යෙදුමෙන් කියවන්න

ඉන්‍ද්‍රියවිත්‍ථාරකථා

ඉන්‍ද්‍රියවිත්‍ථාරකථා

ඉන්ද්රියවිත්ථාරකථා

ධාතූනං අනන‍්තරං උද‍්දිට‍්ඨානි පන ඉන්‍ද්‍රියානීති බාවීසතින්‍ද්‍රියානි – චක‍්ඛුන්‍ද්‍රියං සොතින්‍ද්‍රියං ඝානින්‍ද්‍රියං ජිව‍්හින්‍ද්‍රියං කායින්‍ද්‍රියං මනින්‍ද්‍රියං ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං සුඛින්‍ද්‍රියං දුක‍්ඛින්‍ද්‍රියං සොමනස‍්සින්‍ද්‍රියං දොමනස‍්සින්‍ද්‍රියං උපෙක‍්ඛින්‍ද්‍රියං සද‍්ධින්‍ද්‍රියං වීරියින්‍ද්‍රියං සතින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං පඤ‍්ඤින්‍ද්‍රියං අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං අඤ‍්ඤින්‍ද්‍රියං අඤ‍්ඤාතාවින්‍ද්‍රියන‍්ති. තත්‍ථ –

ධාතූනට අනතුරුව ඉන්‍ද්‍රියයන් දක්වන ලදැ’යි, ඔහු දෙවිස්සෙක් වෙති:- චක්‍ඛුන්‍ද්‍රිය, සෝතින්‍ද්‍රිය, ඝාණින්‍ද්‍රිය, ජිව්හින්‍ද්‍රිය, කායින්‍ද්‍රිය, මනින්‍ද්‍රිය, ඉත්‍ථින්‍ද්‍රිය, පුරිසින්‍ද්‍රිය, ජීවිතින්‍ද්‍රිය, සුඛින්‍ද්‍රිය, දුක්‍ඛින්‍ද්‍රිය, සෝමනස්සින්‍ද්‍රිය, දෝමනස්සන්‍ද්‍රිය, උපෙක්‍ඛින්‍ද්‍රිය, සද්ධින්‍ද්‍රිය, විරියින්‍ද්‍රිය, සතින්‍ද්‍රිය, සමාධින්‍ද්‍රිය, පඤ්ඤින්‍ද්‍රිය, අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්‍ද්‍රිය, අඤ්ඤින්‍ද්‍රිය, අඤ්ඤතාවින්‍ද්‍රිය යනුවෙනි. එහි:-

අත්‍ථතො ලක‍්ඛණාදීහි, කමතො ච විජානියා; භෙදාභෙදා තථා කිච‍්චා, භූමිතො ච විනිච‍්ඡයං.

අත්‍ථතො ලක්‍ඛණාදීහි කමතො ච විජානියා භෙදාභෙදා තථා කිව්වා භූමිතො ච විනිච්ඡයො

අර්ත්‍ථ වශයෙන්ද, ලක්‍ෂණාදී වශයෙන්ද, ක්‍රම වශයෙන්ද, භේදා භේද වශයෙන්ද, එසේම කෘත්‍ය වශයෙන්ද, භූමි වශයෙන්ද විනිශ්චයය දතයුතුය.

තත්‍ථ චක‍්ඛාදීනං තාව චක‍්ඛතීති චක‍්ඛූතිආදිනා නයෙන අත්‍ථො පකාසිතො. පච‍්ඡිමෙසු පන තීසු පඨමං පුබ‍්බභාගෙ අනඤ‍්ඤාතං අමතං පදං චතුසච‍්චධම‍්මං වා ජානිස‍්සාමීති එවං පටිපන‍්නස‍්ස උප‍්පජ‍්ජනතො ඉන්‍ද්‍රියට‍්ඨසම‍්භවතො ච අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියන‍්ති වුත‍්තං. දුතියං ආජානනතො ඉන්‍ද්‍රියට‍්ඨසම‍්භවතො ච අඤ‍්ඤින්‍ද්‍රියං. තතියං අඤ‍්ඤාතාවිනො චතූසු සච‍්චෙසු නිට‍්ඨිතඤ‍්ඤාණකිච‍්චස‍්ස ඛීණාසවස‍්ස උප‍්පජ‍්ජනතො ඉන්‍ද්‍රියට‍්ඨසම‍්භවතො ච අඤ‍්ඤාතාවින්‍ද්‍රියං.

