ධාතුවිත්ථාරකථා
ධාතුවිත්ථාරකථා
ධාතුවිත්ථාරකථා
තදනන්තරා පන ධාතුයොති අට්ඨාරස ධාතුයො – චක්ඛුධාතු, රූපධාතු, චක්ඛුවිඤ්ඤාණධාතු, සොතධාතු, සද්දධාතු, සොතවිඤ්ඤාණධාතු, ඝානධාතු, ගන්ධධාතු, ඝානවිඤ්ඤාණධාතු, ජිව්හාධාතු, රසධාතු, ජිව්හාවිඤ්ඤාණධාතු, කායධාතු, ඵොට්ඨබ්බධාතු, කායවිඤ්ඤාණධාතු, මනොධාතු, ධම්මධාතු, මනොවිඤ්ඤාණධාතූති. තත්ථ –
අනතුරුව, ‘ධාතුයො’ යනු, චක්ඛුධාතු, රූපධාතු, චක්ඛු විඤ්ඤාණ ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ඝාණ ධාතු, ගන්ධ ධාතු, ඝාණ විඤ්ඤාණධාතු, ජිව්හාධාතු, රසධාතු, ජිවහා විඤ්ඤාණධාතු, කාය ධාතු, ඵොට්ඨබ්බ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝධාතු, ධම්මධාතු, මනෝවිඤ්ඤාණ ධාතුය යන අටළොස් ධාතූහුය. එහි -
අත්ථතො ලක්‍ඛණාදීහි, කම තාවත්වසඞ්ඛතො; පච්චයා අථ දට්ඨබ්බා, වෙදිතබ්බො විනිච්ඡයො.
අත්ථතො ලක්‍ඛණාදීහි කම තාවත්ව සඞ්ඛතො පච්චයා අථ දට්ඨබ්බා වෙදිතබ්බො විනිච්ඡයො
අර්ත්ථ වශයෙන්, ලක්‍ෂණාදී වශයෙන්, ක්‍රම වශයෙන්, තාවත්ව වශයෙන්, සංඛ්‍යා වශයෙන්, ප්‍රත්‍යය වශයෙන් හා දට්ඨබ්බ වශයෙන් විනිශ්චයය දතයුතුය.
තත්ථ අත්ථතොති චක්ඛතීති චක්ඛු. රූපයතීති රූපං. චක්ඛුස්ස විඤ්ඤාණං චක්ඛුවිඤ්ඤාණන්ති එවමාදිනා තාව නයෙන චක්ඛාදීනං විසෙසත්ථතො වෙදිතබ්බො විනිච්ඡයො. අවිසෙසෙන පන විදහති, ධීයතෙ, විධානං, විධීයතෙ එතාය, එත්ථ වා ධීයතීති ධාතු. ලොකියා හි ධාතුයො කාරණභාවෙන වවත්ථිතා හුත්වා සුවණ්ණරජතාදිධාතුයො විය සුවණ්ණරජතාදිං , අනෙකප්පකාරං සංසාරදුක්ඛං විදහන්ති. භාරහාරෙහි ච භාරො විය, සත්තෙහි ධීයන්තෙ, ධාරියන්තීති අත්ථො. දුක්ඛවිධානමත්තමෙව චෙසා, අවසවත්තනතො. එතාහි ච කරණභූතාහි සංසාරදුක්ඛං සත්තෙහි අනුවිධීයති. තථාවිහිතඤ්ච තං එතාස්වෙව ධීයති, ඨපියතීති අත්ථො. ඉති චක්ඛාදීසු එකෙකො ධම්මො යථාසම්භවං විදහති, ධීයතීතිආදිනා අත්ථවසෙන ධාතූති වුච්චති.
එහි ‘අත්ථතො’ යනු, දකිති’යි යන අරුතින් ‘චක්ඛු’ නම්වේ. රූපණය කෙරෙති’ යි ප්‍රකාශ කෙරෙති’යි යන අරුතින් ‘රූප’ නම්වේ. චක්ඛු හේතුවෙන් ඇතිවන විඤ්ඤාණය චක්ඛු විඤ්ඤාණයි; මේ ආදී නයින් චක්ඛු ආදීන් පිළිබඳ විශේෂාර්ත්ථ වශයෙන් විනිශ්චයය දතයුතුය. අවිශේෂ වශයෙන් වනාහි (විද්ධති) විධාන කෙරෙති’යි (කර්තෘකාරකයෙහි) හෝ, (ධීයති විධානං) විධානය දරනු ලැබෙති’යි (කර්මකාරකයෙහි) හෝ, (විධීයතෙ) විධාන මාත්‍රය’යි (භාවකාරකයෙහි) හෝ, (එතාය චෙත්ථ වා ධීයති) මෙය කරණකොට නොහොත් මෙහි පිළියෙළ කරනු ලැබෙති’යි (කරණ කාරකයෙහි නොහොත් ආධාර කාරකයෙහි) හෝ ධාතු නම්වේ. රන් රිදී ආදීනට කාරණ වූ ධාතූන් රන් රිදී ආදිය උපදවන්නාක් මෙන් ලෞකික වූ ධාතූහු කාරණ භාවයෙන් පිරිසිඳිනු ලඳුව නොයෙක් ප්‍රකාර ඇති සසර දුක් වර්ග කෙරෙති’යි, බර උසුලන්නවුන් ලවා බර මෙන්, සත්ත්වයන් ලවා අදවති’යි, උසුලවති’යි යන අර්‍ත්‍ථයි. වසඟයෙහි නොපවත්නා හෙයින් මේ ධාතූහු හුදෙක් දුඃඛ විධාන මාත්‍ර වෙති. මේ ධාතුන් විසින් කාරණ වශයෙන් සිට සත්ත්වයින් ලවා සසර දුක් උසුලවනු ලැබෙති’යි, එසේ කරමින්ම මේ ධාතුන් කෙරෙහිම සසර දුක් විධාන කරනු ලැබෙති’යි, පිහිටුවනු ලැබෙති’යි යන අර්‍ත්‍ථයි. මෙසේ චක්ඛු ආදීන් අතුරෙන් එක්එක් ධර්මයක් හටගන්නා ආකාරයෙන්ම විධාන කෙරෙති’යි, උසුලවති’යි ආදී අර්ත්ථ වශයෙන් ‘ධාතු’ යයි වහරනු ලැබේ.
