යෙදුමෙන් කියවන්න

සච‍්චවිත්‍ථාරකථා

සච‍්චවිත්‍ථාරකථා

සච්චවිත්ථාරකථා

තදනන‍්තරානි පන සච‍්චානීති චත‍්තාරි අරියසච‍්චානි – දුක‍්ඛං අරියසච‍්චං, දුක‍්ඛසමුදයො අරියසච‍්චං, දුක‍්ඛනිරොධො අරියසච‍්චං, දුක‍්ඛනිරොධගාමිනී පටිපදා අරියසච‍්චන‍්ති. තත්‍ථ –

ඉන්‍ද්‍රියයනට අනතුරුව සත්‍යයෝය’යි, දුඃඛ ආර්ය සත්‍යය, දුඃඛ සමුදය ආර්ය සත්‍යය, දුඃඛ නිරෝධ ආර්ය සත්‍යය, දුඃඛ නිරෝධ-ගාමිනී පටිපදා ආර්ය සත්‍යය යන මේ චතුරාර්ය සත්‍යය දක්වනු ලැබේ. එහි:-

විභාගතො නිබ‍්බචන, ලක‍්ඛණාදිප‍්පභෙදතො; අත්‍ථත්‍ථුද‍්ධාරතො චෙව, අනූනාධිකතො තථා.

විභාගතො නිබ්බචන - ලක්‍ඛණාදිප්පභෙදතො අත්‍ථත්‍ථුද්ධාරතො චෙව අනූනාධිකතො තථා

කමතො ජාතිආදීනං, නිච‍්ඡයා ඤාණකිච‍්චතො; අන‍්තොගධානං පභෙදා, උපමාතො චතුක‍්කතො.

කමතො ජාති ආදීනං නිච්ඡයා ඤාණ කිච්චතො අන්තොගධානං පභේදා උපමාතො චතුක්කතො

සුඤ‍්ඤතෙකවිධාදීහි, සභාගවිසභාගතො; විනිච‍්ඡයො වෙදිතබ‍්බො, විඤ‍්ඤුනා සාසනක‍්කමෙ.

සුඤ්ඤතෙක විධාදීහි සභාග විසභාගතො විනිච්ඡයො වෙදිතබ්බො විඤ්ඤූනා සාසනුක්කමෙ

විභාග වශයෙන්ද, නිර්වචන වශයෙන් හා ලක්‍ෂණාදී ප්‍රභේද වශයෙන්ද, අර්ත්‍ථ වශයෙන් හා අර්ත්‍ථය මතුකොට දැක්වීම් වශයෙන්ද, එසේම, නො-අඩු නොවැඩි බැව් වශයෙන්ද,

ක්‍රම වශයෙන්ද, ජාති ආදිය පිළිබඳ නිශ්චය වශයෙන්ද, ඥානකෘත්‍ය වශයෙන්ද, අන්තර්ගත ධර්මයන් පිළිබඳ ප්‍රභේද වශයෙන්ද, උපමා වශයෙන්ද, චතුෂ්ක වශයෙන්ද,

ශුන්‍ය වශයෙන් හා ඒකවිධාදී වශයෙන්ද, සභාග විභාග වශයෙන්ද, (යන මේ සොළොස් ආකාරයෙන්) ශාසන ක්‍රමයෙහි නිපුණ වූවහු විසින් මෙහි විනිශ්චයය දතයුතුය.

තත්‍ථ විභාගතොති දුක‍්ඛාදීනං හි චත‍්තාරො චත‍්තාරො අත්‍ථා විභත‍්තා තථා අවිතථා අනඤ‍්ඤථා, යෙ දුක‍්ඛාදීනි අභිසමෙන‍්තෙහි අභිසමෙතබ‍්බා. යථාහ – “දුක‍්ඛස‍්ස පීළනට‍්ඨො සඞ‍්ඛතට‍්ඨො සන‍්තාපට‍්ඨො විපරිණාමට‍්ඨො, ඉමෙ චත‍්තාරො දුක‍්ඛස‍්ස දුක‍්ඛට‍්ඨා තථා අවිතථා අනඤ‍්ඤථා. සමුදයස‍්ස ආයූහනට‍්ඨො නිදානට‍්ඨො සංයොගට‍්ඨො පලිබොධට‍්ඨො. නිරොධස‍්ස නිස‍්සරණට‍්ඨො විවෙකට‍්ඨො අසඞ‍්ඛතට‍්ඨො අමතට‍්ඨො. මග‍්ගස‍්ස නිය්‍යානට‍්ඨො හෙතුට‍්ඨො දස‍්සනට‍්ඨො අධිපතෙය්‍යට‍්ඨො. ඉමෙ චත‍්තාරො මග‍්ගස‍්ස මග‍්ගට‍්ඨා තථා අවිතථා අනඤ‍්ඤථා”ති (පටි· ම· 2.8). තථා “දුක‍්ඛස‍්ස පීළනට‍්ඨො සඞ‍්ඛතට‍්ඨො සන‍්තාපට‍්ඨො විපරිණාමට‍්ඨො අභිසමයට‍්ඨො”ති (පටි· ම· 2.11) එවමාදි. ඉති එවං විභත‍්තානං චතුන‍්නං චතුන‍්නං අත්‍ථානං වසෙන දුක‍්ඛාදීනි වෙදිතබ‍්බානීති. අයං තාවෙත්‍ථ විභාගතො විනිච‍්ඡයො.