එහි, චක්‍ඛු ආදිය පිළිබඳව, පළමුකොට, අරමුණු ආස්වාද කෙරෙති’යි රස විඳිති’යි යන අරුතින් චක්‍ඛු නම් වෙති’යි ආදී වශයෙන් අර්ත්‍ථය (ධාතු-ආයතන නිද්දේශයෙහි) ප්‍රකාශ කරන ලදි. දෙවිසි ඉන්‍ද්‍රියයන් අතුරෙන් අවසන්හි සඳහන් තුනෙන් පළමුවැන්න පෙර නොදන්නා ලද අමෘත පදය නොහොත් චතුස්සත්‍ය ධර්මය අවබෝධ කරන්නෙමැ’යි මෙසේ පිළිපන්නහුට උපදනා හෙයින්ද, ඉන්‍ද්‍රියාර්ත්‍ථය දරන හෙයින්ද ‘අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියයයි කියන ලදි. දෙවැන්න (සෝවාන් මාර්ගඥානයෙන්) මනාකොට දන්නාලද හෙයින්ද, ඉන්‍ද්‍රියාර්ත්‍ථය දරන හෙයින්ද, අඤ්ඤින්‍ද්‍රියයි කියන ලදි. තුන්වැන්න චතුස්සත්‍ය විෂයයෙහි පරිසමාප්ත ඥාන කෘත්‍යයන් ඇති ක්‍ෂීණාශ්‍රවයාහට උපදනා හෙයින්ද ඉන්‍ද්‍රියාර්ත්‍ථය දරන හෙයින්ද අඤ්ඤතාවීන්‍ද්‍රියයයි කියන ලදි.

කො පන නෙසං ඉන්‍ද්‍රියට‍්ඨො නාමාති? ඉන්‍දලිඞ‍්ගට‍්ඨො ඉන්‍ද්‍රියට‍්ඨො. ඉන්‍දදෙසිතට‍්ඨො ඉන්‍ද්‍රියට‍්ඨො. ඉන්‍දදිට‍්ඨට‍්ඨො ඉන්‍ද්‍රියට‍්ඨො. ඉන්‍දසිට‍්ඨට‍්ඨො ඉන්‍ද්‍රියට‍්ඨො. ඉන්‍දජුට‍්ඨට‍්ඨො ඉන්‍ද්‍රියට‍්ඨො. සො සබ‍්බොපි ඉධ යථායොගං යුජ‍්ජති. භගවා හි සම‍්මාසම‍්බුද‍්ධො පරමිස‍්සරියභාවතො ඉන්‍දො. කුසලාකුසලඤ‍්ච කම‍්මං, කම‍්මෙසු කස‍්සචි ඉස‍්සරියාභාවතො. තෙනෙවෙත්‍ථ කම‍්මසඤ‍්ජනිතානි තාව ඉන්‍ද්‍රියානි කුසලාකුසලකම‍්මං උල‍්ලිඞ‍්ගෙන‍්ති. තෙන ච සිට‍්ඨානීති ඉන්‍දලිඞ‍්ගට‍්ඨෙන ඉන්‍දසිට‍්ඨට‍්ඨෙන ච ඉන්‍ද්‍රියානි. සබ‍්බානෙව පනෙතානි භගවතා යථාභූතතො පකාසිතානි අභිසම‍්බුද‍්ධානි චාති ඉන්‍දදෙසිතට‍්ඨෙන ඉන්‍දදිට‍්ඨට‍්ඨෙන ච ඉන්‍ද්‍රියානි. තෙනෙව භගවතා මුනින්‍දෙන කානිචි ගොචරාසෙවනාය කානිචි භාවනාසෙවනාය සෙවිතානීති ඉන්‍දජුට‍්ඨට‍්ඨෙනාපි ඉන්‍ද්‍රියානි.

