යෙදුමෙන් කියවන්න

කමාදිවිනිච‍්ඡයකථා

කමාදිවිනිච‍්ඡයකථා

කමාදිවිනිච්ඡයකථා

එවං විදිත්‍වා ච පුන එතෙස‍්වෙව –

එසේ දැන, යලිදු,

ඛන්‍ධෙසු ඤාණභෙදත්‍ථං, කමතොථ විසෙසතො; අනූනාධිකතො චෙව, උපමාතො තථෙව ච.

ඛන්‍ධෙසු ඤාණභෙදත්‍ථං කමතො’ථ විසෙසතො අනුනාධිකතො චෙව උපමාතො තථෙවච

දට‍්ඨබ‍්බතො ද‍්විධා එවං, පස‍්සන‍්තස‍්සත්‍ථසිද‍්ධිතො; විනිච‍්ඡයනයො සම‍්මා, විඤ‍්ඤාතබ‍්බො විභාවිනා.

දට්ඨබ්බතො ද්විධා එවං පස්සන්තස්සථ සිද්ධිතො විනිච්ඡයනයො සම්මා විඤ්ඤාතබ්බො විභාවිනා

ස්කන්‍ධයන් පිළිබඳ ඥානවිශේෂයන් ලැබීම සඳහා දේශනාක්‍රම වශයෙන්ද, විශේෂ විභාග වශයෙන්ද, අනුනාධික වශයෙන්ද, උපමා වශයෙන්ද, එසේම, දෙපරිද්දෙකින් දැකිය යුතු බව වශයෙන්ද, එසේ දක්නහුගේ අභිමතාර්ත්‍ථ-සිද්ධි වශයෙන්ද මෙහි විනිශ්චය ක්‍රමය නුවණැත්තහු විසින් මනාකොට දතයුතුය.

තත්‍ථ කමතොති ඉධ උප‍්පත‍්තික‍්කමො, පහානක‍්කමො, පටිපත‍්තික‍්කමො, භූමික‍්කමො, දෙසනාක‍්කමොති බහුවිධො කමො.

එහි කමතො යනු, ක්‍රමය වූකලී උත්පත්ති ක්‍රමය, ප්‍රහාණක්‍රමය, ප්‍රතිපත්ති ක්‍රමය, භූමි ක්‍රමය, දේශනා ක්‍රමය’යි යන ආදී වශයෙන් බොහෝ ඇත්තේ වේ.

තත්‍ථ “පඨමං කලලං හොති, කලලා හොති අබ‍්බුද”න‍්ති (සං· නි· 1.235) එවමාදි උප‍්පත‍්තික‍්කමො. “දස‍්සනෙන පහාතබ‍්බා ධම‍්මා, භාවනාය පහාතබ‍්බා ධම‍්මා”ති (ධ· ස· තිකමාතිකා 8) එවමාදි පහානක‍්කමො. “සීලවිසුද‍්ධි, චිත‍්තවිසුද‍්ධී”ති (ම· නි· 1.259; පටි· ම· 3.41) එවමාදි පටිපත‍්තික‍්කමො. “කාමාවචරා, රූපාවචරා”ති (ධ· ස· 987) එවමාදි භූමික‍්කමො. “චත‍්තාරො සතිපට‍්ඨානා, චත‍්තාරො සම‍්මප‍්පධානා”ති (දී· නි· 3.145) වා, “දානකථං, සීලකථ”න‍්ති (දී· නි· 1.298) වා එවමාදි දෙසනාක‍්කමො. තෙසු ඉධ උප‍්පත‍්තික‍්කමො තාව න යුජ‍්ජති, කලලාදීනං විය ඛන්‍ධානං පුබ‍්බාපරියවවත්‍ථානෙන අනුප‍්පත‍්තිතො. න පහානක‍්කමො, කුසලාබ්‍යාකතානං අප‍්පහාතබ‍්බතො. නපටිපත‍්තික‍්කමො, අකුසලානං අප‍්පටිපජ‍්ජනීයතො. න භූමික‍්කමො, වෙදනාදීනං චතුභූමිපරියාපන‍්නත‍්තා. දෙසනාක‍්කමො පන යුජ‍්ජති.