එහි, ‘විභාගතො’ යනු, දුඃඛාදී වූ එක් එක් සත්‍යයක් පිළිබඳව සතරක් සතරක් බැගින් තථ (තත්) වූ, අවිතථ (නොතතු නො) වූ, අනඤ්ඤථ (අන්අයුරු නො) වූ අර්ත්‍ථයෝ බෙදා දක්වන ලද්දාහුය. එම දුඃඛාදිය විනිවිද දකිනු කැමැත්තවුන් විසින් එම අරුත් දතයුතුය කියන ලදමැයි: දුඃඛය පිළිබඳ පීඩනාර්ත්‍ථය, සංඛතාර්ත්‍ථය, සන්තාපාර්ත්‍ථය, විපරිණාමාර්ත්‍ථය යන මේ සතර දුඃඛය පිළිබඳ තථ වූ, අවිතථවූ, අනඤ්ඤථ වූ දුඃඛාර්ත්‍ථයි. සමුදයය පිළිබඳ ආයූහනාර්ත්‍ථය, නිදානාර්ත්‍ථය, සංයෝගාර්ත්‍ථය -පෙ-, නිරෝධය පිළිබඳ නිශ්ශරණාර්ත්‍ථය, විවික්තාර්ත්‍ථය, අසංඛතාර්ත්‍ථය, අමෘතාර්ත්‍ථය-පෙ-, මාර්ගය පිළිබඳ නිර්ගමනාර්ත්‍ථය, හේත්‍වර්ත්‍ථය, දර්ශනාර්ත්‍ථය, ආධිපත්‍යාර්ත්‍ථය යන මේ සතර මාර්ගය පිළිබඳ නම්වූ, අවිතථවූ, අනඤ්ඤථවූ මාර්ගාර්ත්‍ථයි. එසේම දුක පිළිබඳ පීඩනාර්ත්‍ථය, සංඛතාර්ත්‍ථය, සන්තාපාර්ත්‍ථය, හා විපරිණාමාර්ත්‍ථය අවබෝධ කරගත යුතු අර්ත්‍ථයි, යන මේ ආදියයි. මේ ආකාරයෙන් සතරක් සතරක් බැගින් බෙදා දක්වන ලද අර්ත්‍ථයන් අනුව දුඃඛ ආදිය දතයුතුය. මේ මෙහි විභාග වශයෙන් වූ විනිශ්චයයි.

නිබ‍්බචනලක‍්ඛණාදිප‍්පභෙදතොති එත්‍ථ පන නිබ‍්බචනතො තාව ඉධ දු-ඉති අයං සද‍්දො කුච‍්ඡිතෙ දිස‍්සති. කුච‍්ඡිතං හි පුත‍්තං දුප‍්පුත‍්තොති වදන‍්ති. ඛං-සද‍්දො පන තුච‍්ඡෙ. තුච‍්ඡං හි ආකාසං “ඛ”න‍්ති වුච‍්චති. ඉදඤ‍්ච පඨමසච‍්චං කුච‍්ඡිතං අනෙකඋපද‍්දවාධිට‍්ඨානතො. තුච‍්ඡං බාලජනපරිකප‍්පිතධුවසුභසුඛත‍්තභාවවිරහිතතො. තස‍්මා කුච‍්ඡිතත‍්තා තුච‍්ඡත‍්තා ච දුක‍්ඛන‍්ති වුච‍්චති.

‘නිබ්බචන ලක්ඛණාදිප්පභේදතෝ’ යන මෙහි, පළමුකොට නිර්වචන වශයෙන් යනු, ‘දු’ යන මේ ශබ්දය කුත්සිතාර්ත්‍ථය දක්වා ලැබේ. කුත්සිත වූ (නින්‍දා කටයුතු) පුත්‍රයා ‘දුප්පුත්ත’ යයි කියනු ලැබේ. ඛ-ශබ්දය රික්තාර්ත්‍ථයෙහි වේ. හිස්වූ ආකාශය ‘ඛ’ යනුවෙන් හඳුන්වනු ලැබේ. මේ පළමුවන (දුඃඛ) සත්‍යය නොයෙක් උවදුරුවලට උත්පත්ති ස්ථාන වූ හෙයින් කුත්සිත වේ. අඥාන ජනයා විසින් ඇතැ’යි සලකනු ලබන නිත්‍ය-ශුභ -සුඛ-ආත්ම ස්වභාවයෙන් තොර වූ හෙයින් තුච්ඡ (හිස්) ද වේ. එහෙයින් නින්‍දිත වූ බැවින්ද තුච්ඡ වූ බැවින්ද ‘දුක්ඛ’ යයි කියනු ලැබේ.

සං-ඉති ච අයං සද‍්දො “සමාගමො සමෙත”න‍්තිආදීසු (දී· නි· 2.396; විභ· 199) සංයොගං දීපෙති. උ-ඉති අයං “උප‍්පන‍්නං උදිත”න‍්තිආදීසු (ධ· ස· 1; මහාව· 84) උප‍්පත‍්තිං. අය-සද‍්දො කාරණං දීපෙති. ඉදඤ‍්චාපි දුතියසච‍්චං අවසෙසපච‍්චයසමායොගෙ සති දුක‍්ඛස‍්සුප‍්පත‍්තිකාරණං. ඉති දුක‍්ඛස‍්ස සංයොගෙ උප‍්පත‍්තිකාරණත‍්තා දුක‍්ඛසමුදයන‍්ති වුච‍්චති.

‘සං’ යන ශබ්දය ‘සමාගම’, ‘සමේත’ ආදි තන්හි සංයෝගාර්ත්‍ථය දක්වයි; ‘උ’ යන මේ ශබ්දය ‘උප්පන්න, ‘උදිත’ ආදී තන්හි උත්පත්ති අර්ත්‍ථයද, ‘අය’ ශබ්දය කාරණාර්ත්‍ථයද පවසයි. මේ දෙවන (සමුදය) සත්‍යයද සෙසු ප්‍රත්‍යයන්ගේ සංයෝගය ඇති කල්හි දුක ඉපැදීමට හේතු වේ; මෙසේ දුකෙහි උපතට හේතු වූ හෙයින්, දුක් හා සමග යෙදීමෙන් ‘දුක්ඛ සමුදය’යි කියනු ලැබේ.

