යෙදුමෙන් කියවන්න

ආයතනවිත්‍ථාරකථා

ආයතනවිත්‍ථාරකථා

ආයතනවිත්ථාරකථා

ආයතනානීති ද‍්වාදසායතනානි – චක‍්ඛායතනං, රූපායතනං, සොතායතනං, සද‍්දායතනං, ඝානායතනං, ගන්‍ධායතනං, ජිව‍්හායතනං, රසායතනං, කායායතනං, ඵොට‍්ඨබ‍්බායතනං, මනායතනං, ධම‍්මායතනන‍්ති. තත්‍ථ –

ආයතන යනු, චක්ඛායතනය. රූපායතනය, සෝතායතනය, සද්දායතනය, ඝාණායතනය, ගන්‍ධායතනය, ජීව්හායතනය, රසායතනය, කායායතනය, ඵොට්ඨබ්බායතනය, මනායතනය, ධම්මායතනය යන දොළොස් ආයතනයි. එහි:-

අත්‍ථ ලක‍්ඛණ තාවත්‍ව, කම සඞ‍්ඛෙප විත්‍ථාරා; තථා දට‍්ඨබ‍්බතො චෙව, විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

අත්‍ථලක්‍ඛණතාවත්‍ව කම සංඛෙප විත්‍ථාරා තථා දට්ඨබ්බතො චෙව විඤ්ඤාතබ්බො විනිච්ඡයො

අර්ත්‍ථ වශයෙන්ද, ලක්‍ෂණ වශයෙන්ද, නො-අඩු නොවැඩි බැව් වශයෙන්ද, ක්‍රම (අනුපිළිවෙළ) වශයෙන්ද, සංක්‍ෂේප-විස්තාර වශයෙන්ද, එසේම දැකිය යුතු ආකාර වශයෙන්ද (එම දොළොස් ආයතනයන් පිළිබඳ) විනිශ්චයය දතයුතුවේ.

තත්‍ථ විසෙසතො තාව චක‍්ඛතීති චක‍්ඛු, රූපං අස‍්සාදෙති විභාවෙති චාති අත්‍ථො. රූපයතීති රූපං, වණ‍්ණවිකාරං ආපජ‍්ජමානං හදයඞ‍්ගතභාවං පකාසෙතීති අත්‍ථො. සුණාතීති සොතං. සප‍්පතීති සද‍්දො, උදාහරියතීති අත්‍ථො. ඝායතීති ඝානං. ගන්‍ධයතීති ගන්‍ධො. අත‍්තනො වත්‍ථුං සූචයතීති අත්‍ථො. ජීවිතං අව‍්හයතීති ජිව‍්හා. රසන‍්ති තං සත‍්තාති රසො, අස‍්සාදෙන‍්තීති අත්‍ථො. කුච‍්ඡිතානං සාසවධම‍්මානං ආයොති කායො. ආයොති උප‍්පත‍්තිදෙසො. ඵුසියතීති ඵොට‍්ඨබ‍්බං. මුනාතීති මනො. අත‍්තනො ලක‍්ඛණං ධාරෙන‍්තීති ධම‍්මා.

එහි පළමුකොට විශේෂ වශයෙන් දකිති’යි යන අර්ත්‍ථයෙන් ‘චක්‍ඛු’ නම් වේ. රූපය ආස්වාදනය කෙරෙති’යි, ප්‍රකට කෙරෙති’යි යන අර්ත්‍ථයි. නිරූපණය කෙරෙති’යි යන අර්ත්‍ථයෙන් ‘රූප’ නම්වේ. වර්ණ විශේෂයන් ප්‍රකාශ කෙරෙති’යි යන අර්ත්‍ථයි. අසති’යි යන අර්ත්‍ථයෙන් ‘සෝත’ නමි. (කණින් ඇසිය යුතු බවට යෙති’යි යන අර්ත්‍ථයෙන් ‘සද්ද’ නමි, ශ්‍රෝත්‍රය වෙතට පමුණුවනු ලැබෙති’යි යන අර්ත්‍ථයි. ආඝ්‍රාණය කෙරෙති’යි ‘ඝාණ’ නමි. වහනය වෙති’යි ‘ගන්‍ධ’ නමි. තමාගෙන් නිකුත්වන ද්‍රව්‍යය සූචනය කෙරෙති’යි යන අර්ත්‍ථයි. දිවි පැවැත්මට මුල් වූ රසය තමා වෙත කැඳවතියි ‘ජීව්හා’ නමි. ප්‍රාණීන් එය සායනය කෙරෙති’යි ‘රස’ නමි. ආස්වාද කෙරෙති’යි යන අර්ත්‍ථයි. පිළිකුල් සහගත වැගිරෙන දෙයට නිජබිම් වෙති’යි ‘කාය’ නමි. ‘ආය’ යනු උත්පත්තිස්ථානයයි. පහස දනවති’යි ඵොට්ඨබ්බ’ නමි. දනිති’යි ‘මනො’ නමි. ස්වලක්‍ෂණයන් දරති’යි ‘ධම්ම’ නමි.