එහි, “පඨමං කලලං හොති කලලා හොති අබ්බුදං” යන ආදිය උත්පත්ති ක්‍රමයයි; “දස්සනෙන පහාතබ්බා ධම්මා, භාවනාය පහාතබ්බාධම්මා” යන ආදිය ප්‍රහාණ ක්‍රමයයි; “සීලවිසුද්ධි, චිත්ත විසුද්ධි’’ යන ආදිය ප්‍රතිපත්ති ක්‍රමයයි; “කාමාවචරා, රූපාවචරා” යන මේ ආදිය භූමික්‍රමයයි; “චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා” යන මේ ආදිය නැතහොත්, “දාන කථං, සීල කථං” යන ආදිය දේශනා ක්‍රමයයි. මේ ක්‍රමයන් අතුරෙන් ප්‍රථමය වූ උත්පත්ති ක්‍රමය මෙහි නොයෙදේ; කලලාදිය මෙන් ස්කන්‍ධයන් පෙර-පසු නියමයෙන් නො-උපදාන හෙයිනි. ප්‍රහාණ ක්‍රමයද නොයෙදේ. කුසල-අව්‍යාකතයන් ප්‍රහීණ කළයුතු නොවන හෙයිනි. ප්‍රතිපත්ති ක්‍රමයද නොයෙදේ. අකුසලයන් නොපිළිපැදිය යුතුවන හෙයිනි. භූමික්‍රමයද නොයෙදේ. වේදනා ආදිය චතුර්භූමියටම සාමාන්‍ය වන හෙයිනි. දේශනා ක්‍රමය වනාහි යෙදේමැයි,

අභෙදෙන හි පඤ‍්චසු ඛන්‍ධෙසු අත‍්තගාහපතිතං වෙනෙය්‍යජනං සමූහඝනවිනිබ‍්භොගදස‍්සනෙන අත‍්තගාහතො මොචෙතුකාමො භගවා හිතකාමො තස‍්ස තස‍්ස ජනස‍්ස සුඛගහණත්‍ථං චක‍්ඛුආදීනම‍්පි විසයභූතං ඔළාරිකං පඨමං රූපක‍්ඛන්‍ධං දෙසෙසි. තතො ඉට‍්ඨානිට‍්ඨරූපසංවෙදනිකං වෙදනං. “යං වෙදයති, තං සඤ‍්ජානාතී”ති එවං වෙදනාවිසයස‍්ස ආකාරගාහිකං සඤ‍්ඤං. සඤ‍්ඤාවසෙන අභිසඞ‍්ඛාරකෙ සඞ‍්ඛාරෙ. තෙසං වෙදනාදීනං නිස‍්සයං අධිපතිභූතඤ‍්ච නෙසං විඤ‍්ඤාණන‍්ති එවං තාව කමතො විනිච‍්ඡයනයො විඤ‍්ඤාතබ‍්බො.

පංච ස්කන්‍ධයන් විභාගකොට ගනු නොහැකි වීමෙන් එම ස්කන්‍ධයන් කෙරෙහි ආත්මග්‍රාහයට වැටුණ කිසියම් වෛනේය ජනකෙනකු වෙතොත්, ඔවුන් කෙරෙහි හිත කැමැතිව, දැඩි ලෙස එක්ව බැඳුණු එම ස්කන්‍ධ සමූහය විග්‍රහකොට දැක්වීමෙන් එම ආත්මග්‍රාහයෙන් මුදවාලනු කැමැති භාග්‍යවතුන් වහන්සේ, ඒ ඒ ජනයාගේ සුඛග්‍රහණය සඳහා චක්‍ෂුරාදියට පවා විෂය වන ඕළාරික රූපස්කන්‍ධය පළමුකොට දේශනා කළ සේක. ඉක්බිති ඉෂ්ටානිෂ්ට රූපයන් පිළිබඳ සංවේදන සංඛ්‍යාත වේදනාස්කන්‍ධයද, “යමක් විඳිතොත් එය හඳුනාගනිති’යි මෙසේ වේදනා විෂය පිළිබඳ ආකාරය ගන්නා සඤ්ඤා ස්කන්‍ධයද, සඤ්ඤා වශයෙන් රැස්කරනු ලබන චෛතසික සංස්කාරයන්ද, එම වේදනාදියට නිශ්‍රය වූ ඔවුනට අධිපති වූ විඤ්ඤාණ ස්කන්‍ධයද දේශනා කළ සේක. මෙසේ අනුපිළිවෙළින් ස්කන්‍ධයන් පිළිබඳ විනිශ්චය ක්‍රමය දතයුතුය.