තතියසච‍්චං පන යස‍්මා නි-සද‍්දො අභාවං, රොධ-සද‍්දො ච චාරකං දීපෙති. තස‍්මා අභාවො එත්‍ථ සංසාරචාරකසඞ‍්ඛාතස‍්ස දුක‍්ඛරොධස‍්ස සබ‍්බගතිසුඤ‍්ඤත‍්තා, සමධිගතෙ වා තස‍්මිං සංසාරචාරකසඞ‍්ඛාතස‍්ස දුක‍්ඛරොධස‍්ස අභාවො හොති, තප‍්පටිපක‍්ඛත‍්තාතිපි දුක‍්ඛනිරොධන‍්ති වුච‍්චති. දුක‍්ඛස‍්ස වා අනුප‍්පාදනිරොධපච‍්චයත‍්තා දුක‍්ඛනිරොධන‍්ති.

තුන්වන සත්‍යය, යම් හෙයකින් ‘නි’ ශබ්දය අභාවාර්ත්‍ථයද, ‘රෝධ’ ශබ්දය චාරක (සිර ගෙය යන) අර්ත්‍ථයද දක්වන හෙයින් මෙහි සංසාරචාරකයයි කියනු ලබන දුඃඛ නමැති සිරගෙය අභාවයට පත්වේ. සියලු සංසාරගත ශුන්‍ය වූ හෙයිනි. නොහොත්, එය අවබෝධ කළ විට ‘සංසාරචාරක’යයි කියනු ලබන දුඃඛ නමැති චාරකයෙහි අභාවය සිදුවේ. එම සංසාර නමැති සිරගෙයට ප්‍රතිපක්‍ෂ වූ හෙයින්ද ‘දුක්ඛ නිරෝධ’ යයි කියනු ලැබේ. දුඃඛය පිළිබඳ අනුත්පාද නිරෝධයට ප්‍රත්‍යය වන හෙයින් හෝ ‘දුක්ඛ නිරෝධ’යයි කියනු ලැබේ.

චතුත්‍ථසච‍්චං පන යස‍්මා එතං දුක‍්ඛනිරොධං ගච‍්ඡති ආරම‍්මණවසෙන තදභිමුඛභූතත‍්තා, පටිපදා ච හොති දුක‍්ඛනිරොධප‍්පත‍්තියා. තස‍්මා දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති වුච‍්චති.

සිවුවන සත්‍යය වනාහි, යම් හෙයකින් දුඃඛ නිරෝධයට අරමුණු වශයෙන් අභිමුඛ වන හෙයින් එම දුක්ඛනිරෝධය කරා යෙයිද, තවද එම දුක්ඛ නිරෝධය කරා පැමිණීමේ ප්‍රතිපදාව වෙයිද, එහෙයින් දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදායයි කියනු ලැබේ.

යස‍්මා පනෙතානි බුද‍්ධාදයො අරියා පටිවිජ‍්ඣන‍්ති, තස‍්මා අරියසච‍්චානීති වුච‍්චන‍්ති. යථාහ “චත‍්තාරිමානි, භික‍්ඛවෙ, අරියසච‍්චානි. කතමානි…පෙ… ඉමානි ඛො, භික‍්ඛවෙ, චත‍්තාරි අරියසච‍්චානි. අරියා ඉමානි පටිවිජ‍්ඣන‍්ති, තස‍්මා අරියසච‍්චානීති වුච‍්චන‍්තී”ති. අපිච අරියස‍්ස සච‍්චානීතිපි අරියසච‍්චානි. යථාහ “සදෙවකෙ, භික‍්ඛවෙ, ලොකෙ…පෙ… මනුස‍්සාය තථාගතො අරියො, තස‍්මා අරියසච‍්චානීති වුච‍්චන‍්තී”ති (සං· නි· 5.1098). අථ වා එතෙසං අභිසම‍්බුද‍්ධත‍්තා අරියභාවසිද‍්ධිතොපි අරියසච‍්චානි. යථාහ – “ඉමෙසං ඛො, භික‍්ඛවෙ, චතුන‍්නං අරියසච‍්චානං යථාභූතං අභිසම‍්බුද‍්ධත‍්තා තථාගතො අරහං සම‍්මාසම‍්බුද‍්ධො අරියොති වුච‍්චතී”ති. අපිච ඛො පන අරියානි සච‍්චානීතිපි අරියසච‍්චානි. අරියානීති තථානි අවිතථානි අවිසංවාදකානීති අත්‍ථො. යථාහ – “ඉමානි ඛො, භික‍්ඛවෙ, චත‍්තාරි අරියසච‍්චානි තථානි අවිතථානි අනඤ‍්ඤථානි, තස‍්මා අරියසච‍්චානීති වුච‍්චන‍්තී”ති (සං· නි· 5.1097) එවමෙත්‍ථ නිබ‍්බචනතො විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