අවිසෙසතො පන ආයතනතො, ආයානං තනනතො, ආයතස‍්ස ච නයනතො ආයතනන‍්ති වෙදිතබ‍්බං. චක‍්ඛුරූපාදීසු හි තංතංද‍්වාරාරම‍්මණා චිත‍්තචෙතසිකා ධම‍්මා සෙන සෙන අනුභවනාදිනා කිච‍්චෙන ආයතන‍්ති උට‍්ඨහන‍්ති ඝටන‍්ති, වායමන‍්තීති වුත‍්තං හොති. තෙ ච ආයභූතෙ ධම‍්මෙ එතානි තනොන‍්ති, විත්‍ථාරෙන‍්තීති වුත‍්තං හොති, ඉදඤ‍්ච අනමතග‍්ගෙ සංසාරෙ පවත‍්තං අතීව ආයතං සංසාරදුක‍්ඛං යාව න නිවත‍්තති, තාව නයන‍්තෙව, පවත‍්තයන‍්තීති වුත‍්තං හොති. ඉති සබ‍්බෙපිමෙ ධම‍්මා ආයතනතො, ආයානං තනනතො, ආයතස‍්ස ච නයනතො ආයතනං ආයතනන‍්ති වුච‍්චන‍්ති.

අවිශේෂ වශයෙන් වනාහි, (චිත්ත චෛතසිකයන්ගේ කාර්යසිද්ධිය පිණිස) යත්න කරන හෙයින්, (ආය සංඛ්‍යාත චිත්ත චෛතසිකය පතුරුවන හෙයින්, දික්වූ සංසාර දුඃඛය එළවන හෙයින් හෝ ‘ආයතනය’යි දතයුතුය. ද්වාරාරම්මණ චිත්ත චෛතසික ධර්මයන් චක්‍ඛු රූප ආදීන් අතුරෙන් එකක් එකක් අනූභවනාදී වූ ස්ව-කාර්යයන් මගින් පතුරුවති’යි, එම කාර්යයන් සඳහා නැගී සිටිති’යි, ගැටෙති’යි, යත්න කෙරෙති’යි කී නියායි. තවද මේ ආයතනයන් ‘ආය’ සංඛ්‍යාත එම ධර්මයන් පතුරුවති’යි, පුළුල් කෙරෙති’යි කී නියායි. එසේම අග-මුල් නොදතහැකි සංසාරයෙහි පවත්නා ඉතා දික්වූ මේ සංසාර දුඃඛය යම්තාක් නොනවතීද, ඒතාක් ගෙන යති’යි, පවත්වති’යි, කී නියායි. මෙසේ මේ සියලු ධර්මයෝ යත්න කරන හෙයින්ද, ආය සංඛ්‍යාත චිත්ත චෛතසිකයන් පතුරුවන හෙයින්ද, දීර්ඝ වූ සංසාර දුඃඛය එළවන හෙයින්ද, ‘ආයතනය, ආයතනය’යි වහරනු ලබති.