විසෙසතොති ඛන්‍ධානඤ‍්ච උපාදානක‍්ඛන්‍ධානඤ‍්ච විසෙසතො. කො පන නෙසං විසෙසො, ඛන්‍ධා තාව අවිසෙසතො වුත‍්තා. උපාදානක‍්ඛන්‍ධා සාසවඋපාදානියභාවෙන විසෙසෙත්‍වා. යථාහ –

විසෙසතො (විශේෂ වශයෙන්) යනු, ස්කන්‍ධයන්ගේ හා උපාදාන ස්කන්‍ධයන්ගේ විශේෂ වශයෙනි. ඔවුන්ගේ විශේෂය කවරේද? පළමුව ස්කන්‍ධයෝ අවිශේෂයෙන් කියන ලද්දාහුය. උපාදානස්කන්‍ධයෝ ආශ්‍රව සහිත බවින් හා උපාදානීය බවින් විශේෂකොට කියන ලද්දාහුය. කියනලදමැයි:-

“පඤ‍්ච චෙව වො, භික‍්ඛවෙ, ඛන්‍ධෙ දෙසෙස‍්සාමි පඤ‍්චුපාදානක‍්ඛන්‍ධෙ ච, තං සුණාථ. කතමෙ ච, භික‍්ඛවෙ, පඤ‍්චක‍්ඛන්‍ධා, යංකිඤ‍්චි, භික‍්ඛවෙ, රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං…පෙ… සන‍්තිකෙ වා, අයං වුච‍්චති, භික‍්ඛවෙ, රූපක‍්ඛන්‍ධො. යා කාචි වෙදනා…පෙ… යංකිඤ‍්චි විඤ‍්ඤාණං…පෙ… සන‍්තිකෙ වා, අයං වුච‍්චති, භික‍්ඛවෙ, විඤ‍්ඤාණක‍්ඛන්‍ධො. ඉමෙ වුච‍්චන‍්ති, භික‍්ඛවෙ, පඤ‍්චක‍්ඛන්‍ධා. කතමෙ ච, භික‍්ඛවෙ, පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා. යංකිඤ‍්චි, භික‍්ඛවෙ, රූපං…පෙ… සන‍්තිකෙ වා සාසවං උපාදානියං, අයං වුච‍්චති, භික‍්ඛවෙ, රූපුපාදානක‍්ඛන්‍ධො. යා කාචි වෙදනා…පෙ… යංකිඤ‍්චි විඤ‍්ඤාණං…පෙ… සන‍්තිකෙ වා සාසවං උපාදානියං, අයං වුච‍්චති, භික‍්ඛවෙ, විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො. ඉමෙ වුච‍්චන‍්ති, භික‍්ඛවෙ, පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා”ති (සං· නි· 3.48).

“මහණෙනි, ඔබට පඤ්චක්‍ඛන්‍ධයන්ද පඤ්ච උපාදානක්‍ඛන්‍ධයන්ද දේශනා කරමි. එය අසනු. -පෙ-මහණෙනි, පංච ස්කන්‍ධයෝ කවරහුද? අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න වූ -පෙ- නුදුරෙහි හෝ වූ යම්කිසි රූපයක් වේනම්, මෙය රූපස්කන්‍ධයයි කියනු ලැබේ. යම්කිසි වේදනාවක් -පෙ- යම්කිසි විඤ්ඤාණයක් වේනම්, මහණෙනි, මෙය විඤ්ඤාණස්කන්‍ධයයි කියනු ලැබේ. මහණෙනි මොහු පංචස්කන්‍ධයෝයයි කියනු ලැබෙති. මහණෙනි පංච උපාදානස්කන්‍ධයෝ කවරහුද? මහණෙනි, ආශ්‍රව සහිතවූද, උපාදානීය වූද, යම්කිසි රූපයක් -පෙ- නුදුරෙහි හෝ වේනම්, මහණෙනි, මෙය රූප උපාදානස්කන්‍ධයයි කියනු ලැබේ. යම්කිසි වේදනාවක් -පෙ- යම්කිසි විඤ්ඤාණයක් නුදුරෙහි හෝ වේනම්, මහණෙනි, මෙය විඤ්ඤාණ උපාදානස්කන්‍ධයයි කියනු ලැබේ. මහණෙනි, මොහු පංච උපාදානස්කන්‍ධයයි කියනු ලැබෙති.”