යම්හෙයකින් වනාහි මේ සත්‍යයන් බුද්ධාදී ආර්යයන් විසින් අවබෝධ කරනු ලබත්ද, එහෙයින් ආර්යසත්‍යයයි කියනු ලැබෙති. කියනලදමැයි:- “මහණෙනි, මේ ආර්යසත්‍යයෝ සතරක් වෙති. කවර නම් සතරෙක්ද? -පෙ- මහණෙනි මේ සතර ආර්ය සත්‍යයෝය, ආර්යයෝ මේ සත්‍යයන් අවබෝධ කෙරෙති. එහෙයින් ආර්යසත්‍යයයි කියනු ලැබෙති”. තවද ආර්ය වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට අයත් සත්‍යයෝයි යන අර්ත්‍ථයෙන්ද ආර්ය සත්‍ය නම් වෙති. කියනලදමැයි: “මහණෙනි, දෙවියන් සහිත ලෝකයෙහි -පෙ- තථාගතයන් වහන්සේ උතුම් (ආර්ය නම්) වෙති, එහෙයින් ආර්යසත්‍යයයි කියනු ලැබෙති” නොහොත්, මේ චතුස්සත්‍යයන් මනාකොට අවබෝධ කිරීමෙන් ආර්යභාවය සිද්ධ වූ හෙයින්ද ආර්යසත්‍ය නම් වෙති. කියනලදමැයි: “මහණෙනි, මේ චතුස්සත්‍යයන් තත්වූ පරිද්දෙන් අවබෝධ කළ හෙයින් තථාගත වූ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ‘ආර්ය’ යනුවෙන් වහරනු ලැබෙති” තවද ‘උතුම් වූ සත්‍ය’ යන අරුතින්ද ආර්යසත්‍ය නම් වෙති. ‘ආර්ය’ යනු තත්වූ, නොතතුනොවූ, අව්‍යාජ වූ යන අර්ත්‍ථයි කියනලදමැයි:- “මහණෙනි, මේ චතුස්සත්‍යයෝ ඇති තතුම වෙති. නොතතු නොවෙති. අන්තතුද නොවෙති. එහෙයින් ආර්යසත්‍යයයි කියන ලැබෙති. මෙසේ නිර්වචන වශයෙන් මෙහි විනිශ්චයය දතයුතුය.

කථං ලක‍්ඛණාදිප‍්පභෙදතො? එත්‍ථ හි බාධනලක‍්ඛණං දුක‍්ඛසච‍්චං, සන‍්තාපනරසං, පවත‍්තිපච‍්චුපට‍්ඨානං. පභවලක‍්ඛණං සමුදයසච‍්චං, අනුපච‍්ඡෙදකරණරසං, පලිබොධපච‍්චුපට‍්ඨානං. සන‍්තිලක‍්ඛණං නිරොධසච‍්චං, අච‍්චුතිරසං, අනිමිත‍්තපච‍්චුපට‍්ඨානං. නිය්‍යානලක‍්ඛණං මග‍්ගසච‍්චං, කිලෙසප‍්පහානරසං, වුට‍්ඨානපච‍්චුපට‍්ඨානං. අපිච පවත‍්තිපවත‍්තනනිවත‍්තිනිවත‍්තනලක‍්ඛණානි පටිපාටියා. තථා සඞ‍්ඛතතණ‍්හා අසඞ‍්ඛතදස‍්සනලක‍්ඛණානි චාති එවමෙත්‍ථ ලක‍්ඛණාදිප‍්පභෙදතො විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

ලක්ඛණාදිප්පභේදතො යනු: ලක්‍ෂණාදී ප්‍රභේද වශයෙන් කෙසේද යත්:- මෙහි වනාහි දුඃඛ සත්‍යය පෙළීම ලක්‍ෂණ කොට ඇත්තේය. සන්තාපය කෘත්‍යය කොට ඇත්තේය, (සසරවට) පැවැත්ම වැටහීම් කොට ඇත්තේය; සමුදය සත්‍යය ප්‍රභවය ලක්‍ෂණ කොට ඇත්තේය, නොකඩවා පැවැත්වීම කෘත්‍යය කොට ඇත්තේය. (සසරින් නික්මීම) වැලැක්වීම, අවහිර කිරීම වැටහීම් කොට ඇත්තේය; නිරෝධ සත්‍යය ශාන්තිය (සමනය) ලක්‍ෂණ කොට ඇත්තේය, නිර්වාණය කෘත්‍යය කොට ඇත්තේය. (පංචස්කන්‍ධ විෂයයෙහි) නිමිති රහිත බව වැටහීම් කොට ඇත්තේය; මාර්ග සත්‍යය නිර්යාණය (හෙවත් ප්‍රගතිය) ලක්‍ෂණකොට ඇත්තේය. කෙලෙස් පහකිරීම කෘත්‍යය කොට ඇත්තේය. (උපාදානයන්ගෙන්) නැගී සිටීම වැටහීම් කොට ඇත්තේය. තවද (සත්‍ය සතර) පිළිවෙළින් පැවැත්ම, පැවැත්වීම, නැවැත්ම, නැවැත්වීම ලක්‍ෂණකොට ඇත්තේය. එසේම (පිළිවෙළින්) සංකාරභාවය, තෘෂ්ණාව, අසංස්කාර භාවය, සම්‍යග්දර්ශනය ලක්‍ෂණ කොට ඇත්තේය. මෙසේ ලක්‍ෂණාදී ප්‍රභේද වශයෙන් මෙහි විනිශ්චයය දතයුතුය.

