සඞ්ඛාරක්ඛන්ධකථා
සඞ්ඛාරක්ඛන්ධකථා
සංස්කාර ස්කන්ධය
යං පන වුත්තං “යංකිඤ්චි අභිසඞ්ඛරණලක්ඛණං, සබ්බං තං එකතො කත්වා සඞ්ඛාරක්ඛන්ධො වෙදිතබ්බො”ති, එත්ථ අභිසඞ්ඛරණලක්ඛණං නාම රාසිකරණලක්ඛණං. කිං පන තන්ති, සඞ්ඛාරායෙව. යථාහ – “සඞ්ඛතමභිසඞ්ඛරොන්තීති ඛො, භික්ඛවෙ, තස්මා සඞ්ඛාරාති වුච්චන්තී”ති (සං· නි· 3.79). තෙ අභිසඞ්ඛරණලක්ඛණා, ආයූහනරසා, විප්ඵාරපච්චුපට්ඨානා, සෙසඛන්ධත්තයපදට්ඨානා.
“අභිසංඛරණය (කුශලාකුශල කර්මයන් සාධනය කිරීම) ලක්ෂණ කොට ඇති යමක් ඇත්තේද, ඒ සියල්ල එක් කොට සංස්කාර ස්කන්ධයයි දතයුතුය’ යනුවෙන් ඉහත යමක් කියන ලද්දේ ද, එහි අභිසංඛරණ ලක්ඛණ නම් රැස්කිරීමේ ලක්ෂණයයි; ඒ කිමෙක්ද? සංස්කාරයෝමැයි; යම්සේ කියන ලදද, “මහණෙනි, සංඛතධර්මයන් සාධනය කෙරෙති’යි (රැස් කෙරෙති’ යි හෝ) ‘සංඛාර’ යයි කියනු ලැබේ එම සංඛාරයෝ අභිසංඛරණය ලක්ෂණ කොට ඇත්තාහ, ආයුහනය (එක්රැස් කොට ගැනීම) කෘත්‍ය කොට ඇත්තාහ. පැතිරීම වැටහීම ආකාරකොට ඇත්තාහ, සෙසු (නාම) ස්කන්ධ තුන පදනම් කොට ඇත්තාහ.
එවං ලක්ඛණාදිතො එකවිධාපි ච ජාතිවසෙන තිවිධා කුසලා, අකුසලා, අබ්යාකතාති . තෙසු කුසලවිඤ්ඤාණසම්පයුත්තා කුසලා. අකුසලසම්පයුත්තා අකුසලා. අබ්යාකතසම්පයුත්තා අබ්යාකතා.
මෙසේ ලක්ෂණාදියෙන් ඒකවිධ වන නමුදු ජාති වශයෙන් කුසලය, අකුසලය, අඛ්යාකතයයි ත්‍රිවිධ වේ. එහි කුසල විඤ්ඤාණයෙන් සම්ප්‍රයුක්ත වූයේ කුසලයි. අකුසල විඤ්ඤාණයෙන් සම්ප්‍රයුක්ත වූයේ අකුසලයි. අඛ්‍යාකත විඤ්ඤාණයෙන් යුක්ත වූයේ අඛ්‍යාකත සංඛාරයි.
තත්ථ කාමාවචරපඨමකුසලවිඤ්ඤාණසම්පයුත්තා තාව නියතා සරූපෙන ආගතා සත්තවීසති, යෙවාපනකා චත්තාරො, අනියතා පඤ්චාති ඡත්තිංස. තත්ථ ඵස්සො, චෙතනා, විතක්කො, විචාරො, පීති, වීරියං, ජීවිතං, සමාධි, සද්ධා, සති, හිරී, ඔත්තප්පං, අලොභො, අදොසො, අමොහො, කායපස්සද්ධි, චිත්තපස්සද්ධි, කායලහුතා, චිත්තලහුතා, කායමුදුතා, චිත්තමුදුතා, කායකම්මඤ්ඤතා, චිත්තකම්මඤ්ඤතා, කායපාගුඤ්ඤතා, චිත්තපාගුඤ්ඤතා, කායුජුකතා, චිත්තුජුකතාති ඉමෙ සරූපෙන ආගතා සත්තවීසති (ධ· ස· 1; ධ· ස· අට්ඨ· 1 යෙවාපනකවණ්ණනා). ඡන්දො, අධිමොක්ඛො, මනසිකාරො, තත්රමජ්ඣත්තතාති ඉමෙ යෙවාපනකා චත්තාරො (ධ· ස· අට්ඨ· 1 යෙවාපනකවණ්ණනා). කරුණා, මුදිතා, කායදුච්චරිතවිරති, වචීදුච්චරිතවිරති, මිච්ඡාජීවවිරතීති ඉමෙ අනියතා පඤ්ච. එතෙ හි කදාචි උප්පජ්ජන්ති, උප්පජ්ජමානාපි ච න එකතො උප්පජ්ජන්ති.
එහි පළමුකොට කාමාවචර ප්‍රථම කුසල විඤ්ඤාණයෙන් යුක්ත වූ, ඒකාන්ත වශයෙන් කියන ලද ස්වරූපයෙන් (පෙළෙහි) ආ (ඵස්ස ආදී) සංඛාරයන් සත්විස්සක්ද, ‘යේවාපනක’ යන නමින් (නියත වශයෙන් හෝ අනියත වශයෙන් නො-ආ) හැඳින්වෙන සතරක්ද, අනියත වශයෙන් ආ පසක්දැයි සංඛාරයෝ සතිසක් වෙති. එහි ඵස්සය, චේතනාය, විතක්කය, විචාරය, පීතිය, විරියය, ජීවිතය, සමාධිය, සද්ධාය, සතිය, හිරිය, ඔත්තප්පය, අලෝභය, අදෝසය, අමෝහය, කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය, කාය ලහුතාය, චිත්ත ලහුතාය, කාය මුදුතාය, චිත්තමුදුතාය, කාය කම්මඤ්ඤතාය, චිත්ත කම්මඤ්ඤතාය, කායපාගුඤ්ඤතාය, චිත්තපාගුඤ්ඤතාය. කායුජ්ජුකතාය, චිත්තුජ්ජුකතාය යන මොහු නියත ස්වරූපයෙන් (පෙළෙහි) ආ සත්විස්සයි, ඡන්දය. අධිමොක්ඛය, මනසිකාරය, තත්රමජ්ඣත්තතාය යන සතර යේවාපනකයි, කරුණාය, මුදිතාය, කායදුච්චරිතවිරතිය, වචීදුච්චරිත විරතිය, මිච්ඡාජීව විරිතිය යන මොහු අනියත පසයි. මේ අනියත සංඛාර පස ඇතැම් විටෙක උපදියි, එහෙත් (එක්ම චිත්තයෙහි) එකවිට නො-උපදියි.
තත්ථ ඵුසතීති ඵස්සො. ස්වායං ඵුසනලක්ඛණො. සඞ්ඝට්ටනරසො, සන්නිපාතපච්චුපට්ඨානො, ආපාථගතවිසයපදට්ඨානො. අයඤ්හි අරූපධම්මොපි සමානො ආරම්මණෙ ඵුසනාකාරෙනෙව පවත්තති. එකදෙසෙන ච අනල්ලියමානොපි රූපං විය චක්ඛු, සද්දො විය ච සොතං චිත්තං ආරම්මණඤ්ච සඞ්ඝට්ටෙති, තිකසන්නිපාතසඞ්ඛාතස්ස අත්තනො කාරණස්ස වසෙන පවෙදිතත්තා සන්නිපාතපච්චුපට්ඨානො. තජ්ජාසමන්නාහාරෙන චෙව ඉන්ද්රියෙන ච පරික්ඛතෙ විසයෙ අනන්තරායෙනෙව උප්පජ්ජනතො ආපාථගතවිසයපදට්ඨානොති වුච්චති. වෙදනාධිට්ඨානභාවතො පන නිච්චම්මගාවී (සං· නි· 2.63) විය දට්ඨබ්බො.
එහි, ඵස්ස යනු, (ඵුසතී’ති ඵස්සො) ස්පර්ශ කෙරෙති’යි ඵස්ස නමි, එය ස්පර්ශ කිරීම ලක්ෂණ කොට ඇත්තේය, අරමුණ හා ගැටීම කෘත්‍ය කොට ඇත්තේය, (වස්තු, ආරම්මණ, විඤ්ඤාණ යන තුනෙහි) එක්රැස්වීම වැටහීම්කොට ඇත්තේය, ආපාථයට (හමුවට) පැමිණි විෂයය පදට්ඨාන (පදනම්) කොට ඇත්තේය. මේ ස්පර්ශය අරූපධර්මයක් වූයේම, අරමුණෙහි වැදගන්නා ආකාරයෙන්ම (ගෑවෙන්නා සේ) පවතී. ඒකදේශයකින් හෝ ගෑවීමක් නොවෙතත්, ඇස හා රූපය මෙන්ද, කණ හා ශබ්දය මෙන්ද, සිත හා අරමුණ එකිනෙක ගැටෙයි, (වස්තු ආලම්බන. විඤ්ඤාණ යන) තුනෙහි එක්වීම ඵස්සයට හේතු වශයෙන් දක්වන ලද හෙයින්, එම හේතු තුනෙහි එක්රැස්වීම පච්චුපට්ඨාන (වැටහීම්) කොට ඇත්තේය; එයට අනුරූප වූ ආවර්ජන චිත්තයෙන් හා ඉන්ද්රියයෙන් සකස් කරන ලද විෂයයෙහි බාධාරහිතව උපදනා හෙයින් (ආපාථගත විසයපදට්ඨාන) හමුවට පත් අරමුණු පදට්ඨාන (පදනම්) කොට ඇත්තේයයි කියනු ලැබේ. වේදනාවට ආධාරවන බැවින් සම ගසන ලද ගවදෙනක වැනියයි දතයුතුය.
චෙතයතීති චෙතනා. අභිසන්දහතීති අත්ථො. සා චෙතනාභාවලක්ඛණා, ආයූහනරසා, සංවිදහනපච්චුපට්ඨානා සකිච්චපරකිච්චසාධිකා ජෙට්ඨසිස්සමහාවඩ්ඪකීආදයො විය. අච්චායිකකම්මානුස්සරණාදීසු ච පනායං සම්පයුත්තානං උස්සහනභාවෙන පවත්තමානා පාකටා හොති.
චේතනා - සිතනු ලැබෙති’යි චේතනානම් වේ. “සම්ප්‍රයුක්ත ධර්මයන් මෙහෙයවති”යි යන අර්‍ත්‍ථයි. එම චේතනා ස්වභාවය ලක්ෂණ කොට ඇත්තේය, එක්රැස්වීම කෘත්‍ය කොට ඇත්තේය, සංවිධානය වැටහීම් ආකාර කොට ඇත්තේය. තමා සතු කාර්යය කරමින්ම අන්‍යයන්ද ඔවුන් සතු කාර්යයෙහි යොදවන දෙටුසිසු, ඇඳුරු වඩු ආදීන් සෙයිනි. අත්‍යවශ්‍ය කාර්යයන් සිහිගැන්වීම් ආදියෙහිද මෙය (චේතනාව) සම්ප්‍රයුක්ත ධර්මයන් උත්සාහවත් කරන ස්වභාවයෙන් පවතිමින් ප්‍රකට වෙයි.