අපිච යථා තිත්ථියානං අත්තා නාම සභාවතො නත්ථි, න එවමෙතා, එතා පන අත්තනො සභාවං ධාරෙන්තීති ධාතුයො. යථා ලොකෙ විචිත්තා හරිතාලමනොසිලාදයො සෙලාවයවා ධාතුයොති වුච්චන්ති, එවමෙතාපි ධාතුයො විය ධාතුයො. විචිත්තා හෙතෙ ඤාණඤෙය්යාවයවාති. යථා වා සරීරසඞ්ඛාතස්ස සමුදායස්ස අවයවභූතෙසු රසසොණිතාදීසු අඤ්ඤමඤ්ඤවිසභාගලක්ඛණපරිච්ඡින්නෙසු ධාතුසමඤ්ඤා, එවමෙතෙසුපි පඤ්චක්ඛන්ධසඞ්ඛාතස්ස අත්තභාවස්ස අවයවෙසු ධාතුසමඤ්ඤා වෙදිතබ්බා. අඤ්ඤමඤ්ඤවිසභාගලක්ඛණපරිච්ඡින්නා හෙතෙ චක්ඛාදයොති. අපිච ධාතූති නිජ්ජීවමත්තස්සෙවෙතං අධිවචනං. තථා හි භගවා “ඡ ධාතුරො අයං භික්ඛු පුරිසො”තිආදීසු (ම· නි· 3.344) ජීවසඤ්ඤාසමූහනනත්ථං ධාතුදෙසනං අකාසීති.
තවද, තීර්ත්ථකයන් පවසන ආත්මය නම් සැබවින් විද්‍යමාන වූවක් නොවේ, මේ ධාතුහු එසේ නොව තමන්ගේ ස්වභාවය දරති’යි යන අරුතින්ම ‘ධාතු’ නම් වෙති. යම්සේ ලෝකයෙහි සිරියල් මනෝසිලා ආදී විසිතුරු ශෛල විශේෂඥයෝ ‘ධාතු’ යයි වහරනු ලැබෙත්ද, එසේම මේ ධාතූහුද, එම ධාතූන් සෙයින්ම ‘ධාතු’ නම් වෙති; නුවණින් දතයුතු විසිතුරු අවයව ඇත්තාහුද වෙති. නෙහොත්, යම්සේ ශරීරයයි වහරනු ලබන සමුදාය තුළ අවයව වූ එකිනෙකට විසදෘශ ලක්ෂණයෙන් පිරිපුන් රසධාතු, රුධිර ධාතු ආදියට ‘ධාතු’ යන සංඥාව වේද, එසේම පංචස්කන්ධයයි කියනු ලබන ආත්මභාවයට අයත් මේ (චක්ඛු ආදී) අවයවයන් කෙරෙහිද ‘ධාතු’ය යන නාමය දතයුතුය. මේ චක්ඛු ආදීහුද එකිනෙකට විසදෘශ ලක්ෂණයෙන් පිරිපුන් වූවාහුය. තවද ‘ධාතු’ යන මෙය හුදෙක් නිර්ජීව මාත්‍රයකට අධිවචනයි, ඒ එසේමැයි, භාග්‍යවතුන් වහන්සේ, “මහණ, ‘පුරිස’ යනු හුදෙක් ධාතු සයෙකින් සැදුණෙකි” (ඡධාතුකො අයං භික්ඛු පුරිසො)යි යන ආදී තන්හි, ජීව (ආත්ම) සංඥාව බැහැර කරනු පිණිස ධාතුදේශනය කළ සේක.
තස්මා යථාවුත්තෙන අත්ථෙන චක්ඛු ච තං ධාතු ච චක්ඛුධාතු…පෙ… මනොවිඤ්ඤාණඤ්ච තං ධාතු ච මනොවිඤ්ඤාණධාතූති. එවං තාවෙත්ථ අත්ථතො වෙදිතබ්බො විනිච්ඡයො.
එසේ හෙයින් මෙකී අර්ත්ථයෙන්, “චක්ඛු වූයේද එම ධාතු වූයේද චක්ඛුධාතුයි -පෙ- මනෝවිඤ්ඤාණ වූයේද එම ධාතුවූයේද, මනෝවිඤ්ඤාණධාතුයි’ මෙසේ පළමු කොට මෙහි අරුත් වශයෙන් විනිශ්චයය දතයුතුය.
ලක්ඛණාදිතොති චක්ඛාදීනං ලක්ඛණාදිතොපෙත්ථ වෙදිතබ්බො විනිච්ඡයො. තානි ච පන නෙසං ලක්ඛණාදීනි ඛන්ධනිද්දෙසෙ වුත්තනයෙනෙව වෙදිතබ්බානි.
‘ලක්ඛණාදිතො’ යනු, චක්ඛු ආදීන් පිළිබඳ විනිශ්චයය ලක්‍ෂණාදී වශයෙන්ද දතයුතුය. ඔවුන් පිළිබඳ ලක්ෂණාදිය ඛන්ධ නිද්දේසයෙහි කී නයින්ම දතයුතුය.
කමතොති ඉධාපි පුබ්බෙ වුත්තෙසු උප්පත්තික්කමාදීසු දෙසනාක්කමොව යුජ්ජති. සො ච පනායං හෙතුඵලානුපුබ්බවවත්ථානවසෙන වුත්තො. චක්ඛුධාතු රූපධාතූති ඉදඤ්හි ද්වයං හෙතු, චක්ඛුවිඤ්ඤාණධාතූති ඵලං. එවං සබ්බත්ථ.
‘කමතො’ යන මෙහිද පෙර කී උත්පත්ති ක්රමාදීන් පිළිබඳ දේශනා ක්රමයම යෙදේ. එම දේශනා ක්‍රමය මෙහි හේතු හා ඵල අනුපිළිවෙලට තැබීම් වශයෙන් කියනලදි - චක්ඛු ධාතු, රූපධාතු යන දෙක හේතුයි, චක්ඛු විඤ්ඤාණධාතු යනු, ඵලයයි, අන් සියලු තන්හිද මෙසේය.
