, පටිච්ඡන්න දුක්ඛ නම්වේ; අපාකට දුක්ඛයයිද කියනු ලැබේ.
ද්වත්තිංසකම්මකාරණාදිසමුට්ඨානො ආබාධො අපුච්ඡිත්වාව ජානිතබ්බතො උපක්කමස්ස ච පාකටභාවතො අප්පටිච්ඡන්නදුක්ඛං නාම. පාකටදුක්ඛන්තිපි වුච්චති.
දෙතිස් වධ බන්ධනාදියෙන් උපන් පීඩා නොවිමසාම දත හැකි වන හෙයින්ද, උපක්රමයන් ප්‍රකට වන හෙයින්ද අප්පටිච්ඡන්න දුක්ඛ නම්වේ. පාකටදුක්ඛ යයිද කියනු ලැබේ.
ඨපෙත්වා දුක්ඛදුක්ඛං සෙසං දුක්ඛසච්චවිභඞ්ගෙ ආගතං ජාතිආදි සබ්බම්පි තස්ස තස්ස දුක්ඛස්ස වත්ථුභාවතො පරියායදුක්ඛං. දුක්ඛදුක්ඛං පන නිප්පරියායදුක්ඛන්ති වුච්චති.
දුක්ඛදුක්ඛය හැර සෙසු දුඃඛයන් දුක්ඛ සච්ච විභඞ්ගයෙහි ආයේය. ජාති ආදී වූ සියල්ලම, ඒ ඒ දුඃඛයනට වස්තුවන හෙයින් පර්යාය (අනියත) දුඃඛ යයිද, දුක්ඛ දුක්ඛය වනාහි නිප්පරියාය (නියත) දුක්ඛයයිද කියනු ලැබේ.
තත්රායං ජාති යං තං බාලපණ්ඩිතසුත්තාදීසු (ම· නි· 3.246 ආදයො) භගවතාපි උපමාවසෙන පකාසිතං ආපායිකං දුක්ඛං, යඤ්ච සුගතියම්පි මනුස්සලොකෙ ගබ්භොක්කන්තිමූලකාදිභෙදං දුක්ඛං උප්පජ්ජති, තස්ස වත්ථුභාවතො දුක්ඛා.
එහි, මේ ජාති හෙවත් ඉපදීම බාල පණ්ඩිත සුත්ත ආදියෙහි භාග්‍යවතුන් වහන්සේ විසින්ද උපමා වශයෙන් ප්‍රකාශ කරන ලද යම් අපාදුකක් වේද, එසේම සුගති සංඛ්‍යාත මිනිස් ලොවෙහි මව්කුස පිවිසීම ආදිය මුල් කොට යම් දුකක් උපදීද, එයට වස්තු වන හෙයින් දුඃඛ නම්වේ.
තත්රිදං ගබ්භොක්කන්තිමූලකාදිභෙදං දුක්ඛං – අයං හි සත්තො මාතුකුච්ඡිම්හි නිබ්බත්තමානො න උප්පලපදුමපුණ්ඩරීකාදීසු නිබ්බත්තති, අථ ඛො හෙට්ඨා ආමාසයස්ස උපරි පක්කාසයස්ස උදරපටලපිට්ඨිකණ්ටකානං වෙමජ්ඣෙ පරමසම්බාධෙ තිබ්බන්ධකාරෙනානාකුණපගන්ධපරිභාවිතපරමදුග්ගන්ධපවනවිචරිතෙ අධිමත්තජෙගුච්ඡෙ කුච්ඡිපදෙසෙ පූතිමච්ඡපූතිකුම්මාසචන්දනිකාදීසු කිමි විය නිබ්බත්තති. සො තත්ථ නිබ්බත්තො දස මාසෙ මාතුකුච්ඡිසම්භවෙන උස්මනා පුටපාකං විය පච්චමානො පිට්ඨපිණ්ඩි විය සෙදියමානො සමිඤ්ජනපසාරණාදිරහිතො අධිමත්තං දුක්ඛමනුභොතීති, ඉදං තාව ගබ්භොක්කන්තිමූලකං දුක්ඛං.