එත්‍ථ ච යථා වෙදනාදයො අනාසවාපි අත්‍ථි, න එවං රූපං. යස‍්මා පනස‍්ස රාසට‍්ඨෙන ඛන්‍ධභාවො යුජ‍්ජති, තස‍්මා ඛන්‍ධෙසු වුත‍්තං. යස‍්මා රාසට‍්ඨෙන ච සාසවට‍්ඨෙන ච උපාදානක‍්ඛන්‍ධභාවො යුජ‍්ජති, තස‍්මා උපාදානක‍්ඛන්‍ධෙසු වුත‍්තං. වෙදනාදයො පන අනාසවාව ඛන්‍ධෙසු වුත‍්තා. සාසවා උපාදානක‍්ඛන්‍ධෙසු. උපාදානක‍්ඛන්‍ධාති චෙත්‍ථ උපාදානගොචරා ඛන්‍ධා උපාදානක‍්ඛන්‍ධාති එවමත්‍ථො දට‍්ඨබ‍්බො. ඉධ පන සබ‍්බෙපෙතෙ එකජ‍්ඣං කත්‍වා ඛන්‍ධාති අධිප‍්පෙතා.

තවද මෙහිලා ආශ්‍රව රහිතවූද වේදනාදිය ඇති නමුදු, රූපය එසේ නොවේ. යම්හෙයකින් වනාහි ‘රාශි’ යන අර්ත්‍ථයෙන් එයට ස්කන්‍ධභාවය යෙදේද, එහෙයින් එය (රූපය) ස්කන්‍ධ සංඛ්‍යාවෙහිලා කියන ලදී. යම් හෙයකින් රාශි -අර්ත්‍ථයෙන්ද, ආශ්‍රව සහිතය යන අර්ත්‍ථයෙන්දැයි (යන උභයාර්ත්‍ථයෙන්) උපාදානස්කන්‍ධ භාවයම යෙදේද, එහෙයින් එය (රූපය) උපාදානස්කන්‍ධ සංඛ්‍යාවෙහි ලා කියනලදි. වේදනාදී (සෙසු ස්කන්‍ධ සතර) වනාහි ආශ්‍රවරහිත වූයේම ස්කන්‍ධ සංඛ්‍යාවෙහිලා කියන ලදී; ආශ්‍රව සහිත වූයේ උපාදානස්කන්‍ධ සංඛ්‍යාවෙහිලා කියනලදි. තවද ‘උපාදානක්‍ඛන්‍ධා’ යන මෙහි, උපාදානයට ගෝචරවූ ස්කන්‍ධයෝ උපාදානස්කන්‍ධයෝය’යි මෙසේ අර්ත්‍ථය දතයුතුවේ. මෙහි (විසුද්ධි මග්ගයෙහි) වනාහි ඒ (සාසව වූද අනාසව වූද, සියල්ල එක් කොට ‘ස්කන්‍ධ’යයි අභිප්‍රේත වේ.

අනූනාධිකතොති කස‍්මා පන භගවතා පඤ‍්චෙව ඛන්‍ධා වුත‍්තා අනූනා අනධිකාති. සබ‍්බසඞ‍්ඛතසභාගෙකසඞ‍්ගහතො අත‍්තත‍්තනියගාහවත්‍ථුස‍්ස එතපරමතො අඤ‍්ඤෙසඤ‍්ච තදවරොධතො. අනෙකප‍්පභෙදෙසු හි සඞ‍්ඛතධම‍්මෙසු සභාගවසෙන සඞ‍්ගය‍්හමානෙසු රූපම‍්පි රූපසභාගෙකසඞ‍්ගහවසෙන එකො ඛන්‍ධො හොති. වෙදනා වෙදනාසභාගෙකසඞ‍්ගහවසෙන එකො ඛන්‍ධො හොති. එස නයො සඤ‍්ඤාදීසු. තස‍්මා සබ‍්බසඞ‍්ඛතසභාගෙකසඞ‍්ගහතො පඤ‍්චෙව වුත‍්තා. එතපරමඤ‍්චෙතං අත‍්තත‍්තනියගාහවත්‍ථු යදිදං රූපාදයො පඤ‍්ච. වුත‍්තඤ‍්හෙතං “රූපෙ ඛො, භික‍්ඛවෙ, සති රූපං උපාදාය රූපං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති ‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති. වෙදනාය, සඤ‍්ඤාය, සඞ‍්ඛාරෙසු, විඤ‍්ඤාණෙ සති විඤ‍්ඤාණං උපාදාය විඤ‍්ඤාණං අභිනිවිස‍්ස එවං දිට‍්ඨි උප‍්පජ‍්ජති ‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා”ති (සං· නි· 3.207). තස‍්මා අත‍්තත‍්තනියගාහවත්‍ථුස‍්ස එතපරමතොපි පඤ‍්චෙව වුත‍්තා. යෙපි චඤ‍්ඤෙ සීලාදයො පඤ‍්ච ධම‍්මක‍්ඛන්‍ධා වුත‍්තා, තෙපි සඞ‍්ඛාරක‍්ඛන්‍ධෙ පරියාපන‍්නත‍්තා එත්‍ථෙව අවරොධං ගච‍්ඡන‍්ති. තස‍්මා අඤ‍්ඤෙසං තදවරොධතොපි පඤ‍්චෙව වුත‍්තාති එවං අනූනාධිකතො විනිච‍්ඡයනයො විඤ‍්ඤාතබ‍්බො.

