අතීතාදිවිභාගකථා
අතීතාදිවිභාගකථා
අතීතාදිවිභාගකථා
භගවතා පන –
භාග්‍යවතුන් වහන්සේ විසින්,
“යංකිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, තදෙකජ්ඣං අභිසංයූහිත්වා අභිසඞ්ඛිපිත්වා අයං වුච්චති රූපක්ඛන්ධො. යා කාචි වෙදනා… යා කාචි සඤ්ඤා… යෙ කෙචි සඞ්ඛාරා… යංකිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං…පෙ… අභිසඞ්ඛිපිත්වා අයං වුච්චති විඤ්ඤාණක්ඛන්ධො”ති (විභ· 2,26) –
“අභ්‍යන්තර හෝ බාහිර වූ, ඕළාරික හෝ සියුම්වූ, ලාමක හෝ ප්‍රණීත වූ, දුරස්ථ හෝ සමීපස්ථවූ, අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්න යන කාලත්‍රයයට අයත් යම් කිසි රූප කොටසක් වේද, ඒ සියල්ල එක්කොට, පිඬු කොට, මේ ‘රූපස්කන්ධය’යිද, යම්කිසි වේදනා කොටසක්වේද -පෙ-යම්කිසි සඤ්ඤා කොටසක් වේද -පෙ- යම්කිසි සංස්කාර කොටසක් වේද -පෙ- යම් කිසි විඤ්ඤාණ කොටසක් වේද, ඒ සියල්ල එක්කොට, පිඬු කොට, ‘මේ විඤ්ඤාණ ස්කන්ධයයිද කියනු ලැබෙති’යි යනුවෙන් මෙසේ ස්කන්ධයෝ විස්තර කරන ලද්දාහුය. (යංකිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා, ඔළාරිකං වා සුඛුමං වා, හීනං වා පණීතං වා, යං දූරෙ සන්තිකෙ වා තදෙකජ්ඣං අභිසංයුහිත්වා, අභිසඞ්ඛිපිත්වා ‘අයං වුච්චති රූපක්ඛන්ධො, යාකාචි වේදනා-පෙ- යාකාචි සඤ්ඤා -පෙ-යෙ කෙචි සංඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගත පච්චුප්පන්නං -පෙ- අභිසඞ්ඛිපිත්වා අයං වුච්චති විඤ්ඤාණක්ඛන්ධො’ති)
එවං ඛන්ධා විත්ථාරිතා.
තත්ථ යංකිඤ්චීති අනවසෙසපරියාදානං. රූපන්ති අතිප්පසඞ්ගනියමනං. එවං පදද්වයෙනාපි රූපස්ස අනවසෙසපරිග්ගහො කතො හොති. අථස්ස අතීතාදිනා විභාගං ආරභති. තඤ්හි කිඤ්චි අතීතං, කිඤ්චි අනාගතාදිභෙදන්ති. එස නයො වෙදනාදීසු.
එහි ‘යං කිඤ්චි’ යනුවෙන් නිරවශේෂ ග්‍රහණය (කිසිවක් නොහැර මුළුමනින් ගැනීම) වේ; ‘රූපං’ යනුවෙන් අතිප්පසංග නියමනය (සෙසු පදාර්ත්ථයන්ගෙන් වෙන්කොට අභිප්‍රේත පදාර්ත්ථය නියම කිරීම) වේ. මෙසේ මේ (යඞ්කිඤ්චි රූපං යන) පද දෙකින් නමුදු රූප පදාර්ත්ථයෙහි අතීතාදී විනිශ්චයය අරඹයි. එය වනාහි අතීතයෙහි වූ කිසිවක්, අනාගතයෙහි වන්නා වූ කිසිවක් යන ආදී විශේෂයයි; වේදනා ආදී තන්හිද මෙම නයයි.
තත්ථ රූපං තාව අද්ධාසන්තතිසමයඛණවසෙන චතුධා අතීතං නාම හොති. තථා අනාගතපච්චුප්පන්නං.
එහි, පළමුකොට රූපය අද්ධාය, සන්තතිය, සමයය, ඛණය යනුවෙන් සිවුආකාරයෙකින් අතීත නම්වේ. අනාගත-ප්‍රත්‍යුත්පන්න රූපයද එසේය.
තත්ථ අද්ධාවසෙන තාව එකස්ස එකස්මිං භවෙ පටිසන්ධිතො පුබ්බෙ අතීතං, චුතිතො උද්ධං අනාගතං, උභින්නමන්තරෙ පච්චුප්පන්නං.
එහි පළමු කොට අධ්ව වශයෙන් ගතහොත්, එක් පුද්ගලයකුගේ එක් භවයෙක්හි ප්රතිසන්ධියෙන් පෙරවූයේ අතීතයි, ච්‍යුතියෙන් මත්තෙහි වනුයේ අනාගතයි, ප්රතිසන්ධි-ච්‍යුති යන දෙකට අතර වනුයේ ප්රත්යුත්පන්නයි.