විතක්කවිචාරපීතීසු යං වත්තබ්බං සියා, තං සබ්බං පථවීකසිණනිද්දෙසෙ පඨමජ්ඣානවණ්ණනායං (විසුද්ධි· 1.71) වුත්තමෙව.
විතක්ක-විචාර-පීති යන මෙහි කිවයුතු යමක් ඇත්ද, ඒ සියල්ල පඨවිකසිණ නිද්දේසයෙහි ප්‍රථම ධ්‍යාන විස්තරයෙහිදී කියන ලද්දේමය.
වීරභාවො වීරියං. තං උස්සහනලක්ඛණං, සහජාතානං උපත්ථම්භනරසං, අසංසීදනභාවපච්චුපට්ඨානං. “සංවිග්ගො යොනිසො පදහතී”ති (අ· නි· 4.113) වචනතො සංවෙගපදට්ඨානං, වීරියාරම්භවත්ථුපදට්ඨානං වා, සම්මා ආරද්ධං සබ්බසම්පත්තීනං මූලං හොතීති දට්ඨබ්බං.
විරිය - නම් වීරභාවය (වීර්යය) යි. එය උත්සාහවත් කිරීම ලක්ෂණ කොට ඇත්තේය, සහජාත ධර්මයනට උපස්තම්භ වීම කෘත්‍ය කොට ඇත්තේය, අනලස් බව වැටහීම් කාරණ කොට ඇත්තේය. ‘සංවේගයට පත් වූයේ නුවණින් පධන් (වීර්ය) වඩයි’ යන වදන් අනුව සංවේගය පදට්ඨාන (පදනම්) කොට ඇත්තේය, වීර්යාරම්භක වස්තුව හෝ පදට්ඨාන කොට ඇත්තේය; මනාකොට අරඹන ලද්දේ සියලු සැපතට මුල් වෙති’යි දතයුතුය.
ජීවන්ති තෙන, සයං වා ජීවති, ජීවනමත්තමෙව වා තන්ති ජීවිතං. ලක්ඛණාදීනි පනස්ස රූපජීවිතෙ වුත්තනයෙනෙව වෙදිතබ්බානි. තඤ්හි රූපධම්මානං ජීවිතං, ඉදං අරූපධම්මානන්ති ඉදමෙවෙත්ථ නානාකරණං.
ජීවිත - මෙය කරණ කොට ජීවත් වෙති’යි, තමාම ජිවත් වෙති’යි හෝ හුදෙක් ජීවත්වීමම හෝ ජීවිතයි. මෙහි ලක්ෂණ ආදිය රූපස්කන්ධ විභාගයෙහිදී ජීවිතින්‍ද්‍රියය පිළිබඳව කීනයින්ම දතයුතුය, එය රූප ධර්මයන් පිළිබඳ ජීවිතයයි, මෙය වූ කලි අරූපධර්මයන් පිළිබඳ ජීවිතයයි. මේ දෙකෙහි වෙනස එයමයි.
ආරම්මණෙ චිත්තං සමං ආධියති, සම්මා වා ආධියති, සමාධානමත්තමෙව වා එතං චිත්තස්සාති සමාධි. සො අවිසාරලක්ඛණො, අවික්ඛෙපලක්ඛණො වා, සහජාතානං සම්පිණ්ඩනරසො න්හානියචුණ්ණානං උදකං විය, උපසමපච්චුපට්ඨානො, විසෙසතො සුඛපදට්ඨානො, නිවාතෙ දීපච්චීනං ඨිති විය චෙතසො ඨිතීති දට්ඨබ්බො.
සමාධි - සිත සමසේ පිහිටුවනු ලැබෙති’යි, මනාකොට පිහිටුවනු ලැබෙති’ යි හෝ හුදෙක් මැනවින් දැරීමම හෝ සමාධියයි. එය නොවිසිර සිටීම, නිරවුල්ව පැවතීම හෝ ලක්ෂණ කොට ඇත්තේය, සහජාත ධර්මයන් පිඬු කොට තබා ගැනිම කෘත්‍ය කොට ඇත්තේය නහන විට ඇඟ ගල්වන සුණු ජලය මුසුවූ කල එක්ව බැඳී සිටින්නා සේය. (ප්රතිපක්ෂ ධර්මයන්ගේ) උපශාන්ත භාවය වැටහීම් කොට ඇත්තේය. සුඛ වේදනාව පදනම් කොට ඇත්තේය. සුළං මුවාවෙක්හි පහන් සිළුවෙක මෙන් සිතෙහි නිසලබවය’යි දතයුතුය.
සද්දහන්ති එතාය, සයං වා සද්දහති, සද්දහනමත්තමෙව වා එසාති සද්ධා. සා සද්දහනලක්ඛණා, ඔකප්පනලක්ඛණා වා, පසාදනරසා උදකප්පසාදකමණි විය, පක්ඛන්දනරසා වා ඔඝුත්තරණො විය. අකාලුස්සියපච්චුපට්ඨානා, අධිමුත්තිපච්චුපට්ඨානා වා, සද්ධෙය්යවත්ථුපදට්ඨානා, සද්ධම්මස්සවනාදිසොතාපත්තියඞ්ග(දී· නි· 3.311; සං· නි· 5.1001) පදට්ඨානා වා, හත්ථවිත්තබීජානි විය දට්ඨබ්බා.
සද්ධා - මෙය කරණ කොට අදහති’යි, ඇදහීම සිදුවෙති’යි හෝ හුදෙක් ඇදහීමම හෝ සද්ධායි. එය ඇදහීම ලක්‍ෂණකොට ඇත්තේය, අරමුණට පිවිසීම හෝ ලක්‍ෂණකොට ඇත්තේය, පැහැදවීම කෘත්‍ය කොට ඇත්තේය, ජලය පහදවන මැණිකක් සෙයිනි; සැඩ පහරෙක වේගයෙන් එතෙර වීම මෙන් අරමුණට වැදගැනීම හෝ කෘත්‍ය කොට ඇත්තේය, නිර්මලභාවය වැටහීම් කොට ඇත්තේය. අධිෂ්ඨානය හෝ වැටහීම් කොට ඇත්තේය. ඇදහීමට සුදුසු වස්ත්රාත් පදනම් කොට ඇත්තේය. සද්ධර්මශ්රවණාදී වූ ශ්‍රෝතාපත්ති අංගයන් හෝ පදනම්කොට ඇත්තේය. අතපත් වස්තු බීජයන් සෙයින් දැක්ක යුතුය.
සරන්ති තාය, සයං වා සරති සරණමත්තමෙව වා එසාති සති. සා අපිලාපනලක්ඛණා, අසම්මොසරසා, ආරක්ඛපච්චුපට්ඨානා, විසයාභිමුඛභාවපච්චුපට්ඨානා වා, ථිරසඤ්ඤාපදට්ඨානා, කායාදිසතිපට්ඨානපදට්ඨානා වා. ආරම්මණෙ දළ්හපතිට්ඨිතත්තා පන එසිකා විය, චක්ඛුද්වාරාදිරක්ඛණතො දොවාරිකො විය ච දට්ඨබ්බා.
සති - එය කරණ කොට සමරති’යි සැමරීම වෙති’යි හෝ හුදෙක් සැමරීමම හෝ සති නමි, එය අරමුණෙහි නො-ඉල්පෙන බව ලක්‍ෂණකොට ඇත්තේය, මුළා නොවීම කෘත්‍ය කොට ඇත්තේය, රැකවරණ සහිත බව වැටහීම් කොට ඇත්තේය. අරමුණට යොමු බව හෝ වැටහීම් කොට ඇත්තේය. ස්ථිර සංඥාව පදට්ඨාන කොට ඇත්තේය. කායාදී සතිපට්ඨාන විෂයයන් හෝ පදට්ඨාන කොට ඇත්තේය. අරමුණෙහි දැඩිව පිහිටි හෙයින් ඒසිකා ස්තම්භයක් (ඉන්ද්‍රඛීලයක්) සෙයින් චක්ෂුරාදිය රක්නා හෙයින් දොරටුපල්ලකු සේ දැක්ක යුතුය.
කායදුච්චරිතාදීහි හිරියතීති හිරී. ලජ්ජායෙතං අධිවචනං. තෙහියෙව ඔත්තප්පතීති ඔත්තප්පං. පාපතො උබ්බෙගස්සෙතං අධිවචනං. තත්ථ පාපතො ජිගුච්ඡනලක්ඛණා හිරී. උත්තාසනලක්ඛණං ඔත්තප්පං. ලජ්ජාකාරෙන පාපානං අකරණරසා හිරී. උත්තාසාකාරෙන ඔත්තප්පං. වුත්තප්පකාරෙනෙව ච පාපතො සඞ්කොචනපච්චුපට්ඨානා එතා, අත්තගාරවපරගාරවපදට්ඨානා. අත්තානං ගරුං කත්වා හිරියා පාපං ජහාති කුලවධූ විය. පරං ගරුං කත්වා ඔත්තප්පෙන පාපං ජහාති වෙසියා විය. ඉමෙ ච පන ද්වෙ ධම්මා ලොකපාලකාති (අ· නි· 2.9) දට්ඨබ්බා.
හිරිඔත්තප්ප - කායදුශ්චරිතාදියෙන් හැකිලෙති’යි (පිළිකුල් කෙරෙති’ය) හිරි නමි. මෙය ලජ්ජාව හඟවන වචනයෙකි. එම කායදුශ්චරිතාදියෙන් තැති ගනිති’යි ඔත්තප්ප නමි. පවින් තැතිගැනීම හඟවන වදනෙකි. හිරි යනු ලජ්ජාකාරයෙන් පවින් වැලකීමයි. තැතිගැනීම ආකාරයෙන් පවින් වැලකීම ඔත්තප්පයි. එහි පව් පිළිකුල් කිරීම ලක්‍ෂණකොට ඇත්තේ හිරියි, පවින් තැති ගැනීම ලක්ෂණ කොට ඇත්තේ ඔත්තප්පයි. ලජ්ජාකාරයෙන් පව් නොකිරීම කෘත්‍ය කොට ඇත්තේ හිරියි. තැතිගැනිම් ආකාරයෙන් පව් නොකිරීම කෘත්‍ය කොට ඇත්තේ ඔත්තප්පයි. මේ හිරිඔතප් දෙක කියන ලද ප්‍රකාරයෙන්ම පවින් වැළකීම වැටහීම් කොට ඇත්තේය. (පිළිවෙළින්) ආත්ම ගෞරවය හා පරගෞරවය පදනම් කොට ඇත්තේය. තමා කෙරෙහි ගෞරවයෙන් කුලකාන්තාවක සේ ලජ්ජාව හේතුකොට පව් හැර දමයි; මෙරමා කෙරෙහි ගෞරවයෙන් වෙසඟනක සේ ඔතප්ප හේතුකොට පවින් වලකියි. තවද මේ හිරිඔතප් දෙක ලෝකපාලක ධර්මයයිද දතයුතුය.