තාවත්වතොති තාවභාවතො. ඉදං වුත්තං හොති – තෙසු තෙසු හි සුත්තාභිධම්මප්පදෙසෙසු “ආභාධාතු, සුභධාතු, ආකාසානඤ්චායතනධාතු, විඤ්ඤාණඤ්චායතනධාතු, ආකිඤ්චඤ්ඤායතනධාතු, නෙවසඤ්ඤානාසඤ්ඤායතනධාතු, සඤ්ඤාවෙදයිතනිරොධධාතු” (සං· නි· 2.95), “කාමධාතු , බ්යාපාදධාතු, විහිංසාධාතු, නෙක්ඛම්මධාතු, අබ්යාපාදධාතු, අවිහිංසාධාතු” (විභ· 182; දී· නි· 3.305; ම· නි· 3.125), “සුඛධාතු, දුක්ඛධාතු, සොමනස්සධාතු, දොමනස්සධාතු, උපෙක්ඛාධාතු, අවිජ්ජාධාතු” (විභ· 180; ම· නි· 3.125), “ආරම්භධාතු, නික්කමධාතු, පරක්කමධාතු” (සං· නි· 5.183), “හීනධාතු, මජ්ඣිමධාතු, පණීතධාතු” (දී· නි· 3.305), “පථවීධාතු, ආපොධාතු, තෙජොධාතු, වායොධාතු (දී· නි· 3.311), ආකාසධාතු, විඤ්ඤාණධාතු” (ම· නි· 3.125; විභ· 172), “සඞ්ඛතධාතු, අසඞ්ඛතධාතු” (ම· නි· 3.125), “අනෙකධාතු නානාධාතු ලොකො”ති (දී· නි· 2.366; ම· නි· 1.148) එවමාදයො අඤ්ඤාපි ධාතුයො දිස්සන්ති. එවං සති සබ්බාසං වසෙන පරිච්ඡෙදං අකත්වා කස්මා අට්ඨාරසාති අයමෙව පරිච්ඡෙදො කතොති චෙ. සභාවතො විජ්ජමානානං සබ්බධාතූනං තදන්තොගධත්තා.
තාවත්වතො යනුවෙන් අඩුවැඩි නැතිව මෙපමණෙකි’යි යන මෙය පවසන ලදි. ඒ ඒ සූත්‍ර අභිධර්ම පාඨයන්හි, ආභා ධාතුය, සුභාධාතුය, ආකාසානඤ්චාතන ධාතුය, විඤ්ඤාණඤ්චායතන ධාතුය, ආකිඤ්චඤ්ඤායතන ධාතුය, නේවසඤ්ඤා නාසඤ්ඤායතන ධාතුය, සඤ්ඤාවේදයිත නිරෝධ ධාතුය, කාම ධාතුය, ව්‍යාපාද ධාතුය, විහිංසා ධාතුය, නෙක්ඛම්ම ධාතුය, අව්යාපාදධාතුය, අවිහිංසා ධාතුය, සුඛධාතුය, දුක්ඛධාතුය, සෝමනස්ස ධාතුය, දෝමනස්ස ධාතුය, උපෙක්ඛා ධාතුය, අවිජ්ජා ධාතුය, ආරම්භ ධාතුය, නික්ඛමධාතුය, පරක්කම ධාතුය, හීන ධාතුය, මජ්ඣිම ධාතුය, පණිතධාතුය, පඨවීධාතුය, ආපෝ ධාතුය, තේජෝ ධාතුය, වායෝ ධාතුය, ආකාස ධාතුය, විඤ්ඤාණ ධාතුය, සඞ්ඛතධාතුය, අසඞ්ඛතධාතුය, අනේකධාතුය, නානාධාතුක ලෝකයයි යන මේ ආදී අන්‍යවූද ධාතූහු දක්නා ලැබෙති. මෙසේවූ කල්හි, සියලු ධාතූන් වශයෙන් පරිච්ඡේද නොකොට, ‘අටළොසෙකැ’යි යන මේ පරිච්ඡේදයම කරන ලද්දේ කවර හෙයින්ද යත් ස්වභාව (පරමාර්‍ත්‍ථ) වශයෙන් විද්‍යමාන වූ සියලු ධාතූන් මේ අටළොසටම ඇතුළත් වන හෙයිනි.
රූපධාතුයෙව හි ආභාධාතු, සුභධාතු පන රූපාදිපටිබද්ධා. කස්මා, සුභනිමිත්තත්තා. සුභනිමිත්තඤ්හි සුභධාතු. තඤ්ච රූපාදිවිනිමුත්තං න විජ්ජති. කුසලවිපාකාරම්මණා වා රූපාදයො එව සුභධාතූති රූපාදිමත්තමෙවෙසා. ආකාසානඤ්චායතනධාතුආදීසු චිත්තං මනොවිඤ්ඤාණධාතුයෙව, සෙසා ධම්මධාතු. සඤ්ඤාවෙදයිතනිරොධධාතු පන සභාවතො නත්ථි. ධාතුද්වයනිරොධමත්තමෙව හි සා.
‘ආභාධාතු’ යනු රූපධාතුමැයි, ‘සුභාධාතු’ යනු- රූපාදිය හා සමගම බැදී පවතින්නකි. කවර හෙයින්ද යත් සුභ නිමිති සහිත වූ හෙයිනි, ‘සුභාධාතු’ යනු සුබය’යි ගනු ලබන නිමිතියි, එය රූපාදියෙන් තොරව විද්‍යාමාන නොවේ. නොහොත්, කුසල විපාක අරමුණු කොට ගත් රූපාදියම වේ. ‘ආකාසානඤ්චායතන-ධාතු’ යන ආදියෙහි වූ චිත්තය මනෝවිඤ්ඤාණධාතුම වේ. සෙසු (ආයතන) ධාතුහු ‘ධම්මධාතු’ම වෙති. ‘සඤ්ඤාවේදයිත නිරෝධ-ධාතු’ වනාහි ස්වභාව (පරමාර්‍ත්‍ථ) වශයෙන් අවිද්‍යමාන වේ. එය (මනෝ විඤ්ඤාණ-ධාතුය, ධම්මධාතුය යන) දෙකෙහි නිරෝධමාත්රය මැයි.