අපිච නිවාසට‍්ඨානට‍්ඨෙන ආකරට‍්ඨෙන සමොසරණට‍්ඨානට‍්ඨෙන සඤ‍්ජාතිදෙසට‍්ඨෙන කාරණට‍්ඨෙන ච ආයතනං වෙදිතබ‍්බං. තථා හි ලොකෙ “ඉස‍්සරායතනං වාසුදෙවායතන”න‍්තිආදීසු නිවාසට‍්ඨානං ආයතනන‍්ති වුච‍්චති. “සුවණ‍්ණායතනං රජතායතන”න‍්තිආදීසු ආකරො. සාසනෙ පන “මනොරම‍්මෙ ආයතනෙ සෙවන‍්ති නං විහඞ‍්ගමා”තිආදීසු (අ· නි· 5.38) සමොසරණට‍්ඨානං. “දක‍්ඛිණාපථො ගුන‍්නං ආයතන”න‍්තිආදීසු සඤ‍්ජාතිදෙසො. “තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සතිආයතනෙ”තිආදීසු (අ· නි· 3.102) කාරණං.

තවද, නිවාසස්ථානය යන අරුතින්ද. ආකාරය යන අරුතින්ද, සංචාරස්ථානය යන අරුතින්ද, ජාතභූමිය යන අරුතින්ද, කාරණය යන අරුතින්ද ආයතන නම් වෙති’යි දතයුතුය. ඒ එසේමය. ලොකයෙහි, ‘ඉස්සරායතනය’, ‘වාසුදේවායතනය’ යන ආදී තන්හි නිවාසස්ථානයද සුවණ්ණායතනය, රතනායතනය යන ආදී තන්හි ආකරයද, ‘ආයතනය’යි වහරනු ලැබේ. ශාසනයෙහි වනාහි, “මනොරමේ ආයතනෙ සෙවන්ති තං විහඞ්ගමා (මනරම් ආයතනය තුළ ක්‍ෂීණාශ්‍රව නමැති පක්‍ෂීහු ඒ සර්වඥ නමැති මහාවෘක්‍ෂය සේවනය කරති)” යන තන්හි ගැවසෙන ස්ථානයද, “දක්‍ඛිණාපථො ගුන්නං ආයතනං’’ (දක්‍ෂිණාපථය ගවයනට ආයතනය)” යන ආදී තන්හි උත්පත්ති ස්ථානයද, “තත්‍ර තත්‍රෙ’ව සක්‍ඛිභබ්බතං පාපුණාති සති සති ආයතනෙ” (අභිඥාලාභයට සුදුසු පෙර පුරුදු ඇති කල්හි (ඉද්ධිවිධාදී වූ) ඒ ඒ අභිඥාවිෂයයෙහි සක්‍ඛිභබ්බතාවට (පහසුවෙන් දක්නට සමත් බවට පැමිණෙයි) යන ආදී තන්හි හේතුවද ‘ආයතනය’යි වහරනු ලැබේ.

චක‍්ඛුආදීසු චාපි තෙ තෙ චිත‍්තචෙතසිකා ධම‍්මා නිවසන‍්ති තදායත‍්තවුත‍්තිතායාති චක‍්ඛාදයො ච නෙසං නිවාසට‍්ඨානං. චක‍්ඛාදීසු ච තෙ ආකිණ‍්ණා තන‍්නිස‍්සිතත‍්තා තදාරම‍්මණත‍්තා චාති චක‍්ඛාදයො නෙසං ආකරො. චක‍්ඛාදයො ච නෙසං සමොසරණට‍්ඨානං, තත්‍ථ තත්‍ථ වත්‍ථුද‍්වාරාරම‍්මණවසෙන සමොසරණතො. චක‍්ඛාදයො ච නෙසං සඤ‍්ජාතිදෙසො, තන‍්නිස‍්සයාරම‍්මණභාවෙන තත්‍ථෙව උප‍්පත‍්තිතො. චක‍්ඛාදයො ච නෙසං කාරණං, තෙසං අභාවෙ අභාවතොති. ඉති නිවාසට‍්ඨානට‍්ඨෙන, ආකරට‍්ඨෙන, සමොසරණට‍්ඨානට‍්ඨෙන, සඤ‍්ජාතිදෙසට‍්ඨෙන, කාරණට‍්ඨෙනචාති ඉමෙහිපි කාරණෙහි එතෙ ධම‍්මා ආයතනං ආයතනන‍්ති වුච‍්චන‍්ති.