මෙකී චක්‍ඛු, සෝත ආදීන්ගේ ඉන්‍ද්‍රියාර්ත්‍ථය (ඉන්‍ද්‍රියට්ඨ) යනු කවරේද යත්:- ඉන්‍ද්‍ර නම් අසහාය පාලකයාගේ ස්වභාව සංකේතවත් කෙරෙති’යි යන අර්ත්‍ථය ඉන්‍ද්‍රියාර්ත්‍ථයයි, ‘ඉන්‍ද්‍ර’ යයි හැඳින්විය හැකි ශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්සේ විසින් දේශනා කරන ලදැ’යි යන අර්ත්‍ථය ඉන්‍ද්‍රියාර්ත්‍ථයයි, මුනීන්‍ද්‍රයන් වහන්සේ විසින් දක්නා ලදැ’යි යන අර්ත්‍ථය ඉන්‍ද්‍රියාර්ත්‍ථයයි, ඉන්‍ද්‍ර ස්වභාවය දරන කර්මය විසින් නිපදවන ලදැ’යි යන අර්ත්‍ථය ඉන්‍ද්‍රියාර්ත්‍ථයයි. එම කර්මය විසින්ම වෙසෙස් කොට රචිතය’යි යන අර්ත්‍ථය ඉන්‍ද්‍රියාර්ත්‍ථයයි. මෙකී සියලු අරුත් මෙහි යෙදේ. සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ වනාහි පරමේශ්වරභාවය දරන හෙයින් ‘ඉන්‍ද්‍ර’ නම් වන සේක. කර්මයන් කෙරෙහිද, කිසිවකුටත් ඊශ්වරභාවයක් නොමැති හෙයින් කුශල වූ හෝ අකුශල වූ කර්මයද ‘ඉන්‍ද්‍ර’ නම්වේ. එහෙයින් මෙහිලා කර්මය විසින් නිපදවන ලද ඉන්‍ද්‍රියයන් වෙසෙස් කොට (සිට්ඨ) සංකේතවත් කෙරෙති’යි, එම කර්මය විසින්ම රචිතයහ’යි ඉන්‍ද්‍ර ලිංගාර්ත්‍ථයෙන්ද ඉන්‍ද්‍ර සිට්ඨාර්ත්‍ථයෙන්ද ඉන්‍ද්‍රිය නම් වෙයි. මේ සියලු ඉන්‍ද්‍රියයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් තත්වූ පරිද්දෙන් ප්‍රකාශ කරන ලද්දාහ’යි, මනාකොට අවබෝධ කරන ලදහ’යි යන ඉන්‍ද්‍ර දේශිත අර්ත්‍ථයෙන් හා ඉන්‍ද්‍රදිට්ඨාර්ත්‍ථයෙන් එනම් වෙති. එම භාග්‍යවත් මුනීන්‍ද්‍රයන් වහන්සේ විසින්ම ඇතැම් ඉන්‍ද්‍රියයන් ගෝචර හෙවත් අරමුණු ආසේවන වශයෙන්ද, ඇතැම් ඉන්‍ද්‍රියයන් භාවනා ආසේවන වශයෙන්ද සෙවුනා ලදහ’යි ඉන්‍ද්‍රජුට්ඨාර්ත්‍ථයෙන්ද එනම් වෙති.

අපිච ආධිපච‍්චසඞ‍්ඛාතෙන ඉස‍්සරියට‍්ඨෙනාපි එතානි ඉන්‍ද්‍රියානි. චක‍්ඛුවිඤ‍්ඤාණාදිප‍්පවත‍්තියඤ‍්හි චක‍්ඛාදීනං සිද‍්ධං ආධිපච‍්චං, තස‍්මිං තික‍්ඛෙ තික‍්ඛත‍්තා මන්‍දෙ ච මන්‍දත‍්තාති. අයං තාවෙත්‍ථ අත්‍ථතො විනිච‍්ඡයො.

තවද ආධිපත්‍ය සංඛ්‍යාත ඊශ්වරාර්ත්‍ථයෙන්ද මොවුහු ඉන්‍ද්‍රිය නම් වෙති. චක්‍ඛු විඤ්ඤාණාදිය පිළිබඳ පැවැත්මෙහිදී චක්‍ඛු ආදීන්ගේ ආධිපත්‍යය සිද්ධ වේ. චක්‍ඛු ආදීන් තියුණු වූ කල්හි චක්‍ඛු විඤ්ඤාණාදීන්ද තියුණු වන හෙයින් හා මොට වූ කල්හි මොට වන හෙයිනි. මේ මෙහි අර්ත්‍ථ වශයෙන් විනිශ්චයයයි.