එහි, ගබ්භොක්කන්ති මූලක (මව්කුස පිවිසීම් ආදිය මුල් කොට ඇති වන) ආදී හේතු සහිත දුඃඛය මෙසේයි:- මේ සත්ත්ව තෙමේ මව්කුස උපදනේ උපුල්, රත්පියුම්, හෙළ පියුම් ආදිය තුළ මෙන් (සුවසේ) උපදනේ නොවේ. තවද ආමාශයට යටින් පක්‍වාශයට උඩින් උදර පටලයටත් පිටකටුවටත් මැදිව, ඉතා ගැහැට සහිත, ඝනාන්ධකාර සහිත, නොයෙක් කුණු ගඳ වැකුණු ඉතා දුගඳවත් වාතයට විවර වූ ඉතාමත් පිළිකුල් දනවන කුස් පෙදෙසෙක්හි, කුණුමසකු තුළ, පිළුනු කොමුපිඬුවක් තුළ, අසූචි වළක් තුළ උපදනා පණුවකු මෙන් උපදනේය; එසේ උපන් ඒ සත්ත්ව තෙමේ දසමසක් මව්කුස හටගත් උණුසුමින් උනෙහි පැසෙන පිට්ටුවක් සෙයින් වේදුමින් පැසෙමින්, අත් පා හැකිලීම් දිග හැරීම් ආදියට පවා අස්වැසුමක් නැතිව, ඉතා දැඩි දුකක් විඳියි; මේ වනාහි ශබ්භොක්කන්ති මූලක දුක්ඛයයි.
යං පන සො මාතු සහසා උපක්ඛලනගමනනිසීදනවුට්ඨානපරිවත්තනාදීසු සුරාධුත්තහත්ථගතො එළකො විය අහිතුණ්ඩිකහත්ථගතො සප්පපොතකො විය ච ආකඩ්ඪනපරිකඩ්ඪනඔධූනනනිද්ධූනනාදිනා උපක්කමෙන අධිමත්තං දුක්ඛමනුභවති, යඤ්ච මාතු සීතූදකපානකාලෙ සීතනරකුපපන්නො විය, උණ්හයාගුභත්තාදිඅජ්ඣොහරණකාලෙ අඞ්ගාරවුට්ඨිසම්පරිකිණ්ණො විය, ලොණම්බිලාදිඅජ්ඣොහරණකාලෙ ඛාරාපටිච්ඡකාදිකම්මකාරණපත්තො විය තිබ්බං දුක්ඛමනුභොති, ඉදං ගබ්භපරිහරණමූලකං දුක්ඛං.
මව, තදින් පැකිලෙන විට, ගමන් කරන විට, හිඳින සිටින විට, පෙරළෙන විට සුරා සොඬකු අතට පත් එළුවකු සෙයින්ද, අහිගුණ්ටිකයකු අතපත් සප් පැටියකු සෙයින්ද පෙරට ඇදීම් පස්සට ඇදීම්, උඩු අතට යටි අතට සෙලවීම් ආදී ක්‍රියාවලින් ඒ සත්ත්ව තෙමේ යම් දුකක් විඳීද, තවද මව් සිහිල් දිය පානය කරන විට සීත නරකයෙහි උපන්නකු සෙයින්ද, උණු කැඳ බත් ආදිය අනුභව කරන විට අඟුරු වැස්සෙකින් වසනු ලබන්නකු සෙයින්ද, ලුණු ඇඹුල් පරිභෝග කරන විට ඛාරාපතච්ඡික (සිරුර කේදිලා කාඩිගැල්වීම) වැනි වධ දෙනු ලබන්නකු සෙයින්ද, යම් කටුක දුකක් විඳීද, මේ ගබ්භපරිහරණ මූලක දුක්ඛයයි.
යං පනස්ස මූළ්හගබ්භාය මාතුයා මිත්තාමච්චසුහජ්ජාදීහිපි අදස්සනාරහෙ දුක්ඛුප්පත්තිට්ඨානෙ ඡෙදනඵාලනාදීහි දුක්ඛං උප්පජ්ජති, ඉදං ගබ්භවිපත්තිමූලකං දුක්ඛං.
මව මූඪගර්භ (ගබ්සා) ඇත්තියක් වුවහොත් යහළුවන්, මිතුරන්, හිතවතුන්ට පවා බලා සිටිය නොහැකි තරම් දුක් ඉපදීමට හේතු වූ කැපුම් කෙටුම් ආදියෙන් මේ සත්ත්වයාහට යම් දුකෙක් උපදී ද, මේ ගබ්භ-විපත්ති-මූලක දුක්ඛයයි.
යං විජායමානාය මාතුයා කම්මජෙහි වාතෙහි පරිවත්තෙත්වා නරකපපාතං විය අතිභයානකං යොනිමග්ගං පටිපාතියමානස්ස පරමසම්බාධෙන යොනිමුඛෙන තාළච්ඡිග්ගළෙන විය නික්කඩ්ඪියමානස්ස මහානාගස්ස නරකසත්තස්ස විය ච සඞ්ඝාතපබ්බතෙහි විචුණ්ණියමානස්ස දුක්ඛං උප්පජ්ජති, ඉදං විජායනමූලකං දුක්ඛං.