‘චක්‍ඛු’ ආදී තන්හිද ඒ ඒ චිත්ත-චෛතසික ධර්මයන් තම තමනට අයත් වෘත්ති වශයෙන් ඒ ඒ ආයතන තුළ වෙසෙති’යි එම චක්‍ඛු-ආදියද ඒ ඒ චිත්ත-චෛතසික ධර්මයනට නිවාසස්ථාන වේ. එම චිත්ත-චෛතසික ධර්මයන් චක්‍ඛු ආදී තන්හි ගැවසෙන හෙයින්ද, ඇසුරු කොට සිටින හෙයින්ද, අරමුණු කොට පවත්නා හෙයින්ද එම චක්‍ඛු ආදිය ඔවුනට ආකර වේ. තවද එම “චක්‍ඛු ආදියද ඒ ඒ තන්හි වත්‍ථුද්වාරාරම්මණ වශයෙන් ගැවසෙන හෙයින් එම චිත්ත -චෛතසිකයනට සංචාරස්ථානයද වේ; නිස්සයාරම්මණ වශයෙන් එහිම උපදනා හෙයින් එම චක්‍ෂුරාදිය ඔවුනට උත්පත්ති ස්ථානද වේ; එසේම චක්‍ෂුරාදිය නොමැති තැන ඔවුන්ද නොමැති හෙයින් චක්‍ෂුරාදිය ඒ චිත්ත-චෛතසිකයනට කාරණ ද වේ. මෙසේ නිවාසස්ථානාර්ත්‍ථය, ආකරාර්ත්‍ථය, සමොසරණ ස්ථානාර්ත්‍ථය, උත්පත්ති ස්ථානාර්ත්‍ථය, කාරණාර්ත්‍ථය යන මෙකී කරුණු අතින් මේ චක්‍ෂුරාදී ධර්මයෝ ‘ආයතන, ආයතනය’යි වහරනු ලැබෙති.

තස‍්මා යථාවුත‍්තෙන අත්‍ථෙන චක‍්ඛු ච තං ආයතනඤ‍්චාති චක‍්ඛායතනං…පෙ… ධම‍්මා ච තෙ ආයතනඤ‍්චාති ධම‍්මායතනන‍්ති එවං තාවෙත්‍ථ අත්‍ථතො විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

එහෙයින් මෙසේ කියන ලද ඒ ඒ අර්ත්‍ථයෙන්, චක්‍ඛු වූයේද එම ආයතන වූයේද -පෙ- ධම්ම වූයේද එම ආයතන වූයේද ධම්මායතන නම්වෙති’යි මෙසේ අර්ත්‍ථ වශයෙන් මෙහි විනිශ්චයය දතයුතුය.

ලක‍්ඛණාති චක‍්ඛාදීනං ලක‍්ඛණතොපෙත්‍ථ විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො. තානි ච පන තෙසං ලක‍්ඛණානි ඛන්‍ධනිද‍්දෙසෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානි.

ලක්‍ඛණ යනු, ලක්‍ෂණ වශයෙන්ද මේ චක්‍ෂුරාදිය පිළිබඳ විනිශ්චයය දතයුතුවේ. එම ලක්‍ෂණයන් ඛන්‍ධ නිද්දේසයෙහි කී නයින්ම දතයුතු වේ.

තාවත්‍වතොති තාවභාවතො. ඉදං වුත‍්තං හොති – චක‍්ඛාදයොපි හි ධම‍්මා එව, එවං සති ධම‍්මායතනමිච‍්චෙව අවත්‍වා කස‍්මා ද‍්වාදසායතනානීති වුත‍්තානීති චෙ. ඡවිඤ‍්ඤාණකායුප‍්පත‍්තිද‍්වාරාරම‍්මණවවත්‍ථානතො ඉධ ඡන‍්නං විඤ‍්ඤාණකායානං ද‍්වාරභාවෙන ආරම‍්මණභාවෙන ච වවත්‍ථානතො අයමෙතෙසං භෙදො හොතීති ද‍්වාදස වුත‍්තානි, චක‍්ඛුවිඤ‍්ඤාණවීථිපරියාපන‍්නස‍්ස හි විඤ‍්ඤාණකායස‍්ස චක‍්ඛායතනමෙව උප‍්පත‍්තිද‍්වාරං, රූපායතනමෙව චාරම‍්මණං, තථා ඉතරානි ඉතරෙසං. ඡට‍්ඨස‍්ස පන භවඞ‍්ගමනසඞ‍්ඛාතො මනායතනෙකදෙසොව උප‍්පත‍්තිද‍්වාරං, අසාධාරණමෙව ච ධම‍්මායතනං ආරම‍්මණන‍්ති . ඉති ඡන‍්නං විඤ‍්ඤාණකායානං උප‍්පත‍්තිද‍්වාරාරම‍්මණවවත්‍ථානතො ද‍්වාදස වුත‍්තානීති එවමෙත්‍ථ තාවත්‍වතො විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