න ලුබ්භන්ති තෙන, සයං වා න ලුබ්භති, අලුබ්භනමත්තමෙව වා තන්ති අලොභො. අදොසාමොහෙසුපි එසෙව නයො. තෙසු අලොභො ආරම්මණෙ චිත්තස්ස අගෙධලක්ඛණො, අලග්ගභාවලක්ඛණො වා කමලදලෙ ජලබින්දු විය. අපරිග්ගහරසො මුත්තභික්ඛු විය, අනල්ලීනභාවපච්චුපට්ඨානො අසුචිම්හි පතිතපුරිසො විය.
අලෝභ අදෝස අමෝහ - එය හේතුකොට ලෝභ නොකෙරෙති’යි, තෙමේම ලෝභ නොකෙරෙති’යි හෝ හුදෙක් ලෝභ නොකිරීමම අලෝභ නමි. අදෝස, අමෝහ යන තන්හිද මෙම නයයි; ඔවුනතුරෙන් අලෝභය අරමුණෙහි සිත ගිජු නොවීම ලක්ෂණ කොට ඇත්තේය. පියුම් පතෙහි දිය බිඳු සෙයින් නොලැඟීම ලක්‍ෂණකොට ඇත්තේය, කෙලෙසුන් කෙරෙන් මිදුණු භික්ෂුවක් සෙයින් අපරිග්‍රහය (නො-ඇලීම) කෘත්‍යකොට ඇත්තේය. අසූචියෙහි වැටුණු පුරුෂයකු මෙන් නො-ඇලෙන බව වැටහීම් කොට ඇත්තේය,
අදොසො අචණ්ඩික්කලක්ඛණො, අවිරොධලක්ඛණො වා අනුකූලමිත්තො විය, ආඝාතවිනයරසො, පරිළාහවිනයරසො වා චන්දනං විය, සොම්මභාවපච්චුපට්ඨානො පුණ්ණචන්දො විය.
අදෝසය නොසැඩබව ලක්‍ෂණකොට ඇත්තේය, අනුකූල (සමාන පැවතුම් ඇති) මිතුරකු සෙයින් නො-පටහැනි බව හෝ ලක්ෂණ කොට ඇත්තේය, ව්‍යාපාද පීඩා දුරුකිරීම කෘත්‍ය කොට ඇත්තේය. සඳුනක් සෙයින් (වෛර) පරිදාහ දුරුකිරීම හෝ කෘත්‍ය කොට ඇත්තේය. පුන්සඳෙහි සෙයින් සෞම්‍ය ගුණය වැටහීම් කොට ඇත්තේය.
අමොහො යථාසභාවපටිවෙධලක්ඛණො, අක්ඛලිතපටිවෙධලක්ඛණො වා කුසලිස්සාසඛිත්තඋසුපටිවෙධො විය, විසයොභාසනරසො පදීපො විය. අසම්මොහපච්චුපට්ඨානො අරඤ්ඤගතසුදෙසකො විය. තයොපි චෙතෙ සබ්බකුසලානං මූලභූතාති දට්ඨබ්බා.
අමෝහය ඇති තතු වැටහීම ලක්ෂණ කොට ඇත්තේය. හුරුපුරුදු දුනුවායකු විදි හී සරයක් සෙයින් නොපැකිල වහා අවබෝධ වීම හෝ ලක්‍ෂණකොට ඇත්තේය; පහනක් සෙයින් අරමුණ හෙළිපෙහෙළි කිරීම කෘත්‍ය කොට ඇත්තේය, වනයෙහිදී යහපත් නියමුවකු මෙන් මුළා නොකිරිම වැටහීම් කොට ඇත්තේය; මේ (අලෝභ, අද්වේෂ, අමෝහ යන) තුන සියලු කුසලයට මුල් වෙති’යි දතයුතුය.
කායස්ස පස්සම්භනං කායපස්සද්ධි. චිත්තස්ස පස්සම්භනං චිත්තපස්සද්ධි. කායොති චෙත්ථ වෙදනාදයො තයො ඛන්ධා. උභොපි පනෙතා එකතො කත්වා කායචිත්තදරථවූපසමලක්ඛණා කායචිත්තපස්සද්ධියො, කායචිත්තදරථනිමද්දනරසා, කායචිත්තානං අපරිප්ඵන්දනසීතිභාවපච්චුපට්ඨානා, කායචිත්තපදට්ඨානා. කායචිත්තානං අවූපසමකරඋද්ධච්චාදිකිලෙසපටිපක්ඛභූතාති දට්ඨබ්බා.
කායපස්සද්ධි, චිත්තපස්සද්ධි - කායපස්සද්ධි යනු, කය පිළිබඳව ඇතිවන ක්ලේශ පරිදාහ දුරලීමයි, චිත්තපස්සද්ධි යනු, සිත පිළිබඳ පරිදාහය දුරලීමයි, මෙහි ‘කාය’ යනුවෙන් වේදනාව ආදි කොට ඇති ස්කන්‍ධත්‍රයය ගැනේ, මේ කාය පස්සද්ධිය හා චිත්ත පස්සද්ධිය යන දෙකම එක් කොට (කියතොත්) කාය-චිත්ත පරිදාහයන් සන්සිඳුවීම ලක්ෂණ කොට ඇත්තේය. කාය-චිත්ත පරිදාහයන් මැඩීම කෘත්‍ය කොට ඇත්තේය. කය-සිත දෙකෙහි නිසසලබව, සිහිල්බව වැටහීම් කොට ඇත්තේය, කය-සිත දෙක පදනම් කොට ඇත්තේය. කය-සිත දෙකෙහි නොසන්සුන් බව ඇති කරන උද්ධච්ච ආදී කෙලෙසුනට ප්රතිපක්ෂයහ’යි දතයුතුය.
කායස්ස ලහුභාවො කායලහුතා. චිත්තස්ස ලහුභාවො චිත්තලහුතා. තා කායචිත්තගරුභාවවූපසමලක්ඛණා, කායචිත්තගරුභාවනිමද්දනරසා, කායචිත්තානං අදන්ධතාපච්චුපට්ඨානා, කායචිත්තපදට්ඨානා. කායචිත්තානං ගරුභාවකරථිනමිද්ධාදිකිලෙසපටිපක්ඛභූතාති දට්ඨබ්බා.
කායලහුතා, චිත්තලහුතා - කායලහුතා යනු කය පිළිබඳ සැහැල්ලු බවයි. චිත්තලහුතා යනු, සිතෙහි සැහැල්ලු බවයි. ඒ දෙක (පිළිවෙලින්) කය-සිත යන දෙකෙහි බර මුදා හැරීම ලක්‍ෂණකොට ඇත්තේය, කය-සිත යන දෙකෙහි බර බව මැඩීම කෘත්‍ය කොට ඇත්තේය, කය-සිත යන දෙකෙහි නොලැසිබව වැටහීම්කොට ඇත්තේය, කය-සිත දෙක පදනම් කොට ඇත්තේය. කය-සිත දෙක්හි බරබව ඇති කරන ථිනමිද්ධ ආදී කෙලෙසුනට ප්රතිපක්ෂයහයි දතයුතුය.
කායස්ස මුදුභාවො කායමුදුතා. චිත්තස්ස මුදුභාවො චිත්තමුදුතා. තා කායචිත්තත්ථම්භවූපසමලක්ඛණා , කායචිත්තථද්ධභාවනිමද්දනරසා, අප්පටිඝාතපච්චුපට්ඨානා, කායචිත්තපදට්ඨානා. කායචිත්තානං ථද්ධභාවකරදිට්ඨිමානාදිකිලෙසපටිපක්ඛභූතාති දට්ඨබ්බා.
කායමුදුතා, චිත්තමුදුතා - කායමුදුතා යනු කය පිළිබඳ මුදුබවයි, චිත්ත මුදුතා යනු සිත පිළිබඳ මුදු බවයි. ඒ දෙක (පිළිවෙළින්) කය සිත දෙකෙහි දැඩිබව ශමනය කිරීම ලක්ෂණ කොට ඇත්තේය. කය-සිත යන දෙකෙහි තදබව මැඩීම කෘත්‍යකොට ඇත්තේය, (අරමුණෙහි) නොගැටීම වැටහීම් කොට ඇත්තේය. කය-සිත යන දෙක පදට්ඨාන කොට ඇත්තේය. කය-සිත යන දෙකෙහි දරදඬු බව ඇති කරන දිට්ඨි, මාන ආදී කෙලෙසුනට ප්රතිපක්ෂයහ’යි දතයුතුය.
කායස්ස කම්මඤ්ඤභාවො කායකම්මඤ්ඤතා. චිත්තස්ස කම්මඤ්ඤභාවො චිත්තකම්මඤ්ඤතා. තා කායචිත්තාකම්මඤ්ඤභාවවූපසමලක්ඛණා, කායචිත්තාකම්මඤ්ඤභාවනිමද්දනරසා, කායචිත්තානං ආරම්මණකරණසම්පත්තිපච්චුපට්ඨානා, කායචිත්තපදට්ඨානා. කායචිත්තානං අකම්මඤ්ඤභාවකරාවසෙසනීවරණාදිපටිපක්ඛභූතා, පසාදනීයවත්ථූසු පසාදාවහා, හිතකිරියාසු විනියොගක්ඛමභාවාවහා සුවණ්ණවිසුද්ධි වියාති දට්ඨබ්බා.
කායකම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා කාය කම්මඤ්ඤතා යනු, කය පිළිබඳ කර්මණ්‍යතාව (හුරුබුහුටි බව) යි, චිත්ත කම්මඤ්ඤතා යනු සිත පිළිබඳ කර්මණ්යතාවයි, ඒ දෙක (පිළිවෙලින්) කය-සිත යන දෙකෙහි අකර්මණ්‍යභාවය මැඩීම කෘත්‍ය කොට ඇත්තේය, කය-සිත දෙක පිළිබඳ අරමුණු ගැනීමේ සපල බව වැටහීම් කොට ඇත්තේය. කය-සිත යන දෙක පදනම් කොට ඇත්තේය. කය-සිත යන දෙක අකර්මණ්‍ය භාවයට පත් කරන සෙසු (කාමච්ඡන්ද ආදී) නීවරණාදියට ප්රතිපක්ෂය’යි දතයුතුය. තවද ප්‍රසාදනීය වස්තූන් කෙරෙහි ප්‍රසාදය එළවති’යිද ස්වර්ණ විශුද්ධිය මෙන් හිත වැඩෙහි යෙදිමට සමත් බව එළවති’යිද, දතයුතුය.
කායස්ස පාගුඤ්ඤභාවො කායපාගුඤ්ඤතා. චිත්තස්ස පාගුඤ්ඤභාවො චිත්තපාගුඤ්ඤතා. තා කායචිත්තානං අගෙලඤ්ඤභාවලක්ඛණා, කායචිත්තගෙලඤ්ඤනිමද්දනරසා, නිරාදීනවපච්චුපට්ඨානා, කායචිත්තපදට්ඨානා. කායචිත්තානං ගෙලඤ්ඤකරඅසද්ධියාදිපටිපක්ඛභූතාති දට්ඨබ්බා.