සන්තතිවසෙන සභාගඑකඋතුසමුට්ඨානං එකාහාරසමුට්ඨානඤ්ච පුබ්බාපරියවසෙන වත්තමානම්පි පච්චුප්පන්නං, තතො පුබ්බෙ විසභාගඋතුආහාරසමුට්ඨානං අතීතං, පච්ඡා අනාගතං. චිත්තජං එකවීථිඑකජවනඑකසමාපත්තිසමුට්ඨානං පච්චුප්පන්නං, තතො පුබ්බෙ අතීතං, පච්ඡා අනාගතං. කම්මසමුට්ඨානස්ස පාටියෙක්කං සන්තතිවසෙන අතීතාදිභෙදො නත්ථි, තෙසඤ්ඤෙව පන උතුආහාරචිත්තසමුට්ඨානානං උපත්ථම්භකවසෙන තස්ස අතීතාදිභාවො වෙදිතබ්බො.
සන්තති වශයෙන්, සමානවූ හෝ එක්ම වූ ඍතුගුණයෙන් හටගත්තාවූද, එක්මවූ ආහාරයෙන් හටගත්තා වූද රූපය, පෙර පසු වශයෙන් පවත්නේ නමුදු ප්රත්යත්පන්න වේ; ඉන් පෙර අසමාන වූ ඍතු ගුණයෙන් හා ආහාරයෙන් හටගත් රූපය අතීත වේ; පසුව වනුයේ අනාගත වේ. චිත්තජ රූපය ගතහොත්, එක් චිත්ත වීථියෙක්හි, එක් ජවනයෙක්හි, එක් සමවතෙක්හි හටගත්තේ ප්රත්යුත්පන්නයි. ඉන් පෙර වූයේ අතීතයි, ඉන් පසුව වනුයේ අනාගතයි. කර්මජ රූපයට සන්තති වශයෙන් එකක් එකක් පාසා අතීතාදි භේදයක් නැත. සෘතු-ආහාර-චිත්ත යන මෙයින් හටගන්නා එම රූපයන්හට උපස්ථම්භක වශයෙන් එම කම්මසමුට්ඨානික රූපය පිළිබඳ අතීත බව ආදිය දත යුතුය.
සමයවසෙන එකමුහුත්තපුබ්බණ්හසායන්හරත්තින්දිවාදීසු සමයෙසු සන්තානවසෙන පවත්තමානං තං තං සමයං පච්චුප්පන්නං නාම, තතො පුබ්බෙ අතීතං, පච්ඡා අනාගතං.
සමය වශයෙන්, එක් මොහොතක්ය. පෙරවරුය, පස්වරුය, රැයය, දහවලය යන ආදී කාලනියමයෙහි නිරන්තර වශයෙන් පවත්නා කාලය ප්‍රත්‍යුත්පන්න වේ. ඉන් පෙර කාලය අතීතයි, පසුව එන කාලය අනාගතයි.
ඛණවසෙන උප්පාදාදිඛණත්තයපරියාපන්නං පච්චුප්පන්නං, තතො පුබ්බෙ අනාගතං, පච්ඡා අතීතං. අපිච අතික්කන්තහෙතුපච්චයකිච්චං අතීතං, නිට්ඨිතහෙතුකිච්චං අනිට්ඨිතපච්චයකිච්චං පච්චුප්පන්නං, උභයකිච්චං අසම්පත්තං අනාගතං. සකිච්චක්ඛණෙ වා පච්චුප්පන්නං, තතො පුබ්බෙ අනාගතං, පච්ඡා අතීතං. එත්ථ ච ඛණාදිකථාව නිප්පරියායා. සෙසා සපරියායා.
ඛණ වශයෙන් උත්පාද ආදී ක්ෂණත්රයයට අයත් රූපය ප්රත්යුත්පන්නයි. ඉන්පෙර එය අතීතයි. පසුව අනාගතයි. තවද ඉකුත්වූ හේතුකෘත්ය-ප්‍රත්‍යය කෘත්‍ය සහිත වූයේ අතීතයි. නිමි හේතු කෘත්‍යය හා නොනිමි ප්‍රත්‍යය කෘත්‍යය ඇති රූපය ප්රත්යුත්පන්නයි. උභය කෘත්යයන්ම නොසැපයුණ රූපය අනාගතයි; නොහොත් ස්වකෘත්යය කැරෙමින් පවත්නා කෙණෙහි ප්රත්යුත්පන්නයි. එයින් පෙර එය අතීතයි. පසුව අනාගතයි. මෙහි ඛණ’ යනුවෙන් ඇරඹෙන කථාමාර්ගයම නිෂ්පර්යාය හෙවත් ඒකාන්ත අර්ත්ථ සහිත වේ. සෙසු (අද්ධා, සන්තති, සමය යන) තුන සපර්යාය හෙවත් සාපේක්ෂාර්ත්ථ සහිත වේ.
අජ්ඣත්තබහිද්ධාභෙදො වුත්තනයො එව. අපිච ඉධ නියකජ්ඣත්තම්පි අජ්ඣත්තං පරපුග්ගලිකම්පි ච බහිද්ධාති වෙදිතබ්බං. ඔළාරිකසුඛුමභෙදො වුත්තනයොව.