ලක‍්ඛණාදීහීති ලක‍්ඛණරසපච‍්චුපට‍්ඨානපදට‍්ඨානෙහිපි චක‍්ඛාදීනං විනිච‍්ඡයං විජානියාති අත්‍ථො. තානි ච නෙසං ලක‍්ඛණාදීනි ඛන්‍ධනිද‍්දෙසෙ වුත‍්තානෙව. පඤ‍්ඤින්‍ද්‍රියාදීනි හි චත‍්තාරි අත්‍ථතො අමොහොයෙව. සෙසානි තත්‍ථ සරූපෙනෙව ආගතානි.

‘ලක්‍ඛණාදීහි’ යනු, ලක්ඛණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන වශයෙනුදු චක්‍ඛු ආදීන්ගේ විනිශ්චයය දතයුතුය යන අර්ත්‍ථයි. ඔවුන් පිළිබඳ එම ලක්ඛණාදිය ඛන්‍ධ නිද්දේසයෙහි කියන ලදුයේමය. පඤ්ඤින්‍ද්‍රිය ආදී (අවසන්) ඉන්‍ද්‍රිය සතර අර්ත්‍ථ වශයෙන් අමෝහයම වේ. සෙසු ඉන්‍ද්‍රියයෝ ස්වරූපයෙන්ම එහි ආවාහුය. (සඳහන්වෙත්).

කමතොති අයම‍්පි දෙසනාක‍්කමොව. තත්‍ථ අජ‍්ඣත‍්තධම‍්මෙ පරිඤ‍්ඤාය අරියභූමිපටිලාභො හොතීති අත‍්තභාවපරියාපන‍්නානි චක‍්ඛුන්‍ද්‍රියාදීනි පඨමං දෙසිතානි. සො පන අත‍්තභාවො යං ධම‍්මං උපාදාය ඉත්‍ථීති වා පුරිසොති වා සඞ‍්ඛං ගච‍්ඡති, අයං සොති නිදස‍්සනත්‍ථං තතො ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියඤ‍්ච. සො දුවිධොපි ජීවිතින්‍ද්‍රියපටිබද‍්ධවුත‍්තීති ඤාපනත්‍ථං තතො ජීවිතින්‍ද්‍රියං. යාව තස‍්ස පවත‍්ති, තාව එතෙසං වෙදයිතානං අනිවත‍්ති. යඤ‍්ච කිඤ‍්චි වෙදයිතං, සබ‍්බං තං දුක‍්ඛන‍්ති ඤාපනත්‍ථං තතො සුඛින්‍ද්‍රියාදීනි. තංනිරොධත්‍ථං පන එතෙ ධම‍්මා භාවෙතබ‍්බාති පටිපත‍්තිදස‍්සනත්‍ථං තතො සද‍්ධාදීනි. ඉමාය පටිපත‍්තියා එස ධම‍්මො පඨමං අත‍්තනි පාතුභවතීති පටිපත‍්තියා අමොඝභාවදස‍්සනත්‍ථං තතො අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං. තස‍්සෙව ඵලත‍්තා තතො අනන‍්තරං භාවෙතබ‍්බතො ච තතො අඤ‍්ඤින්‍ද්‍රියං. තතො පරං භාවනාය ඉමස‍්ස අධිගමො, අධිගතෙ ච පන ඉමස‍්මිං නත්‍ථි කිඤ‍්චි උත‍්තරි කරණීයන‍්ති ඤාපනත්‍ථං අන‍්තෙ පරමස‍්සාසභූතං අඤ‍්ඤාතාවින්‍ද්‍රියං දෙසිතන‍්ති අයමෙත්‍ථ කමො.