කාය පාගුඤ්ඤතා-චිත්ත පාගුඤ්ඤතා - කායපාගුඤ්ඤතා යනු කය පිළිබඳ ප්රාගුණ්යය (හුරුපුරුදු බව) යි, චිත්ත පාගුඤ්ඤතා නම් සිත පිළිබඳ ප්රාගුණ්යයයි. ඒ දෙක (පිළිවෙළින්) කය හා සිත පිළිබඳ නො-ගිලන් බව ලක්ෂණ කොට ඇත්තේය, කය-සිත පිළිබඳ ගිලන් බව මැඩීම කෘත්‍ය කොට ඇත්තේය. ආදීනව රහිත බව වැටහීම් කොට ඇත්තේය. කය-සිත දෙක පදනම් කොට ඇත්තේය. කය-සිත යන දෙක ගිලන් බවට පත් කරන සැදැහැ නැතිබව ආදියට ප්රතිපක්ෂයහ’යි දතයුතුය.
කායස්ස උජුකභාවො කායුජුකතා. චිත්තස්ස උජුකභාවො චිත්තුජුකතා. තා කායචිත්තඅජ්ජවලක්ඛණා, කායචිත්තකුටිලභාවනිමද්දනරසා, අජිම්හතාපච්චුපට්ඨානා, කායචිත්තපදට්ඨානා. කායචිත්තානං කුටිලභාවකරමායාසාඨෙය්යාදිපටිපක්ඛභූතාති දට්ඨබ්බා.
කායුජ්ජුකතා, චිත්තුජ්ජුකතා - කායුජ්ජුකතා යනු කය පිළිබඳ ඍජුභාවයයි. චිත්තුජ්ජුකතා යනු සිත පිළිබඳ සෘජුභාවයයි. ඒ දෙක කය සිත යන දෙකෙහි සෘජුභාවය ලක්ෂණ කොට ඇත්තේය. කය සිත යන දෙකෙහි කුටිල බව මැඩීම කෘත්‍ය කොට ඇත්තේය. අවංක බව වැටහීම් කොට ඇත්තේය. (පිළිවෙළින්) කය සිත යන දෙක පදනම් කොට ඇත්තේය. කය සිත දෙකෙහි වංක භාවය ඇති කරන මායාකාර බව කපටිබව ආදියට ප්රතිපක්ෂයහයි දතයුතුය.
ඡන්දොති කත්තුකාමතායෙතං අධිවචනං. තස්මා සො කත්තුකාමතාලක්ඛණො ඡන්දො, ආරම්මණපරියෙසනරසො, ආරම්මණෙන අත්ථිකතාපච්චුපට්ඨානො, තදෙවස්ස පදට්ඨානං. ආරම්මණග්ගහණෙ අයං චෙතසො හත්ථප්පසාරණං විය දට්ඨබ්බො.
ඡන්ද - යන මෙය කත්තුකාමතාවට (අරමුණෙහි සිත යොදනු කැමැති බවට) අධිවචනයෙකි. එහෙයින් එය කත්තුකාමතාව ලක්ෂණ කොට ඇත්තේය. ඡන්දය අරමුණු සෙවීම කෘත්‍ය කොට ඇත්තේය. අරමුණු කැමැති බව වැටහීම් කොට ඇත්තේය. එයම පදනම් කොට ඇත්තේය. මෙය අරමුණු ගැනීමෙහිදී සිතට අත දිගු කිරීමක් බඳුයයි දත යුතුය.
අධිමුච්චනං අධිමොක්ඛො. සො සන්නිට්ඨානලක්ඛණො, අසංසප්පනරසො, නිච්ඡයපච්චුපට්ඨානො, සන්නිට්ඨෙය්යධම්මපදට්ඨානො, ආරම්මණෙ නිච්චලභාවෙන ඉන්දඛීලො විය දට්ඨබ්බො.
අධිමොක්ඛ - යනු, නිශ්චය කිරීමයි, එය සනිටුහන් කිරීම ලක්‍ෂණකොට ඇත්තේය, අසංසප්පනය (ඒ මේ අත නොවැනීම) කෘත්‍ය කොට ඇත්තේය. නිශ්චය සහිත බව වැටහීම් කොට ඇත්තේය. සනිටුහන් කළයුතු ධර්මය පදනම්කොට ඇත්තේය. අරමුණෙහි නිශ්චලව පිහිටීම හේතුකොට ගෙන ඉන්ද්‍රඛීලයක් මෙනැයි දතයුතුය.
කිරියා කාරො. මනම්හි කාරො මනසිකාරො. පුරිමමනතො විසදිසමනං කරොතීතිපි මනසිකාරො. ස්වායං ආරම්මණපටිපාදකො, වීථිපටිපාදකො, ජවනපටිපාදකොති තිප්පකාරො.
මනසිකාර - ‘කාර’ යනු ක්‍රියායි, මනසෙහි ක්‍රියාව මනසිකාරයි. පළමු මනසට වෙනස් වූ මනසක් ඇති කෙරෙති’යිද මනසිකාර නමි. ඒ මේ මනසිකාරය ආරම්මණ ප්රතිපාදකය, වීථිප්රතිපාදකය, ජවන ප්රතිපාදකයයි තුන් ආකාර වේ.
තත්ථ ආරම්මණපටිපාදකො මනම්හි කාරොති මනසිකාරො. සො සාරණලක්ඛණො, සම්පයුත්තානං ආරම්මණෙ සංයොජනරසො, ආරම්මණාභිමුඛභාවපච්චුපට්ඨානො, ආරම්මණපදට්ඨානො. සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො, ආරම්මණපටිපාදකත්තෙන සම්පයුත්තානං සාරථි විය දට්ඨබ්බො. වීථිපටිපාදකොති පන පඤ්චද්වාරාවජ්ජනස්සෙතං අධිවචනං. ජවනපටිපාදකොති මනොද්වාරාවජ්ජනස්සෙතං අධිවචනං. න තෙ ඉධ අධිප්පෙතා.
ආරම්මණ ප්‍රතිපාදක වූ මනසෙහි ක්‍රියාව මෙහිලා මනසිකාර නමි. එය අරමුණට අභිමුඛව හැසිරවීම ලක්‍ෂණකොට ඇත්තේය. සම්ප්‍රයුක්ත ධර්මයන් අරමුණෙහි යෙදවීම කෘත්‍ය කොට ඇත්තේය. අරමුණට අභිමුඛ වීම වැටහීම් කොට ඇත්තේය, අරමුණ පදනම් කොට ඇත්තේ සංස්කාර ස්කන්ධය බවට පත් මනසිකාරය අරමුණ ප්රතිපාදනය කිරීමෙන් සම්ප්‍රයුක්ත ධර්මයනට නියමුවකු බඳුයයි දතයුතුය. (මෙහි සඳහන්) වීථි ප්‍රතිපාදක මනසිකාර යන පංචද්වාරාවජ්ජන චිත්තයට අධිවචනයෙකි, ජවන ප්‍රතිපාදන මනසිකාර යනු මනෝද්වාරාවජ්ජන චිත්තයට අධිවචනයෙකි, මෙහිලා ඒ දෙක අභිප්‍රේත නොවේ.
තෙසු ධම්මෙසු මජ්ඣත්තතා තත්‍රමජ්ඣත්තතා. සා චිත්තචෙතසිකානං සමවාහිතලක්ඛණා, ඌනාධිකතානිවාරණරසා, පක්ඛපාතුපච්ඡෙදනරසා වා, මජ්ඣත්තභාවපච්චුපට්ඨානා, චිත්තචෙතසිකානං අජ්ඣුපෙක්ඛනභාවෙන සමප්පවත්තානං ආජානීයානං අජ්ඣුපෙක්ඛකසාරථි විය දට්ඨබ්බා.
තත්ර මජ්ඣත්තතා යනු චිත්ත චෛතසික ධර්මයන් කෙරෙහි මධ්‍යස්ථ භාවයයි, එය චිත්ත චෛතසික ධර්මයන් සමව පැවැත්වීම ලක්‍ෂණකොට ඇත්තේය. ඌනාධිකභාවය (අඩු වැඩිබව) වැලැක්වීම කෘත්‍ය කොට ඇත්තේය, පක්ෂපාත බව නැති කිරීම හෝ කෘත්‍ය කොට ඇත්තේය. මධ්‍යස්ථතාව වැටහීම් කොට ඇත්තේය. චිත්ත චෛතසික ධර්මයන් කෙරෙහි අධි-උපේක්ෂා සහිත බැවින් ආජානේය සෛන්ධවයන් සමව හැසිරවීමෙහි අධි-උපේක්ෂා සහිත සාරථි කෙනකු බඳුයයි දතයුතුය.
කරුණාමුදිතා ච බ්රහ්මවිහාරනිද්දෙසෙ (විසුද්ධි· 1.262) වුත්තනයෙනෙව වෙදිතබ්බා. කෙවලඤ්හි තා අප්පනාප්පත්තා රූපාවචරා, ඉමා කාමාවචරාති අයමෙව විසෙසො.
කරුණා, මුදිතා යන මේ දෙක යට බ්‍රහ්මවිහාර නිද්දේසයෙහි කී නයින්ම දතයුතුය. එහි කරුණා, මුදිතා යන දෙක හුදෙක් අර්පණා බවට පත් රූපාවචර ධර්මයන් වන අතර, මෙහි ඒ දෙක කාමාවචර වෙති’යි යනුම විශේෂයි.
කෙචි පන මෙත්තුපෙක්ඛායොපි අනියතෙසු ඉච්ඡන්ති, තං න ගහෙතබ්බං. අත්ථතො හි අදොසොයෙව මෙත්තා, තත්රමජ්ඣත්තුපෙක්ඛායෙව උපෙක්ඛාති.
ඇතැම් ආචාර්ය කෙනෙක් මෙත්තා, උපෙක්ඛා යන දෙකද අනියත ධර්මයන් කෙරෙහි ලා ගනු කැමැති වෙති, එහෙත් එසේ නොගත යුතුය. අර්ත්ථ වශයෙන් වනාහි ‘මෙත්තා’ යනු (ඉහත සඳහන්) අදෝසය මැයි, ‘උපෙක්ඛා’ යනු, තන්ත්ර මජ්ඣත්තතාවමැයි.
කායදුච්චරිතතො විරති කායදුච්චරිතවිරති. එස නයො සෙසාසුපි. ලක්ඛණාදිතො පනෙතා තිස්සොපි කායදුච්චරිතාදිවත්ථූනං අවීතික්කමලක්ඛණා, අමද්දනලක්ඛණාති වුත්තං හොති. කායදුච්චරිතාදිවත්ථුතො සඞ්කොචනරසා, අකිරියපච්චුපට්ඨානා, සද්ධාහිරොත්තප්පඅප්පිච්ඡතාදිගුණපදට්ඨානා, පාපකිරියතො චිත්තස්ස විමුඛභාවභූතාති දට්ඨබ්බා.