අජ්ඣත්ත - බහිද්ධා භේදය යට කී නයම වේ. තවද මෙහි අජ්ඣත්ත යනු තමා පිළිබඳ (රූපාදී) අජ්ඣත්ත යයිද, බහිද්ධා යනු මෙරමා පිළිබඳ රූපාදියයිද දතයුතුය. ඕළාරික-සුඛුම (දැඩි, සියුම්) භේදයද යටකී නයම වේ.
හීනපණීතභෙදො දුවිධො පරියායතො නිප්පරියායතො ච. තත්ථ අකනිට්ඨානං රූපතො සුදස්සීනං රූපං හීනං. තදෙව සුදස්සානං රූපතො පණීතං. එවං යාව නරකසත්තානං රූපං, තාව පරියායතො හීනපණීතතා වෙදිතබ්බා. නිප්පරියායතො පන යත්ථ අකුසලවිපාකං උප්පජ්ජති, තං හීනං. යත්ථ කුසලවිපාකං, තං පණීතං.
හීන-ප්‍රණීත භේදය සප්පරියාය (සාපේක්ෂක) වශයෙන් හා නිප්පරියාය (ඓකාන්තික) වශයෙන් ද්විවිධ වේ. එහි අකනිට්ඨා වැස්සන්ගේ රූපයට වඩා සුදස්සී වැස්සන්ගේ රූපය හීන වේ. එයම සුදස්ස වැස්සන්ගේ රූපයට වඩා ප්‍රණීත වේ. මේ ආකාරයෙන් නිරය වාසීන්ගේ රූපය දක්වා සාපේක්ෂ වශයෙන් හීන-ප්‍රණීතතාව වෙතැ’යි දතයුතුය. නිප්පරියාය (ඓකාන්තික) වශයෙන් වනාහි, යම් තැනෙක්හි අකුසල විපාකය සිදුවේද එය හීන වේ. යම් තැනෙක්හි කුසල විපාකය වේද එය ප්‍රණීත වේ.
දූරෙ සන්තිකෙති ඉදම්පි වුත්තනයමෙව. අපිච ඔකාසතොපෙත්ථ උපාදායුපාදාය දූරසන්තිකතා වෙදිතබ්බා.
දූරෙ සන්තිකෙ යන මෙයද යටකී නයම වේ. තවද අවකාශ වශයෙන්ද ගෙන මෙහිදී දුර-සන්තිකතාව දතයුතුය.
තදෙකජ්ඣං අභිසංයූහිත්වා අභිසඞ්ඛිපිත්වාති තං අතීතාදීහි පදෙහි විසුං විසුං නිද්දිට්ඨං රූපං සබ්බං රුප්පනලක්ඛණසඞ්ඛාතෙ එකවිධභාවෙ පඤ්ඤාය රාසිං කත්වා රූපක්ඛන්ධොති වුච්චතීති අයමෙත්ථ අත්ථො. එතෙන සබ්බම්පි රූපං රුප්පනලක්ඛණෙ රාසිභාවූපගමනෙන රූපක්ඛන්ධොති දස්සිතං හොති. න හි රූපතො අඤ්ඤො රූපක්ඛන්ධො නාම අත්ථි.
තදෙකජ්ඣං අභිසංයූහිත්වා අභිසඞ්ඛරිත්වා යනු, අතීතාදී පදවලින් වෙන් වෙන් වශයෙන් දක්වන ලද සකලාකාර වූම රූපය රුප්පන ලක්ෂණ සංඛ්‍යාත වූ ඒකවිධ භාවයෙන් ප්‍රඥාවෙන් එක් රැස්කොට රූපස්කන්ධයයි කියනු ලැබේ’ යනු මෙහි අර්ත්ථයයි. මෙයින් සකලවිධ වූම රූපය විනාශවීමේ ලක්ෂණය රාශීභූත බවට යාමෙන් රූපස්කන්ධයයි දක්වන ලද්දේ වේ. එම රූපය හැර අනෙක් රූපස්කන්ධයෙක් නම් නැත්තේය.
යථා ච රූපං, එවං වෙදනාදයොපි වෙදයිතලක්ඛණාදීසු රාසිභාවූපගමනෙන. න හි වෙදනාදීහි අඤ්ඤෙ වෙදනාක්ඛන්ධාදයො නාම අත්ථි.
රූපය මෙන්ම වේදනාදියද වේදයිත ලක්ෂණාදිය තුළ රාශීභූත වීමෙන් වේ. වේදනාදියෙන් බැහැර වූ වේදනාස්කන්‍ධ ආදියෙක් නැත.
අතීතාදිවිභාගෙ පනෙත්ථ සන්තතිවසෙන ඛණාදිවසෙන ච වෙදනාය අතීතානාගතපච්චුප්පන්නභාවො වෙදිතබ්බො. තත්ථ සන්තතිවසෙන එකවීථිඑකජවනඑකසමාපත්තිපරියාපන්නා එකවීථිවිසයසමායොගප්පවත්තා ච පච්චුප්පන්නා, තතො පුබ්බෙ අතීතා, පච්ඡා අනාගතා. ඛණාදිවසෙන ඛණත්තයපරියාපන්නා පුබ්බන්තාපරන්තමජ්ඣත්තගතා සකිච්චඤ්ච කුරුමානා වෙදනා පච්චුප්පන්නා, තතො පුබ්බෙ අතීතා, පච්ඡා අනාගතා. අජ්ඣත්තබහිද්ධාභෙදො නියකජ්ඣත්තවසෙන වෙදිතබ්බො.