අත්‍ථත්‍ථුද‍්ධාරතො චෙවාති එත්‍ථ පන අත්‍ථතො තාව කො සච‍්චට‍්ඨොති චෙ? යො පඤ‍්ඤාචක‍්ඛුනා උපපරික‍්ඛමානානං මායාව විපරීතො, මරීචිව විසංවාදකො, තිත්‍ථියානං අත‍්තාව අනුපලබ‍්භසභාවො ච න හොති, අථ ඛො බාධනප‍්පභවසන‍්තිනිය්‍යානප‍්පකාරෙන තච‍්ඡාවිපරීතභූතභාවෙන අරියඤාණස‍්ස ගොචරො හොතියෙව. එස අග‍්ගිලක‍්ඛණං විය, ලොකපකති විය ච තච‍්ඡාවිපරීතභූතභාවො සච‍්චට‍්ඨොති වෙදිතබ‍්බො. යථාහ – “ඉදං දුක‍්ඛන‍්ති, භික‍්ඛවෙ, තථමෙතං අවිතථමෙතං අනඤ‍්ඤථමෙත”න‍්ති (සං· නි· 5.1090) විත්‍ථාරො. අපිච –

අත්‍ථත්‍ථුද්ධාරතො යන මෙහි, පළමුකොට අර්ත්‍ථ වශයෙන් සත්‍යයන් පිළිබඳ අර්ත්‍ථය කවරේද යත්:- යම් සත්‍යාර්ත්‍ථයක් ප්‍රඥා නමැති ඇසින් පිරික්සන්නවුනට මායාවක් සෙයින් විපරීතව, මිරිඟුවක් සෙයින් රවටන සුලුව, තීර්ත්‍ථකයන්ගේ ආත්ම සංකල්පය සෙයින් නොලැබිය හැකි ස්වභාව ඇත්තක්ව නොවැටහේද, එහෙත් (පිළිවෙළින්) බාධන, ප්‍රභව, ශාන්ති හා නිර්යාන (ප්‍රගති) ලක්‍ෂණයෙන් තථ්‍යවූද, අවිපරීතවූද ස්වභාවයෙන් ආර්යඥානයට ගෝචර වේද, මේ සත්‍යාර්ත්‍ථය ගින්නෙහි ලක්‍ෂණය බඳු, ලෝකස්වභාවය බඳු, තථ්‍ය වූ, අවිපරීත වූ ස්වභාවයයි දතයුතුය. කියන ලදමැයි:- “මහණෙනි, ‘මේ ස්වභාවය දුකය’ යන මේ නිගමනය ඇති තතුවේ. නොතතු නොවේ. අන්තතුද නොවේ” යනුවෙන් විස්තර වේ. තවද:

නාබාධකං යතො දුක‍්ඛං, දුක‍්ඛා අඤ‍්ඤං න බාධකං; බාධකත‍්තනියාමෙන, තතො සච‍්චමිදං මතං.

නාබාධකං යතො දුක්‍ඛං දුක්‍ඛා අඤ්ඤං නබාධකං බාධකත්තනියාමෙන තතො සච්චමිදං මතං

තං විනා නාඤ‍්ඤතො දුක‍්ඛං, න හොති න ච තං තතො; දුක‍්ඛහෙතුනියාමෙන, ඉති සච‍්චං විසත‍්තිකා.

යං විනා නාඤ්ඤතො දුක්‍ඛං නහොති නච තං තතො දුක්‍ඛහෙතුනියාමෙන ඉති සච්චං විසත්තිකා

නාඤ‍්ඤා නිබ‍්බානතො සන‍්ති, සන‍්තං න ච න තං යතො; සන‍්තභාවනියාමෙන, තතො සච‍්චමිදං මතං.

නාඤ්ඤා නිබ්බාණතො සන්ති සන්තං න ච න තං යතො සන්තභාව නියාමෙන තතො සච්චමිදං මතං

මග‍්ගා අඤ‍්ඤං න නිය්‍යානං, අනිය්‍යානො න චාපි සො; තච‍්ඡනිය්‍යානභාවත‍්තා, ඉති සො සච‍්චසම‍්මතො.

මග්ගා අඤ්ඤං න නිය්‍යානං අනිය්‍යානො න චාපි සො තච්ඡ නිය්‍යානභාවත්තා ඉති සො සච්ච සම්මතො

ඉති තච‍්ඡාවිපල‍්ලාස, භූතභාවං චතූස‍්වපි; දුක‍්ඛාදීස‍්වවිසෙසෙන, සච‍්චට‍්ඨං ආහු පණ‍්ඩිතාති.

ඉති තච්ඡා විපල්ලාස භූත භාවං චතුස්වපි දුක්‍ඛාදි ස්වවිසෙසෙන සච්චට්ඨං ආහු පණ්ඩිතා’ති

යම්හෙයකින් අබාධක වූ දුකෙක් නැත්ද, දුකින් තොර වූ බාධකයෙක් නැත්ද, එහෙයින් බාධකත්‍ව නියාමයෙන් මෙය (දුඃඛ) සත්‍යයයි දන්නා ලදි.

එම තෘෂ්ණාව හැර අනෙකෙකින් දුකෙක් නොවේ. එයින් දුක හැර අනෙකෙක්ද නොවේ. එහෙයින් මෙසේ දුකට හේතු වීමේ නියාමයෙන් තෘෂ්ණාව සත්‍ය වේ.

නිර්වාණය හැර අන් ශාන්තියක් නැත. ශාන්ත නොවූ නිර්වාණයක්ද නැත. එහෙයින් ශාන්තභාව නියාමයෙන් මෙය සත්‍යයයි දන්නා ලදී.

ආර්ය මාර්ගය හැර අන් නිර්යාණයක් (ප්‍රගතියක්) නැත. ප්‍රගති නොවන මාර්ගයෙක්ද නැත. තථ්‍ය වූ ප්‍රගතිභාවයෙන් එය සත්‍යයයි. සම්මතය.

මෙසේ පණ්ඩිතයෝ දුඃඛාදී වූ සතරෙහිම තථ්‍ය-අවිපරීත භාවය වූ සත්‍යර්ත්‍ථය අවිශේෂයෙන් කීහු.