කායදුච්චරිත විරති යනු කාය දුශ්චරිතයෙන් වැලකීමයි. (වචීදුච්චරිත විරති, මිච්ඡාජීවවිරති) යන සෙසු දෙතැන්හිදු මෙම නයයි. ලක්ෂණාදියෙන් වනාහි මේ (කායදුච්චරිත විරති, වචීදුච්චරිත විරති, මිච්ඡාජීව විරති යන) තුනම කායදුශ්චරිතාදී එකිනෙකට අයත් වස්තූන් උල්ලංඝනය නොකිරීම ලක්ෂණ කොට ඇත්තේය. නොපෙළෙන බව ලක්‍ෂණකොට ඇත්තේය යන අර්‍ත්‍ථයි. කායදුශ්චරිතාදී වස්තූන් කෙරෙන් ඉවත්වීම කෘත්‍යකොට ඇත්තේය. එම දුශ්චරිතයන්හි නොයෙදෙන බව වැටහීම් කොට ඇත්තේය. සද්ධා, හිරි, ඔත්තප්ප, අප්පිච්ඡතාදී ගුණ පදනම් කොට ඇත්තේය. පාපක්රියාවන් කෙරෙන් සිත වැලැක්වීමයයි දතයුතුය.
ඉති ඉමෙව ඡත්තිංස සඞ්ඛාරා පඨමෙන කාමාවචරකුසලවිඤ්ඤාණෙන සම්පයොගං ගච්ඡන්තීති වෙදිතබ්බා. යථා ච පඨමෙන, එවං දුතියෙනාපි. සසඞ්ඛාරභාවමත්තමෙව හෙත්ථ විසෙසො.
මෙසේ මේ සතිස් සංස්කාරයන් ප්‍රථම කාමාවචර කුශල විඤ්ඤාණය හා සමග සම්ප්‍රයෝගයට යෙති’යි දතයුතුය. පළමුවන කාමාවචර කුසල විඤ්ඤාණය හා සමග යම්සේද දෙවැන්න (කාමාවචර කුසල විඤ්ඤාණය) හා සමගද එසේය; එහි ඇති විශේෂය (පළමුවැන්න අසංඛාරික වන අතර මෙය) සසංඛාරික වීම පමණෙකි.
තතියෙන පන ඨපෙත්වා අමොහං අවසෙසා වෙදිතබ්බා. තථා චතුත්ථෙන. සසඞ්ඛාරභාවමත්තමෙව හෙත්ථ විසෙසො.
තුන්වන (කාමාවචර කුසල විඤ්ඤාණය හා සමග අමෝහය හැර සෙසු සංස්කාරයන් (සම්ප්‍රයෝගයට යෙති’යි) දතයුතුය. සිවුවැන්න හා සමගද එසේය. සසංඛාරික බව පමණක් එහි ඇති විශේෂයයි.
පඨමෙ වුත්තෙසු පන ඨපෙත්වා පීතිං අවසෙසා පඤ්චමෙන සම්පයොගං ගච්ඡන්ති. යථා ච පඤ්චමෙන, එවං ඡට්ඨෙනාපි. සසඞ්ඛාරභාවමත්තමෙව හෙත්ථ විසෙසො. සත්තමෙන ච පන ඨපෙත්වා අමොහං අවසෙසා වෙදිතබ්බා. තථා අට්ඨමෙන. සසඞ්ඛාරභාවමත්තමෙව හෙත්ථ විසෙසො.
ප්‍රථම (කාමාවචර කුසල) විඤ්ඤාණයෙහි කියනලද සංස්කාරයන් අතුරෙන් පීතිය හැර සෙසු සංස්කාරයෝ පස්වන (කාමාවචර කුසල) විඤ්ඤාණය හා සමග සංයෝගයට යෙති; පස්වැන්න හා සමග යම්සේද, සවැන්න හා සමගද එසේය, එහි ඇති විශේෂය වනුයේ සසංඛාරික බව පමණෙකි. සත්වැන්න හා සමග අමෝහය හැර සෙසු සංස්කාරයන් සම්ප්‍රයෝගයට යෙති’යි දතයුතුය; අටවැන්න හා සමගද එසේමය. විශේෂය වනුයේ සසංඛාරික බව පමණි.
පඨමෙ වුත්තෙසු ඨපෙත්වා විරතිත්තයං සෙසා රූපාවචරකුසලෙසු පඨමෙන සම්පයොගං ගච්ඡන්ති. දුතියෙන තතො විතක්කවජ්ජා. තතියෙන තතො විචාරවජ්ජා. චතුත්ථෙන තතො පීතිවජ්ජා. පඤ්චමෙන තතො අනියතෙසු කරුණාමුදිතාවජ්ජා. තෙයෙව චතූසු ආරුප්පකුසලෙසු. අරූපාවචරභාවොයෙව හි එත්ථ විසෙසො.
පළමුවන (කාමාවචර කුසල) විඤ්ඤාණයෙහි කියනලද සංස්කාරයන් අතුරෙන් විරති තුන හැර සෙසු සංස්කාරයෝ රූපාවචර කුශලයන් අතුරෙන් පළමුවැන්න හා සමගද සම්ප්‍රයෝගයට යෙති. එයිනුදු විතක්කය හැර සෙසු සංස්කාරයෝ (රූපාවචර) දෙවැන්න හා සමගද, එයිනුදු විචාරය හැර සෙසු සංස්කාරයෝ එම තෙවැන්න හා සමගද, එයිනුදු පීතිය හැර සෙසු සංස්කාරයෝ එම සිවුවැන්න හා සමගද, එයිනුදු කරුණා, මුදිතා යන අනියත දෙක හැර සෙසු සංස්කාරයෝ එම පස්වැන්න හා සමගද සම්ප්‍රයෝගයට යෙති. එම (අටවිසි) සංස්කාරයෝම අරූපාවචර කුසල විඤ්ඤාණ සතරෙහිද සම්ප්‍රයෝගයට යෙති, මෙහි විශේෂය වනුයේ අරූපාවචර බව පමණි.
ලොකුත්තරෙසු පඨමජ්ඣානිකෙ තාව මග්ගවිඤ්ඤාණෙ පඨමරූපාවචරවිඤ්ඤාණෙ වුත්තනයෙන, දුතියජ්ඣානිකාදිභෙදෙ දුතියරූපාවචරවිඤ්ඤාණාදීසු වුත්තනයෙනෙව වෙදිතබ්බා. කරුණාමුදිතානං පන අභාවො, නියතවිරතිතා , ලොකුත්තරතා චාති අයමෙත්ථ විසෙසො. එවං තාව කුසලායෙව සඞ්ඛාරා වෙදිතබ්බා.
ලෝකෝත්තර විඤ්ඤාණයන් අතුරෙන් පළමුකොට ප්‍රථමධ්‍යානික මග්ග විඤ්ඤාණයෙහි ප්‍රථම රූපාවචර කුසල විඤ්ඤාණයෙහි කියන ලද නයින්ද, ද්විතීය ධ්‍යානික ආදී භේද ඇති මග්ග විඤ්ඤාණයෙහි (පිළිවෙළින්) ද්විතීය රූපාවචර විඤ්ඤාණ ආදියෙහි කියනලද නයින්ද දතයුතුය. කරුණා, මුදිතා යන දෙක (සත්වාලම්බන හෙයින්) නොවීමද, ඒකාන්ත විරති බව හා ලෝකෝත්තර බවද මෙහි විශේෂයි. මෙසේ කුශල සංස්කාරයන් මෙතෙකින් දතයුතුය.
අකුසලෙසු ලොභමූලෙ පඨමාකුසලසම්පයුත්තා තාව නියතා සරූපෙන ආගතා තෙරස, යෙවාපනකා චත්තාරොති සත්තරස. තත්ථ ඵස්සො, චෙතනා, විතක්කො, විචාරො, පීති, වීරියං, ජීවිතං, සමාධි, අහිරිකං, අනොත්තප්පං, ලොභො, මොහො, මිච්ඡාදිට්ඨීති ඉමෙ සරූපෙන ආගතා තෙරස (ධ· ස· 365; ධ· ස· අට්ඨ· 365). ඡන්දො, අධිමොක්ඛො, උද්ධච්චං, මනසිකාරොති ඉමෙ යෙවාපනකා චත්තාරො (ධ· ස· අට්ඨ· 365).
අකුසල විඤ්ඤාණයන් අතුරෙන් පළමුකොට ලෝභමූලික ප්‍රථම අකුශලය හා සම්ප්‍රයුක්ත වූ නියත ස්වරූපයෙන් ආ තෙළෙසද, යේවාපනක වශයෙන් ආ සතරදැයි සංස්කාරයෝ සතළොසෙක් වෙති. එහි, ඵස්සය, චෙතනාය, විතක්කය, විචාරය, පීතිය, විරියය, ජීවිතය, සමාධිය, අහිරිකය, අනොත්තප්පය, ලෝභය, මෝහය, මිච්ඡාදිට්ඨිය යන තෙළෙස ස්වරූප වශයෙන් ආයේය. ඡන්දය, අධිමෝක්ඛය, උද්ධච්චය, මනසිකාරය යන මේ සතර යේවාපනක නම්වේ.
තත්ථ න හිරියතීති අහිරිකො. අහිරිකස්ස භාවො අහිරිකං. න ඔතප්පතීති අනොත්තප්පං. තෙසු අහිරිකං කායදුච්චරිතාදීහි අජිගුච්ඡනලක්ඛණං, අලජ්ජාලක්ඛණං වා. අනොත්තප්පං තෙහෙව අසාරජ්ජලක්ඛණං, අනුත්තාසලක්ඛණං වා. අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරො පන හිරොත්තප්පානං වුත්තපටිපක්ඛවසෙන වෙදිතබ්බො.
එහි, ලජ්ජා නොවෙති’යි අහිරික නමි. අහිරිකභාවය අහිරික නම්වේ. බිය නොවෙති’යි අනොත්තප්ප නමි; මේ දෙක අතුරෙන් අහිරිකය කායදුශ්චරිතාදිය පිළිකුල් නොකිරීම නොහොත් එයට ලජ්ජා නොවීම ලක්‍ෂණකොට ඇත්තේය. අනොත්තප්පය එම කායදුශ්චරිතාදියෙහි පසුබට නොවීම නොහොත් තැතිගැනීම් රහිත බව ලක්‍ෂණකොට ඇත්තේය; මේ මෙහි සංක්ෂේපයයි, විස්තර හිරිඔත්තප්ප දෙක පිළිබඳව කියන ලද දෙයට ප්රතිපක්ෂ වශයෙන් දතයුතුය.
ලුබ්භන්ති තෙන, සයං වා ලුබ්භති, ලුබ්භනමත්තමෙව වා තන්ති ලොභො. මුය්හන්ති තෙන, සයං වා මුය්හති, මුය්හනමත්තමෙව වා තන්ති මොහො. තෙසු ලොභො ආරම්මණග්ගහණලක්ඛණො මක්කටාලෙපො විය, අභිසඞ්ගරසො තත්තකපාලෙ ඛිත්තමංසපෙසි විය. අපරිච්චාගපච්චුපට්ඨානො තෙලඤ්ජනරාගො විය. සංයොජනියධම්මෙසු අස්සාදදස්සනපදට්ඨානො. තණ්හානදීභාවෙන වඩ්ඪමානො සීඝසොතා නදී ඉව මහාසමුද්දං අපායමෙව ගහෙත්වා ගච්ඡතීති දට්ඨබ්බො.