මෙහි අතීතාදී වූ විභාගයෙහිදී වනාහි සන්තති වශයෙන් හා ඛණාදී වශයෙන්ද වේදනාව පිළිබඳ අතීත-අනාගත-ප්‍රත්‍යුත්පන්නභාවය දතයුතුය. එහි සන්තති වශයෙන් එක් චිත්ත වීථියකට, එක් ජවනයකට, එක් සමවතකට පත්වූද, එක සමාන විෂය සංයෝගයකට පැමිණියාවූද වේදනාව ප්‍රත්‍යුත්පන්න වේ. ඉන් පෙර වූයේ අතීතද පසුව වනුයේ අනාගත වේ. ක්ෂණාදී වශයෙන් (උත්පාද, ස්ථිති-භංග යන) ක්ෂණත්රයයට පත්වූද, පූර්වාන්තයට, අපරාන්තයට හා මධ්‍යයට පැමිණියාවූද, ස්වකෘත්යය කරන්නාවූද, වේදනාව ප්‍රත්‍යුත්පන්න වේ. එයින් පෙර වූයේ අතීතද පසුව වනුයේ අනාගතය වේ. අජ්ඣත්ත-බහිද්ධා භේදය, තමා පිළිබඳ අධ්‍යාත්ම වශයෙන් දතයුතුය.
ඔළාරිකසුඛුමභෙදො “අකුසලා වෙදනා ඔළාරිකා, කුසලාබ්යාකතා වෙදනා සුඛුමා”තිආදිනා (විභ· 11) නයෙන විභඞ්ගෙ වුත්තෙන ජාතිසභාවපුග්ගලලොකියලොකුත්තරවසෙන වෙදිතබ්බො. ජාතිවසෙන තාව අකුසලා වෙදනා සාවජ්ජකිරියහෙතුතො, කිලෙසසන්තාපභාවතො ච අවූපසන්තවුත්තීති කුසලවෙදනාය ඔළාරිකා, සබ්යාපාරතො, සඋස්සාහතො, සවිපාකතො, කිලෙසසන්තාපභාවතො, සාවජ්ජතො ච විපාකාබ්යාකතාය ඔළාරිකා, සවිපාකතො, කිලෙසසන්තාපභාවතො, සබ්යාබජ්ඣතො, සාවජ්ජතො ච කිරියාබ්යාකතාය ඔළාරිකා. කුසලාබ්යාකතා පන වුත්තවිපරියායතො අකුසලාය සුඛුමා. ද්වෙපි කුසලාකුසලවෙදනා සබ්යාපාරතො, සඋස්සාහතො, සවිපාකතො ච යථායොගං දුවිධායපි අබ්යාකතාය ඔළාරිකා , වුත්තවිපරියායෙන දුවිධාපි අබ්යාකතා තාහි සුඛුමා. එවං තාව ජාතිවසෙන ඔළාරිකසුඛුමතා වෙදිතබ්බා.
ඕළාරික-සුඛුම භේදය ‘අකුශල වේදනාව ඕළාරික වේ. කුශල වේදනාව හා අව්‍යකෘත වේදනාව සුඛුම වේ’ ආදී නයින් විභඞ්ගයෙහි කියන ලද ජාති, ස්වභාව, පුද්ගල, ලෞකික හා ලෝකෝත්තර වශයෙන් දතයුතුය. පළමුකොට ජාති වශයෙන් ගතහොත්, අකුසල වේදනාව සාවද්‍ය ක්‍රියා හේතුවෙන්ද, ක්ලේශ සන්තාප භාවයෙන්ද, අශාන්ත වෘත්ති ඇත්තේ යයිද කුශල වේදනාවට වඩා ඕළාරික වේ. ව්‍යාපාර සහිත බැවින්ද, උත්සාහ සහිත බැවින්ද, විපාක සහිත බැවින්ද ක්ලේශ පරිදාහ සහිත බැවින්ද, සාවද්‍ය-බැවින්ද විපාක අව්‍යාකෘත-වේදනාවට වඩා ඔළාරික වේ. විපාක සහිත බැවින්ද, ක්ලේශ පරිදාහ සහිත බැවින්ද, සාවද්‍ය බැවින්ද පීඩා සහිත බැවින්ද, සාවද්‍ය බැවින්ද කිරිය අව්යකෘතයට වඩා ඕළාරික වේ. කුසල වේදනාව හා අව්‍යකෘත වේදනාව කියනලද අකුසල වේදනාව විපරීත හෙයින් අකුසල වේදනාවට වඩා සුඛුම වේ. කුසල වේදනා හා අකුසල වේදනා යන දෙකම ව්‍යාපාර සහිත බැවින්ද, උත්සාහ සහිත බැවින්ද, විපාක සහිත බැවින්ද (විපාක-කිරියය යන) ද්විප්රකාරවූම අව්‍යාකෘත වේදනාවට වඩා ඕළාරික වේ. කියනලද (කුසල-අකුසල) වේදනාවනට විපරීත වශයෙන් ද්විප්‍රකාර වූම අව්‍යාකෘත වේදනාව (එම කුසල-අකුසල වේදනාවනට වඩා) සූක්ෂම වේ. මෙසේ ජාති වශයෙන් ඕළාරික හා සුඛුම බව දතයුතුය.