කාමධාතු ධම්මධාතුමත්තං වා හොති. යථාහ – “තත්ථ කතමා කාමධාතු? කාමපටිසංයුත්තො තක්කො විතක්කො මිච්ඡාසඞ්කප්පො”ති (විභ· 182). අට්ඨාරසාපි වා ධාතුයො. යථාහ – “හෙට්ඨතො අවීචිනිරයං පරියන්තං කරිත්වා උපරිතො පරනිම්මිතවසවත්තී දෙවෙ අන්තොකරිත්වා යං එතස්මිං අන්තරෙ එත්ථාවචරා එත්ථ පරියාපන්නා ඛන්ධධාතුආයතනා රූපා වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණං, අයං වුච්චති කාමධාතූ”ති (විභ· 182).
‘කාමධාතු’ යනු හුදෙක් ධම්මධාතුම වේ. කියන ලදමැයි:- “එහි ‘කාම ධාතු යනු කවරේද? කාමයන් හා සමග බැඳුණු තර්කයයි, විතර්කයයි, මිථ්යාසංකල්පයයි” යනුවෙන් අටළොස් ධාතූහුම හෝ එනම් වෙති. “යටින් අවීචිනිරයත් උඩින් පරනිර්මිත වශවර්ති දිව්‍යලෝකයත් යන මෙදෑතුරෙහි ඇතුළත්, මෙයට අයත්, ස්කන්ධ, ධාතු, ආයතන, රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන මේ සියල්ල ‘කාමධාතු’ යයි කියනු ලැබෙති’යි කී හෙයිනි.
නෙක්ඛම්මධාතු ධම්මධාතු එව, “සබ්බෙපි කුසලා ධම්මා නෙක්ඛම්මධාතූ”ති (විභ· 182) වචනතො මනොවිඤ්ඤාණධාතුපි හොතියෙව. බ්යාපාදවිහිංසා-අබ්යාපාද-අවිහිංසාසුඛ-දුක්ඛ-සොමනස්ස-දොමනස්සුපෙක්ඛා-අවිජ්ජාආරම්භ-නික්කම-පරක්කමධාතුයො ධම්මධාතුයෙව.
‘නෙක්ඛම්මධාතු’ යනු ධම්මධාතුම වේ. සියලුම කුසලධර්මයන් නෙක්ඛම්ම ධාතු වෙති’යි කී හෙයින් මනෝවිඤ්ඤාණ ධාතුවද එනම් වේමය. ව්‍යාපාදය, විහිංසාය, අව්‍යාපාදය, අවිහිංසාය, සුඛය, දුක්ඛය, සෝමනස්සය, දෝමනස්සය, උපෙක්ඛාය, අවිජ්ජාය, ආරම්භය, නික්කමය, පරක්කමය, යන මේ ධාතූහු ධම්ම ධාතුව වෙති.
හීනමජ්ඣිමපණීතධාතුයො අට්ඨාරස ධාතුමත්තමෙව. හීනා හි චක්ඛාදයො හීනා ධාතු, මජ්ඣිමපණීතා මජ්ඣිමා චෙව පණීතා ච. නිප්පරියායෙන පන අකුසලා ධම්මධාතුමනොවිඤ්ඤාණධාතුයො හීනධාතු, ලොකියා කුසලාබ්යාකතා උභොපි චක්ඛුධාතුආදයො ච මජ්ඣිමධාතු, ලොකුත්තරා පන ධම්මධාතුමනොවිඤ්ඤාණධාතුයො පණීතධාතු.
හීන- මජ්ඣිම-පණීත ධාතූහු හුදෙක් අටළොස් ධාතූහුම වෙති. හීන වූ චක්ඛු ආදිය හීනධාතුයි, මජ්ඣිම-පණීත චක්ඛු ආදිය මජ්ඣිම - පණීත ධාතුයි. අවිශේෂයෙන් අකුසලවූ ධම්මධාතු හා මනෝ විඤ්ඤාණධාතුහු හීන ධාතුනම් වෙති. ලෞකික වූ කුසල හා අව්‍යාකෘත ධම්මධාතූහුද චක්ඛුධාතු ආදියද මජ්ඣිම ධාතු නම් වෙති. ලෝකෝත්තර වූ ධම්මධාතු හා මනෝවිඤ්ඤාණ ධාතූහු ප්රණීතධාතු නම්වෙති.
පථවීතෙජොවායොධාතුයො ඵොට්ඨබ්බධාතුයෙව, ආපොධාතු ආකාසධාතු ච ධම්මධාතුයෙව. විඤ්ඤාණධාතු චක්ඛුවිඤ්ඤාණාදිසත්තවිඤ්ඤාණධාතුසඞ්ඛෙපොයෙව.
පඨවී, තේජෝ, වායෝ යන ධාතුත්රයය. ඵොට්ඨබ්බ ධාතුමැයි; ආපෝ ධාතු, ආකාස ධාතු යන දෙක ධම්මධාතුමැයි; විඤ්ඤාණ ධාතු යනු චක්ඛු ආදී විඤ්ඤාණ ධාතු සතෙහි සංක්ෂේපයමැයි.
සත්තරස ධාතුයො ධම්මධාතුඑකදෙසො ච සඞ්ඛතධාතු, අසඞ්ඛතා පන ධාතු ධම්මධාතුඑකදෙසොව. අනෙකධාතුනානාධාතුලොකො පන අට්ඨාරස ධාතුප්පභෙදමත්තමෙවාති. ඉති සභාවතො විජ්ජමානානං සබ්බධාතූනං තදන්තොගධත්තා අට්ඨාරසෙව වුත්තාති.
සතළොස් ධාතු හා ධම්මධාතු ඒකදේශයක් (කොටසක්) ද සංඛත ධාතුයි, අසංඛත ධාතුනම් ධම්මධාතුවෙන් ඉතිරි කොටසමැයි. අනේකධාතු-නානා ධාතු ලෝකයනම් අටළොස් ධාතූන් පිළිබඳ වූම ප්‍රභේද මාත්‍රයෙකි. මෙසේ ස්වභාව වශයෙන් විද්‍යමාන වූ සියලු ධාතූන්ම ඇතුළත් වන හෙයින් (අඩු වැඩි නැතිව) අටළොසෙක්ම කියනලදි.