එය හේතුකොට ගෙන ලෝභ කෙරෙති’යි, තෙමේම ලෝභ කෙරෙති’යි නොහොත් ලෝභ කිරීම් මාත්‍රයම හෝ ලෝභ නමි. එය හේතු කොටගෙන මුළා වෙති’යි තෙමේම මුළා වෙති’යි නොහොත් මුළාවීම් මාත්‍රයම හෝ මෝහ නමි. ඒ දෙක අතුරෙන් ලෝභය අරමුණු ගැනීම ලක්ෂණ කොට ඇත්තේය. වඳුරන් හසු කරගන්නා ලහටුවක් මෙනි, ඇලීම කෘත්‍ය කොට ඇත්තේය, රත් වූ කබලෙක ලූ මස්පිඬක් මෙනි. අත් නොහැරිම වැටහීම් කොට ඇත්තේය. තෙලංජනරාගයක් (තෙල්සායමක්) මෙනි. ඇලීමට යෝග්‍ය වස්තූන් කෙරෙහි ආස්වාද දර්ශනය පදනම්කොට ඇත්තේය. තෘෂ්ණානදී භාවයෙන් වැඩෙමින් සීඝ්රප්රවාහ සහිත නදියක් මහමුහුද කරා යන ලෙස අපාය වෙතම ගෙනයති’යි දතයුතුය.
මොහො චිත්තස්ස අන්ධභාවලක්ඛණො, අඤ්ඤාණලක්ඛණො වා, අසම්පටිවෙධරසො, ආරම්මණසභාවච්ඡාදනරසො වා, අසම්මාපටිපත්තිපච්චුපට්ඨානො, අන්ධකාරපච්චුපට්ඨානො වා, අයොනිසොමනසිකාරපදට්ඨානො, සබ්බාකුසලානං මූලන්ති දට්ඨබ්බො.
මෝහය සිතෙහි අඳබව නොහොත් නොදැනීම ලක්‍ෂණකොට ඇත්තේය. මනාසේ කරුණු අවබෝධ නොකිරීම නොහොත් අරමුණෙහි යථා ස්වභාවය වසන් කිරීම කෘත්‍ය කොට ඇත්තේය. නොමනා පිළිවෙත් නොහොත් මෝහාන්ධකාරය වැටහීම් කොට ඇත්තේය. අයෝනිසෝ මනසිකාරය පදට්ඨාන කොට ඇත්තේය. සියලු අකුසලයනට මූලය’යි දතයුතුය.
මිච්ඡා පස්සන්ති තාය, සයං වා මිච්ඡා පස්සති, මිච්ඡාදස්සනමත්තං වා එසාති මිච්ඡාදිට්ඨි. සා අයොනිසො අභිනිවෙසලක්ඛණා, පරාමාසරසා, මිච්ඡාභිනිවෙසපච්චුපට්ඨානා, අරියානං අදස්සනකාමතාදිපදට්ඨානා, පරමං වජ්ජන්ති දට්ඨබ්බා.
එය හේතුකොට වරදවා දකිති’යි, වැරදි දැකීම වෙති’යි, නැතහොත් හුදෙක් වැරදි ලෙස දැකීම් මාත්‍රයම මිච්ඡාදිට්ඨි නමි. එය නුනුවණින් පිවිසීම ලක්ෂණ කොට ඇත්තේය. වැරදි ලෙස ගැනීම කෘත්‍ය කොට ඇත්තේය. වැරදි පිවිසීමම වැටහීම් කොට ඇත්තේය. ආර්යයන් නොදකිනු රිසි බව ආදිය පදනම්කොට ඇත්තේය. මහත්ම වරදයයි දතයුතුය.
උද්ධතභාවො උද්ධච්චං. තං අවූපසමලක්ඛණං වාතාභිඝාතචලජලං විය, අනවට්ඨානරසං වාතාභිඝාතචලධජපටාකා විය, භන්තත්තපච්චුපට්ඨානං පාසාණාභිඝාතසමුද්ධතභස්මං විය, චෙතසො අවූපසමෙ අයොනිසොමනසිකාරපදට්ඨානං, චිත්තවික්ඛෙපොති දට්ඨබ්බං. සෙසා කුසලෙ වුත්තනයෙනෙව වෙදිතබ්බා. අකුසලභාවොයෙව හි අකුසලභාවෙන ච ලාමකත්තං එතෙසං තෙහි විසෙසො.
උද්ධච්ච යනු සිතෙහි කැළඹුණු බවයි. එය නොසන්සුන් බව ලක්‍ෂණකොට ඇත්තේය. සුළං පහරින් සසල ජලය මෙනි. නිසලව නොපැවතීම කෘත්‍ය කොට ඇත්තේය. සුළං පහරින් සසල ධජපතාකා මෙනි. ඇලලී ගිය ස්වභාවය වැටහීම් කොට ඇත්තේය. කැට පහරින් කැළඹී නැගුණු අළු මෙනි. නොසන්සුන් සිතින් නුනුවණින් මෙනෙහි කිරීම පදනම් කොට ඇත්තේය. සිතෙහි අසහනයයි දතයුතුය. සෙසු (යේවාපනක) සංස්කාරයන් කුසල සංස්කාරයන් පිළිබඳව කී නයින්ම දතයුතුය, අකුසල බවද, අකුසල වන බැවින් ලාමක බවද මෙහි ඇති විශේෂයි.
ඉති ඉමෙ සත්තරස සඞ්ඛාරා පඨමෙන අකුසලවිඤ්ඤාණෙන සම්පයොගං ගච්ඡන්තීති වෙදිතබ්බා. යථා ච පඨමෙන, එවං දුතියෙනාපි. සසඞ්ඛාරතා පනෙත්ථ ථිනමිද්ධස්ස ච අනියතතා විසෙසො.
මෙසේ සතළොස් සංස්කාරයන් ප්‍රථම අකුසල විඤ්ඤාණය හා සමග සම්ප්‍රයෝගයට යෙති’යි දතයුතුය. ප්‍රථම අකුසල විඤ්ඤාණය හා සමග යම් සේද, ද්විතීය අකුසල විඤ්ඤාණය හා සමගද එසේමය. මෙහිලා සසඞ්ඛාරික බවද, ථීනමිද්ධය පිළිබඳ අනියත බවද විශේෂයි.
තත්ථ ථිනනතා ථිනං. මිද්ධනතා මිද්ධං. අනුස්සාහසංහනනතා අසත්තිවිඝාතො චාති අත්ථො. ථිනඤ්ච මිද්ධඤ්ච ථිනමිද්ධං. තත්ථ ථිනං අනුස්සාහලක්ඛණං, වීරියවිනොදනරසං, සංසීදනපච්චුපට්ඨානං. මිද්ධං අකම්මඤ්ඤතාලක්ඛණං, ඔනහනරසං, ලීනතාපච්චුපට්ඨානං, පචලායිකානිද්දාපච්චුපට්ඨානං වා. උභයම්පි අරතිවිජම්භිකාදීසු අයොනිසොමනසිකාරපදට්ඨානං.
එහි ‘ථීන’ යනු කුසීත බවයි, ‘මිද්ධ’ යනු, කළකිරුණු ස්වභාවයයි. (පිළිවෙළින්) උත්සාහ හීන බව හා උද්යෝග රහිත බවය යන අර්‍ත්‍ථයි. ථීනය, මිද්ධය යන දෙක සමාස වීමෙන් ‘ථීන මිද්ධ’යි සිද්ධවේ. එහි ථීනය මන්දෝත්සාහය ලක්‍ෂණකොට ඇත්තේය. වීර්යය දුරු කිරීම කෘත්‍යකොට ඇත්තේය. උදාසීන බව වැටහීම් කාරණකොට ඇත්තේය. මිද්ධය අකර්මණ්‍ය බව ලක්ෂණ කොට ඇත්තේය. (සම්ප්‍රයුක්ත ධර්මයන්) වසා සිටීම කෘත්‍ය කොට ඇත්තේය. (අරමුණෙහි) හැකිලෙන ස්වභාවය වැටහීම් කාරණකොට ඇත්තේය. නොහොත් පචලායික නිද්දාව (හෙවත් ඇලිමැලිබව) වැටහීම් කොට ඇත්තේය. (ථීන, මිද්ධ යන) දෙකම (කුසල් කෙරෙහි) අනභිරතිය, උදාසීන බව ආදියෙහි අයෝනිසෝමනසිකාරය පදනම්කොට ඇත්තේය.
තතියෙන පඨමෙ වුත්තෙසු ඨපෙත්වා මිච්ඡාදිට්ඨිං අවසෙසා වෙදිතබ්බා. මානො පනෙත්ථ අනියතො හොති. අයං විසෙසො, සො උණ්ණතිලක්ඛණො, සම්පග්ගහරසො, කෙතුකම්යතාපච්චුපට්ඨානො, දිට්ඨිවිප්පයුත්තලොභපදට්ඨානො, උම්මාදො විය දට්ඨබ්බො.
තෘතීය අකුසල විඤ්ඤාණය හා සමග, ප්‍රථම අකුසල විඤ්ඤාණයෙහි කී සංස්කාරයන් අතුරෙන් මිච්ඡාදිට්ඨිය හැර සෙසු සංස්කාරයන් වෙති’යි දතයුතුය. මෙහි වනාහි මානය අනියත වේ. මෙය විශේෂයි: ඒ මානය ඉහළට නැඹුරු බව (සෙය්‍යමානය) ලක්‍ෂණකොට ඇත්තේය. දැඩිව ගැනීම කෘත්‍ය කොට ඇත්තේය. කේතුකම්යතාව (හෙවත් කොඩියක් මෙන් ඉහළින් පෙනී සිටිනු රිසිබව) වැටහීම් කොට ඇත්තේය. දිට්ඨි විප්පයුත්ත (මිථ්‍යාදෘෂ්ටියෙන් තොර) ලෝභය පදනම්කොට ඇත්තේය. උමතුබව වැනියයි දතයුතුයි.
චතුත්ථෙන දුතියෙ වුත්තෙසු ඨපෙත්වා මිච්ඡාදිට්ඨිං අවසෙසා වෙදිතබ්බා. එත්ථාපි ච මානො අනියතෙසු හොතියෙව. පඨමෙ වුත්තෙසු පන ඨපෙත්වා පීතිං අවසෙසා පඤ්චමෙන සම්පයොගං ගච්ඡන්ති. යථා ච පඤ්චමෙන, එවං ඡට්ඨෙනාපි. සසඞ්ඛාරතා පනෙත්ථ ථිනමිද්ධස්ස ච අනියතභාවො විසෙසො. සත්තමෙන පඤ්චමෙ වුත්තෙසු ඨපෙත්වා දිට්ඨිං අවසෙසා වෙදිතබ්බා. මානො පනෙත්ථ අනියතො හොති. අට්ඨමෙන ඡට්ඨෙ වුත්තෙසු ඨපෙත්වා දිට්ඨිං අවසෙසා වෙදිතබ්බා. එත්ථාපි ච මානො අනියතෙසු හොතියෙවාති.