‘කමතො’ යනු, දේශනා ක්‍රමයමැයි, එහි, ‘අභ්‍යන්තර ධර්මයන් මනාව අවබෝධ කිරීමෙන් ආර්යභූමි ප්‍රතිලාභය සිද්ධ වෙති’යි කී හෙයින් ආත්මභාවයට අයත් චක්‍ඛුන්‍ද්‍රිය ආදිය පළමුකොට දේශනා කරන ලදි. එම ආත්මභාවය යම් ස්වභාවයක් හේතු කොට ස්ත්‍රියකැයි හෝ පුරුෂයෙකැයි ව්‍යවහාරයට යේද, මේ එම ස්වභාවයැයි දක්වනු පිණිස ඉන් අනතුරුව ඉත්‍ථින්‍ද්‍රිය පුරිසින්‍ද්‍රිය යන දෙක දේශනා කරන ලදි. එම ද්විවිධ වූම ස්වභාවය ජීවිතින්‍ද්‍රියය හා සමග බැඳුණු පැවතුම් ඇතැයි හඟවනු පිණිස ඉන් අනතුරුව ජීවිතින්‍ද්‍රිය දේශනා කරන ලදි. යම්තාක් එම ජීවිතින්‍ද්‍රිය පවතීද, ඒතාක් වේදයිත ධර්මයන්ගේ නැවැත්ම නොවෙති’ යයිද, යම්කිසිවක් වේදයිත වේනම් ඒ සියල්ල දුකෙකියි හඟවනු පිණිස ඉන් අනතුරුව සුඛින්‍ද්‍රිය ආදිය දේශනා කරන ලදි, එම සුඛදුඃඛාදිය නිවාරණය පිණිස මේ ධර්මයන් වැසිය යුතුය’යි පිළිපැදීම දක්වනු පිණිස ඉන් ඉක්බිති සද්ධින්‍ද්‍රිය ආදිය දේශනා කරන ලදි; මේ පිළිපැදීම හේතුකොට මේ ධර්මය පළමුකොට තමා තුළ පහළ වෙති’යි පිළිපැදීමෙහි නොසිස්බව දක්වනු පිණිස අනතුරුව අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියය දේශනා කරන ලදි; එම ඉන්‍ද්‍රියයෙහිම ඵලය වන හෙයින්ද, ඉන්පසු වැඩියයුතු හෙයින්ද, ඉනුදු අනතුරුව අඤ්ඤින්‍ද්‍රියය දේශනා කරන ලදි. ඉනික්බිතිව එම ඉන්‍ද්‍රියය වැඩීමෙන් මේ ඉන්‍ද්‍රියයෙහි අධිගමය වන්නේය’යිද, මෙය අවබෝධ කළ කල්හි තවදුරටත් කළයුතු කිසිවක් නැත්තේය’යිද හඟවනු පිණිස අවසන්හි පරමාස්වාද වූ අඤ්ඤතාවීන්‍ද්‍රියය දේශනා කරන ලදැ’යි යනු මෙය පිළිබඳ ක්‍රමය වේ.

භෙදාභෙදාති ජීවිතින්‍ද්‍රියස‍්සෙව චෙත්‍ථ භෙදො. තඤ‍්හි රූපජීවිතින්‍ද්‍රියං අරූපජීවිතින්‍ද්‍රියන‍්ති දුවිධං හොති. සෙසානං අභෙදොති එවමෙත්‍ථ භෙදාභෙදතො විනිච‍්ඡයං විජානියා.

‘භේදාභේදා’ යනු, මෙහි භේදයක් පවත්නේ ජීවිතින්‍ද්‍රියය පිළිබඳවම පමණෙකි. එය රූප ජීවිතින්‍ද්‍රියය, අරූප ජීවිතින්‍ද්‍රියයයි ද්විවිධ වේ; සෙසු ඉන්‍ද්‍රියයන්ගේ භේදයක් නැතැ’යි මෙසේ භේදාභේද වශයෙන් මෙහි විනිශ්චයය දතයුතුය.