තාවත්‍ව යනු, තාවත් (නොඅඩු නොවැඩි) ස්වභාව වශයෙනි’යි කී නියායි. චක්‍ෂුරාදියද ධර්මයෝමයි. එසේනම් හුදෙක් ‘ධර්මායතන’ යයි නොකියා ‘ද්වාදශායතන’යයි කුමක් හෙයින් කියන ලද්දේද යත්: විඤ්ඤාණ -කාය සයෙහි හටගැනීමට හේතූවන ද්වාරයන් හා ආලම්බනයන් පිරිසිඳ දක්වනු පිණිසයි. මෙහිදී, (චක්‍ඛු විඤ්ඤාණ ආදී) විඤ්ඤාණ කාය සයට ද්වාර වශයෙන්ද, ආලම්බන වශයෙන්ද වෙන්කොට දැක්වීම සඳහා ආයතනයන් පිළිබඳ මේ භේදය වෙති’යි දොළොසෙක් කියනලදි. චක්‍ඛු - විඤ්ඤාණ වීථියට ඇතුළත් විඤ්ඤාණකායයට චක්‍ඛු-ආයතනයම උත්පත්ති-ද්වාර වේ. රූපායතනයට ආරම්මණ වේ; එසේම සෙසු විඤ්ඤාණ කායයනට සෙසු ආයතනයෝ (උත්පත්ති-ද්වාරද ආරම්මණ ද වෙති. සවන (මනෝ විඤ්ඤාණවීථියට අයත්) විඤ්ඤාණ කායයට ‘භවංග චිත්තය’යි කියනු ලබන මනායතන-ඒක දේශය (කොටස)ම උත්පත්තිද්වාර වේ. (චක්‍ඛු ආදීනට පොදු නොවූ) ධම්මායතනයම ආරම්මණ වේ. මෙසේ විඤ්ඤාණ කාය සයට උත්පත්ති-ද්වාර හා ආරම්මණ වශයෙන් දොළොසක් කියන ලදි. මෙසේ තාවත්‍ව වශයෙන් මෙහි විනිශ්චයය දතයුතුවේ.

කමතොති ඉධාපි පුබ‍්බෙ වුත‍්තෙසු උප‍්පත‍්තික‍්කමාදීසු දෙසනාක‍්කමොව යුජ‍්ජති. අජ‍්ඣත‍්තිකෙසු හි ආයතනෙසු සනිදස‍්සනසප‍්පටිඝවිසයත‍්තා චක‍්ඛායතනං පාකටන‍්ති පඨමං දෙසිතං, තතො අනිදස‍්සනසප‍්පටිඝවිසයානි සොතායතනාදීනි. අථ වා දස‍්සනානුත‍්තරියසවනානුත‍්තරියහෙතුභාවෙන බහූපකාරත‍්තා අජ‍්ඣත‍්තිකෙසු චක‍්ඛායතනසොතායතනානි පඨමං දෙසිතානි, තතො ඝානායතනාදීනි තීණි, පඤ‍්චන‍්නම‍්පි ගොචරවිසයත‍්තා අන‍්තෙ මනායතනං, චක‍්ඛායතනාදීනං පන ගොචරත‍්තා තස‍්ස තස‍්ස අන‍්තරන‍්තරානි බාහිරෙසු රූපායතනාදීනි. අපිච විඤ‍්ඤාණුප‍්පත‍්තිකාරණවවත්‍ථානතොපි අයමෙතෙසං කමො වෙදිතබ‍්බො. වුත‍්තඤ‍්හෙතං “චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණං…පෙ… මනඤ‍්ච පටිච‍්ච ධම‍්මෙ ච උප‍්පජ‍්ජති මනොවිඤ‍්ඤාණ”න‍්ති (ම· නි· 3.421; සං· නි· 2.43). එවං කමතොපෙත්‍ථ විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