අපිච විජානනසභාවෙ විඤ්ඤාණෙ ජීවසඤ්ඤීනං සඤ්ඤාසමූහනනත්ථම්පි අට්ඨාරසෙව වුත්තා. සන්ති හි සත්තා විජානනසභාවෙ විඤ්ඤාණෙ ජීවසඤ්ඤිනො, තෙසං චක්ඛුසොතඝානජිව්හාකායමනොධාතුමනොවිඤ්ඤාණධාතුභෙදෙන තස්ස අනෙකතං චක්ඛුරූපාදිපච්චයායත්තවුත්තිතාය අනිච්චතඤ්ච පකාසෙත්වා දීඝරත්තානුසයිතං ජීවසඤ්ඤං සමූහනිතුකාමෙන භගවතා අට්ඨාරස ධාතුයො පකාසිතා. කිඤ්ච භිය්යො තථා වෙනෙය්යජ්ඣාසයවසෙන ච. යෙ ච ඉමාය අනතිසඞ්ඛෙපවිත්ථාරාය දෙසනාය වෙනෙය්යසත්තා, තදජ්ඣාසයවසෙන ච අට්ඨාරසෙව පකාසිතා.
තවද, විජානනය (වෙසෙසින් දැන ගැනීම) ස්වභාවකොට ඇති විඤ්ඤාණය තුළ ජීවයක් (හෙවත් ආත්මයක්) ඇතැ’යි අදහන්නවුන්ගේ එම හැඟීම නැති කරනු පිණිසද අටළොසෙක්ම කියන ලදී. විජානන ස්වභාව ඇති විඤ්ඤාණය තුළ ජීව (ආත්ම)යක් ඇතැ’යි ගන්නා සත්ත්වයෝ වෙති, ඔවුන්හට චක්ඛු, සෝත, ඝාණ, ජීව්හා, කාය, මනෝ යන ධාතුන්ද, මනෝවිඤ්ඤාණධාතු භේදයෙන් එහි නොයෙක් ආකාර ඇති බවද, චක්ඛු, රූප ආදී ප්‍රත්‍යයනට අයත් පැවතුම් ඇති හෙයින් එහි අනිත්යතාවද ප්‍රකාශ කොට දීර්ඝ කාලාන්තරයක් මුල් බැස ගත් ආත්මසංඥාව නසාලනු කැමැති භාග්‍යවතුන් වහන්සේ විසින් ධාතුන් අටළොසෙක්ම ප්‍රකාශ කරනලදි. බොහෝ කොට කීමෙන් පල කිම? වෛනේය ජනයාගේ අධ්‍යාශය වශයෙන්ද එසේ කියනලදි. යම් වෛනේය ජන කෙනෙක් ඉතා සංක්ෂිප්තද ඉතා විස්තරාත්මකද නොවූ මේ දේශනා ක්‍රමයෙන් පහසුවෙන් අවබෝධ කෙරෙත්ද ඔවුන්ගේ අධ්‍යාශය වශයෙන්ද අටළොසෙක්ම ප්‍රකාශ කරන ලදි.
සඞ්ඛෙපවිත්ථාරනයෙන තථා තථා හි, ධම්මං පකාසයති එස යථා යථාස්ස; සද්ධම්මතෙජවිහතං විලයං ඛණෙන, වෙනෙය්යසත්තහදයෙසු තමො පයාතීති.
සංඞ්ඛෙප විත්ථාර නයෙන තථා තථාපි ධම්මං පකාසයති එස යථායථාස්ස සද්ධම්මතෙජවිහතං විලයං ඛණෙන වෙනෙය්යසත්ත හදයෙසු තමො පයාති
යම් යම් පරිද්දෙකින් දේශනා කළ විට වෛනේය ජනයාගේ සිත්තුළ ඇති අවිද්යාන්ධකාරය සද්ධර්ම තේජසින් නැසී අභාවයට යේද, ඒ ඒ පරිද්දෙන් මේ භාග්‍යවතුන් වහන්සේ සංක්ෂේප වශයෙන්ද විස්තර වශයෙන්ද ධර්මය දේශනා කරන සේක.
එවමෙත්ථ තාවත්වතො වෙදිතබ්බො විනිච්ඡයො.
මෙසේ තාවත්ව (අඩුවැඩි නොවීම්) වශයෙන් මෙහි විනිශ්චයය දතයුතුය.
සඞ්ඛතොති චක්ඛුධාතු තාව ජාතිතො එකො ධම්මොත්වෙව සඞ්ඛං ගච්ඡති චක්ඛුපසාදවසෙන, තථා සොතඝානජිව්හාකායරූපසද්දගන්ධරසධාතුයො සොතප්පසාදාදිවසෙන, ඵොට්ඨබ්බධාතු පන පථවීතෙජොවායොවසෙන තයො ධම්මාති සඞ්ඛං ගච්ඡති. චක්ඛුවිඤ්ඤාණධාතු කුසලාකුසලවිපාකවසෙන ද්වෙ ධම්මාති සඞ්ඛං ගච්ඡති, තථා සොතඝානජිව්හාකායවිඤ්ඤාණධාතුයො. මනොධාතු පන පඤ්චද්වාරාවජ්ජනකුසලාකුසලවිපාකසම්පටිච්ඡනවසෙන තයො ධම්මාති සඞ්ඛං ගච්ඡති. ධම්මධාතු තිණ්ණං අරූපක්ඛන්ධානං සොළසන්නං සුඛුමරූපානං අසඞ්ඛතාය ච ධාතුයා වසෙන වීසති ධම්මාති සඞ්ඛං ගච්ඡති. මනොවිඤ්ඤාණධාතු සෙසකුසලාකුසලාබ්යාකතවිඤ්ඤාණවසෙන ඡසත්තති ධම්මාති සඞ්ඛං ගච්ඡති. එවමෙත්ථ සඞ්ඛතොපි වෙදිතබ්බො විනිච්ඡයො.