සභාවවසෙන පන දුක්ඛා වෙදනා නිරස්සාදතො, සවිප්ඵාරතො, ඛොභකරණතො, උබ්බෙජනීයතො, අභිභවනතො ච ඉතරාහි ද්වීහි ඔළාරිකා, ඉතරා පන ද්වෙ සාතතො, සන්තතො, පණීතතො, මනාපතො, මජ්ඣත්තතො ච යථායොගං දුක්ඛාය සුඛුමා. උභො පන සුඛදුක්ඛා සවිප්ඵාරතො, ඛොභකරණතො, පාකටතො ච අදුක්ඛමසුඛාය ඔළාරිකා, සා වුත්තවිපරියායෙන තදුභයතො සුඛුමා. එවං සභාවවසෙන ඔළාරිකසුඛුමතා වෙදිතබ්බා.
ස්වභාව වශයෙන් වනාහි දුක්ඛ වේදනාව ආස්වාද රහිත බැවින්ද, පැතිරීම් සහිත බැවින්ද, කැළඹීම් ඇති කරන හෙයින්ද, උද්වේග ඇති කරන හෙයින්ද, මැඩලන හෙයින්ද (සුඛ, උපේක්ෂා යන) වේදනා දෙකට වඩා ඕළාරික වේ. අන්‍ය වූ (සුඛ, උපේක්ෂා යන) වේදනා දෙක මිහිරි බැවින්ද, සන්හුන් බැවින්ද, ප්‍රණීත බැවින්ද, මැදහත් බැවින්ද, දුඃඛ වේදනාවට වඩා යෝග්‍ය ප්‍රමාණයෙන් සූක්ෂ්ම වේ. සුඛවේදනා, දුඃඛ වේදනා යන දෙක වනාහි පැතිරීම් සහිත බැවින්ද, කැළඹීම් ඇති කරන බැවින්ද, ප්‍රකට බැවින්ද උපේක්ෂා වේදනාවට වඩා ඕළාරික වේ. ඒ උපේක්ෂා වේදනාව මෙකී (සුඛ, දුඃඛ යන) දෙකට විපරීත වන ආකාරයෙන් වඩා සූක්ෂ්ම වේ. මෙසේ ස්වභාව වශයෙන් ඕළාරික බව හා සූක්ෂ්ම බව දතයුතුය.
පුග්ගලවසෙන පන අසමාපන්නස්ස වෙදනා නානාරම්මණෙ වික්ඛිත්තභාවතො සමාපන්නස්ස වෙදනාය ඔළාරිකා, විපරියායෙන ඉතරා සුඛුමා. එවං පුග්ගලවසෙන ඔළාරිකසුඛුමතා වෙදිතබ්බා.
පුද්ගල වශයෙන් වනාහි (සමවතට) නොසමවන්නහුගේ වේදනාව නොයෙක් නොයෙක් අරමුණු කෙරෙහි විසුරුණු බැවින් සමවන්නහුගේ වේදනාවට වඩා ඕළාරික වේ. එයට විපරීත වන හෙයින් අනෙක (සමවන්නහුගේ වේදනාව) සූක්ෂ්ම වේ. මෙසේ පුද්ගල වශයෙන් ඕළාරික සූක්ෂ්ම භේදය දතයුතුය.
ලොකියලොකුත්තරවසෙන පන සාසවා වෙදනා ලොකියා, සා ආසවුප්පත්තිහෙතුතො, ඔඝනියතො, යොගනියතො, ගන්ථනියතො, නීවරණියතො, උපාදානියතො, සංකිලෙසිකතො, පුථුජ්ජනසාධාරණතො ච අනාසවාය ඔළාරිකා. සා විපරියායෙන සාසවාය සුඛුමා. එවං ලොකියලොකුත්තරවසෙන ඔළාරිකසුඛුමතා වෙදිතබ්බා.
ලෞකික ලෝකෝත්තර වශයෙන් වනාහි ආශ්‍රව සහිත වේදනාව ලෞකික වේ. එය ආශ්‍රවයන් ඉපැදීමට හේතුවන බැවින්ද, (කාම, භව,) දිට්ඨි, අවිජ්ජා යන) චතුරෝඝනයට හසු වියහැකි බැවින්ද, බැඳීම්වලට හසුවිය හැකි වන බැවින්ද, කෙලෙස් ගැටවල පැටලිය හැකි වන හෙයින්ද, නීවරණයනට ගොදුරු විය හැකි බැවින්ද, උපාදානයට හසුවිය හැකි බැවින්ද, සංක්ලේශ සහිත බැවින්ද, පෘථග්ජන සාධාරණ බැවින්ද ආශ්‍රව රහිත වේදනාවට වඩා ඕළාරික වේ. ඒ (ආශ්‍රව රහිත) වේදනාව විපරීත වශයෙන් ආශ්‍රව සහිත වේදනාවට වඩා සූක්ෂ්ම වේ. මෙසේ ලෞකික-ලෝකෝත්තර වශයෙන් ඕළාරික සූක්ෂ්ම භේදය දතයුතුය.