කාම යනු- මෙහිදීද යට (ඛන්‍ධ නිද්දේසයෙහි) කී උත්පත්ති ක්‍රම ආදිය පිළිබඳ දේශනා ක්‍රමයම යෙදේ. අභ්‍යන්තර ආයතනයන් අතුරෙන් චක්‍ඛු-ආයතනය දැකීම් හා ගැටීම් සහිත විෂය ඇති බැවින් (සෙසු ආයතනයනට වඩා) ප්‍රකට වෙති’යි එය පළමුකොට දේශනා කරන ලදී. ඉක්බිති දැකීම් රහිත, ගැටීම් සහිත විෂය වූ සෝතායතනාදිය දේශනා කරන ලදි. නොහොත්, දැකීම හා ඇසීම සෙසු ආයතයනට වඩා උසස් වන බැවින් බොහෝ උපකාරී වෙතැ’යි අභ්‍යන්තර ආයතනයන් අතුරෙන් චක්ඛායතන-සෝතායතන යන දෙක ප්‍රථමයෙන්ද, ඝාණාදී ආයතන තුන අනතුරුවද දේශනා කරන ලදී. (චක්‍ඛු ආදී) පසටම ගෝචර විෂය වන හෙයින් මනායතනය අවසන්හි දේශනා කරන ලදි. චක්‍ඛු ආදීනට ගෝචර හෙයින් බාහිර ආයතනයන් අතුරෙන්ද පිළිවෙළින් රූපාදිය එකිනෙකට පසුව දේශනා කරන ලදි. තවද, විඤ්ඤාණුප්පත්තියට හේතු දැක්වීම් වශයෙන්ද, ආයතනයන් පිළිබඳ මෙම ක්‍රමය දතයුතුය; කියන ලදමැයි:- “චක්‍ඛුඤ්ච පටිච්ච රූපෙච උප්පජ්ජති චක්‍ඛු විඤ්ඤාණං” -පෙ-මනඤ්ච පටිච්ච ධම්මෙච උප්පජ්ජති මනොවිඤ්ඤාණං” (ඇසද රූපයන්ද නිසා චක්‍ඛු විඤ්ඤාණය උපදියි, -පෙ- සිතද චෛතසික ධර්මයන්ද නිසා මනෝවිඤ්ඤාණය උපදියි) යනුවෙනි. මෙසේ ක්‍රම වශයෙන්ද මෙහි විනිශ්චයය දතයුතුය.

සඞ‍්ඛෙපවිත්‍ථාරාති සඞ‍්ඛෙපතො හි මනායතනස‍්ස චෙව ධම‍්මායතනෙකදෙසස‍්ස ච නාමෙන තදවසෙසානඤ‍්ච ආයතනානං රූපෙන සඞ‍්ගහිතත‍්තා ද‍්වාදසාපි ආයතනානි නාමරූපමත‍්තමෙව හොන‍්ති. විත්‍ථාරතො පන අජ‍්ඣත‍්තිකෙසු තාව චක‍්ඛායතනං ජාතිවසෙන චක‍්ඛුපසාදමත‍්තමෙව, පච‍්චයගතිනිකායපුග‍්ගලභෙදතො පන අනන‍්තප‍්පභෙදං. තථා සොතායතනාදීනි චත‍්තාරි. මනායතනං කුසලාකුසලවිපාකකිරියවිඤ‍්ඤාණභෙදෙන එකූනනවුතිප‍්පභෙදං එකවීසුත‍්තරසතප‍්පභෙදඤ‍්ච. වත්‍ථුපටිපදාදිභෙදතො පන අනන‍්තප‍්පභෙදං. රූපසද‍්දගන්‍ධරසායතනානි විසභාගපච‍්චයාදිභෙදතො අනන‍්තප‍්පභෙදානි. ඵොට‍්ඨබ‍්බායතනං පථවීධාතුතෙජොධාතුවායොධාතුවසෙන තිප‍්පභෙදං. පච‍්චයාදිභෙදතො අනෙකප‍්පභෙදං. ධම‍්මායතනං වෙදනාසඤ‍්ඤාසඞ‍්ඛාරක‍්ඛන්‍ධසුඛුමරූපනිබ‍්බානානං සභාවනානත‍්තභෙදතො අනෙකප‍්පභෙදන‍්ති. එවං සඞ‍්ඛෙපවිත්‍ථාරා විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