සඞ්ඛතො (සංඛ්‍යා වශයෙන්) යනු, පළමුකොට චක්ඛු ධාතුව ජාති වශයෙන් ‘චක්ඛුප්පසාද’ යන එක්ම ස්වභාව වෙතැයි ගැණේ. සෝත, ඝාණ, ජිව්හා, කාය, රූප, සද්ද, ගන්ධ, රස යන ධාතුහුද සෝතප්පසාදාදී වශයෙන් එසේම වෙති. ඵොට්ඨබ්බ ධාතුව වනාහි පඨවී, තේජෝ, වායෝ වශයෙන් ත්‍රිවිධ ස්වභාව ඇත්තේයයි ගැණේ. චක්ඛු විඤ්ඤාණ ධාතුව කුශල අකුශල විපාක වශයෙන් ද්වි-ස්වභාව ඇත්තේයයි ගැණේ. සෝත, ඝාණ, ජිව්හා, කාය යන විඤ්ඤාණ ධාතුහුද එසේම වෙති. මනෝධාතුව වනාහි පඤ්චද්වාරාවජ්ජනය, කුසල හා අකුසල විපාක සම්පටිච්ඡනය යනුවෙන් ත්‍රි-ස්වභාව ඇත්තේයයි ගැණේ. ධම්මධාතුව (වේදනා, සඤ්ඤා, සංඛාර යන) ත්‍රිවිධ අරූපස්කන්ධ වශයෙන්ද, අටළොස් සූක්ෂ්ම රූප වශයෙන්ද, අසඞ්ඛත (නිර්වාණ) ධාතු වශයෙන්ද විංශත්-ස්වභාව ඇත්තේයයි ගැණේ. මනෝ විඤ්ඤාණ ධාතුව සෙසු කුසල, අකුසල, අව්‍යාකත විඤ්ඤාණය වශයෙන් ස-සැත්තෑ ආකාර වෙතැයි ගැණේ. මෙසේ සංඛ්‍යා වශයෙන් මෙහි විනිශ්චයය දතයුතුය.
පච්චයාති එත්ථ ච චක්ඛුධාතු තාව චක්ඛුවිඤ්ඤාණධාතුයා විප්පයුත්තපුරෙජාතඅත්ථිඅවිගතනිස්සයින්ද්රියපච්චයානං වසෙන ඡහි පච්චයෙහි පච්චයො හොති, රූපධාතු පුරෙජාතඅත්ථිඅවිගතාරම්මණපච්චයානං වසෙන චතූහි පච්චයෙහි පච්චයො හොති. එවං සොතවිඤ්ඤාණධාතුආදීනං සොතධාතුසද්දධාතුආදයො. පඤ්චන්නං පන නෙසං ආවජ්ජනමනොධාතු අනන්තරසමනන්තරනත්ථිවිගතානන්තරූපනිස්සයවසෙන පඤ්චහි පච්චයෙහි පච්චයො හොති, තා ච පඤ්චපි සම්පටිච්ඡනමනොධාතුයා. තථා සම්පටිච්ඡනමනොධාතු සන්තීරණමනොවිඤ්ඤාණධාතුයා, සා ච වොට්ඨබ්බනමනොවිඤ්ඤාණධාතුයා, වොට්ඨබ්බනමනොවිඤ්ඤාණධාතු ච ජවනමනොවිඤ්ඤාණධාතුයා. ජවනමනොවිඤ්ඤාණධාතු පන අනන්තරාය ජවනමනොවිඤ්ඤාණධාතුයා තෙහි චෙව පඤ්චහි ආසෙවනපච්චයෙන චාති ඡහි පච්චයෙහි පච්චයො හොති. එස තාව පඤ්චද්වාරෙ නයො.
පච්චයා යනු, ප්‍රත්‍යය වශයෙනි, පළමුකොට චක්ඛු ධාතුව චක්ඛු විඤ්ඤාණ ධාතුවට විප්පයුත්ත පච්චය, පුරේජාත පච්චය, අත්ථි පච්චය, අවිගත පච්චය, නිස්සය පච්චය, ඉන්ද්රිය පච්චය යන මේ ෂඩාකාරයෙන් ප්‍රත්‍යය වේ. රූප ධාතුව (එම චක්ඛු විඤ්ඤාණ ධාතුවට) පුරේජාත පච්චය, අත්ථි පච්චය, අවිගත පච්චය, ආරම්මණ පච්චය යන මොවුන්ගේ වශයෙන් සතර අකාරයෙකින් උපකාරී වෙයි. එසේම සෝතධාතු, සද්දධාතු ආදිය සෝත විඤ්ඤාණධාතු ආදියට උපකාරී වෙයි. එම (චක්ඛු ආදී) පසට ආවජ්ජන මනෝධාතුව අනන්තර, සමනන්තර, නත්ථි, විගත, අනන්තර උපනිස්සය වශයෙන් පස් ආකාරයෙකින් ප්‍රත්‍යය වෙයි. එම (චක්ඛු විඤ්ඤාණ ආදී) පසද සම්පටිච්ඡන මනෝධාතුවට එසේම (එම පස් ආකාරයෙන්) ප්‍රත්‍යය වේ. සම්පටිච්ඡන මනොධාතුව සන්තීරණ මනෝවිඤ්ඤාණ ධාතුවට එසේම ප්‍රත්‍යය වේ. එම (සන්තීරණ මනෝවිඤ්ඤාණ) ධාතුව වොත්ථපන මනෝවිඤ්ඤාණ ධාතුවටද, වොත්ථපන මනෝවිඤ්ඤාණ ධාතුව ජවන මනෝ විඤ්ඤාණ ධාතුවටද (එම පස් ආකාරයෙන්) ප්‍රත්‍යය වේ. එම ජවන මනෝ විඤ්ඤාණ ධාතුව වනාහි, අනතුරුව එන ජවන මනෝ විඤ්ඤාණ ධාතුවට එම පස් ආකාරයෙන් හා ආසේවන ප්‍රත්‍යය වශයෙන්දැයි යන ෂඩාකාරයෙන් ප්‍රත්‍යය වේ. මේ පළමුකොට දක්වන ලද්දේ පඤ්චද්වාරය පිළිබඳ නයයි.