තත්ථ ජාතිආදිවසෙන සම්භෙදො පරිහරිතබ්බො. අකුසලවිපාකකආයවිඤ්ඤාණසම්පයුත්තා හි වෙදනා ජාතිවසෙන අබ්යාකතත්තා සුඛුමාපි සමානා සභාවාදිවසෙන ඔළාරිකා හොති. වුත්තඤ්හෙතං “අබ්යාකතා වෙදනා සුඛුමා. දුක්ඛා වෙදනා ඔළාරිකා. සමාපන්නස්ස වෙදනා සුඛුමා. අසමාපන්නස්ස වෙදනා ඔළාරිකා. සාසවා වෙදනා ඔළාරිකා. අනාසවා වෙදනා සුඛුමා”ති (විභ· 11). යථා ච දුක්ඛා වෙදනා, එවං සුඛාදයොපි ජාතිවසෙන ඔළාරිකා සභාවාදිවසෙන සුඛුමා හොන්ති. තස්මා යථා ජාතිආදිවසෙන සම්භෙදො න හොති, තථා වෙදනානං ඔළාරිකසුඛුමතා වෙදිතබ්බා. සෙය්යථිදං – අබ්යාකතා ජාතිවසෙන කුසලාකුසලාහි සුඛුමා. තත්ථ කතමා අබ්යාකතා? කිං දුක්ඛා? කිං සුඛා? කිං සමාපන්නස්ස? කිං අසමාපන්නස්ස? කිං සාසවා ? කිං අනාසවාති? එවං සභාවාදිභෙදො න පරාමසිතබ්බො. එස නයො සබ්බත්ථ.
එහි ජාති ආදී වශයෙන් (ඕළාරික බව හා සූක්ෂ්ම බව පිළිබඳව) ඇතිවිය හැකි අවුල වැලැක්විය යුතුය. අකුසල විපාක කායවිඤ්ඤාණ සම්ප්‍රයුක්ත වේදනාව වනාහි ජාති වශයෙන් අව්‍යාකෘත වන හෙයින් සූක්ෂ්ම වතුදු ස්වභාවාදී වශයෙන් ගත්කල ඕළාරික වේ. කියනලදමැයි: “අව්‍යකෘත වේදනාව සූක්ෂ්ම වේ. දුඃඛ වේදනාව ඕළාරික වේ. සමවන්නහුගේ වේදනාව සූක්ෂ්ම වේ. අසමාපන්නයාගේ වේදනාව ඕළාරික වේ. අනාශ්‍රව වේදනාව සූක්ෂ්ම වේ. සාශ්‍රව වේදනාව ඕළාරික වේ. (අව්යාකතා වෙදනා, සුඛුමා, දුක්ඛා වෙදනා ඕළාරිකා, සමාපන්නස්ස වෙදනා සුඛුමා, අසමාපන්නස්ස වේදනා ඔළාරිකා, අනාසවා වේදනා සුඛුමා, සාසවා වෙදනා ඔළාරිකා’’) දුඃඛ වේදනාව මෙන්ම සුඛ වේදනාදියද ජාතිවශයෙන් ඕළාරික වේ. ස්වභාවාදී වශයෙන් සූක්ෂ්ම වේ. එහෙයින් යම්සේ ජාති ආදී වශයෙන් අවුලක් නොවේද, එසේ වේදනාවන්ගේ ඕළාරික බව හා සූක්ෂ්ම බව දතයුතුය. ඒ මෙසේයි:- ජාතිවශයෙන් ගත්කල, කුසලවූද අකුසලවූද වේදනාවට වඩා අව්‍යාකත වේදනාව සියුම් වේ යන මේ කරුණෙහිලා, කවර නම් අව්‍යාකත වේදනාවද? සුඛ වේදනාවද? දුඃඛ වේදනාවදැ’යි (ස්වභාව වශයෙන්) හෝ සමාපන්නයාගේ වේදනාවද? අසමාපන්නයාගේ වේදනාවදැ’යි (පුද්ගල වශයෙන්) හෝ, සාසව වේදනාවද? අනාසව වේදනාවදැ’යි (ලෞකික-ලෝකෝත්තර වශයෙන්) හෝ ඕළාරික-සුඛුම භේදය නොසැලකිය යුතුය. සියලු තන්හිම මෙම නයයි.
අපිච තං තං වා පන වෙදනං උපාදායුපාදාය වෙදනා ඔළාරිකසුඛුමා දට්ඨබ්බාති වචනතො අකුසලාදීසුපි ලොභසහගතාය දොසසහගතා වෙදනා අග්ගි විය අත්තනො නිස්සයදහනතො ඔළාරිකා, ලොභසහගතා සුඛුමා. දොසසහගතාපි නියතා ඔළාරිකා, අනියතා සුඛුමා. නියතාපි කප්පට්ඨිතිකා ඔළාරිකා, ඉතරා සුඛුමා. කප්පට්ඨිතිකාසුපි අසඞ්ඛාරිකා ඔළාරිකා, ඉතරා සුඛුමා. ලොභසහගතා පන දිට්ඨිසම්පයුත්තා ඔළාරිකා, ඉතරා සුඛුමා. සාපි නියතා කප්පට්ඨිතිකා අසඞ්ඛාරිකා ඔළාරිකා, ඉතරා සුඛුමා. අවිසෙසෙන ච අකුසලා බහුවිපාකා ඔළාරිකා, අප්පවිපාකා සුඛුමා. කුසලා පන අප්පවිපාකා ඔළාරිකා, බහුවිපාකා සුඛුමා.