අනූනාධිකතො යනු:- කවර හෙයින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් අඩුවැඩි නැතිව ස්කන්‍ධයන් පසක්ම ප්‍රකාශ කරන ලද්දේද යත්: සියලු සංස්කාර ධර්මයන් එකිනෙකට ඇති පොදු ලක්‍ෂණ අනුව එක් එක් ස්කන්‍ධයට ඇතුළත් කොට සංග්‍රහ කළ හැකි හෙයින් හා ‘තමාය, තමාගේය’යි ගත හැකි ඉහළම ප්‍රභේද සංඛ්‍යාව වන හෙයින්ද, ඉන් බැහැර වූ සෙසු වස්තූන්ද එයටම ඇතුළත් වන හෙයිනි. නොයෙක් ප්‍රභේද සහිතවූ සංස්කාරයන් සමාන ලක්‍ෂණ අනුව සංග්‍රහ කරනු ලබන කල්හි රූපය රූපයට අයත් පොදු ලක්‍ෂණ අනුව එක් ස්කන්‍ධයක් වෙයි. වේදනාව වේදනාවට අයත් පොදු ලක්‍ෂණ අනුව අනෙක් ස්කන්‍ධයක් වෙයි. සඤ්ඤා ආදිය පිළිබඳවද මෙම නයයි. එහෙයින් සියලු සංකාර ධර්මයන් එක් එක් සංස්කාරයට අයත් පොදු ලක්‍ෂණ අනුව සංග්‍රහ කිරීම් වශයෙන් ස්කන්‍ධ පසක්ම ප්‍රකාශ කරන ලදී. තවද මෙම ඒතපරමය (උපරිම සංඛ්‍යාව) ‘තමාය තමාගේය’යි ගනු ලබන රූපාදී වූ පංචකයමැයි. කියනලදමැයි:- “මහණෙනි, රූපය විද්‍යමාන වන කල්හි, රූපය උපාදාන කොටගෙන (දැඩිව අල්වාගෙන), රූපයට පිවිස, ‘මෙය මාගේය, මේ මම්ම වෙමි, මේ මාගේ ආත්මය’ යන මෙවන් දෘෂ්ටියක් උපදියි. වේදනාව-පෙ- සඤ්ඤාව-පෙ- සංඛාර-පෙ විඤ්ඤාණය විද්‍යමාන වන කල්හි, විඤ්ඤාණය උපාදාන කොටගෙන, විඤ්ඤාණය වෙත පිවිස, ‘මෙය මාගේය, මේ මම්ම වෙමි, මේ මාගේ ආත්මයමයි’ යන මෙවන් දෘෂ්ටියක් උපදියි. එහෙයින් තමාය, තමාගේය’යි ගත හැකි වස්තුව පිළිබඳ එතපරමතාව (උපරිම සංඛ්‍යාව) වශයෙන්ද පසෙක්ම කියනලදි. තවද සෙසු ශීලාදීවු යම් ස්කන්‍ධ පංචකයක් කියන ලද්දේද, එයද සංකාර ස්කන්‍ධය බවට පත්වන හෙයින් මෙකී ස්කන්‍ධ පංචකය තුළම අන්තර්ගත බවට යෙයි. එහෙයින් එම සෙසු ස්කන්‍ධයන්ද මෙහිම ඇතුළත් වීමෙන් පසක්ම වෙති’යි කියන ලදැ’යි මෙසේ නොඅඩු නොවැඩි වශයෙන් විනිශ්චය ක්‍රමය දතයුතුය.