මනොද්වාරෙ පන භවඞ්ගමනොවිඤ්ඤාණධාතු ආවජ්ජනමනොවිඤ්ඤාණධාතුයා. ආවජ්ජනමනොවිඤ්ඤාණධාතු ච ජවනමනොවිඤ්ඤාණධාතුයා පුරිමෙහි පඤ්චහි පච්චයෙහි පච්චයො හොති. ධම්මධාතු පන සත්තන්නම්පි විඤ්ඤාණධාතූනං සහජාතඅඤ්ඤමඤ්ඤනිස්සයසම්පයුත්තඅත්ථිඅවිගතාදීහි බහුධා පච්චයො හොති. චක්ඛුධාතුආදයො පන එකච්චා ච ධම්මධාතු එකච්චාය මනොවිඤ්ඤාණධාතුයා ආරම්මණපච්චයාදීහිපි පච්චයා හොන්ති. චක්ඛුවිඤ්ඤාණධාතුආදීනඤ්ච න කෙවලං චක්ඛුරූපාදයො පච්චයා හොන්ති, අථ ඛො ආලොකාදයොපි. තෙනාහු පුබ්බාචරියා –
මනෝද්වාර විෂයයෙහි වනාහි, භවංග මනෝ විඤ්ඤාණ ධාතුව ආවජ්ජන මනෝ විඤ්ඤාණ ධාතුවටද, ආවජ්ජන මනෝ විඤ්ඤාණ ධාතුව ජවන මනෝ විඤ්ඤාණ ධාතුවටද පෙර කී පස් ආකාරයෙන්ම ප්‍රත්‍යය වේ. ධම්මධාතුව වනාහි විඤ්ඤාණ ධාතු සතටම සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්පයුත්ත, අත්ථි, අවිගත ආදී ප්‍රත්‍යය වශයෙන් බොහෝ ආකාරයෙන් ප්‍රත්‍යය වේ. චක්ඛුධාතු ආදියද, ඇතැම් ධම්ම ධාතුවක්ද, ඇතැම් මනෝවිඤ්ඤාණ ධාතුවකට ආරම්මණ ප්රත්යයාදී වශයෙන් උපකාරී වෙයි. චක්ඛු විඤ්ඤාණ ධාතු ආදියට හුදෙක් චක්ඛු, රූප ආදියම ප්‍රත්‍යය වනුයේ නොවේ. ආලෝකාදියද ප්‍රත්‍යය වේ. එහෙයින් කීහු පූර්වාචාර්යයෝ:-
“චක්ඛුරූපාලොකමනසිකාරෙ පටිච්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං. සොතසද්දවිවරමනසිකාරෙ පටිච්ච උප්පජ්ජති සොතවිඤ්ඤාණං. ඝානගන්ධවායුමනසිකාරෙ පටිච්ච උප්පජ්ජති ඝානවිඤ්ඤාණං. ජිව්හාරසආපමනසිකාරෙ පටිච්ච උප්පජ්ජති ජිව්හාවිඤ්ඤාණං. කායඵොට්ඨබ්බපථවීමනසිකාරෙ පටිච්ච උප්පජ්ජති කායවිඤ්ඤාණං. භවඞ්ගමනධම්මමනසිකාරෙ පටිච්ච උප්පජ්ජති මනොවිඤ්ඤාණ”න්ති.
“චක්ඛු - රූප - ආලෝක - මනසිකාරයන් නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි; සෝත-සද්ද -කර්ණවිවර-මනසිකාරයන් නිසා සෝත විඤ්ඤාණය උපදියි; ඝාණ-ගන්ධ-වායු-මනසිකාරයන් නිසා ඝාණ විඤ්ඤාණය උපදියි; ජිව්හා-රස-ආපෝ-මනසිකාරයන් නිසා ජීව්හා විඤ්ඤාණය උපදියි; කාය-ඵොට්ඨබ්බ-පඨවී-මනසිකාරයන් නිසා කායවිඤ්ඤාණය උපදියි; භවඞ්ග-මනෝ-ධම්ම-මනසිකාරයන් නිසා මනෝවිඤ්ඤාණය උපදියි”.
අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරතො පන පච්චයප්පභෙදො පටිච්චසමුප්පාදනිද්දෙසෙ ආවිභවිස්සතීති එවමෙත්ථ පච්චයතොපි වෙදිතබ්බො විනිච්ඡයො.
මේ මෙහි සංක්ෂේපයයි; විස්තර වශයෙන් වනාහි ප්‍රත්‍යයයන් පිළිබඳ ප්‍රභේදය පටිච්චසමුප්පාද (පඤ්ඤාභූමි) නිද්දේසයෙහි මතු දැක්වේ. මේ ආකාරයෙන් ප්‍රත්‍යය වශයෙන්ද මෙහි විනිශ්චයය දතයුතුය.
දට්ඨබ්බතොති දට්ඨබ්බතොපෙත්ථ විනිච්ඡයො වෙදිතබ්බොති අත්ථො. සබ්බා එව හි සඞ්ඛතධාතුයො පුබ්බන්තාපරන්තවිවිත්තතො ධුවසුභසුඛත්තභාවසුඤ්ඤතො පච්චයායත්තවුත්තිතො ච දට්ඨබ්බා.
දට්ඨබ්බතො යනු, දැකිය යුතු ආකාර වශයෙන්ද මෙහි විනිශ්චයය දතයුතුය යන අර්‍ත්‍ථයි. (නිර්වාණ ධාතුව හැර) සියලුම සංඛත ධාතූහු අතීත-අනාගත දෙකෙළවර හිස් වූවන් සෙයින්ද, නිත්‍ය-ශුභ-සුඛ-ආත්ම වශයෙන් ශුන්‍ය වූවන් සෙයින්ද, ප්රත්යයයනට අයත් පැවතුම් ඇත්තවුන් සෙයින්ද දතයුත්තාහ.
විසෙසතො පනෙත්ථ භෙරිතලං විය චක්ඛුධාතු දට්ඨබ්බා, දණ්ඩො විය රූපධාතු, සද්දො විය චක්ඛුවිඤ්ඤාණධාතු. තථා ආදාසතලං විය චක්ඛුධාතු, මුඛං විය රූපධාතු, මුඛනිමිත්තං විය චක්ඛුවිඤ්ඤාණධාතු. අථ වා උච්ඡුතිලා විය චක්ඛුධාතු, යන්තචක්කයට්ඨි විය රූපධාතු, උච්ඡුරසතෙලානි විය චක්ඛුවිඤ්ඤාණධාතු. තථා අධරාරණී විය චක්ඛුධාතු, උත්තරාරණී විය රූපධාතු, අග්ගි විය චක්ඛුවිඤ්ඤාණධාතු. එස නයො සොතධාතුආදීසු.