තවද- “ඒ ඒ වේදනාව ඒ ඒ ආකාරයෙන් (වෙන් වෙන්ව) ගෙන ඕළාරික හෝ සූක්ෂ්ම වෙති’යි දතයුතුය”යි (තං තං වා පන වේදනං උපාදායූපාදාය වෙදනා ඔළාරික සුඛුමා දට්ඨබ්බා) යයි කී හෙයින් අකුසල වේදනාදිය අතුරෙන්ද ද්වේෂ සහගත වේදනාව ගිනි මෙන් තමා ඇසුරෙහි වූ දෙය (හෘදය පවා) දවන හෙයින් ලෝභසහගත වේදනාවට වඩා ඕළාරික වේ; ලෝභසහගත වේදනාව (ද්වේෂ සහගත වේදනාවට වඩා) සුඛුම වේ. ද්වේෂ සහගත වේදනාවන් අතුරෙනුදු නියත වේදනාව ඕළාරිකද අනියත වේදනාව සුඛුමද වේ; නියතයන් අතුරෙනුදු කල්පයක් විපාක දෙන (ද්වේෂ සහගත) වේදනාව ඕළාරික ද, අනෙක සුඛුමද වේ. ලෝභසහගත වේදනා විෂයෙහිද, දිට්ඨිසම්පයුත්ත වේදනාව ඕළාරිකද අනෙක (දිට්ඨිගත විප්පයුත්ත) සුඛුමද වේ. එයද නියත වූයේ, කප්පට්ඨිතික වූයේ, අසංඛාරික වූයේ, ඕළාරිකද එසේ නොවූයේ සුඛුමද වේ. අවිශේෂයෙන් ගතහොත්, බොහෝ විපාක සහිත අකුසල වේදනාව ඕළාරිකද, මඳවිපාක සහිත වේදනාව සුඛුමද වේ. කුසල වේදනාව වනාහි මඳවිපාක සහිත වූයේ ඕළාරිකද, බොහෝ විපාක සහිත වූයේ සුඛුමද වේ.
අපිච කාමාවචරකුසලා ඔළාරිකා. රූපාවචරා සුඛුමා. තතො අරූපාවචරා. තතො ලොකුත්තරා. කාමාවචරා දානමයා ඔළාරිකා. සීලමයා සුඛුමා. තතො භාවනාමයා. භාවනාමයාපි දුහෙතුකා ඔළාරිකා. තිහෙතුකා සුඛුමා. තිහෙතුකාපි සසඞ්ඛාරිකා ඔළාරිකා. අසඞ්ඛාරිකා සුඛුමා. රූපාවචරා ච පඨමජ්ඣානිකා ඔළාරිකා…පෙ… පඤ්චමජ්ඣානිකා සුඛුමා. අරූපාවචරා ච ආකාසානඤ්චායතනසම්පයුත්තා ඔළාරිකා…පෙ… නෙවසඤ්ඤානාසඤ්ඤායතනසම්පයුත්තා සුඛුමාව. ලොකුත්තරා ච සොතාපත්තිමග්ගසම්පයුත්තා ඔළාරිකා…පෙ… අරහත්තමග්ගසම්පයුත්තා සුඛුමාව. එස නයො තං තං භූමිවිපාකකිරියවෙදනාසු ච දුක්ඛාදිඅසමාපන්නාදිසාසවාදිවසෙන වුත්තවෙදනාසු ච.
තවද, කාමාවචර කුසල වේදනාව (රූපාවචරයට) වඩා ඕළාරිකද, රූපාවචර වේදනාව (කාමාවචරයට වඩා) සියුම් ද වේ, එයට වඩා අරූපාවචර වේදනාවද, එයටද වඩා ලෝකෝත්තර වේදනාවද සියුම් වේ. කාමාවචර කුසල වේදනාවන් අතුරෙන් දානමය වූයේ (ශීලමය වේදනාවට වඩා) ඕළාරික වේ. ශීලමය වූයේ එයට වඩා සියුම් වේ; භාවනාමය වූයේ එයටද වඩා සියුම් වේ. භාවනාමය කුසල වේදනාවන් අතුරෙන්ද ද්විහේතුක වූයේ ත්රිහේතුකයට වඩා ඕළාරිකද ත්‍රිහේතුක වූයේ වඩා සියුම්ද වේ. ත්‍රිහේතුක කුසල වේදනාවන් අතුරෙන්ද (අසංඛාරිකයට වඩා) සසංඛාරිකය ඕළාරිකද, (සසංඛාරිකයට වඩා) අසංඛාරිකය සියුම් වේ. රූපාවචර කුසල වේදනාවන් අතුරෙන්ද, ප්රථමධ්යානිකය (ද්විතීය ධ්යානිකයට වඩා) ඕළාරිකද -පෙ-පඤ්චමධ්යානිකය සියුම්ද වේ. අරූපාවචර කුසල වේදනාවන්ගෙනුදු ආකාසානඤ්චාතන සම්ප්‍රයුක්තය ඕළාරිකද -පෙ- නේවසඤ්ඤානාසඤ්ඤායතන සම්ප්‍රයුක්තය සියුම් ද වේ. ලෝකෝත්තර වේදනාවන් අතුරෙනුදු සෝතාපත්ති සම්ප්‍රයුක්තය -පෙ- ඕළාරිකද -පෙ- අරහත්ත මග්ග සම්ප්‍රයුක්තය සියුම් ද වේ. භූමි, විපාක, කිරිය යන වේදනාවන් විෂයෙහිද, දුඃඛාදී වශයෙන්, අසමාපන්නාදී වශයෙන් හා සාසවාදී වශයෙන් කියන ලද ඒ ඒ වේදනාවන් පිළිබඳ මෙම නයයි.