ප්‍රසූත කරනු ලබන විට මවගේ කර්මජවාතයෙන් පෙරලී නරක ප්රපාතයක් බඳු, ඉතා බිය දනවන යෝනි මාර්ගයට පිවිසවනු ලබන සත්ත්වයාහට, ඉතා ගැහැට සහිත යෝනි මාර්ගයෙන් පිටතට තෙරපවනු ලබන විට යතුරු සිදුරකින් තෙරපවනු ලබන මහ ඇතකුට මෙන්ද, සඞ්ඝාත නරකයෙහි පර්වතයන්ගෙන් සුණු කරනු ලබන නිරිසතකුට මෙන්ද යම් දුකක් උපදීද, මේ විජායනමූලක දුක්ඛයයි.
යං පන ජාතස්ස තරුණවණසදිසසුඛුමාලසරීරස්ස හත්ථගහණනහාපනධොවනචොළපරිමජ්ජනාදිකාලෙ සූචිමුඛඛුරධාරාහි විජ්ඣනඵාලනසදිසං දුක්ඛං උප්පජ්ජති, ඉදං මාතුකුච්ඡිතො බහිනික්ඛමනමූලකං දුක්ඛං.
උපන් කෙණෙහි අලුත් වණයක් බඳු සියුමැලි සිරුරු ඇති සත්ත්වයාහට අතිනතට ගැනීම, නැහැවීම, සේදීම, රෙදිකඩින් පිස දැමීම ආදිය කරන විට හිදිතුඩු, කරකැති (දැළිපිහි) ආදියෙන් විදුම් පැළුම් ආදිය කරන විට මෙන් යම් දුකෙක් උපදීද, මේ මාතුකුච්ඡිතො-බහි-නික්ඛමන-මුලක දුක්ඛයයි.
යං තතො පරං පවත්තියං අත්තනාව අත්තානං වධෙන්තස්ස අචෙලකවතාදිවසෙන ආතාපනපරිතාපනානුයොගමනුයුත්තස්ස, කොධවසෙන අභුඤ්ජන්තස්ස, උබ්බන්ධන්තස්ස ච දුක්ඛං උප්පජ්ජති, ඉදං අත්තූපක්කමමූලකං දුක්ඛං. යං පන පරතො වධබන්ධනාදීනි අනුභවන්තස්ස උප්පජ්ජති, ඉදං පරූපක්කමමූලකං දුක්ඛන්ති.
ඉක්බිති ජීවත් වීමේදී තමා විසින්ම තමාට වධදී ගැනීමෙන් අචේලක (නිගණ්ඨ) ව්‍රත ආදී වශයෙන් ඇතුළතින් පිටතින් තවා-ගැනීමෙහි යෙදෙන විටද, ක්‍රෝධ වශයෙන් (තරහවී) අහර නොගෙන සිටින විටද, (කොකුවලින්) එල්බ සිටින විටද යම් දුකක් උපදීද, මේ අත්තූපක්කම-මූලක-දුක්ඛයයි. අනුන්ගේ වධබන්ධනාදිය විඳින විට යම් දුකෙක් උපදීද, මේ පරූපක්කම-මූලක දුක්ඛයයි.
ඉති ඉමස්ස සබ්බස්සාපි දුක්ඛස්ස අයං ජාති වත්ථුමෙව හොති.
මෙසේ මේ සියලු දුකට මේ ජාති හෙවත් ඉපැදීම වස්තු වේමය.
තෙනෙතං වුච්චති –
එහෙයින් කියනු ලැබේ:-
ජායෙථ නො චෙ නරකෙසු සත්තො, තත්තග්ගිදාහාදිකමප්පසය්හං; ලභෙථ දුක්ඛං නු කුහිං පතිට්ඨං, ඉච්චාහ දුක්ඛාති මුනීධ ජාතිං.
“ජායෙථ නො චෙ නරකෙසු සත්තො තත්ථග්ගිදාහාදිකමප්පසය්හං ලභෙථ දුක්ඛන්නු කුහිං පතිට්ඨං ඉච්චාහ දුක්ඛාති මුනීධ ජාති”
ඉදින් සත්ත්ව තෙමේ නරකයෙහි නො-උපදින්නේ නම්, එහි ගිනිගෙන දැවීම් ආදී නො-ඉවසිය හැකි දුක් කොතැනෙක ප්‍රතිෂ්ඨාවක් ලබන්නේද? එහෙයින් මුනීන්ද්රයන් වහන්සේ ජාතිය (ඉපදීම) දුකෙකියි පැවසූ සේක.
දුක්ඛං තිරච්ඡෙසු කසාපතොද- දණ්ඩාභිඝාතාදිභවං අනෙකං; යං තං කථං තත්ථ භවෙය්ය ජාතිං, විනා තහිං ජාති තතොපි දුක්ඛා.