සඞ්ඛෙප-විත්‍ථාර යනු:- සංක්‍ෂේප වශයෙන් වනාහි, මනායතනය හා ධම්මායතනයෙන් කොටසක් නාම වශයෙන්ද, ඉතිරි ආයතනයන් රූප වශයෙන්ද සංග්‍රහ කරන ලද හෙයින් ආයතන දොළොසම හුදෙක් නාම-රූප පමණෙකි. විස්තර වශයෙන් වනාහි, අභ්‍යන්තර ආයතනයන් අතුරෙන් පළමුකොට චක්ඛායතනය ජාති (ස්වභාව) වශයෙන් හුදෙක් චක්‍ඛුප්පසාද මාත්‍රම වේ. ප්‍රත්‍යය, ගති, නිකාය, පුද්ගල භේද වශයෙන් වනාහි අනන්ත භේද ඇත්තේ වේ. සෝතායතනාදී සතරද එසේය. මනායතනය කුසල-අකුසල-විපාක-කිරිය විඤ්ඤාණ භේද වශයෙන් නවාසූවක්ද, නැතහොත් එක්සිය විසිඑකක්ද ප්‍රභේද ඇත්තේය. චක්‍ෂුරාදී වස්තු ප්‍රභේදයෙන්ද, දුඃඛාදී ප්‍රතිපදා ප්‍රභේදයෙන්ද අනන්ත ප්‍රභේද ඇත්තේ වේ. රූප, සද්ද, ගන්‍ධ, රස යන ආයතන සතර විසභාග ප්‍රත්‍යයාදී භේදයෙන් අනන්ත ප්‍රභේද ඇත්තේය. ඵොට්ඨබ්බායතනය පඨවී, තේජෝ, ආපෝ ධාතු වශයෙන් ප්‍රභේද තුනක්ද, ප්‍රත්‍යයාදී භේදයෙන් අනන්තවූද ප්‍රභේද ඇත්තේය. ධම්මායතනය වේදනා, සඤ්ඤා, සංඛාර යන ස්කන්‍ධයන්ගේද, සුඛුම රූප, නිබ්බාණ යන මොවුන්ගේද ස්වභාවනානත්‍වය හේතුකොට ගෙන නොයෙක් ප්‍රභේද ඇත්තේ වේ. මෙසේ සංඛේප-විත්‍ථාර වශයෙන් විනිශ්චය දතයුතුය.

දට‍්ඨබ‍්බතොති එත්‍ථ පන සබ‍්බානෙව සඞ‍්ඛතානි ආයතනානි අනාගමනතො අනිග‍්ගමනතො ච දට‍්ඨබ‍්බානි. න හි තානි පුබ‍්බෙ උදයා කුතොචි ආගච‍්ඡන‍්ති, නපි උද‍්ධං වයා කුහිඤ‍්චි ගච‍්ඡන‍්ති, අථ ඛො පුබ‍්බෙ උදයා අප‍්පටිලද‍්ධසභාවානි , උද‍්ධං වයා පරිභින‍්නසභාවානි, පුබ‍්බන‍්තාපරන‍්තවෙමජ‍්ඣෙ පච‍්චයායත‍්තවුත‍්තිතාය අවසානි පවත‍්තන‍්ති. තස‍්මා අනාගමනතො අනිග‍්ගමනතො ච දට‍්ඨබ‍්බානි. තථා නිරීහකතො අබ්‍යාපාරතො ච. න හි චක‍්ඛුරූපාදීනං එවං හොති “අහො වත අම‍්හාකං සාමග‍්ගියං විඤ‍්ඤාණං නාම උප‍්පජ‍්ජෙය්‍යා”ති, න ච තානි විඤ‍්ඤාණුප‍්පාදනත්‍ථං ද‍්වාරභාවෙන වත්‍ථුභාවෙන ආරම‍්මණභාවෙන වා ඊහන‍්ති, න බ්‍යාපාරමාපජ‍්ජන‍්ති, අථ ඛො ධම‍්මතාවෙසා, යං චක‍්ඛුරූපාදිසාමග‍්ගියං චක‍්ඛුවිඤ‍්ඤාණාදීනි සම‍්භවන‍්තීති. තස‍්මා නිරීහකතො අබ්‍යාපාරතො ච දට‍්ඨබ‍්බානි. අපිච අජ‍්ඣත‍්තිකානි සුඤ‍්ඤගාමො විය දට‍්ඨබ‍්බානි, ධුවසුභසුඛත‍්තභාවවිරහිතත‍්තා. බාහිරානි ගාමඝාතකචොරා විය, අජ‍්ඣත‍්තිකානං අභිඝාතකත‍්තා. වුත‍්තඤ‍්හෙතං “චක‍්ඛු, භික‍්ඛවෙ, හඤ‍්ඤති මනාපාමනාපෙහි රූපෙහී”ති විත්‍ථාරො. අපිච අජ‍්ඣත‍්තිකානි ඡ පාණකා විය දට‍්ඨබ‍්බානි, බාහිරානි තෙසං ගොචරා වියාති. එවමෙත්‍ථ දට‍්ඨබ‍්බතො විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