කිච‍්චාති කිං ඉන්‍ද්‍රියානං කිච‍්චන‍්ති චෙ. චක‍්ඛුන්‍ද්‍රියස‍්ස තාව “චක‍්ඛායතනං චක‍්ඛුවිඤ‍්ඤාණධාතුයා තංසම‍්පයුත‍්තකානඤ‍්ච ධම‍්මානං ඉන්‍ද්‍රියපච‍්චයෙන පච‍්චයො”ති වචනතො යං තං ඉන්‍ද්‍රියපච‍්චයභාවෙන සාධෙතබ‍්බං අත‍්තනො තික‍්ඛමන්‍දාදිභාවෙන චක‍්ඛුවිඤ‍්ඤාණාදිධම‍්මානං තික‍්ඛමන්‍දාදිසඞ‍්ඛාතං අත‍්තාකාරානුවත‍්තාපනං, ඉදං කිච‍්චං. එවං සොතඝානජිව‍්හාකායානං. මනින්‍ද්‍රියස‍්ස පන සහජාතධම‍්මානං අත‍්තනො වසවත‍්තාපනං. ජීවිතින්‍ද්‍රියස‍්ස සහජාතධම‍්මානුපාලනං. ඉත්‍ථින්‍ද්‍රියපුරිසින්‍ද්‍රියානං ඉත්‍ථිපුරිසලිඞ‍්ගනිමිත‍්තකුත‍්තාකප‍්පාකාරානුවිධානං. සුඛදුක‍්ඛසොමනස‍්සදොමනස‍්සින්‍ද්‍රියානං සහජාතධම‍්මෙ අභිභවිත්‍වා යථාසකං ඔළාරිකාකාරානුපාපනං. උපෙක‍්ඛින්‍ද්‍රියස‍්ස සන‍්තපණීතමජ‍්ඣත‍්තාකාරානුපාපනං. සද‍්ධාදීනං පටිපක‍්ඛාභිභවනං සම‍්පයුත‍්තධම‍්මානඤ‍්ච පසන‍්නාකාරාදිභාවසම‍්පාපනං. අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියස‍්ස සංයොජනත‍්තයප‍්පහානඤ‍්චෙව සම‍්පයුත‍්තානඤ‍්ච තප‍්පහානාභිමුඛභාවකරණං. අඤ‍්ඤින්‍ද්‍රියස‍්ස කාමරාගබ්‍යාපාදාදිතනුකරණප‍්පහානඤ‍්චෙව සහජාතානඤ‍්ච අත‍්තනො වසානුවත‍්තාපනං. අඤ‍්ඤාතාවින්‍ද්‍රියස‍්ස සබ‍්බකිච‍්චෙසු උස‍්සුක‍්කප‍්පහානඤ‍්චෙව අමතාභිමුඛභාවපච‍්චයතා ච සම‍්පයුත‍්තානන‍්ති එවමෙත්‍ථ කිච‍්චතො විනිච‍්ඡයං විජානියා.

‘කිච්චා’ යනු ඉන්‍ද්‍රියයන්ගේ කෘත්‍යය කවරේද යත්:- පළමුකොට, චක්‍ඛුන්‍ද්‍රියය පිළිබඳ වූ චක්ඛායතනය චක්‍ඛු විඤ්ඤාණ ධාතුවටද, එය හා සමග බැදුණු (රූපාදී) ධර්මයනටද ඉන්‍ද්‍රිය ප්‍රත්‍යය වශයෙන් ප්‍රත්‍යය වන්නේය’යි කී හෙයින් ඉන්‍ද්‍රියප්‍රත්‍යය භාවයෙන් තමාගේ තියුණු බව හෝ ලැසි බව හේතුකොට සාධනය කළයුතු චක්‍ඛු විඤ්ඤාණාදී ධර්මයන්ගේ තියුණු බව හෝ ලැසි බවය’යි කියනලද තමාගේ ආකාරය අනුව පැවැත්වීමෙක් වේද, මෙය කෘත්‍යය වේ. සෝත, ඝාණ, ජිව්හා, කාය යන ඉන්‍ද්‍රියයන් පිළිබඳවද මෙසේමය. මනින්‍ද්‍රියය පිළිබඳ ඉන්‍ද්‍රිය කෘත්‍යය වනුයේ සහජාත ධර්මයන් තමා වශයෙහි පැවැත්වීමයි. ජීවිතින්‍ද්‍රිය පිළිබඳ කෘත්‍යය වනුයේ සහජාත ධර්මයන් පාලනය කිරීමයි. ඉත්‍ථින්‍ද්‍රිය-පුරිසින්‍ද්‍රියයන් පිළිබඳ කෘත්‍යය වනුයේ ස්ත්‍රී පුරුෂයන්ගේ ලිංග, නිමිත්ත, කෘත්‍ය, ආකල්ප හා ආකාරයනට අනුව විධාන කිරිමයි; සුඛ, දුක්ඛ, සෝමනස්ස දෝමනස්ස යන ඉන්‍ද්‍රියයන්ගේ කෘත්‍යය වනුයේ සහජාත ධර්මයන් අබිබවා ඒ ඒ ඉන්‍ද්‍රියයනට අයත් ඕළාරික ආකාරයනට පැමිණවීමයි. උපෙක්‍ඛින්‍ද්‍රියය පිළිබඳ කෘත්‍යය වනුයේ ශාන්ත වූ ප්‍රණිත වූ මධ්‍යස්ථාකාරයට පැමිණවීමයි, සද්ධින්‍ද්‍රියාදීන් පිළිබඳ කෘත්‍යය වනුයේ ප්‍රතිපක්‍ෂ ධර්මයන් මැඩලීම හා සම්ප්‍රයුක්ත ධර්මයන් ප්‍රසන්නාකාරාදී ස්වභාවයට පැමිණවීමයි: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියය පිළිබඳ කෘත්‍යය වනුයේ පළමු සංයෝජන තුන ප්‍රහීණ කිරීම හා සම්ප්‍රයුක්ත ධර්මයන් ප්‍රහාණය වෙත යොමු කරවීමයි; අඤ්ඤින්‍ද්‍රියය පිළිබඳ කෘත්‍යය වනුයේ කාමරාග, ව්‍යාපාද, යන සංයෝජනයන් දුර්වල කිරීම හා ප්‍රහීණ කිරීමද, සහජාත ධර්මයන් තමා වශයෙහි පැවැත්වීමද යන මේයි. අඤ්ඤතාවීන්‍ද්‍රියය පිළිබඳ කෘත්‍යය වනුයේ සියලු කෘත්‍යයන් විෂයයෙහි උත්සුකභාවය ප්‍රහීණ කිරීම හා සම්ප්‍රයුක්ත ධර්මයන් නිවන කරා යොමු කරවනු පිණිස ප්‍රත්‍යය වීමයි. මෙසේ මෙහි කෘත්‍ය වශයෙන් විනිශ්චයය දතයුතුය.