“දුක්ඛං තිරච්ඡෙසු කසාපතොද දණ්ඩාභිඝාතාදිභවං අනෙකං යං තං කථං තත්ථ භවෙය්ය ජාතිං විනා තහිං ජාති තතො’පි දුක්ඛා”
තිරිසන් ජාතියෙහිදී කස, කෙවිටි, මුගුරු පහර ආදියෙන් සිදුවන අනේකවිධ වූ යම් දුකෙක් ඇද්ද, එම තිරිසන් ජාතියෙහි ඉපදීමෙන් තොරව එය එය කෙසේ සිදුවන්නේද? එහෙයින්ද ඉපැදීම දුකකි.
පෙතෙසු දුක්ඛං පන ඛුප්පිපාසා- වාතාතපාදිප්පභවං විචිත්තං; යස්මා අජාතස්ස න තත්ථ අත්ථි, තස්මාපි දුක්ඛං මුනි ජාතිමාහ.
“පෙතෙසු දුක්ඛං පන ඛුප්පිපාසා වාතාතපාදිප්පභවං විචිත්තං යස්මා අජාතස්ස න තත්ථ අත්ථි තස්මාපි දුක්ඛං මුනිජාතිමාහ”
ප්‍රේත ලෝකයෙහි සා පිපාසා, අවු, සුළං ආදියෙන් සිදුවන අනේකවිධ වූ දුක් එහි නො-උපන්නකුට සිදුනොවන්නේද, එහෙයින්ද ඉපදීම දුකෙකි’යි මුනීන්ද්රයන් වහන්සේ පැවසූ සේක.
තිබ්බන්ධකාරෙ ච අසය්හසීතෙ, ලොකන්තරෙ යං අසුරෙසු දුක්ඛං; න තං භවෙ තත්ථ න චස්ස ජාති, යතො අයං ජාති තතොපි දුක්ඛා.
“තිබ්බන්ධකාරෙච අසය්හසීතෙ ලොකන්තරෙ යං අසුරෙසු දුක්ඛං න තං භවෙ තත්ථ නචස්ස ජාති යතො අයං ජාති තතොපි දුක්ඛා”
ඝනාන්ධකාර සහිතවූ නො-ඉවසියහැකි ශීතයෙන් යුත්, ලෝකාන්තරික නරකයෙහි අසුරනිකායෙහි යම්දුකෙක් ඇත්ද, යම් ලෙසකින් එහි ඉපදීමක් නැතොත් එම දුක සිදු නොවන්නේය, එහෙයින්ද මේ ඉපදීම දුකෙකි.
යඤ්චාපි ගූථනරකෙ විය මාතුගබ්භෙ, සත්තො වසං චිරමතො බහි නික්ඛමඤ්ච; පප්පොති දුක්ඛමතිඝොරමිදම්පි නත්ථි, ජාතිං විනා ඉතිපි ජාති අයඤ්හි දුක්ඛා.
“යඤ්චාපි ගූථනරකෙ විය මාතුගබ්හෙ සත්තො වසං චිරමථො බහි නික්ඛමඤ්ච පප්පොති දුක්ඛමතිඝොර මිදම්පි නත්ථි ජාතිං විනා ඉතිපි ජාතිරයං හි දුක්ඛා”
තවද ගූථනරකය වැනි මාතෘගර්භය තුළ සත්ත්වයා දිගු කලක් වැස ඉන්පසු පිටතට නික්මෙමින් යම් ගොරතර දුකකට පත්වේද, ඉපැදීමක් නැතහොත් එම දුකද නැත; එහෙයින්ද මේ ඉපැදීම දුකකි.
කිං භාසිතෙන බහුනා නනු යං කුහිඤ්චි, අත්ථීධ කිඤ්චිදපි දුක්ඛමිදං කදාචි; නෙවත්ථි ජාතිවිරහෙන යතො මහෙසි, දුක්ඛාති සබ්බපඨමං ඉමමාහ ජාතින්ති.
“කිං භාසිතෙන බහුනා නනූ යං කුහිඤ්චි අත්ථිධ කිඤ්චිදපි දුක්ඛමිදං කදාචි නෙවත්ථි ජාති විරහෙ යදතො මහෙසී දුක්ඛාති සබ්බපඨමං ඉමමාහ ජාති’න්ති”
බොහෝ කොට කියනු කිම? මේ ලෝකයෙහි කවර කලෙකවත්, කවර තැනෙක වත්, යම් මේ කවර හෝ දුකක් ඇතොත්, ඒ කිසිවක් ඉපැදීමක් නැතොත් සිදුනොවන්නේ නොවේද? එහෙයින් මහාමුනීන්ද්රයන් වහන්සේ සියල්ලට ප්‍රථම මේ ඉපැදීම දුකකි’යි ප්‍රකාශ කළ සේක.
අයං තාව ජාතියං විනිච්ඡයො.
මේ පළමුකොට ජාති (ඉපැදීම පිළිබඳ) විනිශ්චයයි.