එවං අත්‍ථතො විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

මෙසේ අර්ත්‍ථ වශයෙන් විනිශ්චයය දත යුතුය.

කථං අත්‍ථුද‍්ධාරතො? ඉධායං සච‍්ච-සද‍්දො අනෙකෙසු අත්‍ථෙසු දිස‍්සති. සෙය්‍යථිදං – “සච‍්චං භණෙ න කුජ‍්ඣෙය්‍යා”තිආදීසු (ධ· ප· 224) වාචාසච‍්චෙ. “සච‍්චෙ ඨිතා සමණබ්‍රාහ‍්මණා චා”තිආදීසු (ජා· 2.21.433) විරතිසච‍්චෙ. “කස‍්මා නු සච‍්චානි වදන‍්ති නානා පවාදියාසෙ කුසලාවදානා”තිආදීසු (සු· නි· 891) දිට‍්ඨිසච‍්චෙ. “එකං හි සච‍්චං න දුතිය”න‍්තිආදීසු (සු· නි· 890) පරමත්‍ථසච‍්චෙ නිබ‍්බානෙ චෙව මග‍්ගෙ ච. “චතුන‍්නං අරියසච‍්චානං කති කුසලා”තිආදීසු (විභ· 216) අරියසච‍්චෙ. ස‍්වායමිධාපි අරියසච‍්චෙ වත‍්තතීති එවමෙත්‍ථ අත්‍ථුද‍්ධාරතොපි විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

අත්‍ථුද්ධාරතො යනු, අර්ත්‍ථය මතුකොට දැක්වීම් වශයෙන් කෙසේද යත්:- මේ ‘සච්ච’ - ශබ්දය මෙහි නොයෙක් අර්ත්‍ථයන්හි දක්නා ලැබේ. ඒ මෙසේයි:- ‘සච්චං භණෙ නකුජ්ඣෙය්‍ය” (සත්‍යය කථා කළ යුතුය, නොකිපිය යුතුය) යන ආදි තන්හි සත්‍ය වචනය යන අර්ත්‍ථයෙහිය. “සච්චෙ ඨිතා සමණබ්‍රාහ්මණාච’ (සත්‍යයෙහි පිහිටි ශ්‍රමණ බ්‍රාහ්මණයෝද) යන ආදී තන්හි විරති සත්‍යය හෙවත් අසත්‍යයෙන් වැලකීම යන අර්ත්‍ථයෙහිය, “කස්මා නු සච්චානි වදන්ති නානා පවාදියාසෙ කුසලාවදානා” (කීමෙහි බිණීමෙහි බුහුටි මතවාදීහු කවර හෙයින් එකිනෙකට වෙනස් සත්‍යයන් ප්‍රකාශ කෙරෙත්ද?) යන ආදී තන්හි දෘෂ්ටි සත්‍යය (අදහනු ලබන දෘෂ්ටිය) යන අර්ත්‍ථයෙහිය. “එකං හි සච්චං නදුතියමත්‍ථි” (සත්‍යය එකක්ම වේ. දෙවැන්නක් නොමැත) යන ආදී තන්හි පරමාර්ත්‍ථ සත්‍යය, නිර්වාණය, මාර්ගය යන අර්ත්‍ථවිෂයෙහිය; “චතුන්නං සච්චානං කති කුසලා” (චතුස්සත්‍යයන් අතුරින් කෙතෙක් කුශල වේද?) යන ආදී තන්හි ආර්යසත්‍ය විෂයෙහිය. මෙහිද එය ආර්ය සත්‍යය යන අර්ත්‍ථයෙහිය. මෙසේ අත්‍ථුද්ධාර වශයෙන්ද මෙහි විනිශ්චයය දතයුතුය.

අනූනාධිකතොති කස‍්මා පන චත‍්තාරෙව අරියසච‍්චානි වුත‍්තානි අනූනානි අනධිකානීති චෙ? අඤ‍්ඤස‍්සාසම‍්භවතො අඤ‍්ඤතරස‍්ස ච අපනෙය්‍යාභාවතො. න හි එතෙහි අඤ‍්ඤං අධිකං වා, එතෙසං වා එකම‍්පි අපනෙතබ‍්බං සම‍්භොති. යථාහ – “ඉධ, භික‍්ඛවෙ, ආගච‍්ඡෙය්‍ය සමණො වා බ්‍රාහ‍්මණො වා ‘නෙතං දුක‍්ඛං අරියසච‍්චං, අඤ‍්ඤං දුක‍්ඛං අරියසච‍්චං. අහමෙතං දුක‍්ඛං අරියසච‍්චං ඨපෙත්‍වා අඤ‍්ඤං දුක‍්ඛං අරියසච‍්චං පඤ‍්ඤපෙස‍්සාමී’ති නෙතං ඨානං විජ‍්ජතී”තිආදි. යථා චාහ – “යො හි කොචි, භික‍්ඛවෙ, සමණො වා බ්‍රාහ‍්මණො වා එවං වදෙය්‍ය ‘නෙතං දුක‍්ඛං පඨමං අරියසච‍්චං යං සමණෙන ගොතමෙන දෙසිතං, අහමෙතං දුක‍්ඛං පඨමං අරියසච‍්චං පච‍්චක‍්ඛාය අඤ‍්ඤං දුක‍්ඛං පඨමං අරියසච‍්චං පඤ‍්ඤපෙස‍්සාමී’ති නෙතං ඨානං විජ‍්ජතී”තිආදි (සං· නි· 5.1086).