මෙහි විශේෂ වශයෙන් චක්ඛුධාතුව බෙර ඇසක් සෙයින්ද, රූපධාතුව කඩිප්පුවක් (බෙරයට ගසන ලී කැබැල්ලක්) සෙයින්ද, චක්ඛු විඤ්ඤාණ ධාතුව බෙරහඬ සෙයින්ද දැකිය යුතුය; තවද චක්ඛු ධාතුව කැටපතක් සෙයින්ද, රූපධාතුව මුහුණක් ලෙසින්ද, චක්ඛුවිඤ්ඤාණ ධාතුව මුහුණු පිළිබිඹුව සෙයින්ද දැක්ක යුතුය; නොහොත්, චක්ඛුධාතුව උක්දඬු හෝ තල සෙයින්ද, රූප ධාතුව යන්ත්‍ර රෝදයෙහි මිට සෙයින්ද, චක්ඛු විඤ්ඤාණධාතුව උක්යුෂ හෝ තෙල් සෙයින්ද දැක්ක යුතුය; තවද චක්ඛු ධාතුව ගිනිගානා යන්ත්රයෙක උඩු පලුව සෙයින්ද, රූපධාතුව යටිපලුව සෙයින්ද, චක්ඛුවිඤ්ඤාණ ධාතුව (නිපදවනලද) ගිනි සෙයින්ද දැකිය යුතුය. සෝතධාතු ආදියෙහිද මෙම නයයි.
මනොධාතු පන යථාසම්භවතො චක්ඛුවිඤ්ඤාණධාතුආදීනං පුරෙචරානුචරා විය දට්ඨබ්බා.
මනෝධාතුව වනාහි, හටගන්නා ආකාරය අනුව, චක්ඛු විඤ්ඤාණ ධාතු ආදීනට පෙරටුව හෝ පසුව හෝ හැසිරෙන්නකු සෙයින් දැකිය යුතුය.
ධම්මධාතුයා වෙදනාක්ඛන්ධො සල්ලමිව සූලමිව ච දට්ඨබ්බො. සඤ්ඤාසඞ්ඛාරක්ඛන්ධා වෙදනාසල්ලසූලයොගාආතුරා විය, පුථුජ්ජනානං වා සඤ්ඤා ආසාදුක්ඛජනනතො රිත්තමුට්ඨි විය. අයථාභුච්චනිමිත්තගාහකතො වනමිගො විය. සඞ්ඛාරා පටිසන්ධියං පක්ඛිපනතො අඞ්ගාරකාසුයං ඛිපනකපුරිසා විය. ජාති දුක්ඛානුබන්ධතො රාජපුරිසානුබන්ධචොරා විය. සබ්බානත්ථාවහස්ස ඛන්ධසන්තානස්ස හෙතුතො විසරුක්ඛබීජානි විය. රූපං නානාවිධුපද්දවනිමිත්තතො ඛුරචක්කං විය දට්ඨබ්බං. අසඞ්ඛතා පන ධාතු අමතතො සන්තතො ඛෙමතො ච දට්ඨබ්බා. කස්මා? සබ්බානත්ථාවහස්ස පටිපක්ඛභූතත්තා.
ධම්මධාතුවට අයත් වේදනාස්කන්ධය (සැත්කම් සඳහා ගනු ලබන) සැතක් හෝ කටුවක් සෙයින් දැකිය යුතුය. සඤ්ඤා-සඞ්ඛාර යන ස්කන්ධද්වය වේදනා (නමැති) ශල්‍ය, ශුලාදිය යෙදීමට සුදුසු රෝගීන් සෙයින් දැකිය යුතුය; නොහොත්, පෘථග්ජනයන්ගේ සඤ්ඤා-ඛන්ධය ආශා නමැති දුක් දනවන සෙයින් හිස් මිටක් සෙයින්ද, නිවැරදි නොවන අරමුණු ගන්නා හෙයින් වන මෘගයකු සෙයින්ද, දැකිය යුතුය. සංඛාරක්ඛන්ධය ප්රතිසන්ධියට ඇද හෙලන හෙයින් අඟුරු වළකට හෙලන්නවුන් සෙයින්ද, ජාති නමැති දුක විසින් ලුහුබඳිනු ලබන හෙයින් රාජපුරුෂයන් විසින් ලුහුබඳිනු ලබන සොරුන් සෙයින්ද, සකලවිධ අනර්ත්ථයන් එළවන ස්කන්ධ පරම්පරාවට හේතුවන හෙයින් විෂවෘක්ෂ-බීජයන් සෙයින්ද දැකිය යුතුය. රූපස්කන්ධය නානාවිධ උපද්‍රවයනට නිමිති වන හෙයින් උරචක්රමාලාවක් සෙයින් දැකිය යුතුය. අසඞ්ඛත ධාතුව (නිර්වාණය) වනාහි අමෘතයක් සෙයින්ද, ශාන්තියක් සෙයින්ද, ක්ෂේම භූමියක් සෙයින්ද, දැකිය යුතුය. කවර හෙයින්දයත්: සියලු අනර්ත්ථයනට ප්රතිපක්ෂ වූ හෙයිනි.
මනොවිඤ්ඤාණධාතු ආරම්මණෙසු වවත්ථානාභාවතො අරඤ්ඤමක්කටො විය, දුද්දමනතො අස්සඛළුඞ්කො විය, යත්ථකාමනිපාතිතො වෙහාසක්ඛිත්තදණ්ඩො විය, ලොභදොසාදිනානප්පකාරකිලෙසවෙසයොගතො රඞ්ගනටො විය දට්ඨබ්බාති.
මනෝවිඤ්ඤාණ ධාතුව අරමුණු කෙරෙහි ඒකාන්ත නියමයක් නැති හෙයින් වනවඳුරකු සෙයින්ද, දමනය කළ නොහැකි හෙයින් කුළු අසකු සෙයින්ද වැටෙන තැනක් නියත වශයෙන් නොදත හැකි හෙයින් අහසට දමා ගැසූ දඬු කඩක් සෙයින්ද, ලෝභ, ද්වේශ ආදී නානාවිධ ක්ලේශ වේශයන්හි යෙදෙන හෙයින් රැඟුම් නළුවකු සෙයින්ද දැකිය යුතුය.
මේ ධාතූන් පිළිබඳ විස්තර කථා මාර්ගයයි
ඉති සාධුජනපාමොජ්ජත්ථාය කතෙ විසුද්ධිමග්ගෙ පඤ්ඤාභාවනාධිකාරෙ ආයතනධාතුනිද්දෙසො නාම පන්නරසමො පරිච්ඡෙදො.
සාධුජන ප්‍රමෝදය පිණිස කරන ලද විශුද්ධිමාර්ගයෙහි පඤ්ඤභාවනාධිකාරයට අයත් ආයතන-ධාතු නිද්දේස නම් වූ පසළොස්වන පරිච්ඡේදය මෙතකින් නිමියේය.