දට්ඨබ්බතො යනු, සඞ්ඛත සංඛ්‍යාත වූ සියලුම ආයතනයෝ ආ තැනක් හෝ යන තැනක් නැත්තවුන් ලෙස දැකිය යුත්තාහුය. ඔහු ඉපැදීමට පෙර කිසි තැනෙක සිට නොඑති, භංගයෙන් මතු කිසි තැනෙකට නොද යති. මෙසේ හටගැනීමට පෙර නොදතහැකි ස්වභාව ඇත්තාහුය, බිඳීයාමෙන් පසු නැසෙන ස්වභාව ඇත්තාහුය, පූර්වාන්ත අපරාන්ත දෙකට අතර ප්‍රත්‍යයනට අයත් පැවතුම් ඇතිව නිදහස්ව පවත්නාහුය. එහෙයින් ආ තැනක් හෝ යන තැනක් නැත්තවුන් වශයෙන් දැකිය යුත්තාහුය. එසේම, උත්සාහ රහිත ලෙසත් ව්‍යාපාර රහිත ලෙසත් දැකිය යුත්තාහුය. චක්‍ඛුරූප ආදීනට, “අපගේ එක් වීමෙන්, (චක්‍ඛු) විඤ්ඤාණාදිය උපදිතොත් මැනවැ’යි යන මෙවන් අදහසෙක් පහළ වනුයේ නොවේ. තවද ඔවුහු එම විඤ්ඤාණය ඉපැදවීම පිණිස ද්වාර වශයෙන් හෝ වස්තු වශයෙන් හෝ ආරම්මණ වශයෙන් හෝ උත්සාහ කරන්නාහුද නොවෙති; කිසි ව්‍යාපාරයකට හෝ නො-එළඹෙති. එහෙත් චක්‍ඛු-රූප ආදීන්ගේ එක් වීමේදී යම් හෙයකින් චක්‍ඛු විඤ්ඤාණ ආදීහු හටගනිත්ද, මෙය ස්වභාව වශයෙන් සිදුවන්නකි. එහෙයින් ඔවුහු උත්සාහ රහිත ලෙසත්, ව්‍යාපාර රහිත ලෙසත් දැකිය-යුත්තාහුය. තවද අභ්‍යන්තර ආයතනයන් පාලු ගමක් ලෙසින් දැකිය යුතුය. නිත්‍ය-ශුභ-සුඛභාවයෙන් තොරවූ හෙයිනි. බාහිර ආයතනයන් ගම් පහරන සොරුන් සෙයින් දැකිය යුතුය. අභ්‍යන්තර ආයතනයන් වනසන හෙයිනි. කියන ලදමැයි:- “මහණෙනි, චක්ඛායතනය මනාප වූද අමනාප වූද රූපයන් විසින් වනසනු ලැබේ” යන ආදියෙන් විස්තර වේ. තවද අභ්‍යන්තර ආයතන සය ප්‍රාණීන් ලෙසත් බාහිර ආයතන සය එම ප්‍රාණීන්ගේ ගෝචර ස්ථානයක් ලෙසත් දැකිය යුතුය. මෙසේ දැකියයුතු ආකාර වශයෙන් (දට්ඨබ්බතෝ) මෙහි විනිශ්චයය දතයුතුය.

ඉදං තාව ආයතනානං විත්‍ථාරකථාමුඛං.

මේ ආයතනයන් පිළිබඳ විස්තර කථා මාර්ගයයි.