උපමාතොති එත්‍ථ හි ගිලානසාලුපමො රූපුපාදානක‍්ඛන්‍ධො, ගිලානුපමස‍්ස විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධස‍්ස වත්‍ථුද‍්වාරාරම‍්මණවසෙන නිවාසට‍්ඨානතො. ගෙලඤ‍්ඤුපමො වෙදනුපාදානක‍්ඛන්‍ධො, ආබාධකත‍්තා. ගෙලඤ‍්ඤසමුට‍්ඨානුපමො සඤ‍්ඤුපාදානක‍්ඛන්‍ධො, කාමසඤ‍්ඤාදිවසෙන රාගාදිසම‍්පයුත‍්තවෙදනාසබ‍්භාවා. අසප‍්පායසෙවනුපමො සඞ‍්ඛාරුපාදානක‍්ඛන්‍ධො, වෙදනාගෙලඤ‍්ඤස‍්ස නිදානත‍්තා. “වෙදනං වෙදනත්‍ථාය අභිසඞ‍්ඛරොන‍්තී”ති (සං· නි· 3.79) හි වුත‍්තං. තථා “අකුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං කායවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති දුක‍්ඛසහගත”න‍්ති (ධ· ස· 556). ගිලානුපමො විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො, වෙදනාගෙලඤ‍්ඤෙන අපරිමුත‍්තත‍්තා. අපිච චාරකකාරණඅපරාධකාරණකාරකඅපරාධිකුපමා එතෙ භාජනභොජනබ්‍යඤ‍්ජනපරිවෙසකභුඤ‍්ජකූපමා චාති එවං උපමාතො විනිච‍්ඡයනයො විඤ‍්ඤාතබ‍්බො.

උපමාතො යනු:- මෙහි රූපූපාදනක්‍ඛන්‍ධය ගිලන්හලක් බඳුවේ. ගිලනකු බඳු විඤ්ඤාණ-උපාදානක්‍ඛන්‍ධයට වස්තු-ද්වාර-ආරම්මණ වශයෙන් නිවාසස්ථාන වන හෙයිනි. වේදනා-උපාදානක්‍ඛන්‍ධය ගිලන්බව වැනිය. ආබාධ ඇති කරන හෙයිනි. සඤ්ඤා-උපාදානක්‍ඛන්‍ධය ගිලන්බව ඇතිකරන රෝග කාරකය බඳුය. කාම සඤ්ඤාදී වශයෙන් රාගාදිය සමග යෙදුණ වේදනාවන් උපදවන හෙයිනි. සඞ්ඛාර-උපාදානක්‍ඛන්‍ධය අපථ්‍යසේවනය වැනිය. වේදනා නමැති ගිලන්බවට නිදාන වන හෙයිනි. වේදනාව සඳහා වේදනාව රැස් කෙරෙති’යිද, එසේම අකුසල කර්මයක් කරන ලද හෙයින්-රැස් කරන ලද හෙයින්, කාය විඤ්ඤාණ වූ දුඃඛ සහගත විපාකය උපන්හ’යිද කියනලදි. විඤ්ඤාණ-උපාදානක්‍ඛන්‍ධය ගිලනකු බඳුවේ. වේදනා නමැති ගිලන් බවින් නොමිදුණ හෙයිනි. තවද, (රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන මේ උපාදාන ස්කන්‍ධ පඤ්චකය පිළිවෙළින්) චාරක (වධකස්ථානය), “කාරණට්ඨානතාය චාරකූපමං රූපං-ටීකා), කාරණ (දෙතිස් වධය), අපරාධය, කාරණ-කාරක (වධකයා) අපරාධික (වරදකරු) යනුවෙන්ද, එසේම භාජන (බඳුන), භෝජන (බොජුන), බ්‍යඤ්ජන (වෑන්ජනය), පරිවේසක (බෙදන්නා), භුඤ්ජන (බුදින්නා) යනුවෙන්දැයි උපමා කළ හැකිය. මෙසේ උපමා වශයෙන් විනිශ්චය ක්‍රමය දතයුතුය.

දට‍්ඨබ‍්බතො ද‍්විධාති සඞ‍්ඛෙපතො විත්‍ථාරතො චාති එවං ද‍්විධා දට‍්ඨබ‍්බතොපෙත්‍ථ විනිච‍්ඡයනයො විඤ‍්ඤාතබ‍්බො. සඞ‍්ඛෙපතො හි පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා ආසීවිසූපමෙ (සං· නි· 4.238) වුත‍්තනයෙන උක‍්ඛිත‍්තාසිකපච‍්චත්‍ථිකතො, භාරසුත‍්තවසෙන (සං· නි· 3.22) භාරතො, ඛජ‍්ජනීයපරියායවසෙන (සං· නි· 3.79) ඛාදකතො, යමකසුත‍්තවසෙන (සං· නි· 3.85) අනිච‍්චදුක‍්ඛානත‍්තසඞ‍්ඛතවධකතො දට‍්ඨබ‍්බා. විත්‍ථාරතො පනෙත්‍ථ ඵෙණපිණ‍්ඩො විය රූපං දට‍්ඨබ‍්බං, පරිමද‍්දනාසහනතො. උදකපුබ‍්බුළං විය වෙදනා, මුහුත‍්තරමණීයතො. මරීචිකා විය සඤ‍්ඤා, විප‍්පලම‍්භනතො. කදලික‍්ඛන්‍ධො විය සඞ‍්ඛාරා, අසාරකතො. මායා විය විඤ‍්ඤාණං, වඤ‍්චකතො. විසෙසතො ච සුළාරම‍්පි අජ‍්ඣත‍්තිකං රූපං අසුභන‍්ති දට‍්ඨබ‍්බං. වෙදනා තීහි දුක‍්ඛතාහි අවිනිමුත‍්තතො දුක‍්ඛාති. සඤ‍්ඤාසඞ‍්ඛාරා අවිධෙය්‍යතො අනත‍්තාති. විඤ‍්ඤාණං උදයබ‍්බයධම‍්මතො අනිච‍්චන‍්ති දට‍්ඨබ‍්බං.