ඔකාසවසෙන චාපි නිරයෙ දුක්ඛා ඔළාරිකා. තිරච්ඡානයොනියං සුඛුමා…පෙ… පරනිම්මිතවසවත්තීසු සුඛුමාව. යථා ච දුක්ඛා, එවං සුඛාපි සබ්බත්ථ යථානුරූපං යොජෙතබ්බා. වත්ථුවසෙන චාපි හීනවත්ථුකා යා කාචි වෙදනා ඔළාරිකා, පණීතවත්ථුකා සුඛුමා.
අවකාශ වශයෙන්ද නිරයෙහි දුඃඛවේදනාව ඕළාරිකද, තිරිසන් යෝනියෙහි (දුඃඛ වේදනාව) එයට වඩා සියුම්ද -පෙ- පරනිර්මිත වශවර්තී ලෝකයෙහි (වේදනාව) සියුම් ද වේ. දුඃඛ වේදනාව මෙන්ම සුඛවේදනාවද සියලු තන්හි සුදුසු පරිදි යොදාගතයුතුය. රූපාදී වස්තු වශයෙන්ද, යම්කිසි වේදනාවක් හීන වස්තුවක් අරමුණු කොට ඇතිවේනම්, එය ඕළාරිකද, ප්‍රණීත වස්තුවක් අරමුණු කොට ඇති වේනම් එය සුඛුමද වේ.
හීනපණීතභෙදෙ යා ඔළාරිකා, සා හීනා. යා ච සුඛුමා, සා පණීතාති දට්ඨබ්බා.
හීන ප්‍රණීත භේදයෙහිලා යම්කිසිවක් ඕළාරික වේනම්, එය හීනයයිද යම්කිසිවක් සියුම් වේනම් එය ප්රණීතයයිද දතයුතුය.
දූරපදං පන “අකුසලා වෙදනා කුසලාබ්යාකතාහි වෙදනාහි දූරෙ”. සන්තිකෙපදං “අකුසලා වෙදනා අකුසලාය වෙදනාය සන්තිකෙ”තිආදිනා නයෙන විභඞ්ගෙ විභත්තං. තස්මා අකුසලා වෙදනා විසභාගතො, අසංසට්ඨතො, අසරික්ඛතො ච කුසලාබ්යාකතාහි දූරෙ, තථා කුසලාබ්යාකතා අකුසලාය. එස නයො සබ්බවාරෙසු. අකුසලා පන වෙදනා සභාගතො, සරික්ඛතො ච අකුසලාය සන්තිකෙති. ඉදං වෙදනාක්ඛන්ධස්ස අතීතාදිවිභාගෙ විත්ථාරකථාමුඛං. තංතංවෙදනාසම්පයුත්තානං පන සඤ්ඤාදීනම්පි එවමෙව වෙදිතබ්බං.
(ඉහත දක්වන ලද විභඞ්ගපාළි පාඨයෙහි) දූරෙ යන පදය වනාහි අකුසල වේදනාව කුසල-අව්‍යාකත වේදනාවන්ගෙන් දුරෙහි වෙතැ’යිද, සන්තිකෙ යන පදය අකුසල වේදනාව අකුසල වේදනාවෙන් නුදුරෙහි වෙතැයිද යන ආදී නයින් විභඞ්ගයෙහි බෙදා දක්වා ඇත. එහෙයින් අකුසල වේදනාව කුසල-අව්‍යාකත වේදනාවන්ගෙන් විසදෘශ වීම් වශයෙන්ද, නොගැලපීම් වශයෙන්ද, විෂම වීම් වශයෙන්ද දූරෙහි වේ. එසේම කුසල-අව්‍යාකත වේදනා දෙක අකුසල වේදනාවෙන් දූරෙහි වේ; සියලු තන්හි මෙම නයයි. අකුසල වේදනාව අකුසල වේදනාව සදෘශ වීම් වශයෙන්ද, ගැලපීම් වශයෙන්ද, සමවීම් වශයෙන්ද නුදුරෙහි වේ. මේ වේදනා ස්කන්ධයෙහි අතීතාදී විභාග පිළිබඳ විස්තර කථායි. වේදනාව හා සමග යෙදුණ ඒ ඒ විස්තරය සඤ්ඤා ආදි සෙසු ස්කන්ධයන් හා සමගද එසේම වෙතැ’යි දතයුතුය.