අනුනාධිකතො යනු, කවර හෙයින් අඩු වැඩි නැතිව ආර්ය සත්‍යයන් සතරක්ම දේශනා කරන ලද්දේ ද යත්:- මේ සතරට වඩා වැඩි අන් සත්‍යයක් හෝ මේ සතරින් බැහැර කළයුතු එකක් හෝ නැත්මය කියන ලදමැයි:- “මහණෙනි, මේ ලෝකයෙහි ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ, ‘මේ දුඃඛ ආර්ය සත්‍යය නොවෙයි. දුඃඛාර්ය සත්‍යය අනෙකෙකි. මේ දුඃඛාර්ය සත්‍යය බැහැරකොට මම් අනෙක් ආර්යසත්‍යයක් පණවමි’යි ඉදිරිපත් වෙති’යි යන මේ කාරණය සිදුවිය නොහැකිය” යන ආදියයි. මෙසේද කියන ලදමැයි:- “මහණෙනි, යම් කිසි ප්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ, ශ්‍රමණ ගෞතමයන් විසින් දේශනා කරන ලද්දේ පළමුවන දුඃඛාර්ය සත්‍යය නොවේ. මම් මේ දුඃඛාර්ය සත්‍යය ප්‍රතික්‍ෂේප කොට අන් දුඃඛාර්ය සත්‍යයක් පණවමි’යි කියතැ’යි යන මේ කාරණය සිදුවිය නොහැකිය” යන ආදියයි.

අපිච පවත‍්තිමාචික‍්ඛන‍්තො භගවා සහෙතුකං ආචික‍්ඛි, නිවත‍්තිඤ‍්ච සඋපායං. ඉති පවත‍්තිනිවත‍්තිතදුභයහෙතූනං එතපරමතො චත‍්තාරෙව වුත‍්තානි. තථා පරිඤ‍්ඤෙය්‍යපහාතබ‍්බසච‍්ඡිකාතබ‍්බභාවෙතබ‍්බානං, තණ‍්හාවත්‍ථුතණ‍්හාතණ‍්හානිරොධතණ‍්හානිරොධුපායානං, ආලයආලයාරාමතාආලයසමුග‍්ඝාතආලයසමුග‍්ඝාතුපායානඤ‍්ච වසෙනාපි චත‍්තාරෙව වුත‍්තානීති එවමෙත්‍ථ අනූනාධිකතො විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

තවද, භාග්‍යවතුන් වහන්සේ පැවැත්ම ප්‍රකාශ කරමින් එයට හේතුවද නැවැත්ම ප්‍රකාශ කරමින් එයට උපායද ප්‍රකාශ කළහ. මෙසේ පැවැත්මද, නැවැත්මද, ඒ දෙකට හේතුන්දැයි ඒත පරම (උපරිම) වශයෙන් සතරක්ම කියන ලදි. එසේම මනාකොට දතයුතු දෙය, ප්‍රහීණ කළයුතු දෙය අවබෝධ කළයුතු දෙය හා වැඩිය යුතු දෙය යනුවෙන්ද, තෘෂ්ණාව පදනම් කොට ඇති දෙය (දුක), එම තෘෂ්ණාව, තෘෂ්ණාව වැලැක්වීම, හා තෘෂ්ණාව වැලැක්වීමේ මාර්ගය යනුවෙන්ද, (තෘෂ්ණාවට) අරමුණය, අරමුණෙහි ඇලෙන බවය. අරමුණ වැලැක්වීමය. අරමුණ වැලැක්වීමේ උපායය යනුවෙන්ද සතරක්ම ප්‍රකාශ කරන ලදැ’යි මෙසේ අනූනාධික වශයෙන්ද මෙහි විනිශ්චයය දතයුතුය.

කමතොති අයම‍්පි දෙසනාක‍්කමොව. එත්‍ථ ච ඔළාරිකත‍්තා, සබ‍්බසත‍්තසාධාරණත‍්තා ච සුවිඤ‍්ඤෙය්‍යන‍්ති දුක‍්ඛසච‍්චං පඨමං වුත‍්තං. තස‍්සෙව හෙතුදස‍්සනත්‍ථං තදනන‍්තරං සමුදයසච‍්චං. හෙතුනිරොධා ඵලනිරොධොති ඤාපනත්‍ථං තතො නිරොධසච‍්චං. තදධිගමුපායදස‍්සනත්‍ථං අන‍්තෙ මග‍්ගසච‍්චං. භවසුඛස‍්සාදගධිතානං වා සත‍්තානං සංවෙගජනනත්‍ථං පඨමං දුක‍්ඛමාහ. තං නෙව අකතං ආගච‍්ඡති , න ඉස‍්සරනිම‍්මානාදිතො හොති, ඉතො පන හොතීති ඤාපනත්‍ථං තදනන‍්තරං සමුදයං. තතො සහෙතුකෙන දුක‍්ඛෙන අභිභූතත‍්තා සංවිග‍්ගමානසානං දුක‍්ඛනිස‍්සරණගවෙසීනං නිස‍්සරණදස‍්සනෙන අස‍්සාසජනනත්‍ථං නිරොධං. තතො නිරොධාධිගමත්‍ථං නිරොධසම‍්පාපකං මග‍්ගන‍්ති එවමෙත්‍ථ කමතො විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