දට්ඨබ්බතො ද්විධා යනු:- සංක්‍ෂේප වශයෙන් හා විස්තර වශයෙන්දැ’යි දෙපරිද්දෙන් මෙහි විනිශ්චය ක්‍රමය දතයුතුය. සංක්‍ෂේප වශයෙන් වනාහි පඤ්ච-උපාදානක්‍ඛන්‍ධය ආසීවිසූපම සූත්‍රයෙහි කීනයින් කඩුවක් ඔසවා ගත් සතුරකු සෙයින්ද, භාර සූත්‍රයෙහි කී නයින් බරක් සෙයින්ද, ඛජ්ජනීය පරියාය සූත්‍ර නයින් කන්නකු සෙයින්ද, යමක සූත්‍ර නයින් අනිත්‍යය, දුඃඛය, අනාත්මයයි කියන ලද වධකයන් සෙයින්ද දතයුතුය. විස්තර වශයෙන් වනාහි මෙහි රූපස්කන්‍ධය පෙණ පිඬක් බඳුයයි දතයුතුය. අත තැබූ කෙණෙහි බිඳෙන සුලු හෙයිනි. වේදනාස්කන්‍ධය දියබුබුලක් සෙයින් දතයුතුය. මොහොතක් රමණීය වන හෙයිනි. සඤ්ඤා ස්කන්‍ධය මිරිඟුවක් සෙයින් දතයුතුය, රවටන සුලු හෙයිනි. සංඛාරයන් කෙසෙල් කඳන් සෙයින් දැකිය යුතුය. හරයක් නොමැති හෙයිනි. විඤ්ඤාණ ස්කන්‍ධය මායාවක් සෙයින් දැකිය යුතුය. වංචාකාරී හෙයිනි. විශේෂයෙන් ඉතා සොඳුරු වූද අභ්‍යන්තර රූපය අසුබයයි දතයුතුය. වේදනාස්කන්‍ධය ත්‍රිවිධ දුඃඛස්වභාවයෙන් නොමිඳුණ හෙයින් දුකෙකැ’යිද, සඤ්ඤා සංඛාර යන දෙක තමා වශයෙහි තබාගත නොහැකි වන හෙයින් අනාත්මය’යිද, විඤ්ඤාණය ඇතිව නැතිවන ස්වභාව වූ හෙයින් අනිත්‍යය’යිද දතයුතුය.

එවං පස‍්සන‍්තස‍්සත්‍ථසිද‍්ධිතොති එවඤ‍්ච සඞ‍්ඛෙපවිත්‍ථාරවසෙන ද‍්විධා පස‍්සතො යා අත්‍ථසිද‍්ධි හොති, තතොපි විනිච‍්ඡයනයො විඤ‍්ඤාතබ‍්බො. සෙය්‍යථිදං – සඞ‍්ඛෙපතො තාව පඤ‍්චුපාදානක‍්ඛන්‍ධෙ උක‍්ඛිත‍්තාසිකපච‍්චත්‍ථිකාදිභාවෙන පස‍්සන‍්තො ඛන්‍ධෙහි න විහඤ‍්ඤති. විත්‍ථාරතො පන රූපාදීනි ඵෙණපිණ‍්ඩාදිසදිසභාවෙන පස‍්සන‍්තො න අසාරෙසු සාරදස‍්සී හොති.