භූමිතොති චක‍්ඛුසොතඝානජිව‍්හාකායඉත්‍ථිපුරිසසුඛදුක‍්ඛදොමනස‍්සින්‍ද්‍රියානි චෙත්‍ථ කාමාවචරානෙව. මනින්‍ද්‍රියජීවිතින්‍ද්‍රියඋපෙක‍්ඛින්‍ද්‍රියානි සද‍්ධාවීරියසතිසමාධිපඤ‍්ඤින්‍ද්‍රියානි ච චතුභූමිපරියාපන‍්නානි. සොමනස‍්සින්‍ද්‍රියං කාමාවචරරූපාවචරලොකුත‍්තරවසෙන භූමිත‍්තයපරියාපන‍්නං. අවසානෙ තීණි ලොකුත‍්තරානෙවාති එවමෙත්‍ථ භූමිතොපි විනිච‍්ඡයං විජානෙය්‍ය. එවං හි විජානන‍්තො –

‘භූමිතො’ යනු:- චක්‍ඛු, සෝත, ඝාණ, ජීව්හා, කාය, ඉත්‍ථි, පුරිස, සුඛ, දුක්ඛ, දෝමනස්ස යන ඉන්‍ද්‍රියයෝ කාමාවචරම වෙති; මනින්‍ද්‍රිය, ජීවිතින්‍ද්‍රිය, උපෙක්ඛින්‍ද්‍රිය යන මොහුද, සද්ධින්‍ද්‍රිය, විරියින්‍ද්‍රිය, සතින්‍ද්‍රිය, සමාධින්‍ද්‍රිය, පඤ්ඤින්‍ද්‍රිය යන මොහුද භූමි සතරටම අයත් වෙති; සෝමනස්සින්‍ද්‍රියය කාමාවචර, රූපාවචර, ලෝකුත්තර යන භූමි තුනට අයත් වෙති: අවසන් ඉන්‍ද්‍රිය තුන ලෝකුත්තරම වේ. මෙසේ භූමි වශයෙන්ද මෙහි විනිශ්චයය දතයුතුය. මෙසේ දැන:-

සංවෙගබහුලො භික‍්ඛු, ඨිතො ඉන්‍ද්‍රියසංවරෙ; ඉන්‍ද්‍රියානි පරිඤ‍්ඤාය, දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සතීති.

සංවෙග බහුලො භික්‍ඛු ඨිතො ඉන්‍ද්‍රියසංවරෙ ඉන්‍ද්‍රියානි පරිඤ්ඤාය දුක්‍ඛස්සන්තං කරිස්සතීති

සංවේග බහුල කොට ඇති භික්‍ෂු තෙමේ ඉන්‍ද්‍රිය සංවරයෙහි පිහිටියේ ඉන්‍ද්‍රියයන් මනාකොට දැන දුක් කෙළවර කරන්නේය.

ඉදං ඉන්‍ද්‍රියානං විත්‍ථාරකථාමුඛං.

මේ ඉන්‍ද්‍රියයන් පිළිබඳ විස්තර කථාමුඛයයි