කමතො යන මෙයද දේශනා ක්‍රමයම වේ. මෙහි වනාහි ඕළාරික වූ හෙයින්ද, සියලු සත්ත්‍වයනට පොදුවූ හෙයින්ද, පහසුවෙන් තේරුම් ගතහැකි වෙති’යි දුඃඛ සත්‍යය ප්‍රථමයෙන් කියනලදි. එම දුඃඛ සත්‍යයටම හේතු දක්වනු පිණිස එයට අනතුරුව සමුදය සත්‍යයද, හේතුව වැලැක්වීමෙන් ඵලයද වැලකෙති’යි දක්වනු පිණිස එයට අනතුරුව නිරෝධ සත්‍යයද, එය අවබෝධ කිරීමේ උපාය දක්වනු පිණිස අවසන්හි මාර්ග සත්‍යයද කියන ලදි. නොහොත්, භවසුඛාස්වාදයෙහි බැඳුණු සත්ත්‍වයන්හට සංවේග දනවනු පිණිස ප්‍රථමයෙන් දුඃඛසත්‍යය කියන ලදි. එම දුඃඛයද නොකරන ලදුව (ආකස්මිකව) නොඑති’යි ඊශ්වර නිර්මාණාදියෙන් නොවෙති’යි මෙම හේතුවෙන් වෙති’යි දන්වනු පිණිස එයට අනතුරුව සමුදය සත්‍යය කියන ලදි. සහේතුක වූ දුකින් පීඩිත වීමෙන් සංවේගයට පත් සිත් ඇතිව විමුක්තිය සොයන්නන්හට එම විමුක්තිය දැක්වීමෙන් සහනය දනවනු පිණිස නිරෝධ සත්‍යය කියන ලදි. එම නිරෝධය අවබෝධ කරවනු පිණිස එයට පමුණුවන මාර්ග සත්‍යය කියනලදි. මෙසේ මෙහි අනුක්‍රම වශයෙන් විනිශ්චයය දතයුතුය.

ජාතිආදීනං නිච‍්ඡයාති යෙ තෙ අරියසච‍්චානි නිද‍්දිසන‍්තෙන භගවතා “ජාතිපි දුක‍්ඛා, ජරාපි දුක‍්ඛා, මරණම‍්පි දුක‍්ඛං, සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසාපි දුක‍්ඛා, අප‍්පියෙහි සම‍්පයොගො දුක‍්ඛො, පියෙහි විප‍්පයොගො දුක‍්ඛො, යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං, සංඛිත‍්තෙන පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා දුක‍්ඛා”ති (විභ· 190) දුක‍්ඛනිද‍්දෙසෙ ද‍්වාදස ධම‍්මා, “යායං තණ‍්හා පොනොබ‍්භවිකා නන්‍දීරාගසහගතා තත්‍රතත්‍රාභිනන්‍දිනී. සෙය්‍යථිදං, කාමතණ‍්හා, භවතණ‍්හා, විභවතණ‍්හා”ති (විභ· 203) සමුදයනිද‍්දෙසෙ තිවිධා තණ‍්හා, “යො තස‍්සායෙව තණ‍්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස‍්සග‍්ගො මුත‍්ති අනාලයො”ති (විභ· 204) එවං නිරොධනිද‍්දෙසෙ අත්‍ථතො එකමෙව නිබ‍්බානං, “කතමං දුක‍්ඛනිරොධගාමිනීපටිපදා අරියසච‍්චං, අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. සෙය්‍යථිදං – සම‍්මාදිට‍්ඨි…පෙ… සම‍්මාසමාධී”ති (විභ· 205) එවං මග‍්ගනිද‍්දෙසෙ අට‍්ඨ ධම‍්මාති ඉති චතුන‍්නං සච‍්චානං නිද‍්දෙසෙ ජාතිආදයො ධම‍්මා වුත‍්තා, තෙසං ජාතිආදීනං නිච‍්ඡයාපි එත්‍ථ විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

ජාති ආදීනං නිච්ඡයා යනු, යම් ඒ ආර්ය සත්‍යයන් දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ජාතිපි දුක්ඛා’ ආදී වශයෙන් “ඉපදීම දුකෙකි, ජරාවද දුකෙකි, මරණයද දුකෙකි, ශෝක පරිදේව (වැලපීම්) ශාරීරික පීඩා, මානසික පීඩා, ආයාස (වෙහෙස) යන මේවාද දුක්ය. අප්‍රියයන් හා සමග එක්වීමද දුකෙකි. ප්‍රියයන්ගෙන් වියෝවීමද දුකෙකි. කැමැති දෙය නොලැබීමද දුකෙකි. සංක්‍ෂේපයෙන් (කියතොත්) උපාදානස්කන්‍ධ පංචකයම දුකෙකි”යි දුක්ඛ නිද්දේසයෙහි දුඃඛස්වභාවයන් දොළොසක්ද, “පුනර්භවය ඇති කරන, නන්‍දිරාගයෙන් යුක්තවූ, ඒ ඒ තන්හි සතුට දනවන, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන යම් මේ තෘෂ්ණාවක් වේදැ”යි සමුදය නිද්දේසයෙහි ත්‍රිවිධ තෘෂ්ණාවක්ද, එම තෘෂ්ණාවම පිළිබඳ යම් නිරවශේෂ ප්‍රහාණයක්, අත්හැරීමක් බැහැර කිරීමක්, මිදීමක්, නො-ඇලීමක් වේදැ”යි මෙසේ නිරෝධ නිද්දේසයෙහි අර්ත්‍ථ වශයෙන් එකම නිර්වාණයද, “දුක් වැලැක්වීමේ මාර්ගය වූ ආර්ය සත්‍යය කවරේද? සම්මාදිට්ඨි, සම්මා වාචා -පෙ- සම්මා සමාධි යන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමය”යි මෙසේ මාර්ග නිද්දේශයෙහි ධර්මයන් අටක්ද කියන ලදි. මේ ආකාරයෙන් චතුස්සත්‍ය නිද්දේසයෙහි ජාති ආදී ධර්මයෝ කියන ලදහ. එම ජාති ආදී ධර්මයන් පිළිබඳ නිශ්චය ක්‍රමයෙන්ද මෙහි විනිශ්චයය දතයුතුය,