එවං පස්සන්තස්ස අත්‍ථසිද්ධිතො යනු:- මෙසේ සංක්‍ෂේප වශයෙන් හා විස්තර වශයෙන් බලන්නහුට යම් අර්ත්‍ථසිද්ධියක් වන්නේද, ඒ ආකාරයෙන්ද මෙහි විනිශ්චය ක්‍රමය දතයුතුය. කෙසේද යත්:- පළමුකොට සංක්‍ෂේප වශයෙන් පංච-උපාදානස්කන්‍ධය පිළිවෙළින් කඩු ඔසවා ගත් සතුරකු ආදී වශයෙන් බලන්නහු ස්කන්‍ධයන් විසින් රවටනු නොලබයි, විස්තර වශයෙන් වනාහි රූපාදිය පෙණ පිඬු ආදිය හා සමාන කොට දක්නේ අසාරයන් විෂයයෙහි සාරදර්ශී නොවේ.

විසෙසතො ච අජ‍්ඣත‍්තිකරූපං අසුභතො පස‍්සන‍්තො කබළීකාරාහාරං පරිජානාති, අසුභෙ සුභන‍්ති විපල‍්ලාසං පජහති. කාමොඝං උත‍්තරති, කාමයොගෙන විසංයුජ‍්ජති, කාමාසවෙන අනාසවො හොති, අභිජ‍්ඣාකායගන්‍ථං භින්‍දති, කාමුපාදානං න උපාදියති.

විශේෂයෙන් අභ්‍යන්තර රූපස්කන්‍ධය අසුබ ලෙස බලන්නේ කබලිංකාර ආහාරය මැනවින් හඳුනාගනියි; අසුබයන් විෂයයෙහි සුබය යන හැඟීම අත්හරියි, කාම නමැති ඕඝය තරණය කරයි. කාමයෝගයෙහි නොයෙදෙයි. කාමාශ්‍රවයෙන් මිදුණේ වෙයි. අභිජ්ඣා කාය ගන්‍ථය (විෂම ලෝභය) සිඳලයි. කාමය උපාදාන කොට නොගනියි.

වෙදනං දුක‍්ඛතො පස‍්සන‍්තො ඵස‍්සාහාරං පරිජානාති, දුක‍්ඛෙ සුඛන‍්ති විපල‍්ලාසං පජහති, භවොඝං උත‍්තරති, භවයොගෙන විසංයුජ‍්ජති, භවාසවෙන අනාසවො හොති, බ්‍යාපාදකායගන්‍ථං භින්‍දති, සීලබ‍්බතුපාදානං න උපාදියති.

[missing trans]

සඤ‍්ඤං සඞ‍්ඛාරෙ ච අනත‍්තතො පස‍්සන‍්තො මනොසඤ‍්චෙතනාහාරං පරිජානාති, අනත‍්තනි අත‍්තාති විපල‍්ලාසං පජහති, දිට‍්ඨොඝං උත‍්තරති, දිට‍්ඨියොගෙන විසංයුජ‍්ජති, දිට‍්ඨාසවෙන අනාසවො හොති. ඉදංසච‍්චාභිනිවෙසකායගන්‍ථං භින්‍දති, අත‍්තවාදුපාදානං න උපාදියති.

[missing trans]

විඤ‍්ඤාණං අනිච‍්චතො පස‍්සන‍්තො විඤ‍්ඤාණාහාරං පරිජානාති, අනිච‍්චෙ නිච‍්චන‍්ති විපල‍්ලාසං පජහති, අවිජ‍්ජොඝං උත‍්තරති, අවිජ‍්ජායොගෙන විසංයුජ‍්ජති, අවිජ‍්ජාසවෙන අනාසවො හොති, සීලබ‍්බතපරාමාසකායගන්‍ථං භින්‍දති, දිට‍්ඨුපාදානං න උපාදියති.

[missing trans]

එවං මහානිසංසං, වධකාදිවසෙන දස‍්සනං යස‍්මා; තස‍්මා ඛන්‍ධෙ ධීරො, වධකාදිවසෙන පස‍්සෙය්‍යාති.

[missing trans]

ඉති සාධුජනපාමොජ‍්ජත්‍ථාය කතෙ විසුද‍්ධිමග‍්ගෙ පඤ‍්ඤාභාවනාධිකාරෙ ඛන්‍ධනිද‍්දෙසො නාම චුද‍්දසමො පරිච‍්ඡෙදො.

සාධුජන ප්‍රමෝදය පිණිස කරන ලද විසුද්ධි මාර්ගයෙහි පඤ්ඤාභාවනාධිකාරයට අයත් ඛන්‍ධ නිද්දේස නම් වූ තුදුස්වන පරිච්ඡේදය මෙතෙකින් නිමියේය.