සිවුවන අකුසල විඤ්ඤාණය හා සමග, දෙවන අකුසල විඤ්ඤාණයෙහි කී සංස්කාරයන් අතුරෙන් මිච්ඡාදිට්ඨිය හැර සෙසු සංස්කාරයන් වෙති’යි දතයුතුය; මෙහිද මානය අනියතයන් අතර වේමය. පළමුවන අකුසල විඤ්ඤාණය පිළිබඳව කී සංස්කාරයන් අතුරෙන් පීතිය හැර සෙසු සංස්කාරයෝ පස්වන අකුසල චිත්තය හා සමගද සම්ප්‍රයෝගයට යෙති. පස්වැන්න හා සමග මෙන්ම සවැන්න හා සමගද එසේමය, මෙහිදී වනාහි සසංඛාරික බව මෙන්ම ථීනමිද්ධය පිළිබඳ අනියත බවද විශේෂයි. සත්වන අකුසල චිත්තය හා සමග, පස්වැන්න පිළිබඳව කී සංස්කාරයන් අතුරෙන් දිට්ඨිය හැර සෙසු සංස්කාරයන් සම්ප්‍රයෝගයට යෙති’යි දතයුතුය; මෙහිදී වනාහි මානය අනියත වේ. අටවන අකුසල විඤ්ඤාණය හා සමග, සවැන්නෙහි කී සංස්කාරයන් අතුරෙන් දිට්ඨිය හැර සෙසු සංස්කාරයන් වෙති’යි දතයුතුය. මෙහිදීද, මානය අනියතයන් අතර වේමය.
දොසමූලෙසු පන ද්වීසු පඨමසම්පයුත්තා තාව නියතා සරූපෙන ආගතා එකාදස, යෙවාපනකා චත්තාරො, අනියතා තයොති අට්ඨාරස . තත්ථ ඵස්සො, චෙතනා, විතක්කො, විචාරො, වීරියං, ජීවිතං, සමාධි, අහිරිකං, අනොප්පත්තං, දොසො, මොහොති ඉමෙ සරූපෙන ආගතා එකාදස (ධ· ස· 413; ධ· ස· අට්ඨ· 413). ඡන්දො, අධිමොක්ඛො, උද්ධච්චං, මනසිකාරොති ඉමෙ යෙවාපනකා චත්තාරො (ධ· ස· අට්ඨ· 413). ඉස්සා, මච්ඡරියං, කුක්කුච්චන්ති ඉමෙ අනියතා තයො (ධ· ස· අට්ඨ· 413).
දෝසමුලික සිත් දෙකෙහි වනාහි පළමුකොට, නියත ස්වරූපයෙන් ආ ප්‍රථම සම්ප්‍රයුක්තයන් එකොළොසද, යේවාපනකයන් සතරද, අනියතයන් තුනක්දැ’යි සංස්කාරයෝ අටළොසෙක් වෙති. එහි, ඵස්ස, චේතනා, විතක්ක, විචාර, විරිය, ජීවිත, සමාධි, අහිරික, අනොත්තප්ප, දෝස, මෝහ, යන මේ ස්වරූපයෙන් ආ එකොළොසයි. ඡන්දය, අධිමොක්ඛය, උද්ධච්චය, මනසිකාරය යන මේ යේවාපනක සතරයි, ඉස්සා, මච්ඡරිය, කුක්කුච්ච යන මේ අනියත තුනයි.
තත්ථ දුස්සන්ති තෙන, සයං වා දුස්සති, දුස්සනමත්තමෙව වා තන්ති දොසො. සො චණ්ඩික්කලක්ඛණො පහටාසීවිසො විය, විසප්පනරසො විසනිපාතො විය, අත්තනො නිස්සයදහනරසො වා දාවග්ගි විය. දූසනපච්චුපට්ඨානො ලද්ධොකාසො විය සපත්තො, ආඝාතවත්ථුපදට්ඨානො, විසසංසට්ඨපූතිමුත්තං විය දට්ඨබ්බො.
එහි, එය විසින් දූෂ්‍ය කරනු ලැබෙති’යි, තමාම දූෂ්‍ය වෙති’යි හෝ හුදෙක් දූෂණ මාත්‍රයම හෝ ‘දෝෂ’ නමි. එය සැඬ බව ලක්ෂණ කොට ඇත්තේය. පහර ලත් සර්පයකු වැනිය, සිරුර පුරා පැතිර යාම කෘත්‍යකොට ඇත්තේය. විස පැහැරීම මෙනි; තමාට නිශ්‍රය වූ (හෘදය වස්තුව) පවා දවන සුලුය. ලැව්ගිනි මෙනි; කෙලෙසීම වැටහීම් කාරණා කොට ඇත්තේය, අවසර ලත් සතුරකු මෙනි; ද්වේෂයට හේතු වූ වස්තුව පදනම් කොට ඇත්තේය; විෂමිශ්ර පල් වූ මූත්රයක් මෙන් දැකිය යුතු වේ.
ඉස්සායනා ඉස්සා. සා පරසම්පත්තීනං උසූයනලක්ඛණා. තත්ථෙව අනභිරතිරසා, තතො විමුඛභාවපච්චුපට්ඨානා, පරසම්පත්තිපදට්ඨානා, සංයොජනන්ති දට්ඨබ්බා.
ඉස්සා යනු ඊර්ෂ්‍යා කිරීමයි, අනුන්ගේ සැපත නො-ඉවසන බව ලක්‍ෂණකොට ඇත්තේය. එයම නොරුස්නා බව කෘත්‍ය කොට ඇත්තේය. එහිම දොම්නස් බව වැටහීම් කොට ඇත්තේය. මෙරමා සම්පත් පදනම් කොට ඇත්තේය. සංයෝජනයක් සෙයින් දැක්කයුතුය.
මච්ඡරභාවො මච්ඡරියං. තං ලද්ධානං වා ලභිතබ්බානං වා අත්තනො සම්පත්තීනං නිගූහනලක්ඛණං, තාසංයෙව පරෙහි සාධාරණභාවඅක්ඛමනරසං, සඞ්කොචනපච්චුපට්ඨානං, කටුකඤ්චුකතාපච්චුපට්ඨානං වා, අත්තසම්පත්තිපදට්ඨානං, චෙතසො විරූපභාවොති දට්ඨබ්බං.
මච්ඡරිය යනු මසුරුබවයි. එය තමාට අයත්වූ හෝ ලැබෙන්නට ඇති සැප සම්පත් සැඟවීම ලක්ෂණ කොට ඇත්තේය. එම සම්පත් පරහට පොදුවීම නො-ඉවසන සුලුබව කෘත්‍ය කොට ඇත්තේය. (මෙරමාගෙන්) හැකිලෙන බව (ඇසුරු කරනු නොකැමති බව) වැටහීම් කාරණා කොට ඇත්තේය. කටුකාකාර පැවැත්ම හෝ වැටහීම් කොට ඇත්තේය. තමා සතු සම්පත් පදනම් කොට ඇත්තේය. සිතෙහි විකෘත භාවයෙකි’යි දැකිය යුතුවේ.
කුච්ඡිතං කතං කුකතං. තස්ස භාවො කුක්කුච්චං. තං පච්ඡානුතාපලක්ඛණං, කතාකතානුසොචනරසං, විප්පටිසාරපච්චුපට්ඨානං, කතාකතපදට්ඨානං, දාසබ්යමිව දට්ඨබ්බං. සෙසා වුත්තප්පකාරායෙවාති.
පිළිකුල් කටයුතු ක්‍රියාව ‘කුකත’ නමි, එහි ස්වභාවය කුක්කුච්ච නම් වේ. එය පසුතැවිලි වීම ලක්ෂණ කොට ඇත්තේය. කළ නොකළ දෙය පිළිබඳව තැවීම කෘත්‍ය කොට ඇත්තේය. විපිළිසරබව වැටහීම් කාරණා කොට ඇත්තේය. කළ නොපනත් කම් හෝ නොකළ යහපත් ක්‍රියා පදනම් කොට ඇත්තේය. කළ නොපනත් කම් හෝ නොකළ යහපත් ක්‍රියා පදනම් කොට ඇත්තේය. දාසත්වය සේ දැකිය යුතුය. සෙසු සංස්කාරයන් යට කියනලද පරිද්දෙන්ම වෙතැ’යි දතයුතුය.
ඉති ඉමෙ අට්ඨාරස සඞ්ඛාරා පඨමෙන දොසමූලෙන සම්පයොගං ගච්ඡන්තීති වෙදිතබ්බා. යථා ච පඨමෙන, එවං දුතියෙනාපි. සසඞ්ඛාරතා පන අනියතෙසු ච ථිනමිද්ධසම්භවොව විසෙසො.
මෙසේ මේ අටළොස් සංස්කාරයන් ප්‍රථම දෝසමූලික අකුසල විඤ්ඤාණය හා සමග සම්ප්‍රයෝගයට යෙති’යි දතයුතුය. ප්‍රථමය හා සමග යම්සේද ද්විතීය (දෝසමූලික) විඤ්ඤාණය හා සමගද එසේමය. සසංඛාර බවද අනියතයන් අතුරෙන් ථීන මිද්ධ සම්භවයද විශේෂයි.
මොහමූලෙසු ද්වීසු විචිකිච්ඡාසම්පයුත්තෙන තාව ඵස්සො, චෙතනා, විතක්කො, විචාරො, වීරියං, ජීවිතං, චිත්තට්ඨිති, අහිරිකං, අනොත්තප්පං , මොහො, විචිකිච්ඡාති සරූපෙන ආගතා එකාදස (ධ· ස· 422; ධ· ස· අට්ඨ· 422), උද්ධච්චං, මනසිකාරොති යෙවාපනකා ද්වෙ චාති තෙරස.
මෝහමූලික අකුසල විඤ්ඤාණ දෙක අතුරින් පළමුකොට විචිකිච්ඡා සම්ප්‍රයුක්තය හා සමග ඵස්සය, චේතනාය, විතක්කය, විචාරය, විරියය, ජීවිතය, චිත්තට්ඨිතිය, අහිරිකය, අනොත්තප්පය, මෝහය, විචිකිච්ඡාය යන ස්වරූප වශයෙන් ආ එකොළසද, උද්ධච්චය, මනසිකාරය යන යේවාපනක දෙකදැයි යන මේ තෙළස යෙදේ.
තත්ථ චිත්තට්ඨිතීති පවත්තිට්ඨිතිමත්තො දුබ්බලො සමාධි. විගතා චිකිච්ඡාති විචිකිච්ඡා. සා සංසයලක්ඛණා, කම්පනරසා, අනිච්ඡයපච්චුපට්ඨානා, අනෙකංසගාහපච්චුපට්ඨානා වා, විචිකිච්ඡායං අයොනිසොමනසිකාරපදට්ඨානා, පටිපත්තිඅන්තරායකරාති දට්ඨබ්බා. සෙසා වුත්තප්පකාරායෙව.
එහි චිත්තට්ඨිති යනු ප්රවෘත්තිමාත්ර වූ දුර්වල සමාධියයි. පිළියම් කරනු කැමැති බවින් තොරවූහයි විචිකිච්ඡා නමි. එය සැකය ලක්ෂණ කොට ඇත්තේය. සසල බව කෘත්‍ය කොට ඇත්තේය. නිශ්චය රහිත බව වැටහීම් කොට ඇත්තේය. නොයෙක් අතට වැනෙනසුලු බව හෝ වැටහීම් කොට ඇත්තේය. මේ විචිකිච්ඡාව අයෝනිසෝමනසිකාරය පදනම් කොට ඇත්තේය. සම්‍යක් ප්‍රතිපත්තියට අන්තරායකර වෙති’යි දතයුතුය. සෙසු සංස්කාරයෝ කියනලද පරිදිම වෙති.
උද්ධච්චසම්පයුත්තෙන විචිකිච්ඡාසම්පයුත්තෙ වුත්තෙසු ඨපෙත්වා විචිකිච්ඡං සෙසා ද්වාදස. විචිකිච්ඡාය අභාවෙන පනෙත්ථ අධිමොක්ඛො උප්පජ්ජති. තෙන සද්ධිං තෙරසෙව, අධිමොක්ඛසබ්භාවතො ච බලවතරො සමාධි හොති. යඤ්චෙත්ථ උද්ධච්චං, තං සරූපෙනෙව ආගතං. අධිමොක්ඛමනසිකාරා යෙවාපනකවසෙනාති එවං අකුසලසඞ්ඛාරා වෙදිතබ්බා.
උද්ධච්ච සම්ප්‍රයුක්ත (මෝහ මූලික චිත්ත)ය හා සමග විචිකිච්ඡා සම්පයුත්තයෙහි කියනලද සංස්කාරයන් අතුරෙන් එම විචිකිච්ඡාව හැර සෙසු දොළස යෙදේ. මෙහිදී වනාහි විචිකිච්ඡාව නොවීමෙන් අධිමොක්ඛය උපදියි. එය හා සමග තෙළසක්ම වේ. අධිමොක්ඛ සහිත බැවින් බලවත් සමාධිය වේ. මෙහි යම් උද්ධච්චයක් වේනම් එය ස්වරූප වශයෙන්ම ආයේය. අධිමොක්ඛය, මනසිකාරය යන දෙක යේවාපනක වශයෙන් ආයේය. මෙසේ අකුසල සංස්ඛාරයන් දතයුතුයි.
අබ්යාකතෙසු විපාකාබ්‍යාකතා තාව අහෙතුකසහෙතුකභෙදතො දුවිධා. තෙසු අහෙතුකවිපාකවිඤ්ඤාණසම්පයුත්තා අහෙතුකා. තත්ථ කුසලාකුසලවිපාකචක්ඛුවිඤ්ඤාණසම්පයුත්තා තාව ඵස්සො, චෙතනා, ජීවිතං, චිත්තට්ඨිතීති සරූපෙන ආගතා චත්තාරො (ධ· ස· 431; ධ· ස· අට්ඨ· 431), යෙවාපනකො මනසිකාරොයෙවාති පඤ්ච. සොතඝානජිව්හාකායවිඤ්ඤාණසම්පයුත්තාපි එතෙයෙව. උභයවිපාකමනොධාතුයා එතෙ චෙව විතක්කවිචාරාධිමොක්ඛා චාති අට්ඨ, තථා තිවිධායපි අහෙතුකමනොවිඤ්ඤාණධාතුයා. යා පනෙත්ථ සොමනස්සසහගතා, තාය සද්ධිං පීති අධිකා හොතීති වෙදිතබ්බා.
අබ්‍යාකත සංස්කාරයන් අතුරෙන් පළමුකොට විපාක අබ්යාකතයෝ අහේතුක සහේතුක භේදයන් ද්විවිධ වෙති. ඔවුනතුරෙන් අහේතුක විපාක විඤ්ඤාණයෙන් යුක්ත වූවාහු අහේතුකයෝය. එහි පළමුකොට කුසල අකුසල-විපාක-චක්ඛු විඤ්ඤාණයෙන් යුක්තවූවාහු ඵස්සය, චේතනාය, ජීවිතය, චිත්තට්ඨිතිය යන ස්වරූප වශයෙන් ආ සතරද, යේවාපනක වශයන් ආ මනසිකාරයදැ’යි පසෙක් වෙති. සෝත-ඝාණ -ජීව්හා-කාය විඤ්ඤාණයන්ගෙන් යුක්තවූවාහුද මොහුය. විපාක මනෝධාතු (සම්පටිච්ඡන) සිත් දෙකෙහි මෙකී පසද, විතක්කය, විචාරය, අධිමොක්ඛය යන තුනදැ’යි සංස්කාරයෝ අටෙක් වෙති. ත්රිවිධවූම අහේතුක මනෝවිඤ්ඤාණධාතු (සන්තීරණ) විෂයයෙහිද එසේය. මෙහි වනාහි සෝමනස්ස සහගතවූ යම් අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුවක් වේද, එය හා සමග පීතිය අධික වෙති’යි දතයුතුය.
සහෙතුකවිපාකවිඤ්ඤාණසම්පයුත්තා පන සහෙතුකා. තෙසු අට්ඨකාමාවචරවිපාකසම්පයුත්තා තාව අට්ඨහි කාමාවචරකුසලෙහි සම්පයුත්තසඞ්ඛාරසදිසායෙව. යා පන තා අනියතෙසු කරුණාමුදිතා, තා සත්තාරම්මණත්තා විපාකෙසු න සන්ති. එකන්තපරිත්තාරම්මණා හි කාමාවචරවිපාකා. න කෙවලඤ්ච කරුණාමුදිතා, විරතියොපි විපාකෙසු න සන්ති. “පඤ්ච සික්ඛාපදා කුසලායෙවා”ති හි වුත්තං.
සහේතුක විපාක විඤ්ඤාණයෙන් යුක්ත වූවාහු සහේතුකයෝය. ඔවුනතුරෙන් පළමුකොට, අෂ්ටකාමාවචර විපාක සහිත වූවාහු අෂ්ට කාමාවචර කුසල විඤ්ඤාණයන් හා සමග යෙදුණු සංස්කාරයන් හා සදෘශ වෙත්මය. අනියතයන් අතුරෙන් වනාහි යම් කරුණාය, මුදිතාය යන දෙකක් ඇත්ද, ඒ දෙක සත්ත්වයන් අරමුණු කොට ඇති හෙයින් විපාක සිත් අතර නොවෙති. කාමාවචර විපාකයෝ වූ කලී ඒකාන්ත වශයෙන් පරිත්තාරම්මණ සහිතයෝය. කරුණා-මුදිතා යන දෙක පමණක් නොව විරතීහුද විපාකයන් අතර නොවෙති. පංච ශික්ෂාපදයන් කුසලම වෙති’යි කියනලදී.
රූපාවචරාරූපාවචරලොකුත්තරවිපාකවිඤ්ඤාණසම්පයුත්තා පන තෙසං කුසලවිඤ්ඤාණසම්පයුත්තසඞ්ඛාරෙහි සදිසා එව.
රූපාවචර-අරූපාවචර-ලෝකෝත්තර විපාක විඤ්ඤාණයෙන් යුක්ත සංස්කාරයෝ, පිළිවෙළින් එම (රූපාවචර, අරූපාවචර හා ලෝකෝත්තර) කුසල විඤ්ඤාණයන් හා සමග යෙදුණු සංස්කාරයන් හා සදෘශ වෙති.
කිරියාබ්යාකතාපි අහෙතුකසහෙතුකභෙදතො දුවිධා. තෙසු අහෙතුකකිරියවිඤ්ඤාණසම්පයුත්තා අහෙතුකා. තෙ ච කුසලවිපාකමනොධාතුඅහෙතුකමනොවිඤ්ඤාණධාතුද්වයයුත්තෙහි සමානා. මනොවිඤ්ඤාණධාතුද්වයෙ පන වීරියං අධිකං. වීරියසබ්භාවතො බලප්පත්තො සමාධි හොති. අයමෙත්ථ විසෙසො.
කිරිය අබ්‍යාකත සංස්කාරයෝද අහේතුක-සහේතුක භේද වශයෙන් ද්විවිධ වෙති. ඔවුන’තුරෙන් අහේතුක කිරිය විඤ්ඤාණයෙන් යුක්ත වූවාහු අහේතුකයෝය. තවදු ඔවුහු කුසල විපාක මනෝධාතුය. අහේතුක මනෝවිඤ්ඤාණධාතුද්වයය යන මොවුන් හා සමග යෙදුණු සංස්කාරයන් හා සමාන වෙති. මනෝවිඤ්ඤාණධාතුද්වයයෙහි වනාහි වීර්යය අධික වේ. තවද වීර්යය පවත්නා හෙයින් බලවත්වූ සමාධියද වේ. මෙහි විශේෂයි.
සහෙතුකකිරියවිඤ්ඤාණසම්පයුත්තා පන සහෙතුකා. තෙසු අට්ඨකාමාවචරකිරියවිඤ්ඤාණසම්පයුත්තා තාව ඨපෙත්වා විරතියො අට්ඨහි කාමාවචරකුසලෙහි සම්පයුත්තසඞ්ඛාරසදිසා. රූපාවචරාරූපාවචරකිරියසම්පයුත්තා පන සබ්බාකාරෙනපි තෙසං කුසලවිඤ්ඤාණසම්පයුත්තසදිසායෙවාති එවං අබ්යාකතාපි සඞ්ඛාරා වෙදිතබ්බාති.
සහේතුක කිරිය විඤ්ඤාණයෙන් යුක්තවූවාහු සහේතුකයෝය. ඔවුන’තුරෙන් පළමුකොට අෂ්ට කාමාවචර කිරිය චිත්තයන් හා සමග යෙදුණු සංස්කාරයෝ, චිරති තුන හැර, අෂ්ට කාමාවචර කුසල චිත්තයන් හා සමග යෙදුණු සංස්කාරයන් හා සමාන වෙති. රූපාවචර-අරූපාවචර කිරිය චිත්තයන් හා සමග යෙදුණු සංස්කාරයෝ වනාහි සකලාකාරයෙන්ම එම (රූපාවචර-අරූපාවචර) කුසල චිත්තයන් හා සමග යෙදුණු සංස්කාරයන් හා සදෘශ වෙත්මය. මෙසේ අව්‍යාකත සංස්කාරයන්ද දතයුතුය.
ඉදං සඞ්ඛාරක්ඛන්ධෙ විත්ථාරකථාමුඛං.
මේ සංස්කාර ස්කන්ධයෙහි විස්තර කථා මාර්ගයයි.
ඉදං තාව අභිධම්මෙ පදභාජනීයනයෙන ඛන්ධෙසු විත්ථාරකථාමුඛං.
මේ වනාහි අභිධර්මයෙහි පදභාජනීය ක්‍රමයට අනුව ස්කන්ධයන් පිළිබඳ විස්තර කථාමුඛයයි:-